ඉස්කෝලේ පැවැත්වෙන සාහිත්‍ය සමිති වල ඇත්තේ කිසිදා නොවිදි රසයකි. එහි වූ නාට්‍ය වල ඇත්තේ පස්ගෝ රසයටත් නව නළු රසයටත් වඩා අමා රසයකි. පාසල පුරා රැදුනු මතකයන් අතර අමරණීය මතකයන් ඇත්තේ පන්ති කාමරයට වඩා ටොයිලට්, ග්‍රවුන්ඩ් එක, පැමිලියන් එක පිටිපස්ස, ප්‍රින්සිපල්ගේ ඔෆීස්, හා ප්‍රධාන ශාලාව තුලය.
සාහිත්‍ය සමිතියක් ආරම්භ වීමට අප අසුන් ගෙන සිටියා මතකය. සෙක්ෂන් එකේම පන්ති අට පිරවූ විට මේන් හෝල් එක තුල රග මඩලකි. ඒ ගුරැවරැ එන්නට පෙර ඇතිවන අස්ථායී තත්වයයි. එදා මයික් එක ටෙස්ට් කිරීමට ආවේ පියන් මාමාය. හේ ශාලාව මැද්දෙන්ම පැමිණ වේදිකාවට නැග්ගේ ගීත ගායනා කිරීමක් ගැන කිසිදු අදහසකින් තොරවය. එහෙත් ඔහු වේදිකාවට නගිනවා සමගම අපේ එවුන් අත්පුඩි තැලුවේ සුපිරි ගායකයෙකු සුගත් තිලකරත්න ගීතයක් ගැයීමට වේදිකාව නැග්ගා සේය. පියන් අංකල්ට පැනපු මල අසීමිතය. ඔහු ඉක්මනින් "ටෙස්ටින් වන්.. වන්..ටූ...චූ.." කියා බැස්සේය. බහින මොහොතේත් අපේ එවුන් සමු දුන්නේ අත්පුඩි හා විසිල් පහරකිනි.
ඕලෙවල් ඉලක්ක කොට තැබූ සෙමිනා පොඩ්ඩකදී අපේ සරා සර් ගේ කකුල මයික් වයර් එකේ පැටලී ඒ සමගම ඈම්ප් එකත් එක්කම බිම වැටුණා සෑමාට අදටත් මැවී පෙනේ. එවිටත් අපේ එවුන් අත්පුඩි ගැසුවේ වැරදීමකින්ම නොවේය. හැමදාම සාහිත්‍යය සමිතියේ කියවෙන "උත්තම මුණි දළදා" ගීතය සුපිරිය. කීවේ කොට ධනුෂ්කයාය. තව දවසක් අපේ එකෙක් (මලින්ද) කිහිල්ලේ ගිටාරයක් ගසාගෙන කීවේ "ඔබේ සිනා ලග නෙත නැවතුන දා" ගීයයි. එයද සුපිරිය.
පොඩි පන්ති වලදී අපි ඇන්දේ කොට ෂෝටය. කෙල්ලන්ට වෙනසක් නැත සදාතනික ගවුම් පොඩ්ඩය. අපි 8, 9 දී කොට ෂෝට ඇද, 10 වසර සිට අත් දිග ෂෝටට මාරැ වෙන විට අපේ කෙල්ලන් ඇන්දේ ගවුමමය. නමුත් ඔවුන් පොඩි කාලේ දිගට ඇන්ද ගවුම ලොකු කාලේදී කොට කළහ. ඒ කියන්නේ අපේ ෂෝට හා ඔවුන්ගේ ගවුම අතර තිබ්බේ ප්‍රතිලෝම සමානුපාතික තත්වයකි. ගවුම කොට වැඩි වූ කළ ශිෂ්‍ය නායිකාවෝ කෙල්ලන්ගේ ගවුම් වල වාටි පවා ගැලවීමේ ක්‍රියාන්විතයක් දියත් කළහ. අපි ඒවාට විරැද්ධ වූයේ වල්කමට නොව රෙදි පිරිමැසීම අගනා කාරනයක් බැවිනි.
අපි ෂෝට අදින කාලේ අපේ වයසේ උස ඩයල් වලට එය පට්ට වදයක් විය. උසට උසේ ෂෝට ගැසුවාම මයිල් පිරැණ ගල් එලියේය. එක පුලියේය. එහෙව් උස ඩයල් පුල පුලා බලා සිටියේ ඉක්මනට දහය වසරට ගොස් දිගක් ගසා ගැනීමටය. මේ අතර 9 වසරදී කොටම කොට ෂෝට ඇන්ද අපේ මිතුරා අපි හැදින්වූයේ "ෂෝටා" කියාය. ෂොටා හා සම්බන්ධ මේන් හෝල් ස්ටෝරිය දිග හැරීමේ බිට්, බයිට්, කිලෝ බයිට් කතා අහවරය. දැන් මෙගා ස්ටෝරියයි.
ෂෝටා 10 වසර (හෝ 11) සාහිත්‍යය සමිතියක ගැයුවේ ෂැගී shaggy ගේ (ස්කුබී එකේ එක්කෙනා නෙවේය) ගර්ල් යූ මයි ඒන්ජල් (angel) ගීතයයි. අපි ෂෝටා පොරක් කියා සිතුවේ එදාය. අපිට ඒ රැප් පාට් එක කියන්නට තියා හිතන්නවත් බැරිය. ඒ දවස් වල රැප් නැතිව මුල් ටික අපි කීවත් රැප් කළේ දේශීය අමු ද්‍රව්‍ය යොදා ගෙනය. එනම් "වත්තට යන්නම් මලක් කඩන්නම්.., මම මේ මලුවට යනවා එනවා.." වැනි ආදේශක ගීත එම රැප් ශෛලයට ගැයී මෙනි. නමුත් ෂෝටා ගීතයට උපරිම සාධාරණය ඉටු කළේ දෙවන වටයට පවා තේරී පත්වී මෙනි. ගුරැවරැ පවා කිසිදු එදිරි වාදී කමක් නොපෙන්නුවේ ඉංගිරීසි සිංදුවක් නිසා විය හැකිය.
එයින් පසු ෂෝටා යලිත් කරලියට බැස්සේ 12, 13 වසර වලදී තැබූ සාහිත්‍යය සමිතියකිනි. ඒ ඉරාජ් අයියාගේ ආරකිනි. ඒ.ලෙවල් කරන කාලේ කොම(ර්)ස්, ආ(ර්)ට්ස්, සයන්ස් සියල්ලට එකම සාහිත්‍ය සමිතියක් පැවැත්වීය. අපි සයන්ස් නිසා අපේ සෙක්ෂන් එකේ සයන්ස් ටීචර්ස් ලා කොමර්ස්, ආර්ට් එවුන් සමග අප්සට්ය. නමුත් කොල්ලෝ කෙල්ලන් ගේ සිත් බෙදීමට ඔවුනට නොහැකි වී තිබිණ.
ෂෝටා වේදිකාවට නැග්ගේ උණුසුම් පිළිගැනීමක් සමගය. ඔහු ඉරාජ් අයියාගේ "නින්ද නොයන හැනදෑවේ" ගැයුවේ සුපිරියටය. රැප් එක ලෙසටම තිබ්බා මතකය. ගීතයේ මැද හරියේදී මැද්දට පැන්නේ ඇප්ලයිඩ් මැත්ස් කරන සර්ය. ඔහු කීවේ පාසලට උචිත නැති බවක් ය. හුදෙක්ම විරෝධය එල්ල වූයේ සයන්ස් ටීචර්ස්ලා ගෙන්ය.
විරෝධතාවය මත සියළු කොම(ර්)ස්, හා ආ(ර්)ට්, සෙට් එක එකාවන්ව නැගිට ශාලාවෙන් පිටතට ගියහ. විෂයන් අනුව සිත් බෙදනු නොහැකි එක සිත් ඇති අපද නැගිටුනේ පන්ති කාමරයේදී නැවත මුණ ගැසෙන සයන්ස් ටීචර්ස්ලාගෙන් අසන්නට ලැබෙන අවලාද කතන්දර ගැන නොසිතාය.
- විෂය අනුව බෙදෙන්නට පෙර අප මුල සිටම එක පන්තියේ සිටි මිතුරෝය.
- සාහිත්‍ය සමිතියක ඉදිරිපත් කරන දක්ෂතාවය කුමක් වුවත් එය පාසලට නොගැලපෙන එකක් වෙන්නේ නැත. වෙනත් ශෛලීන්ගෙන් ගීත ඉදිරිපත් කිරීම පාසලට නොගැලපෙන්නක් වෙන්නේ කෙසේදැයි සෑමා තවමත් සිතන්නේය.
- මෙවැනිම සිදුවීමක් සෑමා යලි දුටුවේ දහම් පාසලේ අයියා කෙනෙක් "ශිල්ප සොදින් දැනගන්න ගිහින් නුඹ.." ගීතය ගායනා කිරීමේදී, එවකට විදුහල්පතිතුමා ඔබ්ජෙක්ෂන් දාපු විටදීය. ඒ ගීතය එච්චරම නුසුදුසුද? නැත්තම් එදිරිවාදීන්ගේ සිතුවිලිද?
සෑමාගේ සටහන - ඔබගේ විමසුමට :)
Written by sAm_1.00am_03.12.'11
ඔබේ මෙවන් අත්දැකීම් කමෙන්ට් ලෙස අකුරැ කරන්න...
ඔබේ මෙවන් අත්දැකීම් කමෙන්ට් ලෙස අකුරැ කරන්න...
ගුරුවරුන්ගේ සුන්දර පාසල් කාලය අපි වගේ සෙට් එකක් ඉන්න නැතුව ඇති බං ඒකනේ, එහෙම හිටියා නම් ... අපි වගේ ෆන් එකක දෙන්න දැන් ඉන්න එවුන්ට බෑ ඒකනේ බං පිනා අපි අයින් වෙන කල් හිටියේ ඉස්කෝලේ හදන්න.......(ජයේ)
ReplyDeleteමචන් උඹ මාර ලසනට ලියනවා මාර අතල් කොල්ලෙක් වගේ එල මචන් ජය!!
ReplyDeleteජයේ- කතාව සහතික ඇත්තය. ඔවුනුත් ආදර කරන කාලයක් අපි ඔවුන්ට ලබා දුන් බව සැබෑමය. දැන් ඉස්කෝලේ තියෙන තත්වය අපට උපරිම ආඩම්බරයක් බව කිව යුතුමය. තැන්කූ මේ පැත්තේ කරක් ගැසුවට..
ReplyDeleteඅසරණයා- පාසල උගත් නූගත් සැමට ආතල්ය. නොලැබෙන මතකයකි. ඔබේ කමෙන්ටුව හමුවේ මා අසරණය..උපරිම ස්තුතිය අදහස් වලට.. හැමදාම මේ පැත්තේ එන්න..
angel වල තේරුම ගුරුවරු කවුරුවත් දැනගෙන ඉන්න නැතුවඇති. නැත්තං එදාමනෙ ඔබ්ජෙක්ෂන්එක ගේන්නෙ:)
ReplyDeleteරාජ් මහත්තායා අද ඔෆීස් වගේ :)
ReplyDeleteඑදා ඒන්ජල් ඔවුනට තේරැනා නම් මෙදා නින්ද නොයන හැන්දෑවේ කියන්නට ෂෝටා පාසලේත් නැති වන්නට ඉඩ තිබිණ..
කස්ටිය එකා මෙන් නැගී සිටිය එකනම් අගයමි.අපේ නම් ඔහොම කරන්නට හම්බ වෙන්නෙ නැත.මක් නිසාද යත් ගෑණු ලමුන් අතර ගුරුවරුන්ට ගොටු අල්ලන අය බහුලය.
ReplyDelete@නිසුපා- ඔබේ සත්‍යය පැවසීමේ ගුණය ඉහලින් පසසමි. අපේද ගොටු, මුට්ටි, නෑබිලි කරැවන් නොසිටියාම නෙවේ. එහෙත් හුදු බහුතරය හමුවේ ඔවුන් අසරණ විය. එනිසා ඔවුන් නිෂ්ක්‍රීය විය.
ReplyDeleteඅපේ කාලේ පච්ච සිරා නම් කොල්ලෙක් වන් කෙල්ලෙක් සිටියාය. දැන් ආගිය අතක් නැත. ඇය එවන් ගොටු චරිත වලින් එකකි.
අපේ පැත්තේ පැමිණියාට ප්‍රණාමය.. :)
ටීචර්ලා කන්දෙක වහගෙන සිංදුව අහන් හිටියා නම් ඉවරයි නේ. ඔය ප්‍රස්න මුකුත් නෑ.
ReplyDeleteමධුරංග- සිරා කතාව.. මොනා කරන්නද බ්‍රදර්.. අපි සද්ද වහගෙන මාරැ වුණා විතරයි..
ReplyDelete