මම කල්පනා කළා ඇයි උඹ මට මෙච්චර දරුණු කියලා. මාව දන්නෙත් නැතුව, මම උඹට වරදක්වත් නොකර, උදේ, දවල්, රෑ ඕනෙ වෙලාවක මම උඹේ ගෙවල් ලගින් ගියොත් උබ මගෙ ඇගට පනිනවා. එල්ලෙන්න හදනවා. පස්සෙන් පන්නගෙනම එනවා. එතකොට මම උඹට කරදරයක් නොවෙන්න පරිස්සමට, ස්ටීරිං වීල් එක පැත්තට හරවලා, වේගෙන් ඉස්සරහට යනවා, ඇක්සලේටරේ ලෑල්ලට පාගනවා.
මම කැමති නැහැ උඹට බනින්න, ඒත් උබ මහා බල්ලෙක් තමයි. ඒත් අනිත් බල්ලෝ පාරවල් දිගේ ඇණ කොටා ගන්නකොට උඹ ඉන්නෙ ගෙදරට වෙලා. ඒත් උබ මගෙ පස්සෙන් විතරක් පන්නන හේතුව තමා මම හොයන්නේ. දැන් උඹ අහයි සෑමා කෝමද ඒක දන්නෙ කියලා. උඹට වැඩිය උඹ ගැන දේවල් මම හොයාගත්තා. ඒ වටේ පිටේ ඉන්න වෙන බල්ලන්ගෙන් අහලා. ඒත් උන් උබට වඩා බලු පාටයි. උඹට වගේ බෙල්ලේ පටියක් නැහැ උන්ට. උන් දුප්පත් නිසාද මන්දා. එක්කො කාගෙන්වත් සරණක් නිසාද මන්දා. සරණක් නැහැ කියන්නත් බැහැනේ, උන් උබට වඩා ලොකුවට ඉන්නවා. උඹ පොඩියි කියල කිව්ව නෙවේ. උන්ට සාපේක්ෂව උඹට හොදයි කිව්ව වගේම, උන්ට සාපේක්ෂව උබ පොඩී.
එකම එක දවසක් මම මහ රෑ එද්දි උඹ පාරට පැන්නෙ නැහැ. වෙනදට කොයි වෙලේ බැලුවත් මිදුලට වෙලා ඉදලා මගෙ වාහනේ සද්දෙට පස්සෙන් පන්නගෙන එන උඹට කරදරයක් වෙලාවත්ද කියලා මම කල්පනා කළා. එක්කො උඹ වැරදිලා වෙන වාහනයකට පැනලා ඒකට යට වුණාවත්ද කියල මම කල්පනා කළා. එක්කො උඹව ගෙදර අය කූඩු කරන්න ඇති කියලත් හිතුනා. එහෙම හිතාගෙන වෙනදට උඹ පනින නිසා උඹේ ගේ ලගින් වේගෙන් ඉගිල්ලෙන මම නිදහසේ හෙමීට උඹේ මිදුල පහු කරමින් හිටිද්දි, උඹ පැනගෙන ආවා. ගේ ඇතුලේ ඉදලා. ආපු වේගෙන් දඩස් ගාලා පිටිපස්සෙ දොරේ හොම්බ තිබ්බා. උඹට රිදුනද බලන්න මට විදිහක් නැහැ. මම නවත්තලා බැස්සොත් සමහර වෙලාවට උඹ මාව කන්න බැරි නැහැ. මොකද උඹ මගෙ වාහනේ ට පනින, හේතුව මම නොදන්න නිසා. ඉතිං මම පාගලා ගියා. උඹෙන් බේරෙන්න හිතාගෙන.
පහුවදා උදේ මම ඒ පැත්ත බලාගෙන ආවෙත් කලින් දවසේ උඹට කරදරයක් වුණාද කියලා කල්පනා කරගෙනම. අනේ උඹ ඉන්නව වෙනද වගේම, හිටගෙන පාර බලාගෙන. මගෙ නම්බර් ප්ලේට් එකට අකැමැත්තෙන්ද? නැත්තං මට ලයිසන් නැහැ කියල හිතාගෙනද මන්දා උඹ ආයෙත් පැන්නා. මට හිතාගන්න බැහැ උඹ මට මෙච්චර වෙනසක් කරන්නෙ ඇයි කියලා. මම කල්පනා කරනවා හැමදාම උදේ, හවස, උඹ මාව පන්නද්දි.
එදා මම ගෙදර එන ගමන් උඹලගෙ ගෙවල් ලග ඉන්න මගෙ මිත්‍රයා, බ්ලොග් පෝස්ට් ගොඩක වීරයා වුණ දෝදුවා දාගෙන ආවා වාහනේ ම. ඇයි කියල අහන්න එපා ඌව දාගෙන ආවේ. මොකද මාස තුනකට පාරක් වත් උන් එක්ක සෙට් වුනේ නැත්තං අවුල්. ඔන්න ඌ ඉන්නකොටම මම උඹලගෙ ගේ පහු කරනවා. වෙනද වගේම උඹ මගෙ වාහනයට පනිනවා. මම උඹේ ගමේ මගෙ මිත්‍රයා දෙසට හැරෙනවා. මම ඌට විස්තර කරනවා.
බලපං මචං ඔය බල්ලා හැමදාම මගෙ වාහනේට පනිනවා. මොකද මන්දා සීන් එක.
අහ්.. මම දන්නව මචං, ඒත් මම හිතුවෙ නැහැ ඒ උඹ කියලා.
ඒ මොකක්ද බං ඒ කතාව????
දෝදුගේ කතාවෙන් සෑමාගේ ඇස් උඩ යනවා. සෑමා ආයෙත් ප්‍රශ්න කරනවා.
මොකද බං සීන් එක?
නැහැ මචං, ඔය බල්ලාගේ පැටියෙක් හිටියා ඔය වගේම. ඌව වාහනයකින් හප්පගෙන ගිහින් චෝප්ප වෙලා ඉද්දි මූ එතන්ට වෙලා වටේටම බුර බුර ඉදල තියෙනවා.
ඉතිං??
කවුරුත් වාහනේ දැකල නැහැ. වාහනේ නවත්තල වත් නැහැ. උගෙ මීටරේ හොදනම්, උඹ තමා බලු පැටියව හප්පලා තියෙන්නේ.
යකෝ මේක මාර කෙලියක්නේ, මම හැප්පුව නම් මම දන්නව නේ බං. එහෙම නම් මම උඹෙන් මේ ගැන කොහොමටත් අහන්නෙ නැහැනේ.
එහෙනම් මචං ඌ උඹේ ජාතියෙ හැම වාහනයකටම පනිනවා ඇති. ඒකයි සීන් එක.
දෝදු මට කියපු විස්තරය හරි නම්, මම උඹට වෛර කරන්නෙ නැහැ. කලින් වුනත් මම උඹව බේරුවා මිසක් උඹේ ඇගට කපලා, උඹට බැන්නෙ නැහැ. මම බලං හිටියේ උඹ හැමදාම වාහනේට පැනලා බුරාගෙන දුවගෙන එනකල්. හෙටත් උඹ වාහනේට පැනපං. පැටියා මරපු එකාට තියෙන තරහ නිවෙනකල් පැනපං. හැබැයි පරිස්සමෙන්. උඹට තුවාල වෙයි.
පලි - ලෝකෙට පේන්න ලොකු ගණන් වලට බල්ලො හදන වෙලා, කළගුණ දන්න වල් බල්ලෙක් හදන්න, ආදරෙන්. උන් ලොකු ජාතියෙ එවුන්ට වඩා ලස්සනයි හොදට කන්න දුන්නම. ආදරෙන් බලා ගත්තම.
Written_by_sAm_ශ්‍රී_Perera_03:22pm_09/12/12
ම්ම්ම්.. සෑම්.. මේක නම් ඇත්තටම හෙන ක්‍රියේටිව්...
ReplyDeleteඇත්ත බං.. අපේ ගෙදර හිටපු බල්ලා කිසි කෙනෙක්ව හපන්නේ නෑ.. හැබැයි සිල් ගන්න යන ආච්චි කෙනෙක්ට හැමදාම පනිනවා.. ඉතිං එයා එනකොට අපි හැමදාම ඌව අල්ලගෙන ඉන්නවා... දවසක් ළඟ ගෙදරක කෙනෙක් තමා හේතුව කිව්වේ.. ඒ ආච්චි ගෙඩාල් බෑයකින් මූට පතබාලා.. ඒකේ තරහට තමයි මූ හැමදාම පනින්නේ.. මොනවා කරන්නද ... අත්තමයි බල්ලව ලෙහලා තියන්න හිතුනා මට නම්.. හැබැයි කෑව නම් ඒකෙනුත් විඳවන්නේ අර ගෙදර ඉන්න අහිංසක ලේලි.. ඒක නිසා අපි නිකම් හිටියා...
පිටට සීලේ... ඇතුලෙන්..????
අර දඩ බල්ලවනම් අරින්න එපා....
Deleteඔව් ඔහොම තමා, බල්ලන්ට කරදරයක් කලාම එයාලව මතක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ දැක්කොත් ඉතිං විනාසයි. අපේ ගෙදරට ආපු අන්කල් කෙනෙක් අපේ බල්ලට ගහල තිබුන. දැන් ඒ අන්කල්ට පැත්ත පළාතේ එන්න බැ. අපි හිටියොත් හරි නැත්නම් පනින එක නවත්තන්නෙම නැ.
Delete:( :(
ReplyDeleteසතෙක් වුනත් දරු දුක දැනෙනවා ඇති..බල්ලෝ ළඟ මිනිස්සු ලඟත් නැති තරමට කෙලෙහි ගුණ තියෙනවා.ඒ වගේම හොඳ මතකයකුත් තියෙනවා..
බල්ලෙක් දිහා මේ විදිහටත් බලන්න පුළුවන් එහෙනම්..
ReplyDeleteමට බල්ලන්ව පේන්න බෑ ඒ වගේම මාවත් උන්ට පේන බෑ . ඒත් උබේ පොස්ට් එක මාව එක තැනක නතරකලා.ඒත් .. බල්ලන්ට මාව පේන්න බෑනේ
ReplyDeleteඔව් බං බල්ලෝ හෙන හොදයි
ReplyDeleteබලපු නැති කට්ටිය බලන්නකො "මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම"
මාරයෝ මෙන්න දැම්මා ලින්ක් එකක්
අලේ මන්ද මේ ටිකේම බලු කතා. කතාවනම් නොම්මර එකයි. හැබැයි මේකත් මාරයා ලියු ගස් බලු කතාවට සම්භන්දධ කියා හිතෙනවා.සුපිරිම ලියැවිල්ල සෑමා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
වල් බල්ලො හොදයි තමයි, අපේ ගෙදර ඉන්න එකා නම් වල්ම වල් බලල්ලෙක්, මිනිස්සු ඒකව හැපුවත්. ඒක මිනිස්සුන්ව හපන්නෙ නෑ.
ReplyDeleteපොඩි අවුලකට තියෙන්නෙ අම්ම මට වඩා බල්ලට ආදරෙයි.
මම බල්ලන්ට නම් කැමතිම නෑ,හේතුව මම බයයි.. හැබැයි මේ කතාව නම් දුක හිතෙනවා අයියණ්ඩියා.. පව් ඒ බල්ලා.. මට මේක කියවද්දි මතක් වුනේ අර බස් ඩ්‍රයිවර් අන්කල්ව හොය හොය යන වදුරව.. :(
ReplyDeleteගනේමුල්ලෙ ස්ටේශන් එකේ හිටිය ඔය වගේම බැල්ලියෙක්. එන හැම ට්‍රේන් එකකටම පනිනව බුරාගෙන. හේතුව ඔය සිදුවීමමයි.
ReplyDeleteඅපි ඉස්කෝලෙ යනකොට එනකොට ගොඩක් වෙලාවට දකිනව.
ඊට පස්සෙ උව දකින්න හිටියෙ නැහැ. සමහරවිට ඌවත් ට්‍රේන් එකක් යටකරන්න ඇති.
nice post pal. really nice
ReplyDeleteසෑම් අය්යා එල පොස්ට් එක ඈ. සිරා කතාව.
ReplyDeleteඅඩෝ...බල්ලන්ට බයින්න එපා හරී...
ReplyDeleteමට තදවෙනවා ඈ... :/
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිතන්න අලුත් යමක්.
ReplyDeleteබොහොම ස්තුතියි සැමෝ ....
සෑම කාර් එක ගත්තෙ කාගෙන්ද?
ReplyDeleteහ්ම්ම්..ඌ මනුස්සකම තියෙන බල්ලෙක්! ! !
ReplyDeleteඉස්සර අපේ ගෙදර බල්ලෙක් හිටියා ( ඌ ගැන මම අර කුකුලගෙ කතාවෙදි කියලා තියනවා ) අල්ලපු ගෙදර මාමා ඌට පොඩි කාලෙ කුඩයකින් ගහලා බල්ලා මැරෙනකම්ම උගෙ හිතේ එ තරහා තිබුනා.. ඒ මනුස්සයට කවදාවත් අපේ ගේ ඉස්සරහින් සැනසිලෙනම් යන්න ලැබුනෙ නෑ.. ඈත එනකොට බල්ලා දන්නවා.. එයා එනවා කියලා.. මූ ඉස්සරහට ඇවිල්ලා සූදානම් වෙලා ඉන්නවා බන්.. ගේමට.. සමහර දවස් වලට මනුස්සයා බයිසිකලේ අනිත් පැත්තෙන් බැහැලා තමා බේරෙන්නෙ..
ReplyDeleteඅර වල් බල්ලො ගැන කියපු කතාවට මාත් එකඟයි.. උන්ගෙ හරි ගුණේ බන්.. උන් තමයි ඔරිජිනල් බල්ලො..
අපේ ගෙදරත් හිටියා ඒ වගේ බල්ලෙක්.ඌ පැටියා කාලේ ගාපු කෙනෙක්ට ඒ මනුස්සය මැරෙනකම්ම කන්න පනිනවා.
Deleteමේක කියව්වාම බල්ලා ගැන දුක හිතුනා. සෑමා දකින හැම වෙලාවේම බල්ලට දරු දුක දැනෙනවා ඇති.තරහා පිරිමහගන්න බැරුව දුක් විදිනවා ඇති. පව්.... :(
ReplyDeleteබල්ලෝ, පූසෝ දිරවන්නැතිය... ඒ වුනාට මේ වාගේ කතා නම් අගේය. චුට්ටි වෙලාවකට බල්ලා ගැන අනුකම්පාවක් පහල වී නැතිවී යන්නේය.
ReplyDeleteහිතේ ගැඹුරු තැනකට ගිය කතාවක්.........!!!!!!!
ReplyDeleteබල්ලන් කිසි හේතුවක් නැතිව අපට බුරන තවත් අවස්තාවක් ඇත. අප උන් පසු කර යන විට අප පසුපසින් එන මනොකායවල් උන්ට දැනේ. උන් බුරන්නේ අන්න ඒවාටය. සමහර දිනක බුරන තවත් දිනක නිසොල්මනේ සිටින අවස්ථා ගැනයි මං මේ කිව්වේ.
ReplyDeleteබල්ලෝ හොදයි බන් වෙලාවකට මිනිස්සුන්ටත් වඩා...
ReplyDeleteසත්ව ලෝකෙත් බොහොම සංවේදී කතා එමටයි...
වෙලාවකට මිනිස්සුන්ටත් වඩා සත්තු සංවේදියි...
සැමා බල්ලො මරන්නෙ නෑනෙ...
බල්ලටත් සාධාරණයක් තියෙන්න ඕනෙ බන්...
දවසකට උබ වෙන කාර් එකක ඇවිත් බලහන් ඒකට ඔය දඩෝරියා පයින්නේ නැද්ද කියල...
මොනව කියන්නද කියල හිතා ගන්න බෑ බන්..
ReplyDeleteබල්ලන් ගැන පෝස්ටුවක් මගේ හිතෙත් තියේ. වෙලාව ආවම දෙන්නං. මේකෙ විරුද්ධ වර්ශන් එක. උඹ දන්නවනේ මම බයික්කාරයා.
ReplyDeleteඋඩින් පෙනෙන කතාව වගේම ඇතුලෙත් ළොකු කතාවක් තියෙනවා.
ReplyDeleteසමහර බල්ලෝ ගාව මිනිස්සු ලගවත් නැති තරම් මනුස්සකම් තියෙනවා බං .. එකේම අනිත් පැත්තත් කියන්න පුළුවන් සමහර මිනිස්සු ලග බල්ලෝ ලගවත් නැති තරම් බලු ගති තියෙනවා...
ReplyDeleteඋබේ පොස්ට් එකට මට ගොඩක් ආස හිතුනා.. නිර්මාණශීලි ලිපියක් ..ජය
බල්ලෝ හොඳට කෙලෙහි ගුණ ගන්න ජාතියක්..අපේ ගෙදර එක්කෙනත් වාහනේකට දවසක් හැප්පිලා පොඩ්ඩක් තුවාල වුනා.පස්සේ ඊට ටික දවසක ඉඳන් මෙයා ලොකු වාහන එක්ක තරහයි. පාරේ එක්කන් යනකොට ඒවාට බුරාගෙන පනිනවා .
ReplyDeleteපාරට පනින බල්ලො නම් මටත් පේන්න බෑ, බලන් ගියාම ඒකටත් සාධාරණ හේතුවක් උගේ පැත්තෙනුත් තියෙන්න පුළුවන්නේ.
ReplyDeleteහ්ම්...........
ReplyDeleteApe gedara inna naambath oya vage paare yana car okkogema passe pannanava.naambath hoda val ballek u posh ekek neme
ReplyDeleteදුකයි සැමා අයියෙ... :( ඇත්තට සංවේදී පෝස්ටුවක්...
ReplyDeleteහීං ටොක්කක් නේද ???
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා සෑම්. ඒත් හේතුව නම් මෙය නොවන්නට පුළුවනි. ගෙදර අයව දන්නවා නම් දවසක වාහනය නතර කරලා, බල්ලා දිහා නොබලා වාහනෙන් බැහැලා, ගෙදර අය එක්ක ඩිංගක් කතාබහ කරලා ඉක්මණින් පිටවෙලා ගියොත් බල්ලගෙ අනාගතයටත් සතුටුදායක වේවි. පුළුවන් නම් බළු බිස්කට් එකක් හරි මස් කටුවක් හරි අරගෙන යන්න!!!!
ReplyDelete"ලෝකෙට පේන්න ලොකු ගණන් වලට බල්ලො හදන වෙලා, කළගුණ දන්න වල් බල්ලෙක් හදන්න, ආදරෙන්. උන් ලොකු ජාතියෙ එවුන්ට වඩා ලස්සනයි හොදට කන්න දුන්නම. ආදරෙන් බලා ගත්තම." -අගනා උපදසෙක්.
බල්ලා කියන සතා පුදුම විදියට කෙලෙහි ගුණ දන්නා සතෙක්. ඒ වගේම තමා එයාට නපුරක් කලොත් ඒකත් හොදට මතක තියා ගෙන වෙලාව ආවම දෙනවා බැටේ......
ReplyDeleteඅනේ මන්දා බං. අපේ ගෙදර වල් බල්ලා හෙනම හුරතල්. ඒකා දැන් පුත්තලං බුරුවෙක් වයස. ඒත් තවම අපි දැක්කම ඇඟේ ඇතිල්ලෙන්නේ හරියට පොඩි කුක්කා කාලේ වගේ. හොම්බ බිමට නවාගෙන ඇවිත්.
ReplyDeleteහොඳට කෙලෙහි ගුණ, ගෙදර මිනිස්සුන්ට ආදරේ කරන්නේ වල් බල්ලා..
ReplyDeleteබල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඌ ඊට පස්සේ දවසේ කන්න නොදුන්නත් දකින හැම පාරම නැට්ට වනනවා ..බල්ලා කියන්නේ හොඳ කෙලෙහි ගුණ දන්නා සතෙක්
ReplyDeleteඅපේ ගෙදරත් ඉස්සර ඉඳන්ම ඇති කලේ වල් බල්ලෝ තමා.ඔය අතරින් වඩාත්ම ගුණයක් තිබ්බේ බැල්ලියකට ඌ අයාලේ මලා සර්පයෙක් ගහලා.ඌ මට හරිම ආදරෙයි දැන්නම් ඉන්නේ මහා කුප්ප කුජීත වල් බල්ලෙක්.ඌත් එක්ක අපේ ගෙදර බල්ලෝ දෙන්නයි මාත් ඇතුළුව
ReplyDeleteහරිම සංවේදී කතාවක්..!
ReplyDeleteඒත්..ටොක්කක් කියල අහන්නෙ...ඇත්තටම එහෙම එකක්ද..?
මට නම් පේන්න බෑ බොල. මගේ කරුමෙකටද මන්දා. උන්ගෙන් කොච්චර ඈත් වෙලා උන්නත් නිකන් මගේ ඇඟට එනවා.දැනට අවුරුදු දෙකකට විතර කලිනුත් වැඩ ඇරිලා එද්දී පාර අයිනක හිටපු එකෙක් මට කෙටුවා. එහෙම එවුන්ට නම් මගෙන් චෑන්ස් නෑ ආයිබොවන්...!!
ReplyDeleteඔය වගේ බැල්ලියෙක් ඉස්සර ගම්පහ සහ ගණේමුල්ල කෝච්චි ඉස්ටේෂන් දෙකෙත් හිටියා... කෝච්චියක් එද්දි ඒකෙ ඇන්ජිම එක්ක බුරාගෙන වේදිකාව දිගේ ඉදිරියට දිව යන දර්ශනේ සුලභ දසුනක් ඒ කාලෙ... තාමත් ඉන්නවද දන්නෙ නෑ... පවු බන් දරු දුක...
ReplyDeleteබල්ලන් බළලුන් නම් මට පෙන්නන බැ..... එත් උබේ පොස්ට් එක අමුතු දෙයක් හිතන්න පාර පෙන්නුවා.... එත් ඉතින් මාස තුනකට විතර කලිනුත් බල්ලෙක් නිසා ඉන්ජෙක්ෂන් 9ක්ද කොහෙද ගැහුවනෙ ..
ReplyDeleteපව් ඒ අහිංසකයා..වෙන මනුස්සයෙක්නම් මේකා මට හැමදාම බුරනවා මේකාට ගහනවා කියලා හිතනවා..එත් ඔයා ඒ බල්ලට අනුකම්පා කෙරුවා..වටිනවා එකනම් ගොඩක්..මොනා උනත් අම්මා කෙනෙක්නෙ..
ReplyDeleteවැඩ වැඩි කමට මේ දවස් වල බ්ලොග් කියවන්න වෙන්නෙ නෑ... ඉදලා හිටලා හරි කියෙවුවත් කොමෙන්ට් දාන්නෙ නෑ... කියවනවා විතරයි... මේක දැක්කාම නොදා යන්න හිතුන්නෑ... සිරාවටම මට හිතට වැදුනා... සෑහෙන සිදධි ගොඩක් මතක් උණා..
ReplyDeleteමං බල්ලන්ට ආසම නෑ. ඒත් දවසක් අයියා ගෙනාවා කුක්කෙක්. දැන් අපේ ගෙදර ඉන්න ෆිට්ම පොරවල් දෙක තමයි අපි දෙන්නා. සෙල්ලමට අවුස්සා ගත්තම කියලා වැඩක් නෑ. අත දුන්නම හප හපා ඉන්නවා ගන්නකම්ම. හැබැයි කවදාවත්ම රිදිලත් නෑ. තුවාල වෙලත් නෑ. මසාජ් එකක් වගේ තමයි.
ReplyDeleteපාරේ කොච්චර වාහන ගියත් මං බයික් එකේ ඈතින් එනකොට මූ පාර ගාව.
මට හිතාගන්න බැරි බල්ලා කියන්නේ ඇත්තටම කාටද කියලා.
සංවේදී බලු කතවක්. මම නම් බල්ලන්ට කැමති නෑ. ඒ උනාට ඒ බලල එක්ක උබට හොද බැදීමක් තියෙනව වගේ.නතර කරල බලපන් දවසක...
ReplyDeleteඅනේ මං අදනේ මේක කියෙව්වේ..හ්ම්...පූසොන්ට වැඩිය බල්ලන්ගේ කෙළෙහි ගුණ තියෙනවා..
ReplyDeleteමේක මාර ලිපියක්..
ReplyDelete