Wednesday, March 20, 2013

වැරදිකරුවීම.. - Judgement Day !


අපේ මිතුරෙකුගේ මිතුරෙකු මෑත භාගයේ හැප්පුනේය. හැප්පුනේ වෙනකොහෙවත් නොව වාහනයකය. මිතුරාට ජපන් බයික් එකක් තිබුනේය. ජපානේ ඩයල් එකක් තරමටම කොට වූ මිත්‍රයා රාගම ගුවන් පාලමෙන් මීගමු පාර දෙසට යද්දී, ගුවන් පාලම යටින් පැමිණි අති විනීත ලොරි රියදුරෙකු මිත්‍රයාව හැප්පුවේ බයික් එකේ හයි හත්තිය බැලීමට මෙන්ය. වරදක් නොමැති මිතුරා ලොරි කරුට බැණ වදිමින් තුවාල සහිතව සිටියේය.

“මොනාද අයිසේ.. යටින් ඇවිත් එක පාරට පාර මැද්දට දැම්මේ..“

“ඔයා දැක්කෙ නැද්ද? මම හෝන් එකත් ගහගෙන ආවේ..“

සෑම ඇක්සිඩන්ට් එකකම වරද කරුවෙකු නැත යන න්‍යාය සනාථ කරමින් දෙදෙනාම තම නිර්දෝශී බව ඔප්පු කරන්නට වූහ. 

“දෙන්නම ගන්න බලන්න ලයිසන්...“

පොලිසියට කෝල් කිරීමටත් ප්‍රථම ඒ අසල සිටි පොලිස් මහතෙක් සිද්ධියට ඇන්ටර් විය.

“බලන්න සර්.. මෙයා යටින් ඇවිත් එක පාරටම දැම්මා..“

“පිස්සුද සර්.. මම හෝන් එක ගහගෙන ආවේ..“

උසාවිය ඉදිරියේ වැලපෙන්නාක් මෙන් දෙදෙනාම නිවැරදි වන්නට සැරසෙද්දී පොලිස් මහතා මුඛය විවර කළේය.

“මම බලාගෙන හිටියේ. තමුසෙ තමා වැරද්ද කළේ...“ ලොරිකරුට ඇගිල්ල දික් විය.

“ඔව් සර්.. මේ ලයිට් වලට, කණ්නාඩි වලට රුපියල් 5000ක් විතර යනවා. මට ඒ ගාන ඉල්ලල දෙන්න..“

“එච්චර යන්නෙ නැහැ. අනික මම කරපු වැරැද්දකුත් නැහැ.. මම මොකටද සල්ලි දෙන්නෙ..“

“තමුසෙ මේ පොලිසිය ඉස්සරහත් පාට් දාන්න හදනවද?“

“එහෙම නෙවේ සර්.. මේ වැඩේට 5ක් යන්නෙ නැහැ. මම ඔන්නම් 3000ක් දෙන්නම්..“

“3000ක් මදි රාළහාමි.. මේකට 5ක් වත් යනවා...“

“හරි තමුසෙල දෙන්න තීරණයකට එන්නෙ නැති නිසා අපි දාමු උසාවි..“

දෙදෙනාම සද්ද නැති නිසා පොලිස් රාලහාමි වැඩේ උසාවිය දක්ව උසස් කළේය. ඒ අතර අපේ මිත්‍රයා තම අයියාට කතා කළේය. අයියා ඉංජිනේරුවෙකු නිසා පොඩ්ඩක් ලොකු සීන්ය.

“අයියේ මාර වැඩේ උනේ .......“

“හරි දැන් උසාවි දාලනේ තියෙන්නේ... කොහොම හරි කමක් නැහැ, දෙපාරයක් යන්න තියාගන්නෙ නැතුව එක පාරම උසාවි ගමන ඉවර කරනවා.. නැත්තං ගෙවල් පැත්ත පලාතෙ එන්නෙ නැහැ...“

එක ගමනින් උසාවියේ නඩුව ඉවර කර ගත යුතු බවට අයියා තරජනය කළේය. ඒ රස්තියාදුව සහ මුදල් වැය වීම අවම කිරීමට බව අපේ මිත්‍රයා අපට කීවේය. උසාවි දින උදෑසන මිත්‍රයා වරදකරු ඇමතුවේය.

“අයියේ.. අද උසාවි දවස එනව නේද යන්න..“

“මට එන්න වෙන්නෙ නැහැ මල්ලී.. පොඩි වැඩ වගයක් තියෙනවා..“

“පිස්සු කෙලින්න එපා අයියේ.. යමු.. එක දවසනේ..“

වරදකරු උසාවි නොපැමිණෙන බව දැනුනු මිත්‍රයා උදේම මුහුණ කට සෝදාගෙන වරදකරුගේ නිවැසට ගොස් ඌවත් සූදානම් කරගෙන උසාවියට ගියේය. නඩුව කතා කරන තුරු වරදකරු තාවකාලිකව කූඩුවකට දැමුනේ පොලිසිය අතින්ය. නඩුව ඇරඹුනේය.

“තමා මේ සිද්ධියට වරද කරුද? නිවැරදි කරුද?“

නිතීඥ්ඥයා මිතුරාගෙන් උච්ච ස්වරයෙන් ඇසුවේය. මිත්‍රයා තිගැස්සුනේය. හඩ අවදි වූයේද නැත්තේය.

“තමා මේ සිද්ධියට වරද කරුද? නිවැරදි කරුද?“

නැවත ඊටත් වඩා හඩින් කතා කළේ මිත්‍රයා සද්ද නැති නිසාය.

“වරද කරු ස්වාමීණී...!!!“

කිසිදාක උසාවි ගොස් නැති නිසාත්, නඩුව එක් දිනයකින් අහවර කළ යුතු බව අයියා කියූ නිසාත් මිත්‍රයා එක වර විනාස කර දැම්මේ තමා වරද කරු කියමින්ය. කූඩුව තුල සිටි විත්තිකරුගේ ඇස් උඩ ගියේය. කිසිවක් සිතා ගත නොහැකිව කූඩුව ඇතුලත සිටියදී ඔහුගේ දුරකථනය නාද විය. මිත්‍රයාට රුපියල් 5000ක දඩයක් ගැසෙද්දී, ඇතුලත සිටි විත්තිකරුගේ දුරකථනය උසාවිය තුල නාද වූ නිසා තවත් රුපියල් 3000ක් දඩයක් වැදුනේය. (දඩ මුදලේ ප්‍රමාණය පිලිබද කිසිම විශ්වාසයක් නැත.)

“අනේ මල්ලී මගෙ අතේ සල්ලි නැහැ මාවත් එළියට ගනින්“ කියමින් විත්තිය හැඩූ නිසා මිත්‍රයා ඔහුවත් එළියට ගත්තේය.

රුපියල් 5000ක් ඉල්ලමින් වරදකරුගේ රුපියල් 3000 නොගත් මිත්‍රයා අවසන රුපියල් 8000ක් ගෙවා දමමින් සතුටින් ගෙදර ආවේය. අදටත් විත්තිය සහ පැමිණිල්ල යන දෙපාර්ශවය හොද මිතුරන්ය. විත්තිය උසාවිය පැහැර හැර වරද පිලිගැනීමට තැත් කරද්දී, පැමිණිල්ල ඔහුගේ නිවසටම ගොස් උසාවි කැදවාගෙන යාම ඉතා සුන්දරය.


sAm ශ්‍රී Perera_09:17am_20/03/2013

75 comments:

  1. මොකක්... අපේ උන් මේ තරම් මෝඩද.පොතක් පත්තරයක් බලන උන් නෙමේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මාතලන් දන්නවද මූ ඒ දවස් වල බයික් එකක් ගන්න ඇඩ්වානස් විදිහට රුපියල් 200/-ක් ගෙවල ගෙදර ආපු එකෙක් !

      Delete
    2. මුගේ බොරුද කොහෙද මාතලං ,ඔහොම මෝඩයෝ කොහෙද ඉන්නේ

      Delete
    3. ඒ පැත්තෙ කියපු නිසා මූට අවුල්ද කොහෙද !

      හිටපං දවසක අරගෙනම එන්නම්

      Delete
  2. හික්ස් මේ වගේ උන් නිසාම හොඳයි

    ReplyDelete
    Replies
    1. උබලගෙ පැත්තෙ තමයි !

      දුක් වෙයන් මලයා :DD

      Delete
    2. අටම්ට තියෙන්නෙත් මෝට බයික් එකක් :D

      Delete
    3. පව් යකෝ ඌව ගාව ගන්න එපා :)

      මේකත් මෝටර් බයික් කේස් එකක්. හැබැයි අටමා නෙවේ. එහෙනම් දඩ කන්නේ බිල හින්ද.

      Delete
    4. තොපි දෙන්නම මට අහු වෙයව්

      Delete
    5. මේ දෙන්නම නෙමෙයි නම් චමිය ද?

      Delete
    6. හෙ...හේ අහල පහල කට්ටිය කතා වෙන විදිහට නම් කිව්වේ නැති මොකක් හරි තියනව ද කොහෙද.. :D

      Delete
    7. හිකෑස්.... අටමා තමා සුවර්!!

      Delete
  3. අඩේ මේකනම් සිරාම සුන්දර සිද්දියක් හදිස්සියෙවත් මෙහෙම දෙයක් වුනොත් මොකක්ද බන් කල යුත්තේ. නිවැරදි කරු කියනවා ද? නැත්නම් වෙනත් විදියක් තියේද?.

    ReplyDelete
    Replies
    1. යකෝ බය නැතුව ඇත්ත කිව්ව නම් මූ ගොඩ. මූ සද්දෙට බය වෙලා.

      Delete
  4. ඇඬෙනවා සෑමෝ,උඹගෙ යාලුවා කන්නෙ බත්ද

    ReplyDelete
    Replies
    1. යාළුව නම් බත් කනව බං. මේකා යාලුවගෙ යාලුවෙක් නිසා මොනා කනවද මන්ද !

      හෙහ් හේ !

      Delete
  5. මොනව හරි සිද්ධියක් උනොත් ගොඩින් බේරගෙන අතින් කයිට් කරගෙන ගෙදර යනව මිසක්,බුදු අම්මෝ උසාවි පැත්තෙනම් යන්න එපා.

    ReplyDelete
  6. අපේ මනුස්සයා රෑ මගුල් වෙඩිමක ගිහින් එද්දි අතුරු පාරකින් ආපු බයික් එකක් එක පාරට දාල, ඒ කොල්ල වැටුනම අපේ මනුස්සයයි, යාලුවො දෙන්නයි බැහැල ලගට ගිහින් ඇහුවලු තුවාලද මල්ලි ඔයා එක පාරට දැම්මනෙ කියල, එතකොටම ඔලුවට වැදුනලු හෙල්මට් එකකින්, එතන හිටපු ත්‍රිවීල් අයියල ටික ගහනවලු අපේ මනුස්සයටයි යාලුවො දෙන්නටයි. එතකොට අර බයික් එකෙ කොල්ල කියල අනේ මගේ වැරැද්ද අයියේ කියලා එතකොට ඒ මනුස්සයටත් ගහල. අපේ මනුස්සයට සිහිය නැති වෙලා දවස් 3ක් විතර 4 දෙනාම ඉස්පිරිතාලෙ, ත්‍රීවීල් අයියලා ටික කූඩුවෙ. ඇදුම් ඉරල, ඔලු පලල තමයි එදා රෑ ත්‍රී වීල් අයියල නිදිමත නැතිකරගෙන තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. යකෝ මුන්ව එල්ලන්න එපැයි.

      Delete
    2. කාළකණ්නි

      Delete
    3. ඒ හින්දනේ දැන් ඇක්සිඩන්ට් එකක් වුනාම වරද තියන එවුන් පලා යන්නේ. වරද නැතත් බේරුනා ද බලබලා ඉන්නේ නෑ පලා ගියා.

      Delete
    4. ඒක නම් ඇත්ත, ඒත් අර කොල්ල වැරැද්ද පිලිගත්තම එයාටත් ගැහුවෙ මුං බීලා වෙන්න ඇති ඉදල තියෙන්නෙ..

      Delete
  7. හි හි...ඇති ඔයින් ගියා.. ඇතුලටම යන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. ඇතුලෙ දාන්න ඕනෙ ඕකට මොලේ වැඩෙන්න

      Delete
    2. 18+ වගේද මන්දා

      Delete
    3. චික්.. වයසට නොවේ කැතහිත..!

      Delete
  8. හරි පුදුම සිද්ධියක් නොවැ.උච්ච ස්වරය කවදද සොයා ගන්නේ?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. උච්ච ස්වරය ඊලග පොස්ට් එකෙන් :)

      Delete
  9. මගේ බයිසිකලෙත් ගෑනියෙක් පිටිපස්සෙන් ඇවිත් වැද්දුවා [සුජාත දියණි බලන්න පරක්කුවෙලා ]මං ඉතින් මනුස්සකමට දණහිසේ තිබ්බ පොඩි සීරීමට ලග දිස්පෙන්සරියෙන් බේත් දාල යැව්වා.මෙන්න පහුවදා පොලිසියට එන්නලු...මාත් ගියා .traffic oic කියනවා ගෑනිට 5000 ක් දීලා ශේප් වෙන්නලු.මං කෙලින්ම oic ගාවට ගිහින් පැමිණිලි කළා මට සල්ලි දෙන්න කිව්වා කියලා.oic ගෑනිව ගෙන්නලා ඇහුවා.ගෑනි කියනවා "මට සල්ලි එපා,මේ අය තමයි සල්ලි ඉල්ලන්න කිව්වේ කියලා" traffic oic නුයි එතෙන්ට ඇවිල්ල හිටිය ගෑනිගේ මල්ලිවයි පෙන්නුවා.පටි රෝල් ....

    ReplyDelete
  10. හෙහ් මේ සිද්දිය නම් මරු. මමත් මේ ලගදි මෝටර් බයික් කාරයෙක් හප්පලා වරද පිලි අරං දඩයක් ගෙවලා ආව. හැබැයි ඉතිං හැපුන එකා දවස් දෙකක් ඉස්පිරිතාලේ.

    ReplyDelete
    Replies
    1. යකෝ දඩ නෙවේ මූව හිරේ දාන්න තිබ්බෙ

      Delete
  11. අයියෝ...තණකොළ කන එකෙක්ද මන්දා...

    හි හි හි සැමාගෙ යාළුවෙක්ගෙ යාළුවෙක් කිව්ව නේද...එහෙනම් හරි :b

    ReplyDelete
    Replies
    1. යකෝ බොලාත් මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. බොලා දන්නවද ???

      Delete
  12. මෙයාව ප්‍ර‍දීප් දොස්තර මාතියට භාරදෙමුද අයියේ??

    ReplyDelete
    Replies
    1. හිකිස්.. පොර කෝ නංගි දැන්??

      Delete
    2. පිස්සන් කොටුවේද වෙන්න ඇති :D

      Delete
  13. මේකාව ප්‍රදීප් අයියාට පෙන්නන්න වෙයි වගේ බං!

    ReplyDelete
    Replies
    1. ප්‍රදීපයා ලොවෙත් නැහැනේ බං !

      Delete
  14. අයියෙ ශුවර්ද මේක උනේ රාගම කියලා..මේ එයාම බයික් එක හප්පගන්න එකනෙ වෙලා තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න නංගිලා අහිංසක අයියෙක්ට කතන්දර හදන්න යනවා :)

      Delete
  15. ඇත්තටමද බං..!
    පව් අහිංසකය...! තොපි යාලුවො කිව්ව් නේද..ඕකව හදලගං..!

    ReplyDelete
    Replies
    1. හදන්න අපේ සමීපතමයෙක් නෙවෙ බං :///

      Delete
  16. ඇදගෙන නානවා කියන්නෙ මේවටද මන්දා..!!

    ReplyDelete
  17. Dude:
    ඒක හරිම සුන්දර කතාවක් බං. නියම යාලු කමක්.

    ReplyDelete
  18. අනේ මන්දා බං.උඹේ යාලුවන්ටමනේ මේ වගේ වැඩ වෙන්නේ.. :p

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලෝ මුහන දෙන්නේ මේ වගේ කුරිරු අත්දැකිම් වලට බං !

      Delete
  19. අන්න අවංක මිනිස්සු... නැද්ද මං අහන්නේ..

    ReplyDelete
  20. අඩේ මටත් කියපන්කො ඔය යාලුව ඉන්න තැන. හදිස්සියෙවත් උසාවි දැම්මොත් බේරගන්න එන්න කියන්න

    ReplyDelete
  21. ෂහතික ඇත්ත විය යුතු බව හැඟේ. මන්ද කතා නායකයා සැමාගේ යාළුවෙක් බැවිනි. මච්ං මූ සධාරන කොටා වගේ එකෙක්ද.

    ReplyDelete
    Replies
    1. අඩෝ මගෙම යාලුවෙක් නෙවේ හරිය? යාලුවෙක්ගෙ යාලුවෙක් :)

      Delete
  22. දැන් උඹේ බ්ලොග් එක පට්ට ස්පීඩ්. කලින් වගේ නෙමේ.

    ReplyDelete
    Replies
    1. මුකුත් වෙනසක් කලෙ නැහැ බං. හැබැයි බ්ලොග් රෝල බ්ලොග් 25කට සීමා කලා.

      ඒක නිසාද?

      Delete
  23. මෙහෙම සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන මිනිස්සු ලංකාවෙ ඉන්නව කියල අහද්දිත් පුදුම සතුටක් ඇති වෙන්නෙ...

    ReplyDelete
  24. අඩේ ඕක බයික් එකෙන් මේ පැත්තෙ එනවනං කියහංකො.

    ReplyDelete
  25. Dude:
    මගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාද බලාපං සෑමෝ.

    ReplyDelete
  26. මොකෙක් උනත් යාලුවා සුපිරි පොරක්

    ReplyDelete
  27. යකෝ උට තව කීයක හරි දඩයක් ගහන්න එපැයි බොරුවට වැරැද්ද පිළිගත්තාට

    ReplyDelete
  28. උඹට සල්ලි තියේනං 8ට 16ක් ගෙව්වත් අපිට මොකෑ!

    ReplyDelete
  29. ඌගේ ගම තුම්පනේ කිට්ටුවද :D

    ReplyDelete
  30. මෝඩ වැඩක් කල එකෙක් උනත් හොඳ හිතක් ඇති කොල්ලෙක්..නැත්නම් අර ගාන ගෙවලා හප්පපු එකාව කූඩුවෙන් ගනීද ? මං වත් එහෙම කරයි කියල මට විස්වාස නෑ.

    ReplyDelete
  31. ඌට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. අඩේ ඒ උනාට හොඳ යාලුවෙක් සෙට් උනානේ . හැබැයි කියලා තියන විස්තරයට අනුවනම් මේක කල්පිතයක් වගේ

    ReplyDelete
  33. මෙහෙමත් ඩයල්..ඔන්න හැප්පෙනවනවනම් මෙහෙම එකෙක් බලලා හැප්පුනොත් කියක් හරි හොයගත්ත හැකි...

    ReplyDelete
  34. හික්ස්...
    පට්ට පොරක්නේ ඌ...

    ReplyDelete
  35. සාමානයයෙන් රථවාහන අනතුරු නඩුවක්නේ.ජංගම දුරකථනයට නම් සමාවක් දෙන්න බැ. නිතිය නොදැනිම නිදහසට කාරණයක් නෙවේ.

    ReplyDelete
  36. පොලීසිය මේවා ලියා ගන්නේ හිතෙන විදියට. මේක බොරු කතාවක් නම් සෑමව හිරේ යවනවා උසාවියට අපහස කලාට. :)

    ReplyDelete
  37. අඩේ සැමා අයියටත් වෙන දේවල් ඈ... ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...