Sunday, December 23, 2012

මායාවරුන්ගේ චින්තනය සහ ආසියාවේ ආශ්චර්ය...


අතීතයේ ඉන්දියන් සාගරයේ පුංචි රටක් වූයේය. එය නම් මායා වරුන්ගේ දේශය නම් වූයේය. ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයකින් හෙබි මායාවරුන්ගේ රාජ්‍යය ඉතා මනරම් වුයේය. වර්ථමානයේ ආසියාව නම් වන මහද්වීප කොටසට පහලින් පුංචියට මායා දේශය පැවතියේය. එහි තනිකරම තිබුනේ මායාව පමනක්ය. එනිසාම එය ආසියාවේ ආශ්චර්යය වූයේය. රාජ්‍යෙය් රජු මනා බුද්ධියකින් හෙබි වූයේය. රජු වට රාජ පරම්පරාව දැහැමින් වැජඹුනේය. රජු වටා සිටි සහෝදර කැළ රජුට මනා ශක්තියක් වුයේය. එය රට වැසියාට මෙන්ම රට වැසියාගෙන් පසු එන ඊලග යටවැසි පරම්පරාවට පවා මහත් ආනිශංස ගෙන දුන්නේය.

රාජුගේ පරපුරට සහය දැක්වීමට ඊටත් යටින් සිටියේ යහපත් ගුණ ගරුක ඇමති මණ්ඩලයක්ය. දක්ෂ විවාද ශීලා මුඛ යන්ගෙන් පිරිපුන් එම ඇමැතිමණ්ඩලය රට කළෝය. රට වැසියා නිතර නිතර ඔවුනට පින් දුන්නෝය. එය නම් රජුගේ මව්තුමිය තව්තිසා දෙව්ලොව පවා ඉපදෙන්නට පවා හේතු වාසනා වුනේය. රජුට දාව උපන් පුත් කුමරුන් පවා මහජන සේවයට කැපවූවෝය. අයෙක් අභ්‍යාවකාශය ජය ගත්තේය, අයෙක් මහ මුහුද ජය ගත්තේය, අයෙක් රට වැසියා ද විටෙක ක්‍රීඩා පිටිය ලෙස නොයෙක් අන්ත ජයගත්තෝය. ඒ දැන මහජනයා නැවත නැවත දෙමාපියන්ට පිං දුන්නෝය. එවිට රජුට එම පිං ලැබුනේය. ඔහු යෙහෙන් වැජඹුනේ ඒ පිං බලයෙන්ය.

දිනක් මායා රටේ විභාගයක් පැවැත්වුනේය. විභාගයට පෙර විභාග ප්‍රශ්න පත්‍රය එලියට පැන්නේය. ලමයි ඒවා බලා ලකුණු තරකර ගත්තෝය. ප්‍රශ්න පත්‍රය හැදූ අය පවා මායාවේ රහස සොයා ගත නොහැකිව උඩ බිම බැලුවෝය. පසුව පහ වසරේ ලමයින්ට විභාගයක් තිබුනේය. එහි ප්‍රශ්නවලට උත්තර පහවසරේ තියා උසස් පෙල ගුරුවරුන්ට පවා සොයා ගත නොහැකි වුයේය. විභාග කොමසාරිස්ට පවා සොයා ගත නොහැකි වූ නිසා ඔහුද මායාවෙන් වෙලුනේය. ඒ අතර උසස් අධ්‍යාපන ඇමතිතුමා උසස් පෙල ප්‍රශ්න පත්‍රවල ලකුණු දීමට සූත්‍රයක් මැතුරුවේය. ඒ සූත්‍ර බලයෙන් විභාගයේ ලකුණු අඩුම එකා කැම්පස් ගියේය. වැඩිම එකා ගෙදරය. විද්‍යාව කරපු උන් ගෘහ විද්‍යාවටද, ගෘහ විද්‍යාව කරපු උන් වෛද්‍ය විද්‍යාවටද තේරුනේය. එයින් මායාවේ වෙලුනේ උසස් අධ්‍යාපන ඇමති තුමා නෙවේය. විභාගය කරපු ලමයින්ය. උන් මායවේ දැවටී වෙලී සිටියෝය.

මායාවරුන්ගේ රට ස්භාව දහමට ආදරේය. කෘෂි ආර්ථික ක්‍රමයට ගැතිය. ඒ නිසා කෘෂි බෝග, වෙළද පොලට ගෙන ආ යුත්තේ ප්ලාස්ටික් භාජන වල බවට නීතියක් මායාවරුන්ගේ රටේ ස්ථාපිත වුයේය. ඊට අකැමැති වූ වෙලෙන්දෝ පාරට බැස්සෝය. එලවලු විසිකර විනාස කර විරුද්ධ වූයේය. ඒත් මායා රටේ ඇමතිතුමා තම මතයේය සිටියේය. ඒ ආත්මාර්ථකාමී හෝ නොනැමෙන හිසක් ඇති නිසා නොවේය. දක්ෂ කලමනාකරනයක් යටතේ ජනතාවට එලවලු කැවීමටය. දින කිහිපයක් එලවලු විනාශ වී කුණු වී ගිය පසු මායා රටේ ඇමතිතුමාගේ හිස නැමුනේය. කූඩ වල එලවලු ගෙන ඒම පසුවට කල් දැම්මේය. ඒ කාලේ එළවලු මිල නැග්ගේය. එවිට ජනතාව මායාවේ පැටලී සිටියෝය. තවමත් මායාවේ පැටලී සිටින නිසා වරින් වර තිබෙන ජනතාවරන රජු නිතරගයෙන් පත්වෙන්නේය.

මායාවරුන්ගේ රටට සුපිරි වාහන ආවේය. පාරවල් වැහුනේය. මායා රටේ කුමරු පාරට බැස්සේය. අගනුවර සියළු පාරවල් වැහුවේය. මායා රටේ ජනතාව මහා දුකින් නිවීමට කාර් හතර වටේ පැද්දුවේය. ඇස් උල් වී ගියේය, මිනිසුන් ඇගුලි තුඩු වලින් එසවී පාර දෙස බැලුවෝය. දුම් දාගෙන යන වාහන වලට දුම් පරීක්ෂා නැත්තේය. සද්දෙ දමන වාහන වලට ශබ්ධ දූෂන නැත්තේය. බඩේ පණුවන් සියල්ලෝම විනාස වී ගියේ ඒ දුමට හා සද්දයටය. මිනිසුන් විසිල් ගැසුවෝය. මායාරට සරුසාර වූයේය. මිනිසුන් නැවත බල්ටි ගැසුවේය. මහා තරගාවලියක් අවසානේ ජනතාව දිනුවෝය. සියළු දුක්ඛිත ජීවිත කෙලවර වී සතුටින් ඉපිලී ගියෝය. තවමත් ඒ දුක නැතිය. තෙල් මිල පසුව වැඩි වූවද මායා රටේ ජනතාව එය නොසලකා හැරියෝය.

ඒ අතර මායා වරුන්ට දින දර්ශනයක අවශ්‍යතාවය තදින් දැනුනේය. වසර ගණනාවකට සරිලන කැලැන්ඩරයක් නිර්මාණය කිරීමට කටයුතු සම්පාදනය වූයේය. ඒ සදහා විවිධ නම් යෝජනා වූවද වැඩේ පැවරුනේ බන්දු ට සහ ඇස්.බී ටය. උන් දෙන්නා තරම් මේ වැඩ වලට නම් දැරු දෙදෙනෙකු නැති බව මායා රටේ රජු කීවේය. බන්දුවා දිව ගොස් රවුම් ලෑල්ලක් ගෙනාවේය. ඇස් බී දිව ගොස් චෝක් කෑල්ලක් ගෙනාවේය. දෙදෙනාගේම අකුරු ඉලක්කම් කැතය. අනික රවුම් ලෑල්ල පිරෙන්නට ලියන්නට තරම් කුඩා අකරු නොවේය. ඒ සදහා කාන්තා නම් යෝජනා කළේ රටේ රජුය. 

රජු පබා කුමරිය ගෙන ආවේය. ඇය සාරිය පටලවාගෙන ආවාය. ඇගේ අකුරු නම් සිරාය. රවුම්ය. පුංචිය. රජු දුන් කොළ කැබැල්ලේ ඇය අපුරුවට ඉලක්කම් ලියුවාය. බන්දු හා ඇස් බී ඇයව මීට සුදුසු බව අනුමත කලෝය. පබා කුමරිය චෝක් කෑල්ල අතට ගත්තාය. බිත්තියට හේත්තු කළ ලෑලි කැබැල්ලේ ඉලක්කම් ලිවීමට දෙකට නැමුනාය. සාරි පොට බිම හැලී හැට්ටය එලියට ආවේය. බන්දු ගැස්සුනේය. ඇස් බී තිගැස්සුනේය. රජු කරේ තිබි තුවා කෑල්ලෙන් ඇස් දෙක ගැට ගසා ගත්තේය. බන්දුගේ, ඇස් බීගේ සරම් උඩ ගියේය. පබා ගැස්සී දිව ගියාය. වැඩේ කොට උඩය. රජුට නම් මලය.

රජු වැඩේට අනර්කෙලීගේ නම යෝජනා කලේය. නමුත් ඇයට ඉලක්කම් බැරිය. එහෙත් ඇය ඉංග්‍රීසි වචනෙන් ඉලක්කම් ලිවීමට කැමති වූවද එයට ඉඩ නොලැබුනේ ලෑලි කෑල්ලේ ඉඩ සීමිත බැවින්ය. ඒ අතර ගීතා රැජිනට ද ඇරයුම් ලැබුනාය. එහෙත් ඇයගේ අත ගැස්සෙන නිසා, කල්පනාව අඩු නිසා රජු ඇයට අතෑරියේය. වැඩ සියල්ල කොට උඩය. ඇස්බීට සහ බන්දුට මල පැන්නේය. තමන්ට වැඩේ පාඩුවේ කරන්නට දුන්නේ නැති නිසා ලෑලි කෑල්ල මාලිගාවට හේත්තු කර දෙදෙනා ගෙදර ගියෝය.

මේ අතර ලෑලි කෑල්ල දරට ගැනීටම, ශිරා රැජින කුස්සියට රැගෙන ආවාය. රජු එය දුටු කළ කීවේ මේ අපේ උන් කැලැන්ඩරයක් හදන්න ගෙනාපු ලෑල්ල කියාය. ශිරට මල පැන්නාය. පබා කුමරිය කැදවා කරපු විගඩම ඇයට ඒ වනතුරුත් ආරංචි වී තිබුනේය. ඇය වහා ලිප් බොක්කෙන් අගුරු කෑල්ලක් ගත්තාය. වහාම රවුම් ලෑලි කෑල්ලේ ඉලක්කම් ලියුවාය. එය රජ මාලිගේ එල්ලුවාය. මහා කාලයක් රජවරු පවා පාවිච්චි කලේ එම කැලැන්ඩරයමය.

එකී මායාවරුන්ගේ කැලැන්ඩරය 2012 දී මහා විනාසයක් ගැන කියමින් ලෝකයම බය කළේය. මෑතකදී ගෙවුනේ එකී විනාසකාරී දිනය. උක්ත මායාරුන්ගේ රටේ රාජ බිසව කළ වැඩේට අපි හැමෝම බය වුනේය. දැන් නම් අවුලක් නැත්තේය. එවන් පාලකයන් නැවත කිසිදා මෙලොව බිහි නොවනු ඇත්තේය. අපේ රටේ නම් මේ කිසි කරදරයක් නැත්තේය. රජු දැහැමින් රට කරන්නේය. මායාවක් නැතිය. බොරුව නැතිය. වංචාව නැතිය.

එහෙනම් චීරං ජයතුමය. ... !!


Written by sAm ශ්‍රී Perera_06:55pm_23/12/12

90 comments:

  1. හ්....ය. මේ මායාවරුන්ගේ රට ගැන අසා පුරුදුය..

    ReplyDelete
    Replies
    1. හරේ... මාර මරුසියය... සැමාගේ බ්ලොගේ මෙමා එකය... :)

      Delete
    2. අඩෝ මේ.... යාන්ත්‍රිකයාගේ දිවිය ලෝකේ කතාව කියවන්න ගිහින් මම 3 උනා නැත්නම් මම එක තමා... වෙඩි තියනව ඈහ්

      Delete
    3. හුරේ අවුරුද්දෙ අවසානේ මූ එක වෙලාය..

      මායා වරුන්ගේ රට නම් මරුය. උබ ඒ ගැන අසා තිබුනේ කොහෙන්ද?

      Delete
  2. අපිත් ඒ මායා රටේ නේහ් එල එල....

    //පබා කුමරිය// කියපු කෙනාව නම් වැටහුනේ නැත

    ReplyDelete
    Replies
    1. පබා කුමරිය ගැන කියපුවා නොතේරෙන උඹ බබාය..

      :)

      Delete
    2. //පබා කුමරිය// යනු කවරෙක්ද ?? වහ වහා කියනු

      Delete
  3. ඔහොම රටක් ගැන උඹ මේ කියනකම් මම නම් අසා නැතිය.
    පබා කුමාරිට නම් ඉතින් කතිරේ ගහලා උස්සගෙන ආවේ කැළණි ගඟෙන් එහා ඉන්න උඹලාමනේ බන් :P

    ReplyDelete
    Replies
    1. පබා කුමරිය දින්නේ මායාවරුන්ගේ කාලෙ නේ බං. අපි කොහෙද ඒ කාලේ..

      ඇත්තට මේ මෑතකදී නම් පොඩි කතිරයක් ගැහුවා. ;)

      Delete
  4. අසිරිමත් මායා දේශයේ වැසියන් වන අප ආඩම්බර වෙමු!

    ReplyDelete
    Replies
    1. ආඩම්බරකාර තාත්තා නිසා අපිත් ආඩම්බරය..

      Delete
  5. මරේ මරුය.. :D
    මේ මායා රටේ පුරවැසියන් අනෙක් රටවල එවුන්ට වඩා වෙනස් ය.
    ඒ වෙනසට ගරු කරපියව්..!

    ReplyDelete
    Replies
    1. ඒ වෙනසට ගරු කරන අපි.. මායාවේ වෙළුනෝ වෙමු.. :)

      Delete
  6. මායා රට කියා එකක් ඉස්සර තිබුනේලු. රුහුණු පිහිටි කියා දෙකක්ද තිබුනේලු. ඒවා මේ මායා රටට වඩා හොදලු. අනේ මන්දා. ඔය රට්ටු කියන කතා තමයි. ජය...!

    ReplyDelete
    Replies
    1. මේකට අනිත් දෙකත් මතක් වෙලා නොවැ..

      ජයම වේවා.

      Delete
  7. මායාවෝ අකල් මකෝ මමීනාවො කෑවො...

    ReplyDelete
    Replies
    1. මායාවේ පැරණි, මියගිය කලාකරුවෙක් සිහි වන්නේය..

      Delete
  8. මායා රටේ වැසියෙකු වීම ගැන මහත් ආඩම්බර වන්නෙමි. මායාවරුන්ට අනාගතයක් තිබේද යන්න දැන ගැනීම සඳහා මායාවරුන්ගේ අනාගතය ගැන දැනගැනීම උගහටය........:P

    ReplyDelete
    Replies
    1. මායාවේ අනාගතය අහවර වූයේ පසුගිය දවසකය.

      අනාගතයක් නැතිය.

      උබට සුභ අනාගතයක් වේවා.

      Delete
  9. මායාවරුන්ගේ මායා වැඩ බන් ඕවා

    ReplyDelete
    Replies
    1. මායා ජනතාව වග කිව යුතුය.

      Delete
  10. අපිට හරිම ආඩම්බරය! මොකෝ මොනවා උනත් ලෝකෙම අපේ මායා රජතුමා දිනා තිබෙනවාය! බටහිර රටවල් පවා ඒ අසිරිමතාට හිස නමනවාය!
    ආබෝ වේවා මායාජානෙනි!!!

    ReplyDelete
    Replies
    1. අපේ මායා රජු???

      දැන් රජ්ජුරුවන්ට මම මුකුත් කිව්වෙ නැහැ ඕං

      Delete
  11. මායාවරුන්ට ආතල්ය. කන්න නැතත් රේස් දකින්නට පින් ඇත

    ReplyDelete
    Replies
    1. ඒකෙන්ම බඩ පිරෙනවාය. අනේ වාසනාවන්ය.

      Delete
  12. තාම සිංදුවක් හදල නෑ ව්ගේ නෙහ්..!!

    මට තව හීනයක් බලන්න ආසයි අප්පා...........!

    ReplyDelete
    Replies
    1. හීන ලන්තෙ යන්නද කම්පනාව. ?

      Delete
  13. ඇත්තටම මේක මායා වරුන්ගේ දේශයක් තමයි.. ඔක්කෝම පාලකයෝ මායා වරුන්....

    ReplyDelete
    Replies
    1. මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා වරුන්... මායා හොරුන්...

      Delete
  14. ඔහොම රටක් ගැන අහල තිබුන වගේ ලාවට මතකයි.....හික්....

    ReplyDelete
    Replies
    1. ඒවන් රට ජීවත් වීමට ලැබීම භාග්‍යයක්. අපිට කොහෙන්ද එහෙම පිනක් අයියෝ...

      Delete
  15. මේ අතරේ මායා රටෙහි සෑමා නම් එකෙක් ඉපදුනි.ඔහු මායා රජ ගැන හා රජ පවුල ගැන බ්ලොග් ලෑල්ලක් මත සෙල්ලිපි කෙටුවේ මායා රටෙහි අනාගත මායවාරුන්ටය.එහෙත් සෑමා මායවරයාට වැඩි කලක් එසේ කිරීමට නොහැකි විය මන්ද ඔහු මායා රටෙහි විශේෂිත වූ සුදු වෑන් රථයකින් රටෙන් පලා ගියේ ය.

    ReplyDelete
    Replies
    1. හුටා.. එකත් මාය්වක් වේවි.. එහෙනං

      Delete
    2. සෑමාව මායාවේ රැල්ලට අහුකරන්න එපා යකෝ පව් කොල්ලා..

      Delete
  16. බලාන ගියාම කතාව සිරාය. ඒත් මේ රජා නොවන්න අද මේ පිස්සුකෙළින්නවත් මේ මායාවරුන්ට රටක් නොතිබෙන්නට ඇති බව නොදන්නා සේ සිටිම ත් මායවක්ම නොවෙද

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උඹ ලැජ්ජ නැතුව හැම තැනම කඩේ යන්නෙ...මිනිහෙක් බත් ඔතන්න වත් ගන්නෙ නැති උඹේ පත්තරෙන් විතරක් රජාට කඩේ පලයන්කො...ඔය වගේ පරගැති චින්තනයක් උඹට කොහෙන් ඇවිල්ලද මන්දා... කෝටි 200 ක් වියදම් කරලා රේස් පදිනකොට හොදයි කියන්නයි...රු 10 කින් පෙට්‍ර‍ල් වැඩිවෙලා සාමාන්‍ය මිනිස්සු පීඩාවට පත්වෙද්දි ඒ වගේ සිදුවීම් නොදැක් ඉන්නයි උඹේ ඇස් වලට හෙන ගහලද කියලත් මට හිතෙනවා.... ඔහොම ලෙව කන්න එපා රාජපස්සලා හැමදාම බලයේ ඉන්නෙ නෑ...උනුත් යන දවසක් තියෙනවා එදාට උඹට වෙන දේ ගැන දැන්ම හිතපන්...අර නපුංසක මහින්ද අබේසුන්දරයා වගේ නොවී... මහන්සි වෙලා හම්බකරගෙන කාපං...එක එකාගෙ සපත්තු ලෙවකන්නෙ නැතුව...දෙකට නැමිලා...

      Delete
    2. මයාවරුන්ගේ ප්‍රධාන පත්තරේ මායාමිණට ලියන උන් සිරාවටම ඉන්නේ මායාවක පැටලිලාය

      Delete
    3. ජීවත්වන්නට කරනදේ කුමක් වුවද, හෘද සාක්ෂිය සියල්ලට ඉහලින් කතා කරනවාය. නලියාගේ රස්සාව ලිවීමය. ඔහු එය හොදට කරනවාය. ඒ ජීවත් වීමටය. ඔහුගේ පැත්තෙන් ඔහු සාර්ථකය. පිටින් බලන්නාට පෙනෙන දේ වෙනස්ය.

      හැල හැප්පීම අඩු කොට මදක් සාධාරණීකරනය කලෙමි.

      ජය වේවා.

      Delete
    4. නලින් මේක දිණමින නෙමෙයි, සෑමගෙ බ්ලොග් එක. මායවෙන් ඇහැරියන්.

      Delete
  17. චීන චීන චිරන් ජයතු.. වේවා

    ReplyDelete
  18. මේ රටේ මහා රණකාමියෙක්ද සිටියේය ,එහෙත් ඔහු සතුරු පිලේ මායාවන්ට රැවටී උන්හිටි තැන් නැතිකරගත්තේය

    ReplyDelete
    Replies
    1. කොච්චර හොද එකෙක් ආවද ඌ කුජීත කිරීමට රජා දක්ෂය. ඒ උගේ පට්ට කුජීත කම නිසාය. හොද මිනිහෙක්ට දේශපාලනය නොගැලපෙන බවට පටු මතයක් මායාවේ ඇනෝනිමස්ලා අතර ඇත්තේය. ඒ උන් උපන්ගෙයි මැඩියෝ බැවින්ය.

      ඉක්බිති උගත්තු නිහඩය. උන් කරන්නේ නිහඩව බලා සිටීමය. එතෙක් ලිං මැඩියෝ නටති ගයති වයති විනෝද වෙති.

      Delete
    2. ඈ...සෑම උගතෙක්ද?

      Delete
  19. මා තලන්ට පස්සෙ ඉතිං සෑමා තමයි මෙහෙම යමක් ලියන්න ඉන්නෙ....මම නම් ඉතිං උඹේ අදහස් එක්ක බොක්කෙන්ම එකගයි... මායාව ලගකදි ඉවර වෙයිද බන්...

    ReplyDelete
    Replies
    1. මායාවට එදිරි රැල්ල පවුරු බිදගෙන නැගී එන දවස ලගා කළ හැක්කේ මායාවේ පැටලුනු ජනතාවට පමණි.

      උන් දැන් බය වෙලාය. සද්ද නැතිය. නිහඩතාවය ගැඹුරුය. මුහුදේ වුවද ගැඹුරින් එන රැල්ල දරුණුය.

      Delete
  20. Maayaa rate okkomala maara athal porawal ne bn..
    Maru maru... :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව සැප කනේ..

      Delete
  21. අඩේ මේ අර රට නේද ?අර ප්‍රධාන පුජකවරියට දෝෂ සමග අභියෝගයක් ගෙනාවේ

    ReplyDelete
    Replies
    1. අන්න හරි පූජකවරියක් තමයි....

      Delete
  22. සෑමාගේ නිර්මාණශීලිත්වය අගය කරමි.

    ReplyDelete
  23. මට අර බැනර් එක දැක්කම ඔක්කොම අමතක උනා.. ඔක්කොම හරි අර පැන්සලෙන් අදින මුණ නොතිබුනානම්....

    අහ් රට ගැන නේ.. මන් නොදනී..

    ReplyDelete
    Replies
    1. උඹ මගෙ මූණ අයින්කරන්න මයි හදන්නේ...

      Delete
  24. මායාවරැන්ගේ ඉතිහාසය නම් පට්ට එක්ක වගේ. ඒක නෙවෙයි මම මෙච්චර කියවලත් සැමාව ෆලෙව් කරන් නැ කියලා අදනේ දැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා. කල්පනා කළා යකෝ මූ අදද මාව ෆලෝ කලේ කියලා :))

      ජය වේවා.

      Delete
  25. මායා ට අනම් මනම් කියන්ට එපා හරිය...

    ReplyDelete
    Replies
    1. මහා මායාටද? විහාර මායාටද?

      Delete
  26. මායාව....මායාව.....ලොව රවටනා.....

    ReplyDelete
    Replies
    1. ලොවට කලින් රට රවටනා බං

      Delete
    2. ලොව නෙවේ බං රට රවටනා..

      Delete
  27. මෙයනම් කිනම් මායාවක්දැ....

    ReplyDelete
  28. මායාවරුන්ගේ දේශයක උප්පත්තිය ලැබීම අතිශය වාසනාවන්ත කාරණයකි..හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  29. මායාවේ ආශ්චර්යය...

    ReplyDelete
  30. ඒ බං මම මේ මායාව ගැන අහල තියේ නේ මීට කලින්.. කොහෙද?? ම්ම්ම්.. මතක්වෙන්නේ ම නෑ නේ.

    ReplyDelete
    Replies
    1. උඹ කියනව ඇත්තේ කෙල්ලෙක් ගැන..

      Delete
  31. ඔක්කොම මායවන්ය.. අපිට කටඋත්තර නැත..

    "සාරි පොට බිම හැලී හැට්ටය එලියට ආවේය." මේක නම් තේරැනේ නැතිය..

    ReplyDelete
  32. මට කිව්වාට මොකද මූත් සෑහෙන්ඩ දුරට හිතලාය.මරු ය........

    ReplyDelete
  33. මායා රට සහ දැන දැනම මායාවේ පැටලෙන මායාවාසියො
    හතිලවුවයි දැන් මතක් උනේ.ඒ කාලෙ ලංකාවෙත් "මායා" කියලා කෑල්ලක් තිබ්බ නේද (රුහුණු මායා පිහිටි )

    ReplyDelete
    Replies
    1. නැතුව.. ඒ කෑල්ල ගැන නෙවේ මේ කතාව ;)

      Delete
  34. කැලැන්ඩරේ කොටන තැනට එනකල් ගානට එනවා, එතනදි පොඩ්ඩක් අල වෙනවා. නම් නොදාම හෝ මායා බන්දු මායා බණ්ඩා වගේ නම් දැම්මනම් වැඩිය හොදයි.

    සිදුවීම් ඔක්කාරෙ දනවන සුළු වුවද, මෙවැනි නිර්මාණයක් හරහාවත් හිත එකලස් කරගන්න පුළුවන් වීම ලොකු දෙයක්....

    ReplyDelete
  35. ලගදීම දවසක මායවරුන් පැවතැන්නේ ල්ංකාවෙ මායා රටෙන්(රුහුනු,පිහිටි,මාය) පිටුවහල් කල හෙළයන් පිරිසකගෙන් බව මීමනයා ලියනු ඇතැයි සිතේ.

    මෙවන් මායාවක් මේ මායා රටේ තිබීම ගැන සතුටුය. නැත්නම් මෙවන් නිර්මාන බිහි නොවන්නට ඉඩ තිබුනි.
    මායා රජාට පිං දීල වැදපන් සැමෝ.(නැමෙනකොට බලාගෙන)

    ReplyDelete
  36. වෙලාවට මම පරක්කු වෙලා ඉපදුනේ.... නැත්නම් මටත් මේ මායා රටේ ඉපදෙන්න වෙනවනේ.....

    ජය මචන්....

    ReplyDelete
  37. තිරය පිටුපසු සැවොම (නො)දන්නා කතාව..හ්ම්..!!

    ReplyDelete
  38. මෙහාට එන්නට කලින් මාත් සිටියෙ මායා රටේයැයි සිහිනයෙන් මෙන් මතකයක් තිබේ

    ReplyDelete
  39. මේගොල්ලන් ලෝකේ විනාස වෙන කාලේ කියන කැලැන්ඩර් එහෙම හැදුවේ නැද්ද? :-)

    ReplyDelete
  40. මායාරට..හ්ම්..!!
    ජය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...