Google+ Followers

Sunday, February 19, 2012

කුසූ සහ සිතූ ආදර අන්දරය (6 - අවසන් කොටස)



මෙතෙක් ස්ටෝරිය.....

ගලා යන ග‍ගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී,  ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි. 

කිසිත් නොදත් සිතූ කුසූ රැගෙන පුංචි අම්මාගේ නිවසේ රැදෙයි. එදින රාත්‍රියේ... ""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල..."" කියමින් කිසිවෙකු දොරට පහර දේ.

අද එතැන් සිට අවසානය තෙක්


***************


""අඩේ පාහරයා.. තෝ කොහෙ හිටියත් මම හොයාගෙන එනවා යකෝ.. කෝ මගේ කෙල්ල...""

තොප්පිගලට කෆීර් ප්‍රහාර එල්ල කරන්නා සේ දොරට තඩි බාමින් හොර බලලෙකු පුරු පුරු ගාමින් කුස්සියේ දොර පහුරු ගාන්නා‍ සේ කිසිවෙකු පුංචි අම්මාගේ දොර කඩන්නට වෙර දැරීය. කුසු, සිතුට තව තවත් තුරුලුවන්නටත්, සිතුගේ පපුවට තද වන්නටත් විය.

පුංචි අම්මාද පශ්චාත් භාගය කඩාගත් කඩියෙකු මෙන් සිතූලා සිටි කාමරයට කඩා පැන්නාය. ඒ ඔවුන් කළ කී දෑ බලන්නට නොව සිදුවන්නට යන සංත්‍රෑන්සිය සැක හැර දැන ගැනීමටය.

"මොකද වෙන්නේ සිතූ පුතේ" පුංචි අම්මා ජනෙල් වලට කර්ටන් දාන්නාක් මෙන් ඇද සිටි චීත්තය කඩා නැවත අදිමින් ඇසුවාය.

"කවුද දන්නැහැ පුංචි අම්මේ" එවර පිළිතුරු දුන්නේ කුසූය. වැල්ලේ කැරකුණු බඹරයේ හැපුණු වැලිකැට ගණන දන්නේ එම බඹරයම මිස අන් කවරෙක්ද ? කුසු පෙර වැරදි සිහි කරමින් තව තවත් තැති ගත්තාය. නමුදු තමා ආදරය කළ තමාට ආදරය කළ සිතූ හැරයන්නට ඇයට බැරිය. කළ වරදට සමාව ලැබීමට තමා දිවිතාක් අවංකව සිතූ සමග සිටිය යුතු බව ඇයට පසක්ව හමාරය.

"මොන බල්ලෙක් වුණත් කමක් නැහැ මම අරිනව දොර" උයන්නට ගෙනා මාලු කූරියෙකු ගිල දමා ගෙදර අයිතිකාරයාට දුටුවිට පැන යන්නේ කෙසේද එලෙසම බියෙන් හා එඩියෙන් ඔද වැඩි සිතූ කුසූවද පෙරලාගෙන ඉදිරියට පැන්නේය.

හලාවත ධීවර ගම්මානයට ගැසූ කදුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දුන් ධීවර ලදක් මෙන් කුසුගේ දෙනෙත් වලින් කදුළු කැට විදින්නට වීය. එකී කදුළු කැට වල තිබුනේ අප ආරම්භක විද්‍යාවට උගත් ලවන නොවේමය. දුක, ත්‍රාසය, ආදරය සහ සිතූ කෙරේ බැදි තෘෂ්ණාව එකතුව ඒ කදුළු කැට නිර්මාණය වී තිබිණ.

"තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. අපේ පුංචි අම්ම මිනිහ නැතිවුණ දවසේ ඉදං පතිවත රැකගත්තේ මේ කොස් ලීයෙන් හදපු දොර හින්ද. තෝ මොකෙක් වුණත් කමක් නැහැ මම දොර අරිනකල් හිටු." සිතු රා බී ඇවිසුන නාලාගිරි හස්තියා මෙන් කුංචනාද කළේය. ඇතෙක් මෙන් කුංච නාද කළද ඇත්තටම සිතු සමසමාජ කාරයෙකි. යු.ඇන්.පී නොවේමය.

"බ්‍රාාාාාර්ස්"


ඒ දොර ඇරුණ හඩ මිසක් සිතූට වාත අමාරුවක් නැත.

මෙතෙක් වෙලා දොර අසලින් නැගූ සද්දය තුරන්ව තිබිණ. දොර ඇරිය විට සිතූ දෙපසින් පුංචි අම්මා සහ කුසුද සිට ගත්තේ සිතූ ගුටි කෑවොත් බේරා ගැනීමටය.
තෝ මොකෙක් වුණත් කමක් නැහැ යකෝ. පොඩ්ඩක් හිටපං දොර නොකඩ. 

කලුවරේ දොර පලු දෙක අතරින් කළු පාට ඡායාවක් දුටුවද කිසිවක් පැහැදිලි නැත. නෙළුම් පොකුනේ පැවැත්වෙන ෂෝ එකක පරිසරයම අදුරු කොට ඇති කලෙක ගායකයා දෙසට පමනක් ස්පොට් ලයිට් එකක් එල්ල කල පරිදි මෙන් සිතු තම අත රැදි කෑලි පහේ ටෝච් එක පිටත සිටි පුද්ගලයාගේ මුහුණට දමා ගැසුවේය.

කැළණි ගගේ ඔබා තිබි හුලං පිරි බැලුම් බෝලයක් අත ඇරියා සේ එකවර මතුවූයේ අන් කවරෙකුවත් නොව විමලේය. කුසු සමග රති නදියේ ගිලුනු විමලේය. බෝ මළුවක දහසක් උපාසක් අම්මලා රැදී සිට ඉවත් වූ කලෙක මෙන් කලින් තිබි ඝෝෂාව සැනින් අහවරය. බෝධියේ වට බෝපතක් වුවත් බිම පතිව වන හඩ ඇසේ.

"අඩේ විමලේ අයියා උඹ.." සිතුගේ ඇස් උඩ ගියේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුන අයිසැක් නිව්ටන් මෙනි.

එකල සරුංගල් වාරයට සිතුටත් වඩා විශාල 'වවුලා' සරුංගලයක් පවා හදා දුන්නේ විමලේය. තමා පුංචි කළ බයිසිකලය කැඩුන විට දි පවා එය හදා දුන් විමලේ දැන් සිතුට තමා විසින්ම කඩා දැමූ චේන් එකක් සහිත බයිසිකලයක් පිරිනමා ඇත. සිතූ හා විමලේ ගේ කුඩා කල බැදීම නොදත් කුසු වික්ෂිප්ත වූවාය.

මලගෙදරක ඕමි තරගයකට මෙන් හතර දෙනා හතර පැත්තේ පුටු හතරක හිද ගත්හ. සියල්ල නිහඩය. නමුත් කුසුගේ හඩා වැටෙන සිත ගෝල් ෆේස් එකේ නූල කැඩි සරුංගලයක් ලෙස සලිතය. හිස මතට හූනු පැටවෙකු වැටුන කලෙක මෙන් සලිත සිත තවත් සලිත වන්නට වුයේ විමලේගේ හඩ අවදි වීමත් සමගය.

"සිතු මලයා මට උබටවත්, මේ බඩේ ඉන්න දරුවටවත්, මේ කුසූ නංගිටවත් බොරුවක් කරන්න බැහැ බං, ඒකයි මම මහ රෑම හො‍යාගෙන ආවේ." රජයේ ඔෆීසියක අඩි උස සපත්තු දෙකක් සහිතව ගමන් කරන කෙල්ලෙකු නගන "ටොකොස්, ටොකොස්" හඩට සමාන හඩකින් සිතුගේ හදවතද සැලෙන්නට වන්නේය. ඒ සැකය අමෝරා නැගුනේ සිතුගේ හඩය.

"මොකක්ද බං අයියේ ඒ කුණු හබ්බේ. මට කෙලින් කියපං මොකද මෙතන වෙලා තියෙන්නේ" සිතු ගණිතය පීරියඩ් එකේ පන්තියේ සිටියත් දෙමල පීරියඩ් එකේ පන්තියේ නොරැදෙන්නේ නොතේරෙන දේවල් ඇසීමට අකමැති නිසාය. නමුත් මේ අණ්ඩර දෙමලයට තමාට මුහුණ දීමට වන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

"හරි ඒක තමයි මලයා මම කෙලින්ම කතාවට බැස්සේ, ඇත්ත මේකයි. මේ අහිංසක කෙල්ලගේ බඩේ ඉන්නේ මගේ දරුවා. උඹ නම දෙන්න යන්නේ මේ දරුවට." කුසු ගේ දෙනෙත් අග රැදි කදුලු වියැකී නැත. හරියට වැහෙන්නේ නැති ලීක් ටැප් එකක් මෙන් ඇගේ දෙනෙත් අගින් කදුලු බිංදුව බිංදුව වෑහේ. ආදරය හදුනන සිතු කලබල නොවුනේ ඒ කදුලට ඇති බයටවත්, දුකටවත් නොවේ. නෙදැනුවත්ව, හදිසිව කුසූ අතින් වූ වරද ඇය ‍තේරුම් ගෙන ඇති නිසාත්, ඇයට තමා නොමැතිව සිටිනු නොහැකි බව දන්නා නිසාත්ය.

පුංචි අම්මා අන්දොස්ය. ඇය 2 වසරේ දැරිවියකට 9 වරක් චක්කරය පාඩම් කරන්නට දුන්නාක් මෙන් උඩ බිම බලන්නීය. කිසිවක් පැහැදිලි නැති මුත් තේරුම්ගත් ස්වල්පය හිත තබාගෙන ඇය කරපින්නාගෙන සිටියාය.

වසර ගණනාවක් වසා සිටි මාවිල්ලාරු සොරොව්ව එකවර ඇරියා සේ, සිතේ බලය, සිතේ වර්ගඑලයෙන් බෙදා, හිත පීඩනය දරා සිටි කුසූ අසරණව හඩා වැටුනේ සිතූ ලගය. මගුල් ගෙදරක තම සහෝදරිය සරණපාවා ගත් මස්සිනාගේ දෙපා දෝවන ආකාරයෙන් සිතූගේ දෙපතුල් කදුලෙන් දොවමින් කුසූ හඩන්නට වූවාය. ඇගේ කදුලු වචන වලට පෙරලෙන්නට වෙර දරද්දී සිතූ හඩ අවදි කලේ ඇයව තම සුරතින් නැගිටුවමිනි.

"මට කියන්න දැන් කුසූ ඔයා මම ලග ඉන්නවද, නැත්තම් විමලේ අයිය ලගට යනවද ?" ප්‍රථිඑල වැරදියට ආවත් ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලිවිය යුත්තේමය. එලෙසම ඇය මේ ප්‍රශ්නයට හිස සැලුවා පමණි.

"විමලේ අයියා මොකද කියන්නේ. වැරද්ද මොනව වුණත් මම කැමති කුසු මගේ ලග ඉන්නවට." මෙවර පිළිතුරු ලිවිය යුත්තේ විමලේ අයියාය. හිවල් තඩියෙක් මෙන් හූ කියාගෙන කෑගසාගෙන ආවද විමලේ දැන් ශාන්තව හිදගෙන ඔළුවට අත ගසා කල්පනා කරන්නේය.

"සිතූ මලයා දෙන තරම් ආදරයක්, සතුටක් මට දෙන්න බැරි වෙයි මලයා. ඒත් මම කරපු වැරැද්ද ගැන හිතලා මම ‍මේ ආවේ. අනික මේ කෙල්ලට මම ආදරේ නොකර මේ වගේ දෙයක් වුණේ. දෙන්නගෙම සතුට ගැන හිතලා මම පැත්තකට වෙන්නම්. ඒත් මලයා කෝමද ගෙදරට මුහුණ දෙන්නේ...??" තෘෂ්ණාව පෙරටු කොට සිගරැට් ෆිල්ටරය පවා උරන සමාජයක විමලේ ආදර්ශමත් වීය.

අලුත උපන් බලල් පැටියෙකු බැලලි අම්මාට තුරුලුව උණුසුම සොයන්නාක් මෙන් කුසූ සිතූගේ උණුසුමට තුරුලු වෙද්දී සිතූ හඩ අවදි කලේ ඇගේ හිසකේ අතරින් ඇගිලි යවමින් හිස අතගාමිනි.

"එන හැම දේකටම අපි මුහුණ දෙන්නම්, හැබැයි විමලේ අයියා පොරොන්දුවෙන්න මේ දරුපැටියගේ ජීවිතය වෙනුවෙන් අපේ ජීවිතවලට කවදාවත් කරදරයක් වෙන්නෙ නැතිව දුරින් ඉන්නවා කියල" සිතූ කොන්දේසි ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයට යන විපක්ෂ මන්ත්‍රීවරයෙකු මෙනි.

"හරි මල්ලී මේ කෙල්ලට, දරුවට කරදරයක් වෙන්නෙ නැහැ මම. හොදින් හිටපල්ලා. මම දැන්ම යනවා, මම හොද පාඩමක් ඉගෙන ගත්තා ආයෙත් සල්ලාලකම් නොකරන්න." විමලේ අවංකව සංවේදීව කතා කරන්නේ ඇල්කොහොල් බලයෙන්ද කියා සැක මුත් ඔහු පිටත්ව ගියේය.

විමලේ මෙන්ම කුසුද උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ පොත් කියවූ කළෙක මෙන් තම වැරදි නිවැරදි කොට සිතූ‍ගේ ජීවිතයේ සිරිකත වන්නට ඉඨා ගත්තාය. ඉදින් ඈ හෙමින් කෙදිරුවේ ඔහුට තුරුලුව ඔහුගේ දෙසවනටය.

"සිතූ අපි දැන් මොකද කරන්නේ....??"

විභාගයකට පෙර සූදානමක් නැති සිසුවෙකුගෙන් තමා පිළිතුරු දත් එක ප්‍රශ්නයක් ලැබුණා සේ සිතුට මෙය පිළිතුරු දන්නා ගැටළුවකි.

"මොනා කරන්නද ? විමලේ හැම දේම කරලා මම ඔයාව ඕනෙ කිව්වම අතෑරල ගියා වගේ මගෙ අම්මා මාව අත අරින්නේ නැහැ කුසූ.. අපි හෙට අපේ ගෙදර යනවා.. එච්චරයි.."

හම්බන්තොටට කුරිරු නියගයක් පැවති සමයේ සිරසේ - ශක්තී සහන යාත්‍රාව බෝතල් ජලය සනීපාරක්ෂක ද්‍රව්‍යය රැගෙන හම්බන්තෙට සැරි සැරුවා මතකැති. සිතූගේ නිවසේ කෑම වලදක් ලිපේ තියා නැත. සින්ක් එක‍ට වතුර පොදක් වැටී නැත. ලිපේ ගිණි පෙලෙල්ලක් දැල්වෙනවා වෙනුවට සිතුගේ මව කඩුල්ල අභියස රැදී කදුලු හුරතල් කරන්නීය. එහෙව් කලෙක සිරස - ශක්තී සහන යාත්‍රාව මෙන් සිතූගේ සේයාව ඇදෙන්නට වූයේ ගුරු පාර දිගේය. දෙනෙත් කදුලු වගුරුවමින් සිතූගේ මව පෙර මගට දිව ගියාය. සිතූ තම කුසූ සමග ඉදිරියට ඇදෙද්දී ගුරු පාරේ පස් කැට මඩ වූයේ දෙදෙනාගේ කදුලු පස් සමග මුසු වූ නිසාමය.

"මට සමාවෙන්න අම්මේ... මේ ඉන්නේ....." කුසූ හදුන්වා දීමට පෙර සිතූගේ කට අම්මාගේ අතින් වැසිණ.

"මට උබලා වැඩි නැ‍හැ ම‍යෙ පුතේ..."

සිතූ - කුසූ ආදර අන්දරය මෙතකින් නිමි
(නිමි කීවේ දෙදෙනාගේ ආදරය නෙවේය, කතාව අවසානය)

***************
පෙර සැලැස්මක් නොමැතිව ගෙතුන සිතූ කුසූ ආදර අන්දරයේ තිරයෙන් පිටුපස කතා

සෑමාගේ කතාව කියවන නංගි කෙනෙකුට සෑමා දිනක් විහිළුවට මෙන් "කුසූ" යැයිය ඇමතුවේය. එදා සිට සතියක් පමණ ඇය සෑමා සමග කතා නොකළාය. යලි ඇය සෑමා සමග කතා කලේ දහසකුත් වටහා දීම් සහ නැවත ඒ නම ඇයට භාවිත නොකරන කොන්දේසිය යටතේය. ඒ තරමට කුසූ නම (චරිතය) කැතද බොලව් ?

සෑමාගේ කතාව කියවූ කිසිවෙක් "කුසූ" යන නම තම දරුවෙකුට තියා මිතුරෙකුටවත් භාවිත කරන්නට පෙ‍ළබෙනු නියතය. එසේම සමහරෙක් තමන් තරහා කාන්තාවන්, මිතුරියන් සදහා "අපෝ එයා හරියට කුසූ වගේ" යන්න භාවිත කරනු මම කීපවතාවක් අත් විද ඇත්තෙමි.

සිතූ - කුසූ එක පෝස්ටුවක් දැමූ පසු කස්ටිය ඉතිරිය (guess) ගෙස් කර කතාව ගොතන්නට ට්‍රයි කළහ. එය සෑමාට අසීමිත සතුටක් ගෙන දෙන්නක් මෙන්ම ඒ (guess) ගෙස් කිරීම් වලින් පිට කතාව ලියන්නට මහත් රුකුලක් විය.

ඉකුත් සතියක බණ ගෙදරකදි පවා සියළු දෙනා මැද අපේ ගමේ අංකල් කෙනෙකු (මා මිත්‍රයෙකුගේ පියෙක්) බ්ලොග ගැන කතා කළ අයුරු මතක් වෙද්දී පවා සෑමාට විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය.

පෝස්ටුවක් දැමූ පසු "මචං ඊලගට මොකද වෙන්නේ" "ඊලග කොටස කවදද ?" වැනි ප්‍රශ්න අසමින්, මා හට දිරි දුන් සැමට තුති.

නොයෙක් ආකාරයෙන් මා දිරිමත් කළ ෆේස්බුකියේ හා බ්ලොග් අවකාශයේ සියළු දෙනාට පෝය දා රෑ අහස බලාගෙන බුර බුරා දගලන බලු කුක්කෙකු මෙන්, හදවත පුරා බුර බුරා නැගෙන ස්තුතිය සැමට පුද කරමි.

සිතූ - කුසූ ආදරය වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවිතයේ  සුභ අනාගතයක් විශ්වාසනීය වෙනසක් වෙනුවෙන් සුභ පතමු

ඒකත් ජය සිරි මංගලම්... !!

78 comments:

  1. සෑහෙන්ඩ දුකයි අප්ප....කතාව ඉවරවුනානෙ...:(
    ඒත් හිතට සතුටුයි...හැමදෙයක්ම හොඳින් සිද්දවුන නිසා...
    සිතූවගේ කොල්ලො ඇත්තටම ඉන්නවඩ...??????????

    ඉක්මණට ආයෙ අළුත් කතාවක් බලන්න ලැබෙයි නේඩ????????///

    ReplyDelete
    Replies
    1. ඔ‍යාල හලපු හැම කදුලකම ප්‍රථිඑල තමා මේ ලැබුනේ..

      නැවතත් ස්තුතී සිතු - කුසු වෙනුවෙන්, ඒ ආදරේ වෙනුවෙන් WTC ගොඩනැගිල්ල වගේ කෙලින් සිටියට..

      අලුත් දෙයක් කරමු කෝ.. !

      Delete
    2. ඈ හොදින් සිද්ද උනේ කොහොමද අෆ්ෆා...
      ගෑනු නම් අනේ මන්දා..

      පිරිමි පව්.

      Delete
  2. තිබුණු සියලුම චරිත වැදගත්.විමලේ ආවංක මිනිහා.පහුවෙලා හරි ආවානේ.පුංචි අම්මාගේ කොස් දොර ගැන ලොකු පැහැදීමක් තියෙන්නේ..

    උතුරායන සේනේගේ ගඟක්.සිතු කුසු ආදර අන්දරය..

    ReplyDelete
    Replies
    1. මේක රාගම කිඹුල වෙනුවෙන් හලපු කිඹුල් කදුලු වගේ නෙවේ මචං.

      අවංක සෙනෙහෙ ගගක පාවෙලා යන කූඹි පැටියෙක් වගේ සිතූ දහඩිය මහන්සියෙන් ගොඩ දාපු... (අප්පද බොල වැරදුනාද මන්දා. විමලේ නේද දාඩිය දාගෙන වැඩේ කොලේ..)

      Delete
  3. මම හිතුවේ එකපාරට දොර ඇරලා සිතූ, විමලෙගේ බැටරි කෑලි දෙකට පයින් පාරක් දෙයි කියලා !
    මොනා උනත් සිතූ නියම කොල්ලෙක් !!! සත්‍ය ප්‍රේම බුංග රාජයෙක් !! :)

    මම කියවපු වෙනස්ම ආදර කතාවක් !!!
    කතාවේ රසය වැඩි කරන්න සෑමා නම් වූ කුජීත රචකයා භාවිතා කල වදන්, අති විශිෂ්ඨ ය !!!
    තවත් මෙවැනි කතා ලියන්නට සෑමාගේ පෑනට ... ආහ් වැරදුනා. සෑමාගේ අතර ශක්තිය ධෛර්ය ලැබේවා කියා එක හිතින්ම පතමි !!!!

    ජය වේවා සෑමෝ !!!
    ප.ලි. - මම් හිතන්නේ සිතූ කුසූ ආදර කතාවේ මාධ්‍ය හමුවක් ලඟදිම තියෙයි වගේ. මොකද පාඨක පිරිසට සෑහෙන ප්‍රශ්න නේ :)

    ReplyDelete
    Replies
    1. විමලෙ ගේ බැටරි දෙක වටිනව බොල. අපරාදේ.. :)

      මාධ්‍යය වාරණයකුති තියෙන එකේ මොන මාධ්‍යය හමුද බං.. ;)

      ස්තුති සහෝ...

      Delete
    2. විමලේ ගැන සෑමාගේ අනුකම්පාව සැක සහිතය !
      ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්න ඕන මේ ගැන හොයන්න.

      Delete
    3. කාගේ හෝ බැටරියක් විනාස වීම අවාසනාවන්තය. බලශක්ති අර්බුධයක් හමුවේ රැක ගත යුත්තේමය..

      Delete
  4. ඔය ටික ඉස්සෙල්ලම කුසු කිවුවනම් ඉවරනේ.. බොරුවට සිතුවාව රැවැට්ටුවා.. මොනවා උනත් සිතුවාගේ කෙලින් තීරණේට මම කැමතියි.. එහෙනම් ඉතින් ඒකත් ජයසරි මංගලම්.. හනිමූන් නැතත් වෙඩින් එකක් ගනීවිනේ.. අපිටත් කියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. හනිමුන් එක කියන්නම්.. වෙඩින් එක බැහැ මචං...

      :)

      Delete
  5. මම හිතුවේ දුක්බර අවසානයක් කියල,, කතාව අනර්ගය්, තව කතාවක් දෙකක් ලිව්වනම් : )

    ReplyDelete
  6. එළ එළ වැඩේ ලස්සනට ඉවර වෙලා..මචෝ මේ වගේ උපමා උපමේය ආයි ජීවිතේට අහන්න වෙන්නේ නෑ...ඒක නිසා අළුත් කථාවක් පටන් ගනින් ඉක්මනටම.....

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ...

      සිතු කුසූ වවාගෙන කන්න තිබ්බ මචං.. ඒත් මට එහෙම කරන්න බැහැ. ඉක්මනට ඉවර කළා.. :)

      Delete
  7. දෙමල ෆිල්ම් එකක් වගේ . . . ගෘෘප් ඩාන්ස් එක්ක සිංදු පහ හයක් තිබ්බනං . . . ෂාහ් !!!

    ReplyDelete
  8. ඔන්න මේ කතාව එහෙම ඉවර එක ගැන ස‍ටු‍ටු වුනත්... තව කොටස් දෙක තුන මේක ඇදගෙන ගිහින් සැමාගේ තවත් උපමා උපමේය ටිකක් රසවිදින්න තිබුනා නම් කියලා දුකකුත් නැතුවම නෙමේ.. කොහොම උනත් එල මචන්.. සිරාවටම

    දෙන්නටම මාත් විශ් ද මොකක්ද එකත් කොලා එහෙමනං

    ReplyDelete
    Replies
    1. ස්තුති දේවා..

      මචං තව ඇදගෙන ගියානම් කතාව විතරක් නෙවේ කස්ටියට මාවත් එපා වෙනව නොවැ.. වවාගෙන කනව කියල ;)

      අලුත් එකක් දාමු..

      Delete
  9. මං කිව්වේ ඕකා රට හරකෙක් කියලා....හොඳ වෙලාවට උඹ කතාව නැවැත්තුවේ.. නැත්තම් තව කීසැරයක් සිතූට ඔහොම සමාව දිදී අනුන්ගේ ළමයි නලවන්ඩ වෙයිද දන්නෑ...

    මොනවා උනත් මේ කතාවෙ හැදෙනවනම් ගත යුතු දේවල් බොහොමයක් තියනවා.. පළවෙනි එක තමා හැම වෙලේම ගෙවල් වල අල්මාරි වලට යතුරු දාලා තියන එක.. හික් හික්..

    උබේ ලිවිල්ලනම් සුපිරි බන්... මේවා කොහෙන් එනවද කියලා හිතෙනවා වෙලාවකට...

    එහෙනම් අළුත් එකක් පටන් ගමු නේද වැඩිය කල් නොයවා...

    ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පොඩි ලාච්චුවලටත් අගුලු දාලා බං තියෙන්නේ ;)

      බොහොම ස්තුති සෙනා.. උබලගේ සපෝට් එක තමා මේ. !

      Delete
  10. දෙමල පිචෑර් එකක් වගේ බං ගෘෘප් ඩාන්ස් එක්ක සිංදු තුන හතරක් එබුවනං

    ReplyDelete
    Replies
    1. ඇයි මචං ඕනයා.. මේ තියෙන්නෙ ගෘප් ඩාන්ස්.. කස්ටිය වට වෙලා කමෙන්ට් දාන්නේ ගෘප් ඩාන්ස් එකක් විදිහට .. :))

      ස්තුති කිව්වා

      Delete
  11. සෑම්..ජයසිරි මංගලම් ඔයාට..ඉක්මනින් වෙඩින් එක ගන්න අරයගෙ බඩ පේන්න කලින්.....:)

    ReplyDelete
    Replies
    1. හපොයි බ‍ඩ නම් මොනාද වෙච්ච දේවල් වලට.. :)

      Delete
  12. වෙනස් ආදර කතාවක්!!! තව එකක් ලියන්ට :D

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ පැත්තේ ආවට.. ජය !

      Delete
  13. බැලින්නම් මං ඉස්සෙල්ලම බලලා තියෙන්නෙ අන්තිම කොටසනෙ....
    අර කිව්වත් වගේ නියම උපමා උපමේයවල් ටික.... :D

    ReplyDelete
    Replies
    1. අපොයි මුල ටික බලන්ට..

      ස්තුතී !

      Delete
  14. අයියෝ සල්ලි, අපිට ඔවට දුක නෑ... කොල්ලො දෙන්නම එල.

    ReplyDelete
    Replies
    1. සල්ලි අපරාදෙ නැහැ බොල.. වෙඩින් වලට වියදම් නැහැනේ..

      ස්තුති කිව්වා.. !

      Delete
  15. පහුගිය ටිකේ තිබ්බ වැඩත් එක්ක මට මේක දිගටම කියවන්න බැරි වුනා ඉක්මනටම ඔක්කොම කියවන්නම්. ඔබගේ ලිවීමේ හැකියාව නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. අපොයි මාත් බැලුව වෙද මහත්තයා ‍කෝ කියල..

      ලෙඩ්ඩු වැඩිද මේ කාලේ..

      ස්තුති !

      Delete
  16. ඇයි ඉවර කලේ , අපරාදෙ නෙව. මොනවා වුනත් නියමයි

    ReplyDelete
    Replies
    1. මම හිතුවා අලුත් සාමාජිකයෙක් කියල.. ඒ කියන්නේ කලින් ඒවත් බලපු පොරක් නේද..

      ස්තුති කිව්වා.. !

      Delete
  17. අප්පා...කතාව ඉවරත් වෙලානෙ බොල.... මොනවා වුනත් සිතූනම් එල කොල්ලෙක්...චරිත ඔක්කොම එල.කුසූ ඉස්සෙල්ලාම කතාව කිව්වානම් හරිනෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම කියන්න බය වෙන්න ඇති. මොනව වුණත් කෙල්ලෙක් නොවැ.. වැරැද්ද කරන්න බය නැහැ. කියන්න තමා බය ;)

      Delete
  18. මේ වගේ ලස්සන කතාවක් කියවන්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුයි..මෙහෙම උපමා නම් මම උපන්තේකට දැක නැත..මෙවැනි අළුත් උපමා සොයාගැනීම පිළිබඳව සෑමාට හද පතුලෙන් බුර බුරා නැගෙන ස්තුතිය පුද කරමි..

    ReplyDelete
    Replies
    1. ස්තුති රූ..

      උපමා පොතක් ගසන්නට සැරසෙමි.. ;)

      Delete
  19. හෙහ්..හෙහ්..ඕනය කියල තියෙන්නෙ නියමෙට. අනිත් එක ලියනකොට කොටස් ගාන අඩු කරල ලිව්ව නං මරු...

    ReplyDelete
    Replies
    1. ඕනයා කට ඇරියොත් ආතල් එකක් නොවැ..

      අනේ ඔබා මාමේ කොටස් 6ක් තරම් සුලු ප්‍රමාණයකින් අහවර කලෙමි.
      බ්ලොග් අවකාශයේ මෙගා කතන්දර යන සමයෙක මෙය සුට්ටියට අහවර කලෙමි..

      ස්තුතී කිව්වා.. !

      Delete
  20. ජය සිරිසුබ මංගලම් වේවා..!!! :D
    තව කතාවක් පටන් ගත්තනම්.. මුල සිටම කියවන්න..
    එහෙනම් අපිටත් කේක් කෑල්ලක්..

    ReplyDelete
    Replies
    1. කෙලින්ම සිතුගේ (විමලේගේ) පළවෙනි බබාගෙ උපන්දිනේට කේක් හොදේ.. :)

      Delete
  21. හැහ් හැහ් හැහ්... පට්ට. සුපිරි කතන්දරයක් නෙව. උඹේ නවීන උපමා වලට තමයි මගේ 1වෙනි කැමැත්ත.
    සිද්ධිය උඹට වෙච්ච දෙයක් නෙවේ නේද? :-)

    ReplyDelete
    Replies
    1. අෆොයි මට ?? මෙහෙම වෙන්ට.. ??

      මම නිසා කාට හරි මෙහෙම වුණාද ඇහුවනම්.. :))

      Delete
    2. හපෝ නොදකින් ෂිහ් තුහ්..... ඔහොම කරලා තියේ නම් කියන්න කොනක ඉඳන් බනින්න

      Delete
    3. විහිලුවක් බොල ගැමියෝ මම කලේ.. :))

      Delete
  22. ඔයා බුර බුරා නැගෙන ස්තූතිය විස්තර කරපු හැටි නම් අපූරුයි...ලස්සන කතාව අපරාදෙ ඉවර කරේ..

    ReplyDelete
    Replies
    1. අපෝ... කතාව තව ඇද්දනම් ජනතාව පව්ය..
      මෙගා නාට්‍යය ලෙස එක තැන කැරකැවීම පව්ය..

      ස්තුති !

      Delete
  23. සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා නිකමට ආවාමයි දැක්කේ අන්තිම කොටස ඇවිත් කියලා කියවන්නේ නැතිව නිදාගන්න හිතුනා මොනා වෙයිද කියලා ෂුවර් නැති නිසා ඒත් අන්තිමට ඕන මගුලක් කියලා කියෙව්වා මම හිතුවට වඩා වේදනා රහිතව කතාව ඉවර වුනු එක ගැන සන්තෝසයි... නියම කතාව අයියේ එල ඈ....ඕං හැමදේම ඔහොම ඉවර උනාලු ෂුවර් එකටම බබා හම්බවෙයිද???

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බබා හම්බෙන හැටි පෝස්ටුවක් දාමුද ??

      කොහෙද බොල ගිහින් හිටියේ..

      Delete
    2. දාමු දාමු අයියේ බබා කවුරු වගේ වෙයිද ඈ....

      පහු ගිය දවස් ටිකේ හරියට නින්දක් නැතිව it day එකේ ubuntu custom distro එකක් හදන්න මහන්සි වුනා ඒ අතරේ මට වෙදකම් කරපු වෙද මහත්තයාගේ අභාවයත් ආරංචි වුනා මගේ වැඩ ටික කරලා it day එකත් ඉවර වෙනකන්ම ඉඳලා වෙද ගෙදර යන්න ඉද්දි අපේ ක්ලබ් එකේ සහෝදරියකගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙලා තිබුනා ඉතින් ඒකටත් සහභාගි වෙලා වෙද ගෙදරත් ගියාම මගේ ආදරීට අසනීප වෙලා නිසා එයාවත් බලලා එයාව බෙහෙත් ගන්නත් එක්කන් ගිහින් ආයේ ගෙදරටම ඇරලවලා පහුවදා ගෙදර ආවා... ඔන්න ඕකයි කේස් එක අද දිහාට පෝස්ට් එකක් දාන්නයි ඉන්නේ.....

      Delete
    3. මේ අයියේ කොමෙන්ටු ගිලින භූතයෙක් සෙට් වෙලාද කොහේදෝ මෙහෙට... මම දාපු කොමෙන්ටු උස්සලා

      Delete
    4. අපොයි මලයා කුණු හබ්බයක් දැම්මද මා ඩිලීට් නොකරමි. එයද මට වටිනවාය..

      Delete
    5. පසුගිය ටිකේ පොඩි කරදර නිසා එහෙ මෙහෙ වෙලා හිටියේ ඒ ගැන තඩි කොමෙන්ටුවක් දාලා පහුවදා බලද්දි ඒක නෑ මම හිතුවා උස්සලා කියලා....

      Delete
    6. ස්පෑම් වෙලා තිබිල මේ දැන් ඇඩ් කලා.. දැන් ඒකත නැහැ නොවැ..

      Delete
    7. හරි හරි දැන් ආව නොවැ.. ස්පෑම් වීම වැලැක්විය හැක්කේ කෙසේද ?

      Delete
  24. ඔන්න ඒකත් ඉවරයි එහෙනම් නේ... මොනා උණත් ආදර්ශමත් කොල්ලො දෙන්නෙක්... සිතූ වගේ අනුන් කල වරදකට කර ගහන්න සූදානම් කොල්ලොත් හොයන්න අමාරුයි.. විමලේ වගේ තමා කල වරද පිළිගෙන කුසූ වගේ අය බාර ගන්න සූදානම් කොල්ලොත් හොයන්න අමාරුයි.. කතාවට අනුව හොඳ අවසානයක්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති ශානි..

      අපෝ එල කොල්ලො ඉන්නවා.. ඒත් කෙල්ල අවංකනම් තමා..

      Delete
  25. කෝ බං උඹ සිතු-කුසූ ගේ බබා හම්බෙන එකට ගියාද....අළුත් මොකුත් නැද්ද....

    ReplyDelete
    Replies
    1. අපොයි විනාසයි... හනිමුන් එකට ගියා නොවැ සිතුව අරගෙන.. :)

      අලුත් එකක් දමමි. පොඩ්ඩක් බිසී වුණා බොල.. සොරි !!

      Delete
  26. අපේ සෑම් අයියට ජයවේවා.....!!! තව අලුත් එකක් ඕනේ......

    ReplyDelete
    Replies
    1. ස්තුතී පිස්සා.. ;)

      දෙමි දෙමි හිටු !

      Delete
  27. අයියෝ කතාව ඉවරදෝ.. හැම කොටසකටම කමෙන්ට් එකක් නොදැම්මට ආසාවෙන් කියෙව්වා හැම කොටසක්ම :)

    ReplyDelete
    Replies
    1. ස්තුතී කිව්වා..

      වෙනසක් කරමු.. ජය !

      Delete
  28. එල කතාව මචං..

    කොල්ලා පව්..

    අපිත් පව්..

    ReplyDelete
  29. ඇත්තටම සෑමා හිතේ කහටක් නැතුව කියන්නම් උබ නම් මාර හැකියාවක් තියෙන කොල්ලෙක් බන්..අනික් ආදර කතා වගේ නොවි අලුතෙන් හිතලා අලුත් දෙයක් ආදර්ශමත් විදිහට දුන්න එකට ගොඩාක් ස්තුතියි...මම මේ බ්ලොග් අවකාශයේ ඉවර වෙනකම් ආසාවෙන් කියවපු එකම කතාව මේක උපමා ටික නම් ලොවෙත් නෑ..කතාවෙ අවසානය ගැන ගොඩාක් සතුටුයි...මට හිතුන දේ මම නම් කිසිම දවසක සිතු වගේ චරිතයක් නෙමෙයි මම සිතු වුනානම් විමලේ ආපු වෙලේ විමලේටම දෙනවා තියාගනින් කියලා...සිතු වගේ වෙන්න මට නම් කවදාවත් බෑ මචන් මම ඒක හොදටම දන්නවා....

    ReplyDelete
    Replies
    1. සොරි මචං පමා වුනාට..

      කමෙන්ට් එකට ස්තුති..

      ජයෙන් ජය !

      Delete
  30. කතාව පට්ටය..
    උපමා සුපිරිය..
    කුසූ චාටර්ය
    සිතූ පව්ය...

    ReplyDelete
    Replies
    1. අපිත් පව්ය..

      ජයෙන් ජය !

      Delete
  31. මට කියන්ට තියෙන්නෙ කතාව සුපිරි කියාය. මම මේ බ්ලොගේට සෙට් උනේ අහම්බෙනි. ඒ සෙට් උනේ කොහෙන්ද කියාවත් මට මතක නැත. මොනා උනත් මේක පට්ටය. දුකින් ගිනිගෙන දැවී ඇති මගේ හදට සතුටේ සිසිලක් ලැබුණු බව කිව යුතුමය. ඔබගේ දක්ෂතාවය අති මහත් බව අවංකව අගයමි. ඔබටගේ ඉදිරිගමනට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  32. ආහ්....sAm......... කතාව උත්කෘශ්ඨය..! මා අන් කවරක් පවසන්නද? ඔබ නම් සැබෑම දක්ෂයෙකි. මෙහි දෘශ්‍ය මාධ්‍යක් නොතිබුනද, චරිත හදවතට කිදා බසිනු ඇත. ඒ ඔබගේ සුපිරි වදන් පෙලහර නිසාමය. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුති ශ්‍රීනාත්.. උබටත් ජය !

      Delete
  33. අදයි මෙහාට ගොඩ වැදුනේ. ගොඩක් පොස්ට් කියෙව්වා. කුසු,සිතු එකත් සේරම කියෙව්වා. පට්ටම පට්ට. ආයෙමත් එනවා ඉතුරු ටිකත් කියවන්න.
    ලොවෙත් ජය!

    ReplyDelete
    Replies
    1. මේ අපේ සිහින සයිබර් උලෙලේ හමු වූ සිහිනයාද?

      ජය සහෝ !

      Delete
  34. කලින් අවිත් තිබුනට කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඔන්න අද නම් ගොඩාක් ලිපි කියෙව්ව. ගොඩක් හොදට අද්හස් දක්වල තියෙනව අයියෙ. ඉදිරියටත් සාර්ථකව කරන්න සුබ පතනව..


    මේ කතා වලින් ලොකූ දෙයක් අපිට ගන්න තියෙනවා. ඒ වුනාට අන්තිම පෝස්ට් එකෙන් චරිත ඝාථනය උනා වගේ . එක පාර ඔක්කොම අතුලත් කරල ඉවර කරපු නිසා වෙන්න ඇති . පොඩ්ඩක් හිතල බලන්න අයියේ...

    ජයෙන් ජය !

    ReplyDelete
  35. උබද බන් විමලේ අයියා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...