Wednesday, November 30, 2011

මම චිත්‍රවලට යෙමු වුණ හැටි..

සෑම් ශිෂ්‍යත්වෙට වෙනකල් ගියේ ගමේ පාසලටය. ශිෂ්‍යත්ව ප්‍රථිඑල ඇවිත් 6 වසරේ මාස දෙකක්, තුනක් යනතුරැත් මම ගියේ ගමේ ඉස්කෝලෙටය. ඒ ශිෂ්‍යත්වෙන් පාස් වුණ නිසා අළුත් පාසල ලැබෙන තෙක්ය. අපේ තාත්තා උගන්නපු පාසල නිසා මම ඒ ඉස්කෝලේ හිටියේ කර කියා ගත හැකි කිසිවක් නොමැතිවය. ඒ මම අදෝ වාතයක් යැව්වත් තාත්තගේ කනට වැටීම නිසාය. ඒ තරහ නිසාම මම ශිෂ්‍යත්වය උපරි‍මයෙන් කලෙමි.

හය වසරේ සිටින මාස කිහිපයේ අප සෞන්දර්ය විෂයක් තෝරා ගත යුතුය. මම කැමැත්තෙන්ම ගියේ සංගීත කිරීමටය. ඒ කාලේ තිබුණ බටනලා ගැසීමේ අශාව නිසාමය. මට තවමත් එකට සතුටු සාගරේ, දියගොඩ සැම තැන, වැනි ගීත පමණක් බටනලාවෙන් වාදනය කළ හැක.

ගමේ පාසලේ ගොඩක් අය කැමති වුණේ චිත්‍ර කිරීමටය. ඒ සංගීත කාමරයට සපත්තු ගලවා අතුල් වීමට තිබූ අකැමැත්ත හා කරදරය නිසාමය. අනිත් හේතුව වූයේ චිත්‍ර සර් පැන්ෂන් යන්නට ආසන්නව සිටීමයි. ඒත් හැමෝම හිතුවේ පැන්ෂන් යන්නට කලින් යටියන්තොටට ටිකට් එක හම්බවෙයි කියාය. ඒ ඉස්කෝලේ චිත්‍ර කරන කොල්ලන්ට සංගීත කරන එවුන්ට වඩා ලකුණු වැඩි වේ. හේතුව සර්ගේ ඇස් නොපෙනීමයි. චිත්‍ර පොත දුන් විට සර් ඇස් දෙක ලගටම පොත තියා බලයි. සර්ට පාට වර්ග එච්චර හොදට පේන්නේ නැත. චිත්‍රයට තද වර්ණ යොදා ගන්නා අයට ලකුණු වැඩි වුයේ සර්ට ඇස් නොපෙනෙන නිසාය. ඒ නිසා බොහොමයක් අය කලේ තදින් පාට කර ලකුණු වැඩි කර ගැනීමයි. සර්ව ඕලෙවෙල් පේපර් මාකින් යැව්වේ නැත්තේ රටේ යහපතටය.

මාස දෙකකින් විතර පසු අළුත් ඉස්කෝලේත් මම කලේ සංගීතය. ඒ වෙනකොටත් අලුත් පාසලේ සංගීත වලට ලමයි තෝ‍රාගෙන නොතිබුණ නිසා මම යලිත්  රිංගුවේ සංගීත කාමරේටයි. අපිට එහේ සෞන්දර්ය විෂය තිබ්බේ පන්ති දෙකකට එකම වෙලාවේය. එදා පළවෙනි දවස නිසා සංගීත කාමරේ ඉඩ තිබ්බේ නැත. සර් කළේ සර්පිනාව වාදනය කරන ගමන් එකිනෙකාගේ ක‍ටහඩ පරික්ෂා කර තාලෙකට අත්පු‍ඩියක් වත් ගහන්න බැරි ‍එවුන් චිත්‍රවලට පැන්නීමය. මම එයිනුත් අවධානම් කලාපයට නොගොස් බේරැනෙමි. අපේ තාත්තා, අම්මා ගියේත් මේ ඉස්කෝලෙටමය. ඒ කාලේ සංගීත උගන්වා ඇත්තේ මර්වින් පෙරේරා  (අමල් පෙරේරාගේ පියා) සංගීතඥ්ඥයාය.

මම හය වසරේ සිට නවය වසර දක්වාම සංගීත කළෙමි. ඒත් මම මේ කතාව ලියන මොහොතේත් මතක් කලේ සංගීත කා‍මරය තිබ්බේ කො‍තැනද කියාය. මාත් එක්ක සංගීත පන්තියේ සිටි කිසිවෙකුත් මට මතක නැත. සාලිය සංගීත කිරීමට අවේලාවේ රිංගුවා මතකය. මට නැටුම් කාමරය තිබ්බ තැනට ඇස් පියාගෙන වුවද යා හැක. මට මතක විදියට 7 වසරේ ඉදන් මම චිත්‍ර වලට පැන්නෙමි. අනේ මන්දා මඤ්ඤං ‍වගේ
ටීචර් මම සංගීත නෙවේ කරන්නේ චිත්‍ර කරන්නේ.." මම කීවේ ඇත්තය
මොනවා උනත් 10 හා 11 වසර වලදි චිත්‍ර වලට ඉගෙන ගත්තා මතකය. අපට ඉගැන්නුවේ කෙට්ටු, සුදු, කැද නැති, නිදි මතේ වගේ සිටි ටීචර් කෙනෙකි. ඇය කියන දේ අන්තිම පේලියට ඇසෙන්නේ නැත. ඇගේ ස්ටයිල් එක අපට පට්ට කම්මැලිය. අපේ එවුන් ගේ ජෙනරේෂන් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්නේ ම නැත. ඒ නිසා බොහොමයක් එවුන් හිටියේ කොරිඩෝවේය. පිනා එන බවට නිවුස් එකක් ආවොත් පන්තියට රිංගති.

ටීචර් චිත්‍රයක් අදින්න දුන්නොත් සමහරැ උනන්දුවෙන් අදිති. ගොඩක් එවුන් පාවිච්චි කලේ පැස්ටල්ය. වෝටර් කලස්, ටියුබ් කලස්, පන්තිය අතුලේ භාවිත කිරීම තීන්ත නෑමකට අත වැනීමක් නිසා බොහෝ අය ඉන් වැලකී සිටියහ. පැස්ටල් භාවිත කිරීම නිසා ටීචර්ට පෑනෙන් ලකුණු දැමීමට අපහසු විය. පැස්ටල් මත පෑනෙන් ලිවීමට බැරි නිසාය. එනිසා ටීචර් අපිට කීවේ පිටුව වටේට පොඩි ඉඩක් තියා චිත්‍ර අදින ලෙසය. ඒත් අපේ එවුන් පිස්සුවෙන් ඇන්දා, පාට කලා මිසක් ඒවා කනකටවත් නොගත්තෝය.

ඒ කාලේ පන්තියේ එකෙක් චිත්‍රයක් ඇන්දොත් එම චිත්‍රය දෙතුන් දෙනෙකුට සෑහේ. අපේ එවුන් කරන්නේ එකෙකු ඇන්ද චිත්‍රයක් ටීචර්ට පෙන්නුවාට පසු, ටීචර් ලකුණු දැම්ම තැන තදින් නැවත පාට කර පසුදින නැවත පෙන්වීමය. සමහර දාට චිත්‍රය ඇන්ද කෙනාට වැඩිය දෙවෙනි පාර පෙන්වන කෙනාට ලකුණු වැඩිය. ඒ තරමට ටීචර්ට පන්තියේ මොකද වෙන්නේ කියා මීටර් නැත.

එදා ටීචර් සිටියේ පන්තියේය. මම ඇතුළු සෙට් එකක් සිටියේ කොරිඩෝවේය. හදිසියේ එකෙක් දුව ගෙන ආවේ පිනා එනවා කියාගෙනය. යන්න එන්නට තැනක් නොමැති වූ බොහොමයක් පැන්නේ චිත්‍ර තිබ්බ අපේ පන්තියටය. මමත් පැන්නේ සාධාරණව මාත් චිත්‍ර කරන දරැවෙකු නිසාය.

"මොකද ඒ පාර හරක් රැලක් වගේ පන්තියට පැන්නේ" ටීචර් ඇසුවාය. එකෙක්වත් සද්ද නැතිව ඉද ගත්හ. හදිස්සියට මට සෙට් වුනේ ඉස්සරහ පේලියේ පුටුවක්ය. ටීචර් මා දිහා බැලුවේ පිට සක්වල කුමාරයයි. පැංචො හත් දෙනයි දිහා බලන පරිදිය.

"ඇයි සංගීත කරන ලමයි පන්තියට ආවේ. මේක චිත්‍ර උගන්න වෙලාව. ප්‍රින්සිපල් ආවොත් මම ඔයාව අල්ලලා දෙනවා.." ටීචර් කීවේ මටය.

"නැහැ නැහැ ටීචර් මම සංගීත නෙවේ කරන්නේ චිත්‍ර කරන්නේ.." මම කීවේ ඇත්තය.

"බොරැ කියන්න එපා.. ඔයාව මම කවදාවත් පන්තියේ ඉන්නවා දැකලා නැහැ.." ඇත්ත තමයි ටීචර් දකින්නේ කොහොමද මම පන්තියේ හිටියේ චිත්‍ර පෙන්නලා ලකුණු දාගන්න විතරය.

"නැහැ ටීචර් බොරැ නම් ටීචර්ගේ ලිස්ට් එක බලන්න මගේ නම ඇති.." මම කියනකොට අපේ එවුන්ගේත් නොමද අනුග්‍රහය ලැබුනේ මම චිත්‍ර දරැවෙක් කියාමය. අපේ ටීචර්ට චිත්‍ර කරන අයගේ නම් ලියූ පොත් දෙකක් ඇත. එකක ඇය අපේ ලකුණු මා(ර්)ක් කරන්නීය. අ‍නිත් එකේ ඇත්තේ නිකම් නම් ලිස්ට් එකකි.

"මේ බලන්න මේකේ ඔයාගේ නම නැහැ.." ටීචර් කීවේ නම් ලියූ කොලය බලමිනි. මට කට උත්තර නැත. මාත් ඔළුව දමා බැලීමි. නම නැත. සෑමා විනාසය.

"නැහැ නැහැ ටීචර් ලකුණු දාන පොතේ බලන්න ඒකේ ඇති.." වෙනදාට ටීචර් ලකුණු දා‍න පොතේ නම ඇත. මට පට්ට ෂුවර්ය. ඒත් ටීචර් ගණන් ගත්තේ නැත.

"නිකන් මගේ කාලේ නාස්ති කරන්නේ නැතිව එලියට යනවා.." කරන්නට දෙයක් නැත. මම ගියෙමි.

ඒත් ඊලග දිනයේ පන්තියේ සිටි විට ටීචර්ට මුකුත් මතක නැත. මගේ නම ලිස්ට් එකේ තිබේද කියාවත් බැලුවේ නැත. අනේ මන්දා මඤ්ඤං ‍වගේය.


මට ඕලෙවල් චිත්‍රවලට තිබ්බේ C එකකි. ඕලෙවල් ලියද්දී මගේ ඉස්සර හිටියේ ලක්ෂාය. එදාත් මට හරකෙක් හෝ අලියෙක් (හරියටම මතක නැත මොකෙක් හෝ සතෙකි) ඇද ගත්තේ ලක්ෂාට කියාය.

Written by sAm_28.11.'11

පලි- චිත්‍ර ඉගෙන ගත්තට සෑමාට මතක චිත්‍ර 3කි. එකක් ඕලෙවෙල් වලදී ලක්ෂාන්ට කියා හරකා ඇද ගත්ත චිත්‍රයයි. දෙවැන්න 8 වසරදී විජය පත්තරයට ඇන්ද සාමය පිළිබද චිත්‍රයයි. ඒ චිත්‍රය හොදම චිත්‍රය‍ට තේරී  සෑමාට කූරැ විසිහතරේ පැස්ටල් පෙට්ටියකුත් ලැබුනේය. තෙවැන්න සාලිය ගේ ගෙවල් පැත්තේ සිටියා කීව සෑමා කිසිදා නොදුටු "සෝයියා" නම් අයෙකු චිත්‍රයට නැගීමයි. සෝයියා යනු සාලියගේ ගෙවල් පැත්තේ ඇලට දිනපතා බොක දැමූ අයෙකි. මතක විදියට ඒ චිත්‍රය ගොඩක් කල් සෑමා ලග තිබ්බේය. නමුත් හොයා ගන්නට බැරි වුණ නිසා ms-paint වලින් කටුවට ඇන්ද රෑපයක් මෙහි දමමි. (ඇත්තටම ඇදපු එක මීට වඩා සුපිරිය)

කාටවත් නෙතේරෙන ලෙස සෝයියා ඇලට බොක දමා ඇත. එයට ඔහු  අනුගමනය කල නටරාජ් ඉරියව්වයි මේ
සෝයියා සිහිකර ලයික් එකක් දමන්න.. :ඩී

8 comments:

  1. එළ...මමත් කරේ චිත්‍ර ...යංතං S එකක් තිබ්බා....

    ReplyDelete
  2. මරු මරු... මමත් ආසම වැඩක් තමා පේන්ටින්.. :D

    ReplyDelete
  3. මම චිත්‍ර නොකලෙමි එහෙත් චිත්රකාරියක් මි

    ReplyDelete
  4. @ඇනෝ නංගී- ඇඩ්වර්-ටයිසින් තහනම්ය.. ලොල්
    @අපි නොදුටු ඔබ දුටු‍ ලොව - එස් එක ප්‍රමාණවත්ය..මගේ එස් එක සී වූයේ හරකා ඇදගත් බැවිනි
    @රෙඩ් රයිඩින් හුඩ් / දුෂ් - දෙදෙනාම චිත්තර කර්මය කරන බව හැගේ.. සුභ පතමි..

    ReplyDelete
  5. ඉස්කෝලෙ යනකාලෙ මගේ ෆේවරීට් සබ්ජෙට් එකකි චිත්‍ර. මට ඩී එකක්ද තිබුනි (:D නොවේ). ඒකාලෙ අපිට චිත්‍ර ඉගැන්නුවෙ හාමුදුරු කෙනෙක්.(එතුමා දැං නං ළමයි දෙන්නෙකුගෙ තාත්ත කෙනෙක්:D). මේ හාමුදුරුවන්ගෙන් චිත්‍ර නොඅදින එවුන්ට කිසිම චාන්ස් එකක් නෑ.(පිටට ඇලුන) බඩෙන් අල්ලලා හොලවනඑක තමයි ඉවසන්නම බැරි.ගෑණු ළමයින්ගෙ නං බඩෙන් ඇල්ලුවේ නැහැ. ඇල්ලුවෙ උරහිසෙන්.

    ReplyDelete
  6. @රාජ්- එතුමාට ලමයි ලැබුණ එක ගැන අවංකවම සතුටු වෙමි. බඩෙන් අල්ලන දඩුවම බොහෝ හිමිවරැන්ට ආවේණික වන්නේ මන්දැයි සෑමාත් සොයයි. ස්ත්‍රියකගේ උරහිසින් ඇල්ලීම දැනෙන තරම් දඩුමක් දැයි සැක සහිතය.. :ඩී

    ReplyDelete
  7. හනෙ අම්මේ මෙයාල කරල තියෙන වැඩ....:O

    ReplyDelete
    Replies
    1. අප්පේ අද නොවැ කමෙන්ටුව දැක්කේ..

      අපි ඒම තමා.. ඉස්සර !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...