Saturday, February 2, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව...



නගර සභාවෙ කුණු ට්‍රැක්ටරයට ඇගිල්ලක් ගහන්න බැරි විදිහට කුණු පැක් කරනව වගේ රැට කන මම, කවදාවත් නැතු එදා රෑට මම ඉදිආප්ප දෙකක් කාල නිදාගත්තෙ හෙට උදේම මට තරගයකට යන්න තියෙන නිසා. තරගයක් කිව්වට ඒක එසේ මෙසේ තරගයක් නෙවේ. මට ඒක අභිමානයක් වුණා. පප්පා ගමේ හැමෝම තමන්ගෙ සතුරො පරද්දලා සතුටු වෙද්දි, ඒ ආතල් එක දෙගුණ කරන්න කෑකෝ පප්පා සිංදුවක් පටන් ගන්නකොට ඔහුට තඩා මාලුවෙක්ගෙන් පහර කන්න වෙනව වගේ තැනක් තමයි මටත් ගමේ හිමි වෙලා තිබ්බෙ. මම හීනියට සිංදුවක් පටන් ගද්දි, එහා ගෙදර එකා සද්දෙට රේඩියෝව දැම්මෙ මාව බයිට් කරන්න වගේ. ඌ ගෙදර නැති වෙලාවට මම සිංදුවක් පටන් ගත්තම ගෙදර ගැටගහල ඉන්න උගෙ බල්ල පවා උඩු බුරලා මට බාධාවක් වුණා. පහුගිය සතියක අම්ම ගෙදර ගෙනාපු කොහිල මිටියක් ඔතල තිබ්බ පත්තර පිටුවක තිබුනු කූපනයක් අම්මගෙ අතින්ම පුරවල දාපු නිසා මට හෙට වගේ දවසක් උදා වෙන්න යන්නෙ. ලංකා සිතියම කාමරේ මැද්දෙ පෙරලුවාම, ඒකෙ තියෙන පලාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්මාන හැම එකකම ඉන්න මං වගේ කුරිරු විදිහට අසාධාරණයට ලක්වෙච්ච කොල්ලො, කොල්ලො රැසක් හෙට එනව තරගෙට සිංදු කියන්න, හරියට කුඹි ගුලක් ලග ඉදන් සීන් කැටයක් උඩ දැමමම උන් උඩ පැන පැන දගලනව වගේ අපිත් හෙට උඩ පනී මයික් එක අතේ තියාගෙන සිංදු කියන්න. හෙට දවස ගැන හිත හිතාම මම ගියා ඇයව සිපගන්න, ඇය නිදි දෙව්දුව. සිරි යහනේ මට රසය මැව්වෙ ඇය. ඇය නිසාම මගෙ බෙඩ් ෂීට් පවා වෛවර්ණ රටාවන්ගෙන් පිරුණා.

මුළු අහසම කලු  වලාකුළු වලින් බර වෙලා, අහසට උහුල ගන්න බැරි තරමට පොදි ගැහුණු වලාකුළු පොලවට කඩා වැටෙන්න ඔන්න මෙන්න. වැටෙන්නෙ නොදී තරමක් වෙලාවක් ඒ බර තියා ගන්නෝනි නිසා, මට නැගිටින්න කම්මැලි නිසා, මම වකුටු වුනා. හරියට අටේ ඉලක්කම වගේ මම හරි මැද්දෙන් අඹරලා තියා ගත්ත. ඒත් ඒ වලාකුලු මැදින් හරි මැද්දෙන් හද එලියට වැටුණ වගේ, අපෙ අම්ම මගෙ කාමරේ කර්ටන් එක ඈත් කරල “නැගිටපන් චූටී...“ කියල කෑ ගැහුව. වෙනද වගේම කැඩිල තිබ්බ සරම නිසි ස්ථානයේ රදවමින් මම දිව්වා, කක්කුස්සියට අර කලින් කිව්ව කළු වලාකුළු, අටේ ඉලක්කම වගේ අඹරල හිරකරපු මගේ උදරය සැහැල්ලු කරගන්න, මම ඉදගත්ත කොමඩ් එකේ. රොබින් හුඩ් කතාවෙ එන ප්‍රධාන නළුවා රොබින් තමන්ගෙ පිටිපස්සෙ එල්ලලා තියෙන ඊතල එක එක සට පට ගාලා විදිනවා, මහ වැස්සක් වගේ. ඒ විදිහටම මමත් සට පට ගාලා ලෝඩ් වෙලා තිබ්බ ඉදි ආප්ප ටික සට පට ගාලා ඇදල දැම්ම කොමඩ් එක ඇතුලට.

හැමදාම වගේ මම ඇස් පියාගෙන කල්පනා කළා. කොමඩ් එක උඩ ඉදගෙනම. වෙනද වගේම මම හීන දැක්ක. වේදිකාවට නැගල මම මයික් එකක් හිර කරගන්නවා කිහිල්ලෙ. අපේ ගමේ සේදිරිස් මාමා උදේ කඩේ ගිහින් එද්දි පාන් ගෙඩිය කිහිල්ලෙ ගහන් බයිසිකලේ පදිනව වගේ. මම එහෙම කිහිල්ලෙ ගහගත්ත මයික් එකෙන් අත් නිදහස් කරගෙන, තාලෙට අත්පුඩි ගහනව මගේ රසිකයො එක්ක. මම මොන තාලෙට සිංදු කිව්වත්, උන්ටික තාලෙට වැනෙනවා. පැද්දෙනවා. ගමේ මන්තිරියා කතා පවත්වනකොට මොන මගුල කිව්වත් විසිල් ගහන පාක්ෂිකයො වගේ, මටත් හිටිය හොද රසිකයො පිරිසක්. මම සිහින අතරෙ පාවුණා, පොඩි කාලෙ ආරම්භක විදි්‍යාව කරද්දි, හුණු දාලා, උණුවතුර දාලා, දිලිසෙන චොක්ලට් කොල ගුලි කරල දාලා, බෝතලේට ගහපු බැලුම පිම්බෙනකල් ඉදලා ඉවසීමෙන් පා කරල යවනව වගේ, මම සිහින අතරෙ පාවුණා. හරිම සැහැල්ලුවෙන්. ඒ සැහැල්ලුව වැඩිකලේ සට පට ගාලා කොමඩ් එකට වැටෙන ඉදි ආප්ප ගුලි.

“කොල්ලෝ... උබ යන්නෙ නැද්ද අද??“

අම්මා කුස්සියෙ ඉදන් කක්කුස්සියට ආමන්ත්‍රනය කරද්දි සමබරව පාවෙවී හිටිය මම, තරාදියක එක පැත්තකට බර වැඩිපුර දැම්ම වගේ, මහා කාලකන්නි විදිහට කඩාගෙන වැටුනා. ඒ තරාදි පළුවෙ තිබ්බ අල බෝල ටික සීසිකඩ ගියා වගේ මගෙ රසිකයෝ හැම පැත්තටම දිව්වා. සුපුරුදු විදිහට ගමේ එවුන් මට සලකන විදිහටම මට මුකුත් නැතුව ගියා. මගෙ සිංදු අහන්න එකෙක්වත් ඉතුරු වුණේ නැහැ.

“හරි අම්මේ.. මම එනවා...“

ඒ බිදුනු සිහිනය සැබෑවක් කරන්න මම මගේ උදෑසන සගයාට සමුදුන්න. ෆලෂ් කරල නැගිටලා මගෙ සිහිනය සැබෑවක් කරන්න මම පියවර මැන්නා..

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:43am_02/02/2013

එදා ගෙට්ටුවේදි සිතු කුසු ආදර අන්දරය ගැන වෙඩික්කාරයා එලව එලවා සෑමාට ගුණ වැයුවේය. තවත් බොහෝ දෙනා සෑමාගේ මොරාල් නංවා තැබුවෝය. සියල්ලන්ටම ප්‍රණාමයක් විලස මෙවන් කතාවක් ලියැවෙන වගයි...

එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

73 comments:

  1. ඊයා .....බං. මූ හීන අස්සට දාපු ජරා කෑලි. මම දැන් ගිහින් දවල්ට කන්නත් ඕන. ෂික් ! මූ වගේ එකෙක්.

    ReplyDelete
    Replies
    1. දවල්ට කන්න බැරිනම් රෑට හරි කාපං මචං.. මේක ගායකයෙකුගේ සිහිනයක් එලි දකින කතාවක්.. ඒකට සියළු බාධක බිදගෙන කියවපං..

      ජය !

      Delete
  2. අර බෙඩ් ෂීට් එකේ රටා මැවුනේ කොහොමද මන්දා..

    ReplyDelete
    Replies
    1. තැලිලා පොඩි වුනාම එහෙම වෙනවනේ බං.

      Delete
    2. වෛවර්ණ රැලි හිටිනවද

      Delete
    3. වෛවර්ණ නෙමෙයි අවර්ණ කියලා නිවැරදි වෙන්න ඕනේ...

      Delete
  3. එළනොවැ... මම මේ බොට දෙකක් නෙලන්න කියලා හිතන් හිටියේ කාලයක් තීස්සෙ රස යමක් නොලීව එක ගැන.. ඔය තියෙන්නෙ...ලෙසටම

    මම ඒත් මුලදි හිතුවෙ මූ එදා ගෙට් එකේ සින්දු කියන්න යන්න ලෑස්ති වෙච්ච් විදිහ ගැනවත් කියනවදෝ කියලා..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒක තමා මේ කතාවට මූලාරම්භය.. :)

      Delete
  4. බෙඩ් ෂීට් එකට මක් උනා කියලද කිව්වෙ.

    මතු සැබැදිය බලාපොරොත්තුවෙන් හිදිමි. අටමා වගේ නොවේවායි පතමි

    ReplyDelete
    Replies
    1. අටමාට එදා මම බැන්න කතාව පොඩ්ඩ පොඩ්ඩ දාලා මාව යකා කර ගන්න එපාකියල..

      Delete
  5. හීන බලන්නත් එපා උනා අර කිව්ව වගේ මැදින් දාල තියන ඒවා නිසා,,, චික්.... මෙයා ඇස් දෙක පියාගෙන් හීන බැලුව කිව්වට කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන ඉදල තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඇයි හත් දෙයියනේ උදේ ඔය කියන පොට් එකේ ඉදගත්තම මට සමහර දවස් වලට නින්දත් යනවා.. :)

      Delete
  6. 'ඇය නිසාම මගෙ බෙඩ් ෂීට් පවා වෛවර්ණ රටාවන්ගෙන් පිරුණා.'
    මොන දෙව්දුව ගැනද සෑම හිත හිත හිටියෙ.

    ReplyDelete
  7. Replies
    1. මෙහෙම කිව්වම ටිකක් ලැජ්ජයි අයියෝ..

      Delete
  8. සිරාවටම මුලින්ම හිතුවේ නම් මේකා මේ අර එදා කියපු සින්දු නිසා ඒ ගැන මොනවත් ද කියලා....... ආරම්භය නම් හොදා.... අර කොමඩ් එකේ කරපුවා නැති උනා නම්....

    මෙතන කියන කොල්ලා දුප්පත් කියලා කියන්න පටන් ගත්තත් උත කොමඩ් තියන කුස්සියක හිමි කාරයෙක් නේද?

    ReplyDelete
    Replies
    1. එදා?? සිංදු?? මට මතක නැහැනේ... උඹ බීලද හිටියේ.. ;)

      දුප්පත් නැහැ බං. ඌ මධ්‍යම පන්තියේ.. :)

      Delete
    2. මටත් එහෙම නොහිතුනාම නොවේ හික් හික්

      Delete
  9. මේ අයියේ ප්‍රශ්ණයක්...o.O අර බෙඩ් ෂීට් එකේ රටා මැවුනමයි කියමුකෝ..එව්වා පාට පාට උනේ කෝමෙයි ඈ.... o.O

    ReplyDelete
    Replies
    1. පාට දෙකක් එකතු වුනත් ඒකට කියන්නේ පාට පාට කියල නේ බං ?

      Delete
  10. කතන්දරයක්ද බොල? මම හිතුවේ ඇත්ත ශීන් එකක් කියලනේ.ඉඳි ආප්ප කෑවේ මොනවත් එක්කද කියලත් කිව්වනං හොඳට චිත්තරූප මවා ගන්ඩ තිබ්බා.

    ReplyDelete
    Replies
    1. සම්බෝල + පරිප්පු කිව්වොත්??

      Delete
    2. මට සම්බෝල + පරිප්පු කෑවොත් අනිවා බඩුම තමා

      Delete
  11. බොග දැමීමේ අලුත් කලාව... ඉදි ආප්ප දෙකක් විතර කාලා ඔච්චර වෙලා බොග දාන්න ඇහැකිද බොල...

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ දවල් කාපුවා වාශ්ප වෙනවද?
      ඒවත් දාන්න එපැයි

      Delete
  12. පාට පාට රටා... O.o

    ReplyDelete
  13. වෙඩි තිබ්බද වතුර වගේ ලීක් උනාද??????????

    ReplyDelete
    Replies
    1. මේක අසාධාරණයි.. පෝස්ටුවට අදාල නැහැ.. :)

      Delete
  14. සෑම්ගේ ගායන හැකියාවට අත දෙන්න කවුරුත් නැති හැටි

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. කාන්තා අතක් නම් සෑහේ

      Delete
    2. ඇයි එදා මූණම දුන්නේ ;)

      Delete
    3. මෙන්න රජා ආයි මඩ ගහනෝ..!පොල්ල ගනින් සැමෝ..!

      Delete
  15. මං හිතුවේ අර ගෙට්ටුවේදී මුළු ශරීරයෙන්ම සිංදු කියල තිබ්බ සැමාගේ කතාව කියන්නයි යන්නේ කියලා. බැලින්නම් වෙන එකක්නේ....හික්....

    ReplyDelete
    Replies
    1. හිකිස්. ඒ වගේ එකක තමා.

      Delete
  16. නගර සභාවේ කුණු ලොරියේ කතාව කෑමට සම්බන්ධ කරපු එක නම් හරි නෑ සැමා.

    ReplyDelete
    Replies
    1. කෑම = කුණු ලොරිය නෙවේ බොල.

      කන ප්‍රමාණය = කුනු ලොරියට කුණු පැක් කරන ප්‍රමාණය.

      යකෝ මුංගෙ බුද්ධියේ තරම ඈ.. උපමා අදුන ගන්න බැරි හැටි.

      Delete
  17. යටලීයෙන් නාරිලතා මල් පූදිනව කියන්නෙත් මේකටමද මන්දා කාගෙන් තහනමක්ද.... උඹ බය නැතිව හිටහන් උම්ම්ම්ම්ම්ම්මා....කෙල්ලේ..

    ReplyDelete
    Replies
    1. :)

      එදායින් පස්සේ නලින් අයියා වල් වෙලාද මන්දා.. අපි කිව්වා කොල්ලො එක්ක බොන්න සැට් වෙනකොටම..

      Delete
  18. කොමඩ් සීන් එක නම් කුජීතයි!

    ReplyDelete
  19. චික් විතරක්. බලපිය ඉතින් ඉඳි ආප්ප කාලත් ඉවරයි. අර දිනූකයත් ඉතින් ඉඳි ආප්ප කෑවෙ මොනව එක්කද කියලා වැඩේ වර නගා ගත්තා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇයි බං මුන්ට කන්න බොන්න බැරි..

      පරිප්පු + සම්බෝල මාර රසයිනේ.. ඇයි මුන්ට කාප හැටියෙ පිට වෙන්නේ/

      Delete
    2. ඒකනේ බං! මගෙත් ෆේවරිට් ඈ! :)

      Delete
  20. දැන් ඉතින් සැමාට සිප ගැනීම් වලින් තොර ගායනයක් ගැන හිතා ගන්නත් බැහැ වගේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං ගායෙකුට ලැබෙන පන්නරය :ඩී

      Delete
  21. හි හි හී.. අපරාදේ ඉදි ආප්ප ටික..

    ReplyDelete
    Replies
    1. ආයෙ අරන් කන්න තිබ්බ :)

      Delete
  22. අන්වර්ථ නාමයකින් මගේ නමත් කියවෙයිද ඉදිරියට ?

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      සිංදුවක් කියන්න නොදී බාධා කරපු පුද්ගලයෙක් හිටියොත්.. සුදීකයා ගෙ නම තියෙයි :ඩී

      Delete
  23. කාලෙකින් උබ උබට පුරුදු අපිට දැනෙන නියම රහට පොස්ට් එකක් ලියල

    ඉතුරු ටිකත් ඉක්මනට දාපන්

    ReplyDelete
  24. බෙට්ටට පන දීමක්ද

    ReplyDelete
  25. හහහා.... ආතල් යකෝ මේක! :)

    කැරි ඔන්.. කැරි ඔන්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. මේක එතකොට අර අකුරෙන් අකුර පටන් ගත්ත එක වගේ එකක්ද? ;)

    ReplyDelete
  27. හරිම ජුගුස්සහජනක ආරම්භයක්. ඉස්සරහට බලමු තව කි සැරයක් කෑම කාවිද කියලා.

    මේ උඹට කියන්න හිටියේ උඹ කළු වෙලා.පරණ ෆොටෝස් වල හිටිය එකා වගේ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අඩෝව්.. මම දැන් සුදුයි හරිය.. එදා මගෙ මහන්සියට කළුවට පේන්න ඇත්තේ :ඩී

      මචං උබ ලියනව මදි ඈ...

      Delete
    2. වැඩ වැඩි මචං. රස්සාව කරන්නත් එපැයි..

      Delete
  28. සැමාට වැඩේ අල්ලල ගිහින් වගේ..ඔහොම යන් ලොක්කා....!

    ReplyDelete
    Replies
    1. අපිත් තැනකට එන්න එපැ අයියා...

      Delete
  29. ඔට්ටු ලෑ.......... පෝස්ට් එක සූටී........................ගර්................

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ආරම්භය නොවැ

      Delete
  30. Elu elu..rena-gate-master kenek ubath eee..?? :P

    ReplyDelete
  31. අළුත් අළුගුත්තේරු කතාවට සුභ පැතුම් ඔන්න..:D

    ReplyDelete
  32. හික් හික් හික් මොනා කියන්නද මන්දා බොල.

    ReplyDelete
  33. මේකා ඔක්කොම ප්‍රසිද්දියේම කියල දාල ...හි හි ,....මේ නං සෑමගේ ගෙට්ටුව දවසේ උන වැඩක්ම තමයි කතාවට නගන්න යන්නේ ... ..ඉස්සරහදි අහුවෙන්නේ නැතැ :D

    ReplyDelete
  34. ලියනඑක අතෑරලා සිංදු කියන්න යන්නද කල්පනාව

    ReplyDelete
  35. අනේ අයියේ..මේකෙ 6 වෙනි කොටස කියවන්න බෑනෙ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...