Monday, December 3, 2012

සිත යටින් මන්ද බුද්ධික සාමාන්‍ය සමාජය...


ඔවුන් අතරින් සමහරෙක් වයසින් අපට වඩා දෙගුණයක් පමණ විය හැකිය. ඒත් එන යන හැම පුද්ගලයාටම අයියා, අක්කා කියන්නේ සාමාන්‍ය සමාජයට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටම අඩු නිසාද? වයස කියන්නේ බුද්ධිය සමග සමගාමීව යන දෙයක්ද කියා ඉන් ගම්‍ය වන්නේද?

කෑම වේලක් අතට ලද සැනින්, හුස්මක් පවා පිට නොකර එක දිගට කෑම ගැනීමට තරම් බුද්ධියක් නැති අය සිටින තැන, තවත් බුද්ධියෙන් අඩු අයෙක් පැමිණ ඔවුනට කෑම කුඩා කැබලි වලට කඩා දමන්නේ නම්, හෝ කෑම ගත් පසු ඔවුන් අතින් අල්ලාගෙන වතුර කරාමය ලගට රැගෙන යාමට තරම් කරුණාවන්ත වේ නම්, එවන් අයෙක් බුද්ධියෙන් අඩු හෝ මන්ද බුද්ධික ඝණයට වැටෙන්නේ කෙසේද? හේතුව උක්ත ගති ගුණ දියුණු යැයි කියන අප අවට සමාජයේ නැති නිසාමය. ඉන් කියවෙන්නේ අප සිටින්නේ අඩු බුද්ධියක් ඇති එවන් සමාජයක ගුණ ධර්ම වලට වඩා අවම මට්ටමකින් බවක්ද?

පසුගිය පොහෝ දින ඔවුන්ට දානයක් දීමට ගිය අවස්ථාවේ ඔවුන් ඉල්ලා සිටියේ නැවත වරක් ඔවුන්ව බැලීමට පැමිණෙන ලෙසය. ඒ අප ලබා දෙන ආහාර වේල නිසාම නොවේය. සුපුරුදු ලෝකයෙන් මිදී පොඩි උන් මෙන් බැලුන් සමග සෙල්ලම් කරන්නටය. නැතිනම් අප ගයන ගීත වලට නටන්නටය, බැරි බැරි ගාතේ අපිත් සමග ගීත ගයන්නටය. ගියවර ගොස් අපේ උන් පොරොන්දු වූයේ නැවත එන විට හාමුදුරුනමක් වඩම්මාගෙන එන බවය. එසේ කී අප ඊයේ එහි ගියේ හාමුදුරුනමක් නොමැතිවය. දුටු දෙවන වර අප හදුනා ගැනීමට තරම්ද, කතා කරන විට “කෝ අයියෙ අර එක්කගෙන එනව කියපු සාධු“ යැයි ඇසීමට තරම්ද, ඔවුන් කල්පනා ශක්තියෙන් පිරිපුන්ය. එසේම දුටු පළමු දවසේම මුවින් සිනාසී කතා කරන්නට තරම් ශක්තියක් ඇති අව්‍යාජ මිනිස්සු සාමාන්‍ය සමාජයේ දුර්ලභ වෙද්දී ඔවුන් දුටු පළමු දිනේම පුද්ගලයන් හා සමීප වීමට තරම් පිරිපුන් ප්‍රසන්නබවක් සහිතය. ඉන් කියවෙන්නේ ඔවුන් මන්ද බුද්ධික නම්, සාමාන්‍ය සමාජයේ ඉන්නේ ලොකු බුද්ධියක් ඇති අය බවද? නැතිනම් සාමාන්‍ය සමාජයේ සිටියත් සිත යටින් තිබෙන මන්ද බුද්ධික බවද?

තැනට ගැලපෙන ගීත ගයන්නට තෝරද්දී අපි අසරණ වූයෙමු. අප සාමාන්‍ය සමාජයෙන් එතැනට ගොස් අසරණ වෙද්දී ඔවුන් අපට සරණක් වූයේ ගීත කිහිපයක් මතක් කරමින්ය. “අර නත්තලට සිංදු කියන එක්කෙනාගේ සිංදුව“ කියූ විට ලොවේ සැමා එකම දැයේ කියන්නට අප පටන් ගත්තෙමු. ඒ අතර අයෙක් මට කොත්තුත් ඕනෑ යැයි කෑ ගැසුවේ ඔහු නව පරපුර හා මිශ්‍රව පවතින නිසාය. තමන්ට ගීතයක් ගායනා කිරීමට ඕනෑ යැයි ඉල්ලා සිටි අයෙක් විනාඩි පහක් පමණ “මගේ ආදරේ...මගේ ආ...දරේ....“ යන වචන දෙක පමණක් විවිධ ආකාරයෙන් ගැයීම ආශ්වාදජනක විය.

හැල හැප්පීම් මැද ගෙවෙන වසර කිහිපයක කෙටි ජීවිතය අර්ථාන්විතව එක්සිත්ව, එක්සත්ව, පොලොවේ පය ගසා සිටීමට මීට වඩා නිදසුන් කොහේද?

පුවක්පිටිය ජයවිරු සෙවන ලමා නිවාසයේ උදෑසන දානය, වක් ඔය ඇල මාර්ගයේ ගල් උඩ ලද උදෑසන ආහාරය, කිටී ගේ නිවසේ දහවල කෑම, සංජුගේ ගිටාර් තතින් කම්පනය කළ ගීත කිහිපය, හවස් ජාමයේ තිබූ ක්‍රික්‍රට් මැච් එක, කිටියාගේ උපන් දිනය අර්ථාන්විත කළ බවට නිසැකය.

නම් වශයෙන් නොකිව්වාට, කිටීට සතුටක් වූ සැමට ස්තුතී !

යුද්ධයට සූදානම
තවමත් සූදානම

යුදෙව්වෝ යුධ අභ්‍යාසයේ


දිලා, සම්පා ජාවාරමක

පොලිස් නලා බෙදා දීම

“බැලූන් මෑන්“ නොහොත් බැලුන් මිනිහා

“මගේ ආදරේ“ සොදුරු ගායකයා (කොළ ෂර්ට්) 

සෙබලානෙනී ඔබ මැරුනා නොවේ...

සංජු අපහසුවෙන් තාලය අල්ලමින්

අදීෂ, බැලුන් දෙකේ මූණක් සමග

මේ ඊරී බිම සීරී...

පොඩී සහකරුවෙක් සොයමින්

සුනිල් නොහොත් මාස්ටර් බ්ලාස්ටර්

මෙන්න සිංදුවට සපෝට් එක

සොදුරු ගායකයා නර්ථනයක

මාත් වැඩ්ඩෙක් තමා

අංකල් අයියා

රෙකෝඩ් වෙලා නැද්ද මන්දා
දිය කෙළින ලදුන්

සම්පා අසරණව
හොදම හරිය
Written_by_sAm_ශ්‍රී_Perera_07:14්m_03/12/12

76 comments:

  1. පව් අප්පා. හැමදාම එහෙමනේ ඉන්නේ. වටින ලිපියක්.

    ReplyDelete
  2. බුද්ධි මට්ටම කොහොම වුනත් උන්ගේ හිත් පිරිසුදුයි... ඒ වගේම අත ඇරලා දන්නා ඕනි පිරිසක් නෙවෙයි, අඩුම තරමේ තමන්ගේ වැඩ ටික හරි කරගෙන ඉන්න පුළුවන් තරමට හදලා ගන්න බැරිකමක් නැහැ උත්සාහ කලොත්..

    ඔය කට්ටියට අධි බුද්ධි අයගෙන් බේරිලා ඉන්න බැරි වෙලාවලුත් එනවානේ.. මීට අවුරුදු ගාණකට කලින් පත්තරේ තිබුනා, එක ගෑණු ළමෙක් බේරිලා තිබ්බේ "මෙන්න අහවලා මගේ ඇඟට චු කරන්න එනවා" කියල කෑ ගහලලු. ඒකෙ ඇත්ත නැත්ත කොහොමද දාන්නේ නැහැ. ඒ වුනත් මේ අයට මේ සමාජයේ තියෙන ඒ අවදානමත් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට එතැන තියෙනවා වෙනම ලෝකයක්. ටිකක් හරි කල්පනාව තියෙන අය අනිත් අයට උදව් කරනවා.

      දුක වගේම සුන්දරයි !

      Delete
  3. ලස්සන ෆොටෝස් ටික සැමෝ..මගේ හිත ගියේම දිය කෙලින ලදුන් ඉන්න පින්තුරෙටමයි.. සමහර විට මම වතුරට ආස හින්දා වෙන්ටැ..:D

    ReplyDelete
    Replies
    1. චිකේ වල් චමියා..

      ඒක හංගලා දැම්මේ උබ වගේ උන් නිසා :ඩී

      Delete
  4. Replies
    1. ස්තුති

      ඊ.මේ.ක.හෙ.ම.බි.ක.ව :))

      Delete
  5. ඊයේ පෙරේදා ළිහිණි දාලා තිබ්බා ඒ වගේ අඩු මානසික මට්ටමක හිටියත් රස්සාවක් කරගෙන ලස්සනට හිටිය ගෑණු ළමයෙක්ගේ අතේ කරේ තිබ්බ ඒවත් ගලෝගෙන, කෙල්ලවත් නැති කරලා ගිය අමනුස්සයෙක්ගේ කතාවක්... මේ කෙල්ලව රවට්ටපු ඒ යකා කසාද බැඳපු එකෙක්ලු..

    මටත් ඒ වෙලාවේ හිතුනා මුන් තමයි මානසික ලෙඩ්ඩු කියලා... ඒත් ඉතිං මුන් ඇවිල්ලා දරුණු අපරාධකාරයෝ ගනයට වැටෙන උන්..

    ඒත් ඇත්තටම සැමා කියනවා වගේ මේ අයගේ හිත් කොච්චර පිරිසිදුද... ‌මේ අය ලෙඩ්ඩු කියලා සලකන්නේ සමාජයේ අනිත් උන් ( අපි වගේ) ලෙඩ්ඩු හින්දද කියලත් හිතෙනවා තමා...

    ReplyDelete
    Replies
    1. හිරූ දන්නවද..ඒ කතාවේ අන්තීමට මාර කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ කමෙන්ට් එකේ හැටියට ඒ ගෑණු ළමයව අර මිනිහා රවට්ටලා නෑලු. ඒ ගෑණු ළමයගේ ලිංගික අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ ළමයට උදව්වක් කලාලු...

      මේ වගේ අහිංසක හිත් ගැන ඒ විදියට හිතන අයත් ඉන්න රටක් මේක හිරුවො...

      මට නම් මේ වගේ අය ගැන අනුක්ම්පාවක් හිතෙන්නෙ නෑ..හිතෙන්නෙ ආදරයක්..මම දන්න හොඳ පවුලක් ඉන්නවා..හොඳට සල්ලිත් තියෙනවා. ඒත් ඒ පවුලේ එකම පුතා මේ වගේ...අර සැමා කිව්වා වගේ හොඳ සින්දු කාරයා...මාව දැක්ක ගමන් ( මට වඩා හුඟාක් වැඩිමල් ) " ආ අක්කේ...සින්දුවක් කියමුද " අහගෙන එන්නේ...මාත් ඉතින් ඒ වෙලාවට පොඩි එකෙක් වගේ...දෙන්නත් එක්ක එකතුවෙලා සින්දු කියනවා...

      Delete
    2. හැබෑට..... මේවට කියන්න ඒවා එනවා ළිහිණියෝ.. ඒත් අද මට ඕවා කියන්න බෑ.... සැමාගේ ‌පෝස්ට් එක කැත වෙනවා...

      Delete
    3. @ළිහිණි

      මොකක් කිව්වා හිටු මම බලලා එන්න ඒ උත්තමයා කවුද කියලා .:O

      Delete
    4. හොද සංවාදයක්..

      ඒ අයගේ මට්ටමට ගිහින් පොඩි උන් වගේ බැලුන් සෙල්ලම් කරලා, සිංදු කියල ආවහම මාර සතුටක් දැනෙන්නේ.

      ආයෙත් එන්න කිය කිය අතවනවා ඒගොල්ලෝ !

      Delete
    5. ඔව් ඒ අයගෙ හිත් හරි අහිංසකයි. ඉස්සර මම උසස් පෙළ කරනකොට මගේ යාලුවෙක්ගෙ ගෙදර යනවා පාඩම් කරන්න. එයාලගේ නැන්දගේ ලොකු පුතත් ඔය වගේ කෙනෙක්. අපිට වඩා වැඩිමල්. මගේ යාළුවගේ ගෙදරට එහා ගෙදර ඉන්නේ. මං ඉතිං එයාවත් බලන්න යනවා එහෙ ගියාම. එතකොට එයාට හරිම සතුටුයි. සමහරදාට මම එනකන් බලන් ඉන්නවලු "මගේ යාළුවා එනකන් මම බලන් ඉන්නවා" කියා කියා.

      Delete
  6. කිටීගේ උපන්දිනේට සුභ පැතුම්, ඉතිං සෑම දුන්නෙ මොනවද කියල අහන්නෙ නෑ ඕන්න, සෑමට පෙරළා ලැබුනෙ මොනවද කියල තමයි මම අහන්නෙ. :)

    අපරාදෙ ජීවිත බං, මොනව කරන්නද, අපේ පැත්තෙත් ඉන්නව එහෙම ඇන්ටි කෙනෙක්, එයාගෙ සහෝදරියොන්ට ඉන්නව අපිට වඩා වැඩිමල් ළමයි, තාමත් පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නෙ. මෑතක් වෙනකන් පොත් බෑග් එකයි වතුර බෝතලෙයි එල්ලගෙන වයසක අම්මගෙ අතින් අල්ලගෙන එයාල වෙනුවෙන් තිබුණු ඉස්කෝලෙකට යනව මට මතකයි. මිනිස්සු ලබා උපන් හැටි, උඹල කරපු වැඩේ නම් ඇත්තෙන්ම හොඳයි සෑම්.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      මට ලැබුන ඒවා අහන්න එපා බං ලැජ්ජයි :)

      මම ආයෙත් කියනවා උබට බ්ලොගක් ලියන්න පටන් ගන්න කාලෙ හරි !

      Delete
  7. වටින වැඩක් සහෝ..

    කිටී ට සුබ උපන් දිනයක්!

    ReplyDelete
  8. වටිනා වැඩක් කරලා තියෙන්නේ.....

    ReplyDelete
  9. Owwa thama ban koranta obi..pinak karan aepak ganta eka..

    ReplyDelete
  10. අපිත් ඔහොම දානයක් දුන්න ඒ ලෙවල් වලට කළිං... ක්ලාස් එකෙ සෙට් එකයි සෑරුයි.. ඒකත් පස්ට

    ReplyDelete
    Replies
    1. විභාගෙට බයේ ද බං දානෙ දුන්නේ ;))

      හොද වැඩක් යාන්ත්‍රිකයෝ !

      Delete
  11. මේක ඇත්ත බන්,
    මගේ මාමා කෙනෙකුත් මෙවැනි නිවාසයක් පාලනය කරනවා, ඒකේ සිටින සමහර ළමයි දකිද්දි හරි දුක හිතෙනවා, ඒ වගේම හරි බුද්දිමත්,

    ඒ නිවාසයේ තියනවා පේර ගහක්. කොල්ලෙක් මේකට නැගලා පේර ක්ඩන්න. අපේ මාමා ඒක දැකලා බැනලා තියනවා පේර කඩන්න එපා කියලා. මොකද අඩු මානසික තත්වයක් තියන මේ ළමයින් ඔය ගහකින් වත් පත බෑවිලා මුකුත් වුනොත් මනුස්සය එපැයි වග කියන්න.
    පස්සේ දවසකත් මාමා බලද්දී කොල්ලා පේර ගහේලු. මාමා බැනලා " ඒයි මොකද කරන්නේ මම කිව්වා නේද පේර කඩන්ට එපා බ්ලා... බ්ලා.... බ්ලා කියලා " කියලා,
    එත කොට කොල්ලා උත්තර දෙනවලු " කඩන්ට එපා කිව්වට , කන්න එපා කිව්වේ නෑ නේ " කියලා. බලනකොට මේකා පේර ගෙඩිය ගහෙන් කඩන්නේ නැතිව ලේන්නු කන විදිහට කනවලු.
    මේක 100% ඇත්ත ,

    තවත් අත් දැකීම් ගොඩක් තියනවා, සමාජයේ අවදානය ලැබොය යුතු සුන්දර කාන්ඩයක්

    ReplyDelete
    Replies
    1. අඩේ උන් මාමාවත් බයිට් කරලනේ.. :))

      සිරා කතාව !!!!

      Delete
  12. සිරා වැඩක් මචන්.. මේවට අපිව එහෙම හවුල් කරගන්න බැරිද :/ එතකොට පවු පිරෙනවද ...?

    ReplyDelete
    Replies
    1. අඩේ කස්ටිය කලින්ම සැට් වෙලා හිටිය නොවැ. මාත් ආරාධිත ගායකයෙක් විදිහට ගියේ :))

      ස්තුති !

      Delete
  13. අපේ ජීවිතයේ අරුත දැනගන්නත් ඒ වගේම අපි මිට මොළවාගෙන හැල්මේ දුවන ජීවිතයේ ව්‍යාජත්වය වටහා ගන්නත්, තවත් එකෙකුගේ ජීවිතයේ එක විනාඩියක් අරුත්බර කරන්නත් මේ වගේ දේවල් කරන එක කොච්චර නම් හොඳයිද.

    ReplyDelete
  14. මට දුක හිතුනා..:(
    කිටී අක්කට සුබම සුබ උපන් දිනයක් වේවා..!!

    ReplyDelete
  15. කිටියට ඕං අපිත් සුභ පතනවා මුලින්ම..
    සෑමෝ උඹ නං හැබෑම වාසනාවන්තයි බන් මෙහෙව් පිංකමකට සහභාගී වෙන්න ලැබිච්ච එකටවත්.. ජය වේවා.. මේවැනි දේ කිරීමට තව තවත් වාසනා මහිමය ලැබේවා..

    ReplyDelete
  16. මන්ද මානසික මිනිසුන් අප වගේමයි. ඔවුන් අපෙන් වෙන් වන්නේ බොහොම සීමිත පරාසයක් නිසා. ඔබගේ වෙනස්ම ලිපියක්. මම බොහොම කැමතියි මේ ලිපියට.

    වැඩි විනෝදයෙන්, මිත්‍රශීලීව සිටිනා අය බොහොම සංවේදීයි සැමාත් ඒ ජාතියේ බව මට හිතෙනවා.

    ReplyDelete
  17. නියම වැඩක් කරලා තියෙන්නේ..මේ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා..

    ReplyDelete
  18. ජීවිතය ගැන අරුත්බරව හිතන්නට පෙලඹීම භාග්‍යක්..!

    ReplyDelete
  19. නියම වැඩක් සෑම් ..සතුටුයි මේ වගේ ලිපි දැක්කම !
    :D

    ReplyDelete
  20. ඇත්තෙන්ම හොඳ වැඩක් සෑම්. අපිත් මේ වගේ තැන්වල කරන වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඒ අය ගැන කියන්න වචන නැහැ. ගොඩක් දෙනාගේ හැඟීම් අව්‍යාජයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලහිරුවෝ. ස්තුති ලිංක් එක ෂෙයාර් කළාට !

      Delete
  21. ඇත්තටම සැමෝ කඳුළු ආවා මේ කතාව කියෝපුවහම! ඇත්තෙන්ම අපි මේ අය ගැන හිතෙන විදිහ වෙනස් කරන්න කාලේ හරි!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝ.

      ස්තුති !

      Delete
  22. කතාවට නම් එකෙන්ම ලයික් පින්තූර වලින් නම් එක පින්තූරයකට විතරයි ලයික්.

    ReplyDelete
    Replies
    1. උබ නිසයි ඒකත් දැම්මේ :පී

      Delete
  23. උපන්දින පින් සිතුවිලි පහල වූ කිටීට අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  24. මගේ යාළුවෝ ටිකකුත් එකතු වෙලා මෙහෙම දානයක් දුන්නා. හැබැයි එතන නම් හිටියේ පොඩි ළමයි විතරයි. දැක්කහම දුකේ බෑ. සමහර පොඩි අය අපේ අතේ එල්ලිලාම ඉන්නවා අත හරින්නෙම නෑ. පුදුම ආසාවෙන් ඉන්නේ එයාලාව කවුරු හරි බලන්න එනවනම්. සමහරුන්ට කවන්නත් වුනා. අපි හරි ආසාවෙන් ඒ වැඩේ කාලා. ආපහු එද්දී පුදුම දුකයි.

    ReplyDelete
  25. මේ පොස්ට් එක මිස් වෙලානේ ඔන්න පාර ආයේ කීවට තුති... පරක්ක්කු උනත් ඔන්න හැපී මෙව්වා එකක් වේවා...

    මේ වගේ දවස් වලට කරන්න ඕනේ මෙහෙම වැඩ තමා කාලා බිලා නටලා ජොලි කරලා ( ඒ ඔක්කොම මෙතනත් කරලා වගේ හැබැයි අර්ථයක් ඇතුව ) ඉන්නවට වඩා වැදගත් මේ මිනිස්සුන්ගේ හිතට පුංචි හරි සතුටක් දැනේනේ කරන කියන පුංචි වචනයේ උනත්...

    ගොඩක් පින්.... ජය

    ReplyDelete
    Replies
    1. අර කියපු වැඩේ කරන්න බලමු දේවා.

      අපේ එවුන් ටිකත් ඇදගෙන යන්න බලමු !

      Delete
  26. උඹට තේරුනාද සෑමා එයාලා අපිට වඩා සතුටින් තෘප්තියෙන් ජීවත්වෙන බව?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත හෙන්රියෝ !

      Delete
  27. ඔන්න මාත් සුභ පැතුව හොදේ..

    කරපු වැඩේ නම් සෑහෙන්න අගය කරන්න ඕන.. ඇත්තටම වෙන්න ඕනත් මේ වගේ දේවල් තමයි..

    ReplyDelete
  28. කිටියා බ්ලොග් එක බලන්නැතුව ඇති. උඹේ කිටියව කිටි කිටියේ බදා ගන්න එන උපන් දිනයට කලින් වාසනාව ලැබේවා !!!! කිටියට සුබ උපන්දිනයක් වේවා !!! උඹට සුභ අනාගතයක් වේවා !!! D

    ReplyDelete
    Replies
    1. මේක බලනවා අඩුයි බං. මම මේක pdf කරලා මේල් කලා :))

      ස්තුති සහෝ

      Delete
  29. බොහොම හොඳ වැඩක්.... කිටී කවුද කියල මට තාම මීටර් නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් මීටර් නැහැ ඕයි :)

      Delete
  30. අපි පාසල් යන දවස් වල 2010/AL කොමස් සෙට් එක A/L කණ්ඩායම් වියාපෘතියට ලේ දන් දීමේ වැඩ සටහනක් කළා අපි මුලින් හිතුවේ 50ක් 60ක් විතර එයි කියලා එත් අන්තිමට් 300ට වඩා එදා අවා ගොඩක් අයව හරවලා යවන්නත් උනා.. එදා මට තේරුන දෙයක් තමයි ලංකවේ අපි කාට හරි උදවුවක් කරන්න දෙපාරක් හිතන්නේ නැතුව අවංකව ඒ දේ කරන මිනිස්සු ජාතියක් කියලා..
    ගොඩක් වටින වැඩක්... අපෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝ..

      ආරම්භයක් තියෙනවා නම් ඕනෙ තරම් සෙනග මනුස්සකමින් එනවා !

      ජය !

      Delete
  31. හ්ම්....හුගාක් කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවේ..මට මතකයි අපිත් ඉස්කෝලෙ යද්දි සංවත්සරයක් නිමිත්තෙන් මේ වගේ ආබාධිත (මන්ද බුද්ධික) ළමයි ඉන්න නිවාසයකට දානයක් දුන්නා.ඇත්තටම ඒ අවස්ථාව හුඟාක් සංවේදි..

    සෑම් ඇත්තටම හුඟාක් ලොකු පිනක් කරලා තියෙන්නේ.ඒ අයව මොහොතක් හරි සතුටු කරන එක ලොකු පිනක්...

    ReplyDelete
  32. "Tani ahata adena" post dana epa. post eka kiywala apit oya pinkamta dayaka una wage danynawa.
    Jayawewa,

    ReplyDelete
  33. අතිවිශාල පුන්‍යකර්මයක් සැම කරල තියෙන්නේ. පින්තුර ටික දකින කොට හද කකියනවා. ඇත්තටම සාංගීක දානයක් දෙනවට වඩා පිං ඇති මෙවන් තැනකට දානයක් දිම.
    කිටියෝ මේ ඔබේ උපන් දිනේ වෙනුවෙන්නේ ඔබට මේ පින ඇති නිවන් යන්න.කිටියට සුබ උපන්දිනක්වේවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති නලීන් !

      ඇත්තටම හාමුදුරුවන්ට හැමදාම ලැබෙන දානය සහ මේ ලමයින්ට මෙහෙම ලැබෙන දානයක පිනේ වෙනසක් ඇති. !

      Delete
  34. මමත් දවසක් ඒ වගේ පිරිසක් දිහා බලන් ඉඳල තියෙනවා.ඕනෑම කෙනෙකුට දුක හිතෙනව.

    හොඳ වැඩක්.සුභ උපන්දිනයක් කියපන්.

    ReplyDelete
  35. Bohomathma sthuthi subha pathum walata.... yanna.. gihin balanna...eka dawasak hari aduwak nathiwa innaawata adahana agamakata sthuthi karanna.

    yanna kamathinam me #s walata ganna. man puluwan hama udauwakma karanawa.

    Janaka - 0715711640 / 0363361999

    ReplyDelete
  36. සුබ උපන්දිනක් වේවා.. කිට්ටි ට..!!

    දුක වගේම සතුටත් එක තැන රැ‍ඳෙන තැනක්..
    වටින දෙයක්..!
    බෙදාගත්තට ස්තූතියි..!

    ReplyDelete
  37. උපන්දින වෙනුවෙන් දහස්, ලක්ෂ ගණන් නිරපරාදෙ වියදම් කරණ මන්ද බුද්ධික සමාජයට හොඳ ආදර්ශයක්..

    කිටියට උපන්දින සුබ පැතුම් !!

    ( කිටියා කියන්නෙ පූසෙක් නෙමේ කියලා හිතනවා :-) )

    ReplyDelete
  38. සෑමො උබේ බ්ලොගයි අටම් පවුරයි 2කම ලෝඩ් වෙන්නෑ මගෙ කොම්පීටරේ :(
    කියවන්නෙ ගොඩක් වෙලාවට පෝන් එකෙන්. කමෙන්ට් කරන්න හරිම අමාරුයි. මොනා හරි කරාන්කෝ....

    හරිම හොඳ වැඩක් සෑම්. මේවගේ වැඩ තමයි කරන්න ඕනිත්, ගොඩක් අගය කරනව :)

    ReplyDelete
  39. උපන් දිනයක් මේ වගේ ඉතාමත් අර්ථාන්විතව සැමරීම පිළිබද මට හරිම සතුටුයි සෑමා... මෙන්න මේවා තමයි කරනවා නම් වැඩ... ඔබ සැමටම ගොඩක් පින්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...