දියවන්නාවෙන් රටටම බජට් එකක් පාත් වුණා
නිව්ස් වලට පෙන්නනකොට රෑ හරියට හතත් වුණා
බක්කො දාගෙනා නටනා සාටක පෙළ මතක් වුණා.. ආ....
මහින්ද සතුටින් හිටපං අපි එනතුරු අවිත් දරා
කොළඹ රටේ ඉපදුනාට දිවි ගෙවමුකො පොලොස් කකා
බේරේ වැවවේ වතුර අරන් බිල බස්සමු සිනා පපා
‘පබා‘ කුරුත්ථාව ඇදන් මුතු දෙපොටක් ගෙලේ දමා.. ආ....
හිනා වුණා මට මතකයි අමතක කර බජට් කතා
සිරිකොතයේ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
රේස් කාර් එකේ ගිහින් කවි අහමුද නා-මලයා.. ආ....
අපෙ රට සුර පුරයක්මයි මට නම් අනෙ පු*න් හිනා
Written_by_sAm_ශ්‍රී_Perera_7:53am_14/11/12
මින් පෙර සෑමා විසින් රචනා කළ “"සෑම් ටියුන්ස්" වෙතින් ලක්ෂ තුනක අපේක්ෂකයින් කැමති ගීතය....“ මෙතැනින් බලන්න. (එම පෝස්ටුවේ ඇනෝ කමෙන්ට් වලට එදිරිව නැගී සිටි හිත හොද මිනිසා, ඔබා මාමාට නිවන් සුව පතමි..)
සෑමා.. අවිත් දරාගෙන එන කථා කියන්න එපා බන්, ලොක්ක ඒවට හරි බයයි,ගෝත මල්ලිට කියල උඹව උස්සයි.
ReplyDeleteඑතකොට ගෝත මලයද චන්ඩියා ?
Deleteකොහෙන්ද බං මේ ෆොටෝ එක හොයා ගත්තේ.. හි හි.. ලොක්කට මේකප් එක දාන්න අමතක වෙලා වත්ද...
ReplyDeleteපොච්චියේ හිරුවො...උඹ කිව්වට පස්සෙ තමා මාත් හොඳට බැලුවේ... මේක් අප් නැති උනාම මූණත් තහඩුව...හි හී... කොයි වගේද කියන්න උදා හරණ එන්නෙත් නෑනෙ මට...
Deleteපිස්සුද, මෑන් මේකප් එක නැතුව ලැට් එකට යන්නෙත් නෑ. ඔයත් මොකක් හරි මඟුලක කතාකරන ගමන්නේ, ඇඟෙන්ම කතාකරන නිසා මූනෙ මාංශපේශීන් ටිකක් එහෙ මෙහේ වෙලා, ඒ වෙලාවෙ ආලෝක තත්ත්වයත් ෆොටෝ එකේ කොලිටි එකත් නිසා ඇතිවුනු ඇස්බැන්දුමක් විතරයි. නැත්නම් ඔය චීස් බබා වගේ ඉන්නෙ ලොක්ක.
DeleteDDD - මම මුකුත් කියන්නෙ නැහැ බං. උබ ඔක්කොම ටික සාර්ථක විචාරයකට ලක් කරලා..
Deleteහරියට අර කවුද අප්පා... ‘අනේ හසන්ත මහත්තයෝ‘ ගාන්නේ/?? එයා වගේ උබේ විචාරය..
:))
දැන් බලන්ට හසන්ත මහත්තයෝ .. මගේ ඇඟේ මයිල් කෙලින් වෙනව මේ සෑම් කොළුව කියන කතන්දරවලට. මුගේ කටේ දාන්ටෙපෑයැ ..මම කියන්නෙ ඈ ...
Deleteඅද උදෙත් ආවා බං රෑපවාහිනි එකේ මඟුලකට... අයියෝ.. මම ටීවී එක වහල දැම්මා.... හි හි
Deleteමොනවා වුනත් අපිට ලෑම්බෝගිනි එකක් ගන්න චෑන්ස් එක දුන්නේ මේ මජෙට් එකෙන් නේ.මගේ බෝනස් එකෙන් එකක් ගන්න හිතා ඉන්නේ.
ReplyDeleteතොට ලැබ්බොගිණි.. අපිට බඩගිණි !
Deleteහික්..හික්..හික්.. මරු සින්දුව බොල...
ReplyDeleteමහ රජා, කොහොමහරි ඉඳලා ඉදලා අපට කෙලෙව්වා එහෙනං !
ReplyDeleteමම නම් කන්න නැතත් ලැම්බෝගිනියක් නම් ගන්න එක ගන්නවාමයි. ඔබත් කැමතිද අළුත්ම ලැම්බෝගිනියක අයිතිකාරයෙක් වෙන්න ? එහෙනම් ලැම්බෝගිනි ගෙන්වන්නන්ගේ සංගමේට එකතු වෙන්න !
මම නම් දැනටම ගෙනත් තියෙන්නෙ...අර කොළඹ වරායේ ඕපන් නොකර තියෙන කන්ටේනරයේ තියෙන්නෙ ඒක මධුවො..හි හී...සෙල්ලම් නෑ..
Deleteඅම්මද බොල පැකිං පිටින්ද තියෙන්නේ..
Deleteඑල එල අපිට රවුමක් යන්න පුලුවං ලිහිනියෝ..
හ්ම්ම්... තාම පැකින් කඩලා නෑලූ. ;)
Deleteමටත් සින්දු මතක් වෙනවා ලියන්න ලැජ්ජයි
ReplyDelete‘ලැජ්ජ බිට්‘ එකේ තියල ලියපං බං
Deleteඇත්ත කියපං ජෝන් උබ බයයි නේ ;))
සැමෝ ...මේ පෝස්ටුවට වඩා අර කලින් සින්දු පෝස්ටුවේ කොමෙන්ට් ටික මගෙ හිතට ඇල්ලුවා. ඉළ ඇදෙනවා හිනාවෙලා. ඒකෙ මොන්ටිසෝරියක් වගේ සිංහල උගන්නලා තියෙනවනෙ...හි හී
ReplyDeleteකෝමද ඒ ආතල් එක.. ඇනෝ සර්... :))
Deleteකෑ නොගහ ලැම්බගනියක් ගනින් බන් මාලගමුවලා එක්ක රේස් පදින්න...
ReplyDeleteරේස් දිනන්න දෙන එකක් නැහැ බං.. නුවර ටීම් එකට වගේ අපිටත් ගහයි..
Deleteපිලිගන්න.....
ReplyDeleteප්‍රවීන ගී පද රචක....සැමා මහතා..!
ස්..ස්..සුදු වෑන් එහෙම හීනෙන් පෙනෙනවාද මේ දවස්වල...!
ෂිහ් .... මුන්ට කොච්චර කරත් ගුණේ නෑ.
ReplyDeleteරේස් කාර් පදින්ට, කිතුලක් මැදගන්ට දීපු චෑන්ස් එකටවත් සලකලද මම අහන්නෙ මේ කතා කරන්නෙ. දේශද්‍රෝහියො !
හ්ම්ම්ම් කාලෙකින් බ්ලොග් එකක් බැලුවේ..... එහෙම එකකුත් ආවද? රේස් කට්ටියම පදිනවානම් රේස් පිට්ටනියක් හදා ගත්තොත් ලාබයි වගේ.... බලන්න ඕනා එකට ට්‍රයි එකක් දාලා
ReplyDeleteපට්ට ඈ
ReplyDeleteසත්‍යයේ සටහන පද කීපයකින් හරිම අපූරුවට... :)
ReplyDeleteඋඹ හදාගත්ත කොලුවාව මතක් කරලා නෑනෙ... ඒවා වැරදි වැඩ... අඩුගානෙ ලක්ෂ 25 බස්ටෑන්ඩ් එක ගැන හරි කියන්න තිබුනා...
ReplyDeleteබස් හෝල්ට් එක නේද? මමත් දැක්ක, පෙනුම නම් ගති. කීයටවත් විමලෙගෙ අදහසක් වෙන්න බෑ. ඌට පහළ උනොත් ඉතිං 25 ගෙදර ගෙනියන හැටියක් හරි නැත්නම් ඒක දීල ගෑනි ෂොපින් යවන හැටියක් හරි තමයි.
Deleteසිරා ඔය ලක්ෂ 25 බස් ස්ටෑන්ඩ් එක ගැන අපේ මහත්තයා ඊයේ කිව්වා.. තව එතන තියෙන හට්ස් වලටයි තව මොන මොනාද වැඩ ටිකකටත් එක්ක වෙන්නැතිලු ඔය ගාන කියලා තියෙන්නේ.. මටත් ඒක කිව්වට පස්සේ තමයි හිතුනේ මොන මොඩයාවත් ඔච්චර ලොකු ගාණක් කියලා ඉල්ලලා අනාගන්න එකක් නෑ කියලා... ඕනේ බබෙකුට තේරෙනවනේ ඕකට නම් ඔච්චර ගානක් යන්නේ නෑ කියලා...
Deleteඑක්තරා දුරකථන සංවාදයක්
ReplyDeleteමේ මරවියෝ මම උබට ආයේ කියන්නේ නෑ ..උබේ වැයික්කියේ එකෙක් මේ දවස්වල අම්බානකට දඟලනවා .. හොයල බලල උගේ කට වහල දාපන් ,, අයේ බත් වත් කන්න බැරිවෙන්න
අනේ සර් කලබල වෙන්න එපා .. මේ දොඩන් ගෙඩියක්වත් තරං උස නැති අටිකුබ්බෙක් ඔය කෑ ගහන්නේ ..මං දෙන්නන් වැඩේ ඕකගේ මයිලක්වත් හොයාගන්න බැරිවෙන්න
..........................
ඔන්න ඔව්ව මට ඇහිච්ච එව්වා.. නැතුව මම හදපුවා එහෙම නෙවෙයි ඈ
හික්... හික්... මරු සින්දුව.....
ReplyDeleteහි හී
ReplyDeleteකරන කලට පව් මීරිය මීසේ
ReplyDeleteවිඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
පද කීපයකින් හරිම අපූරුවට ලියල ... ජය....
ReplyDeleteහික්ස්!මමත් මේ ටිකේ සතෙන් සතේ එකතු කරනවා පාන් රාත්තලක් ගන්න! :D
ReplyDeleteගින්නෙන් හොඳ ගින්න තමයි ලැම්බෝගිනිය
ReplyDeleteයැමෙන් හොඳ යෑම තමයි (සුදු) වෑන් වල යෑම
එළ...සහතික ඇත්ත
ReplyDelete//අපෙ රට සුර පුරයක්මයි මට නම් අනෙ පු*න් හිනා...//
ReplyDeleteබුවහ්හහ් හහ් හා..
මම නම් බල බල ඉන්නෙ නැතුව ෆෙරාරියක් ගෙනාව. පෙට්‍රල් ගහන්න කීයක් හරි හොයා ගත්ත ගමන් රවුමක් යන්නයි ඉන්නේ..
ජය..
යකෝ යුද්දෙ ඉවර කරා තොපිට ඒවා මතක නැ.. දේස ද්‍රෝහියා... :D :D :D
ReplyDeleteමෙක තමයි යකුනෙ අශියාවෙ අශ්චර්ය තොපිට එක තෙරෙන් නැනෙ.... :P
ReplyDeleteලැබ්බෝගිනි නැතිව නොකා හිටියා වගේ. වෙලාවට ආවේ සු(පර) බජට්ටුව
ReplyDeleteමොනවද සෑම් මේ කියන කතා මම මේ දැන් රේසින් කාර් එකක් ගන්න යන ගමන්..!
ReplyDelete"රේස් කාර් එකේ ගිහින් කවි අහමුද නා-මලයා.. ආ....
ReplyDeleteඅපෙ රට සුර පුරයක්මයි මට නම් අනෙ පු*න් හිනා"
සිරා ම කථාව සෑමෝ..
4to 1 hodai podi unta bath kawanna nam.
ReplyDeleteBerida me lassana song 1 oyage voice 1nma record karala youtube 1ta danna.
//මහින්ද සතුටින් හිටපං අපි එනතුරු අවිත් දරා//
ReplyDeleteමෙහෙම ගියොත් නම් අකමැත්තෙන් උනත් කොරන්ට වෙන්නේ ඒ ටික තමයි බං. අඩුම ගානේ කතා කොරන්ට අපේ රටේ එවුවෝ නැතිනම් අර ජාතියන්තරේද මොකක්ද එකවත් කතා කොරන්නේ නැතෑ එතකොට. අපේ වැඩ අපි කොරගමු කියලා කතා කොලාට මේකලා කවදද බං අපි ගැන හිතලා වැඩ කොරන්නේ. තනිකරම ඒකලාගේ එකාලටම බෙදා ගන්නවා හැර.
හික් හික් නියමයි අෆ්ෆා...
ReplyDeleteපට්ට සෑම් අයියේ පට්ට ....නරකද මෙලඩියක් දාලා අඹරලා රිලීස් කළා නම්....?
ReplyDeleteහයියෙන් හු ඈ
ReplyDeleteඔන්න ඕකනේ උඹලට මෙච්චර කරන සේවේ පේන්නෑ.යකෝ මුළිං පාරවල් හදලා, පස්සේ පාරවල්වල දෙපැත්ත හදනවා.ඊට පස්සේ තාප්ප ටික හදනවා.ඊට පස්සේ මිදුල් ටික හදලා අන්තිමට තමයි ගෙවල් ටික හදලා දෙන්ඩ එන්නේ.උඹලට ඒ ටික ඉවසං ඉන්ඩ බෑනේ.
ReplyDeleteහිහිහී.. වෑන් ගනන් නිසා සුදු ලැම්බොගිනි එහෙම එවයිද දන්නෑ සෑමො.. :D
ReplyDeleteබොලෑගේ පැත්තෙ ඔය ගුවන් පාලං එහෙම හදද්දි බොලා හිතුවේ ඕවා හැදුවේ මරුටි වලට කියලද?? හිකිස්.. - හුදෙක්ම විහිළුවකි..
ReplyDeleteමේ බජට් එක ගැන මගේ විචාරය කියන්න පෝස්ට් එකක්ම ලියන්න හිතෙනවා. ඒත් වෙලාව හරහට. සමස්තයක් විදියට මම දකින හොඳ අයවැයක් මේක. :)
ReplyDeleteඅය වැය කියන්නෙ මීට කාලයකට ඉස්සර නම් මිනිස්සු බොහොම උනන්දුවෙන් අහලා කරලා සලකා බලපු දෙයක් ඒත් දැන්නම් ඒක ප්‍රීති කන්නංගරගේ කාටූන් එකක් තරමටවත්- ටෙනිසන්ගෙ බයිස්කෝප් එකක් තරමටවත් වටින්නෙ නෑ.ඒ හින්දා මිනිස්සුන්ගෙ කිසිම උනන්දුවකුත් නෑ.
ReplyDeleteඕකනේ උඹලා එක්ක බැරි සෑමා.. මම මෙහෙ මගේ ෆෙරාරිය දාන්න හදනවා.. උඹලා ඉදන් ඕන නැති කතා කියනවා...
ReplyDeletemonwa unat "Nirmana" hakiyawa elaya..pattaya..
ReplyDelete(Mahinda gen aragena rata palanya karana dena puluwan kenak tawama naha neda?)
Jayawewa,
Sajith
අඩෝ ඔව්වට එන්ඩ එපා හරියෙ.. අපේ මහරජතුමා කියලා තියෙන්නේ.. ''අම්මේ ,තාත්තේ, දුවේ, පුතේ....... පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තෙවනුවත් මගේ රට'' කියලා ..ඉතින් අපට කියන්න තියෙන්නෙ ''හා එහෙනම් ඇරපන් අපට'' කියලා තමා.....
ReplyDeleteඅහින්සක අ.පේ.
පද ගෙතුම නම් සුපිරිය... ඇස්.ඇම්.ඇස් වලින් තොරව නිතරඟයෙන්ම "සුදු වෑන්" ලිස්ට් එකේ සෑමාගේ නම ඉදිරියටම එනවා ෂුවර්ය... :D
ReplyDelete