ඉස්සර කාලේ, ඒ කියන්නේ මීට වසර හයකට වඩා ඉහත කාලයේ පාසල් දරුවෝ වාර පරීක්ෂණ වලදී කොපි කළෝය. මුල්ම කාලයේ තිබුණේ වාර පරීක්ෂණ ක්‍රමයක් නිසා පන්ති කාමර විභාගයකට සුදුසු අයුරින් සැකසෙන්නේය. ඉන්පසු සෙක්ෂන් එකේම සිසු සිසුවියන් එක එක තැන්වල හිදවා විභාගය පැවැත්වෙන්නේය. ඒ මගින් එක් එක් සිසුන්ගේ අධ්‍යාපනික මට්ටම නිසි අයුරින් මැනෙන්නේය. එහෙත් ඒ මිනුම් දණ්ඩට එරෙහිව සිසුන් නැගී සිටියෝය. ඒ කොප්ප ගැසීම හෙවත් අනිත් එවුන්ගෙන් කොපි කිරීම මගින්ය. දැන් කාලේ නම් කිසිම අවුලක් නැතිය. කොපි කළ යුතු නැතිය. පේපර් එක එළියට එන්නට පෙර දරුවන් එහි ඇති ප්‍රශ්න දන්නෝය. ඒ නිසා විභාග පවත්වන පිරිස දරුවන් උත්තර ලියුවත් නැතත් එම ලීක් වූ ප්‍රශ්න වලට නොමිලේ ලකුණු දෙන්නෝය. අනේ සෑමාට නැවත ඉස්කෝලෙ යන්නට හිතෙන්නේ එවිටය.
පසු කලෙක ඇගයීම් ක්‍රමය ආ නිසා කොප්ප ගැසීම තවත් පහසු වූවේය. ඇගයීම් පැවැත්වුනේ විභාගයක් ආකාරයට ඩෙසක් පුටු සැකසීමෙන් අනතුරුව නොවන නිසා සිසුන්ට එය මහා සහනයක් වුවේය. පන්තියේ හිදගෙන ඉන්න අතරම ගුරුතුමා හෝ ගුරුතුමිය අද ලමයි අපි ඇගයීමක් තියනවා කියන්නේය. එවිට දරුවන් එයට සූදානම් වන්නෝය. තමා ඒ විශය හදාරන පොතේම මැද පිටුවේ ඇගයීම් ප්‍රශ්න පිටපත් කොට ගෙන ඒ පොතේම මුල් පිටු පෙරලමින් බලා ලියන්නෝය. ඒ ක්‍රමයෙන් ඇගයීම් පත්‍රිකාවේ කළු, කහ, කොළ, රතු බෝල ඇදෙන්නේය. රතු පාට නම් හොද ඒවාය. කළු පාට නම් අන්තිම දුර්වලය. මේ ක්‍රමය නිසා දරුවන්ගේ පොත් වල මැද පිටු බලා සිටියදී අඩු වූවේය. මන්ද එක විශයකින් වසරකට ඇගයීම් 10ක් පමණ තැබෙන නිසාය.
සමහරු කොප්ප ගැසීමට කැමතිය. එහෙත් කොප්ප ගසනවා යැයි කීමට ඇකැමැතිය. සුළුතරයක් අය කොප්ප ගැසීමට බයය. කොප්ප ගැසීමේදි විටක තමා පිළිතුරු ලියු පත්‍රිකාව පිටින්ම තම මිත්‍රයාට දීම සිරිතක්ය. එවිට එම පත්‍රිකාව තමා ලගට නැවත එනතුරු සපෝට් කරන්නා සිටින්නේ ගැහෙන හදවතින්ය. දිනක් සෑමා තම මිතුරෙකුට පිළිතුරු පත්‍රිකාව දුන්නේය. එකී මිතුරා කොපි කිරීමට බයය. සෑමා අත ලගටම දිගු කළ පත්‍රිකාව මිතුරා බිම වට්ටා ගත්තේය. ඉන් තවත් බය වු මිතුරා පත්‍රය අතට නොගෙන ඒ දෙස බලමින්, වටපිට බලමින් සිටියේය. ඒ සමගම ක්‍රියාත්මක වූ ඔහුට පිටුපස සිටි තවත් මිතුරෙකු නැගිට ගොස් පිළිතුරු පත්‍රිකාව අතට ගෙන ඉවර වෙනතුරු ලිව්වේය. පෙරකී මිතුරා ලැජ්ජා බය පැත්තකට දා කොපි කළ යුතු බව එදා ඉගෙන ගත්තේය.
විටෙක කොපි කර මාට්ටු වූ විටක දඩුවම් විදින්නේ කොපි කළ එකා නොව, පෙන්නපු එකාය. එවන් අසාධාරණයකට ගොදුරු වීම මහා ඛේදවාචකයක්ය. ඒ ලෙවල් කාලේ පැවති වාර විභාගයකින් අපේ මාකා, ගලයාගෙන් කොපි කරමින් සිටියේය. ගලයා එහා පැත්තේ සිටි හර්ක්යුලිස්ගෙන් කොපි කරමින් සිටියේය. මෙකී කොප්ප ගැසීමේ දාමයේ අවසන් පුරුක වූයේ මාකාය. ගලයා සපෝට් එක ගත්තේද හර්ක්යුලිස්ගෙන්ය. එසේ තිබියදී මාකා පන්තිභාර සර්ට අසු වූවේය. එවිට සර් සිතුවේ කොප්ප ගසන්නේ මාකා නොව ගලයා කියාය. සර් වහා ක්‍රියාත්මක වී ගලයාට කෑ ගසා ඔවුව භෞතික විද්‍යාගාරයේ තනි කළේය. එතෙක් වෙලා හර්ක්යුලිස්ගේ සහය පැතු ගලයා අසරණ වූයේය. හුදෙකලා වූවේය.
විටක සරල උපක්‍රම මගින් කිසිවෙකුගේ සහය නොගෙන කොපි කිරීමට දරුවන් උත්සාහ කරන්නේය. එ සදහා කුඩා කොළ කැබලි හෙවත් ඥාන පටි, එහෙමත් නැතිනම් ඩෙස්ක් එක අස්සේ තැබු කොපි පොත් හෝ අච්චු පොත් උපකාරී වන්නේය. පාසලේ පැවැත්වෙන වාර විභාගයක් නම් කොපි පොතෙන් කොපි කිරීම ඉතා පහසුය. බොහෝ විට පේපර් එක හදන ගුරුතුමා හෝ තුමිය පේපර් එක හදන්නේ තමා ඉගැන්වූ කොපි පොත භාවිතයෙන්ය. එවිට කොපි පොත ඩෙස්ක් එක අස්සේ සගවාගෙන හෝ ලිවිම පහසුය. එහෙත් අපේ හිටි සමහරක් උන්ගේ කොපි පොතේ සටහන් නැතිය. එවිට එවන් උන් අසරණ වන්නේය. එවිට උන් කරන්නේ අච්චු පොතේ පිහිට පැතීමය නැතොත් එහා පැත්තේ එකාට වද දීමය.
බොහෝ අයට ඉංග්‍රිසි පේපරය ලියනවා තරම් අකැමැති දෙයක් ලොවෙත් නැතිය. එහෙත් ලිවීමට ඉතා පහසුම පේපර් එක ඉංගිරීසි බව නොසිතන්නේය. ඉංගිරීසි පේපර් දෙකෙන් පලමු පේපර් එක කොපි කර හෝ ගොඩ දැමීමට කට්ටිය සමත් වන්නේය. දෙවෙනි පේපර් එක රචනා ආකාරයෙන් නිසා එය කොප්ප ගැසීමට තරමක් අපහසුය. එහෙත් සෑමා ඕලෙවල් දෙවෙනි පේපරය පවා තම මිතුරෙකුට දුන්නේය. දෙවෙනි පේපරයට තනියම ලියන බොහෝ අය අනුගමනය කරන්නේ කට්ට ක්රමයන්ය. ඡේදයක් කියවා පිළිතුරු සැපයීමට ඇති තැනකදී ඒ ප්රශ්නයේ ඇති වාක්‍ය ඛණ්ඩය ඡේදයේ සදහන්ව ඇති ස්ථානය තෝරා සම්පූර්ණ වාක්‍යය ලිවීමෙන් පිළිතුරු දීමේ කපටි ක්‍රමය අනුගමනය නොකළ අය නැති තරම්ය.
පුංචි කාලේ ඉංගිරීසි රචනා ප්‍රශ්නයට එන්නේ බොහෝ විට “මං පිළිබද“ හෙවත් My Self ගැන ලිවීමටය. සමහර උන් ඒ රචනාවද කොපි කර ලියන්නට ගොස් අනා ගන්නේය. තමන් පිළිබද ලියන්නට ඇති තැන එහා පැත්තේ එකාගෙන් කොපි කරගෙන තමන්ගේ නම පවා වැරදියට ලියන එවුන්ද සිටින්නේය. ඒ කළබලයෙන් කොපි කළ විටය. එහෙත් අපේ කොල්ලෙක් එහා පැත්තේ එකාගෙ “My self" කොපි කරගෙන එහි හෙඩ්ම වෙනස් කළේය. ඒ “My Best Friend“ කියාය. ඒ ආකරයෙන්ම I,My, වෙනස් කොට බොහෝ ක්‍රියා පද ඒකවචන ( I go.... => He goes... ) කිරීමට තරම් මිතුරා දක්ෂ වූයේය.
සියල්ල එක්ව ගත් කළ කොපි කරීමද කලාවක්ය.
sAm ශ්‍රී Perera_6:47am_24/01/2013
හික් හික් හික් (කුපාඩි හිනා) :D
ReplyDeleteඅඩේ බනියා එක වෙලා :ඩී
Deleteමෙයා හොඳට කොපි කරන එක දිහා බලාගෙන ඉඳලා වගේ...:)
ReplyDeleteබලං හිටිය විතරක් නෙවේ අපිත් කලා නොවැ !
Deleteකොපි කිරීම කල යුත්තේ කලාවකට බව සැබෑය. මන්ද යත්, කොප්ප ගසන්නා මෝඩයෙක් වූවොත්... ඌට කෙලවෙනු නිසැකය. පොඩි කාලේ කොප්ප ගැසීමේදී වැඩියෙන්ම කෙල වන්නේ මයි සෙලුප් රචනාව බව සැබෑය. මාත් ටිකක් විතර මොලේ තිබුන නිසා ඒක කලින්ම බලාගෙන ගියා. සමහරුන් විභාගෙට එන්නේ pre made රචනා සමඟින්ය. වෙනත් මාතෘකාවක් ආ දාට උන්ට කෙලය...
ReplyDeleteඅන්න සිරා කතාව. සමහරු රචනා පාඩම් කරන් එනවා බං. ඕව ඔක්කොම කරන්නේ ටියුසොන් කාරයෝ !
Deleteනැතුව නැතුව... සමහර ටියුසොන් මාට්ටර්ලා කලින්ම රචනා ටිකක් දීලා පාඩම් කරගෙන යන්න කියලා තිබුනා....
Delete
ReplyDelete2 වසරේදී අපේ පංතියේ කෙල්ලෙක් කොපි කරලා ලගින් හිටපු පිරිමි ළමයගේ නමත් එක්කම .
පස්සේ බලන කොට එකම නමින් ළමයි දෙන්නය්.....
කොල්ලෙක් - කෙල්ලෙක් ?
Deleteඑකම නම නම් සුමුදු වෙන්න ඇති. එක්කො ලංකා :)
හැම එකාටම කොපි කිරීම කළ නොහැකිය. සමහරුනට කොපි කොලය අතට ගත් සැනිං තුං කන්සෙන්ම දාඩිය දමන්නට පටං ගනී. අපේ කාලයේ දැං මෙන් උත්තර කලිං දී ප්‍රශ්නපත්‍ර පසුව දෙන ක්‍රමයක් නොතිබුණ නිසා අපිනං උපෙළ ටද කොපිය ගැසුවෙමු.
ReplyDeleteදැන් ක්‍රමය තිබ්බනම් ඒකාලේ අපි නම් කැම්පස්ය !
Deleteකොප්ප ගැසීම නෙමෙයිනම් මම ගිය සෙමෙස්ටර් එකම අනාතයි! කැම්පස් වලනම් කොප්ප ගහන්න සුපිරිම භාණ්ඩේ කැල්කුලේටරය තමයි. ඒකෙ පැන්සලෙන් මුළු නෝට් එකම ලියන යන්න පුළුවන්. රිදී පාටට පේනවනේ. අතින් පිහදාපු ගමන් මැකෙනවා. ඉක්මනට ඇතුලට ගිහිං දීලා තියෙන කොලේ කැල් එකේ තියෙන ටික ලියාගෙන කැල් එක අතින් පිහදාල දැම්මම වැඩේ ගොඩ!
ReplyDeleteඔන්න දන්නේ නැති උන්ටයි කිව්වේ!!!
හා හා හා අපි නම් දන්නවෝ..... :D
Deleteඅඩිරූල මාරු කරන සීන් එක දන්නවද?
Deleteඇම්.සී.කි්‍යු ප්‍රශ්නවලදි !
// පාසලේ පැවැත්වෙන වාර විභාගයක් නම් කොපි පොතෙන් කොපි කිරීම ඉතා පහසුය.//හි හි ..........අත්දැකීමෙන් දනිමි ..................................................//දිනක් සෑමා තම මිතුරෙකුට පිළිතුරු පත්‍රිකාව දුන්නේය. //උයා ඉල්ලගෙන නැතෙයි
ReplyDelete:D
මොකැද නැත්තෙ ඉල්ලල තියෙනවා. සමාජ අධ්‍යයනය පේපර් එහෙම
Deleteමොකද මට අප්පිරියම විෂය :(
ඇත්තටම මං නම් කවදාවත් කොප්ප ගහලා නැත. එහෙම ලියන්නවත් උවමනාවක් තිබ්බේ නැත. සියල්ලන්ට කලින් පිලිතුරු ලියා වැඩිම වෙලාවක් දොයියන්නේද මාය. එකල මට තිබු අති විශාල ගැටලුවක් වූවේ මිතුරන් උත්තර ලිවීමට කාලය මදිවී කදුලුසැලීමයි.
ReplyDeleteසිරාවටම සමහරු අන්තිම විනාඩි දහය පට්ට බිසි. බොරු කළබල තමා ඉතිං !
Deleteවරක් අපේ පන්තියේ අයෙක් තනිව බුදු වන්නට ගොස් නැත්තටම නැති වන්නට ඉල්ලාගත්තේය. අර කියූ පරිදි සටහන් පොත උකුල මත තබාගෙන පේපරයට නිවැරදිව පිළිතුරු ලියමන් සිටියදී අංශ බාර ගුරුතුමිය පන්තියට සැපත් විය. එයින් කලබලයට පත් වී සටහන් පොත ඩෙස්කුවේ ලාච්චුවට එබුවේය. අහෝ ඛේදයකි! ලාච්චුව තිබුනද එහි යට ලෑල්ලක් තිබුනෙම නැත. පොත් සරස් ගා බිම පතිත විය.....
ReplyDeleteහිකිස්.. ඒකත් සිරා කතාව. මට මතක් වුනේ අපේ උන් දහම්පාසල් අවසන් ශ්‍රේණි විභාගෙ සරම අප්සෙ පොත දාගෙන ලියපු හැටි :)
Deleteකෝප්ප ගැසීමද අතල් වැඩකි.ඔක්කොටම වැඩ ආතල් වැඩේ උත්තර ලියපු එකට වඩා කෝප්ප ගැසූ එකාට ලකුණු ලැබීමයි.
ReplyDeleteඑතකොට නම් ඇඩෙනවාය.
Deleteහි හි... කොපි කිරිල්ල මං හිතන්නෙ අපේ උන් නම් ප්‍රගුණ කළේ 4-5දි වෙන්න ඕනේ.. හප්පා එක පාරක් 4දි මගේ එහා පැත්තේ හිටපු එකයි මායි ඉංග්‍රීසි පේපර් එකට ලියලා අන්තිම ප්‍රශ්නේ හරි අවුලක් උනා... අපි දෙන්න කතා වෙලා තේරෙන විදියට ලිව්වා.. හි හි ( හරි සිම්පල් වැඩක් තිබ්බේ.. ගේක කොටස් නම් කරන්න.. හිතාගන්න බැරි උනේ ගෙයක් ඇඳලා නම් කරනවද, නැත්තම් කොටස් විදියට ඇඳලා නම් කරනවද කියලා.. හි හි ) කොහොම හරි දෙන්නටම 100 යි .. සර්ට හිතාගන්න බැරි උනා කොපි කරලද කියලවත්.. ඒ මොන විදියට උත්තර ලිව්වත් ලකුණු හම්බුවෙනවා කියලා පස්සේ දැනගත්තේ.. හි හි
ReplyDeleteඉස්සර ටීචර්ලා අපිව විභාගෙට වාඩි කරවන්නේ කොල්ලයි කෙල්ලයි.. කොපි කරනවා කියලා... හි හි.. එතකොට තමයි වැඩිපුරම කොපි කරන්නේ අපි...
මමත් ඔය පොත බලාගෙන උත්තර ලීවීමේ දක්ෂයෙක් තමයි.. හැබැයි ඇගයීම් වලදි අනිවාර්යයෙන්ම කොපි කළත් කවදාවත් වාර විභාගෙකදි කොපි කළේ නෑ 6න් පස්සේ.. ඇගයීම් වලදි ඕනෙ කෙනෙක්ට උදවු කරනවා.. හැබැයි වාර විභාගෙදි නම් නෑ.. මොකද මම දඩ බඩ ගාලා ලියලා ඉවර වෙලා හොඳ නින්දක් දාන නිසා හැමදාම.. හි හි..
ඉස්සර මටත් ඕන වුනේ මගෙ අවංක ලකුනු මට්ටම බලන්න. හැබැයි සමාජ අධ්‍යයනය, ඉතිහාසය වගේ විශයන් ඇරෙන්න. මට ඒව පාඩම් කරන්නවත් හිතෙන්නැති මට්ටමට අපේ ගුරුවරියක් ඉගැන්වුවා.
Deleteසමහරු ඉංග්‍රිසි රචනා පවා පාඩම් කරනව දැක්කම ඇඩෙනව අයියෝ. මම විභාගෙට ගොඩක් නිදහසේ ගියේ ඉංගිරිසි. විදි්‍යාව. ගණිතය තිබ්බ දවසට.
චිත්‍ර නම් ඇදල දුන්නෙ වෙනත් අය :)
සෑමාගේ හොඳම මිතුරා නම් මීටරයක්ය...කොපි කිරීම කලාවක් බව මමත් පිළිගනිමි..
ReplyDeleteසිරාම මීටරයක් තමා :)
Deleteසහතික ඇත්ත.. දැන් දැන් එළිවෙන්නේ මහා ප්රභුද්ධයොත් කොපි කරපු පොරවල් කියලා. නමුත් ඒකත් කලාත්මකව කරන්න, සුළු හෝ නිර්මාණ හැකියාවක් තියෙන්න ඕන..
ReplyDeleteඅන්න හරි මාතලන්. සමහර විටක කොපි කරන එකා වැඩි ලකුනු ගන්නේ ඒ හැකියාව නිසා !
Deleteඅපි සා.පෙ. කොපි කෙරුවේ වෙන විදියකට. ආවර්තිතා වගුව, ගණිතයේ සූත්‍ර ඔක්කොම ලියලා ලස්සනට පන්තිය පුරාම ඇලෙව්වා. අපේ පන්තියේ විතරක් නෙම් 10 / 11 හැම පන්තියකම කොල්ලන්ට කියලා ඔය වැඩේ කෙරෙව්වා... මට චක්කරෙත් පාඩං නෑ. ඒකට මම කෙරුවේ ගණිතයේ කටුවැඩ කොලේ ටිකක් වේලාසනින් ඛෙදනවනේ. ප්‍රශ්න පත්තරේ දෙන්ඩ කලිං 2 ඉදං 12ට වෙනකං එකතුකර කර චක්කරේ ලියාගත්තා කටුවැඩ කොලේ.
ReplyDeleteපිස්සුද බං මට මතකයි එහෙම තිබ්බ පන්ති කාමර වල බෝඩ් කණ පිට ගහල තිබ්බා.
Deleteසමහර එවුන් එතකොට පන්ති පිරිසිදු කිරීමේ සටහනේ හිටන් එක එක ඒව ලියල තිබ්බා :)
අපි සා.පෙ. ලියන කොට අපේ පන්තියේ කුජීතම එකෙක්...උන්නත් දාහයි,මලත් දාහයි..නැතිවෙන්නට දෙයක් නැතකියා අම්බානක කොප්පය ගැසුවේය.පන්තියේ හොඳම රිසාල්ට් අතරට ආවේය. හැබැය් ගනිතය ෆේල්ය. ඒ ගනිතය කොප්පය ගැසිය නොහැකි බැවිනි.
ReplyDeleteමේ ඉස්සර කාලේය.
ඔය විදිහට අපේ එකෙක් ඉංගිරිසි හොදට පාස්. දැන් කොල්ල පිට රට !
Deleteමමත් එක් වරක් ගණන් සර් ලවා බුරිය මිරිකවා ගත්තේ කොපි කිරීමෙන්වත්, උදවු කිරීමෙන්වත් නොව, උදවු ඉල්ලා ලැබුණු තුණ්ඩුව අහුලා බැලීම නිසාය. ක්‍රීඩාශීලී ක්‍රීඩා ගුරුතුමිය ඒ දැක සිතුවේ මම තුණ්ඩුව ලියා කා හට හරි දෙන්නට හැදු බවයි.අත් අකුරු පරීක්ෂා කිරීම හෝ මාගේ නිදහසට කාරණා අසා සිටීම ඇයට අදාළ නොවීය. දඬුවම් කලත් ගණන් සර් කරුණු සොයා බලා තුණ්ඩු එවූ එකාටද දඬුවම් කලේය. කෙසේ වුවත් පළමු හා අවසාන වතාවට ගණිතයට වැඩිම ලකුණු එවර ලබා ගතිමි.
ReplyDeleteඋසස් පෙළ විභාගයේදී අපේ අයගෙන් කොටසක් පන්ති කාමරයකට යොමු කර තිබුණු අතර පරීක්ෂාවට සිටියේ හිත හොඳ අඩු වයස් ගුරුවරියකි. අපේ එකෙක් (නමින් වැලන්ටයින් හෙවත් වැලා) ඇගෙන් ඉල්ලා සිටියේ 'A' ගන්නට නොව 'F' එකක් වෙනුවට 'S' එකක් ගන්නට දරන උත්සාහයට උදවුවක් වශයෙන් පන්තියෙන් බැහැර වී සිටින ලෙසය. හිත උණු වූ ඇය ටික වෙලාවකින් පසු ඒ ඉල්ලීම ඉටු කල අතර බොහෝ දෙනා නිදහසේ කොපි කර ගත්තේය. වාසනාවට මට එදා කොපි කරන්නට සිතුනේම නැත. අවසානයේ ප්‍රතිඵල ලැබුණු විට ඒ පන්ති කාමරයේ සිටි බොහෝ දෙනෙකුට ලකුණු වෙනුවට ලැබී තිබුනේ තරුය. ඒ උත්තර පත්‍ර පරීක්ෂකයනට සිද්ධිය තේරුම් යාම නිසාලු.
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයද්දී මා හොඳටම කොපි කලේ මතකයෙනි. දේශපාලන විද්‍යා මෙව්වා එකක් මගේ පියා ලවා ඉංග්‍රීසින් සිංහලට හරවා ගැනීමට දන්නා හඳුනන කෙනෙකු දී තිබු ලිපියක් විභාගයට දින දෙක තුනකට පෙර මා කියවා බැලුවේ නිකමටය. ප්‍රශ්න පත්‍රයේ රචනාව වෙනුවෙන් සාමය සම්බන්ධ මාතෘකාවක්ද තිබුණු නිසා, බලය බෙදා හැරීම හරහා වාර්ගික අර්බුද විසඳා යුධ හේතු තුරන් කර තිරසාර සාමය ලඟා කර ගන්නා ආකාරය හොඳටම ලියුවා නොව අර ලිපියේ සෑහෙන කොටසක් පිටපත් කලෙමි. හොඳ සාමාර්ථයක් ගන්නට එය බෙහෙවින්ම හේතු වන්නට ඇත.
මගේ තිත්තම කොපි කිරීමේ අත්දැකීම සිදු වුනේ විභාගයක දී නොව කලින් සේවය කල ආයතනයේදීය. ඒ දවස් වල අධ්‍යයන කටයුතු වල අවශ්‍යතාවක් මත, යම් ආයතනයක් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් පරිගණක මෘදුකාංගයක් සාදා දීමේ ව්‍යාපෘතියක් කිරීමට තිබුණු අතර පහසුව නිසාම සේවය කල ආයතනයම ඒ සඳහා තෝරා ගැනීමේ අරමුණින් අදාළ ව්‍යාපෘති යෝජනාව ශාඛා ප්‍රධානියා හට දී තිබුනේ ඉහලට යොමු කිරීමටය. මොන තරම් හොඳ, දක්ෂ ප්‍රධානියෙකු වුවත් ඔහු, ඔහුගේ ප්‍රධානියන් හා ඒ ගැන කතා කිරීමට මැලි කමක් දැක් වූ නිසා එය ටික දිනක් ඔහු අත රැදී තිබුණි. මටම කියා පරිගණකයක් නොතිබුණු ඒ කාලයේ මම ඒ ව්‍යාපෘති යෝජනාව යතුරු ලියනය කලේ කාර්යාලීය පොදු පරිගණකයකිනි. එහි වූ පිටපත ඇස ගැටුණු වෙනත් ඉහල නිලධාරියෙක් මගේ යෝජනාව , ආයතන වැඩි දියුණු කරවාලීම වෙනුවෙන් වන පෞද්ගලික යෝජනාවක් ලෙස ගෙඩි පිටින් කොපි කර ඉහලටම යොමු කර තිබුනි. අහම්බෙන් ඒ කොපිය හමු වූ පසු මා ද මගේ යෝජනාව කෙලින්ම ඉහලටම යොමු කල අතර අවසානයේ හෙළිදරවු වූ සාක්ෂි මත කොපි කල කෙනා ප්‍රධානීන් ඉදිරියේ නිරුවත් විය.ඊට පෙර කොපිකාරය මා බවට ඔවුන් සැක කල බවත් පසුව දැන ගන්නට ලැබුණි.. කෙසේ වෙතත් අන්තිමේදී මට ව්‍යාපෘතිය කිරීමට අනුමැතියක් නොලැබිනි..
තවත් එවැනි කොපි කිරීමක් ගැන කීමට හැකි මුත්, කමෙන්ටුව පෝස්ටුවක් වන බැවින් මෙතනින් නතර වෙමි..
කෙසේ වුවත් පාසැල් කාලයේ කරන සුළු කොපි කිරීම් වලින් ඔබ්බට ගිය දරුණු කක්කාසහගත කොපි කිරීම් විරල නැත.
අඩේ කොප්පේ මාර ඉතිහසයක් රාමට තියෙනව නොවැ..
Deleteජය වේවා !
කොපි කරන්න ලේසිම ඉරි ගහන ප්‍රශ්න පත්තරේ. කෙලින්ම ඇඟිලි වලින් පෙන්නතෑකි මොකද්ද උත්තරේ කියලා.
ReplyDeleteආයෙත් අහලා !
Delete
ReplyDeleteThank You Poem for Friends, This poem is for my best friend, Trevor. He is in the United States Navy SEALs and will be going overseas soon. We have made it through s
අපි 2008 අවුරුද්දේ සා/පෙ විද්‍යාව ලියද්දි පරීක්ෂක තුමිය කිව්වේ "ඔය ළමයි ලියල ඉවරනම් කරුණාකරලා හෙමීට කතාකරනවද මුළු හෝල් එකටම ඇහෙන්ඩ කෑගහන්නේ නැතිව.." කියල. එතුමිය හොදටම බයේ හිටියේ ශාලාධිපතිතුමාගෙන් කේස් එකක් වැටෙයි කියලා. අනේ ඉතින් අපිත් එතුමිය පව් කියල හිතල එතනින් පස්සේ හරිම හෙමිට තමයි කථා කලේ....
ReplyDeleteහිකිස්...
Deleteවිභාග ශාලාවට හාමුදුරුකෙනෙක් දුන්න සපෝට් එකක් මතක් වුනා. මෙතන කියන එක හරි නැහැ නේද?
උඹ හරි සත්ගුණවත් එකෙක්නෙ බොලං...හැම වෙලාවෙම තමන්ගෙ පේපරේ අනිත් උන්ට කොපි කරන්න දීලා....ඇත්තටම සෑමො මේකෙ අනිත් පැත්ත නේද සිද්ධවුනේ...
ReplyDeleteසා/පේ චිත්‍ර පේපර් එකේ මට හරකෙක් ඇදල දුන්මෙ මගෙ මිත්‍රෙයක් බං !
Deleteඈ බන්.. උදේ හවා කණ්ණාඩියෙන් දකිනෙ රූපෙවත් උඹට හරියට ඇඳගන්න බැරිවුනාද? :D
Deleteකොපි කිරීමත් කලාවකි........... හික්ස්.......
ReplyDeleteනැතුව ?
Deleteඔය ලියන එකාගෙ පැත්තෙන්නෙ. පේපර් හදන සහ බලන එකෙක් වශයෙන්, හැබැයි කල්පනාවෙන් ටෙක්නික් එකට වැඩේ කරනවා නම්, කොපි කලේ කොයි එකාද, මොනවද, කොහෙන්ද කියලා හොයා ගන්න එක ගේමක් නෙවෙයි.
ReplyDeleteහයියෝ සමහර ගුරුවරු ඒව තේරිලත් සද්ද නැතුව ඉන්නවා හෙන්රියෝ..
Deleteඅපි කොපියෙන් ගොඩ ගිය කොල්ලෝ වෙමු!
ReplyDeleteවිටක අපිත් එසේමය
Deleteකොපි කරන්න බයෙන්ම තමි පාසල් කලේ ගෙවනේ :(
ReplyDeleteබය නැතුව කරන්නෝනි
Deleteමුල කාලෙදි මාත් කොපි කළා නොවැ.පස්සේ පස්සේ ඒකේ ගතියක් නෑ කියලා තේරුණාම කොපි කරන එක නවත්තලා දැම්මා.ඊට පස්සේ 18%, 20% වගේ වාර විභාගෙට ළකුණු අරගෙන පන්තියේ අන්තිමයට කළිං එකා විදිහට අභිශේක ලැබුවා කාලයක්ම.අපේ දෙන්නෙක් කොපි කරලා මාට්ටු උනා ෆිසික්ස් පේපර් එකක්.එකෙක් ගාණ හදලා 'නියත වේ' කියන වචනේ වැරදිලා 'කියත වේ' කියලා ලියලා.කොපි කරපු එකත් ඒකම ලියලා.බඩු මාට්ටු.
ReplyDeleteඋ/පෙ පළවෙනි පාර ලියද්දි මගේ මිත්‍රයා ඔක්කොම මගෙං කොපි කරගෙන ලිව්වා.මට C එකයි S දෙකයි. අරූට S එකයි F දෙකයි.
අඩෝ උ/පෙ කොපි කලේ කෝමද බං? මට හිතා ගන්න බැහැ !
Deleteකොපි කරන එක කලාවක්නම් තමයි. ඒත් ඔය කොපි කරන එකට මටනම් හෙන බයයි හෆ්ෆා.. :/ 7,8 කාලෙ ඉස්කෝලෙ වාර විභාග වලනම් ලාවට වගේ කොපි කරලා තිබ්බාට , ඊටපස්සෙ එහෙමට කොපි කරන්න හම්බෙලා නෑ.. :D
ReplyDeleteහොද ලමයි !
Deleteකොපි කරද්දීත් මාර ගේමක් දෙන්න ඕන නේද බන්?.මට සඳුදට ඩ්‍රයිවින් ලයිසොමට එක්සෑම්.ඒක නම් කොපි කරන්න ඕන නැහැ පට්ට ලේසියි.පේපර් තුනම කලින්ම හම්බුනා ලර්නස් එකෙන්.
ReplyDeleteවින්ඩ් දෙක තුනේ වැඩේට මොනවට කොපි කරනවද බන්.... ලංකාවේ ලේසිම විභාගේ එක තමා....
Deleteට්‍රයල් එකත් කොපි කරපං නිෂාන් :)
Deleteඅර බිම වැටු න පේපර් එක අහුලා ගත්තේ සැමා නේද ඉතින්... අපි නොදන්නා සැමා.... මම නම් ලොකු කතා නෙමේ කොපි කරලාම නැ... හැබයි ඉතින් පේපර් පිටින් උස්සලා තියනවා එක්සැම එකට කලින්.. වාර විභාග වලදී... සර්ලා කම්පියුටර් ලැබ එකේ සොෆ්ට් කොපි දාලා තිබුනහම....
ReplyDeleteඒක කොපි කරනවට වඩා ඩීසන් බං :)
Deleteමට එහෙම හම්බුනා නම් මම ඒව විකුනනවා කොල්ලන්ට
මා නම් කිසි දිනෙක කොපි කර නොමැත..
ReplyDeleteඋපතින්ම ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා දක්ෂ වීම ඊට හේතුවයි..
අනේද කියන්නේ
Deleteමා ලියු වඩාත් අමාරුම විභාග වන්නේ ඕපන් බුක් ඒග්සෑම්ය. ඒවායේ කොපි කරනවා කියන්නේ කරුමයක් බවට පත් කර ඇත. හැකිනම් පොත බලා උත්තර දීපං යන අභියෝගය විභාග අපේක්ෂකයාට ලබා දී ඇත.
ReplyDeleteපොතේ නෝට් ලිව්වා නම්. පිලිවෙලකට තිබේනම් ඒක අමාරු නැහැ බොල. :ඩී
Deleteහොද ලිපියක්
ReplyDeleteස්තුති !
Deleteසෑම් අයිය මොකක් ලිව්වත් ලියන්නෙ එකම රටාවකට.. ලියන ශයිලිය චුට්ටක් වෙන කරලත් බලන්නකො වෙනසකටත් එක්ක ලිපියක දෙකක..
ReplyDeleteදඩි බිඩි ගාල තව පොඩ්ඩෙන් පින්තූරෙත් එක්ක මාතෘකාව කියවෙන්නෙ මයි බ්‍රෙස්ට් ෆ්‍රෙන්ඩ් කියල :D
ASP මැඩම්ගෙ ලිපියෙ රටාව වෙනස් නැද්ද බොල ?
Deleteස්තුති !
එක පාරක් එකෙක්ට මම කඩ්ඩ් පේපර් එක දීලා ඌ මම නම ලියපු එක ඉදන්ම ඔක්කොම ෆොටො කොපි ගහලා.. ඌට කොපි කලාට ලකුණු නෑ.. ඌට කොපි කරන්න දුන්නා කියලා මට ලකුණු නෑ.. අරුව මරපු නැති ටික විතරයි මං..
ReplyDeleteඅන්න සාධාරණයි :)
Deleteමම හදිසියට ගෙදර වැඩ නොකර ගිහින් උදේට පොත් ඉල්ලන් නම් කොපි කරන් තියෙනවා.. ඒ වගේම ඇගයීම් වලදිත්.. වාර විභාගවලට කොපි කළා කියලා නම් මතකයක් නෑ..අනිත් එවුන්ට උත්තර කියලා දීලා නම් තියෙනවා.. ඇත්තටම දැන් හිතෙනවා 'මොන මඟුලටද යකෝ අපි වාර විභාගවල ලකුණු අඩු වෙනවට බයේ තැවුනෙ' කියලා.
ReplyDeleteහැබැයි එක දවසක් නම් මම හොඳවයින් කනේ පාරක් කාලා තියෙනවා.. ඇගයීමකදී.. හදිසියේ දුන්න ඇගයීමේදී කරගන්න දෙයක් නැතිවුනා.. එක එකා කොපි කරද්දි සර්ට මල පැනලා ටෝං ටෝං ගාලා කොපි කරන උන්ගෙ කන් පලනවා.. ඉතින් කොපි කරගන්න බැරිවුනා..
ඔන්න ඊළඟට මාරුකරලා උත්තර බලන අවස්ථාව.. මම වෙන එකෙකුට කියලා උත්තර ටික හදවා හදවා ඉන්නකොට මට උගෙ උත්තර පත්‍රය හරියට බලන්න බැරිවුනා.. මමත් ඔක්කොටම හරි දාලා 80ක් දාලා දුන්නා..
මෙන්න සර් එදා පේපර් චෙක් කර කර දෙනවා.. උගෙ පේපර් එක අහුවෙච්ච හැටියෙම වැරදි උත්තර වලට හරි දාලා කියලා හම්බුනේ නැතෑ මට කන හරහා.. මගේ පේපර් එකට හොර ලකුණු දාලා ඌවත් ගෙන්නුවා.. හැබැයි ඌ සර් අඩියක් ඉස්සරහට තියද්දි අඩියක් පස්සට තියන තියරිය අනුගමනය කරලා සර්ගේ අතේ සීමාවෙන් ඈත්වෙලා ඉන්න තරම් කපටි උනා..
කොපි කරල නම් නෑ.. බලා ලිවීම නම් කරල තියේ.. :P
ReplyDeleteනවය පංතියේ ඉන්දැද්ති තමා අන්තිමටම කොපි කලේ......එදයින් පස්සෙනම් අද තව වෙනකම් නෑ.....^_^
ReplyDeleteමම O/L විභාගේ විෂයක MCQ එක ඉවර කරලා එලියට ආවාම අපේ විභාග ශාලාවේ මම හිටපු තැනට ගොඩාක් ඈත හිටි එකෙක් ඇවිල්ලා කියනවා. "තෑන්ස් බං අපි උඹෙන් ගොඩාක් ඒවාට ගැහුවා එත් අහවල් ප්‍රශ්නෙට උඹ ගහපු එක වැරදි වගේ බං මොකද අනිත් ගොඩාක් එවුන් ඕකට ගහලා තිබුණේ වෙන උත්තරයක් නිසා අපිත් ගැහුවේ ඒකට" කියලා. කොහොමද වැඩේ මුං නිකන් ජනමත විචාරන ක්‍රමයකට තමා ඒවත් ගහලා තියෙන්නේ.
ReplyDeleteමම ඉතින් හොඳම විභාගවලිදී කොපි කළා වෙනත් කෙනෙක් ගෙන් නෙවෙයි මමම ගෙනාපු කොළ කෑලි මමම කියවලා.
ReplyDeleteසාමුහික විදියට කොපි කරේ පොඩි පංති වලදී..
ඥාන පටි තමා අති සාර්ථක.... වාසනාව බලපෑවත් අවදානම අඩුයි....
ReplyDelete