මේ කතාව නම් සරලය. නමුත් තේරුම් ගැනීමට, සිතීමට බෙහෝ දේ ඇත්තේය.
එදා නම් බදාදා දිනයක්ය. සෑමා ගම්පහ ගියේ දිවයිනේ සුප්‍රසිද්ධ කායික විශේෂඥ්ඥ වෛද්‍ය වරයෙක් හමුවීමටය. ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙක්ය. කතා බහ කරන්නේ විහිළුවෙන් තහළුවෙන්ය. රෝගීන්ට පවා එසේමය.
ඔහු එදා නම් ප්‍රමාදය. රෝගීන් පෝලිමේ සිටියේය. එහෙත් ඔහු වෙලාවට රාජකාරී කරන පුද්ගලයෙක්ය.
ඔහු එනතුරු පෝලිමේ සිටින අයෙක්ට ඌරු ජුවල්ය.
“ඇයි යකෝ අපේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනය අරන් ඇයි මේගොල්ලන්ට වෙලාවට වැඩක් කරන්න බැරි?“
ඔහු එය කීවේ වට පිට නොබලාය. එවිටම ඔහු පිටුපසින් රෝගින් පරීක්ෂාකරන කාමරයට යාමට පැමිණියේ විශේෂඥ්ඥ වෛද්‍යතුමාය. ඔහුට එය ඇසුනේය. ඔහු අර පුද්ගලයාගේ පිටට තට්ටු කළේය. එම පුද්ගලයා පිටුපස හැරී වෛද්‍යතුමා දෙස බැලුවේය.
“ඉතිං අපරාදෙන ඔයාටත් තිබ්බනේ ඉගෙන ගන්න...“
වෛද්‍යයතුමා හඩ අවදි කර කීවේ එපමණක්ය.
හැදෙන උන්ට හැදෙන්න මේ වචන ටික ඇතිය.
කතාව ඉවරය.
උපරිමයි.. පට්ටයි.. කනට ගැහුවට හපන්... නමුත් අර මනුස්සයගෙ කතාවත් සාධාරණයි... 100%
ReplyDeleteඔව් බං කනට ගැහුවට හපන් !
Deleteඒ මනුස්සයා පුද්ගලයා ගැන නොදැන, පොදු කුලකයකට වෛද්‍යවරයාව දාපු එක වැරදී බං
විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා නොවැ.. පොදු කුලකයට සලකන කොට වෙනස් කෙනෙක් එතන ඉඳල. දෙවි වරු වගේ වෛද්‍යවරු නැත්තේ නැහැ. අපි හැමෝටම එක්කෙනෙක් දෙන්නෙක්වත් මුණ ගැහිල ඇති එහෙම අය.
ReplyDeleteයක්කු වගේ අයත් ඉන්නවා ඉතින් හැම තැනම වගේ. උදාහරණ ඕනි නැහැ. :)
යක්කු ගැන උදාහරන බොහෝය. ඒත් මෙවන් අයෙක් එවන් කුලකයකට ගැබ් කිරීම අසාධාරණය.
Deleteයක්කු මේ කතාවට අදාලම නැති නිසාම දැකල තියෙන යකුන් ගැන කිව්වේ නැහැ.
Deleteඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ බැලු බැල්මට දොස්තර හරි වගේ පෙනුනට මනුස්සය වැරිදි වුන එකනෙ... :)
ReplyDeleteඒකත් වැරදිද බං ?
Deleteඅපි කොයි තරම් කුහක,බාල මිනිසුන් කියලා හිතෙන්නේ ඔය වේලාවට.
ReplyDeleteඇත්ත !
Delete''රේ'' කියලා නම ඉවර වෙන තෙනෙක්ද
ReplyDeleteනැත ඔහු නොවේ !
Deleteවෛද්‍යවරු කියන්නෙත් සාමාන්‍ය සමාජයේම එක කොටසක්. සාමාන්‍ය සමාජයේ දකින්න ලැබෙන හොද නරක දෙකම වෛද්‍යවරු කියන මිනිස්සු ඇතුලෙත් දකින්න තියෙනවා. සමාජයේ පිලිගැනීමක් තියෙනවා වෛද්‍යවරු පරමාදර්ශී කාරුණික චරිත විය යුතුයි කියලා. නමුත් වෛද්‍යවරයෙක් වෙන්න කලින් ඔහු/ඇයි හිටියේ සාමාන්‍ය සමාජ වටපිටාවේ. වෛද්‍යවරයෙක් වූ පමණින් ඒ ගති ලක්ෂණ නැති වෙන්නෙ නෑ. ඒ නිසා පරමාදර්ශී වෛද්‍යවරුන් සෙවීම පරමාදර්ශී මිනිසුන් සෙවීම තරම්ම අපහසු කාරණයක්. එවැනි අය නැතුවා නෙමෙයි. ඒත් ඒ, සමාජයේ සාධාරණ මිනිසුන් සිටින තරමට සමාන ප්‍රතිශතයක් විතරයි. ජය...!
ReplyDelete+++++++
Deleteස්තුති ප්‍රදීප් සාධාරණ කමෙන්ටුවට
Deleteලෙඩානේ දන්නේ ලෙඩාගේ අමාරුව..අනික ඉතින් ඔක්කොමලා ඉගනගෙන දොස්තරලා උනානම් ගස් ගල් වලට බෙහෙත් දෙන්නැයි..ලෙඩාට පින්සිද්ද වෙන්න දොස්තර ජිවත් වෙනවා..වෙලාවට ආවනම් ඉවරයිනේ මේ මහත්තයා..
ReplyDeleteහැමෝම සාමාන්‍ය සමාජයේ පුරුක්. අරහත් කවුරුත් නැහැ. සර්ව සම්පුර්ණ කවුරුත් නැහැ. ඒත් ඉවසීම වැදගත් !
Deleteරෝගීන්ගේ පැත්තෙන් රෝගීන් සාධාරණයි වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණයි
ReplyDeleteහරි !
Deleteහප්පුච්චියේ ..... අර මනුස්සය චන්ද්‍රිකා නෝනගෙ කාලෙ, එයා එන උත්සවේකට ගියා නම් අදටත් මෑන් හිරේ.
ReplyDeleteහි හි... කියලා වැඩක් නෑ..... හි හි
Deleteසිරා DDT +++++
Deleteඋඹට බ්ලොග් එකක් නැද්ද?
දැක්කද ලගදි යවපු චන්ද්‍රිකාවත් ප්‍රමාද වුනේ. නමේ වරදක්ද මන්දා
Deleteපිරුණු කලේ දිය නොසැලේ කියන්නේ ඕකට තමා සෑම්.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
අන්න හරි නලීන් !
Deleteනියම උත්තරේ...කරකෝලා අතෑරියා වගේ දැනෙන්න ඇති..
ReplyDeleteබෙල්ල මිරිකුවාට හපන් බොල
Deleteකලිසම ගැලවෙන්ඩ ඇති නෙහ්. :D
ReplyDeleteරෙදි නම් නැත
Deleteහික්ස්! මනුස්පයාට ආයේ ඉස්කෝලේ යන්න හිතෙන්න ඇති අනිවා!
ReplyDeleteමුල ඉදන් ඉගෙන ගත්ත නම් හරි යයි නේද බං
Deleteඅපොයි...ඒ කියපු දේට නම් කට උත්තර නැ තමයි...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
කට උත්තර තියා මූන බලන්න බැරිව යන්න ඇති.
Deleteකතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට බනින්නෙ ඌටත් තිබුණනෙ ඉගෙනගන්න. දොස්තරලට පොදු කුලකයට දාලා බනින එවුන් ඇවිල්ලා බලන්න මගේ බ්ලෝග් එක.
ReplyDeleteඒගැන පෝස්ටුවක් ලියවුනාද??
Deleteඑන්නම් ඒ පැත්තේ
ඉන්න හැමෝටම නිදහස් අධ්‍යාපනේ දෙන්න වියදම් කරනවා තමයි. ඒත් ඒක නැති නාස්ති කරපු කාලකන්නි කීප දෙනෙක් තමයි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ අරන් ඒ අයටම සේවය කරන්න එන අයට අනීවාරතේ බනින්නෙ..බොහෝමයක් තැන් වල තත්වෙ ඕක තමයි !
ReplyDeleteඇත්ත වෙනි අයියා. අධ්‍යාපනය නැති වුනත් ගුණ දහම් නැති තැන මේ දේ වෙනවා
Deletedostharalath minissune.. nice story ayya...
ReplyDeleteස්තුති
Deleteඔහොම කතා අපමණයි. හැබැයි හැම වෛද්‍යවරයම එහෙම ම නැහැ. සමහර වෙලාවට අන්තිම අමාරු ලෙඩෙක් මුණ ගැහුනම අනිත් තැනට යන්න ප්‍රමාද වෙනවා. කොතෙක් දේ තියනව ද? හැබැයි පුරුද්දට පරක්කු වෙන අයත් ඉන්නවා. බහුතරය එහෙම නැහැ.
ReplyDeleteහැම වෘත්තියකම හැම පුද්ගලයෙකුගෙම හොද නරක කියන දෙක තියෙනව නේ.
Deleteඒක සාපේක්ෂයි. පුද්ගලයා ගැන නොදැන කතා කිරීම වැරදී.
ස්තුති මහවෙදනා
ඩොක්ටර් ගේ පිළිතුර නම් සුපිරි..
ReplyDeleteපුදුම උත්තරයක් නෙව.
ReplyDeleteපුරුදු වෙයන් මෙහෙම උත්තර බදින්න
Deleteගම්පහ එනවා නම් කියලා එන්න තිබුනනේ බන්... එහෙම උනා නම් ඉතිං අපිට හීනියට මොනවා හරි..........තිබුනා...
ReplyDeleteෂික්,....තකහනියක් එන්න හිතෙනවා බං...!
Deleteවී උඹ එනවා නම් අර ඩොලැක්කියත් අරන් වරෙන්...
Deleteඑතකොට නැටුම් තෙල්?
Deleteතෙල් අපි ගේන්නම් බං. :)
Deleteවෛද්‍යවරායකගේ පමාවට ගොඩක් හේතු තියෙන්න පුළුවන් ඒ නිසා එහෙම කතා කරපු එක වැරදියි.මොනා උනත් ඒ වෛද්‍යවරයා දීපු පිළිතුර නම් රිදෙන්න වදින්න ඇති....
ReplyDeleteකාලෙකට පස්සෙයි සැමෝ එන්න ලැබුනේ.... කොහොමද ඉතින් සැප සනීප අසනීපයක්වත් හැදුනද??
යකෝ මූ ඉදල ඉදල ඇවිත් අසනීපයක් ද කියල අහනවා..
Deleteහිකිස්... වෙන දොස්තර කෙනෙක් හිටියනං ලෙඩා හරි..
ReplyDeleteවෙන හැම එක්කෙනාම එහෙමද?
Deleteඕකට ලෙඩා ආයේ රිප්ලයි දෙන්න ගියා නම් ආයේ ඒ දොස්තරගෙන් බෙහෙත් ගන්නද?
ReplyDeleteඒකට රිප්ලයි කරන්න වචන නැහැ බං. විලි ලැජ්ජාවෙ බැහැනේ
Deleteඅර බුවා බඩයනවට බෙහෙත් ගත්තේ නැද්ද කියලා දන්නේ නෑ නේ?
ReplyDelete:ඩී
Deleteසමාජයේ හැම තරාතිරමකම තනතුරකම ඉන්නවා හොඳ මිනිස්සු සහ ගඳ මිනිස්සු ඉතින් ඒක ඔය වෘත්තියටත් පොදුයි.. මිනිස්සුනේ ඕකෙත් ඉන්නෙ. අපි අසාධාරණ විදිහට ඔවුන් දිහා විතරක් බලනවා මම හිතන්නේ. තමුන්ගෙන් වැඩක් කරවාගන්න එන අසරණමනුස්සයා මෙසේ ඉස්සරහ හිටගෙන පැය ගනන් බඩගින්නේ රස්තියාදු කරමින් හෙමින් වැඩ කරන ලිපිකරුවා රෝහලට ගියාම දොස්තර මහත්තයාට බනිනවා රස්තියාදු කරනවා කියලා. රජයේ බොහෝ සේවාවන්ට වඩා තවමත් එයාලගෙ සේවය උසස්..
ReplyDeleteසහතික ඇත්ත සරත් !
Deleteමසුරං වටින කථාව...!!!
ReplyDeletesam ta hitana nada denama hari kiyala?
ReplyDeleteJayawewa,
Sajith(Sanjeewa)
ReplyDeleteහෑ
හිතටම වැදෙන්න කියලා තියෙනවා
ReplyDeleteඔළුව අතගාලා ටොක්ක ඇනලා තියනවා
ReplyDeleteමිනිහා ඒක අහලා ආපහු ලජ්ජා නැතුව ගිහින් බෙහෙත් ගත්තාද දන්නේ නෑ
ReplyDeleteඉතින් ඇත්තනේ කතාව !හොඳ වැඩේ !
ReplyDelete//හැදෙන උන්ට හැදෙන්න මේ වචන ටික ඇතිය.//
ReplyDeleteසිරාවටම!!!
කදිම පිළිතුරකි.
ReplyDeleteතමන්ගෙ පැත්තෙන් තමන් හරි.. අනික වැරදියි. ඩොකා ගෙ පැත්තෙන් ඩොකා හරි යද්දි ලෙඩාගෙ පැත්තෙන් ලෙඩා හරි.
ReplyDeleteහැබයි කතාව නම් කනේ පහරක්
අනේ මන්දා.....................
ReplyDeleteකතාව සාධාරණයි හැමෝම එකම මට්ටමින් හිතන නිසා ඒ මනුස්සයට සාධාරණයක කරන්න පුළුවන්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැරදි කමෙන්ට් එකනෙ බං මෙතන අලවලා තිබ්බෙ.
ReplyDeleteමේවට කියන්නෙ 'මවුත් ආන්සර්ස් නැතුව යන ටෝක්ස්' කියලා නේද? :D
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ම්..මම නම් වෛද්‍යතුමා දුන්න උත්තරේට එකඟ නැහැ..
ReplyDeleteඒත් වට පිටේ කතාව දන්නැති නිසා එහෙම කියන එක හරි නැතුව ඇති...