Monday, December 17, 2012

ඔබ කවුරුද, නුදු‍ටු සබඳ? - හෙන්රියාට පිළිතුරක්




ගෙදර බිත්තියේ එල්ලෙන කැලැන්ඩරයේ මාසයක් ගෙවුණ පසු උඩින් තිබෙන පිටුව ගලවා දැමිය යුතුය. විටෙක සමහර ගෙවල් වල තිබෙන පැරණි පිටු ගැලවෙන්නේ මසකට වරක් නොව මාස කිහිපයකට වරක්ය. ඊට හේතුව කම්මැලිකමද කාර්යය බහුලත්වයද කියා සිතා බැලීමට කාලය එළැබ ඇත්තේය. එලෙසම නිවසේ බිත්ති ඔරලෝසුවේ බැටරිය ඉකුත්ව ගිය කළ එම බැටරිය මාරු කිරීමට දින කිහිපයක් ගතවෙන නිවෙස්ද ඇත්තේය. ඊට හේතුව කාර්ය බහුලත්වයද නැතිනම් කම්මැලි කමද කියා සිතා බැලීමට කාලය එළැබ ඇත්තේය. ඒ සියල්ල මැද දිනපතා උදේ පාන්දර තම නිවස අද්දරින් කාර්්‍යාලයට යන, පාසැල් යන, අයට බලා ගත හැකි වන පරිදි කැලැන්ඩරයක් මෙන් සැකසූ කාඩ්පත් කිහිපයක් නිවසේ පිටත් බිත්තියේ එල්ලා, දිනපතා එහි කාඩ් මාරු කිරීමට කාළය කැපකෙරූ සෑමාගේ ගමේ නිවසක් සහ එහි සාමාජික පිරිස අගය කිරීමට අපේ හෙන්රියා බ්ලොග් ලිපියක් ලියුවේය.

ඔබ කවුරුද, නුදු‍ටු සබඳ? ලෙස ඔහු ලියු ලිපිය සෑමාගේ ඇස් ඇරෙව්වේය. මෙතෙක් කල් තම ගමේ සිදුවූ ආකර්ෂණීය සිදුවීමක් බොල්ලෑගල ග්‍රාමයෙන් කිලෝමීටර කිහිපයක් ඈත හෙන්රියා ලියන තුරු අතපසු වීම පිළිබද සෑමා කනගාටුවන්නේය. ඒ අතර හෙන්රියාට ස්තුතිවන්ත වන්නේය.

සිය ලිපියේ හෙන්රියා ඡායාරූප තුනක් අඩංගු කළේය. ඉන් පළවෙනි රූපය සෑමාගේ ගෙවල් අසල, ප්‍රධාන මාර්ගයේ රූපයක්ය. නොදැනීම හෝ හෙන්රියා සෑමාගේ නිවස ඉදිරියේදි ෆොටෝවක් ගසා ඇත්තේය. එසේම හෙන්රියා බොහෝ කාළයකට පසුව මේ පැත්තෙන් ගිය නිසා තමන් කැලැන්ඩරය සහිත නිවස කියා සිතා ඡායාරූපයට ගෙන ඇත්තේ වෙනත් නිවසක්ය. 



මේ ඡායාරූප දෙකේම සදහන් වන්නේ උක්ත දින කැලැන්ඩරය තිබු නිවස නොව ඊටත් මීටර 300ක් පමණ එහායින් නිවසක්ය. ඇත්තෙන්ම මේ නම් සෑමාගේ මාමා කෙනෙක්ගේ නිවසක්ය. හෙන්රියාගේ ලිපිය ඌන පූර්ණය කිරීමට සෑමා නිවැරදි නිවසේ ඡායාරූපයක් ගත්තේය. නමුත් හෙන්රියාට නිවැරදි ස්ථානය අමතක වීමට සාධාරන හේතු කිහිපයක් ඇත්තේය. එනම් කැලැන්ඩරය සහිත රවී අයියාගේ නිවසේ උඩුමහල දැන් නවීකරණය වී අළුතින් කොටසක් එක් වී ඇති නිසාය.

ඊතලයෙන් දක්වා ඇත්තේ තවමත් ඉතිරිව ඇති බිත්තියේ ගැසු කැලැන්ඩරයේ කාඩ් පත්ය.

රතුපාට අකුරින් කාඩ් පත් මත ලියැවුනු අපූරු ඉලක්කම් සහිත දින කැලැන්ඩරයේ දිනය, දවස, සහ අවුරුද්ද නිසි ආකාරයෙන් බියගම මහා මාර්ගයට නිරාවණය වන්නේය. ඉන් මාර්ගයේ ගමන් කරන උදවියට නිවැරදිව දිනය කියා පෑවේය. ඇත්තටම හෙන්රියා ඉල්ලා සිටි තොරතුරු වලට ප්‍රති පිළිතුරක් ලෙස සෑමා මේ පෝස්ටුව තබන්නේය. එසේම පිළිතුරු පමා වූවාට සමාව අයදින්නේය.

ඇත්තටම කිසිම ලකුණු දමා ගැනීමක් හෝ ප්‍රසිද්ධිය සදහා කිසිම පටු චේතනාවක් නැතිව රවී අයියාගේ අම්මා නොහොත් ජැනට් ඇන්ටී මේ කැලැන්ඩරය ප්‍රදර්ශනය කළාය. ඒ කාලේ උඩුමහලේ රතුපාටින් දැක්වෙන කොටස සාදා තිබුනේ නැතිය. එය මෑතකදී එක්වූ කොටසක්ය. ජැනට් ඇන්ටී සහ ඒ අංකල් බොහෝ කාළයක් නොවැරදී මෙම කැලැන්ඩරයෙන් නිහඩ සමාජ මෙහෙවරක් කළෝය. ඒ අතර අංකල් මෙලොවින් සමුගත්තේය. ඇන්ටී කැලැන්ඩරයේ වැඩ ඊටත් පසු බොහෝ කාළයක් නඩත්තු කළාය. බොහෝ ආදරය කළ සුරතල් බූල් බල්ලන් කිහිපදෙනෙක් ඇයට සිටියාය. ඉස්සර සෑමා සහ සෑමාගේ අක්කා ඇන්ටීගේ හාඩ්වෙයාර් එකට (පහළ මහල) ගිය විට ඇන්ටී උන්ගේ කතන්දර අපට කීවාය. ඒ තරමට ඇය සතුන්ට ආදරේ කරන තැනැත්තියක්ය. එසේම නිහඩව සමාජයට සේවයක් කළ ඇත්තියක්ය.

හෙන්රියා ලිපියෙන් ඇසුවේ ඇයි මෙහෙම කැලැන්ඩරයක් කළේ කියාය. එයට නම් හේතුවක් නැත්තේය. ඇයට සිතුන නිසා ඇය එය සමාජ මෙහෙවරක් හැටියට කළ බව කීවාය. එහෙත් එච්චර කාළයක් කළ සේවාව අතරමග නැවතී ගියේ ඇයිදැයි සෑමා ප්‍රශ්න නැගුවේය. ඊට හේතුව වුයේ ඉහළ මාලයට අළුතින් එකතු වූ කොටසය. එසේම ඇගේ කාර්යය බහුලත්වය සහ දැන් සියළු කටයුතු භාරව ඉන්න ඇගේ පුතු හෙවත් රවී අයියාගේ කාර්යය බහුලත්වයය.

නමුත් ඇස් ඇරිය යුත්තේ දැන්ය. 

මේ ලොව, ඉතා අගනා කලා කරුවෝ බිහිවුනේය. නමුත් ඔවුන් කළ සේවය, ඔවුන් කළ නිර්මාණ ලොව තුල රදවාගෙන ඔවුන්ගේ නම ගෙන යාමට දක්ෂ දරුවන් බිහිවුනේ නැතිය. මේ ලොව, ඉතා දක්ෂ ව්‍යාපාරිකයෝ බිහිවූයේය. නමුත් ඔවුන්ගේ දරුවන් තම දෙමාපිය ධනය විනාශයට පත් කළා මිසක දක්ෂ ව්‍යාපාරිකයෝ නොවුනේය. එසේම තම දෙමාපියන් කළ සමාජ සත්කාර වැඩි දියුණු කොට නැවත සමාජයට උපරිමයෙන් බෙදාදීමට හපන්කමක් ඇති දරුවන් බිහිවීම නම් වටින්නේමය. 

දිනක් ජිප්සීස් කණ්ඩායම් නායක සුනිල් පෙරේරා රූපවාහිනියේ පෙනී සිටියේ තම පුතු වන ගයාන් පෙරේරා සමගය. ඔවුන් දෙදෙනාටම මල්, ගල්, මඩ ප්‍රහාර නම් එමටය. එහෙත් සුනිල් පෙරේරා එතැන කියූ කතාව නම් දාර්ශනික ගතියක් ඉසිලුවේය. “මම ගයාන්ට කියල තියෙන්නේ කවද හරි දවසක ගයාන් කියන්නේ සුනිල් පෙරේරගෙ පුතා කියල හදුන්වන තැනට එන්නෙ නැතිව, සුනිල් පෙරේරා කියන්නේ ගයාන්ගෙ තාත්තා කියන තැනට එන්න කියලා.“ ඔහු අදහස් කළේ දෙමාපිය අන්‍යතාවයෙන් වැජබෙන්නෙ නැතිව තමන්ටම කියා ප්‍රතිරූපයක් හදා ගන්නා ලෙසය.

එසේම උක්ත සමාජ සත්කාරයේදී ජැනට් ඇන්ටී කළ සේවාව රවියාට කරන්නට බැරි කමක් නැතිය. ඌත් හිත හොද එකාය. එම කාර්යය කිරීමට රවියාට හැකියාවක් ලැබේවා කියා සෑමා පතන්නේ ඉතා ඉපැරණි සිංදුවක් මතක් කරමින්ය.

ළමයා- මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

සීයා- ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

ළමයා- දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

සීයා- මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

ළමයා- තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට

සීයා- පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ළමයා- මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

නැවතත් හද පිරි ස්තුතිය හෙන්රියාට සහ එම ලිපියේ වැදගත් අදහස් සහිතව කමෙන්ට් කළ සැමට.. !

Written by sAm ශ්‍රී Perera_11:40pm_17/12/12

මේ සෑමාගේ 200වන පෝස්ටුව බවත්, ගම්පහ ගෙට්ටුව ජනවාරි 27 ඉරිදා ෂොට් එකටම තිබෙන බවටත් සතුටින් දැනුම් දෙමි.

74 comments:

  1. 200 ට ... ගේට්ටුවට ඔක්කොටොම ජය වේවා ...

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ 27 හමු වෙමු..

      Delete
  2. 200 කිව්ව්ව නේ .. මගේ සුබ පැතුම් සැමා අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ 27 හමු වෙමු..

      Delete
  3. 200 ට ජයවේවා.
    ගේට්ටුවටත් ජය වේවා ...:D

    ReplyDelete
  4. උඹේ පෝස්ටුවෙන් තමයි මමත් හාපුරා කියලා හෙන්රි අයියගෙ පෝස්ටුව දැක්කෙ... මේ දැන් ඒකත් කියෙව්වෙ... සමාජයට වටිනා මිනිසුන් මෙන්න මේ වගේ අය කියලා භය නැතුව කියන්න පුලුවන්... ජැනට් නැන්දාව ආදරෙන් මතක් කලා කියපන්... බලපන් සෑමා කවදාවත් දැකලා නැති වුනාට අපේ හිතෙත් පොඩි හරි ගෞරවයක් ඇතිවෙන අපූරුව මේ වගේ අය ගැන...

    නැන්දට බැරි නම් උඹ හරි හැන්දෑවට හැන්දෑවට ආයෙත් නඩත්තු කොරපන්කො සෑමො...කැලැන්ඩර් කොළ පෙන්වන ඡායාරූපෙ සෑහෙන ඈතට ගිහිල්ලා ගත්තෙ මොකෝ බන් භයේද ?

    ReplyDelete
    Replies
    1. 200 දැක්කෙ දැන්...ඒකට බොක්කෙන්ම සුභ පතනවා.... උඹලා හරි මිනිස්සු තමයි අපේ ගම්පහ අපිට හොරෙන් ගෙට්ටු තියෙනවනෙ බොලේ...

      Delete
    2. //ඡායාරූපෙ සෑහෙන ඈතට ගිහිල්ලා ගත්තෙ මොකෝ බන් භයේද ?//

      හොදින් නිරීක්ෂණය කළොත් හේතුව අල්ල ගන්න පුළුවන්.(ගේ තියෙන පැත්තෙ ඉදලා පොටෝව ගත්තොත් හරියට අහුවෙන්නෙ නෑ. හරියට අහුවෙන්න පාර මැදට ඇවිත් ගැහුවොත් අහුවෙන්නෙ ඔබ්ජෙක්ට් එක නෙවෙයි, පොටෝ ගහන එකා පාරෙ යන වාහනේකට...)

      Delete
    3. දවසේ කතාව +++++++++++++++++++

      Delete
    4. අයියෝ සල්ලි ......... ඔය කිව්වට මටත් තේරුනේ දැන්!!!!!!!!!!!!!

      Delete
    5. @ සිරාගේ කාමරේ : හේ...... හොරෙන්ද තියන්න යන්නේ,,,,,, මේ සෑමා කියන බොරු.............

      Delete
    6. පාර මැද්දට පන්නවලා අහිංසක සෑමා චොප්ප කොරවන්නද යකෝ හදන්නේ ???

      ඇත්තට මචං ගමේ උන් දැක්කොත් පිස්සු කියල හිතන නිසා හැංගිලා වගේ ගත්තේ ;)

      Delete
  5. අඩේ ඒ අංකල් මැරිලා

    ReplyDelete
  6. 200 ට සුභ පැතුම්!!!!
    27 ඔන්න නාඩියා අනිවා එතන ඈ!

    ReplyDelete
  7. හොද පෝස්ට් එකක්. හෙන්රිටත් ස්තූතියි මෙවැනි වැදගත් යමකට සෑමව උනන්දු කිරීම ගැන,

    අපි බොහෝවිට නොකරන දෙයක් තමයි "ඇගයීම" කියන එක,ඒ හේතුව නිසා බොහෝ දෙනෙක් යහපත් වැඩක් කරන්න ආසාව තිබුණත් පසුබානවා.සමාජය ඒක මොන විදියට පිළිගනීද කියන සැකය නිසා.

    ඩබල් සෙන්චරියට සුබ පැතුම්...!

    ReplyDelete
  8. ඇන්ටිට සියලු බ්ලොග් කාරයෝ හිස නැමුවා කියහන්.. සෑම නිදාගන ඉන්නකොට මේ කාරණය මතුකළ ඩූඩ්ටත් ස්තූතියි..

    ඔය කැලැන්ඩරේනම් නවත්වන්ඩ එපා කියහන් බන්.. අර මායාකාරයො කැළන්ඩරක් නවත්තලා මේ දවස්වල තියන වදයක් බලපන්කො..

    උඹලා කාගෙන් අහලද ගෙට් එක ජනවාරි 27 දැම්මෙ.. එතකොට අපි එන්නෙ කොහොමද බොල ? ඒ ගැන මාගේ බලවත් විරෝධය..

    200 ට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා අප්‍රියෙල් වල සිහින බක් මහ උළෙලත් පැවැත්වෙනවා...

      Delete
    2. හෙහ් හෙහ්.. සිරා විහිළු කාරයෙක් වෙලානෙ.. :D

      Delete
    3. කිව්වත් වගේ බක්මහ උලෙලට වර

      Delete
  9. ඩබල් සෙන්චරියක්.....ඔන්න 200 මගෙනුත් සුබ පැතුම් සැමෝ !!

    ReplyDelete
  10. උණු උණු සුභ පැතුම් යාළුවා සීයත් කියවලා දෙසීයත් කියවුවා මම. ජයවේවා. මොකක්ද බොල අර ගෙට්‍ටුවේ කතාව. මොක උනත් මැයි වෙනකම් අපිට එන්න ඇහැක් කොමක් නෑ නෙව.

    ReplyDelete
  11. ඩබල් සෙන්චරියට ඔන්න මගෙනුත් සුභ පැතුම්..

    කතාව ගැන තවම සිතමින්.. :)

    ReplyDelete
  12. 200 ට උණුසුම් සුභ පැතුම් මචෝ !!!!

    මේ වගේ මාසේ කැලැන්ඩරය ප්‍රදර්ශනය කරනවා මරදානේ එල්පින්ස්ටන් වටරවුමේ සමාගමකින්. ඇත්තටම හරිම වටිනා සමාජ මෙහෙවරක්.

    ජනවාරි 27 - එනවා ෂුවර් එකටම.

    ReplyDelete
  13. 200 මගෙනුත් සුබ පැතුම් සෑම් අයියේ
    27 නම් ෂුවර් නැත .බ්ලොග් අවකාශයට අපි තවමත් පොඩි උන්ය

    ReplyDelete
  14. හෙන්රියා ගේ වතුර පාරට ඇහැරුනු සෑමා, වතුර පාර කාගෙනම මේ ගැන හොයා බැලූ එක නම් හොඳය. ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක් උනත් ඉන්නේ වෙන තූත්තුකුඩියක නිසා 27 ට ජයවේවා, වෙරිවේවා කියා පතමි. 200 ට ද ජයවේවා.

    ReplyDelete
  15. ඩබලට වගේම අංකල්ටත් ජය

    ReplyDelete
  16. උණුසුම් සුබ පැතුම් සෑම්

    ReplyDelete
  17. 200ට සුභ පැතුම්..

    ජැනට් නැන්දාට හෙන්රි අයියගෙයි, උඹෙයි පොස්ට් දෙක පෙන්නයි කියල හිතනවා..

    ගෙට්ටුවට එමි.

    ReplyDelete
  18. මේ දෙකම ප්‍රින්ට් කරලා හරි කමක් නෑ ගිහින් පෙන්නන්න සෑම්... ඒ මනුස්සයා සන්තෝස වෙයි...

    200ට සුබ පැතුම් ඔන්න..... හි හි

    ReplyDelete
    Replies
    1. අර හැදුවයි කියපු කැලැන්ඩරයක් ගේ ඉස්සරහ එල්ලුවනම් නරකද?

      Delete
    2. එහෙම උනොත් හිරු අක්කලාගේ ගේ ඉස්සරහින් ආයේ මිනිස්සු යන එකක් නෑ හික් හික් හික්

      Delete
  19. සුභ පැතුම් සෑමො...

    ReplyDelete
  20. 200ට ජය වෙවෝ.!!!!!
    පොටෝව පාරේ මැද්දට ගිහින් ගන්න තිබ්බනම් අගෙයි.

    ReplyDelete
  21. 200 ට සුභ පැතුම් මචන්,
    බොහෝම ඉක්මනින්ම 300 යත් ලියන්න හම්බ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    27 නේද, මාත් මේ බ්ලොග් ලියන කවුරුත්ම අදුනන්නෙත් නෑ. බලමුකෝ සෙට් වෙන්න පුළුවන්ද කියලා

    ReplyDelete
  22. "ඇගයීම" අතිවිශිෂ්ඨයි සෑමෝ.. සෑමාට මෙන්ම ඩූඩ්ටත්..!
    200ට උණුසුම් සුභ පැතුම් සෑමෝ..!
    27 සෙට් වෙමු කෝ!!

    ReplyDelete
  23. 200ට සුභ පැතුම් සෑමා !!!

    ReplyDelete
  24. 200ට මගෙනුත් සුබපැතුම්..!
    ඇත්තටම හෙන්රියගෙයි,උඹෙයි ලිපි ගොහින් පෙන්නුවනම්...සතු‍ටුවෙයි නේ.

    ReplyDelete
  25. සෑම් 200 කුත් ගහල, සුබ පැතුම් සෑම්. තව ටිකක් උනන්දුවෙන් ලියපන් මචං, උඹ දැන් දැන් ටිකක් කම්මැලි වෙල. :)

    හෙන්රි අයියා පෝස්ට් එකේ දාපු ෆොටෝ දැක්කම මට හිතුනෙ ඒ සෑම්ලගෙ ගෙදරද දන්නෙත් නෑ කියල. :)

    හෙන්රි අයියගෙ කතාවෙන් මට හිතුනෙ හුඟක් අයට ඒ දින දර්ශනේ ප්‍රයෝජනවත් උනා කියල. ඉතිං තමන්ට කිසිම ප්‍රතිලාභයක් නැතුව අනිත් අයට සේවයක් සලසන්න හිතන මිනිස්සු මේ සමාජයේ විරලයි වගේම තමන් සුළු හෝ ප්‍රයෝජනයක් ලබපු දෙයක් ගැන නැවත පසුකාලීනව සොයා බලන එකත් උතුම් ගුණයක් කියල මම හිතනව. එහෙම දෙයක් කරපු ඒ ඇන්ටිටයි අන්කල්ටයිත් මේ ගැන කෘතවේදීව සිහිපත් කළ ඩූඩ්ටත් නිවැරදි තොරතුරු ලබාදීමට වෙහෙස උනු සෑම්ටත් මාගේ උත්තමාචාරය !

    අර පහළින් සඳහන් කරපු ගීතය ඉස්සර හැමදාම හවස ටීවී එකේ පෙන්නනව, ඒ දවස්වල අපිට ඕක කටපාඩම්. ඒක හරිම අපූරු මතකයක්.

    http://www.youtube.com/watch?v=6s3tVyEn9SA




    ReplyDelete
  26. 200 ට මගේනුත් සුභ පැතුම්.
    ජය වේවා!
    මනසින් දිවියට

    ReplyDelete
  27. 200 වැනි පොස්ටුවට සුබ පැතුම්. බලන්න මේ පුංචි රටේ කොච්චර වෙනස්කම් වෙනවද හෙන්රිට උත්තරයක් ලැබුනා එහෙනම්.

    ReplyDelete
  28. 'සමහරවිට ඒ මනුස්සයගෙ ආත්ම තෘප්තිය සඳහා ඔය වැඩේ කරන්න ඇති.'
    මේක තමයි හෙන්රිගෙ පෝස්ට් එකට මම දාපු කොමෙන්ට් එක. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙනව ඇත්තෙ.

    200 ට සුබ පැතුම් සෑමෝ.

    ReplyDelete
  29. හෙන්රියාගෙ පෝස්ටුව මමත් කියෙව්වා මචං. මම පුදුම කුතුහලකාරී ආශාවකින්හිටියේ ඇත්තටම කවුද මේ අනුන්ට මිස තමන්ට ප්‍රයෝජනයික් නැති කැලැන්ඩරයක් යාවත්කාලීන කරන කෙනා කියලා දැනගන්න. උඹට බොහොමත් ස්තූතියි සෑමෝ මෙ පෝස්ටුව වෙනුවෙන්.
    ජැනට් ඇන්ටීටත් අන්කල්ටත් මගේ උත්තමාචාරය...

    ReplyDelete
  30. 200 ට සුභ පැතුම් සෑම් ලොක්කා.

    27 වෙනිදා සෙට් වෙන්න බලමු. හෙන්රි අයියගේ ලියවිල්ලත් කියවල එන්න ඕනේ මේ ගමන්ම

    ReplyDelete
  31. ජැනට් නැන්දාට කිව්වේ නැද්ද හෙන්රි අන්කල්ගේ පොස්ට් එක ගැන??? සුභ පැතුම්!!!

    ReplyDelete
  32. ඔය ඕපේ දැනගන්න නොවැ මාත් බලන් උන්නේ ..දැන් හරි ;)200 සුභ පැතුම් සෑම් !

    ReplyDelete
  33. මගෙනුත් සුබ පැතුම් අය්යණ්ඩියා

    ReplyDelete
  34. සුභ පැතුම්..27 අපිටත් එන්න ලැබුනොත්.. :(

    ReplyDelete
  35. 200 හදේ ගැඹුරුම තැනින් සුභ පැතුම්.

    අර ඇන්ටි කරපු සේවයට අපිත් හිස නමා ආචාර කරනවා..

    ReplyDelete
  36. 200 ට සුභ.... ගෙට්ටුවටත් සුභ ( ඉරිසියාවෙන් )

    ReplyDelete
  37. ජය වේවා සෑම! තුන්සීයෙදි හම්බු වෙමු.

    ReplyDelete
  38. 200 ට සුභ පැතුම් සෑමෝ
    මන් මේ බැලුවේ හෙන්රි සර්ට උඹ උත්තර නොදුන්නේ මොකද කියලා.

    ගෙට්ටුවේදී එන උන්ට මොනවද දෙන්නේ? බලමු අටමා එනවා නම් මටත් උගේ බයිසිමොටෝවේම එල්ලිලා ආවහැකි.බලමුකෝ ඌ මාව එක්කන් ආවේ නැත්තම්

    ReplyDelete
  39. 200 ට සුභ පැතුම්!
    ලංකාවෙ කොහොමත් තැන තියෙන්නෙ, ගෞරව කරන්නෙ කිකිළියොන්ට.. කැස්බෑවියො ගැන කවුරුවත් කතා නෑ..

    ReplyDelete
  40. මන් හිතුවේ උඹ පිළිතුරු දෙන එක ඇත ඇරලා කියලා. මේක දැම්මට ස්තුතියි! පුලුවන්නම් මේකයි, හෙන්රියාගේ පොස්ට් එකයි දෙකම ඇන්ටිට පෙන්නපන්. ඒක තමයි ඒ ගොල්ලන්ගේ නිහඬ සේවයට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග.

    ඔන්න මගෙනුත් බොක්කෙන්ම දෙසීයට සුභ පැතුම්! දෙසීයට දෙදාස් වරක් ආවඩා, ආයුබෝවේවා!!

    ReplyDelete
  41. පොස්ට් 200 ට හා මේ පොස්ට් එකට හා 27 වැඩේ යන තුනටම බොක්කෙන්ම සුභ පැතුම්.....

    ReplyDelete
  42. මේ ලිපිය ලිව්වට ස්තූතියි..
    නිහඬ සේවයක් කරන ඇන්ටියත් හිස නමා ආචාරය..

    200 වෙනි කඩඉමට සුබ පැතුම් සෑමො..!!

    ReplyDelete
  43. 200ට ජය වේවා...! එහෙනං ජනවාරි 27 හම්බවෙමු. ජය...!

    ReplyDelete
  44. 200 ta 400 aubowewa (Blog Post).
    Mamat enwa Gamphata.
    2013 JAYAWEWA

    ReplyDelete
  45. ලොකු අභිරහසක විසදුනා එහෙනම්..ස්තුති සැමෝ..හෙන්රියාට වගේම හෙන්රිගේ පොස්ට් එක කියෙව්වට පස්සේ අපිටත් ඔකේ තේරුම ගැන දැනගන්න අසාවක් තිබුනා ..
    ඒක නෙමේ අන්තිම ටික තේරුනේ නැහැ ..27 උබ අපිට පර්ටියකුත් දෙනවා කියලද කිව්වේ ..

    ReplyDelete
  46. මම කිව්වේ හරියටම පොර මැරෙන්න ඇති කියලා. ජීවීතෙ අහැම දෙයක්ම අනිත්‍යයි. ඇත්ත කතාව එයයි... දෙසීයට සුභ පැතුම්. බ්ලොගේ රසේ අඩුවක් දැනේ....

    ReplyDelete
  47. 200ට ‍බොක්කෙන්ම සුබ පැතුම් සෑමෝ...

    ReplyDelete
  48. හ්ම්ම් බොහොම ස්තූතියි මේ පිළිබඳව හොයල ලිව්වට සෑමෝ.

    ReplyDelete
  49. 200 ට සුබපැතුම් සෑම...
    ඒ වගේ නිහඩ සේවයක් කරන අය ගෙන මේ විදියට හරි ලියවෙන එක ලොකු දෙයක්..
    සෑමාගේ ගෙවල් අසල, ප්‍රධාන මාර්ගය A grade වෙන්නැති නේද? :D

    ReplyDelete
  50. පෝස්ටුවත් සිරා...200ට සුභ පැතුම්...

    ReplyDelete
  51. සුභ පැතුම්... ලියහන් තව ලියහන් මේ අපි කියවනවෝ...
    ඇත්තටම ඔහොම නිහඩ සේවයන් කරන මිනිස්සු කොච්චර නම් ඉන්නවද.අන්න ඒ අයවත් මේ විදියට අගය කරන්න ඕනෙ...
    ඉතාම වැදගත් වටිනා ලිපියක්...

    ජයම වේවා !!!

    ReplyDelete
  52. 200 ට සුභ පැතුම්....!! තව තවත් ඉදිරියටම මේය පවත්වාගෙන යන්න ශක්තිය ධෛරය ලැබේව.....!!!

    අර ඇන්ටි ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවීම අනිත් අයට උදව්වක් කරලා තියෙන්නේ.....ඒ වගේ අය හරිම අඩුයි. ඒ ඇන්ටිට අපෙත් ප්‍රණාමය....!

    ReplyDelete
  53. 200ට සුභ පැතුම් සෑම්..
    හරවත් රසවත් නිර්මාණ තව තවත් සෑම්ගේ මැසිමෙන් පබ්ලිස් වේවා..

    ReplyDelete
  54. //...මම ගයාන්ට කියල තියෙන්නේ කවද හරි දවසක ගයාන් කියන්නේ සුනිල් පෙරේරගෙ පුතා කියල හදුන්වන තැනට එන්නෙ නැතිව, සුනිල් පෙරේරා කියන්නේ ගයාන්ගෙ තාත්තා කියන තැනට එන්න කියලා.“ ඔහු අදහස් කළේ දෙමාපිය අන්‍යතාවයෙන් වැජබෙන්නෙ නැතිව තමන්ටම කියා ප්‍රතිරූපයක් හදා ගන්නා ලෙසය....//

    මේ කතාවම දවසක් නාමල් රාජපක්ෂත් කිව්වා :)

    ඉක්මණින් 500 බැට් කිරීමට ලැබේවා :D

    ReplyDelete
  55. සෑම ඔක්කොටම ඉස්සෙල්ලා මට සමා වෙයන් මේ පෝස්ට් එක උඹ කියන කල්ම දැක්කෙ නැතුවට, මේක මම මග බලාගෙන හිටපු පෝස්ට් එකක්. මිස් වෙන්න හේතුව උඹ දන්නවනෙ. නිවාඩු කාලෙ නොහිතපු විදියට කලබලකාරී වැඩ අධික කාලයක් වීම.

    හරි. ඉස්සෙල්ලම දෙසීයට බොක්කෙන්ම සුබ පැතුම්. දෙසීය වෙනි පෝස්ට් එක මේ ගැන වීම මට ඊටත් වැඩිය සතුටක් බං.

    එතකොට මම බය වුනු විදියටම ඒ සුවිශේෂී පුද්ගලයා ජීවතුන් අතර නෑ? අපරාදෙ. උඹ ජැනට් සහ රවීට පෙන්නුවෙ නැද්ද මේ අපි දෙන්නගෙ පෝස්ට් දෙක? එහෙම කලොත් ඒ දෙන්නටවත් සතුටක් දැනෙයි, යමෙක් කල යම් හොඳ වැඩක් කවුරුහරි අගය කරනවා දැකලා. අනේ ඒක නොවරදවාම කරපං සෑමො. හරි ආසයි එයාලගෙ ප්‍රතික්‍රියාව දැනගන්න.

    උඹට බොහෝම ස්තුතියි මේ පෝස්ට් එකට සෑමො.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans


    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...