Wednesday, December 5, 2012

අල බහිනා කළ නොමැරෙන වැල කදිමා...


උස්සා පෙන්නා වැඩ දැම්මා බැට් එකකින්
සද්ද දමා සපෝට් කලා අපි බොක්කෙන්
මුතු ඇටයක් බැබලූවා සිතියමකින්
ගම්මානේ බැබලූවා තට්ටයකින්


කල් යද්දී මොට වූවා හොද පිත්තක්
අනේ උබත් ඇල්ලූවා එක පැත්තක්
හැම එකාම බොට බැන්නා මොන හු**ක්
එදා පටන් මහ එකාගෙ උබ ඉත්තෙක්


අතට එනවා ඇල්ලුවෙ නැහැ උබ බෝලේ
මැදම කෙටිලා ආවත් නැහැ පෙර පාදේ
කෙල ගෑවත් කැපුනේ නැහැ දග බෝලේ
මැච් තිබ්බත් දෙයියොත් නැහැ මැද සාලේ


නරක කාලෙ ආවත් උබෙ මොලේ හොදා
සාටක සළුවෙ එල්ලී උබ පැන්න සදා
මිනිස්සුනම් මොක කිව්වත් අනෙ මන්දා
කපටි හිනා සහිත උබත් රටේ වෙදා


උබ නාකියි බැට් පැරණී කියා හිනා
අපේ එවුන් තරහින් හිටියානෙ සනා
එදා වැනුව බැට් එක දැන් කෙලින් වෙනා
බැනපු එවුන්ටම පාඩම් උගන්වනා


පිට්ටනියේ මැද හැට්රික් ගත්ත එකා
විවාහයේ හැට්රික් එක ගත්ත මෙදා
උබට හොදා නම් අයියෝ අපට හොදා
අල බහිනා කළ නොමැරෙන වැල කදිමා


http://www.gossiplankanews.com/2012/11/sanath-maleeka-wedding.html


62 comments:

  1. /උඹට හොඳා නම් අයියෝ අපට හොඳා/
    කියල තමා මටත් කියන්න තියෙන්නේ..ළමයි ගැන නම් ඉතින් දුකයි.

    ReplyDelete
    Replies
    1. ළමයි ගැන වුනත් හිතන්න තියෙන්නේ උන්ට හොදනම් අපිටත් හොදා කියලම තමා :((

      Delete
  2. මට වෙන මුකුත් අවුලක් නම් නැ.. මොකද කාවවත් බලෙන් බැදලා නැනේ.... එත් ඔක්කොම ගුවන් සේවිකාවෝ ම වෙන්නේ ඈයි...... (ලස්සන නිසාද? එත් මිට වඩා ලස්සන අය කොයි තරම් ඉන්නවද? )

    ReplyDelete
    Replies
    1. නැ බං ඔකුන්ට බඩුවක් බහින්ඩ වත් වෙලාවක් නැ . නිකා ඉන්නේ ප්ලේන් එකක යන වෙලාවට විතරයි. ඒ වෙලාවට පැණි හලනවා මිසක් මොනවා කරන්ඩද

      Delete
    2. අටමා තමා සිරා කතාව කිව්වේ :ඩී

      Delete
    3. මට එකෙක් කිව්වා මෙතන මොකක් හරි මිස් ෆයර් එකක් තියෙන්න ඕනෙ බං කියලත්.. හි හි...

      Delete
    4. එහෙමනම් ඉතින් ඔකයි සින් කොන් eka නේද ?

      Delete
    5. ඉක්මනටම ගුවන් ගත වෙන්න තියෙන පහසුව හන්දා තමයි සනා බෝයියා ගුවන් සේවිකාවොම හොයන්නේ :)

      Delete
    6. දුප්පත් අපිට ජැකකට හොඳම ප්ලේස් එක බස් එක. සනා අයියලාට එයාර් බස් එක. හෙහ්.. හෙහ්..

      Delete
  3. +++++++++++++++++++++++++++
    /උඹට හොඳා නම් අයියෝ අපට හොඳා/ අන්න එච්චරයි!

    "කාපිරි ලුක් නිසා ගැහැනුන් දිව එන්නා...
    බැට් එක හොද නිසා පන්දුව දුර යන්නා...
    එන හැම පන්දුවට උඩ යන්නට ඇන්නා...
    සති දෙක තුනයි පැදුරට නොකියම පැන්නා...! "
    මේ කයිය දාල තිබ්බේ ගොසිපේ! සනා අයිය ගැනම නිසා මෙතෙන්ට ඇලෙව්වා!

    ReplyDelete
    Replies
    1. ස්තුති ගැලපෙනම කයිය බොල !

      Delete
  4. සනා අපේ ගම්පලාතේ පොරක්ය.මට ඌ ගැන හෙනම ආඩම්බරය.

    ReplyDelete
    Replies
    1. මානවක උබත් ගමේ නම ගෙනියපං කොල්ලා ;)

      Delete
  5. ඌට හොදනම් අපිට මොකෝ.

    හැබැයි ළමයි පව්.

    ReplyDelete
  6. ඕකත් ඉතිං එක්තරා විදියක හැකියාවක් නොවැ. හී හී

    ReplyDelete
    Replies
    1. අන්තිම කාලේ බෝලෙ ඇල්ලුවෙ නැති, බැට් එක උස්සන්න කලින් විකට් ගිය කොල්ල නොවැ මේ !

      Delete
  7. සනා ඉතිං අපෙත් ගම් පළාත් පැත්තෙ තමා, මෑන් කොටුවෙගොඩ, මාතර ටවුම මැද්දෙ.

    කොහොම උනත් සනාගෙ මේ අත්තෙන් අත්තට පැනිල්ල නම් මහ අජූතයි, දැන් කීපාරක් කියලද. කොහොමටත් මම සනත් ජයසූරිය ගැන අහපු සමහර කතා නම් මේ අපි දැනගෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයමද කියල හිතෙන තරමට අප්‍රසන්නයි. මම හිතන්නෙ දැන් මේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ සල්ලි වැඩි වෙච්ච එක. නැත්නම් අපූරුවට පොඩි උන් හදාගෙන පවුලත් රැකගෙන නිවීසැනසිල්ලෙ ඉන්න තිවුනා. කොහොම උනත් ඒ එයාගෙ පුද්ගලික ජීවිතයනේ, අපිට මොටද මොනව කරගත්තම. හැබැයි මෑන් දැනගන්න ඕන එයා දැන් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියල, ඒකෙ ගෞරවේට හරියන්නවත් හැසිරෙන්න එපෑය. සමහර විට මිනිහ හිතනව ඇති ඔය අනිත් මන්තිරියො කරන ඒවගෙ හැටියට මේක මොකක්ද කියලත්.

    ReplyDelete
    Replies
    1. ගෞරවනීය ක්‍රීඩකයෙක්, පච වෙනකල් සාටර් වෙනකල් සෙල්ලම් කලා. සල්ලි උමතුව තමා හැමදේටම. යන්න තැනක් නැති තැන තව සල්ලි හොයන්න රිංගුවා දියවන්නාවට.

      ඔක්කොම හරි, ඒක එයාගෙ ජීවිතේ.

      මුල අමතක කිරීම තමා චොප්ප.

      Delete
    2. මංත්‍රී කෙනෙක් හැටියටනම් සනා ඉහටත් උඩින්.....

      රත්තරං.....පිගන් මාරයා...එතකොට මුතුහෙට්ටි හෙමත් මංත්‍රීවරුනෙ...

      (සිඃ....මේ ලිස්ට් දාන්න ගිහින් මම කරල තියෙන්නෙ වී වල හාල් ඇහිදින එක)

      Delete
  8. උගෙ සල්ලි උගෙ කැමැත්ත ,උගෙ හැකියාව. ඉතින් අපි මොකටැයි විස්සොප වෙන්නේ.කොහොම වුණත් මේ අපේ රටට බිහි වුණු අති ජාත පුත්‍රෙයක්නේ. සනා උඹට ජයම වේවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. දරු පවුල අසරණ කළාටද ජය වේවා කිව්වේ නලින් මහත්තයා ?

      Delete
  9. අනේ රට්ටුනේ බල ඊරිසියා නොකර
    තව අවුරුදු පහලොව විස්සක් විතර
    හැදුවොත් සනා කොල්ලොම දුසිමක් විතර
    අනෙකුත් ක්‍රිකට් පිල් යයි කට වෙත මකර

    ReplyDelete
    Replies
    1. අඩේ 11ක් හැදුවොත් ටීම් එකක් නොවැ

      Delete
  10. // පිට්ටනියේ මැද හැට්රික් ගත්ත එකා
    විවාහයේ හැට්රික් එක ගත්ත මෙදා
    උබට හොදා නම් අයියෝ අපට හොදා
    අල බහිනා කළ නොමැරෙන වැල කදිමා//

    අනේ කාලෙ වනේ වාසේ කිව්වලු.. කෙල්ලොත් කැමති නම් ඌට මොකෝ..

    ReplyDelete
    Replies
    1. අල සහ වැල කෙසේ වෙතත් පොකැට් එක එල නොවැ !

      Delete
    2. ඔය කෙල්ලොත් පැනලා යන්නෙ පොකැට් එක හොඳ නිසානෙ සැමෝ..ඒකෙන් වෙන්නෙ අර දරුවො ටික තනිවෙනවා තාත්තගෙ ආදරේ පැත්තකට උනාම..සමහර ගෑණුන්ටත් සල්ලි කිව්වොත් මූ බැඳලද..ළමයි ඉන්නවද..ඒවා ඕනෙ නෑ...

      Delete
  11. සනත් ජයසූරිය ගැන තියන එක කටකතාවක් තමා ඌ හොර ශොට් එකක ඵලයක් කියන එක. ඒ දවස්වල මිනිහා අපේ වීරයා හින්දා හා හරි ආදර්ශමත් චරිතෙ හින්දා මම ඕක පිළිගත්තෙ නෑ.. දැන් ඌම ඒක ඔප්පු කරලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්...මාතර ගිහින් සනා ගේ තාත්තා කවුද කියල ඇහුවොත්?...ඒ මුනම තියන **සන් අංකල්ව පෙන්නාවි....

      Delete
    2. අම්මද බොල ඒ කතාව අපි නොදනි නොවැ.

      ඌ පිට්ටනිය මැදදි නම් හොර ෂොට් ගැහුවා අනිත් ටීම් කොර වෙන්න

      Delete
    3. ඔය කතාව මාත් අසා ඇත....මූ බෝදිසත්වයෝ වගේ හිටි නිසා පිලිගන්න මැලි උනි.

      Delete
  12. පට්ට කවි ටික මචන් :D
    ඩබල අපි කතරගම ගිය වෙලාවෙ ඈවිත් හිටිය දේව ආශිර්වාදෙ ලබාගන්ඩ කසාදෙට කලින්.

    ReplyDelete
    Replies
    1. අපේ ආසිරුවාදයත් නොඅඩුව මචං

      Delete
  13. කන්නට ඕන නම් මස් ටික කඩෙන් නොකා
    හරකව මරලා මස්කෙරුවනේ මෝඩ යකා
    තනියම වැඩිකලක් කන්නට බැරිය විකා
    වටපිට උන්ට දෙනු හැර වෙන කරනු මොකා

    ReplyDelete
  14. සිරා කවි ටික සෑමා..

    තාම බැට් කරන්න බැටි එක වාරුනම් අපේ මොකො බං..

    ReplyDelete
  15. මේ වගේ කියමනක් පෙර උන් කීවේ ඇයිද
    ගල හොඳ නම අඹරන කහ මක් වේද
    කියල හිතුව මෙච්චර කල් එය ඇත්තක්ද
    හොයලා උදාහරණ අපි වෙහෙසෙන්නේ මක්කටද

    ReplyDelete
  16. තනි බෝලෙට බැට් කොරන්න බැරිය කියා
    තැඹිලිය සරි බෝල දෙකක් හොයං මෙයා
    බෝල පෙන්නු කල පිච් එක මැදින් තියා
    දන්නෙම නැතුව අත බැට් එක ලඟට ගියා

    ReplyDelete
  17. ලිඳ උගේනම් ඌ ලිදේනම් ඇයි අපිට වේදනා කියලා එකෙක් මගෙන් ඇහුවා මේ සිද්ධිය කියද්දී, ඇයි බන් වතුර නැතිවෙන්නේ අපිටනේ :D

    ReplyDelete
  18. සනා පුලුවන් කාලේ වැඩ පෙන්නුවානේ.. මිනිහගේ වැරුද්ද උනේ බැරි කාලේ යන්නෙ නැතුව තවත් එල්ලිලා හිටපු එක.. මිනිහ 3ක් නෙමෙයි 10ක් ගත්තත් අපිට මොකෝ.. ඔය ගෑනු එන්නෙත් සනාට ඇති ආදරයකට නෙමෙයිනේ.. උගේ සල්ලි නිසා..

    ReplyDelete
  19. අල බහිනා කළ නොමැරෙන වැල කදිමා
    මොනවා උනත් ගරු කටයුතු වැලක් බන්

    ReplyDelete
  20. ඔතන කතන්දරේ ප්‍රධාන චරිතය සල්ලි සෑම්... ඕක මම අල්ලගත්තේ මගේ යාලුවෙක්ගෙන්.. ඉස්සර ගුවන් සේවිකාවක්... ඇති වෙන්න සල්ලි තියෙනවනම්, ඉල්ලන හැම‌ෙද්ම ගෙනත් දෙනවනම්, ක්ලබ්ස් දෙක තුනක නිත්‍ය සාමාජිකයෝ නම් මිනිහා රටේ හිටියත් නැතත් අනිත් දේවලින් අඩුවක් වෙන්නෙ නෑ කියලා ඒකි කිව්වේ වෙන මොකවත් හින්දා නෙමෙයි.. රස්සාවට ගිහින් මාස තුනෙන් ඉන්දියන් පයිලට් කෙනෙක් බැඳපු උගේ ජීවිතේ ගැනම හිතලා.... මම නම් ඒකිටය බනින්නෑ... අඩු ගානේ ඌ ගෙවන ජීවිතේ ගැන ඌට සැටිස්...

    මෙතන ප්‍රශ්නේ මේ සනා වෙච්ච එක.. සනා දෙකේ කොළේට වැටුන හැටි දන්න අපිට, ගත්ත වර්ල්ඩ් කප් එක දෙකේ කොළේට දා ගන්න තව වර්ල්ඩ් කප් එකක් ගෙනාවොත් අපි ආයිත් සනා ගැන කතා කරන එකක් නෑ...

    ළමයි ගැන අපි කතා කරලා වැඩක් නෑ.. අපි හිතනවට වඩා ටිකක් වෙනස් සමාජ ස්තරයක උන් ඉන්නේ... මොකෝ අපි වගේ මාසේ පඩියෙන් ජීවත් වෙන එවුන් නෙවෙයි නේ.. උන්ට තාත්තෙක් හිටියත් එකයි නැතත් එකයි...

    උන්ට ‌හොඳ නම් අපිට මොකද....

    ReplyDelete
    Replies
    1. සැමාගේ කයි ටික නම් එළ ඈ.......

      Delete
    2. ආන්න හරි අපිට පාන්ද ....ඌට හොදනම් අපිට මොකෝ

      Delete
    3. කයි පට බැඳිල්ලත් ඉතින් පණයන වැඩක්..

      Delete
  21. පස්ට කවි ටික. සනා බෝයි ගැන මොකුත් නොකිය ඉන්නම්

    ReplyDelete
  22. //එදා වැනුව බැට් එක දැන් කෙලින් වෙනා
    බැනපු එවුන්ටම පාඩම් උගන්වනා//

    සනා දැන් හයේ හතරේ පාරවල්මලු ගහන්නේ ..:D

    ReplyDelete
  23. සනා කියන්නේ අඩු බෝල ගානකින් පනහක් ගහන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසයි මලීකා, සනාව බැන්දේ. මලීකාට තියෙන්නේ කරකවලා බෝලේ පිත්ත ගාවට දාන්න. සනා දෙයි හයේ පාරවල් ටික මඩ ගොඩට පොල් කඩනවා වගේ 'තග් තග්' ගාලා.අනික ගුවන් සේවිකාවක් නිසා ගහන ගහන බෝලේ ගුවන් ගත වෙනවා නෙහ්. හික්ස් :)

    සනානම් එකෙක් බැරිනම් දුසිමක් බැන්දත් අවුලක් නෑ. ඒත් පොඩි උන් ගැන තමා දුක !!

    කයි ටික නම් එලකිරි සෑමෝ

    ReplyDelete
  24. monwa unat uba liyan..a
    kawi hakiya watinawa sAm..a
    Jayawewa,
    Sajith
    ayama sajith kiyala leyna naha..eat may mama tama hodada?

    ReplyDelete
  25. මටනම් පේන්නේ මෙතන තියෙන්නේ දේශපාලන හේතු නිසා හටගත් කේන්තියක් පිටකිරීමක් කියාය. නැත්නම් මෙවැනි ප්‍රශන තවත් බොහෝ ජනප්‍රිය පුද්ගලයින්ට සිද්ද උනානේ. කැප්ටන් කූල්ට ඩිල්ශාන්ට .. ළමයින්ට පවු කියන්න උවමනා අපි වගේ සාමාන්‍ය පුද්ගලයො ඔය විදියට බැන්ඳනම්. සනා එයාගේ ළමයින්ගේ තාත්තාකම අයින් කරගත්තා කියලා කොහෙ හරි කියලා තිබ්බද ? ළමයින්ට යුතුකම් ඉශ්ට කරනවනම් (ඩිල්ශාන් වගේ) අනේ අපිට මොකද ඔය අනුන්ගෙ ප්‍රශ්න .

    ReplyDelete
  26. කයි පද ටිකනම් මරේ මරු

    ReplyDelete
  27. අම්මම මසුරන් කයි ටික බන්

    මට සේල්ස් රෙප් කෙනෙක් කියපු කතාවක් මතක් වුනා
    " වන්ගු ගහන්නේ නැති රෙප් ලයි, රෙද්ද උස්සන්නේ නැති ගුවන් සේවිකාවොයි " කියලා ජාතියක් නැල්ලු

    ReplyDelete
  28. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නෑ. උඹේ කවි ටික නම් මල් මසුරන්..

    ReplyDelete
  29. කවි ටික නියමයි!
    ඒත් ඉතින් ඇයි සනාට විතරක් ඔරවන්නෙ
    කලින් ගෑනි අමතක කරමු. එයත් තවම නරක නෑනෙ. එයාව ගන්න තව මිනිස්සු ඕනතරම් ඇති. ඒත් දරුවො තුන්දෙනා... අහිංසක දරුවො 3 දෙනෙකුට උරුම පිය සෙනෙහස සදහට අහිමි කරද්දි තමන්ගෙ හිතට ඒ දුක යන්තමටවත් නොදැනෙන ඔය වගේ දුෂ්ඨ ලදුන් තව කොයිතරම් ඇද්ද.
    දරුවන් අසරන කරන්නට තියෙන අකමැත්ත එකම හේතුව කරගෙන නොගැලපෙන යුග ජීවිත දුක් කරදර මැද රැකගෙන ඉන්න අය කොච්චරක් තව ඉන්නවද
    එයාටත් ඉක්මනට විපාකය පස්සෙන් එයි....එච්චරයි කියන්න තියෙන්නෙ ..

    ReplyDelete
  30. කවිය ගති.

    නිත්‍යනුකුලනම් එයාලගෙන් සල්ලිනම් සාමාන්‍ය මිනිස්සු වුන අපිට ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ ඇයි.

    ReplyDelete
  31. පව් අප්පේ සනත් අයියා..දැක්කොත් මේවා ලැජ්ජා හිතිලා ඔය දිගේත් නවත්තයි..

    ReplyDelete
  32. අනේ මන්දා අප්පා මෙව්වට මොනවා කියන්නද කියලා. අහේතු කාලෙන කජ්ජෙන පුහුලන්

    ReplyDelete
  33. "උබට හොදා නම් අයියෝ අපට හොදා" කියල තමා ඉතිං අපිටත් කියන්න තියෙන්නේ.....

    කවි ටික නම් සිරා ඈ.....

    ReplyDelete
  34. පද ගැලපීම නම් අපූරුයි සෑමෝ. සෑහෙන්න බොන්න ඇති නේද වැඩේට.

    ReplyDelete
  35. හයියෝ සනා! අපි නොකළ පින් එදා! කරමි පින් මෙදා! වෙන්නට සනා මෙන් මතුදා!

    ReplyDelete
  36. හැකියාව අගයමි.... (සනා)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...