එක් මස් කඩකරුවෙකුගේ කතාවේ ලියවුණු මචං මචං මිත්‍රයා ගේ තවත් කතාවක් සෑමාට සිහි වුයේය.
මචං ගෙවුයේ දුක්ඛිත ජීවිතයක්ය. ඒ මුදල් අග හිග කමක් නිසා නෙවේය. සහකාරියකගේ අඩුව නිසාය. ඒත් පොර කෙල්ලෝ පසු පස නොගියේය. කෙල්ලෙක් අකැමැති වන්නට තරම් පෙනෙන්නට අඩු පාඩුවක් පවා නොතිබුනේය. ඒ සිකුරා රජ නොවූ කාලයක් විය හැකිය. එහෙත් සිකුරා රජ වී පොර අසරණ වන්නට ගියේ සුළුතර කාලයක්ය.
මචංගේ මෙන්ම, අපේද මිතුරියක් ඔහුට සහය දුන්නේය. ඒ කෙල්ලෙක් තෝරා ගැනීමටය. එය එතරම් වෙහෙස කාරී දෙයක් නොවුනේ ඇයගේ මිතුරියක්ම මචංගේ නීත්‍යානුකූල පෙම්වතිය ලෙස ඉදිරිපත් වූ නිසාමය. අපේ මචං සහ කපු කම කළ මිතුරිය මාර ෆිට්ය. එසේම උන් උන්ගේ ගෙවල් වලින් හදුනන්නෝය. එසේම මිතුරියගේ, මිතුරිය නොහොත් මිතුරාගේ නොයිදුල් පෙම්වතිය පවා නිවෙස් වලින් හොදින් අදුනන්නේය. ඒ නිසාම පෙම් හබය වැඩි දුර නොගොස් විවාහයකින් කෙළවර වන මට්ටමට නිවෙස් වලින් පවා දැන ගත්තේය. කෙල්ලෝ බලා සිටින්නේ විවාහයට ඇගිලි ගණිමින්ම බව නොදත් අපේ අසරණ මිත්තරයා ගුලිය කෑවේය. ඌ පව්ය.
මෙසේ ආදර අන්දරය ගලා ගියේය. නිවැස් වලට ආවේය ගියේය. එහෙ මෙහේ ගියෝය. ඒ අතර දැවෙන ප්‍රශ්න ඇති වෙමින් තිබුනේය. ඒ අපේ එකාගේ ෆෝන් එක waiting වූ අවස්ථාවකය. එදා සිට උන් මරා ගත්තෝය. ඒ අතර කෙල්ලගේද ෆෝන් එකද waiting වූයේය. වැඩේ තවත් උත්සන්න වුයේය. කොල්ලා කෙල්ලට බනිද්දී ඇයි නිහඩව සිටියාය. රිප්ලයි නොකළාය. මැසේජ් වලට රිප්ලයි නොකරද්දි මචං මිතුරාට මල පැන්නේය. පොර ශුද්ධ සිංහල වාක්‍ය කණ්ඩ උපයෝගි කොට ඇයට සද්ද දමන්නට වුවේය. ඇය ඒවාට පවා නිහඩව සිටියාය.
සියල්ල ඉවසනු නොහැකි තත්වයක් ඇතිවී අවසන මහා දිය පහරක් දරා ගත නොහැකි මට්ටමේ වේල්ලක් කඩාගෙන පහත් බිම් යටකළේය. ඇයි සියළු විස්තර මිතුරියට හෙවත්, මගුල කළ කපු කාරියට කීවාය. ඇය සුදුසු පියවර ගැනීමට පසුබට නොවූවාය. එනිසාම උක්ත නඩුව දෙමව්පියන් මැද විසදීමට පිරිස සූදානම් වුවෝය.
ඇගේ නිවසේ, දෙමාපියන්, ඇය, සහ කපු කාරියද, ඒ අතර තනි වූ අප මචං මිත්‍රයාද වීය.
“මොනාද පුතා මේ කරන වැඩ, ඔයාල කැමැත්තෙන් නේද යාළු වුනේ. දැන් මොකද මේ රංඩු වෙන්නේ?“
“මම රණ්ඩු වුනේ නැහැ ඇන්ටි. මෙයාගෙ ෆෝන් එක වේටිං හැම තිස්සෙම. එතකෙට මම කියපු දෙයක් දුර දිග ගියා..“
“අනේ බලන්න අම්මේ.. මෙයා කියන බොරු මුකුත් කිව්වෙ නැහැලු...“
“ඔව් මුකුත් කිව්වෙ නැහැ තමයි. ඇයි මොනාද මම කිව්වේ..??“
“මේ බලන්න මට එවපු මැසේජ්, තනිකර කුණුහරප, හරියට මම වෙන එවුන් එක්ක එහෙ මෙහෙ ගියා වගේ දාල තියෙන්නේ...“
ඒ වචන සැට් එකත් සමග ඇය තම ෆෝන් එක දිග හැරියාය. ඉන්බෝක්ස් එක සාලය මැදට හැලුවාය. අපේ එකාට හරි නම් එවලේ කට උත්තර නැති විය යුතුය. පොර තවත් ශක්තිමත් වූවේය.
“ආ.. එච්චරද ?? එතකොට මට එවපුවා.. මේ තියෙන්නේ..“
“මම ඔයාට කවදාවත් මෙහෙම ඒව එවලා නැහැ හරිද..“
“එවල නැහැ ?? මේ බලන්න ඇන්ටී...“
“තමුසෙ දවල්ට කෑවද??“
“මම ගෙදර ඕයි...“
“ඔව් තමුසෙ කියපු එක ඇත්ත තමයි.. මම බඩුවක් තමයි.. දැන් මොකද මට කරන්න කියන්නේ...“
කලවමේ හොද සහ දරුණු ඝනයේ මැසේජ් අපේ එකා සාලය මැද දිග හැරියේය. කපු කම කළ මිතුරිය අන්දොස්ය. වලිය තව තවත් ඇවිලී අවසානයක් නොදැකම අහවර වී තිබුනේය. කොල්ලා කෙල්ල දෙතැනකය. කපු කම කළ මිතුරිය අපේ මචං මිතුරා ඇමතුවාය.
“ඇත්තට උබට අරකි එහෙම කුණු හරප එව්වද බං ??“
“පිස්සුද බං. මට චාටර් වෙන්න බැරි නිසා මම මගෙ වෙන නම්බර් එකකින් මැසේජ් ටිකක් ගහගෙන ගියා.. වෙලාවට උන් මගෙ ෆෝන් එක අතට නොගෙන මැසේජි කියෙව්වේ..“
පලි - උක්ත මිතුරා අපේ එතරම් සමීප මිතුරෙකු නොවන බවත්. ඔහුගේ ක්‍රියාකලාපය තරයේ ප්‍රතික්ෂේප කරමි.
Written_by_sAm_ශ්‍රී_Perera_07:02am_26/11/12
මගෙ Huawei දුරකථනයේ නම් දිනය (උදාහරණ ලෙස පසු වූ දිනයක් දැම්මොත්) වෙනස් කලොත් අළුතෙන් එන මැසේජ් පවා මතු වන්නේ පරණ මැසේජ් අතරින්ය. මෙවන් සෙල්ලම් දමන්නන්ට මම එවන් දුරකතනයක් අනුමත කරමි.
ඇගේ නිවසේ, දෙමාපියන්, ඇය, සහ කපු කාරියද, ඒ අතර තනි වූ අප මචං මිත්‍රයාද වීය.
“මොනාද පුතා මේ කරන වැඩ, ඔයාල කැමැත්තෙන් නේද යාළු වුනේ. දැන් මොකද මේ රංඩු වෙන්නේ?“
“මම රණ්ඩු වුනේ නැහැ ඇන්ටි. මෙයාගෙ ෆෝන් එක වේටිං හැම තිස්සෙම. එතකෙට මම කියපු දෙයක් දුර දිග ගියා..“
“අනේ බලන්න අම්මේ.. මෙයා කියන බොරු මුකුත් කිව්වෙ නැහැලු...“
“ඔව් මුකුත් කිව්වෙ නැහැ තමයි. ඇයි මොනාද මම කිව්වේ..??“
“මේ බලන්න මට එවපු මැසේජ්, තනිකර කුණුහරප, හරියට මම වෙන එවුන් එක්ක එහෙ මෙහෙ ගියා වගේ දාල තියෙන්නේ...“
ඒ වචන සැට් එකත් සමග ඇය තම ෆෝන් එක දිග හැරියාය. ඉන්බෝක්ස් එක සාලය මැදට හැලුවාය. අපේ එකාට හරි නම් එවලේ කට උත්තර නැති විය යුතුය. පොර තවත් ශක්තිමත් වූවේය.
“ආ.. එච්චරද ?? එතකොට මට එවපුවා.. මේ තියෙන්නේ..“
“මම ඔයාට කවදාවත් මෙහෙම ඒව එවලා නැහැ හරිද..“
“එවල නැහැ ?? මේ බලන්න ඇන්ටී...“
“තමුසෙ දවල්ට කෑවද??“
“මම ගෙදර ඕයි...“
“ඔව් තමුසෙ කියපු එක ඇත්ත තමයි.. මම බඩුවක් තමයි.. දැන් මොකද මට කරන්න කියන්නේ...“
කලවමේ හොද සහ දරුණු ඝනයේ මැසේජ් අපේ එකා සාලය මැද දිග හැරියේය. කපු කම කළ මිතුරිය අන්දොස්ය. වලිය තව තවත් ඇවිලී අවසානයක් නොදැකම අහවර වී තිබුනේය. කොල්ලා කෙල්ල දෙතැනකය. කපු කම කළ මිතුරිය අපේ මචං මිතුරා ඇමතුවාය.
“ඇත්තට උබට අරකි එහෙම කුණු හරප එව්වද බං ??“
“පිස්සුද බං. මට චාටර් වෙන්න බැරි නිසා මම මගෙ වෙන නම්බර් එකකින් මැසේජ් ටිකක් ගහගෙන ගියා.. වෙලාවට උන් මගෙ ෆෝන් එක අතට නොගෙන මැසේජි කියෙව්වේ..“
පලි - උක්ත මිතුරා අපේ එතරම් සමීප මිතුරෙකු නොවන බවත්. ඔහුගේ ක්‍රියාකලාපය තරයේ ප්‍රතික්ෂේප කරමි.
Written_by_sAm_ශ්‍රී_Perera_07:02am_26/11/12
මගෙ Huawei දුරකථනයේ නම් දිනය (උදාහරණ ලෙස පසු වූ දිනයක් දැම්මොත්) වෙනස් කලොත් අළුතෙන් එන මැසේජ් පවා මතු වන්නේ පරණ මැසේජ් අතරින්ය. මෙවන් සෙල්ලම් දමන්නන්ට මම එවන් දුරකතනයක් අනුමත කරමි.
දුරකථන ජිල්මාට් එකකින් වගේ කොල්ලා ජාමේ බේරාගෙන තියෙන්නේ! මොනවා උනත් මොලේ ඇති රටක් වටින කොල්ලෙක්!!!
ReplyDeleteනැත්තං කොල්ලාගේ කුට්ටම ගෙදර උන් කපලා විකුනනවා ෂුවර් !
Deleteමචං කාරයව උල තියන්න එපැයි...
ReplyDeleteහිකිස්.. ඔව් මචං
Deleteනචන්ගේ ක්‍රියා කල්පයේ ඇති වරදකුත් නැහැ අෆ්ෆා... චාටර් වෙන්න බැහැනේ මොනව් උනත්.. හැබැයි ඉතින් අර වෙන නම්බරෙකින් කියල දැනගත්තොත් වැඩේ චාටර් නේ.. එක නිසා.. මමනං . ඔය දන්නා දන්නා ටර්ක්ස් එකක් පාවිච්චි කරලා. ඒකිගේ නම්බරෙන්ම මට ඕනි මැසේජ් එකක් එවාගනන්නවා .
ReplyDeleteඒ උනාට වැඩේ චාටර් අෆ්ෆා.. හේ හේ
මොනෙව උනත් ජාමේ බේරගන්න එපයි.. අනික මොකටද අර වැස්සි එක පාරක් කෝල් වෙයිටින් උනාම.. වාත වෙන්නේ එන්නේ.. එල මචන් එල.. උඹ අපිට ආදර්ශයක් :D
Deleteඑකෙන්ම :)
Deleteඔන්න අපි නැහැ ඕවට !
Deleteවැදගත් කථාවක් ;) ඉස්සරහට කාට කාට හරි පොරෝජං වෙන්නෙ නැතෑ.. හිකිස්
ReplyDeleteවැඩක් ගන්නව නම් කමක් නැහැ නේද බං
Deleteකතාවේ අවසානය මොකක්ද ? සභා තොමෝ දෙපසට වී සතුටින් විසිර ගියාද ??
ReplyDeleteඅවසානයක් නැතුව කස්ටිය විසිරිලා.. දැන් දෙතැනක ඉන්නේ
Deleteමූ නාහෙට නාහන එකෙක් වගේ... මේවා අනාගතේට උවමනා වෙන්ටත් පුළුවනි.
ReplyDeleteහැබැයි කෙල්ල පවු බං..
Deleteසිරාවට පව් බං. ඒත් මොනව කරන්නද? ප්‍රසිද්ධ නොකර වැඩේ විසදගත්ත නම් ඉවරනේ.
Deleteඕන් අපේ මිනිස්සු. තමන් කරන වැඩ අනුන් පිටින් දාලා.. ඊටපස්සෙ ඌ හොඳම මිතුරෙකුත් නෙමෙයිලු. ඒ කියන්නෙ මෙයා මාර හොඳ කෙනෙක්. අපි නම් ඕවට නෑ කියලා. හරි පව්නේ....
ReplyDeleteනැහැ බං. ඌ අමුතු ඩයල් එකක්. ආශ්‍රය කළාට අපි දුරින් ඉන්නේ. අපේ සමහර වුන්ගේ නැතිවුන ෆොන් මුගෙ ගෙදරින් මතු වුනේ.
Deleteකැතයි හොඳේ
ReplyDeleteඒ කෙල්ල ලස්සනලු
Deleteඅපොයි, කෙල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ. එක පාරක් කෝල් වෙයිටින් වුනොත් හිතන්නේ අපි වෙන කෙල්ලොත් (ගැනුත්) එක්ක සෙට් වෙන්න කෝල් කර කර ඉන්නවා කියලා. වලියක් ඔහොම දුරදිග ගියොත් ඉතින් අන්තිමේදී ලෝකේ නැති කුණුහබ්බ ගොඩක් කියලා අතැරලා දාන්න තමා වෙන්නේ. මොකෝ ඒ වගේ එකක් සහේට අරන් ඔලුව කනකල් බලං ඉන්නැය. :(
ReplyDeleteසැකේ තියාගෙන ජීවත් වෙන්නත් බැහැ නේ බං
Deleteඉතිං අන්තිමට මොකද උනේ බං?? මගුල කලාද?
ReplyDeleteඅවසන අවමගුලක් !
DeleteHapoi ban..mobile katha facebook passwork hitiya genita dila una keli matath thawama mathakai..charter..eth uve yaluwa kala wede anumatha karanawa..!!
ReplyDeleteඅත්දැකීම් තියෙනව වගේ ටික්කා
Deleteකැත වැඩේ හෆ්ෆා... :/
ReplyDeleteකෙල්ල කරපු වැඩේ නේද?
Deleteමචං කරපු වැඩේ වැරදි තමයි...
ReplyDeleteහරි !
Deleteමචං කරපු වැඩේ වැරදි
ReplyDeleteහරි !
Deleteවැඩේ නම් කැතයි හැබැයි මචංගේ පැත්තෙන් බැලුවොත් සාධාරණීය හේතුවකුත් හොයාගන්ට බැරිවෙන එකක් නැහැ.
ReplyDeleteමේක සද්ද නැතිව විසදන්න තිබ්බ කේස් එකක් නේ බං
Deleteමචනුත් පවූ, කෙල්ලත් පවු, ඔක්කෝම පවු. හිකිස්.
ReplyDeleteබඳින්ඩ කලිං ඔහොම වලි නං බැන්දට පස්සෙ කෝමට තියෙයිඩ :D
වෙන් වුන එක හොදයි බං එක අතකින්
Deletemachan ge kriyawa anumata kala nohaka.
ReplyDeleteJayawewa,
Sajith
jayawewa !
Deleteඅන්න එල කොල්ලෝ... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පවූ...
Deleteකෙල්ලට ඉවසීම තිබුනා නම් මෙච්චර දුර යන්නෙ නැහැ වැඩේ. නමුත් දෙන්නගෙ නොගැලපීම් වැඩිනිසා තමයි tolerate කරන්න දෙන්නටම හිත නොදෙන්නෙ.
Deleteකොල්ල කල වැඩේ කුජීතයි. මට අහු උනොත් හෑන්ඩ් බෑග් එකෙං ගහල, හතර හන්දි කඩල. ඇඳක් යට දාල කෙල්ලට දෙනව කොනිත්තන්ට කියල.
හ්ම්ම්.... ඔහොම කරන්න හොඳ නෑ පවු... :(
ReplyDeleteඔවූ..!
Deleteකෝල් වෙයිටිං..... ඕක ඔච්චර ප්‍රශ්නයක්ද බං... අනේ මන්දා....
ReplyDeleteඔය වගේ දෙන්නට දෙන්නා විශ්වාසයක් නැති කට්ටිය ඕවා අතෑරලා දාන එක තමයි හොඳ.... අනිත් එක ආයිත් ඉතිං දුක් වෙන්න දෙයක් කියලත් නෑ නේ.. දෙන්නම තරහා උනා.. ආයිත් පස්සෙන් ඇවිත් ලවු ඉල්ලන්න යන්නෙත් නෑ නේ... හි හි
ඇත්ත හිරු වෙන් වෙන එක හොදා එහෙම අවිශ්වාස නම් !
Deleteවේටින්ග් වෙන එක ප්‍රශ්නයක්ද අප්පා ඔච්චරට.. හිතේ සැකයක් තියන් ආදරේ කරාම තමයි ඔය.. අනිත් කෙනා වැරද්දක් කරත් නෑ ඒක එහෙම නෙවෙයි කියලා කියන්න තරම් තමන්ට එයාව විස්වාස වෙන්න එපැයි.. ඒ නිසා කෙල්ල වැරදි.. මචං ගැන නම් කියන්න දෙයක් නෑ..අවිවාදයෙන්ම හෙළා දකිමි...
ReplyDeleteමෙන්න වෙනස් උත්තරයක්. ඒත් ඇත්තක් තියෙනව නේ.
Deleteමම කියන්නේ දෙන්නගෙම විශ්වාසය නැති කම තමා වැරැද්ද
මදැයි ඔයිං ගියා..
ReplyDeleteබලු කොල්ලෝ..:)
ReplyDeleteබලු කෙල්ලන්ට සැට් වෙන්නේ බුල කොල්ලෝ !
Deleteපව් යකෝ අර කෙල්ල.
ReplyDeleteදැන් තනිකඩයි. සැට් කරන්නද?
Deleteකෙල්ලගෙ වෙලාවට කලින්ම කැඩුනෙ..!
ReplyDeleteමොක කැඩුනෙද?
Deleteඉතිං ඒකි ඇත්තටම බඩුවක් නම් ජනසතු කරන්න තියෙන්නෙ....
ReplyDeleteහිමිජ්ජ වගේ හිටියට මේකගෙ තියෙන වල්කම......
Deleteඅම්මපා.....
Deleteදැන් ජන සතු මකුත් නැහැ මචං. ඔක්කෙම රජ සතු !
Deleteහා හා ඒ උත්තරේට මම පට්ට ලයික් ඈ....
Deleteරජ කිව්වේ මේ අපේ සිමෙන්ති (වල්) රජා ද?
Deleteඅඩේ ඒකට මං නෙමේ මයෙ කොල්ලම කතා කරනකම් ආයෙ මෙසේජ් එකක්වත් දාන්න යන්නෙ (ඔන්න දවස පුරාම සද්දයක් බද්දයක් නැත්තන් තිං මං මෙසේජ් එකක් දාල බලනව වැඩකද ඉන්නෙ කියල).......ඒනිසා වේටින්ග් ප්‍රශ්ණයක් මට ඇවිත් නෑ.මොකෝ මං ආඩලේ කලන කොල්ලට ඇණයක් වෙන්ඩ යන්නෙ නෑනේ ^_^
ReplyDeleteහැබැයි මේ වැඩේනම් කැටයි අෆ්ෆා.....
කොහොමින් හරි කෙල්ල බේරුණානෙ, ඒ මදැයි....
ReplyDeleteමගුලක් කතාකරනවා...............
ReplyDeleteමෙවුවා මහ කැත වැඩ බං..
ReplyDeleteදැන් ඇතිවෙන හුඟක් හුටපට වලට හේතුව High availability. ඒ කියන්නේ ඕනෑම වෙලාවක access කරන්න පුළුවන් කම. ඉස්සර ලියුමක් ලියලා උත්තර එනකම් මොනතරම් ආසාවකින්ද ඉන්නේ? මේ සැකය වැඩි වුනේ තාක්ෂණික දියුණුව නිසා. කේන්ති ආව ගමන්ම message කරනවා. එතකොට වෙන්න තියෙන හරිය වෙලා ඉවරයි.
ReplyDeleteඕවා මහා පව් වැඩ සෑමෝ ...!
ReplyDeleteමුන් දෙන්නා බැන්දානම් එකෙක් මැරිලයි ඉවර වෙන්නේ ඔහොම වෙච්ච එක හොඳයි..
ReplyDeleteමේක නම් සෑමට ම වුණු දෙයක් වගේ පේන්නේ.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
ඈ.....කැතයි ඈ සැමා අයියේ...මං හිතුවේ නෑ ඔයා ඔහොමයි කියලා....
ReplyDeleteබය වෙන්න එප සෑමෝ , ඊලග කෑල්ල තවත් රසවත්
ReplyDeleteමූ මාර පොරක්නේ බොලේ සූදානම් සරීරෙන් ඇවිත් තියෙන්නේ... හැබැයි ඉතින් මොක වුනත් ඕක ඔහොම ගොඩ ගියපු එක නම් ලොකු දෙයක් නැත්තං විනාසයි
ReplyDeleteසුදීක කියල තියන කතාවට ගොඩක්ම එකඟයි. මිනිස්සු ඉක්මනින් හැගීම් පල කරනවා අද කාලේ. ඉතින් එහෙම වුනාම තමයි ගොඩක් ප්‍රශ්න ගිනි ගන්න මට්ටමට යන්නේ, ඒත් අද සමාජේ එක්ක ඒවා වලක්වන්න බෑ.
ReplyDeleteඑල කොල්ලෙක් නෙ!
ReplyDeleteඅනේ.... මට මේක නොවැටහේ....ෆුල් අනදොස්ය, අගක් මුලක් නොවැටහේ....නමුත් (පොස්ට් එක නොතේරැනත්, දමා ඇත කමේන්ට් වලින් වටහා ගතිමි). මා හට මට නොවැටහුනු ඔබේ බොලොගයේ හමුවූ පළමු පොස්ට් එක මෙය වේ....
ReplyDeleteජය........
ඇයි බං මුං මේවගෙ බාල වර්ගයේ වැඩ කරන්නෙ? මමත් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ ඔය කුණුහරප මෙසේජ් කාටවත් යවන එක.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ම්..සෑමාගේ කතාවට 100%ක් එකඟය..ඒත් ඉතින් මෝඩ කමට බෙහෙත් නැහැයිලුනෙ..
ReplyDelete