Monday, January 28, 2013

ගම්පහ ගෙට්ටුවෙන් පසු සෑමා සංගීත දිවිය අරඹයි... ද?


බොහෝවිට බ්ලොග්කරණයට යම් සිතක් යොමු වන්නේ කුමක් හෝ වැදගත් සිදුවීමක් නිසාය. විටක තමා දුක්ඛිත ආදර අන්දරය වෙන අයෙකුගේ නමකින් අකුරු කරන්නටත්, විටක තමාට වූ නසරානි සිද්ධීන් වෙන එවුන්ගේ කරපිටින් දමා ලිවීමටත් උපකාර වන්නේ බ්ලොග්ය. එහෙව් අරඹන බ්ලොග් දිවිය තමන්ගේ ජීවිතය බවට පත්වන්නේ නිතැතින්මය. ඒ බ්ලොග්ය, දැන් සෑමා කතා කරන්නේ තමා අද ඇරඹූ තම සංගීත ජීවිතය ගැනය.

අද තිබූ ගම්පහ ගෙට්ටුව ගැන අකුරු කිරීමෙන් අවසන තමා අදින් අරඹන සංගීත දිවිය ගැන අකුරු කිරීම යෝග්‍ය බව සෑමාට දෙවරක් සිතුනේය. මෙහි ඇති ඡායාරූප බුකියේ එහෙන් මෙහෙන් උස්සා ගත් ඒවා බවත්, ඒ ඒ ෆොටෝවල අයිතිය ඒ ඒ පුද්ගලයාට හිමිවන බවත් කිව යුතුය.

ගමන කැළණියෙන් පිටත් වීමට තිබුනේ ගැටයා, කස්සා, සුපුන්, සහ  තරියා සමග උදෑසන 7ටය. ග්‍රවුන්ඩ් බුක් කළ රිසිට් පත සෑමා අත තිබීම නිසා උදේම යා යුතුව තිබුනේය. ඒ හරියට අටට මල්වත්තේ සිටීමටය. කලින් දිනම උක්ත පුද්ගලයන්ට දැනුම් දීමක් කළේ ඒ නිසාය.


කස්සා සුපුනා ගැටයා වේලාවට සැට් වුනත්, තරියා ‘සාර්ප් ඇට් සෙවන ක්ලොක්‘ කැළණියට නොපැමිණි නිසා තරියා ගැනීමට තරියාගේ නිවසටම යාමට විය. ඒ යන විටත් නිදාගෙන සිටි තරියා පටවාගෙන අප මල්වත්ත බලා පිටත් වන්නට විය. කොපමණ කෝල් කළත් ඌට ඇහැරී නැත්තේ ෆෝන් එක Meeting profile එකේ තබාගෙන නිදා සිටි බැවින් බව පසුව හෙලිදරව් වූයේය.

අපි එහෙ යනවිටත් සිරා කොලුවා වැඩ පටන් අරන්ය. කම්මල, සහ සමී ගේට්ටුව අසල තබා ටිකට්පත් දීමට අදාල කටයුතු සම්පාදනය කොට තිබුනේය. ඒ අතර සිරාගේ මිතුරා වූෂූ ක්‍රීඩකයා පැමිණ සිටියේය. අටමා පැමිණි විගස වටපිට බලා ඇසුවේ කවුද බං අර හයේ හතරේ බුවා කියාය. අටමා ටිකක් කළබල වී ඇති බවක් ද පෙනුනේය.

කවිකාරී, රත්ගමයා, රාජ්, ප්‍රදීප්, නාඩියා, උදිත, සිහින මදාර, ශම්මි, Sajith, සුමිත් නිරිඇල්ල, වී පොකුර, වල් රජා, ඊ මේල් කවිකාරි, KAMMALA, ජීවිතය සුන්දරයි, maniya, රෙප් මහත්තයා, අටම්පහුර, තරියා, සමි, දිනෙල්ක, චතුමිතු, ගවේෂක, නෙරංජි, JD, ICE, Gayan Kuruppu, නොහික්මුණු ඇස, උමා, සුදීක, ගැටයා, දේවා, අන්තිමයා, බිම්සර, දඟයා-හිරු, The Lion. ස්කූබි ඩූ, Bunny, රස්තියාදුකාරයාගේ දිනපොත, පවනි තරංගා, ජිංජිබිරිස්, චමී, ලොකු ජෝන්, සුළැඟිල්ලා, බට්ටා, ඕනමැන්ටල්, සිතුම් පැතුම්, සිත්තරී මං, මඩිස්සලේ නිශාන්, වෙඩික්කාරයා, පූසා, තහනම් වචන, බුල්ටෝ, සිත්තමී... අඩේ ඔක්කෝම 100කට කිට්ටු වෙන්න හිටියේය. පුළුවන් තරම් මතක් වූ සියල්ලන්ගේ නම් දැම්ම මුත් සම්පූර්ණ ලිස්ට් එකක් අපේ සිරා කොලුවා ඉදිරියේදී දාන්නේය.

මල්වත්ත ඉදිරිපිටට රැස්වූ සියල්ලෝම පෝලිමේ පිළිවෙලට පිට්ටනිය අසලට ගියෝය.



ඉන්පසු සිරි විසින් ජාතිය අමතා, කතාවක් කළ අතර සෑමා, කතා කරන්නට බැහැ කියූ අටමා (අන්තිම වෙද්දි මයික් උදුරන් කතා කළාද මන්දා...) පිරිස ඇමතුවෝය. පසුව පිළිවෙලින් පිරිස හදුන්වා ගැනීම සිදු කෙරුනේය. එහිදි බ්ලොග් එකකට මුවා වී වැඩ පෙන්නන කොල්ලො කෙල්ලෝ ජීවමානව දැක ගැනීමට හැකි වූයේය. ජාතික වූෂූ ශූරයාට සුදීක අයියා විසින් තෑගි වවුචරයක් පිළිගැන්වීම, බ්ලොග්කරුවන්ගේ හදවත් වල ඇති සුන්දරත්වය විදහා පෑවේය. අනුරාධපුර යෑමට තිබියදී රාජ් ඇවිත් සහය දැක්වීමද ස්තුති පූර්වකව මතක් කළ යුතුය. එසේම සියල්ල අතරතුර බ්ලොග් ලෝකයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන් සදහටම වෙන්ව ගිය ඔබා වැනි බ්ලොග්කරුවන් ගැන තවමත් මතක් වීමද සුන්දර කාරණයක්ය.

සියල්ල අවසන සිරා විසින් තමා දන්නා ගම්පහ මල්වත්තේ සෑම අස්සක් මුල්ලක් නෑරම පෙන්නුවේය. ගම්පහ මල්වත්තට ආ පෙම්වතුන්ට කිසිම හිරිහැරයක් නොවී, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට බලපෑමක් නොවී හොරෙන් බැලීමට තරම් අපේ උන් සාධාරණ වූවෝය.

මුං කටවල් ඇරං අහං ඉන්න කැත

බෝඩ් බලා කියවීම හෙවත් ගයිඩ් කිරීම

ඉන්පසු එළැඹියේ ක්‍රික්‍රට් තරගාවලියයි. හයක් ගැහුවොත් ලකුනු හතරක් ලැබෙන, හතරක් ගැහුවොත් ලකුණු හයක් දෙන, එක පිලකට ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් සිටින, ක්‍රීඩකයන් විසිදෙකක් සහිත තවත් කණ්ඩායම් එකොළහක්, පන්දු රකින අරුම පුදුම ක්‍රික්‍රට් තරගය කාගේත් සිත් ගත්තේය. එහිදී කුරුණෑලග  අහිමි පෙම ක්‍රීඩා සමාජයේ දේවා සහ අහිංසක සිංහයාද, කැළණියේ දිලෙන තරු ක්‍රීඩා සමාජයේ කස්සා සහ සුපුනා නිවුන් සොයුරන් දෙදෙනා අවසන් වටයට පැමිණියෝය. අවසන් වටයේ සිංහයා සහ දේවා ලකුණු දෙකට සීමා කිරීමට කස්සා සහ සුප්පා සමත් වූවෝය. පන්දුව නොපෙනෙන, සියල්ල බොද වී පෙනෙන මොහොතක සෑමා විකට්ටුව පිටුපස සිට ස්ටම්ප් කිරීමක්ද කළේය. පසුව කස්සා සහ සුප්පා ලකුණු දෙකකට දැවී යාමෙන් නැවත තරගයක් පැවැත්වුණේය. එහිදි සෑමාගේ නෙතට කදුළු එමින් කැළණි දිලෙන තරු කණ්ඩායම පරාජයට පත්වුයේය.
අසමජ්ජාති නීති සහිත ක්‍රිකට් තරගයේ තරග තීරක
සපත්තු ගලවා ක්‍රීඩා කළ සෑමාගේ සපත්තු කුට්ටම අස්ථාන ගත කිරීමට තරම් එදිරි වාදීහු සමත් වූවෝය. සපත්තු කුට්ටමක් නැතිව දිවා ආහාරය ගෙන ඒමට කඩේ යෑමට සෑමාට සිදු වූයේය. සපත්තු කුට්ටමට සිද්ධ වූ දේ දැනගත්තේ අද වල් රජාගේ පෝස්ටුව කියවූ පසුය. ඒ අතර මදාරාගේ උස මැනීමේ සිද්ධියට රජාට මෙන්ම සෑමාටද මුහුණ දෙන්නට වූයේය. ඇය දැන් වැඩ කරන්නේ මිනුම්දෝරු දෙපාර්තුමේන්තුවේද කියා සැක පහල වන්නේය.
දිනේශ් - මදාරාගේ උස ප්‍රශ්නය විසදීමට පොටෝවක්

මැච් එක අතර අටමා සෑමා අසල වටයක් කැරකුනේ සෑමාට පන්දු රකින්නට බාධා කරමින්.

“උඹල බඩු ගේනවද, නැත්තං මම ගිහින් කොහෙන් හරි තනියෙන් අඩියක් ගහල එන්නද???“

“ඉවසල හිටපංකෝ.. කලෙක්ෂන් එකට පස්සෙ ගේමු..“

“අනේ මේ කලෙක්ෂන් දාල හරි යන්නෙ නැහැ බං.. කවුද මෙතන සෙට් වෙන්න ඉන්නේ...“

“අර ඉන්නෙ බං නලියා..“ බේරෙන්න බැරිම තැන පේන්න හිටපු එකාට සෑමාගේ අත දිගු වූයේය..

“අපෝ.. බලපං උගෙ මූණ.. උගෙ මූණ මිරිකලම අරක්කු කාලක් විතර ගන්න පුළුවන්..“

අටමා ඉන් පසුව ආගිය අතක් නැතිව ගියේය. ඒ අතර සිරා සමග කෑමද, වෙඩික්කාරයා සහ පවනියා වාහනයේ පිටුපස දමාගෙන වෙල්කම් ඩ්‍රින්ක් ගේන්නද යෑමට සිද්ධ වූයේය. කෑම කඩේ අංකල්ගේ පොඩි දුව දැක සිරා, පවනි, සහ වෙඩික්කාරයා අයිස් කැට දැමූ වතුර බීමට පෙළඹුනෝය. නංගීගේ අතින් වතුර වීදුරුව ගැනීමට තැත්කළ පවනිට වතුර වීදුරුව ලැබුනේ අංකල් අතින්ය.

අටමා රස යැයි කියා රජා තුරුල් කරගත්තේ කෑම වේල අවසානයේදීය. මැච් එක අතරතුර අතුරුදහන් වී මල් පැන් පොදක් තොල ගා පැමිණි අටමා සෑමාගේ වාහනය පිටුපස මල් යහනාවක වැතිර සිටියේය. ඒ අතර රසයි රසයි කියමින් එක එකාගේ ගුණ වයන්නට අටමා අමතක නොකළේය. ඇනෝ කාරයන් සිටියා නම් අටමා ඒ මොහොතේ රෙදි ගලවනවා ෂුවර්ය.
අටම් පහුර ඇනෝලා දෙස හෙලන දරුණු බැල්මෙන්

ඉන්පසු කාන්තා තොප්පි තරගයද පැවැත්වුනේය. එහෙත් ඒ පිළිබද කිසිදු මතකයක් සෑමා ලග නැත්තේය. ඒ වේලාවේ සංවිධාන කටයුතු වල කාර්්‍ය බහුලත්වය නිසා සෑමා සිටියේ තම කාරය පිටුපසය. ග්‍රවුන්ඩ් එක බුක් කරන්නට ආ දවසේ උද්‍යානයේ බීම නොකළ යුතු බවට එතැන පිරිස් අවවාද කළෝය. පළමු සිසිල් බීම බෝතලය කඩා මොහොතක් ගෙවුණු තැන සෑමාට මෙය සිහිවූයේය.

“බලපං සිකි්‍යුරිටිලා ඉන්නවද කියලා. මෙහෙ බොන්න බැහැනේ..“

“උඹ දන්නවද මුල්ම ෂොට් එක දැම්මෙ කවුද කියලා“

“නැහැ බං කවුද?“

“අර අන්න අතන ඉන්න සික්‍යුරිටි අංකල්...“ අපේ උන් ආරක්ෂිත පියවරක් ලෙස මුල්ම ෂොට් එක අංකල්ට දී තිබුනේය. ඉන්පසුව පැවැත්වූ ගීයෙන් ගීය තරගය සෑමාගේ බ්ලොග් දිවියේ වෙනසක් ඇති කිරීමට සමත් වෙනු නිසැකය.

බ්ලොග් ලොවට සමුදී සංගීත ජීවිතය අරඹන්නට සෑමාට සිතුනේ මෙවන් තරගයක් නිසාය. ගීතයෙන් ගීතය තරගයට තරගකරුවන් රැසක් සහභාගි වී සිටියේය. එහෙත් අවසාන තරගකරුවන් දෙදෙනා වූයේ සෑමා සහ උමාය. තරගයට හෝ සුන්දර බ්ලොග්කාරිනියක් සමග ගීත ගායනා කිරීමට ලැබීමෙන් සෑමාගේ සිත සංගීතය පැත්තට යොමුවන්නට හේතු වූයේය. ඇය ගයන ගීතයේ අග අකුරින් පටන්ගෙන ගීතයක් ගායනා කර, සෑමා ගයන ගීතයේ අග අකුරින් ඇය ගීතයක් පටන්ගෙන බොහෝ වෙලා ක්‍රීඩා කිරීමට සෑමාට සිත් වූයේය. බලා සිටි පිරිස් සෑමාට චියර් කළෝය. අවසන තුන් හිතකවත් නොතිබූ සිතුවිල්ලකින් ඇය පරාජය කරන්නට සෑමාට සිදු වූයේය. එය තරගයේ ස්භාවය මිස ඇයට සෑමා ද්‍රෝහී වූවා නොවේය. සෑමා උච්ච ස්වරයෙන්, දණ හිස් නමමින්, හදවතින් ගායනා කළේය. නොයෙක් ජාතියේ මඩ ප්‍රචාර වලට සෑමාගේ රසිකයෝ හසුවන්නේ නැති බවට සෑමා දන්නේය. එසේම මෙවන් සොදුරු තරගකාරියක් සමග එකට තරග කරන්නට ලැබෙන්නේ නම් සෑමා බ්ලොග අතැර සංගීතයට යොමු වේ යැයි රසිකයෝ රැසක් සෑමාට පෝස්ට් කාඩ් මගින් කියා සිටියෝය.
සියළු තරගකරුවන් තරග බිමේ...

සෑමා උච්ච ස්වරයෙන්
මටත් මතක නැහැ මේක නම්

ස්තුති උමා
මේක නම් තරහට ගත්ත එකක්

එම ගීයෙන් ගීය තරගයේ සෑමාට ‘ත‘ යන්නෙන් ගීතයක් ගායනා කිරීමට නොලැබුනේ අවාසනාවටය. එසේ වූවා නම් සෑමා සූදානම්ව සිටියේ මෙවන් ගීතයක් ගායනා කිරීමටය.

තුමුණු නමුණු කුල ගිරි හිස
උදුල සදමඩල දුටු නෙත රැවටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනහෙන්නට කාරණාව
මුහුණ රතුවෙලා දෙනෙතින් කදුළු පනින තරු එළියට
එහෙම හිනාවෙනකොට උඹ ලස්සනයි “උමා“..

උක්ත ගීතය නොකියා දිනූ සමරු තිළිනය මෙන්න

උමා සහ ක්‍රිකට් ටීම් එකේ ෂර්ට් එක හැද සිටි මලයාගේ හඩ සහ ගායන හැකියාව සුපිරි බව කිව යුතුය. එසේම ගිටාරය කරේ දමාගෙන උපන් බිම්සරයා අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් වුයේය.

සියල්ල ආරම්භයේ පිරිස අමතා කතා කරන්නට බැහැ කියූ අටමා අවසන් මොහොතේ මයික් එක අත නොහැර කතා පැවැත්වූයේය. අද දින දුරකථනයෙන් අටමා ඇමතු විට ඔහු කීවේ ඔහු එදින කතා පැවැත්වුයේ නැති බවක්ය. එසේම තමා දිවා ආහාරය ගෙන පැත්තකට වී හිදගෙන සිටි බවක්ද කීවේය. එහෙත් සෑමා කිහිපවරක් කියා සිටි නිසාත්, ඔහු තවත් කිහිපදෙනෙක්ගෙන් අසා ප්‍රතක්ෂ කරගත් නිසාත්, වීඩියෝ කළ දර්ශන ඇති නිසාත්, තමා එදින කතාවක් කළ බවට යම්තාක් මතකයක් ඇති බවට අටමා පිළිගත්තේය.

දිනය නිමා කර සෑමා නිවසට ආවේය. මිදුලේ වාහනය සුපුරුදු පරිදි ගාල් කොට පහුවෙනිදා වැඩට යන්නට වාහනය ලගට යද්දී සෑමාට දෙලෝ රත්වූයේය. ඒ ඩෑෂ් බෝඩ් එක මත තැබූ ගිණි පෙට්ටිය නිසාය. යකෝ තිබ්බ එකෙක් ඒක ගෙදර අරන් ගියා නම් මෙහෙව් විනාසයක් සැමාට නොවන්නේය. දැන් සිද්ධිය වෙලා අහවරය.

“ඊයෙ ගිහින් ගිනි පෙට්ටි තියාගෙන මොකද කළේ“ ඒ සෑමාගේ අම්මාය.

“අහ්.. මේ මැච් එකට ගත්ත බෝල වල බූල් පුච්චන්න ගත්තා...“ සෑමා දක්ෂ ලෙස එක එල්ලේ පිළිතුරු දුන්නේය.

එවන් සුන්දර දිනයක් උදා කරන්නට සිරා, අටමා සහ සෑමා ගත් උත්සාහය පිටුපස තිබූ සියළු හස්තයන්ට සහ, සිත් තොසින් සහභාගී වූ ඔබ සැමට ජයෙන් ජය වේවා. එදින නිල මාධ්‍ය අනුග්‍රහය දුන් බස් රේඩියෝ සහෘදයන්ට,  ස්තුති වේවා. එසේම සයිබර් ෆෙස්ටිවල් එක මීටත් වඩා සුන්දර කර ගැනීමට හැකිවේවා.
රජාගෙන් හොරකම් කළෙමි !
අටමා ගෙදර ගිය හැටි පෝස්ටුවක් ලෙස එළි දැක්වීමට පිඹුරුපත් සකසමි.

sAm ශ්‍රී Perera_11:15pm_28/01/2013

144 comments:

  1. හැබෑට සෑමො උඹල ගිනි පෙට්ටියකින් මොකක්ද කළේ. මම හිතන්නෙ මේ ගෙට්ටුවෙ ලොකුම තෑග්ග හම්බු වෙල තියෙන්නෙ උඹට, අර උම්ම එක.

    උඹලගෙ සංගීත තරඟෙ වීඩියෝ නැත්ද බං, උඹේ ගායන හැකියාව බලන්න.

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවත් හරි සිංදුත් හරි බං :)

      තියෙනවා තියෙනවා. බට්ටාද කොහෙද දානවා කිව්වා. මටත් ඕනෙ බං ඒක බලන්න :ඩී

      Delete
    2. උමා උම්මා කීයක් නම් දුන්නද?

      මට ඇඩුනා :) :)

      Delete
    3. මතක නැහැ අයියෝ !

      Delete
  2. මේ පෝස්ටුවේ මම නැතිවීම ආඩම්භරයට කරුණකි... ඊයේ දවස නම් ලස්සනම දවසක්.. :D

    ReplyDelete
    Replies
    1. ශම්මිව මට සැට් වුනේ නැහැනේ :(

      කොහෙද බොල හිටියේ???

      Delete
    2. hahahahaha,,, ඇයි හත්වලාමේ අන්තිමට මම යනවා සැමා අයියා කියලා මම කියද්දිත් ආනේ ශම්මි කතා කරන්නත් බැරි වුනානේ කියලා කිව්වෙ.. (වැනි වැනි කියපු නිසා වෙන්න ඇති අමතක ඇත්තේ) :P

      Delete
    3. අහ්.. තාත්තා ආව කිව්වේ ?

      වැනි වැනි හිටියෙ මහන්සියට බොල..
      ඊලග පාර කතා කරමු. :))

      Delete
    4. සෑමාටත් පදං බවට මෙන්න සාක්ෂි

      Delete
    5. වයස නිසා කල්පනාව අඩුයි එච්චරයි බොල

      Delete
    6. ගෙදර යද්දි පොළොවෙ තිබ්බෙ දෙකද 4 ද ? ;)

      Delete
    7. 4යි.

      රෝද හතරෙන් ආපු නිසා..

      හූ..හූ...

      Delete
  3. ගිලිහීගිය මතකයක අරුමය....
    අයියෝ සයිබර් සිහින උලෙලටවත් යන්න ලැබෙවා මට......

    ReplyDelete
    Replies
    1. කෝම හරි වරෙල්ලා

      Delete
    2. චී චී චූටි ලමයින්ට හොඳ නැත් තැනක් වෙයිද දන් නැ නේද ?

      Delete
    3. පොඩි ලමයින්ට වෙනම පැත්තක් වෙන් කරන්න බැලුවේ

      Delete
  4. මං නිදාගෙන ඉන්නකොට හීනෙං වගේ ඇහුනා කවුරු හරි මධුර ලෙස අමතන හඬක්....
    ඒකෙං තමා ඇහැරුනේ...
    පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. අනිත් එක මං මේ අහන්නමයි හිටියේ..
      කෝ බං සෑමයියේ අර මම වෘත්තීමය ලෙස තනතිල්ල උඩ හැසිරිච්ච ආකාරය තීන වීඩියෝ එක?????

      Delete
    2. උබෙ එක වීඩියෝවක් නම් බුකියෙ තිබ්බා. අර පිච් එකේ ගැඩවිල්ලෝ තලන එක හොයා ගන්න වෙයි. :)

      වීඩියෝ සෙට් එකම කවුරු හරි දායි නේද??

      ඩේටා නැත්තං අපි රීලෝඩ් කරන්නම් කියපං :))

      Delete
    3. උෂාන් අයියා වීඩියෝ කරා..එයා දැම්මොත් හලී...

      Delete
    4. මං ශිංදු කියපුවත් ??

      Delete
    5. කොහොමත් තරියා එක්ක ෂේප් එකේ ඉන්න එක හොඳය. මොකද අනුෂා ශෙට්ටි වැරදිලාවත් මූට සෙට් වුනුත් ඉතින් වටපිටේ ඉන්න අය ගොඩ.

      Delete
    6. හිකිස්.. පව් යකෝ, ඔහොම බයිට් කරන්න එපා.. :))

      Delete
    7. ඇත්තටම තරියා මොනවද බං කෙ‍ටුවේ අර මැද්දට ඇවිල්ල..හූ විලාපයයි..ලව් කරන උන් දිව්ව උන්ට කියල හිතාගෙන.

      Delete

  5. සිකුරිටි අන්කල්ට අර ෆැන්ට එක දුන්න කියල කිවේ මම ලග හිටි එකා , ඌ ගේ නම මතක නැහැනේ

    ReplyDelete
  6. අපරාදේ කියන්ට බැහැ, සෑමා ලොවෙත් ඇත්තම කියල..

    වැඩේ සුන්දරයි. (මල් වත්තක් වෙලත් මලක් කඩා ගන්න බැරි වීම ගැන අවන්කෙන්ම දුක් වෙන ගමන්).. සංවිධානය කළ සැමට බොක්කෙන්ම සුබ සහ ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ අන්සතු මලක් කඩන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා!

      Delete
    2. මචං නාඩියා.. මේ ලෝකේ ඕනෙම ෆුට්බෝල් ටීම් එකක ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා.. හැබැයි එහෙමයි කියල අනිත් උන් මොකෝ ගෝල් නොගහ ඉන්නවය, ගහනවනේ? හා නැද්ද?

      Delete
    3. ///මේ ලෝකේ ඕනෙම ෆුට්බෝල් ටීම් එකක ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා.. හැබැයි එහෙමයි කියල අනිත් උන් මොකෝ ගෝල් නොගහ ඉන්නවය, ගහනවනේ? හා නැද්ද?//

      මේ වචන ටිකම තරියා අපිත් එක්ක එද්දි කිව්ව බං. සහතික ඇත්ත.

      මෙහෙම වෙන්නේ ගෝල් කිපර්ට වැඩිය, ගෝල් එක ලොකු නිසාද ??

      Delete
    4. ඔන්න ඉතිං සෑමා අමුතු අමුතු ටෝක් දානවා!
      හැබැයි ඒ කතාවත් ඇත්ත වගේ නේ තහනමෝ.... ;)

      Delete
    5. අම්මට සිරි.. අඩේ මම නම් HG නොවෙමි!!! මම දන්නා හැටියට නම් සෑමා අදහස් කරන(වා යයි හිතෙන) "ගෝල්" එකට කීපර් කෙනෙක් නැත.. :D :D

      ( නාඩියා, හන්ගපන් මාව! )

      Delete
  7. හික්ස්! මේ සැමෝ!! ඔන්න මටනම් කපුකම් කරන්න බැරියෝ!!!!!

    ReplyDelete
    Replies
    1. අහ්.. හිතවත්ලු නේ?

      උඹව උදේ ඇහැරවල තියෙන්නෙත් එයාලු නේ??

      Delete
    2. හික්ස්! උදේනම් ඇහැරුවේ නෑලු!!! ;)

      Delete
    3. ඈ?? බොලාගෙ පෝස්ටුවෙ තිබ්බෙ එහෙනම් !

      Delete
  8. අෆ්ෆෙ දෙවනි මනමාලයෝ දෙන්නම ඉන්නවා. මනමාල හිනාව දෙන්නගෙම :ඩී

    දිනේෂ් අයියාට කියන්න ඔනේ.දිනේෂ් අයියාගේ තෙරිම නම් මරැ බ්ලොග් ලොකේ ඉන්න උසම ඩබලව හොයලා තොරගෙන. අනේ එයාට ලංකාවට ආපු ගමන් කණ්ණාඩි කුට්ටමක් අරන් දෙන්න ඔනේ. ඔයා දෙන්නට අඩි උස සපත්තු එහෙමත් ඉතාලියෙන්ම හදලා ගෙන්න කියන්න ඔනි. හිකිස්...

    ReplyDelete
    Replies
    1. හරි උස කෙල්ලයි කොල්ලයි..

      මගෙන් අහගන්න හදන්නේ ජෝඩුවම !

      Delete
    2. ඒ අපේ වල් ෆැමිලි චැට් එකෙදි කියපියවු. මෙතන මෙහෙම ප්‍රසිද්ධියේ කියන එක හරි නෑ නේ. කිටියා දැක්කොත් කිටියට හොද නෑ නේ :පී

      වල් රජා 5.3ක් උස ඇති උඹයි මමයි 5.4යි දිනේෂ් අයියා 6ක්. ඔන්න මම උස කිවුවා. කොහොමද මැන්න මැනිල්ල හිකිස්.

      Delete
    3. අනේ ඇත්තට කවුද හිතුවේ මුං දොඬං ගෙඩි දෙකක් තරම්වත් උස නැති උන් කියලා.. කියන්නේ කරන්නෙ නම් හෙන සයිස් වැඩනේ.. සලකා බලන්න ඕන කිවුවත් වගේ උඹලා දෙන්න ගන්නවද කියලා..

      අඩු ගානේ දෙවනි මනමාලියෝ බේරිලා ඉදියි.. ඒකම මදැයි...

      Delete
    4. ඇති යන්තම් රජෝ අපි බේරුණා :)

      Delete
    5. හුරේ!!!!!

      හැබැයි දිනේශ් අයියේ අපිව ගත්තේ නැතත් දෙවනි මනමාලියෝ දෙන්නව අපිට ඈ!!!

      Delete
    6. භයානකම දෙන්නනේ ඒ වැඩේට තෝරගෙන තියෙන්නේ........

      Delete
  9. උඹල වැඩේ ලස්සනට කරල තිබ්බ බං ස්තූතියි.

    උඹලට නැ‍ටුන් තෙල් අල්ලල ගිහින් වගේ..:)))

    ReplyDelete
    Replies
    1. අඩේ ඩොල්කියක් තිබ්බ නම් මාර ආතල් ඈ !

      ස්තුති අයියේ !

      Delete
  10. “අහ්.. මේ මැච් එකට ගත්ත බෝල වල බූල් පුච්චන්න ගත්තා...“
    තරිය ගෙනාපු බොල වල වෙන්ටැ.

    පොස්ට් දැක්කත් මෙව්ව වෙනව අප්ප. ඉරිසියයි ඈ.....

    ReplyDelete
    Replies
    1. තරිය ගෙනාවා වින්සන් බෝල.. පුහ්.. තඩි නයෙක් බං ඕකා. සුදීකයා වෙලාවට බෝල ගෙනාවේ.

      බොට හොද වැඩේ ආපු නැති එකට :පී

      Delete
  11. දරුණු මඩක් නේ.... කොහේද අපේ ටීම් එකේ අහිමි පෙමක් ගැන කියවෙන්නේ.....
    මොනවා උනත් පට්ට ආතල් එකේ කාලෙකින් බෑට් එකක් අරගෙන සෙල්ලම් කරන්න වගේම ගොඩක් හැපි එකේ ඉන්න අවස්තාව සලසා දුන්නට සැමා සිරා අටමා හැමෝටම ගොඩක් තැන්ක්ස්.,... සමහර විට මේ මගේ අන්තිම බ්ලොග් ගේට්ටුව වෙන්නත් පුළුවන්....

    ReplyDelete
    Replies
    1. උබ දක්ස බැටෙක් නොවැ

      ස්තුති :)

      Delete
  12. දුකයි සුමනා.. ලබන සැරේවත්.........

    ReplyDelete
    Replies
    1. මාතලන් මොකද මේ සුමනාටම දුක කියන්නේ?

      Delete
    2. කොච්චර සද්ද දැම්මත් පවුල එන්න දෙන්නෙ නැහැ. ඒකයි ඔය :)

      Delete
  13. ඇත්තවශයෙන්ම කියනවනම්....සෑමා ....ඇඹරෙමින්...උඩ බලමින්....දණ නවමින්...ගීත ගායනා කරන්න දැක් වූ වෙහෙස දැක්කම කන් ඇහෙන්නෙ නැති මටත් ඇඩුනා....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සුමියා. මුං මැච් ගැහුවා අපි සොමි ගත්තා

      Delete
    2. අනේ සුමියෝ උඹට දැනෙන්න ඇති මම උච්ච ස්වරයට යන්න ගත්ත වෙහෙස.

      @නලියා- මැච් ගහන වෙලේ මුකුත් බීම ජාති තිබ්බෙ නැහැනේ.

      Delete
    3. සුම්මා ‍මේක තමා කමෙන්ට් එක

      Delete
    4. සුමිත් අයියගේ කමෙන්ට් එක තමයි මේ පෝස්ට් එකට නියමෙටම වැටිච්ච එක.. හි හි

      Delete
    5. හිරුවෝ බොලා එක්ක අපි තරහයි !!!!!!!!!!!!

      Delete
    6. හැබැහි සැමා බොක්කෙන්ම සිංදු කිවුවා ඈ..

      Delete
  14. එවෙලේ සෑමා අතින් හදලානේ සින්දු කිව්වේ.අපි දන්නෙත් නැහැ එහෙම සිංදු.සෑමාටද අටමට වගේ ඊයේ වෙච්ච දේවල් අමතකද?.නැටුම් ටික නම් නියමයි සෑමා.ගායනයට නෙවේ රංගනයට වුනත් යොමු වෙන්න පුළුවන් ඉදිරියේදී.සුභ අනාගතයක් සෑමෝ :)

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒ සියලු ගීත නිත්‍යානුකුල ඇත්ත ගීත.

      රංගනයට කෝමත් දක්සයි කියල හැමෝම කියනවා. :)

      Delete
    2. ඇ යකෝ දැන් පැය හත අටකට කලින් කෝල් කරපුවහම තොපි දෙන්නා මට පන දෙන්ඩ කතාකරා නේද , උඹලා හොදයි බං බඹර කපන්ඩ යනකොට ලණුව අතට දෙන්ඩ

      Delete
    3. අඩෝව් අටමා උබට අපි අහිතක් කරනවද බං/?

      මෙය හුදු ආතල් එකක් පමණි :)

      Delete
    4. අඩෝ එකෙක්වත් අටම්ට මුකුත් එහෙම කියනවා නෙමේ හරිය.....

      Delete
    5. අටමා නම් සිරා බුවෙකි..මට දැක්ක ගමන් බය හිතුන හතයිපහේ එකෙක්නෙ.

      Delete
  15. සෑමෝ ඔයාලගේ සංවිධානයෙක් කෙරුණු මේ වැඩේ මාරම මාරයි.ඒ වගේම උඹලා හරිම ලෙංගතුයි...ඇත්තමයි එදා මාර ජොලියේ හිටියේ බං.

    ReplyDelete
  16. ස්තුතියි සෑම් වුන මහන්සියට. වෙන කියන්න දෙයක් නෑ. හැබැයි උඹ ගායකයෙක් වුනොත් කොහෙන් නතර වෙයිද දන්නේ නෑ. ජය....!

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රදීප් අයියා.

      ඔහොම ගෑල්ලමයෙක් එක්ක යුග ගීයක් කියන්න දෙනව නම් මමත් තැනකට එයි නේද බං?

      Delete
  17. ඊලඟ පාරවත් ගෙදරින් අවසරේ කොහොම හරි අරන් සෙට් වෙන්නම්. ඉහි ඉහි තාම ඉඩ දෙන් නෑ බොල. :( . මුන්ව අම්මටවත් සුවර් නෑ :D

    ReplyDelete
    Replies
    1. කොටු පනින්න කියන බොරු කියලාවත් එන්න බැරිද බං

      Delete
  18. ලබන අවුරුද්දෙ වත් බලමු ඉතින්....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද. සයිබර් උලෙලට එන්න.

      Delete
  19. සෑමාගේ සහ උ(ම්)මාගේ ගායනයෙන් තව ඩින්ගෙන් අමාරුවේ වැටෙන්නේ එතන විනිශ්චයට දාපු මම. මුන් දෙන්නව වට්ටවන්නම බැරි වුනානම් අපි තුන් දෙනා තාම ගම්පහ මල් වත්තේ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයං සුදික යන්ඩ තව කෙල්ලෙක් හිටියනං දෙන්නා සමාදානෙන් අර දෙන්නත් එක යුග ගී ගය ගයා ඉදි , අපි පව්

      Delete
    2. තව ටිකක් ඇදුනා නම් මරේ මරු බං.

      ජය වේවා !

      Delete
  20. හුගක් මහන්සි වෙලා වැඩේ ලස්සනට කරලා තිබුණා... :) ගෙදරට හොරෙන්, ක්ලාස් කටි කරලා ආවයි කියලා පාඩුවක් උනේ නැහැ වාසියක් මිසක්! ;) පුදුම සහෝදරත්වයක්!

    ReplyDelete
    Replies
    1. ස්තුති මලයා.

      ආයෙත් දවසක මෙහෙස සැට් වෙමු !

      Delete
  21. මට හරිම දුකයි සෑමා එක්ක ගීයක් කියන්ට බැරිවීම ගැන.:)

    ලොකුම ප්‍රශ්නේ අර පපඩම්වලට මොකද උනේ කියන එක? :D

    ReplyDelete
    Replies
    1. ශික් අපිට වාද බයිල කියන්න තිබ්බා !

      ** පපඩම් බෙදන්නට භාරගත් බුවා හදිසියේ පැන ගොස් තිබු නිසා පපඩම් ඉතිරු වුණේය. :(

      Delete
  22. Replies
    1. බොලාලා දෙන්නම වැඩක් නැහැ බං :/

      Delete
  23. ඊලඟ අවුරුද්දෙදිවත් බලමුකෝ.

    ReplyDelete
  24. elatma tibuna....100 % sAm...
    ubala tikia denkuta bara watuna wadi (viydama,mahansiya,kapvima,kalaya...).
    ubata dena genapu t-shirt eka amtaka wela ape ganige bag eky....sorry wena ona..
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මම දැක්ක කවුද ටී ෂර්ට් එකක් අතේ තියාගෙන ඇවිදිනවා.

      අවුලක් නැහැ. උබේ පැමිණීම අපිට සතුටක් වුණා. බ්ලොග් ලියන එවුන් ඉන්නෙ, බ්ලොග් කියවලා, කමෙන්ට් කරලා, උන්ට සපොට් කරන ඔයාල වගේ අය නිසා.

      ස්තුති අයියා.
      පවුලේ හැමෝටම ස්තුති කියන්න.
      පව් බං පොඩ්ඩා මට වැදලත් ගියා..

      ජය !

      Delete
  25. කතරගම ගියපු නිසා එන්න උනේ නැහැ ,කොහොම උනත් උබලා වැඩේ හොදටම කරපු ඒකට මගේ ඉස්තුතිය ....

    ReplyDelete
    Replies
    1. රොබිනෝ බොලාත් පිට පැන්න නේ!

      අවුලක් නැහැ සයිබරේ හමුවෙමු.

      Delete
  26. සෑම්.. සපත්තු දෙක හම්බුනාද... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක කලින් දවසෙ හේදුව නිසා හොයා ගන්න බැරි වුනේ. නැත්තං ගේමක් නැතුව හොයා ගන්නවා. :)

      Delete
  27. ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ ගිනිපෙට්ටිය පහුවෙනිද උදේ වෙනකල් දැක්කෙ නෑ කියන්නෙ සෑමත් හොඳ සිහියෙං නෙමෙයි ඇවිල්ල තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ආපු හැටියේ ඉතිං මහන්සියට නින්ද ගියා බං :ඩී

      ඇත්තටම පහුවෙනිද උදේ බං දැක්කේ.. මාර සීන් එක !

      Delete
  28. මෙවන් මඩක් නොවේ ලොවෙත්!!

    ReplyDelete
    Replies
    1. :)

      සාර්ථකයි නේද?

      තව හොද සීන් මතක නැහැ හැබැයි :/

      Delete
  29. කවුද යකෝ මං ගිටාර් එක කරේ තියන් ඉපදුනා කියපු එකා? අහුවෙයංකෝ මට..

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මට අහුවෙයන් කියන්න කලින් කාල බීල ඇග හදාගනින් පුතා..

      :)

      Delete
  30. අවුරුදු උලෙල වෙලාවෙ සෑමව පෙනුනෙ මීට වඩා උස මහතට නෙව. රාජකාරි වැඩිවෙලා කෑම කන්ට අමතක වෙලාද කොහෙද කෙට්ටුවෙලා. හොඳට සංවිධානය කරල තිබුන වැඩේ.

    ReplyDelete
    Replies
    1. ආහ් නැන්දා කාම්බෝජේ ඉදලා ආවද ? කෝ අපට ගෙනාපු නයි මල්ල ?

      Delete
    2. මං ගැන මෙච්චර කරදර වෙන්ට කට්ටිය ඉන්න එක ගැන සංතෝසෙ බැරුවා. පුලුවන්නං වීස අරං දෙන්ටලාකො. එතැන තමා ප්‍රමාදෙ තියෙන්නෙ. ගිහිං ඇවිත් ලියන්නං ඇඬෙන්ට කට්ටියට.

      Delete
    3. "අපේ නයි අපිවම කයි "

      ප්ශ්..ප්ශ්..ප්ශ්...

      Delete
  31. සිංදු කියලා අවට පස්සේ ඉටේජ් එකේ පිටිපස්සේ ඉගෙන උමා ගැන දැඩි (බොහොම දැඩි ) ලෙන්ගතු කමින් යුතුව සෑම් කතා කළා වගේ මතකයක් තියෙනවා එහෙම දෙයක් උනාද ?:ඩ

    //අටමා ගෙදර ගිය හැටි පෝස්ටුවක් ලෙස එළි දැක්වීමට පිඹුරුපත් සකසමි.//
    උබලා අටමට මඩ ගහනවා වැඩි ඈ ... (මේක ඉක්මනට දාපන් @අටමට හොරෙන් )

    ඩයිවර් කෙනෙක් විදියට අටම්ව පටෝගෙන යනකොට මම ලැබූ ත්‍රසජනක අත්දැකීම් මුණු පොතෙන් සෙට් වෙයන් කියන්න ...

    ReplyDelete
    Replies
    1. වලේ කතා තහනම්...

      Delete
    2. හික් හික්..වලේ ෆොටෝ නම් දැම්මා මුණු පොතට ..

      Delete
  32. අඩේ සැමා අයියා දෙකට නැමීගෙන පට්ට අමාරුවෙන් අමාරුවක් නොප්න්වා බොක්කේක සිංදු කිව්වා කියලා අහන්න ලැබුනා..සැක් මේ අබාගේ හින්දා ඔක්කොම නැති උනා...

    ReplyDelete
  33. ඕනයයි මමයි සිකුරුටි oic ට පොවල උඹලට බොනකොට කරදර නොකර ඉන්න පොරොන්දු කරගත්ත. බ්ලොග් ලියන ගොඩක් උන් කොටයි නෙ.මොකද මන්ද ?

    ReplyDelete
  34. පට්ට පට පට..
    සෑමෝ.. අපිට තිබුනේ අර උණ ගාලේ සිංදුකිව්ව එවුන්ගෙන් බොංගො එක අරං ඇවිත් මයික් කාරිය පැත්තකින් තියල කස්ටියත් එක්ක පොඩි සිංදුවක් කියන්න බන්.. එහෙනං තවත් ආතල් එකක් ගන්න තිබ්බා..
    මොනව උනත් බොහෝම අසීරු/ අපූරු කටයුත්තක් සංවිධානය කිරීම වෙනුවෙන් උඹටත්, සිරාටත් අටමාටත් මගේ ආචාරය!

    ReplyDelete
  35. කියන්න බැරි තරම් ආතල් දවසකි...පුදුම බැඳීමක්..ආයෙත් සෙට් වෙනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ. සංවිධායක මණ්ඩලේට පට්ට ස්තුතිය...

    මම කලින් ගියෙත් සෑම් අයියගේ සින්දුව අහලා මට අන්දකයිප්පු වෙයි කියලා හිතුන හන්දා හෙහ් හෙහ් හෙහ් .

    ~සිතුම් පැතුම්~

    ReplyDelete
  36. අයියෝ........sAm (සෑම්)මෝ..,
    27 සහභාගීවීමට නොහැකි වීම ගැන මට මාර පාඩුයි, පාළුයි මචෝ....ඒත් මොනව කරන්නද මම ඊග එකටවත් set වේනවා කියලා හිතහදාගන්නවා.... උඔලගේ post වලින් (කියෝලා) මම හිත හදාගන්නංකෝ.........අයේ ඔය වගේ function එකක් කවදද තියෙන්නේ..........? අඩේ .sAm (සෑම්)මෝ උඔට පුළුවන්නං අපිවවත් update කරපනකෝ.... බුකියෙන් හරි ..... කමක්නෑ.... අඩේ මට ඉරිසියයි බොල..........!

    ReplyDelete
  37. ඔය ඉස්කෝල වල, කැම්පස් වල එහෙම ගන්න ගුරූප් පොටෝ වගේ, බැරිද ආපු නැති උදවියට දැනගන්ටත් එක්කලා.... පලමු පෙල වමේ සිට... කියලා නම සහ බ්ලොග දාලා පින්තූරයක් එකක් හදන්න... ඔය මූණු අමතක වෙල කාලෙක වටීවි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත, වැඩේට සහභාගී වුනත් හැමෝම හඳුනා ගන්න අපටත් බැරිවුනා...

      Delete
  38. එන්න බැරි වුනත් සෑමගේ පොස්ට් එකෙන් එතනට ගියා වගේ තමා..

    ReplyDelete
  39. ගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය...

    ReplyDelete
  40. නියමයි නියමයි....
    සෑම් මාර ගායනයක්නේ කරලා තියෙන්නේ...හික්.... ෆොටෝ දැක්කම පේනවා.... මුළු ඇගෙන්ම සිංදු කියල.... එල එල.... ඔහොම තමා ගායකයෝ ඉන්න ඕනි......

    ReplyDelete
  41. ඔය තියන ඒව ලංකාවෙ දකුණු පැත්තට පොඩ්ඩක් බර කරල තිබ්බ නම් පව් සිද්ද වෙන්නෙ නෑනේ :(

    ReplyDelete
  42. අපො මුගෙ සපත්තු 2 හොඳයි කටු ගෙට.... එක අල්ලලා 2පාරක් ඩෙටොල් දාලා අත් 2 හෝදන්නත් උනා...

    ReplyDelete
  43. මොකද මචං කනේ කැක්කුමක් තිබ්බද? හවසට නෑවම ඔහොම වෙනවා.

    බොඳ වුන දෙනෙතින් සියලුම පොස්ට් සහ පින්තුරද දුටුවෙමි කියෙව්වෙමි..

    ReplyDelete
  44. ගායන දිවියට හදවතින්ම සුබ පතමිලු ඈ
    හොරෙන් බිලා මාට්ටු වෙන්න එපා හරිය

    ReplyDelete
  45. ඉදිරි ගායක දිවියට සුබ පැතුම් ..
    එදා දවස නම් නියමයි ..

    ReplyDelete
  46. හෑ තරියා ශාර්ප් එකේ නිදගේනනම් හිටිය නේ.
    ලකුණු දෙකට මුලින් අවුට් උනේ අපිනේ. එයාලව ඊට පස්සේ දෙකට කදගත්ත එකත් ලොකු දෙයක්.
    වැඩේ නම් සුපිරි

    ReplyDelete
  47. ශික් සින්දු කියන වෙලාවේ මම හිටියේ නැහැ නේ ;//

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය ආවරණය අන්තිමයි අයිෂ් :)

      Delete
  48. හප්පට සිරි බොල. සෑමානේ Man of the ගෙට්‍ටුව. යකෝ උම්මා එකකුත් හම්බවුනා ඈ? ඔන්න වාසනාවන්තයො. අර බඹරෙ වැල්ලෙත් කැරකෙන වෙලාව. ස්වීප් එකක් ගනිං බලන්න දැන්වත්.

    ReplyDelete
    Replies
    1. බලන්න හෙන්රි අයියා නිදි නොලබා මමත් කැපවුනා මේ වැඩේට...මට එකෙක්වත් උම්මා දුන්නෙ නෑනෙ...ඇඩෙන්නෙ තනිඇහැට...

      Delete
  49. Replies
    1. සයිබරේ ෆෙස්ටි-වල් එකේ සැට් වෙමු

      Delete
  50. ගෙට්ටුවේ රසම හරිය උම්ම ටිකේද කොහෙද ෂික් ඒ ටික මට මිස් වුණානේ එහෙනම් ‍මගෙන් බේරෙනවා සැමෑ බොරු...............

    ලස්සන දවසක්......සංවිධානය කලාට බොහොම ස්තූතියි ගොඩක් අය අදුර ගත්තා

    ReplyDelete
    Replies
    1. සයියෝ ඔයා හිටියනම් බේරෙන්න බැරි වෙන්නෙ ඇයි අයියෝ.. ඔයා නොනැවති උම්ම දෙනවද?

      ස්තුති අපිත් එක්ක එකතු වුනාට.

      Delete
    2. දන්නවා නම් සිත්තමියගෙ උම්මා එක මම ඉල්ල ගන්නව වේලාසන...

      Delete
  51. ගෙට් එක සංවිධානය කල ඔබට මගේ හද පිරි සුබ පැතුම් මෙවැන් මිත්‍රත්වයක් ගොනැගිමට වෙහෙසුන එක ගැන. ගම්පහට අතපොවන මායිමක ඉඳලත් සතිකිපයක සිට ප්‍රතිකාර ගැනිම නිසා එන්න නොලැබුණ එක කණගාටුවක්.

    ReplyDelete
  52. කියන්න දෙයක් නෑ සෑමා...අපි එකතු වෙලා කල ගෙට්ටුව අවසානයේ මට පාසල් කාලයේ ඉදන් ආශ්‍ර‍ය කලා වගේ හිතෙන යාලුවො ගොඩාක් ලැබුනා...ඒ අතරින් උඹයි අටමයි විශේෂයි...

    කවදා හරි සීඩී එකක් කරපු දවසට ඒ එක්ක පුලුන් කෑලි දෙකකුත් නොමිලේ දිපන්...අහන උන්ගෙ කන් වලට ගහගන්න.... ජය !

    ReplyDelete
  53. මට ඊරිසියයි වගේ දැන් එන්න බැරිවීම ගැන නම්. මේ ආරක්ෂක අංශවල රැකියා ගැන කලකිරෙනවා.රාජකාරි ය පැත්තක දාලා එන්න බැරි හේතුවක් මට තිබ්බේ. මොනව උනත් සැමාටත්, සිරාටත් අටමාටත් මගේ ආචාරය! හොඳට ඕගනයිස් කර තිබුන එකක් බව කාගෙත් සතුටු මුහුනු ඇති පොටෝ වලින් පේනවා..

    ReplyDelete
  54. චික් මේවා නොදා හිටියනම් හිතට මෙච්චර දුක නෑ...ඇයි මේවා දැම්මේ අප්පා.....අපි අවුරුද්දට එකක් කරමුද?

    ReplyDelete
  55. ඊලග එකටවත් එන්න ඕනේ .සේරටම කලින් බ්ලොගක් අටවන්න හිතෙනවා .බ්ලොගක් නැති එක නිකන් අඩුවක් වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...