Saturday, March 2, 2013

චැනල් ෆෝ සහ කාලකන්නි පොලෝසිය.. !



ආණ්ඩුව චැනල් ෆෝ අල්ලාගෙන කෑ ගසන්නෝය. රටේ තොටේ පොඩි එකාගේ සිටන් හෙට මැරෙන්නට ඉන්නා මහල්ලා දක්වා කෑගසන්නේ චැනල් ෆෝ එකට විරුද්ධවය. එය අප්‍රමණ සත්‍යයක්ය. එසේම අවසන් ලේ බිංදුව බිම හෙලෙන තෙක් මරා ගත යුතු යුද්ධයක්ය. ලේ හෙල්ලීමක් නැතිව දිනූ යුද්ධයක් නැත්තේය. එදා තම ආරක්ෂක භටයන් මිය යද්දී දිවි ගලවාගෙන මහ රජු ලගට දිව ආ ගෝඨාභය යෝධයා පවා තම සුදු ඇදුමේ හැලී තිබූ ලේ බිංදු පෙන්නමින් මර බිය මකා සිනාසුනේය. ඒ පසෙක තම ආරක්ෂාවට සිට මිය ගිය ආරක්ෂක භටයන් පවා අමතක කරමින්ය. එසේම දින ගණනාවක් දැඩි සත්කාරයේ සිට නැවත සියළු හමුදාවට දිරි දෙන්නට දිවි ගලවාගත් සෙන්පතියාද තම ලේ මහපොලොවේ වැගුරුවේ යුද්ධය දිනීමටය. ඒ එදා යුද්ධය දිනීමට අවසාන ලේ බිංදුව දක්වා සටන් කරපු අයුරුය.

එදා ලේ හෙලමින් කළ යුද්ධය දැන් කරන්නේ කටේ අන්තිම කෙළ බිද හැලෙන තුරුය. ඉස්සර අවි ආයුධ වලින් කළ යුද්ධය දැන් කළ යුත්තේ කටේ බලයෙන්ය. ඒ උත්තර බැදීමෙන් හා පිස්සුවෙන් උමතුවෙන් කෑගැසීමෙන්ය. නැතිනම් ජය ගන්නට විදිහක් නැතිය. ඒ සදහා රට කෑ ගැසිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර රටක් ලෙස ලංකාව හැදින්වෙද්දී කට පියාගෙන සිටින එකෙක් සිටිය යුතු නැත්තේමය. ඒ නිසා කතා කළ යුත්තේමය. විමල් මාමාගේ සිට සිටින්නාවූ ඇමති සැට් එකම කතා කළ යුතුය. රටේ ජනතාව කතා කළ යුතුය. ඒත් අදින බෝඩ් එක පවා ලියැවිය යුත්තේ සිංහලෙන් නොව ඉංගිරිසියෙන්ය. ඒ පිළිබදව විමල් මාමා දැනුවත් කළ යුත්තේමය. දමිල ජනතාවගේ හිත සුව පිණිස දෙමලෙන් ජනතාව අමතන මහරජතුමාට ත්‍රිවිධ භාෂාවම පුලුවන් නිසා හොදය. 

ඒත් මෑතකදී මාර ආතල් වීඩියෝවක් මාධ්‍යයක පෙන්නුවේය. රජතුමා උතුරු පලාතට ගොස් සිටියේය. යාපනේ කැම්පස් කොල්ලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුනේ මොකක්දෝ වරදක් කළ නිසාය. එදා ඒ පිළබදව තිබුනු රැස්වීමකදී ඒ කොල්ලාගේ මව නැගිට දෙමලෙන් කතා කරමින් ඉල්ලා සිටියේ දරුවා නිදහස් කරන ලෙසය. රජුට එදා දෙමල අමතක වී තිබුනේය. පිළිතුරු දුන්නේ සිංහලෙන්ය. අම්මා දෙමලෙන්ද, රජු ඒ වචන හෙඩ් ෆෝන් එකෙන් අසාගෙන සිංහලෙන්ද පිළිතුරු දුන්නේය. මහා රැස්වීම් වල දෙමල කතා කරන ආකාරය පිළිබද මහා කුකුසක් නැගෙන්නේ ඒ වෙලාවටය. ඒවා වැඩක් නැතිය. මේ අවස්ථාවල කිව යුතු ඒවා නොවේය. රජුට ඉංගිරිසි විමල් මාමාට වඩා හොදින් පුලුවන් නිසා හොදය. දැන් රටට එරෙහි පොදු සතුරාට විරුද්ධව කෑ ගැසිය හැක්කේය.

චැනල් ෆෝ කිව්වේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියාය. අර කොහෙදෝ හිටි ත්‍රස්තවාදියෙක් මැරීම, හෝ ත්‍රස්තවාදයෙන් රටක් මුදවා ගැනීම වැරදී කියාය. කොහෙදෝ සැගව සිටිනා අල්කයිඩා උන් තලේබාන් උන් පාර මැද පෝලිමට තබා වෙඩි තැබීම ප්‍රජාතන්ත්‍රවාදීය. මොකද ඒවා කලේ සුද්දෝය. කොහෙදෝ සැගවී සිට දරුවන් මරන, පොලේ ගසන, බෝම්බ බැදගෙන පනින, ජනතාව, හමුදාව, පුජ්‍ය පක්ෂය අමු අමුවේ මැරූ කොටි කැලේ සිටියදී යුද්ධයේදි මිය යාම වැරදිය. මොකද මේවා කලේ සිංහලයෝ නිසාය. ඒ නිසා රටම චැනල් ෆෝ එකට එදිරි විය යුතුය.

රටම චැනල් ෆෝ එකට විරුද්ධව නම් පොලෝසිය ?

ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් ලෙස අප රට නම් කිරීමට ජාත්‍යන්තරය සූදානම් වෙද්දී පොලීසිය කරන්නේ ඔවුනට උදව් කරන ආකාරයේ ක්‍රියාදාමයන්ය. නීතියද එසේම බව නෙකියන්නේ කෙසේද? අමු අමුවේ පුද්ගලයෙකුට බිම දාගෙන පහර දෙන සිද්ධියක් අද රූපවාහිනී මාධ්‍ය වල උඩින් තිබූ පුවතක් වූවේය. බොදු බල සේනාව ගොස් පොලිසියේ රාජකාරයි භාරගනිමින් මාලිගාවත්තේද කොහෙදෝ සිටි ව්‍යාජ පූජකයෙක් අත්අඩංගුවට ගනිද්දී, කුලියාපිටියේද කොහෙදෝ පොලීසියක උන් එකෙක්ට බිම දාගෙන පහර දෙන්නෝය. මූණට තඩි බෑවේ බැටන් පොල්ලක් බදු වු එකකින්ය. උන් එහෙව් සාමාන්‍ය එකෙක්ට පහර දී හෝ සතුටක් ලැබුවාට කමක් නැත්තේ යැයි සෑමාට හැගෙන්නේය. ඒ උන්ගේ ආතල් එකය. ඩී.අයි.ජී පුතාට ඇමති පුතා පහර දෙද්දී පොලෝසියෙන් ගුටි කන්නට ද උන් සිටිය යුතුය. ඒ නිසා ජනතාවට බිම පෙරලාගෙන පහර දිය යුත්තේය. නැතිනම් ලොකු තැන් වලින් කන ගුටි වලට තැලුණු අත පය දිග හැර ගන්නට ඉඩක් නැත්තේමය. 

චැනල් ෆෝ ලංකාව අපකීර්තිමත් කරන්නට සැරසෙද්දි ඊට එදිරිව පෙළ ගැසෙන්නේ ජනතාව නම්, ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බවට ලේබල් ගැසෙන මට්ටමට වැඩ කරන උන් පත්කරන්නේ ද ජනතාව නම්, ඒ ජනතාවට පහර දෙන්නේ පොලෝසිය නම්, ඒ පොලෝසියට පත් වීම් දෙන මහ එවුන් එලවා දැමිය යුත්තේද ජනතාව යැයි, ජනතාව වටහා ගන්නේ ලංකාව හංවඩු ගැහුණු පසුවද ?

sAm ශ්‍රී Perera_09:30pm_02/03/2013

55 comments:

  1. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් වෙනවාට මම නම් මාර කැමතියි.. ඔය උලව්ව හින්දා තමා මුකුත්ම කරන්න බැරි.. හැබැයි එතකොට පවුල් බර නැති, රටට හිතවත්, අවංක, විශ්වාසී, විනය ගරුක, නිර්භීත, නොදූශිත පාලකයෙක් ඕනා වෙනවා..

    කරුමෙට එහෙම උන් මේ පොලවෙ ඉපදෙන්නෑ.. ඉපදුනත් ඌ පුටුවට ගියාට පස්සෙ ඔය ඔක්කොම ලක්ෂණ අනිත් පැත්ත හරවා ගන්නවා බොහොම ටික කාලෙකින්ම..

    මෙතනදි අපි ඔක්කොම අමතක කරලා චැනල් ෆෝ එකටයි, උන්ට උල්පන්දම් දෙන අර අජූත කටක් තියන ගෑණිටයි එරෙහිව පෙල ගහෙන්න ඕනා වුනාට අපේ උන් තාමත් දෙපැත්ත බෙදිලා ගහ ගන්නවා.. චැනල් ෆෝ එක කියන හැම එකක්ම අකුරක් නෑර සත්‍යයි කියලා සාක්ෂි දෙන්න පුළුවන් සිංහල උන් ලක්ශයක් විතර උන්ට ඕනා නම් සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්..එතනදි අපේ අය රට බල්ලට ගියත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින මහා සත්‍ය වාදියො.

    ReplyDelete
    Replies
    1. //ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් වෙනවාට මම නම් මාර කැමතියි.. ඔය උලව්ව හින්දා තමා මුකුත්ම කරන්න බැරි//

      බම්බුව තමයි! ලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටචාරි වැඩියි

      @සැමා - නියම ලිපිය

      Delete
    2. //මෙතනදි අපි ඔක්කොම අමතක කරලා චැනල් ෆෝ එකටයි, උන්ට උල්පන්දම් දෙන අර අජූත කටක් තියන ගෑණිටයි එරෙහිව පෙල ගහෙන්න ඕනා//

      අපි පෙල ගැහුණා කියල අහවල් ඉටි ගෙඩියක් කරන්නද , රට වෙනුවෙන් පෙල ගැහෙන්න තමයි ඡන්දේ දීල ආණ්ඩුවක් දාල තියෙන්නේ . චැනල් 4 එකයි ඔය කියන ගැනියි නෙවෙයි ප්‍රශ්නේ අපිට විරුද්ධව ඡන්දෙ දෙන්න බලාන ඉන්න රටවල් 30 ඇයි ඒ තත්වයට පත්වුනේ කියන එක . රට වෙනුවෙන් ආණ්ඩුව වටා පෙලගැහියව් කියන්නේ රටට වෙන අනතුරෙනුත් දේශපාලන වාසි ගන්න හදන එක උඹලත් ඒ ලණු රෝල් පිටින් ගිලිනවා

      Delete
    3. කොහොම උනත් ආණ්ඩුව චැනල් 4 එකට බැන්නාට එහි විකාශන ගැන හරි කැමැත්තෙන් ඉන්නේ. එකෙනුත් පුළුවන් රටේ ප්‍රශ්ණ යම්තරමකින් හෝ වසා ගන්න. චැනල් 4 ඉවර වෙන විට තව චැනල් එකකට (මාතෘකාවකට) මාරු වෙයි.
      අපේ සමහර ජනතාව බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව දැන් ලෝක පූජිත වෙයි කියා....

      Delete
    4. //ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් වෙනවාට මම නම් මාර කැමතියි..//
      මේ වර්ථමාන තත්වය වගේද බං?

      //කරුමෙට එහෙම උන් මේ පොලවෙ ඉපදෙන්නෑ.. ඉපදුනත් ඌ පුටුවට ගියාට පස්සෙ ඔය ඔක්කොම ලක්ෂණ අනිත් පැත්ත හරවා ගන්නවා බොහොම ටික කාලෙකින්ම..//
      ගොඩක් නරක උන්ගෙන්, නරක අඩුම එකා පත් කිරීම සාර්ථක ක්‍රමයක් මචං !

      //චැනල් ෆෝ එක කියන හැම එකක්ම අකුරක් නෑර සත්‍යයි කියලා සාක්ෂි දෙන්න පුළුවන් සිංහල උන් ලක්ශයක් විතර උන්ට ඕනා නම් සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්..එතනදි අපේ අය රට බල්ලට ගියත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින මහා සත්‍ය වාදියො.//

      මෙතනදී මම බුවා කියපු ටිකට එකගයි මචං. අපේ බුද්ධිමත් ජනතාව බහුතරයක් තෝරා පත් කරගත් ජනතා නියෝජිතයො කියන උන් ඉන්නෙ අපෙ බද්දෙන් සැප ගන්න විතරක් නෙවේ. මේවාට විරුද්ධව වැඩ කරන්න කියල උන්ට තේරෙන්නෝනි.

      @නිර්මලා - මේක උන් ආපු දවසෙ ඉදන් කරන එක නේ.. එදා වේල ටුවර්ස් !

      ජය !

      Delete
  2. මේක ප්‍රජාතන්ත ද මොකද්ද එක තියන මෙව්වා එකක්ද කිඉයන සැකේ තමයි බං දැන් තියෙන්නේ! කොහොමත් අපේ උන් යන අතට එහෙයි කියන නිසයි මේ ප්‍රශ්නේ!

    ReplyDelete
  3. නියමයි මචං. එත් මේ වගේ ලිපිය සිංහල බ්ලොග් කියවන කිහිප දෙනෙකුට නොවෙයි තවත් එහාට යවන්න ට්‍රයි කරපන්.

    ජයෙන් ජය.!!

    ReplyDelete
    Replies
    1. එච්චර දුර ගියොත් සැමාට මක් වෙයිද බං ?

      ජය !

      Delete
  4. මචං උඹ වගේ ලියන තව උන් දහයක් හිටිය නම්!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මෙව්වා ඉහල ඇත්තොත් කියවනවනං නේද?

      Delete
  5. මේවනං තනිකරම ප්ලෑන් කියලා තමයි මමනං හිතන්නේ.ලොක්කා පෙට්‍රල් ගණං වැඩි කරනකොට ගාණට ඒක අමතක වෙන්ඩ චැනල් ෆෝ එකෙං ආතල් එකක් දෙන එකේ ගැලපීම බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඇයි හලාල් ?

      ඩීසල් හලාල් | පෙට්ට්‍රල් හරාම් !

      ජය !

      Delete
  6. මේක සැමා ලිව්ව නිසයි කොමෙන්ට් එකක් දාන්නේ. මොකෝ ඌ මහත්මයෙක් කියලා දන්න නිසා. ඔය ජිනීවා වලදි මුකුත් වෙන්නෙ නෑ. එකසත් ජාතින්ගේ සංවිධානයටත් කර පුළුවන් ඉටි ගෙඩියක් නැති එකේ, ජිනීවා ගැන කවර කතාද....? ඔය ඔක්කෝම රස්සාවක් කරන්නේ. ඇත්තටම බැළුවොත් ඔය සංවිධානයම මාෆියාවක්. මාෆියාවල උනුත් ප්‍රකෝටිපතියෝ වගේම. මේකෙත් මාර පඩි. හරි පවර්ෆුල්. අපි යුද්දෙදි මානව හිමිකම් උල්ලංගනය කරයි කියනව නම් ඊට ඉස්සෙල්ලා ඇමරිකාවටයි ඒංගලන්තෙටයි යුරෝපා සංවිධානෙටයි වලිය අදින්න එපයි. මාස් ඩිස්ටෘක්ෂන් වෙපන් තියෙනවයි කියලා තෙල් ටික ගන්න ලක්ෂ ගානක් මරා දැම්මට. අදටත් මාල දානවට.

    ඔතන භයානක කම තියෙන්නේ, ඇමරිකාව ගේම අදින එක. මොකක්ද හේතුව, චීනෙට ඇල්ලීම, ඇත්තටම ඇමරිකාව එක්ක ෆිට් උනානම් ජාත්‍ය්නතර වශයෙන් අපිට එල්ල වෙන බලපෑම් එල්ල වෙන්නෙම නෑ. ඒක අපේ විදේශ ප්‍රතිපත්තියේ ගොන්කම හා නොදන්නාකම. එහෙමනම් ජීවත්වෙන්න ගන්න ණය උනත් මීට වඩා අඩු පොලියට ගන්න තිබුනා. ඒ නැතත් ආයෝජකයෝ ඇවිත් රට සීග්‍ර දියුණුවකට ලක්වනවාමයි, චීනයේ ඇජෙන්ඩා එක දැන් නම් ආන්ඩුවට තේරිලා තියෙන්නේ. දැන් උනත් ඇමරිකාව එක්ක ෂෙප් උනානම් මුකුත් නෑ.

    ඒ කියලා, මම හිතන්නේ නෑ මුකුත් වෙයි කියලා. ළෝකෙන් උතුම් රට කිව්වට, මෙහේ තෙල් තියා රත්තරන් වත් නැති නිසා. ඩ්‍රාමා එක ආයිත් අවුරුදු දෙකකින් කස්ටියම රඟ දක්වයි, එච්චරයි. ඒත් ඉතින් මෙහෙම දේකුත් කියන්න ඕන. මේ පෝස්ට් එකත්, බම්බු සිරිසේන මධ්‍ය ප්‍රකාෂය වගේ. මර්වින් සිල්වාගෙ පුත කලොත්, හෙලාදකිනවා, එයාගේ පුතා කලාම ඒක කොලුකම. එතනදි තියෙන්නේ මේ හදවතට එකඟවද කතා කරන්නෙ කියලා. සැමාට රිදෙන්නේ ආන්ඩුව නිස නෙමෙයි අපේ සරත් මහත්තයා නිසා. (ජෙනරාල් කෑල්ලත් අරන් දැම්මා නේ.) නවනීදන් කියන්නෙ බොරු නම් අපි කියන්නෙ ඇත්ත වෙන්න ඕන, අපි කියන්නෙ බොරු නම් නවනීදන් කියන්නෙ ඇත්ත වෙන්න ඕන. ඒත් අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා. ඇන්න එතනයි ඇත්ත ගැටුම තියෙන්නේ. ඇත්ත මේවට කතාකරන්න ඕන එකා, ළෝකේ තියෙන බලගතුම රාජ්‍යයේ චාරිකාවක් ගිහින්, සමහර විට එක චන්දයක් ගන්න වෙන්න ඇති. දන්නවද කවුද කොහේද කියලා. ගොන් ජී ඇල් පලස්තීනේ ගිහින්, ඕන් අපේ විදේශ ප්‍රතිපත්ති, මෙහෙම ගොන්නු එක්ක ඉන්නවට, අපි හිනාවෙනවද... අඬනවද...?

    ReplyDelete
    Replies
    1. ** කමෙන්ට් එක රිප්ලයි කරන තැන නෙවෙ දාල තිබ්බේ :/

      //ඔය ජිනීවා වලදි මුකුත් වෙන්නෙ නෑ. එකසත් ජාතින්ගේ සංවිධානයටත් කර පුළුවන් ඉටි ගෙඩියක් නැති එකේ, ජිනීවා ගැන කවර කතාද....?//

      ජිනීවා වලදි මුකුත් වෙන්නෙ නැහැ. ඒත් ජිනීවා වලදී මේ ප්‍රශ්නෙ ඇදෙන එකෙන් අපේ රජයට ජීවත් වෙන්න පුළුවන්, ටික කාලයක්, ජනතාව ජාත්‍යාලයෙන් පුබුදුවලා !

      //චීනෙට ඇල්ලීම, ඇත්තටම ඇමරිකාව එක්ක ෆිට් උනානම් ජාත්‍ය්නතර වශයෙන් අපිට එල්ල වෙන බලපෑම් එල්ල වෙන්නෙම නෑ. ඒක අපේ විදේශ ප්‍රතිපත්තියේ ගොන්කම හා නොදන්නාකම.//

      ඇමරිකන් විරෝධයෙන් පිම්බිලා ඉන්න කාලකන්නි ඇමතිලා ලොක්කාව උසි ගන්වන තාක්කල් ඇමරිකාවෙන් සපෝට් එකක් ගන්නවා බොරු. අනික ඔය කෑගහන ඇමතිලාගේ පුහු මානය, නිසා ඇමරිකාව අපිව පයිසෙකට ගනන් ගන්නෙ නැහැ. ලංකාවේ තැනක් නැතුවට ජාත්‍යන්තරේ රනිල් මාමාට තැනක් තියෙන්නේ මොනව වුණත් පොරගේ දක්ෂතාවය නිසා.

      //ඒ කියලා, මම හිතන්නේ නෑ මුකුත් වෙයි කියලා.//

      ඇයි මුකුත් කරන්න බැරි. යූ.ඇන්.පීය කාලෙ තිබ්බ විදේශ ප්‍රතිපත්තියේදි ඇමරිකාව ලංකාව ගැන හොයල බැලුවෙ නැද්ද? දැන් වෙනසක් කලොත් අපිට හැදෙන්න පුලුවන් වෙයි. ඒත් දැන් ඉන්න ගොං හැත්ත ඒක කරයිද??

      //මේ පෝස්ට් එකත්, බම්බු සිරිසේන මධ්‍ය ප්‍රකාෂය වගේ. මර්වින් සිල්වාගෙ පුත කලොත්, හෙලාදකිනවා, එයාගේ පුතා කලාම ඒක කොලුකම. එතනදි තියෙන්නේ මේ හදවතට එකඟවද කතා කරන්නෙ කියලා. සැමාට රිදෙන්නේ ආන්ඩුව නිස නෙමෙයි අපේ සරත් මහත්තයා නිසා.//

      ජනරාල්ට ඡන්දය දුන්නේ ඔහුට යමක් කරන්නට අවස්ථාවක් දෙන්න. සැබැවට ඔහු දින්නා. ඒක උදුරාගත්තා. සෑමාට තියෙන්නේ මේ කාලකන්නි ආණ්ඩුව එක්ක තියෙන තරහවක් මිස, ජෙනරාල් නිසා එන රිදීමක් නෙවේ. ජෙනරාල්,රනිල්,හරි ජවිපෙ හරි හොද රැල්ලක් එක්ක කඩාගෙන ආවොත් ඒ පැත්තට කතිරෙ ගහන්න සෑමා මැලි වෙන්නෙ නැත්තේ මේ අසික්කිතයෝ ටික එලවන්න ඕන නිසා මිසක හිතේ ඉන්න එකා රජ කරවන්න නෙවේ.

      //ඇත්ත මේවට කතාකරන්න ඕන එකා, ළෝකේ තියෙන බලගතුම රාජ්‍යයේ චාරිකාවක් ගිහින්, සමහර විට එක චන්දයක් ගන්න වෙන්න ඇති. දන්නවද කවුද කොහේද කියලා. ගොන් ජී ඇල් පලස්තීනේ ගිහින්, ඕන් අපේ විදේශ ප්‍රතිපත්ති, මෙහෙම ගොන්නු එක්ක ඉන්නවට, අපි හිනාවෙනවද... අඬනවද...?//

      එකක් ගන්න අනිත් ඡන්ද කීයක් කඩා ගන්න දගලනවද කියල මටත් තේරුණා. ඒක ජී.එල් ගෙ වරදද? මහ එකාගෙ වරදද? ජී.ඇල් යූ.ඇන්.පියෙදි හොදට වැඩ කලේ නැද්ද? අර මෑතකදි කස්ටිය කෑ ගැහුවේ මූල්‍ය ප්‍රතිපත්තිය වැරදී කියල එකෙක්ට, එතැනදිත් වැරද්ද පැට වෙන්න ඕනෙ ඒකව පත් කරපු එකාගෙ පිටට. මහඑකා පත්කරනවා. මහඑකා කියන විදිහට වැඩ කරනවා. කෙලවගත්තම තනතුර ගත්ත එකාට බනිනව.

      // මෙහෙම ගොන්නු එක්ක ඉන්නවට, අපි හිනාවෙනවද... අඬනවද...?//
      බුද්ධිමත් ජනතාවගේ තේරීම නේද?

      ජය වේවා මාතලන් !

      Delete
    2. //මොකෝ ඌ මහත්මයෙක් කියලා දන්න නිසා//

      Delete
    3. ඉරිසියාකාරයෙක් මැද්දෙන් පැනලා :(

      Delete
  7. //ඔය ජිනීවා වලදි මුකුත් වෙන්නෙ නෑ. එකසත් ජාතින්ගේ සංවිධානයටත් කර පුළුවන් ඉටි ගෙඩියක් නැති එකේ, ජිනීවා ගැන කවර කතාද....?//

    ජිනීවා වලදි මුකුත් වෙන්නෙ නැහැ. ඒත් ජිනීවා වලදී මේ ප්‍රශ්නෙ ඇදෙන එකෙන් අපේ රජයට ජීවත් වෙන්න පුළුවන්, ටික කාලයක්, ජනතාව ජාත්‍යාලයෙන් පුබුදුවලා !

    //චීනෙට ඇල්ලීම, ඇත්තටම ඇමරිකාව එක්ක ෆිට් උනානම් ජාත්‍ය්නතර වශයෙන් අපිට එල්ල වෙන බලපෑම් එල්ල වෙන්නෙම නෑ. ඒක අපේ විදේශ ප්‍රතිපත්තියේ ගොන්කම හා නොදන්නාකම.//

    ඇමරිකන් විරෝධයෙන් පිම්බිලා ඉන්න කාලකන්නි ඇමතිලා ලොක්කාව උසි ගන්වන තාක්කල් ඇමරිකාවෙන් සපෝට් එකක් ගන්නවා බොරු. අනික ඔය කෑගහන ඇමතිලාගේ පුහු මානය, නිසා ඇමරිකාව අපිව පයිසෙකට ගනන් ගන්නෙ නැහැ. ලංකාවේ තැනක් නැතුවට ජාත්‍යන්තරේ රනිල් මාමාට තැනක් තියෙන්නේ මොනව වුණත් පොරගේ දක්ෂතාවය නිසා.

    //ඒ කියලා, මම හිතන්නේ නෑ මුකුත් වෙයි කියලා.//

    ඇයි මුකුත් කරන්න බැරි. යූ.ඇන්.පීය කාලෙ තිබ්බ විදේශ ප්‍රතිපත්තියේදි ඇමරිකාව ලංකාව ගැන හොයල බැලුවෙ නැද්ද? දැන් වෙනසක් කලොත් අපිට හැදෙන්න පුලුවන් වෙයි. ඒත් දැන් ඉන්න ගොං හැත්ත ඒක කරයිද??

    //මේ පෝස්ට් එකත්, බම්බු සිරිසේන මධ්‍ය ප්‍රකාෂය වගේ. මර්වින් සිල්වාගෙ පුත කලොත්, හෙලාදකිනවා, එයාගේ පුතා කලාම ඒක කොලුකම. එතනදි තියෙන්නේ මේ හදවතට එකඟවද කතා කරන්නෙ කියලා. සැමාට රිදෙන්නේ ආන්ඩුව නිස නෙමෙයි අපේ සරත් මහත්තයා නිසා.//

    ජනරාල්ට ඡන්දය දුන්නේ ඔහුට යමක් කරන්නට අවස්ථාවක් දෙන්න. සැබැවට ඔහු දින්නා. ඒක උදුරාගත්තා. සෑමාට තියෙන්නේ මේ කාලකන්නි ආණ්ඩුව එක්ක තියෙන තරහවක් මිස, ජෙනරාල් නිසා එන රිදීමක් නෙවේ. ජෙනරාල්,රනිල්,හරි ජවිපෙ හරි හොද රැල්ලක් එක්ක කඩාගෙන ආවොත් ඒ පැත්තට කතිරෙ ගහන්න සෑමා මැලි වෙන්නෙ නැත්තේ මේ අසික්කිතයෝ ටික එලවන්න ඕන නිසා මිසක හිතේ ඉන්න එකා රජ කරවන්න නෙවේ.

    //ඇත්ත මේවට කතාකරන්න ඕන එකා, ළෝකේ තියෙන බලගතුම රාජ්‍යයේ චාරිකාවක් ගිහින්, සමහර විට එක චන්දයක් ගන්න වෙන්න ඇති. දන්නවද කවුද කොහේද කියලා. ගොන් ජී ඇල් පලස්තීනේ ගිහින්, ඕන් අපේ විදේශ ප්‍රතිපත්ති, මෙහෙම ගොන්නු එක්ක ඉන්නවට, අපි හිනාවෙනවද... අඬනවද...?//

    එකක් ගන්න අනිත් ඡන්ද කීයක් කඩා ගන්න දගලනවද කියල මටත් තේරුණා. ඒක ජී.එල් ගෙ වරදද? මහ එකාගෙ වරදද? ජී.ඇල් යූ.ඇන්.පියෙදි හොදට වැඩ කලේ නැද්ද? අර මෑතකදි කස්ටිය කෑ ගැහුවේ මූල්‍ය ප්‍රතිපත්තිය වැරදී කියල එකෙක්ට, එතැනදිත් වැරද්ද පැට වෙන්න ඕනෙ ඒකව පත් කරපු එකාගෙ පිටට. මහඑකා පත්කරනවා. මහඑකා කියන විදිහට වැඩ කරනවා. කෙලවගත්තම තනතුර ගත්ත එකාට බනිනව.

    // මෙහෙම ගොන්නු එක්ක ඉන්නවට, අපි හිනාවෙනවද... අඬනවද...?//
    බුද්ධිමත් ජනතාවගේ තේරීම නේද?

    ජය වේවා මාතලන් !

    ReplyDelete
  8. මට නං යාපනේ කැම්පස් කොල්ලගේ සිද්ධියේදි ජනාධිපති තුමා කරපු ප්‍රකාශ ගැන නං තියෙනෙන්නේ ලොකු පිලිකුලක්. විමල් වගේ කෙනෙක් ඔය ඒගේ කතාවක් කිව්වනං හිත හදා ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      නැතුව.. එදා ලොක්ක පොලිසියට කියනවා ලමයා හොදට බලා ගන්නව නම්, අදම එයාව එලියට දාන්න කියල. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා නීතිය කොච්චර දුරට සාර්ථකව ඉටු වෙනවද කියල. කුකුල් කොටුවක් හරක් මඩුවක් බලා ගන්නව වගේ හිතුන හිතුන විදිහට වැඩ කරන එක මාර ආතල්.

      ඒක මට නාට්‍යක් වගේ :)

      ජය !

      Delete
  9. මේ ඔක්කොම රඟපෑමක් සැමෝ. හැම එකාම තමන්ගේ බලය පවත්වාගන්න තමයි ට්‍රයි කරන්නේ. හැබැයි මේ සැරේ ගිය අවුරුද්දේ තරම්ම විරෝධතා, උපවාස පේන්න නෑ නේද? මේ ඔක්කොටම ප්‍රධාන හේතුව හරිහමන් විපක්ෂයක් කියල එකක් නැතිකම. නිව්ටන් කියල තියනවනේ "බාහිර ප්‍රතිරෝධයක් එල්ලවන තාක් කල් වස්තුවක් සරල රේඛිය මාර්ගයක් ඔස්සේ ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වේ" කියල. අවශ්‍ය තරම් බාහිර ප්‍රතිරෝධයක් දෙන්න පුළුවන් බලවේගයක් හැදුනොත් මේ ගමන නවත්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි නියම කතාව.

      Delete
    2. රජය පිස්සු කෙලිනකොට, හරි හමං විපක්ෂයක් නැති කොට, ජනතාව තමා විපක්ෂය වෙන්නෝනි. අපේ එවුන්ට එහෙම වෙන්න මොල ගෙඩියක් නැහැනෙ බං. අනේ හපොයි ගගා සාප කර කර ඉන්නව විතරයි. ඡන්දෙ දීපු උන්වත් සිද්ධ වෙන වැරදි තේරුම් ගන්නවද??

      ජය !

      Delete
  10. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

    ඔන්න ඔහොමයි කියන්නෙ - http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියෙනව බං !

      ජය වේවා !

      Delete
  11. අනේද කියන්නෙ. මුන් ඔක්කොම දේවල් කියන්නෙ අපිට. හරියට අපිට කරන්න පුලුවන් කෙංගෙඩියක් තියනව වගේ. මෙහේ ඇත්තටම වෙන දේවල් යූ.එන්. එක දන්නව නම් {පොලීසියෙ හැටි, මැති ඇමති වරුන්ගෙ හැටි} මුන් ඔය කේස් එක අත ඇරල දාල හුඟක් කල්. මොකද අපිට ආයි වෙනම දඬුවම් දෙන්න දෙයක් නැති හින්ද. ඒක අපේ දේශපාලඥයො යස අගේට කරනවනේ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උන් මේව දන්නව බං. ඒව ඔක්කොම අල්ලගෙන තමා ඔයා දගලනව ඇත්තෙ.

      ජය වේවා !

      Delete
  12. මිනිහෙක්ට පොලිසීයේ උදවිය බිම පෙරලගෙන ගහන ප්‍රවෘත්තිය මමත් දැක්කා. පුදුම විදිහට කලකිරුනා. ඉතින් ඕවා දකින චැනල් ෆෝ උදවියට හදන්න කතා මතුවෙන එක අහන්නත් දෙයක්ද

    ReplyDelete
    Replies
    1. දැන්වත් උගත් මිනිස්සු පොලෝසියට ගත්ත නම් ඔය වැරදි සිද්ද වෙන එකක් නැහැ !


      ජය !

      Delete
  13. නියමයි සැමා....මට තියන ගැටලුව තමයි මේ උඹ කියන දෙය ඇත්තටම බහුතරයට තේරෙන්නේ නැති එකද නැත්නම් තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දීපු උන් ඇටිකෙහෙල් කාලා වගේ බලන් ඉන්නවා.
      නොදීපු උන් තේරුණත් නොතේරුණ වගේ බය වෙලා බලන් ඉන්නවා

      ජය වේවා !

      Delete
  14. ...................................... බලධරයා විසින් කාපං හරින ලදී.

    ReplyDelete
  15. ඔය වනල තියෙන්නෙ. අනේ ඔන්න මම නම් ඔය දේශපාලන කතන්දර ගැන දැන් මොකුත් කියන්නෙ නෑ, වාදයක් එහෙම ඇදුනොත් පැනල යන්නයැ, පැල් බැඳගෙන කොටපන්කො ඉතිං. කමෙන්ට් කොටලම එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා නේද බං /

      ජය !

      Delete
  16. Replies
    1. ලෝකෙටම පිස්සු නැහැනේ..

      ජය !

      Delete
  17. ජිනීවා ඕකත් අර සාක් සමුළුව වගේ තමයි. අමුතුවෙන් වෙන ලබ්බක් නෑ.

    මේ ආණ්ඩුව මකබාවලා දාන්න ඕන බව ඇත්ත, ඒත් ඊ ළගට එන ආණ්ඩුවෙත් ඉන්නෙ මුන්ම නෙ....

    ReplyDelete
    Replies
    1. අර හැමදාම දිනන පැත්තට පනින 17 ගැනද බං කියන්නෙ ?

      ජය !

      Delete
  18. අනේ මංදා අපිට පිස්සුද එයාලට පිස්සුද කියලා. කවුරු ආවත් එකයි සෑම්.. කවදාවත් සාමාන්‍ය මිනිස්සුන්ට සැනසීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. වැරදි අඩුම, නරක අඩුම එකා පත් කළොත් ?

      Delete
    2. එහෙනම් ඉතින් උඹව තමයි පත්කරන්ඩ වෙන්නෙ.. :D මොකෝ කියන්නෙ ?

      Delete
  19. මේ ප්‍රශ්ණ එද්දී වැඩියෙන්ම පාඩු මේ උඹ අපි වගේ මිනිස්සුන්ට.. මොකෝ දන්නවද? ප්‍රශ්ණ අස්සේ බඩු වල මිල ඉහල යනවා බං අපිට හොරාම..

    ReplyDelete
    Replies
    1. වැරදි වහන්නාවු ප්‍රශ්න !

      ජය !

      Delete
  20. මම මේක කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. සුදීකයා තරහ වෙලාද මන්දා ;0)

      ජය !

      Delete
  21. ලංකාවේ පොලිසිය ගෞරවනීය තැනක් විදිහට දකින්න අපිට කවදා පුළුවන් වෙයිද දන්නේ නෑ (අතලොස්සක් පොලිසි ගෞරවනීය විදිහට තිබුනත් එහෙම එකක් හොයා ගන්න එක කළුනික හොයනවට වඩා අමාරුයි)

    ReplyDelete
  22. මම ඒකනේ කියන්නේ ලංකාවේ පොලිසියේ වැඩිහරියක් ඉන්නේ කකුල් දෙකේ සුනඛයෝ කියල.

    ReplyDelete
  23. ලංකාවේ ජනප්‍රියම නාලිකාව චැනල් 4.
    පොලිසිය කියන්නෙත් අහසෙන් බැහැපු උන් ඈ උනුත් ලංකාවේම මිනිස්සුනේ.ලංකාවේ ඔක්කොම එකයි නැට්ටේ ඉඳන් ගොම.එකෙක් ගාවවත් එකමුතු කමක් නැහැ ජාතියක් ගැන කැක්කුමක් නැහැ.තියෙන්නේ මමත්වය විතරයි.මගේ ගේ මගේ ආගම මගේ සිංහල මගේ සහෝදරයින් එච්චරයි.

    ReplyDelete
  24. කෑ ගහන තරමෙන් හිතාගත්තෑකි...අනිවා මොනව හරි ආයිත් වැඩිවෙනව..!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...