මෙතෙක් ස්ටෝරිය.....
ගලා යන ගගක එකට ඇලී ගමන් කරන මල් පෙති දෙකක් මෙන් සිතූ - කුසූ ආලෙන් වෙලී, ආදරය සරි කර ගනිද්දි, ගග මැදට හෙලාලූ මහා රුක්ෂයක් සේ විමලේ මෙකි ජීවිත මැදට පතබෑවෙයි. අවංක ආදරයක කුලුදුලේ පිපි කුසුමක් වු කුසූ හැගීම් අතර අතරමං කොට පෙති කඩාහැලි රෝස මලක් බවට පත්කරන්නේ විමලේය. කිසිත් නොදත් සිතූ තම ජීවිතය ඇගෙන් ලබන්නට වෙර දරයි.
අසමජ්ජාති විමලේ හමුවේ සිතූ පව්ය... !!
විමලේ සමග හැංගිමුත්තං කළ කුසූගේ චක්‍රය ඩෙංගු නාශක ගැසු මදුරුවෙකුගේ ජීවන චක්‍රයට වඩා අවුල් වියවුල් විය. සියළු හැල හැප්පීම් මැද ගලන කුණු දිය කඩිත්තක පාවෙන පත්තර පිටුවකින් සැදි කඩදාසි බෝට්ටුවක් ලෙස අයාලේ ගලා ගිය තම කුළුදුල් ආදරය "සිතූ"ට කළ අසාධාරණය කුසූගේ සිතට වද දෙන්නට විය. පුංචි කාලේ තමන් ලිද ලග නාපු සිමෙන්ති ටැංකියේ කූඹි පැට්ටෙකු සිටියත් ගොඩ ගත් අයුරු කුසූට සිහිපත් විය. එවන් පිංවත් තමා තම ආත්මයම දියකර හැරියේ හුදු නිෂ්ඵල විමලේ වෙනුවෙනි. කෙසේ වෙතත් අවංක බිරිදක් වී පොල් කටු හැන්ද හා රයිස් කුකර් එක සමග ඔට්ටු වී තම දිවිය නැවත "සිතූ" සමග ගොඩ නැගිය යුතු කාළය එලඹ ඇත. කරන්නට දෙයක් නැත. ඕලෙවල් කරන්නට පෙර තම ජීවිතයය. කුසූට දැන් කිසිම විභාගයක් ෂුවර් නැත. විභාගය කෙතරම් හොදින් ලිව්වත් ප්‍රථිඑල ෂුවර්ම නැත. නොදන්නා ජාමිතික සූස්තරවලට වඩා විමලේ සමග අල්මාරිය තුල සිරව ගතවූ කාලය තමාට විශ්වාසය.
විමලේ ගේ සිද්ධියෙන් පසු කුසූ - සිතූ අතර කිසිදු අඩදබරයක් නැත. ඒ සිතූ සිද්ධිය නොදන්නා නිසාය. නමුත් එකී මතකය කුසූගේ සිත තුල හිටවූ රෝස පදුරක් මෙන් කටු එකිනෙක තම සිතේ ඇනී විලාප දෙයි. එලෙස සති කිහිපයක් ගෙවී එලැඹුන පුර පෝදාවේ පාන්දර...
"සිතූ.... ඔයා දොයිද ? "
"නැහැ කුසූ.. ඇහැරිලා ඉන්නේ ඒත් තවම ඇදේ..."
"ඇයි අද ක්ලාස් එන්නේ නැද්ද? "
"මේ අද..? පෝය දවසේ ක්ලාස්..??"
"මතක නැද්ද මැට්ටෝ..? නිදි කුම්බරයා වගේ දොයියන්නේ..? අද අතිරේක චිත්‍ර පන්තියක් දැම්මේ.."
"අප්පටු හුඩු ඔව් නේද..? ඔයා ඇදගෙනද ඉන්නේ..?? මම විනාඩි දහයෙන් අතනට එනවා.. ප්ලීස් මම එනකල් ඉන්න..."
"හරි හරි.. පරක්කු වෙන්නෙපා සිතූ.. ඩිපෝවෙ ඉන්න රැවුල වවාගත්ත අයියට මම බයයි. ඒ මදිවට දවසක් මට ඉබ්බි කියල විහිළු කළා. මට එතන වැඩි වෙලා ඉන්න බැහැ.."
"ඕකේ.. බේබි.. අයි විල් බී දෙයාර්... :-* :-* "
සිතූ මදුරු නෙට් එකත් ඉරාගෙන ඇදෙන් බිමට පැන දඩි බිඩියේ ඇද ගනී. ඒ තම සුමිතුරිය හමුවීමට ඕනෑකම නිසාය.
"මොකද කොල්ලෝ උදේ පාන්දර නැගිට ගෙන..??" ඒ සිතූ ගේ අම්මාය.
"අද අතිරේක චිත්‍ර පන්තියක් අම්මේ.. කුසූ.. තමා කෝල් කරලා දැන් කිව්වේ මට අමතක වුණා.."
"කවුද බොල කුසූ කිව්වේ.. අර අසමජ්ජාති පීටරයගේ දුවද..??" සිතුට කට උත්තර නැත. කුසූගේ නම කටින් පැන්නේ තමාට නොදැනීමය.
"කොහෙ ඉන්න කුසුවෙක්ද අම්මේ..?? මම කිව්වේ "සුසූ" ගැන, අපේ පන්තියේ සුමින්දයා.."
අම්මාගෙන් ප්‍රති උත්තර නැත. සිතූ ගේ අම්මා තම ගොන් පැටියා හැරෙන්නේ පොල් පැලය කන්නට බව ඉවෙන් මෙන් දනී. සීනි බෝතලය, ගිණි පෙට්ටිය පවා ලිප් බොක්කේ හංගන්නේ එනිසාවෙනි.
"අම්මෙ මම යනෝ.." කියමින් සිතූ එළියට පැන්නේය. උරුලෑවගේ අම්මට වුවත් තම පුතා ඌ මැණිකක් බව සැබෑය. සිතූ උරුලෑ ගති පෙන්නන්නේ මෑතක සිට අසුවූ ඉසකුඩිච්චිය නිසාය. සිතූ ගේ අම්මා තම පුතු කොහේ ගියත් පිටවූ පසු අමතක වූ දේවල් බැලීමට පුතුගේ කාමරයට ගොඩ වදින්නීය.
"කොල්ලෝ.. උඹ චිත්‍ර පන්ති යන්නේ තොගේ කුකුල් සායම් එක ගෙදර තියලද??" අම්මා කාමරය අසල හිද කෑගසද්දී, සිතූ වැට අද්දරය. කඩුල්ලෙන් පිටතද දැමූ කකුල නැවත පිටුපසට ගන්නේ අම්මා ලගට දිව ඒමටය.
"අනේ මයෙ අම්මේ.. ඊයේ රෑ මම හා පැටියෙක් පාට කරන්න ගත්තා, එහෙම්මම අමතක වුණා"
"අද පෝය දවසේ කොහෙ තියෙන පන්තියක්ද බොල.." සිතූ සායම් පෙට්ටිය ගනිද්දී අම්මා දෙනෙතින් තම පොඩි පුතු සිරකර ගත්තාය. ඒ බැල්මට සිතූට වුණදේ හිතාගන්නට බැරිද දණිහ බිම වැදින. දෙඅත් එකතු කොට වැන්දේ ඉස්සර පුරුදු යලි මතක් වීමෙනි.
"රත්නත්තරේ පිහිටයි..." ඇස් කොනින් පැන්න කදුලු බිංදුව ඇය චීත්ත පොටින් පිසදැම්මේ සිතූ ආපසු හැරුණු පසුය. මවක දරුවෙකුට නොපෙනෙන්නට දුක සතුට එසේමය.
"ගුඩ් මෝනිං මැඩම්.." සිතූ පිබිදුනු දෙනෙතින් කුසූට විහිළු කළේය.
"පුහ්.. මෙයාට මොකද වෙලා තියෙන්නේ.. ගුඩ් මෝනිං.. මෝනිං.."
"අද ක්ලාස් යන්නම ඕනෙද..?" සිතූ කපටිකමේ උපතය.
"අනේ මන්දා සිතූ මගේ හිතට අද අමුතුයි. මට මේ පෝය දවසේ පන්සලකට යන්නෝනි.."
"අප්පද බොල මාස ගානකින් මාව හම්බෙලා පන්සල් යන්න අහනවා.. අත්තම්ම එක්ක අද සිල් ගන්න ගියා නම් ඉවරයි නේ... හිකිස්.."
"විහිළු නෙවේ සිතු මට ඔයා එක්ක කතා කරන්න ඕනේ නිදහසේ.. අපි අර වැව ඉස්මත්තේ පන්සලට යමු. අත්තම්මා ගමේ පන්සලටනේ යන්නේ. අනික අදුනන කවුරුත් නැහැ."
අද චිත්‍ර පන්තිය ටවුමෙන් එහා පන්සලකය. සිතූ ඇදන් ආවේ මකරෙකු සිටින ටී-ෂර්ට් එකක් වුනත් කරන්නට දෙයක් නැත. කුසු දුකින් සිටි විට විමලේ දුක නැති කලා සේ කුසූ දුකින් නම් සිතූ ලගින් සිටිය යුතුය.
කුසූ සහ සිතූ ලඩරං බස් රථයක නැගී ගමන ඇඹීය. කුසූට ජනේලය අසල සීට් එක දුන් කුසූ එහා පැත්තෙන් වාඩි වී සිටියේය. සිතූ ෆේස් බුකියේ කෙල්ලෙක්ගේ නමක් සර්ච් කරන ආකාරයෙන් සුපරික්ෂාකාරීව කුසූ දෙස බලන්නට විය.
"මොනවද හොරෝ බලන්නේ. අපේ අල්ලපු වත්තේ හොර පූසා වගේ.."
"කුසූ.. ඔයා ටිකක් මහත් වෙලා පැටියෝ... අර මැරිච්ච ගිරා පැට්ටව ගිල්ලද?"
"අනේ.. ඔයා හරි නරකයි සිතූ... ඕක්..ඕක්.. ග්ල්බ්...ග්ල්බ්..." කුසූ තම උගුරට ආ කිසිවක් ගිලින්නට තැත් කළේය.
"ඇයි කුසූ..? ඔයා උදේට කෑවේ නැද්ද? උගුරට එන්නේ.."
"නැහැ සිතූ.. මට දුර ගමන් යන්න බැහැනේ බස් වල.. ඒක නිසා වෙන්න ඇති..." කුසූ උගුරට ආවත්, එය මැඩගෙන කීවාය.
"අපොයි බබා.. හරි හරි අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න ඕනෙ බබා.. එන්න.."
බස් හෝල්ට් එකට සුදුවතින් බැබලෙන දාගැබ පෙනෙයි. දෙදෙනාගේ සිත් බැති සිතින් ඉතිරෙන්නට විය. සිතූ හා කුසූ අත් එකිනෙක පැටලෙද්දීද කුසූට ඔක්කාරය ආවේය. සිතූ ගණනකට නොගත්තේ දුර ගමන් තම ආදරවන්තියට නුපුරුදු නිසාය. දෙදෙනා නැවතුනේ නිල් මානෙල් පිරි පොඩි කඩයක් ලගය.
"අතන එක ලග තියෙන මල් දෙක දෙන්න" කුසූ හුරතල් වූවාය. සිතූ සාක්කුවෙන් මුදල් එලියට ගත්තේ හදුන්කූරුත් අවශ්‍යය බව කියමිනි.
"ඔන්න මහත්තයෝ නමෝ විත්තියෙන් පාන්දරම කරපු බිස්නස් එක.." සුරතේ ඇගිල්ලක් මිරිකමින් ඇටයක් කඩමින් කඩේ අංකල් මල් දෙකක් දෙදෙනාගේ අතට වෙන වෙනම දුන්නේය.
"අපොයි අංකල්, මල් තනි කරන්න හොද නැහැ. දෙන්න දෙකම මට" කුසූ මල් දෙකම තම සුරතට නතුකර ගත්තාය.
හරකා සහ ලණුව මෙන් සුරත් එකිනෙක වෙලී දෙදෙනා පඩිපෙල දිගේ පියමං කලේ උපාසක අම්මලා බිම හිදගෙන සිටියදීය. පඩිපෙල දිගේ කකුල දිගු කොටගෙන සිටි උපාසක අම්මා කෙනෙක්ගේ කකුලේ කුසූගේ දෙපා පැටලී වැටෙන්නට යත්දී මාළුවෙකු ඩැහැගත්ජම්ඹු කොට්ටෝරුවෙකු පිළිහුඩුවෙකු මෙන් ඇයව ඩැහැගත්තේ සිතූය. උපාසක අම්මා සිල් පවාරනය නොකරම කුසූට සිංහලෙන් ආමන්ත්‍රනය කළාය. දැන් හැදෙන එව්වෝ කුලප්පුවෙන් යුත්තෝමය. ඇය කීවාය.
වැලි මළුවේ දණගසා වදින කළ ඇස් පියා සිටින තම පෙම්වතිය සිතූ රිසි සේ දෑහින් විදගත්තේය. තමා පූජා කළ මල ලගින්ම ඇය ඇගේ මලද තැබුවාය.
"පුප්ඵං මිලා යාති යථා ඉදම්හේ - කායෝ තථා යාති විනාසභාවං" මල සේම කයද විනාස වන බව සිතූ දැන සිටියේ තමා සවසට තමා පත්තු කරගන්නා මල නිසාම නොවේ. පත්තු කරනා මලින් සිරුරම දැවෙනා සේම පරව යන මල සේම කයද විනාස වන බව හෙතෙම දත්තේය.
බැති සිතින් දෙදෙනාම ආගමික වතාවත් සිදුකර එලැබියේ බෝධීන් වහන්සේ එහා පැත්තේ පිහිටි ගල් කුල මතටයි. කිසිම පුද්ගලයෙක් නොමැති වදුරු රැලක් දග කරන පෙදෙසක් වූ එහි පාළුව දෙදෙනාගේ කතාවට කදිම තෝතැන්නක් විය.
"සිතූ... ඕක්...ඔක්..." නැවත ඇයගේ උගුරට ආවේ වමනය කිරීමට මෙනි.
"ඇයි දෙයියෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ...මට තේරෙන්නෙ නැහැ. ඔයා ඉස්සර ඔහොම නැහැ." සිතු ඔලිම්පික් පහනට වඩා දැවෙන සිතින් ඇසීය.
"සිතූ.. මම ඔයාට කියන්න හිටියේ සිතූ.. හැම දෙයක්ම මට තනියම දරාගන්න බැහැ බබා..." කුසූ කදුලින් තෙත්වූ දෙනෙතින් කීවාය.
"අපි දෙන්නෙක් නෙවේ පැටියෝ... එක්කෙනෙක්... කියන්න මයෙ අම්මා මොකද ඔයාට වුනේ.." සිතූ ගේ කුහුල පුහුලකට වඩා බරින් වැඩි විය.
"මම ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා, මගෙ මේ බඩේ ඉන්න පැංචා ඔයාගේ සිතූ.. එයා ඔයාගේ.." සිතූගේ ඇස් දෙක නලල මත සමපාත වී පන්සල් භූමිය කැරකෙනවා සේ දැනෙද්දී කුසූ මහ හඩින් හඩන්නට වූවාය. උදේ පාන්දර හඩලන කිකිලිය බිත්තර දමද්දී එයිට වඩා හොදින් සද්ද කරන්නීය.
"හත් දෙයියනේ.. ඒක කොහොමද වෙන්නේ... මම ඔයාව ඉම්බේ එකම එක පාරයි. එදා ක්ලාස් එකේ පඩි පෙල යටදී විතරයි. ෆෝන් එකෙන් කතා කලාම ලමයි හම්බෙන් නැහැ කුසූ.. ඔයාට වෙන ලෙඩක් වෙන්නැති..." සිතූ කුසූ හමු නොවුනට ෆෝන් එකෙන් කරපු කියපු දේවල් වලට ලමයි හම්බෙන්නේ නැත. එසේ වූවා නම් දෙදෙනා අද පරිවාස හා ලමාරක්ශණ අධිකාරියේය.
"ඔයාට මාව සැකද සිතු.. මට තේරෙන්නේ නැහැ ඔයා මට මොනව කලාද කියල. එදා රෑ මම අසනීප වෙලා ඉන්නකොට ආපු නිසාද දන්නෙ නැහැ. මම අසරණයි සිතූ. ටික දවසකින් අපේ ගෙදරින් හැම දේම දැනගනී. ඒ නිසා අපි කොහෙ හරි ඈතකට යමු සිතූ.. මාව අසරණ කරන්න එපා සිතූ.. ගෙදරින් පන්නයි මාව.." මහ රෑක අමර නිදිමතේ සිටින විට කනට කොදුරන මදුරු ගෑණු සතෙකු ලෙස කුසූ කෙදිරි ගෑවාය. සිතූ අන්දොස්ව බලා සිටියේය.
"එදා අපි අතර එහෙම දෙයක් වුනේ නැහැ. බන්ඩිය අතගෑව විතරයි කුසූ... මෙහෙම ලමයි හම්බෙන්න අපි ගස් නැත්තං මල් වෙන්න ඕනේ.. ඒවා තමා සුළගින්, ජලයෙන්, ස්පෝටනයෙන් පරාගනය වෙන්නේ." සිතු තමා දන්නා විද්දියාව එළියට දැම්මේය.
"එහෙනම් යන්න සිතූ.. දුරකට යන්න. එන්න එපා මගෙ ලගට. මම මැරෙනවා. මගේ බඩේ ඉන්න ඔයාගේ දරුවත් එක්කම මැරෙනවා.." කුසූ කෑගෑවාය. සිතූ සිතුවේ ඇය කියන්නේ ඇත්ත කියාය. තම ආදරවන්තිය තමාට කිසිදා වරදක් කොට නැත්තේමය.
"හරි මම එනවා.. යමු.. "
හරි හැටි රස්සාවක් නැති සිතූ භූමිතෙල් කරත්තය කරගැසීමට සැරසේ. යන්නට තැනක් නැත. ඉන්නට තැනක් නැත. එසේ තිබියදී ඔහු සිතට ආවේ අම්මාගේ නංගී නොහොත් පුංචීය. ඇය සිතූලා සමග ජන්මන්තර වෛරයකට පැටලුනේ ඉඩම් ආරවුලකිනි. සිතූලාගේ ඉඩමට පොර බැදීමට පැමිණි පුංචීගේ ස්වාමියා කම්බි වැටේ කම්බියක් කකුලේ ඇනී මිය ගියේ පිටගැස්ම නිසාමය. එදා සිට ඇය සිතූලගේ පවුලට සාප කළාය. මෙවන් කෙළවු මොහොතක ඇය අනිවා සිතූට උදව් කරනවා ඇත. ඔහු ඇය ඇමතුවේය.
"පුංචි අම්මේ මම මේ සිතූ....මට මේ කරදරයක් වෙලා..." ගත් කටටම ඔහු එසේ කීවේ ඇය ෆෝන් එක කට් කරන නිසාමය. සියල්ල ඇයට තේරුම් කළ පසු පුංචී ඔවුනට සෙවන සැලසීමට, සමෘද්ධිය ලබා දීමට එකග වූවාය.
"කුසූ දැන් අපිට අපි විතරමයි. මම මගේ පැටියව බලා ගන්නම්. අපි අපේ පුංචි ලෝකය අපේ පුංචිලගෙ දෙර හදමු කුසූ"
"සිතූ මම ඔයාට ණය ගැතී.. සිතූ.." කළ වරද ඇයට අමතක මුත් ඇය සිතූ සමග අලුත් ලොවට පිය නගන්නීය.
සිතූගේ පුංචී බොර දියේ මාළු බාද්දී - විමලේ කුමක් කරාවිද ?
"නැහැ සිතූ.. මට දුර ගමන් යන්න බැහැනේ බස් වල.. ඒක නිසා වෙන්න ඇති..." කුසූ උගුරට ආවත්, එය මැඩගෙන කීවාය.
"අපොයි බබා.. හරි හරි අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න ඕනෙ බබා.. එන්න.."
බස් හෝල්ට් එකට සුදුවතින් බැබලෙන දාගැබ පෙනෙයි. දෙදෙනාගේ සිත් බැති සිතින් ඉතිරෙන්නට විය. සිතූ හා කුසූ අත් එකිනෙක පැටලෙද්දීද කුසූට ඔක්කාරය ආවේය. සිතූ ගණනකට නොගත්තේ දුර ගමන් තම ආදරවන්තියට නුපුරුදු නිසාය. දෙදෙනා නැවතුනේ නිල් මානෙල් පිරි පොඩි කඩයක් ලගය.
"අතන එක ලග තියෙන මල් දෙක දෙන්න" කුසූ හුරතල් වූවාය. සිතූ සාක්කුවෙන් මුදල් එලියට ගත්තේ හදුන්කූරුත් අවශ්‍යය බව කියමිනි.
"ඔන්න මහත්තයෝ නමෝ විත්තියෙන් පාන්දරම කරපු බිස්නස් එක.." සුරතේ ඇගිල්ලක් මිරිකමින් ඇටයක් කඩමින් කඩේ අංකල් මල් දෙකක් දෙදෙනාගේ අතට වෙන වෙනම දුන්නේය.
"අපොයි අංකල්, මල් තනි කරන්න හොද නැහැ. දෙන්න දෙකම මට" කුසූ මල් දෙකම තම සුරතට නතුකර ගත්තාය.
හරකා සහ ලණුව මෙන් සුරත් එකිනෙක වෙලී දෙදෙනා පඩිපෙල දිගේ පියමං කලේ උපාසක අම්මලා බිම හිදගෙන සිටියදීය. පඩිපෙල දිගේ කකුල දිගු කොටගෙන සිටි උපාසක අම්මා කෙනෙක්ගේ කකුලේ කුසූගේ දෙපා පැටලී වැටෙන්නට යත්දී මාළුවෙකු ඩැහැගත්
වැලි මළුවේ දණගසා වදින කළ ඇස් පියා සිටින තම පෙම්වතිය සිතූ රිසි සේ දෑහින් විදගත්තේය. තමා පූජා කළ මල ලගින්ම ඇය ඇගේ මලද තැබුවාය.
"පුප්ඵං මිලා යාති යථා ඉදම්හේ - කායෝ තථා යාති විනාසභාවං" මල සේම කයද විනාස වන බව සිතූ දැන සිටියේ තමා සවසට තමා පත්තු කරගන්නා මල නිසාම නොවේ. පත්තු කරනා මලින් සිරුරම දැවෙනා සේම පරව යන මල සේම කයද විනාස වන බව හෙතෙම දත්තේය.
ඇස් පියා සිටින තම පෙම්වතිය 'සිතූ' රිසි සේ දෑහින් විදගත්තේය |
බැති සිතින් දෙදෙනාම ආගමික වතාවත් සිදුකර එලැබියේ බෝධීන් වහන්සේ එහා පැත්තේ පිහිටි ගල් කුල මතටයි. කිසිම පුද්ගලයෙක් නොමැති වදුරු රැලක් දග කරන පෙදෙසක් වූ එහි පාළුව දෙදෙනාගේ කතාවට කදිම තෝතැන්නක් විය.
"සිතූ... ඕක්...ඔක්..." නැවත ඇයගේ උගුරට ආවේ වමනය කිරීමට මෙනි.
"ඇයි දෙයියෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ...මට තේරෙන්නෙ නැහැ. ඔයා ඉස්සර ඔහොම නැහැ." සිතු ඔලිම්පික් පහනට වඩා දැවෙන සිතින් ඇසීය.
"සිතූ.. මම ඔයාට කියන්න හිටියේ සිතූ.. හැම දෙයක්ම මට තනියම දරාගන්න බැහැ බබා..." කුසූ කදුලින් තෙත්වූ දෙනෙතින් කීවාය.
"අපි දෙන්නෙක් නෙවේ පැටියෝ... එක්කෙනෙක්... කියන්න මයෙ අම්මා මොකද ඔයාට වුනේ.." සිතූ ගේ කුහුල පුහුලකට වඩා බරින් වැඩි විය.
"මම ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්න යනවා, මගෙ මේ බඩේ ඉන්න පැංචා ඔයාගේ සිතූ.. එයා ඔයාගේ.." සිතූගේ ඇස් දෙක නලල මත සමපාත වී පන්සල් භූමිය කැරකෙනවා සේ දැනෙද්දී කුසූ මහ හඩින් හඩන්නට වූවාය. උදේ පාන්දර හඩලන කිකිලිය බිත්තර දමද්දී එයිට වඩා හොදින් සද්ද කරන්නීය.
"හත් දෙයියනේ.. ඒක කොහොමද වෙන්නේ... මම ඔයාව ඉම්බේ එකම එක පාරයි. එදා ක්ලාස් එකේ පඩි පෙල යටදී විතරයි. ෆෝන් එකෙන් කතා කලාම ලමයි හම්බෙන් නැහැ කුසූ.. ඔයාට වෙන ලෙඩක් වෙන්නැති..." සිතූ කුසූ හමු නොවුනට ෆෝන් එකෙන් කරපු කියපු දේවල් වලට ලමයි හම්බෙන්නේ නැත. එසේ වූවා නම් දෙදෙනා අද පරිවාස හා ලමාරක්ශණ අධිකාරියේය.
"ඔයාට මාව සැකද සිතු.. මට තේරෙන්නේ නැහැ ඔයා මට මොනව කලාද කියල. එදා රෑ මම අසනීප වෙලා ඉන්නකොට ආපු නිසාද දන්නෙ නැහැ. මම අසරණයි සිතූ. ටික දවසකින් අපේ ගෙදරින් හැම දේම දැනගනී. ඒ නිසා අපි කොහෙ හරි ඈතකට යමු සිතූ.. මාව අසරණ කරන්න එපා සිතූ.. ගෙදරින් පන්නයි මාව.." මහ රෑක අමර නිදිමතේ සිටින විට කනට කොදුරන මදුරු ගෑණු සතෙකු ලෙස කුසූ කෙදිරි ගෑවාය. සිතූ අන්දොස්ව බලා සිටියේය.
"එදා අපි අතර එහෙම දෙයක් වුනේ නැහැ. බන්ඩිය අතගෑව විතරයි කුසූ... මෙහෙම ලමයි හම්බෙන්න අපි ගස් නැත්තං මල් වෙන්න ඕනේ.. ඒවා තමා සුළගින්, ජලයෙන්, ස්පෝටනයෙන් පරාගනය වෙන්නේ." සිතු තමා දන්නා විද්දියාව එළියට දැම්මේය.
"එහෙනම් යන්න සිතූ.. දුරකට යන්න. එන්න එපා මගෙ ලගට. මම මැරෙනවා. මගේ බඩේ ඉන්න ඔයාගේ දරුවත් එක්කම මැරෙනවා.." කුසූ කෑගෑවාය. සිතූ සිතුවේ ඇය කියන්නේ ඇත්ත කියාය. තම ආදරවන්තිය තමාට කිසිදා වරදක් කොට නැත්තේමය.
"හරි මම එනවා.. යමු.. "
හරි හැටි රස්සාවක් නැති සිතූ භූමිතෙල් කරත්තය කරගැසීමට සැරසේ. යන්නට තැනක් නැත. ඉන්නට තැනක් නැත. එසේ තිබියදී ඔහු සිතට ආවේ අම්මාගේ නංගී නොහොත් පුංචීය. ඇය සිතූලා සමග ජන්මන්තර වෛරයකට පැටලුනේ ඉඩම් ආරවුලකිනි. සිතූලාගේ ඉඩමට පොර බැදීමට පැමිණි පුංචීගේ ස්වාමියා කම්බි වැටේ කම්බියක් කකුලේ ඇනී මිය ගියේ පිටගැස්ම නිසාමය. එදා සිට ඇය සිතූලගේ පවුලට සාප කළාය. මෙවන් කෙළවු මොහොතක ඇය අනිවා සිතූට උදව් කරනවා ඇත. ඔහු ඇය ඇමතුවේය.
"පුංචි අම්මේ මම මේ සිතූ....මට මේ කරදරයක් වෙලා..." ගත් කටටම ඔහු එසේ කීවේ ඇය ෆෝන් එක කට් කරන නිසාමය. සියල්ල ඇයට තේරුම් කළ පසු පුංචී ඔවුනට සෙවන සැලසීමට, සමෘද්ධිය ලබා දීමට එකග වූවාය.
"කුසූ දැන් අපිට අපි විතරමයි. මම මගේ පැටියව බලා ගන්නම්. අපි අපේ පුංචි ලෝකය අපේ පුංචිලගෙ දෙර හදමු කුසූ"
"සිතූ මම ඔයාට ණය ගැතී.. සිතූ.." කළ වරද ඇයට අමතක මුත් ඇය සිතූ සමග අලුත් ලොවට පිය නගන්නීය.
සිතූගේ පුංචී බොර දියේ මාළු බාද්දී - විමලේ කුමක් කරාවිද ?
ඔබේ අදහස් මා දනිමි. ඔබ ඔහුට සාප කරනු අනිවාර්‍යය "විමලේ, මලේ නම් අගනේය" කියන්නෝද බ්ලොග් අවකාශයේ බොහෝය.
Written by sAm_3.15pm_01.02.'12
************
සියල්ල පහලින් කියවන්න.....
************
අපොයි රට හරකා.... ( උඹ නෙමේ සිතූ හරිද ? හිහ්.. )
ReplyDeleteමම මේ උබව අප් කරන්ඩවත්, කියන්නම් වාලේ හිත රිදෙයි කියලා කියන "නියමයි", "එළ" , කිවිල්ලකුත් නෙමේ මචන්.. උඹනම් මහා ලේඛකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා.. දිගටම ලියපන්.. උඹට කවදා හරි ලිවිල්ලෙන් ගොඩ යන්ඩ පුළුවන් අනිවා...
මගෙ ලිවිල්ලත් හරි හරකා කියපු එකත් හරි (මට නෙවේ සිතූට.. හිහ්..)
Deleteමම ලියන්නේ අවංක ආදරයක් වෙනුවෙන් බඩ ගෝස්තරය ගැන නොහිතපු කොල්ලෙක් වෙනුවෙන් සෙනා. ඒ දුක බෙදා ගන්න ආපු ඔයාට පිං.. !
ඔව්..ඔව්..උඩ කමෙන්ට් එකේ කියන දේ මාත් කියනවා ඔයාට හොඳම ලේඛකයෙක් වෙන්න පුලුවන්....මේ..ඒක නෙවේ සෑම්...ඉතින් බබාට ඔයාගෙම නම වාසගමද දුන්නෙ ඈ??
ReplyDeleteවාසගම නෙවේ වින්වැට් ගැටුලුව.. සිතූ මහ මෙරක දුක දරාගෙන අර භුමිතෙල් කරත්තෙට උර දීපු එක.. ;)
Deleteඅනේ මම බැලුව මගේ බ්ලොග් එකේ සෑම් අයියගෙ පෝස්ට් එන්නෙ නැත්තෙ මොකද කියල. බලද්දි මම follow පාරක් දීල නෑනෙ.
ReplyDeleteමෙච්චර දවසක් හිතාගෙන හිටියෙ එහෙම කරල ඇති කියල. එක හුස්මට කතාව කියවගෙන ගියා මම හිතන්නෙ විමලය සැරටම ගේමක් අදීවි කියල. කතාව නම් මරු අප්ප. ජය වේවා....!!!!
//අනේ මම බැලුව මගේ බ්ලොග් එකේ සෑම් අයියගෙ පෝස්ට් එන්නෙ නැත්තෙ මොකද කියල. බලද්දි මම follow පාරක් දීල නෑනෙ.//
Deleteෆලෝ නැතිව මොන අප්ඩේට් ද බොල..? හිත හොද වුනත් බොට පිස්ෂුම තම අෆ්ෆා.. :))
විමලේ මොනව කරයිද දන්නෙ නැහැ.. මට දුක සිතූ ගැන.. ස්තුති දුක බෙදා ගන්න ආවට..
හෆොයි මුන්ගේ මායම්. අර සිතු කියෙව්වා කියපු අට වසරේ සව්ක්කිය පොතේ ළමයි හම්බ වෙන්නේ කොහොමද කියලා තිබුනේ නැතුව ඇති නේ. පව් අසරණ සිතු කොලුවා
ReplyDeleteපොතේ තිබ්බ විදිහට වෙන්නෙ නැති නිසා සිතූ පුදුම වෙලා ඉන්නේ..
Deleteස්තුති සිතු වෙනුවෙන් කතා කලාට.. ;)
නියමයි සෑම්. කථාව දිගටම කරගෙන යමු. පස්සේ චිත්‍රපටියකුත් ගහන්න බැරි කමක් නෑනේ
ReplyDeleteසිතූ ගේ චරිතයට ඔබවන් අයෙක් යොදා ගන්නට සිතමි.. :)
Deleteකොහෙන් කෙළවර වෙයිද මන්දා....
ReplyDeleteහොද දෙයක් වෙයි ශානි.. මට සිතූ - කුසු කතාවට අදහස් දුන්නට ස්තුති.. !
Deleteදුකින් තැවෙමින් කියෙව්වෙමි.....වෙච්චි දේ කිව්වනම් සිතූ දාලා යන එකක් නෑ කියලා හිතුනා මේ කරන බොරුව මාට්ටු වෙන එකක් අනේ මන්දා විමලේ පැණි හැලිය ලේසියෙන් අතාරින එකක් නෑ පුළුවන් නම් කෙල්ලගේ ජීවිතේම ගනියි.....මොනා උනත් කඳුලු හිරකරගත්තා හි හි ලිවීම උපරිමයි අයියේ නියමයි හරිම ලස්සනට ලියලා තියෙනවා......ආ අද මම මේ කොමෙන්ටුව මකන්නේ නෑ හි හි
ReplyDelete//ආ අද මම මේ කොමෙන්ටුව මකන්නේ නෑ හි හි//
Deleteමේ ටිකට හිනා ගියා මලයෝ..
කතාව ගෙස් කරන්න හදනව වගේ.. අපි අහුවෙයි ඕවට.. ;)
කතාව ගෙස් කරන්න ගියොත් දුකයි වගේ හි හි වෙන දේ බලලා සතුටු වෙනවා අයියේ වට් ටු ඩූ......කෑ ගහලා අඬලා ඉල්ලුවට නැතිවුනු දේවල් හම්බුවෙන්නේ නෑනේ ඒත් ලැබෙන සමහර දේවල් ඕනේ වෙන්නේ නැතිකොට දුක වැඩිවෙනවනේ නැද්ද......
Deleteගැමියගෙන් ඉල්ලීමක් කරනව ලව් ස්ටෝරියක් ලියන්ට කියල. නියම අදහස් බොල තියෙන්නේ. මම අසරණයටත් කිව්වා.. දෙන්නම ලිව්වොත් බොක්කටම වදී බොල..
Deletehamotama oya wage liyanna bane.....
Deleteillema gana nam santhosai :)
යකෝ මේකා සිංහලෙන් ටයිප් කරන්නත් කම්මැලියෙක් නොවැ.. :))
Deleteheeee mama inne ubuntu dagena sinhala software eka delete kola tawa tikakin eka install wela iwara wenawa etakan mehema tamai itin....
Deleteහරි ඕං ප්‍රස්නේ විසඳගත්තා දැන් කොහෝමද මීට කලින් මෙහෙම කොමෙන්ට් කොරලම නෑ සිදුවු අපහසුතාවයට මාගේ බලවත් කණගාටුව හොඳේ මේ උබුන්ටු වල ඉඳන් දාපු තෙවන කොමෙන්ටුවයි
Deletehikiz !
Deleteමෙහෙම වැඩ කරන විමලේ වැන්නවුන්ට හෙනම ගහපිය....කුසූ අසරණය එනමුත් බොරු කිව්වාට විඳවිය යුතුය.....කොල්ලා මලින් පුද යුතුය...
ReplyDeleteසිරාය... මා ෆේස් බුකියේ දැමු කවියක් පේස්ට් කරමි..
Deleteපුරා සද වට
නුරා ගිණි නැත
වරා මල් සද
කරා නෙත් ලන
ඉරා හදවත
මරා සෙනෙහස
දුරා සිතුවිලි
නොදෙන් කුමරිය..
සිරාවට ලිව්වේ..
සුරාවෙන් තොර..
නියමයි නියමයි මේ අන්තිම පේලි දෙකත් කවියටම අදාලද?? සන්තෝසයි අමද්‍යප නම්
Deleteඅන්තිම ටික දැම්මේ...
Deleteසිරාවට ලිව්වේ..
සුරාවෙන් තොර..
සෑම්..
කියලා, කොපි පේස්ට් කිරිමේදී සෑම් හැලී ඇත..
සිතූ කසූට බොක්කෙන්ම ආදරය කරන බව පෙනේ.සත්‍ය ප්‍රේමයේ භෘංගරාජයෝ සැමදා ආදරයෙන් දිනන ලෙස කතාව ඉවර වෙනවා නම් සතුටුය..
ReplyDeleteකතාව නම් අන්තිම කූජීත බව කිවයුතුමය..
අපොයි කුජීත වන්නේ මන්ද ?
Deleteඅප්පේ මාරම කේස් එකනේ.. එතකොට දැන් මේ ඔක්කොම වරද යන්නේ සිතුවාගේ පිටින්ද? අනේ අසරණයා..
ReplyDeleteස්තුතී සිතු වෙනුවෙන් හලන කදුලු වලට... ඒත් සිතූ අසරණ නැත. හේ දක්ෂයෙකි.. :)
Delete//මහ රෑක අමර නිදිමතේ සිටින විට කනට කොදුරන මදුරු ගෑණු සතෙකු ලෙස කුසූ කෙදිරි ගෑවාය. // කොහොමද බං කනට කොඳුරදදී මදුරුවා ගැහැනුද පිරිමිද කියල දැනගන්නේ.
ReplyDeleteඅවන්කයා සැමදා දුකේ.
ඇයි බොල.. ඉස්කෝලෙ උගන්නන්නේ... මදුරු ගැහැණු සතා තමා අපිව කන්නේ.. පිරිමි සතා ලේ බොන්නෙ නැහැ ඌ ඉන්නෙ කැලෑවේ කියලා.. :)
Deleteමට මතක නැතිවෙලා තිබුනේ.අන්න බලපන් ඕනෑම සතෙක්ගේ පිරිමි සතා කොච්චර අහිංසකද?
Deleteඔව් බං ගෑනු සතා තමා දෂ්ඨ කොරන්නේ.
Deleteකුජීතයි....... පට්ටයි හලේ... මෙහෙම විකාර ආදර කතාවක් කියෙව්වමයි.. :D
ReplyDeleteඅර සිතූගේ අම්ම ගැන කියලා තියෙන තැනදී නම් සංවේදීකමක් දැනුණා.
ස්තුති අයිස්.. විකාර ආදර කතාවක් නෙවේ.. මේක සංවේදී කතා නායක සිතූගේ ආදර කතාවක්..
Deleteඅමුතුම මාදිලියේ ලිවීමේ රටාවක්. මේ වගේ ආදර කතාවක් කියෙව්වාමයි.
ReplyDeleteලස්සනයි හොඳේ...:D:D:D
අමුතුම මාදිලියේ එකක් වුනේ සිතූගේ අවංකකම නිසාමයි... ස්තුතී පො.කු.හාමී..
Delete"මෙහෙම ලමයි හම්බෙන්න අපි ගස් නැත්තං මල් වෙන්න ඕනේ.. ඒවා තමා සුළගින්, ජලයෙන්, ස්පෝටනයෙන් පරාගනය වෙන්නේ."
ReplyDeleteසිතූගේ විද්‍යා දැනුම නම් නියමයි. මට මේ ටික කියවගෙන එනකොට බිබී හිටපු තේ ටිකත් මොනිටරේට ඉහුනා !!!!
කතාව නම් සුපිරි.
විමලේ ඉතුරු කරපු බත් පිඟාන සිතූට කවන්න යන්නේ !! මම දැඩි ලෙස විරුද්ධ වෙමි !!!
//බිබී හිටපු තේ ටිකත් මොනිටරේට ඉහුනා !!!!// මට හිනා ගියා ආයෙත් මේ ටිකට.. ;)
Deleteසිතූ කන්න අග හිග තියෙන කොල්ලෙක් නෙවේ මචං කාපු බත් කොට කන්න. ඒත් කොල්ලා ආලෙන් වෙලා ගන්න කෝලම් කරලා, අරකි ආලෙන් මුදා ගන්න වෑයම් කරද්දිත්, අවංක ආදරේ දළුලලා.. මක්කොරන්ටද??
හ්ම්.. බලමු.. !
නෑහ් නෑහ් !!!
Deleteමම් කිව්වේ කුසූ හදන්නේ සිතූට අළුත් බත්තෙකක් කියලා ඉදුල් කරපු එකක් කවන්න යන්නේ.
ඔව් පොඩි කොල්ලනේ.. පස්සෙ තේරෙයි.. පව් මචං.. :(
Deleteදැන් ඉතින් කව්ද කිරි පිටි සප්ලයි කරන්නෙ? විමලෙද?
ReplyDeleteඔන්න ඉතිං ඔබා මාමා කැත කතා කියනවා. පිටරටක ඉන්න හින්දද අපේ අහිංසක දරු පැටවුන්ට කිරි පිටි පොවන්ට යන්නේ.. හිකිස්...
Deleteඅපි දෙමු කුසූ ගේ මව් කිරි.. :))
ඔව්...මමත් සෑම්ගේ ඒ මව්කිරි කතාවට එකගයි..! මට මව්කිරි කිව්වම මතක්උනා මේන්න මේ ටිකත්. ඒ "පහසුවෙන් රැගෙනයා හැකි, රස කාරක නොමැති, දැකුම් කළු නිමාවකින් යුත් හා සෟඛ්‍යආරක්ෂිත" ලොව ඇති හොදම පානයයි!
Deleteඅමුතු කතාවක්... නරක නෑ.දිගටම ලියන්න.
ReplyDeleteඅපිත් බ්ලොග් එකක් ලියතවා.තාම සින්ඩ්යට දාලා නෑ.හේතුව අපි නොදනී..
Kiripeni.blogspot.com
හිකිස්;; ඇවිත් බලන්නම් ...
Deleteපරාගණය වෙලා.;-)
ReplyDeleteඅප්පේ මෙහෙම පරාගනය වුනොත්.. අපි කීපාරක් තාත්තලාද බොල.. :)
Deleteකට්ට කපටි වෙට්ට පිත්තල කෙල්ලෙක්..... පවු අර කොල්ලා...
ReplyDeleteඋඹ සිතු වෙනුවෙන් හෙලන කදුලු වලට ගරු කරනවා මචං..
Deleteඅදමයි මං මේ පැතත්ට ආවේ...
ReplyDeleteකොටස් හතරම එකදිගට කියවගෙන ආවා....මාර ලිවිල්ලක්...
ඔන්න 4වෙනි කොටසෙ ඉඳල මමත් එකතුවෙනව සිතූ වෙනුවෙන් කඳුළු සලන්න...:(
:)
ස්තුතී හෙලන හැම කදුලකටම ඒ වගේම නහයෙන් ගලන හැම හොටු බිංදුවකටම.. එකතු වෙලා සිතු වෙනුවෙන් බෝධිපුජාවක් තියමු. හැම අපලයක්ම ගෙවෙන්ට..
Deleteකෝ බං මගේ කොමෙන්ට් එක..උඹ මැකුවද....
ReplyDeleteඅනේ මචෝ කුනු හබ්බයක් දාල ගියත් මකන්නෙ නැහැ. මට මතක විදියට කමෙන්ටුවක් තිබ්බෙ නැහැ බොල..
Deleteඉස්සරවෙලාම සමාවෙයන් යාලුවා මෙච්චර කාලයක් මේ වගේ ආතල් බ්ලොග් එකක් මිස් කරලා උන්නට...
ReplyDeleteඋබ ලියන ස්ටයිල් එකට මගේන් 10න් 10යම..
මැට්ටි වගේම හොද කපටි අම්මණ්ඩියෙක්නේ බන්..
අනේ මේක උනේ උබට එහෙම නෙමේ නේද?
අපි නම් ඒ පැත්තෙ ආව ගියා බොල ;)
Deleteහිකිස්.. මට නෙවේ අහිංසක සිතූට වෙච්ච දෙයක්. පෙරුම් පුරාගෙන කරපු ආදරයක්. පොල් උලක තියල පටස් ගාලා පොල් ගෙඩියක් ලෙලි ගැහුව වගේ පලුදු වුනේ..
සිතු වෙනුවෙන් අපි... !
කොහොම වුනත් සිතූ පව්.. :-(
ReplyDeleteඇත්ත.. ඒත් ආදරයක් ??
Deleteඅයියෝ දුකේ බෑ අප්පා...ඔය බොරු කවද වෙනකම් කරන්නද...චුටි කාලේ ලව් හොද නෑ කියන්නේ ඉතින් ඔන්න ඕක තමයි...මුලින්ම කිව්වා වගේ උබට හොද අනාගතයක් තියෙනවා බන්...නිර්මාණාත්මකව ඕන දෙයක් ප්‍රේක්ෂකයාට සමීප කරවීමේ පුදුම හැකියාවක් මචන් උබට තියෙන්නේ..ජය පතමි....
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ අර "දේවා" කිව්වා වගේ කතාවක්...කොහොම උනත් මම පෟද්ගලිකවම සතුටු වෙනවා මේ blog කලාවට මා යොමු වීම ගැන,ඒ සදහා උනන්දුවක් ඇති වීමත්....
ReplyDelete