හනුමාගේ පැනිල්ල
හනුමා කියන්නේ සෑමාගේ අට වසරේ සිට මිත්තරයෙකි. පොර මහතය. කොටය. හනුමා 8 වසරේ සිට පාසල් පුද්ගල නාමකරණයට අනුව හනුමා වුවද, පොරගේ නම තව දුරටත් ස්ථිර වුනේ උසස් පෙල කරනකොටය. අපේ විද්‍යා දිනයේ ගැටයාගේ නාට්‍යයක ගැටයා කපුවෙකුගේ චරිතය කරද්දී, හනුමාට හිමිවුනේ නමට අදාල 'හනුමන්තාගේ' චරිතයයි. ඒ කියන්නේ එදින ඔහු තඩි වදුරෙකි. එදා ගැටයා කපු වෙස් ගෙන මතුරද්දී, ඇඹරුණු දිග නැට්ටක් දමාගෙන ප්‍රධාන ශාලාව මැද්දෙන් පැනගෙන ආවේ හනුමාය. සෑමාට ඒ සිද්ධිය අදටත් මැවී පෙනෙන්නේ හනුමාගේ දක්ෂ රංගනය ප්‍රථම වරට අප දුටුවේ එදින වීම නිසාය.

අපේ ඒලෙවල් පන්තිය තිබ්බේ ලොල්ලාගේ කසිප්පු අංකල්ගේ ගෙදරට මෙහා පැත්තෙනි. ඒ සිදුවීමට පසු අංකල් තාප්පෙන් ඉස්කෝලෙට පැනීමට ඉඩ නුදුන්නේය. එසේ තිබියදී දිනක් අපේ හනුමා තාප්පෙන් පැනීමට වෙර දැරුවේ ඉගෙනීමට ඇති ආශාව නිසා බැව් කිසිවෙකු විශ්වාස නොකරනු නොඅනුමානය.
ඉස්කෝලේ ඇරෙන්නට කලින් ගෙදර යන පිරිසට වඩා උදේ ගේට්ටුව වැහුවාට පසු ඇතුලට ඒමට වෙර දරන පිරිස වැඩිය. උදේ 8ට ගේට්ටුව වැසුවාම 8:30 වනතුරු එන පිරිස එකතු කරන්නේ ශිෂ්‍යය නායකයින් විසිනි. එකී අවාසනාවන්ත පිරිස පාසල පුරා ඇති කුණු රොඩු එකතු කිරීම කළ යුතුය. නැතොත් ප්‍රින්සිපල්ගේ පහර කෑමට ලක්විය යුතුය. ඒ නිසා අපේ එවුන් කරන්නේ නීතියට පිටුපා 8:30ත් පහු වූ පසු තාප්පෙන් ඇතුලට පැනීමය. එහෙම අහුවුනොත් ප්‍රශ්න වැලකි, ගුටි වැලකි. පුදුම නීතියක්ය, ඉස්කෝලේ ඇතුලට එන්න ආවත් ගුටිකන්නට සිදුවේ.
එදින උදේම අපිට තිබ්බේ පිකිස්ය. පිකිස් ඉගැන්වූ පන්තිභාර පියල් සර්ය. පාඩම කරන අතර අපේ එකෙක් එහා වත්තට සිග්නල් දානු දැක සෑමාද ඒ පැත්තට ඒරියල් එක කැරකුවේය. කොල්ලෝ දෙතුන් දෙනෙකු සමග හනුමා සිටියේ තාප්පෙන් එහා පැත්තේ කසිප්පු අංකල්ගේ වත්තේය. කස්ටිය ප්‍රමාද වී පැමිණ තාප්පෙන් පැනීමට පිඹුරුපත් අදිති. හනුමා ඇරෙන්නට අනිත් එවුන් තාප්පෙන් පැනීමට තරම් උසය. හනුමා කොට ජීවිතයකි. එනිසා මුලින්ම තඩි බඩ සහිත කොට හනුමා පැන්නීම සුදුසු යැයි සියල්ලෝම තීරණය කරන්නට ඇත. ඒ අතර පන්තියේ එවුන් හනුමාට පියල් ගැන කියමින් සිග්නල් දමති.
හනුමා වටේ සිටි පිරිවර හනුමාව තාප්පය මට්ටමට එසවූ විට හනුමා බඩගාමින් තාප්පේ එල්ලින. අපිට මතක්වුනේ මොන්ටිසෝරියේ "හම්ටි - ඩම්ටිය".
අපේ එවුන්ට පට්ට ආතල්ය. හනුමා අත් දෙකත් වෙවුලමින් එල්ලෙමින් සිටියදී යටින් සිටි පිරිස හනුමාව පැන්නවීමට පස්ස පැත්තට පුෂ් එකක් දෙයි. හනුමා ඉහල එසවුනත් අත් දෙකට බරදී පැනීමට පොරට නොහැක. එසේ පැනීමට නම් හනුමා බඩ පැත්තකින් තබා පැනිය යුතුය. සියල්ල එසේ සිදුවෙද්දී අපේ එවුන්ට කෑ නොගසා සිටින්නට නොහැක. පියල්ට හොරෙන් ෆන් එක ගනිද්දී අපේ එකෙක් "අඩේ අන්න හනුමා.. " කියා කෑගැසූ නිසා පොරට වැඩේ මීටර් විය. එහා පැත්තේ ගෙදර අක්කා පඩි පෙලෙන් වැටුන සීන් එක වගේ සීන් එකක් සිදුවෙනු ඇතැයි සිතූ පියල් වහා පැමිණ එහා වත්තට ඔලුව දැම්මේය.
අප්පද බොල හනුමා තාප්පේය. යටින් පිරිසක් හනුමා උඩට ඔසවයි. බර වැඩිකමට නැවත පහල යයි. පියල්ටද සිනා පහල විය.
"තිළිණ.. අත පය කඩා නොගෙන පරිස්සමෙන් පන්තියට එනවා..." පියල් කීවේ එපමණකි. ටික වෙලාවකින් හනුමා පන්තියට ආවේය.
"කොහොමද තමුසෙ පැන ගත්තේ...?" පියල් ඇසුවේය.
"බැරිම තැන අනිත් එවුන් ඔක්කොම මාව ඉතුරු කරලා පැන්නා සර්" හනුමා කීවේ දුක් ස්වරෙනි.
"ඉතිං තමුසෙ කෝමද ආවේ.??"
"මම උන්ගේ අතේ පොත්ටික එවලා ගේට්ටුවෙන්ම ආවා"
හනුමාට එදිරිව පියල්ට ක්‍රියා කළ නොහැක්කේ ගේට්ටුවෙන් ආපු නිසාය. හනුමාගේ වීර ක්‍රියාව වාර්ථා පොතට එක් වෙද්දී අපේ කබරයාද පසුදිනක ගේමට බැස්සේය..
කබරයාගේ පැන්නිල්ල
එදා කිහිප දෙනෙක් තාප්පෙන් පැන්න වීමේ වගකීම හිමි වූයේ අදරණීය වෙළදාමේ කබරයාටය. ගේට්ටුවේ මුර අංකල්ව රවටා නැවත එන ලෙස පවසමින් එලියට යන පිරිසට කබරයා විසින් බෑග් විසි කළ යුතුය. කලින් පෝස්ටුවක සෑමා දැමූ මැප් එකට (මැප් එක බලන්න මෙතනින්) අනුව පිරිස ගේට්ටුවෙන් පොත් බෑග් නැතිව පිට වෙද්දී කබරයාට හිමි වූයේ පිසික්ස් ලැබ් එක ලගින් කස්ටියගේ බෑග් පාරට විසිකිරීමේ රාජකාරියයි.
කස්ටිය ගේට්ටුවෙන් පිටවූයේ කබරයා පිළිබද විස්වාසය තබමින් තම පොත් බැග් කබරයා සන්තක කිරීමෙනි. කස්ටිය මුර අංකල්ට බෝලය බස්සවමින් ගේට්ටුවෙන්ම පිටවන අයුරු අපි කබරයා සමගම බලා සිටියෙමු. දැන් ඇත්තේ කබරයාගේ වාරයයි. බෑග් සියල්ල අත් දෙකට ගෙන, උරහිස් දෙකේ එල්ලා ගත් කබරයා කොරඩෝව දිගේ ගමන් ඇරඹුවේ පිසික්ස් ලැබ් එක පසු කරමින් ගොස් බෑග් පාරට විසිකිරීමටයි. බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු හරි හැටි නොපෙනේ.
කබරයා යන මග අපි බලා සිටියෙමු. පොර පිසික්ස් ලැබ් එක පසුකරනවාත් සමග එලියට ආවේ අපේ පන්ති භාර පියල්ය. පියල් සර් දිව විත් කබරයාගේ බෑග් එකකින් ඇද "තමුසෙ කොහොද ඔය යන්නේ...???" ඇසුවේ කේන්තියෙනි.
දෙපස හරි හැටි නොපෙනෙන කබරයා "මොන හු@$$%ක්ද බං කරන්නේ, අරුන්ටික අරහෙ යන්න බලං ඉන්නවා. පු@ නොදී ජෝගි නොදා පැත්තකට වෙයන් බං. පියලා දැක්කොත් විනාසයි..." කියමින් බෑග් ටික පාරටම විසිකලේය.
පියල් නිරුත්තර කරමින් බෑග් විසිකල කබරේ පිටිපස්ස බලා ඇස් නිලංකාර කර "අහ් සර්..." කියමින් නැවත එද්දීත් පියල් සද්ද නැත.
කතාව ප්‍රසිද්ධ වුනොත් සර්ද චාටර් වන නිසා කබරයාද එදින නිදහස් විය.
Written by sAm_11.50am_30.01.2012
හනුමා වටේ සිටි පිරිවර හනුමාව තාප්පය මට්ටමට එසවූ විට හනුමා බඩගාමින් තාප්පේ එල්ලින. අපිට මතක්වුනේ මොන්ටිසෝරියේ "හම්ටි - ඩම්ටිය".
![]() |
හනුමා බඩගාමින් තාප්පේ එල්ලුනේ "හම්ටි - ඩම්ටිය" ලෙසය |
අප්පද බොල හනුමා තාප්පේය. යටින් පිරිසක් හනුමා උඩට ඔසවයි. බර වැඩිකමට නැවත පහල යයි. පියල්ටද සිනා පහල විය.
"තිළිණ.. අත පය කඩා නොගෙන පරිස්සමෙන් පන්තියට එනවා..." පියල් කීවේ එපමණකි. ටික වෙලාවකින් හනුමා පන්තියට ආවේය.
"කොහොමද තමුසෙ පැන ගත්තේ...?" පියල් ඇසුවේය.
"බැරිම තැන අනිත් එවුන් ඔක්කොම මාව ඉතුරු කරලා පැන්නා සර්" හනුමා කීවේ දුක් ස්වරෙනි.
"ඉතිං තමුසෙ කෝමද ආවේ.??"
"මම උන්ගේ අතේ පොත්ටික එවලා ගේට්ටුවෙන්ම ආවා"
හනුමාට එදිරිව පියල්ට ක්‍රියා කළ නොහැක්කේ ගේට්ටුවෙන් ආපු නිසාය. හනුමාගේ වීර ක්‍රියාව වාර්ථා පොතට එක් වෙද්දී අපේ කබරයාද පසුදිනක ගේමට බැස්සේය..
කබරයාගේ පැන්නිල්ල
එදා කිහිප දෙනෙක් තාප්පෙන් පැන්න වීමේ වගකීම හිමි වූයේ අදරණීය වෙළදාමේ කබරයාටය. ගේට්ටුවේ මුර අංකල්ව රවටා නැවත එන ලෙස පවසමින් එලියට යන පිරිසට කබරයා විසින් බෑග් විසි කළ යුතුය. කලින් පෝස්ටුවක සෑමා දැමූ මැප් එකට (මැප් එක බලන්න මෙතනින්) අනුව පිරිස ගේට්ටුවෙන් පොත් බෑග් නැතිව පිට වෙද්දී කබරයාට හිමි වූයේ පිසික්ස් ලැබ් එක ලගින් කස්ටියගේ බෑග් පාරට විසිකිරීමේ රාජකාරියයි.
කස්ටිය ගේට්ටුවෙන් පිටවූයේ කබරයා පිළිබද විස්වාසය තබමින් තම පොත් බැග් කබරයා සන්තක කිරීමෙනි. කස්ටිය මුර අංකල්ට බෝලය බස්සවමින් ගේට්ටුවෙන්ම පිටවන අයුරු අපි කබරයා සමගම බලා සිටියෙමු. දැන් ඇත්තේ කබරයාගේ වාරයයි. බෑග් සියල්ල අත් දෙකට ගෙන, උරහිස් දෙකේ එල්ලා ගත් කබරයා කොරඩෝව දිගේ ගමන් ඇරඹුවේ පිසික්ස් ලැබ් එක පසු කරමින් ගොස් බෑග් පාරට විසිකිරීමටයි. බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු හරි හැටි නොපෙනේ.
![]() |
උරහිස් දෙකේ බෑග් එල්ලා ගත් කබරයාට පිටුපසින් එන කිසිවෙකු නොපෙනේ |