Monday, January 7, 2013

කොටුවක් පනින්න තියෙන අමාරුව...


අද කාලේ හැදෙන පොඩි උන් හෙන ඇම්බැට්ටයෝය. උන්ට ෆොන් එකක් අතට අහු වුනොත් කෙලින්ම කනේ තබාගෙන හලෝ හලෝ ගාන්නෝය. ඒ කාලේ අපිට ෆෝන් දැක්කොත් බඩ පපුව දැවිල්ල ගන්නේය. සෑමාගේ අයියාගේ පොඩි එකා ගේ නම මතීෂ බාසුරුය. මෙතැන් සිට සෑමා බාප්පා වන එකී පොඩි එකා බාසු ලෙස හදුන්වෙන්නේය. බාසු පොඩි කාලේ සිට තාක්ෂනයත් සමග මුසපත්ව සිටියේය. බාසු අතට පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩොංගලයක් අතට ගතහොත් හරියටම ලැප් එකේ යූඑස්බී සිදුරට රිංගවන්නේය. කොල්ලා පොඩි කාලේ සිටම හුරතල් වුයේ ඇන්ඩ්‍රොයිඩ් සමගය. එනිසා ඇන්ග්රි බර්ඩ් බාසුට කලාමැදිරියෙක් වැනිය. ෆෝන් එක අතට ගෙන අන්ලොක් කර මෙනු එක අතර එහෙ මෙහේ දුවන්නට බාසු දක්ෂය. මේ සියල්ල දැන් ඉපදෙන හැම පොඩි එකාටම පොදුය. උන් ලොකු වී පසුකලෙක අපෙන් සීයේ කෝම් පිට්ටු ගහන ඇප් එක කොහෙද කියා අසනවා ෂුවර්ය.
කුඩා කළ බාසුගේ ෆොටෝ ෂූටින් එකක් සෑමා කළ අයුරු

බාසු ඉපදී හරියටම වසරක් ගෙවෙද්දී බාසුගේ ෆේස් බුක් ගිණුම ඉපදෙන්නේය. ඒ බාසුගේ අප්පච්චි හෙවත් සෑමාගේ අයියාගේ අතින්ය. එය හුදෙක් ඇල්බම් එකක්ය. ඉස්සර පුළුන් කැබලි ඔබමින්, ලැමිනේට් කරමින් සැරසෙන ඇල්බම් අද කාලෙ නැතිය. ෆෝන් එකෙන්, ඩිජිටල් කැම් එකෙන් ගැනෙන ෆොටෝ අද කාලෙ සිරවෙන්නේ ෆේස් බුකියේය.

අපේ බාසු පෙරපාසල් යන්නේය. ඒකා යන්නේ ඉන්ටර්නැෂනල් නිසා අකුරු මැකී නෑ දන්නෙ නැතිය. දන්නේ කඩු සිංදුය. ඒ අතර සිංහල සිංදුද දන්නේය. ඉස්කෝලේ කවි සිංදු එකක් වත් කොල්ලා ගෙදරදී කියන්නේ නැතිය. ඒත් ඉස්කෝලෙ ගුරුවරු කියන්නේ කොල්ලා දක්ෂයා බවය. අනිත් දරුවන්ට නැති ආදරයක් කොල්ලාට තිබෙන්නේ ඒනිසාය. දිනක් සෑමාගෙ අයියා බාසුට එකේ ඉලක්කමේ සිට අංක විස්ස දක්වා ලියන ලෙස වැඩ පවරා තිබුනේය. කොල්ලාට ඉස්කෝලෙ උන්වා තිබ්බේ අංක දහව වෙනතුරු පමනක්ය. එහෙත් ගෙදරදී කෙරෙන සිලබස් එකේ කොල්ලාට ඊට වඩා කර තිබුනේය. හවස අයියා පොත අතට ගත්තේය. කොල්ලා එහා පැත්තේය. කොල්ලා එකේ සිට විස්සට නිවැරදිව ලියා තිබු නිසා අයියා උඩ ගියේය. හොද පුතා.. කොහොමද ඔයා ඔක්කොම හරියට ලිව්වේ? අයියා ඇසු පැනයට කොල්ලා පිලිතුර ලබා දුන්නේ පොතේ අන්තිම පිටුව පෙන්නමින්ය. “නැහැ අප්පච්චි මම බැරි වෙලාවට පොතේ අන්තිම පිටුව බැලුවා..“ අන්තිම පිටුවේ එකේ ඉලක්කම සිට පනහ දක්වා මුද්‍රනය වී තිබුනේය. කෙසේ වෙතත් එය බලා ලිවීමට තරම් කොල්ලා දක්ෂයෙක්ය.

බාසු මොනවා බෙදා ගත්තද කෑම නම් බෙදන්නේ අඩුවෙන්ය. දිනක් කොල්ලාගේ කෑම පෙට්ටියෙන් පන්තියේ ගුරුතුමිය කෑම ඉල්ලා තිබුණාය. කොල්ලා කෑම පෙට්ටියේ තිබු බිස්කට් වලින් එකක් පමණක් ගුරුතුමියට දී තිබුනේය. මෙය ගුරුතුමිය නිවසට පැමිණිලි කළාය. බාසුගේ මව නොහොත් සෑමාගේ අයියාගේ බිරිද බාසුට අවවාද දුන්නාය. “පුතා කවුරු හරි කෑම ඉල්ලුවම එකක් දීල එන්න එපා ඒක කැතයි නේ, ඒ නිසා දෙක තුනක් දෙන්න..“ පසුදින කොල්ලා ඉස්කෝලෙ ගියේය. කෑම බෙදා ගැනීමට හුරු කරවීමට කොල්ලා ලගට ටීචර් ආවාය. ඒ කෑම වෙලාවය. “පුතා මටත් ටිකක් දෙන්න..“ හොද පුරුදු ඉගැන්වීමට ටීචර් අත දිගු කළාය. කොල්ලා අත දිග හැර කෑම පෙට්ටියෙන් කඩල ඇට තුන හතරක්ම දුන්නේය. ටීචර්ට එදා කටඋත්තර නැති වී තිබුනේය.

මෑත දිනකදී සෑමා ගමනක් යන්නට වාහනයට නැගුනේය. එවිට කොල්ලා සිටියේ සෑමාගේ අම්මා නොහොත් ආච්චී සමග කතන්දර කියවමින්ය. කොල්ලා නැගිට ආවේ සෑමා ලගටය.

“ආ.. යාළුවා.. කාලෙකින් දැක්කේ..“ ඒ සෑම් බාප්පාට කතා කළ බාසුය.

“ආ ඇත්තද.. මාත් දැක්කෙ කාලෙකින්...“

“ඔයා ගමනක් යන්න නේද ? මාව එක්කගෙන යන්නෙ නැද්ද?“

කොහෙ යන්න හැදුවත් ඇගේ එල්ලී එන්නට කොල්ලා කැමතිය. දිනක් සෑමා සමග ඔෆීස් යා යුතු යැයි කියා කොල්ලා වාහනයටද නැගුනේය. කොල්ලා මග හැර සෑමා පිටත් වුයේය. නැවත නිවසට ආ විට කොල්ලා කියූ ඉතිරි කතාටික කීවේ සෑමාගේ අම්මාය.

“බලන්නකෝ ඔයා ගියා පස්සෙ කොල්ලා මට මාර කතාවක් කිව්වනේ..“

“ඇයි මොනාද කිව්වේ?“

“බලන්න ආච්චි බාප්ප මට ආදරේ නැහැ එයා එයාගෙ කෙල්ලට විතරයි ආදරේ...“

“ඇයි ඔයා එහෙම කියන්නේ...“ සෑමාගේ අම්මා එසේ අසා ඇත.

“නැහැ ඉතිං ඒකනේ ඔය මාවත් දාල ගියේ..“

සෑමා එලියට බැස්ස ගමන කොල්ලාට තේරී ඇත්තේ සෑමා කොටුවක් පනින්නට යනවා කියාය. පොඩි එකා වුනත් සෑමා ගැන හිතන හැටි කැතය.

Written by sAm ශ්‍රී Perera_10:42am_07/01/2013

92 comments:

  1. :D දැන් හැදෙන කස්ටිය ගැන නම් කියලා වැඩක් නෑ, මට දැනට වුනත් කිව්වොත් බිල්ලෙක් ඉන්නවා ඔතන යන්න එපා කියලා,මම නම් සෙන්ට්මීටරයක්වත් හෙලවෙන්නෑ,ඒකට අපෙ නංගි,එයා බිල්ලා බලන්න ඕන කියලා දුවනවා.. :/ බාසු නම් ෂෝයි පොඩ්ඩා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒක ඇත්ත. බිල්ලට බය වුනේ අපි පොඩි කාලේ..

      Delete
  2. පොඩි එකා බොරුවක් කියා නැත...


    සැමා වැඩියෙන්ම ආදරේ කාටද ? (පිළිතුරු අවැසි නැත)

    ReplyDelete
    Replies
    1. සෑමා වැඩියෙන් ආදරේ බ්ලොගටය ;)

      Delete
  3. සෑමෝ කොල්ලා සුපිරි බඩ්ඩක් ය. ඒ නිසා සතුටු වෙන එක හොදය. මොන කොටු පැනිල්ලටත් කලින් මේකා ගැන අහැ ගහ ගන හිටින එක හොඳය. නැත්නං උඹලා කරන කුප්පිදු වැඩ ද දැන් ම මේකා කළ හැකිය. මෙවන් කොල්ලන් රටකට වාසනාවන් ය.

    ReplyDelete
    Replies
    1. නේද ං නලීනයෝ අනුන්ගේ කොල්ලන්ගේ විජ්ජා බලනවා මිසක් කෝ අපිට කොල්ලෝ

      Delete
    2. ඒකනේ අටං අපිට ඉතිං කෙළි හුරතල් තමා..

      Delete
    3. 2013 දී වත් කොල්ලෙක්ට ට්‍ර‍යි එකක් දුන්නොත් නරකද ?

      Delete
    4. මේ තියෙන්නේ අසරණයාගේ ප්ලෑන් එක, අන්න ඒකටට වැඩ කරපං.. වෙනසක් තියෙයිද බලන්න..

      http://asaranaya.blogspot.com/2012/01/blog-post_28.html

      Delete
  4. සෑමලාගේ පරම්පරාවේ එකෙක් එහෙම නොවුනානම් තමයි පුදුමේ.

    ReplyDelete
  5. පොඩි එකා උනත් වල් සෑමා පැන පැහැදිලි දැක්මක් තියෙනවා. මොනවා උනත් සුභ අනාගතයක් තියෙන පොඩි එකා. බාප්පට එහා යායි වගේ පොඩ්ඩා.

    ReplyDelete
    Replies
    1. බාප්ප කියල නරක එකෙක් ඈ..

      Delete
  6. දැන් ඉන්නෙ ළමයින් නෙමේ තාත්තලා...

    ReplyDelete
  7. //සෑමා එලියට බැස්ස ගමන කොල්ලාට තේරී ඇත්තේ සෑමා කොටුවක් පනින්නට යනවා කියාය. පොඩි එකා වුනත් සෑමා ගැන හිතන හැටි කැතය.//
    පොඩි එකාගේ තුං හිතක වත් නැති දෙයක් කියපු සමා පොඩ් එකා ගැන හිතන හැටි කැතය.

    එහෙම නොවුනා නම් තමයි පුදුමෙ

    ReplyDelete
    Replies
    1. මක්කට පුදුම වෙනවැයි?

      Delete
  8. කොහොමද ඔය පොඩි එකා ඕවා ගැන දන්නේ???.. කෙනෙක් කතා කරන දෙයක් අහගෙන ඉදීමෙන් ද??

    ReplyDelete
    Replies
    1. නැහැ බං. දැන් තියෙන කාටුන් එකක් බලපංකෝ.. අපිත් නරක්වෙයි !

      Delete
  9. හරි සෝක් කොලුවෙක්නේ.

    ReplyDelete
  10. සෑමට කලින් කොල්ලා කසාද බදී

    ReplyDelete
  11. සෑමාගෙම පරපුරේ එකෙක්නේ.. බාප්පගෙ හැටියට පොඩි එකා ඔය වයසට හොඳ වැඩියි (දිව දොට්ට)

    ReplyDelete
  12. බොලා අපේ කනෙන් රිංගුවත් ඔය පොඩි උන්ගෙන් බේරෙනවා බොරු මල්ලි !

    ReplyDelete
    Replies
    1. වෙනි මාමා මට මල්ලි කිව්වම මට මොකද වෙන්නේ :((

      Delete
  13. දැන් ඉන්න පොඩි උන් ලෝකේ කා වතුර බීපු උන්ය.එහෙවු එකෙකුට මචන් කිවුවොත් පෙරලා අහන්නේ ඇයි හු** කියාය.

    ReplyDelete
  14. පොඩි උන් කවදාවත් බොරු කියන්නේ නැත..

    ReplyDelete
    Replies
    1. එතකොට මහ රජාගෙ පොඩි එකා ?

      ඌ බොරු කියන්නෙ නැද්ද?

      Delete
  15. මරු කොළු පැටියා. දරුකමට හදාගන්ඩ හිතෙනවා. හික්ස් :)

    ReplyDelete
  16. දෑන් පොඩි අය එක්ක කතා කරල බේරෙනව බොරු..කොල්ලො විතරක් නෙමේ දෑන් කෙල්ලොත් එහෙම තමයි..

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ඒ කාලෙ ඉදලම එහෙමයි නේ. !

      Delete
  17. හපොයි අපේ අක්කගේ පුතාට ගොපලු යකා ඉන්නවා කියල යන්න එපා කිවුවහම ඒකා හද්ද කරුවලේ එලියට වෙලා ඉන්නවා ගොපලු යකා බලන්න ..එකක් කිවුවොත් දහයක් කියයි ..දවසක් අක්කා උම්මා එකක් ඉල්ලලා පොඩි එකා කියනවා ඇයි ඊයේ අම්මිට තාත්ති දුන්නේ කියලා ..හි හි ,සෑම් ගැන නම් ඉතිං කොල්ල දීල තියන නිර්වචනේ හරි වගේ !
    :D

    ReplyDelete
    Replies
    1. මේ කතා කිව්වම මතක් වුනේ ඇම්ඩන්ගේ අම්ම පහන කාපු කතාව :))

      Delete
  18. කොටු පනිනවා කියන්නේ ගෙල්ල බලන්න යන එකට නෙමේය.. දැන් එහෙම කියනවාදයි දන්නේ නැතිය.

    ReplyDelete
    Replies
    1. semala thama podi un bn. Onna ohe ehema hithagaththuden.

      Delete
    2. මටත් එහෙම හිතුනා තමා මාතලන් .

      Delete
    3. කෙල්ලෙක් බලන්න ගියාම වල් ටුවර් එකක් ගියා කියන උන් ඉන්න සමාජෙක, කොටු පනිනවා කියන වචනේ අර්ථය වෙනස් වෙලා තියෙන්නෙ. කෙල්ල බලන්න යන එකටත් අපෙ උන් කියන්නෙ කොට්ටක් පනිනව කියල

      Delete
  19. බාසු දක්ෂයෙක් බව නම් නොකියාම බැරිය..මොකද ඉතින් බාප්පගෙම පුතානේ..!!

    ReplyDelete
  20. සෑමා බාප්පාගේ ක්‍රියා කළාපය හොඳින් අධ්‍යයනය කළ පොඩි එකෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. වැරදි අධ්‍යනයක්ද මන්දා ;)

      Delete
  21. අම්මපා සෑමෝ උඹ වගේම අන්ඩපාලයෙක්නේ බං... :D ඔහොම කොල්ලෝ ඕනේ තැනක ගිහිං බේරිලා එන්න දස්සයිත ඒක නිසා බය නැතුව හිටු.

    ReplyDelete
  22. දැන් හැදෙන පොඩි උන් ඔහොම්මය.. අපි දැන් කරන කෙරුවාවල් උන් පුංචි සන්දියේදීම කොරයි...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඇඩ්වාන්ස් නොවැ..

      Delete
  23. හිතාගත්තෑකි.. සැමාටම හරියන පුතා. හි හි.... මේවා දකිනකොට බයත් හිතෙනවා බං ඇත්තටම....

    ReplyDelete
  24. දැන් කාලේ හැදෙන උන් ගැන...ඒ කාලේ නැහැදිච්ච උන් කියන කතා....!!!!

    ReplyDelete
  25. ඕවා වැඩිහිටියො කතාකරන ඒවායින් පොඩි උන් උගන්නාදෑ වේ..!

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම කියන්න බැහැ වීයෝ.. මොකද ටීවි එකේ කතන්දර කොල්ලන්ට කට පාඩම්.

      Delete
  26. පුතා කවුරු හරි කෑම ඉල්ලුවම එකක් දීල එන්න එපා ඒක කැතයි නේ, ඒ නිසා දෙක තුනක් දෙන්න..“ පසුදින කොල්ලා ඉස්කෝලෙ ගියේය. කෑම බෙදා ගැනීමට හුරු කරවීමට කොල්ලා ලගට ටීචර් ආවාය. ඒ කෑම වෙලාවය. “පුතා මටත් ටිකක් දෙන්න..“ හොද පුරුදු ඉගැන්වීමට ටීචර් අත දිගු කළාය. කොල්ලා අත දිග හැර කෑම පෙට්ටියෙන් කඩල ඇට තුන හතරක්ම දුන්නේය.
    බාසු පුතා එයාගේ අම්මා කියාදුන් තියරිය මෙතැනදී සුපිරියටම practically ඉටුකරලා තියනවනේ කොල්ලා
    දක්ෂයා ,එහෙම වෙන්න එපැයි ආශ්‍රය කොරන්නේ ඉතිං සෑමා බාප්පාවනේ ..

    ReplyDelete
    Replies
    1. බලපං ඉතිං අපි වගෙ පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න කියන්නෙ ඒකනේ..

      Delete
  27. පොඩ්ඩා වැඩ්ඩාය... පොඩි උනත් සැමා ගැන හිතන හැටි හරිය..

    ReplyDelete
    Replies
    1. ෆල ෆල වැරදි වැටහීම් වලට උල්පන්දම් නොදී

      Delete
  28. අපේ පරම්පරාව ගොන් යැයි වැඩිහිටි පරම්පරාව කියති.අපට පසු පරම්පරාව සිරා යැයි අපිම කියමු.එතකොට යකෝ ඇයි අපි විතරක් ගොං උනේ ඇයි??

    ReplyDelete
    Replies
    1. අඩේ සාධාරණ තර්කයක් !

      Delete
    2. දිපන්කෝ උත්තර

      Delete
  29. හික්...මරු පොඩි එකා....

    ReplyDelete
  30. සැමා කොටු පනිනවා පොඩි එකාටත් මාට්ටුය

    ReplyDelete
    Replies
    1. පොඩි එකා වැරදි වැටහීමෙන් බං ඉන්නේ ;)

      Delete
  31. පොඩි එකා උනත් සැමා ගැන හිතන හැටි ඇත්තය.. ;)
    //උන් ලොකු වී පසුකලෙක අපෙන් සීයේ කෝම් පිට්ටු ගහන ඇප් එක කොහෙද කියා අසනවා ෂුවර්ය.//
    මේකනම් සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එයි බං හැංගිමුත්තං කරන්නත් !

      Delete
  32. දැන් හැදෙන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ..... එත් ඉතින් ඒ අය එහෙම වෙලා තියෙන්නේ ඒ අයගේ වරදකුත් නෙමේ... එත් ඉතින් මේ නම් සැමා ගේ ආරෙට යන එකෙක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. සෑමාගේ ආරට ගියා නම් මෙලහකට කොල්ල බ්ලොගක් ලියනවා :ඩී

      Delete
  33. සෑමා ගේ පුතා සෑමා ගේම පුතාය!!

    ReplyDelete
    Replies
    1. නැත නැත...සෑමාගේ අයියාගේ පුතාය

      Delete
  34. කියල වැඩක් නෑ සෑමෝ..ඔය වයසේම පෝරිසාදයෙක් ඉන්නවා අපේ ගෙදර.

    රස ආකාරයක්...දුක් සාගරයක්... :/

    ReplyDelete
    Replies
    1. නියම වචනේ “රස ආකාරයක්...දුක් සාගරයක්... “

      Delete
  35. බාප්පාගේම පුතණ්ඩියානේ :P

    ReplyDelete
  36. පොඩි උන් ඔහොම කතා කියන එක සතුටු වෙන්න කාරනාවක් නෙමෙයි සෑම. මොකද උන් ඔය කියන්නෙ ලොකු අය හරි නැත්තං කබල් ටෙලි වල හරි යන කෑලි අහුලගෙන. පොඩි උන්ගෙ ළමා ගති නැති වෙනකොට උන් ඇට්ටකුනා වෙනව. ඒ නිසා ඔය වගේ දේවල් අගය නොකරන එක තමයි හොඳ කියල තාත්තෙක් හැටියට මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. දැන් ලමා කාටුන් බැලුවත් ඔය වගේ සීන් තමා බං යන්නේ..
      උන්ගෙ වචන පොඩි උන්ට තියා අපිටත් ගැලපෙන්නෙ නැහැ !

      Delete
  37. අනේ මන්දා දැන් පොඩි අය අපේ කාලේ වගේ නෙවෙයි.අපේ දුවත් ඔහොම කතා කියනවා. අපි හිතන්නෙත් නෑ සමහර වෙලාවට ඒ කියන දේවල් එයා දන්නවා ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අරුන්දති. අපේ ලොක්කි කියන එව්වා,කොහේ හරි ගියහම අපේ උන්දැ ඉන්නේ හෙන බයේ, ඇයි මේකි කට ඇරියොත් පන්ඩිත කමක් තමා

      Delete
    2. ලොක්කි හැ‍දෙන්නෙ තාත්ත වගෙද බං ;)

      Delete
  38. බාප්පටම හරි යන පොඩි එකා.. සන්තෝසේ බෑ..

    ReplyDelete
  39. සෑමාගෙ කථාව පට්ට ඇත්තකි. අපේ පැත්තෙ 3 වසරෙ කොලුවෙක් තම පන්තියේම කෙලි පැටියෙකුට ලියූ ලව් ලෙටරයක් පන්ති භාර ගුරුතුමියට හසු වී ඇත. එහි ලියා ඇත්තේ...

    ඔයා මට කැමතිද ? මට නම් ඔයාව දැක්කම මොනවද වෙනවා කියලාය.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල ඌ ලොකු වුනාම කෙල්ලො දැක්කම ඌට මොනව වෙයිද?

      Delete
    2. ඌට එහෙම කාලේට අර මෙව්වා එක වෙයි

      Delete
  40. ඔය පොඩි මෑන් ලගින් තියා ගැනීමෙන් සෑමා රැක ගත් කාඩ් එකට බඩු හම්බවේ..

    ReplyDelete
  41. මා තවමත් තනිකඩ නිසා පස්ටය. ඉන්නේ මලයෙකි. ඌ නම් හැබැයි අණ්ඩපාලයාය

    ReplyDelete
  42. අපේ නැන්දගෙ දුවගේ පොඩි එකාද තාක්ශනයේ කෙල පැමිනියෙකි. ඩයක් එකට උගේ තාත්තා මොන්ටිසෝරියේ ගයන සිංදු වල වීඩියෝ යූ-ටියුබ් එකෙන් බලන්නට උගන්වා ඇත. කේස් එක පටන් ගත්තේ ඌ මොන්ටිසෝරියේ සිංදු වල අකුරු වැරදියට ගැසූ දවසේ පටන්ය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...