Wednesday, January 25, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (බලාපොරොත්තුව)

විරහවෙන් මිලිනව ඉරි තැලුන හදවත් වලට, අකාලයේ හෙන ගසන වැස්සක, ජල සම්පාදන මණ්ඩලයේ ටැප් එකකින්, නිරපරාදයේ ඇද හැලෙන ක්ලෝරීන් දිය ඩිංග... කුසූ - සිතූ ආදර අන්දරය


**************************************************
සිතූ සහ කුසූ ආදර අන්දරය:  

තව කතා කිහිපයකින් අහවර විය යුතුයි  19 (50%)
මෙගා කතාවක් ලෙස හැකිතාක් ලිවිය යුතුයි  10 (26%)
අපෝ එපා නවත්තපං  9 (23%)

දැනට පවතින් බහුතර මතය අනුව "සිතූ සහ කුසූ ආදර අන්දරය:  තව කොටස් ස්වල්පයකින් අහවරය"
(සුළුතර 23% මතයට හිස නමමුද ? හිකිස්)
**************************************************

එදා ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ගහලවත් පාර පේන්නෙ නැති අදුරු රාත්‍රියක්. වෙනදට රෑ තිස්සේ ‍නයිට් ඩියුටි කරන වවුලෝ තටු අකුලගෙන ගස්වල එල්ලිලා. සිතු තාත්තා පොළට එළවලු ගෙනියන බයිසිකලේ හොරෙන්ම තල්ලු කරගෙන පාරට ආවා. සට සට ගාලා තටු වැදිලා බකමූණෝ සෙට් එකක් ඉගල්ලිලා ගියාට සිතූ බය වුණේ නැත්තේ අවංක ආදරේ නිසාම නෙවේ. බයිසිකලේ තිබ්බ ඩයිනමෝව නිසා ටිකක් හරි පැහැදිලිව පාර පෙනුන නිසා. සිතූ බයිසිකලේට උස නැති නිසා පොල්ල අස්සෙන් කකුලක් දාලා එක  හුස්මට පෑගුවේ කුසූගෙ ගෙදරට. බයිසිකලේ ලාම්පුව නිමලා වත්ත ඇතුලට බයිසිකලේ තල්ලු කරගෙන සිතූ ආව. නැවතුනේ කුසූ ගෙ කාමරේ ජනේලෙ ලග.

මෙහෙම නෙවේ, පොල්ල අස්සෙන් කකුල දාලා පැදගෙන ගියේ

"ටොක් - ටොක්" සිතූ තට්ටු කරද්දි, කුසු ජනේලෙ ඇරිය.

බලුපැටියෙක් කකුල උස්සල මුත්තරා කරනව වගේ, කුසූ කදුලු පෙරාගෙන...

"ඇයි කුසු මොකද මයෙ අම්මා.. "
"සිතූ.. මට අද සනීප නැහැ. බන්ඩිය ගොඩක් රිදෙනවා..." සිතූ ගෙ හිත හිරිවැටුනා. සිතූ 9 වසරේ සෞඛ්‍යය පොත කියවල තිබ්බ නිසා සීන් එක තේරුණා. 

"මම බන්ඩිය අතගාන්නම් මයෙ අම්මා.... " සිතූ ගෙ මූණ සද එලියේ දිලිසුනා. කුසූගේ මුණේ කදුලු කැට දිලිසුනා.

"ඔයාට විතරයි සිතූ මේ අමාරුව කවද හරි නවත්තන්න පුළුවං, ඉක්මනට මේක හොද කරල දෙන්න මයෙ දෙයියා.."

සිතූ සහ කුසූ ගෙ කදුලු කැට සද එලියෙ පොර බදිද්දි, සිත් ආදරෙන් වෙලෙද්දි, මහ කැලෑව අස්සේ ඉදන් කපටි රජා නම් ලද හිවලෙක් කෑගහනව වගේ කුසූගෙ බඩ කෙදිරි ගෑවා.

කුසූ අසනීපෙන් ඉන්නකොට සෑමා කෝමද අසමජ්ජාතියෙක් වගේ කතාව ලියන්නේ. දවස් දෙකක් ඉවසමු. කුසූට හොද වෙනකල්.

කුසූ සහ සිතූ ආදර අන්දරය (3 කොටස) ලගදීම.... 


1 කොටහ බලන්න
2 කොටහ බලන්න

හැමෝම සෑමට බනී කුසූගෙ බඩේ අමාරුවත් පෝස්ට් කළා කියල. කල්පනාවෙන් කියවන්න. හැම වචනයක්ම වැදගත්. ඊලග පෝස්ටුවෙන් තේරෙයි සිතූට - කුසූට වෙන්නෙ මොකද කියල.

3 කොටහ ආව මෙන්න..

42 comments:

  1. හි හි හරි මහන්සි ඇති අද කතාව ලියල.. :D

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මගේ මනුස්සකමට හැමෝම බනී. ඒත් මට බැහැ අර අහිංසක කෙල්ල අසනීපෙන් ඉන්නකොට කතන්දර ලියන්න.

      කුසූට ඉක්මන් සුව පතමු !

      Delete
  2. පොල්ල අස්සෙන් කකුල දාලා බයිසිකල් පදින කොල්ලෙක් කොහොමද 9 වසෙරේ සෞක්‍යය පොත කියවන්නේ.ලොකු අක්කා කෙනෙක්ගේ පොතක් කියවලද නැත්නම් කකුල් කොට එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ හැමෝම අවංකව ආදරේ කරන සිතූට පද හදනවා. මට ඒව බලං ඉන්න බැහැ. සිතූ දහය වසරට ගියා විතරයි. ඉස්කෝලෙ දිග කලිසම ඇන්දට ඒත් කොට හාදයා. කුසූ හත වසර පාස් වුණා විතරයි.

      තාත්තගේ බයිසිකලේ උසයි. ඒක් ස්ටෑන්ඩඩ් බයික් එකක්ලු. මහ රෑ අමාරුවෙන් පැද්දෙ අවංක ආදරේ නිසා. පව් කොල්ලට විහිළු කරන්න එපා..

      කුසූට ඉක්මන් සුව පතමු !

      Delete
  3. මල්ලි අද මොකද කතාව ඔය තරම් කොට. ඔයාගේ බ්ලොග් එක නම් නියමයි

    ReplyDelete
    Replies
    1. අක්‍කගේ නම දැක්කම මතක් වුණේ. කුසූ - සිතූ ආදරෙන් වෙලෙන්න ඉස්සර "නන්නාදුනන" දෙන්නෙක් තමා..

      ස්තුතී..

      කුසූට ඉක්මන් සුව පතමු !

      Delete
  4. අඩේ මේ පුංචි ට්‍රේලර් එකක්නේ.. මම හිතුවේ කතාව කියලා..

    ReplyDelete
    Replies
    1. ට්‍රේලර් එකක්මත් නෙවේ මචං. අසනීපයක්, ලෙඩක් දුකක් වුනාම විතරක් ගමේ පන්සලේ බෝගහ මතක් වෙන අය කොච්චර ඉන්නවද. ඒත් අසනිප වෙලාවට ලග ඉන්න සිතූ වගේ ආදරවන්තයෙක්?? මම දන්නැහැ තව ඉන්නවද කියල..

      හැම වචනයක්ම වැදගත් මචං. බලමු සිතූට මොනව වෙයිද කියල.

      කුසූට ඉක්මන් සුව පතමු !

      Delete
  5. මටත් තිබුන ඔය වගේ චොපර් එකක්.....ඔයා ලියන ඒව නම් මරු සැමී.......

    ReplyDelete
    Replies
    1. ඔයා චොපර් එකේ බෝයි ෆ්‍රෙන්ඩ් මීට් වෙන්න යන්න නැතිව ඇති.
      ඒත් මේක මහ මෙරක් වගේ ආදරයක්. සිතූ බයිසිකලේ පදින්වත් බැරිව මහ රෑක ගියා කුසූ බලන්ට.. ;)

      Delete
    2. සෑම්..අනේ කොමෙන්ට්ස් දාන්න බයයි..ඒවා යටින් කුනුහරුප ලියන නිසා තව කට්ටියක්....

      Delete
    3. කවුද බොලේ කුනුහරුප දාන්නේ??????

      සෑමාගේ බ්ලොගේ සෑමට එදිරිව ඇනෝ කමෙන්ට් වැටේ නම් ඒවා නොමකමි.
      සෑමාගේ හයියට එන පිරිසට එදිරිව වැටෙන කමෙන්ටු මා විනාස කරමි..

      Delete
  6. අහා !!
    අර සතියක් අල්ලලා තියෙන බඩේ අමාරුව නේ !!!
    මට හිතෙන්නේ වැඩේ හරි වගේ !!! මචං නැවතිලා ද ?

    ReplyDelete
    Replies
    1. තවම නැවතිලා නැහැ මධුරයියේ... බලමු මොනව වෙයිද කියලා !

      Delete
    2. අඩේ කවදා ඉදන් ද බොට අයියා උනේ !!!
      හිටලා නම් ටාර් ගාලා කියහන් අපේ වත්තේ තියෙන අන්නාසි ගැට ටික විකුණ ගත්තෑකි !!! :)

      Delete
    3. ඇයි බොලාලා මේටිකේ අයියල වගේ නේද ඉන්නේ???

      අප්පද බොල අහිංසක ආදරයක් බිස්නස් එකක් කොර ගන්ටද හදන්නේ :/

      Delete
  7. අට වසරේ සවුක්කිය පොත තමා පොත. ආදර්ශවත් පෙම්වතුන් යුවලකගේ සිරා කතාන්තරයක්. කෙනෙකුට මේ වගේ ආදරයක් ලබන්න ලැබෙන්න පිං කොරලා තින්න ඕනේ නැද්ද සැමෝ..?

    ReplyDelete
    Replies
    1. මෙහෙව් ආදරයක් කාටවත් ලැබිල නැතිව ඇති රෙප් මහත්තයෝ..

      මට ඉරිසියයි !

      Delete
  8. හේ හේ මොකක්හරි එකක් කියලා මග නවත්තලා කතාව .. අනේ අම්මපා

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම කැත වැඩ කරන්නේ නැහැ වර්ණෝ, ඊලග පෝස්ටුව සිතූ - කුසූ කතාව.

      Delete
  9. අනේ අම්මෝ මේක කියවද්දි මාවත් හිරිවැටිලා ගියා ඒ විතරක් නෙමෙයි මට මගේ ආදරේත් මතක් වුනා....ඉක්මන්ට බණ්ඩි අමාරුව හොඳ කරන්න කියලා කියපු එක නම් ඕං ඇල්ලුවේ නෑ අයියේ්

    ReplyDelete
    Replies
    1. හිකිස් ඇයි බොල ඒක ඇල්ලුවේ නැත්තේ ?

      Delete
  10. අනේ බොල ඩයිනමෝවෙන් වැඩ කරන බයිසිකලේ ලයිට් එකේ මොනවද ආයේ අමුතුවෙන් නිවන්ඩ තියෙන්නේ.. බයිසිකලේ නතර උනාම නිකන්ම නිවෙනවා.. තල්ලු කරන් යනකොට නිකන් කනාමැදිරියෙක් වගේ ඒක ගනන් ගන්ඩ බෑ...

    ඒ කියන්නේ උඹ මාසෙකට සැරයක්.. මේ වගේ කොට පෝස්ට් දාන්ඩද කල්පනාව..

    කුසූට ඉක්මන් සුවය ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. //තල්ලු කරන් යනකොට නිකන් කනාමැදිරියෙක් වගේ //

      ඒ ටික හරි කවුරු හරි දකී කියල බයේ තමා මේ ලයිට් එක ලග තියෙන සුවිච් එකෙන් ඕෆ් කරේ.

      හිකස්.. මාසෙකට සැරයක් දාන්න බැරිවෙයි සෙනා.. කතාව එයිට කලින් ඉවර වෙයි :)

      ස්තුතී "කුසූට ඉක්මන් සුවය ලැබේවා !!"" කීවට ;)

      Delete
  11. හපෝ ඉමු සැමෝ අසනීපේ ඉවර වෙනකං...නැත්තං හො‍ටු දැක්කා වගේ තමා.ඕඕඕක්කා...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව දැක්කම මට හිනා ගියා බොල.. ඇඩෙනවා..

      (ලිංගික ආසාව හා හො‍ටු....)

      Delete
  12. හලේ... හලී තුට්ටයිනෙ අප්පා....

    ReplyDelete
    Replies
    1. තුට්ට තමා ශානි. කුසූට සනිප වෙනකල් ඉමු !

      Delete
  13. ඉතින් සිතූ ජනේලෙන් අත දාල අරක අතගෑවද? පවු මේ පුන්චි එවුන් නොතේරෙන කමට කරගන්න දේවල්. අර සෞඛ්‍ය පොතේ තිබුනු ඒවා ප්‍රායෝගිකව කරන්න ගිහින් වෙච්ච මිස්ටේක් එකක් නෙමෙයිනෙ?

    ReplyDelete
    Replies
    1. නැහැ මිස්ටේක් එකක් වෙලා නැහැ. සිතූ අවංකයි, එඩිතරයි, නිහතමානී..

      Delete
  14. මේකට මොනව කියන්නද හිතාගන්න බැරුව ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔබාට ලැජ්ජ හිතිලද මන්දා !

      Delete
  15. කාලෙකින් බ්ලොග් එකක් කියවන්නවත් එන්න හම්බුනේ..

    කොටස් 2 1/2 ම එක පාරට කියෙව්ව. සිරා කතාව මචන්. දිගටම ලියපන්. ( බහුතර මනාපයට අනුව ) ..

    ReplyDelete
    Replies
    1. අපොයි බොලා.. කාලෙකින් ඇවිත් බයිටකුත් දාලා නොවැ.. ;)

      කොටස් 2 1/2 ??? මේක භාගයක් නෙවේ බොල.. හිකිස්


      ඇත්තටම මොකද වුණේ. මම බැලුවා කෝ කියල.

      Delete
    2. 1/2 නෙමෙයි බොල? එහෙම වෙන්නෙ කොහොමැ..?

      හොඳටම බිසි වෙලා හිටියේ..ඒකයි එන්නවත් බැරි වුනේ මේ පැත්තේ..දැන් ආයෙත් හැමදාම එනවා..

      Delete
  16. කෑල්ලක් අඩුද බං...
    මම හිතන්නේ කළුවරේ බයික් එකේ යද්දී හැලිලා

    ReplyDelete
    Replies
    1. අඩු පාඩුවක් නැහැ ඔන්න අද එනවා අළුත් පෝස්ටුව :)

      Delete
  17. ela ela machan nagala yanawa madi wasthuwe.... hariyata 24 balanna abbahi una wage oyage katawa enakn dina ganan kara kara innwa

    ReplyDelete
  18. හම්.....තරහ වෙන්න එපා සහෝ..... ඔයා නියමේට අපිව කුලප්පුකරනවා..! අනේ ඒ වචනේසැර වැඩිද මන්දා. මම අදහස් කලේ කියුරියෝසිටි 1ක ගැන. ආසයි කතාවටත්, ඔයාගේ blog 1ටත්. දැන් මම මේ කෙරැවාවට ඇබ්බැහිවෙලා...

    ReplyDelete
  19. පිස්සු හැදෙයි! දැන හොඳද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...