සිතුම්, කුසුම් එක්ක යාළුවෙලා තවම සති දෙකක් විතර. දෙන්නට පැය විසි හතරම කතා කරන්න කපල් සිම් එකක් ගෙනාවේ සිතුම්මයි. තවමත් වයස දහ අටක් නැති සිතුම් වසර දෙකක් බාල කුසුම්ට සිම් එකක් අරන් දෙන්න ගියේ තමන් ඉස්කෝලෙදි කලාපීය ක්‍රීඩා තරග වලට යන්න හදපු තැපැල් අයිඩින්ටිය අරගෙන. ඒත් කුඩේ යට හිටපු සිම් බෙදන අයියා කීවේ මල්ලී මේකට සිම් ගන්න බැහැ කියලා. ආයිත් පස්සේ දවසක ගමේ කමියුනිකේෂන් එකේ දන්න හදුනන අයිය කෙනෙක් ලව්වා යන්තම් කපල් සිම් එකක් අටව ගන්න සිතුම්ට පුලුවන් වුණා. සිතුම් සිම් එක අරන් කුසුම් ලගට ගියේ රෝස මල් පොකුරක් වෝල් පේපර් එකට දාපු චයිනීස් ෆෝන් එකත් එක්කමයි.
![]() |
පස්සෙ දවසක කුසූ එයාගෙම පින්තූරයක් වොල් පේපර් එකට දාගත්තා |
එදා පාට පාට බෝල් පොයින්ට් පෑනෙන් ලියපු ආදරනීය වදන් සිතූට ලැබෙන්න ගත්තේ එකම ෆොන්ට් එකේ හතරුස් අකුරු වලින්. අමාරුවෙන් කියෙව්වෙ සිංග්ලිෂ් වලින්. ඉදල හිටල එම්.එම් එස් ආවට ඒවයෙ තිබ්බෙ කෘතිම රෑප. වෙනද සිතූ කුසූට ඇදල දීපු කොන්ඩේ මූනට වැටුන අහිංසක කෙල්ලන්ගෙ රෑප නෙවේ.
"කුසූ.... ආයෙත් මට උම්මා එකක් දෙන්න.."
සිතුම්ට කුසුම් කොච්චර උම්මා දුන්නත් සිතුම් හැමවෙලේම කීවේ "කෝ කුසූ.. මට ඒක ඇහුනේ නැහැ.. ආයෙත් දෙන්න බලන්න" කියල. උම්ම දෙනව වගේම කුසු ගේ ගෙදර ගිරා පැටිය මැරුන වෙලාවේ අම්මට වත් ගිරව මැරුන කියල නොකියම කුසූ දුවල ගියේ සිතූ ලගට. ඒ සිතූ දුන්න චයිනීස් ෆෝන් එක ලගට.
"ඇයි කුසූ ඇයි?? මට කියන්න බබා ඇයි ඔයා අඩන්නේ" වචන ගලපගන්න බැරිව කුසූ දිගටම අඩද්දී සිතූ හොදටම බය වෙලා.
"ඉහික්..ඉහි..ඉහි.. බලන්න සිතුහ්..ඉහි ඉහි...ඉක්.."
"අනේ ප්ලීස් කුසූ මට කියන්න.. මාව බය නොකර ඔයා අම්මට අහු වුණාද?? අම්ම බැන්නද?? " සිතූ හේතුව හෙව්වෙ මේ විදිහට ෆෝන් එක කනට තද කරගෙන.
"බලන්න සිතූ අපේ ගිරා පැට්ටා මැරිලා... මට හරියට දුකයි...." කුසූ අමාරුවෙන්ම හිතේ දුක දොට්ට දැම්මා.
"ඇයි කුසූ මාව මෙහෙම බය කරන්නේ... මම හිතුවේ ඔයාගේ ආච්චිවත් මැර්ර්.." සිතූ වචන කීපයක් හිර කරගත්තත් කුසූට තේරුනේ නැහැ.
එදා ගිරා පැට්ටගේ භූමිදාන කටයුතුත් සිතූ හෑන්ඩ්ස් ෆ්‍රී එක කන් බෙරයට අලවාගෙන අහං හිටියේ හරිම සංයමයෙන්. ගිරා පැට්ටා වලට දමන විට එක පාරට කුසූගේ හැඩුම් හඩ වැඩිවීමත් සිතූට ඇසෙද්දී ඔහු හැමදේම සිතින් මවා ගත්තා.
"අනේ මම ලග හිටියනම් ඔයාගේ ඔළුව මගේ උරහිසේ තියාගෙන ඇස් දෙකෙන් ගලන කදුලු කැට මම එකතු කරනවා. ඒවා මුතු කැට වගේ අමුනලා අපේ ආච්චිගේ පබලු මාලෙට මාරු කරලා. ඔයාට ආච්චිගේ පබලු මාලේ දෙනවා." එදා කුසූගෙ හිත හැදෙනකල් සිතූ මොන මොනව හරි කිය කිය ලගින් හිටිය. එදා රෑ කුසූ කෑවෙත් නැතිව හිටපු නිසා කුසූව නිදි කරවලා තමයි සිතුත් නිදා ගත්තේ.
"ඔයා කෑවද කුසූ..." කුසූ ආන්සර් කරන කල් බකමූනගේ කැමතිම සිංදුව අහං හිටපු සිතූ හඩ අවදි කලා.
"කොහොමද මයෙ දෙයියො මම කන්නේ??" කුසූ තවමත් දුකින් කියලා සිතූ තේරුම් ගත්තා.
"පිස්සු කරන්න එපා ලමයෝ.. ප්ලීස් කන්න කෝ.." සිතූ බල කරලා කියන්න ගත්තා.
"බැහැ රත්තරං ඔයා කන්න, මම අද උදේ පාන්දර 4ට නැගිටලා ගිරා පැට්ටගේ සොහොන ලග ඉටිපන්දම් දෙකක් පත්තු කලා" කුසූ එහෙම කිව්වට අපිනෙ දන්නේ එයා නැගිට්ට වෙලාව.
"ඇයි මයෙ අම්මා දෙකක් පත්තු කලේ.." සිතූ ප්‍රශ්න කලේ හරිම ලෙංගතුකමින්.
"ඇයි එයා අපි දෙන්නගෙමනේ..."
"ඒක හොදයි.. මාත් අද පන්සල ලගින් මාළු අල්ලන්න යනකොට පඩුරක් දාගෙන යන්නම්" සිතුත් කුසුගේ හිත සැහැල්ලු වෙන ඕනම දෙයක් කරනවා. ඒකයි සැබෑ ආදරය.
"ඒකනේ ඔයාට මම ආදරේ" කුසූ කියද්දී සිතූට ගොඩක් සතුටු හිතුනා. කවදාවත් දැනිල නැති තරම්.
"හරි බබා ඔයා දැන් කාලා මට කොල් කරන්න ඕනේ ඊට පස්සේ තමා මම කන්නේ හරිද??" සිතූ කුසූ ගේ උපවාසයට උපායක් යෙදුවා.
"අනේ ඔයා මම නිසා නොකා ඉන්නෙපා..." කුසූ කම්පා වුනා. කවදාවත් දැනිල නැති දුකක් දැනුනා. ගිරා පැට්ට මලාට වැඩිය දුකක්.
"ඔයාට ඔච්චර දුකනම් ඉක්මනට කාලා මට කෝල් කරන්න.." සිතු හිතුවට වඩා කපටි කොල්ලෙක්.
"හරි බබා මම කාලා කියන්නම්. බලමු කෝ මෙයාගේ ආදරේ තරම.. හිතද පිරෙන තරම්ද, අහසද තරම්ද කියලා" කුසූ, සිතූ ටත්, සිතූ, කුසූ ටත්, කසු කුසු ගා උම්මා පාස් කරගෙන ෆොන් එක තිබ්බා.
කොච්චර මොනව උනත් කුසූට කන්න තරම් හිතක් නැහැ. ගේ පුරා ඇවිද ඇවිද කල්පනා කලා. ටීවී බැලුවා, ඊ මේල් චෙක් කලා, ෆේස් බුක් ගියා.. ඒත් කන්න තරම් හිත නැහැ. පැය දෙකක් තුනක් ගිහින් නිසා සිතූට කෝල් කලේ තවම කෑවෙ නැහැ කියන්න. ඒත් කබරගොයාගෙ කැමතිම සින්දුව ඉවර වෙනකල් දෙතුන් පාර ගත්තත් සිතූ ආන්සර් කලේ නැහැ.
පැය කාලකින් විතර සිතූ කෝල් කලා........
"මගෙ.. දෙයියා..... කෑවද....??" ආන්සර් නොකල නිසා ෂේප් වෙන්න සිතූ ඇදලා කතා කලා.
"ඔයා කෑවද සිතූ" කුසූ ඇහුවා
"මොන කනවද.. මම කුසූ කතා කරන කල් හිටියේ" සිතූ ඇත්තම කීවා.
"ඇයි බබා ඔයා විකාර කරන්නේ ප්ලීස්.... කන්න..කෝ.."
"හරි කුසූ ඔයා කෑවහම කෝල් කරන්න.."
"කොල් කරන්න තමයි, ගත්තාම ආන්සර් කරන්නේ නැහැ.. කොහෙද හිටියේ එවලේ.." කුසූ ඇහුවේ බොරු කේන්තියක් අරගෙන.
"කොහෙ යන්නද බබා.. මම කුස්සියේ හිටියේ.. "
"එතකොට ෆෝන් එක??"
"ෆෝන් එක කාමරේ තිබ්බේ අම්ම මරු අල හොද්දක් හදලා.. ඒකත් එක්ක ඉදිආප්ප විස්සක් කෑවා.." සිතූ කියූ දේ ඉවර වෙන්නට පෙර බීප් නාදය ඇහුනේ කුසූ ෆෝන් එක කට් කරල නිසා.
"එතකොට ෆෝන් එක??"
"ෆෝන් එක කාමරේ තිබ්බේ අම්ම මරු අල හොද්දක් හදලා.. ඒකත් එක්ක ඉදිආප්ප විස්සක් කෑවා.." සිතූ කියූ දේ ඉවර වෙන්නට පෙර බීප් නාදය ඇහුනේ කුසූ ෆෝන් එක කට් කරල නිසා.
සිතූ කල්පනා කරලා එස්.එම්.එස් එකක් ගැහුවා කුසූට..
"ඉතින් බබා ඔයාමනේ කීවේ විකාර කරන්නේ නැතිව කන්න කියලා. ඔයා නිසා නොකා ඉන්නත් එපා කිව්වේ.. මම කොහොමද බබා කියන ඒවට පිටින් යන්නේ??"
Written by sAm_11.03pm_20.12.'11
සෑම්ගේ ට්‍රයල් එකකි. තව එපිසෝඩ් දැම්මොත් නැගලා යයිද ? තීරණය ජනතාව සතුය...
නව වසරට ආසිරි පොඩි සෑමා, සහ ලොකු ෂෑමා ගෙන්...
ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා යනු සෑමාගේ පැතුමයි.
************
සියල්ල පහලින් කියවන්න.....
************
සිරා සිරා දිගටම ලියන්නෝ
ReplyDeleteකතාව නම් පට්ට සිරා ය. අඩේ ගිරවෙක් මැරුනම මෙහෙම අඬන කෙල්ලෙක් දැක්කමයි... ආහ් නෑ. ගොඩක් කෙල්ලෝ ඔය වගේ තමා සමහර කෙල්ලෝ කොණ්ඩෙට ගහන කොණ්ඩ කට්ට නැති උනත් ඉකි ගහලා අඬනවා. ඒකටත් එක්ක අපි !!! කලිසම ගලවගෙන ගියා කිව්වත් යටට ඇදන් ඉන්න එක පිටින් ගෙදර. හික්ස් :)
ReplyDeleteඅත්දැකීමෙන් වගේ ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ලියනනේ නම් කෘතඥ වෙමි.
පොඩි සෑමාටයි ලොකු ෂෑමාටයි කිරි උතුරන සුබම සුබ නව වසරක් වේවා !!! මේ අවුරුද්දෙත් මේ ලියන ස්ටයිල් එක වෙනස් නොවී මේ ආරෙන්ම කතා කියවන්න ලැබේවා !!!
මටනම් හිතෙන්නේ පොඩි සැමාගේම අත්දැකීමක් වගේ.කමක් නැහැ ලියපන්.
ReplyDeleteජයවේව!!
මරු මරු දිගටම ලියන්න.
ReplyDeleteමරු මරු... දිගට ම ලියන්න එපෝ... එක දවසින් ඉවර කරන්න. නැත්තම් ඊළඟ දවස වෙනකල් බලාගෙන ඉන්න එපැයි!
ReplyDeleteමළා ඉස්සෙල්ල පොස්ට් එකේ ඇනෝ එක්ක ඇරගන්න ගිහිං මේක මිස් වෙලානෙ, කියෙව්වෙ නෑ... හෙට කියෝලම කොමෙන්ට් එකක් දාන්නන් :-)
ReplyDelete@මහිම මදුරංග - ස්තුතියි මචෝ..
ReplyDeleteමධුරංග - මේ ඉට්ටයිල් එක අමාරැවෙන් මතක තියාගෙන ඉන්නේ..
ReplyDeleteබොලා අන්තිමට දාපු සටහන වගේ "නැවුම් බලාපොරොත්තු සමග නව වසරක් !" වේවා..:)
ජය ජය ශ්‍රී කිව්වා..
අසරණයා - අත් දැකීම් කියන්නේ ඇහෙන් නොදැකපු අතින් දැකපුවද බොල.. :)
ReplyDeleteකෑගන්න එපා බොලාගේ ෆොටෝ එක දානවා හරිය..
@වර්ණා - ස්තුතියි බොල..
ReplyDeleteලහිරු - හෙක් හෙක් ඒකත් සාධාරන කියමනක් ලහිරැවෝ.. ස්තුතියි..
ReplyDeleteObserver - අලි අලි හිමීට බලන්ට..
ReplyDeleteනිකම්ම 'ඇනෝ' නෙවේ ඔබා මහත්තයා.. 'ඇනෝ සර්'
ජය ශ්‍රී කිව්වා.. !
සමාවන්න!! මොකක්ද බං අර පෝන් එක තෙත් වෙලා තියෙන්නේ.. තේරෙන්නේ නැහැ වගේ..
ReplyDelete@අසරණයා - හෆොයි, එය තේරැම් කිරීමට නොහැක.. එතනදී සෑමාද අසරණය...:)
ReplyDeleteඋඹ බබාද? බබාලගේ තාත්තද ?
ලියපං ආරම්බෙ හොදයි.
ReplyDeleteමේ වගේ ගෑල්ලමයින්ට අපි ඉස්කෝලෙ යන කාලෙ කිව්වෙ 'ටොපිය' කියල, දැන් මොකද්ද දන්නැහැ කියන්නෙ? හෙහ්...හෙහ්...
ReplyDelete[වියාකරණ, ස්පෙලින්, එහෙම චෙක් කොරාද මේකෙ, ඇනෝ එන්ඩ බැරි නෑ]
රාජ් මහත්තයා- ස්තුතියි කොලුවෝ.. උබේ කමෙන්ට් එකේ අකුරැ ටිකක් ඇදයි. මොකද පළවෙනිද සැමරැවද ? :)
ReplyDeleteObserver - දැන් නම් ගොඩක් නම් භාවිතා වෙනව මම හිතන්නේ :)
ReplyDeleteහික්...හික්.. සිරාවට පොර එයිද?? මම අමුතුවෙන් චෙක් කලේ නැහැ..
ඇනෝ සර් කීවනේ මට "රැ සහ රු අකුරු දෙක නිවැරදිව යොදන්ඩ" දන්නේ නැහැ කියලා. ඇත්තටම මට ඒක ටයිප් කරන්න බැරිකම තියෙන්නේ..
බලමු ආවොත් තේරැම් කරලා දෙමු. මූව විභාග දෙපාර්තුමේන්තුවෙන් දාන්න ඇත්තේ මගේ අකුරැ චෙක් කරන්න.. :)
මට නම් හිතෙන්නෙම් මේක සෑමා ගේ අද්දකීමක් කියලා....
ReplyDeleteලියමු ලියමු අනිත් එපිසෝඩ් එකත්..
මචෝ මේකේ වියාකරණ දැම්ම චෙක් කොරල බලපන්.
ඒක නෙමෙයි... මොකක්ද බං අර පෝන් එක තෙත් වෙලා තියෙන්නේ.. තේරෙන්නේ නැහැ වගේ...
ReplyDelete@නෝටියා | Naughty's Impression -
ReplyDeleteනෝටියා සෑමට කතා හදනවා.. :) ස්තුතියි මචෝ හොද ටිකක් ලියන්නම්..
නැහැ නැහැ ව්‍යාකරන චෙක් කරන්නේ ඔබා.. තව කුලියට ගත්ත සර් කෙනෙක් ඇනෝ විදිහට එනවා..
ෆෝන් එක තෙත් වෙන්න ඇත්තේ බැට්රි එකේ වතුර ලීක් වෙලා වෙන්ට ඇති. මාත් හරියටම දන්නේ නැහැ..
සැමා
ReplyDelete/* ෆෝන් එක තෙත් වෙන්න ඇත්තේ බැට්රි එකේ වතුර ලීක් වෙලා වෙන්ට ඇති */
උබ කියනවා නම් එහෙම වෙන්න ඇති...
හිහ් හිහ්.... සිතූ, කුසූ...
ReplyDeleteකියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි... කියන්නේ ඕවට තමා...
නෝටියා | Naughty's Impression - හරියටම දන්නේ නැහැ.. පොඩ්ඩක් හිතලා කිව්වේ... :)
ReplyDeleteදන්න කෙනෙක් ඉන්නවනම් අහල බලනවා හොදයි නෝටියා..
Senna - එහෙම කියන්න එපා කොලුවෝ ඒක තමා සත්‍යය ප්‍රේමය.. අහුවුනොත් විතරයි චොර වෙන්නේ :)
ReplyDeleteපොඩ්ඩක් පරක්කු උනා සැමෝ මේ පැත්තේ එන්න...මේක උඹගේ අත්දැකීමක් වගේ වගේ නිකං....
ReplyDeleteඔබ නොදුටු ලොවක් - සෑමටත් ඉතින් මෙහෙම අත්වැරදිම් වෙන්න පුළුවංනේ බොල..
ReplyDeleteපරක්කු වුණත් උඹ එනවනේ.. :)
ඔන්න මාත් ආවා... සෑහෙන්න පරක්කුයි නේ.. එල ස්ටෝරිය..
ReplyDeleteඅලේ කමක් නැ පරක්කු වුනාට ෂේප් එකේ බලන්ට..
Deleteඅප්පා දැන්නේ මේ සිතූ සහ කුසූව දැනගත්තෙ හි හී
ReplyDeleteඇති යන්තං අදුනගත්තා. බහුතරයක් ෙම් ජෝඩුව ගැන දන්නෙ නැහැනේ..
Deleteජය !
මම නම් අලුත් මේ...සීන්කෝන් වලට. මම BLOG කලාවට ඇබ්බැහි උනේ අහම්බෙන්..! දිගටම යමු.... සුභ පැතුම්....
ReplyDelete“ෆෝන් එක තෙත් වෙලා. කුසූ හිතුවේ ඒ තමන් අඩපු කදුලු කියලා. ඇත්තටම එහෙම නෙවේ“ මේක තමයි සිරාම කෑල්ල!
ReplyDelete///"ෆෝන් එක කාමරේ තිබ්බේ අම්ම මරු අල හොද්දක් හදලා.. ඒකත් එක්ක ඉදිආප්ප විස්සක් කෑවා.." සිතූ කියූ දේ ඉවර වෙන්නට පෙර බීප් නාදය ඇහුනේ කුසූ ෆෝන් එක කට් කරල නිසා.///
ReplyDeleteමෙහෙමත් මෝඩයෙක් .
මරු අයියේ. 3 වෙනි එක කියවලයි එකට ආවේ. ආයෙ කියවන් යනවා :D