Thursday, December 13, 2012

සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ...


සියළු සංවිධාන සංගම් පාරට බහින්නෝය. ඒ උන්ට එක එක ඉල්ලීම් දිනා ගැනීමටය. ඒත් අහිංසක අපේ එවුන්ට, එනම් ස්ක්‍රීන් එකක් ඉස්සරහට වී යුනිකෝඩ් වලින් බ්ලොග් ලියන අපේ උන්ට පාරට බැසීමට කිසියම් හේතුවක් තිබේදැයි ඔළුවේ අතගසාගෙන කල්පනා කළ යුතු තැනට අප දැන් පත්ව සිටින්නේය. මේ පිළිබද ගැඹුරින් කල්පනා කරද්දී, සිතුවිලි එකින් එක වැල නොකැඩී ගලා එන බව කිව යුතුය. ඒ නම් මෙසේය.

නොදන්නා කෙනෙක්, දන්නා නමකින්, බ්ලොගක් හරහා එකිනෙකාට සමීප වෙද්දී එවන් බ්ලොගක් පිටුපස සිටිනා මනුස්සයා කවුදැයි දැන ගැනීමට අපට කුතුහලයක් උපදින්නේය. ඉතින් එවන් කුතුහලයක් ඇති කරගෙන ගෙදරට වී කල්පනා කරනවාට වඩා අප පැරට බැසිය යුතුය.

සමහර විටක බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් එකිනෙකා හදුනනවා ඇතිය. ඔවුන් ගියවර සයිබර් උලෙලේදී හමුවී තිබෙන්නට පුළුවන. ඒත් නැවත හමූවී මිත්‍රත්වය වැඩි දියුනු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එසේනම් තවත් කල් නොමරා සියළු බ්ලොග් කරුවන් පාරට බැසිය යුතුය.

බොහෝවිට ඔබේ බ්ලොගට නොවරදවාම එන තවත් බ්ලොග්කරුවෙක් සිටිය හැකිය. ඔබේ බ්ලොගේ සාර්ථකත්වය වෙනුවෙන් නිතර උපදෙස් දී ඔබට සපෝට් කරනවා ඇතිය. නැතිනම් ඔබ ඔහුගේ ඇයගේ බ්ලොගට ගොස් නිරන්තරව කමෙන්ට් කරනවා ඇතිය. එකිනෙකාට අදහස් හුවමාරු කරගන්නවා විය හැකිය. එහෙත් තිරයෙන් පිටුපසට වී, සාමාන්‍ය ජීවිතයේදී හමු නොවී උදව් උපකාර කරන මිතුරා දැක ගැනීමට ඔබ උනන්දු විය යුතුය. එසේ නම් ඔබ ඇතුළු සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.

ඹබ කොළඹ, ගාල්ල, නුවර, ගම්පහ හෝ මොනයම් පැත්තකට වී බ්ලොගක් ලියනවා විය හැකිය. ඒ අතර ඔබ කැමතිම තවත් බ්ලොගක් ඔබේ පැත්තේම සිට කිසිවෙකු විසින් ලියනවා විය හැකිය. එහෙත් ඔබ ඒ බ්ලොග්කරුවා හෝ බ්ලොග්කාරිනිය නොදන්නවා විය හැකිය. එසේ වෙනවා නම් එය ඔබටත් ඔබේ ගමට/නගරයටත් නින්දාවක් වන්නේමය. තමන්ගේ ගමේ එකාගේ බ්ලොග ඔබ නොදැන සිටීම ඔබට කෙරෙන නින්දාවක් නොවන්නේද? එසේනම් ඔබ, ඇතුළු සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.

විටක ඔබ තනිකඩ වන්නට පිළිවන, නැතිනම් පෙම්වතා, හෝ පෙම්වතිය ඔබව හැර ගොස් බොහෝ කල් වන්නට පුලුවන. නැවත නොයිදුල්, නොකැලැල්, අවංක පෙමක් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය. එසේ නම් ඔබ කියවන බ්ලොග්වල සිටින අවංක පෙම්වතුන්, පෙම්වතියන්, කාත් කවුරුත් නැති අවංක ආදරවන්තයන්, ආදරවන්තියන් හමුවී එම බන්ධනය විවාහයක් දක්වා දුර ගෙනයාමට ඔබට අවස්ථවක් ලබා ගත හැකිය. ඒ සදහා ඔබ ගෙදරටවී සිට වැඩක් නැත්තේමය. එසේනම් සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය.

සෑමාගේ ආච්චී සහ සීයා ලව් කරන කාලේ ඔවුන්ගේ දෙමාපියන් ඒ කටයුත්තට විරුද්ධ වූ බව කිව යුතුය. සෑමාට ඒ මතක් වෙද්දී පවා දුක හිතෙන්නේය. ඒ කාලේ එකම ඉඩමක ගෙවල් දෙකක අසල්වාසින් ලෙස ඔවුන් සිටියෝය. එහෙත් දෙපැත්තේම දෙමාපිය මැදිහත් වීමෙන් දෙදෙනාගේ පෙම්හබයට බාධා මතුවූවේය. එසේ තිබියදී ඉඩම මැදින් දෙදෙනාට හමුවීමට නොහැකි වන සේ විශාල වැටමාර ගස් පෙලක් හිටවූයේ දෙමාපියන් විසින්ය. ආච්චී සහ සීයා විවිධ උපක්‍රම යෙදුවේ තමන්ගේ සම්බන්ධය නොකැඩී තබා ගැනීමටය. සීයා දිනපතා උදේ සවස එහා පැත්තේ සිට වැටමාර ගස්පෙලට මුත්‍රා කළේද ඒ නිසාමය. එවිට වැට මාර ගස් විනශ වී දෙදෙනාට හමුවීමට හිඩැසක් හදා ගැනීමටය. එහෙත් එම යූරියා මිශ්‍රනයේම උදව්වෙන් වැටමාර ගස් සරුසාරෙට වැඩෙන්නට වූයෙන් එම ක්‍රමය අසාර්ථක වූයේය.

සියල්ල අත්හල සීයා ආච්චී වෙනුවෙන් බ්ලොගක් ලිව්වේය. කිසිවෙකුත් කියවන්නට නොපැමිණි ඒ බ්ලොගට, දෙවන තුන්වන පෝස්ටුවේ සිට කමෙන්ට් වැටෙන්නට පටන් ගත්තේය. සීයා තවත් උද්යෝගයෙන් තමන්ගේ දුක්ඛිත ආදර කතාව අකුරු කළේය. ඒ අතර නොවැරදී හැමදාම බ්ලොගට එන බ්ලොග්කාරිනියකගේ කමෙන්ට් සීයාට දැක ගන්නට හැකි වුයේය. එම ලින්ක් එක ඔස්සේ ඇගේ බ්ලොග සොයා ගත් සීයාට දොලොව රත් වුයේය. තමන්ගේ බ්ලොග් පෝස්ටු ඇය හොරකම් කර ඇති බවට සීයාට තද වූයේය. වහාම ඇයට විරුද්ධව පියවර ගත්තේය. නමුත් ඇය කීවේ තමන් කොපි නොකල බවක්ය. කරුණු එකින් එක විමසද්දී දෙදෙනාට වැටහී ගියේ දෙදෙනාගේම කතාව එකක් බවය. එනම් දෙපැත්තට වී එකම කතාව ලියා ඇත්තේ සීයා සහ ආච්චීය.

ඔබටත් මෙවන් අත්දැකීම් සෙට් වෙනවා නියතය. එසේනම් ඔබ නොදුටු මිතුරන් දැක ගැනීමට, ඔවුන් දැක හදුනා ගැනීමට, සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුය. පාරට බැස එකම දිශාවකට ගමන් කළ යුතුය.

එසේනම් සූදානම් වන්න, සියළු බ්ලොග්කරුවන් ගම්පහ ප්‍ර දේශයට එකතුවන දින වැඩි ඈතක නොවේය. එය බොහෝ විට ජනවාරි පළමු හෝ දෙවන සතියේ විය හැකිය. වෙනසක් නැතිව අපි සයිබරයේ ලබන වින්දනය, ගම්පහදී ලබා ගනිමු. වැඩි විස්තර ලගදීම..

ස්තුතී !
සැමට ජය !

Written by sAm ශ්‍රී Perera 9:03am_13/12/12

වැඩේ ස්ථිරයි.. ඔන්න 2013 වසරේ ජනවාරි 27 ඉරිදා, ගම්පහ හෙනරත්ගොඩ නොහොත් මල්වත්තේදි හමුවෙමු...


පිං කැමැත්තෝ, සැප කැමැත්තෝ මේ ලින්කුවෙන් රෙජිස්ටර් වේවා..... මෙතන කොටන්න

211 comments:

  1. මේ පාරවත් පොල්ලක් නොතියා එන්න බලන්න ඕනේ සෑමෝ

    ReplyDelete
    Replies
    1. මම කොහෙද බොල පොලු තිබ්බේ/??

      Delete
    2. මම ගැන සෑමෝ කිව්වේ

      Delete
    3. ///ඔබ තනිකඩ වන්නට පිළිවන, නැතිනම් පෙම්වතා, හෝ පෙම්වතිය ඔබව හැර ගොස් බොහෝ කල් වන්නට පුලුවන. නැවත නොයිදුල්, නොකැලැල්, අවංක පෙමක් බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකිය////

      හොඳ හේතුවක්දුන්න නේද .......... අපි එනෝ...............

      Delete
  2. පළමුවෙනි වෙඩි මුරය සැම් ගෙන් ... එල ජය වේවා ...

    ReplyDelete
    Replies
    1. හැම වෙඩිමුරයකටම සහය අවශ්‍යයි :)

      ජයම වේවා !

      Delete
    2. වෙඩිතියාගන්න තැං වලට යනවට මහඇදුරුතුමා කැමති නැහැ.

      Delete
    3. හපොයි ඒකත් එහෙමද?

      බ්ලොග් ලියන එකත් නවත්තන්න වෙයි කවි...

      Delete
  3. මූ ඒපාර අපිව පාරට ඇදල දානව....බහිමු බහිමු... :P

    ReplyDelete
    Replies
    1. සැට් වෙලා එලියට බහිමු බං

      වරෙන් හොදේ !

      Delete
  4. බලන්න ගියාද? මම දන්නෙවත් නෑ. උඹලාව කොටියාම කාපිය. ගෙම්බා.

    ReplyDelete
    Replies
    1. බලන්න ගියෙ නැහැ ගෙම්බී. හෙට තමා..

      Delete
  5. Replies
    1. මේකිනං එන්නේ නෑ. ෂුවර්.

      Delete
    2. කෝම හරි ගෙන්න ගමු !

      Delete
  6. පාරේ තමයි බොල දැනුත් ඉන්නේ. ආයේ කොහේ යන්නද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවා එනව නේ..

      බලපං මුන් පාරෙ ඉදන් බ්ලොග් කියවන්නේ.

      Delete
  7. අලේ...ඒ කියන්නෙ කස්ටිය ගම්පහදී සෙට් වෙන්නයි යන්නෙ...

    ReplyDelete
  8. උඹ කියන එක පට්ට ඇත්ත සෑමෝ... මටත් අල්ලපු වැටේ ඉන්න බ්ලොග් කාරයෙක්ව හම්බුනානෙ බ්ලොග් එකෙන්ම...

    බලමුකො එහෙනම් පාරට බැහැලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.

      අනිවාර්යෙන් වරෙන් සෙන්නා...

      Delete
  9. බැහැපිය @#$@#$ පාරට. යකෝ මෙච්චර මේ දඟලන්නේ කෑල්ලක් දාගන්නනේ. කෑලි ටිකත් ඔක්කොම වරෙව්. හිරුවා එහෙම නාවට කමක් නෑ. වෙකන්සි නෑනේ. හි හි
    ..................................

    සැමෝ මචෝ, ඇත්තටම හොඳ වැඩක්. ට්‍රයි එකක් දෙනවා එන්න.

    ReplyDelete
    Replies
    1. හිටපියකෝ... එන්නෙම නෑ...

      Delete
    2. යකෝ මේක මාර සින් එකක්නේ. හැම එකාම හිරුවා එනකල් බලං ඉන්නේ?? වෙන කෙල්ලො නැතුවද :ඩී

      ඇත්තට වරෙන් හිරුවෝ !

      Delete
    3. ...//හැම එකාම හිරුවා එනකල් බලං ඉන්නේ?? වෙන කෙල්ලො නැතුවද :ඩී//....

      සැමාට මඥන්. මේ පේලිය දැකලා නැද්ද කොහෙද?

      ....//හිරුවා එහෙම නාවට කමක් නෑ. වෙකන්සි නෑනේ.//...

      අපි බලන් ඉඳියි ඕකි එනකන්. හුහ්!

      Delete
    4. උඹලගෙ හැටි මම නොදන්නවද බං?

      උබල එන්න එපා කියන්නේ එන්න ඕනෙම කස්ටියට නේ :පී

      Delete
    5. වේකන්සි තියෙන කෙල්ලො වරෙව්... අහිංසක අපි ලබන වසරේදිවත් මංගල කේක් ගෙඩියක් කපන්න...

      Delete
  10. ආයෙත් කට්ටිය හමුවෙන්න පුලුවන් එහෙනම්

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යෙයන් ! එදා වගේ කඹ අදිමු :)))

      Delete
  11. එහෙනම් ලගදීම කට්ටිය සෙට් වෙනවා...එල

    ReplyDelete
    Replies
    1. අනිවා සංජා.. සැට් වෙමු !

      Delete
  12. // සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ... //

    ඔබ කිසිවෙක් කරදර විය යුතු නැත, මේ ආණ්ඩුව තව නොබෝ දිනකින්ම ඔබ සියළු දෙනා පාරට බස්සනු නියතය.


    සෑමාගේ ආච්චී සහ සීයාගෙ ලව් එක මරුය, ටැමිල් ෆිල්ම් එකක් වගේය.

    [අපිට බ්ලොග් නැත, බ්ලොග්කරුවන්ගේ කුලකයට අපි ඇතුලත් වන්නේ නැතැයි හැඟේ. :( ]

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන් කිරීමක් නැත්තේය. ලියන එකා ව‍‍ගේම කියවන උන්ද (ඇනෝලා ඇතුළුව) උක්ත කුලකයට ගැනෙන්නේය..!

      Delete
    2. කකාගෙ බ්ලොගේ ඇනෝලත් එනවද, බඩුම තමා !

      Delete
    3. එහෙනං එක්කාසුවක් නෙවෙයි ගු‍ටි කෙලියක් වෙන්නේ ;)

      Delete
    4. //කකාගෙ බ්ලොගේ ඇනෝලත් එනවද, බඩුම තමා//

      එහෙනං මං අනිවා එනවා (වැටමාර පොල්ලකුත් කඩාගන)

      Delete
    5. @DDT - බ්ලොග් නැති වුනත් බ්ලොග් බලන, සයිබරේ ඉන්න අය එන එක ලොකු දෙයක්.

      අම්මේ ඒ ඇනෝලා නම් බයානකයි බං !!

      Delete
  13. අපි සැමදා මහපාරේ:P

    දැන් ඉන්නෙත් ගම්පහ.. මාත් එනෝ:)

    ReplyDelete
  14. එලය.සෑමාගේ සීයා සහ ආච්චිවත් අනිවා එන්න ඕනි.

    අපට බ්ලොග් නැත්තේය.ඉතින් අපිට එන්න ඇහැකිදෝ?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවශ්‍ය නැත. උබල හැමාදාම යන එන උදවියනේ.. වරෙන් සැට් වෙමු

      Delete
  15. හත් ඉලව්වයි. තොප්පි හැටයි කිව්වලු මොකක්ද බන් සෑමෝ ඒ හරුපේ? සීයා බ්ලොග් ලිව්වද මට එන්න බැරි උනා නොවෑ එන්න ඕනේ බලන්න.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එන එකයි ඇත්තේ අපේ ගෙට්ටුගෙදර් එකට.. :)

      Delete
  16. අපරාදෙ බං... මාත් ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක්....

    ReplyDelete
    Replies
    1. ගම්පහ විතරක් නෙවේ. රට පුරාම කස්ටිය එනවා..

      Delete
  17. ඇත්ත තමයි සැමො. මම නම් බ්ලොග් ලියන කිසිම කෙනෙක්ව මුනගැහිලා කතාකරලා නෑ මම හිතන්නේ මාවත් බ්ලොග් ලියන කවුරුත් හම්බවෙලා නෑ.

    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි.බ්ලොග් ලියන කවුරුවත් ඇහැට දැකලා නෑනේ. පරණ යාළුවෝ බ්ලොග් අවකාශේ හිටියට මොකද ඒ අයවවත් හැබැ ලෝකේදි හම්බවෙන්නේ නෑ. ලෝකේ හැටි...!

      Delete
    2. හරි ඉතින් එන්නකෝ ගෙට්ටුගෙදර් එකට !

      Delete
  18. මගේ උණුසුම් සුභ පැතුම් සැමෝ.. යේ.. ජය වේවා.. ආයෙම කස්ටිය සෙට් වෙන්න යන්නේ... හුරේ..
    අඩෝ සතියකට දෙකකට කලින් වත් කියපං හොදේ.. නිවාඩු දාන්න එහෙම ඕනිනේ.. ;)
    කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. ඕනි උදව්වක් කියපං මචෝ..

    ReplyDelete
    Replies
    1. හරි මචං. ටච් එකේ හිටු !

      Delete
  19. වැඩිම බ්ලොග් කාරයෝ ඉන්නෙත් ගම්පහ මම හිතන්නෙ....කාටත් ලේසියි-පහසුයි. සෙනසුරාදා දවසක් දාගත්තොත් වඩාත් හොදයි....

    ReplyDelete
    Replies
    1. ඔව් සුමියා. බහුතරයකගේ සහභාගිත්ව බලාපොරොත්තු වෙනවා !

      Delete
  20. බ්ලොග් ලීන ලස්සන ගෑල්ලමයි එහෙම ඉන්නවනං එන්න හම්බෙන්න...
    අයිං හියර්....
    ලස්සන නැති උංටනං කියන්න තියෙන්නේ මට වෙලාවක් නෑ මං හරි බිසී...

    --තරියා--

    ReplyDelete
    Replies
    1. අපෝ පව් බං එහෙම කරන්න එපා.. :)

      Delete
  21. බොරු පොරොන්දු නොදෙමි. අම්මා අවසර දුන්නොත් එමි....

    ReplyDelete
    Replies
    1. ස්තුති බට්ටි කෝම හරි එන්න බලන්න..

      Delete
  22. හොඳ අදහසක් අයියේ.. ඒ උනාට ඉතින් ...... මේ මේ අපි කොහෙන්ද සෙට් වෙන්නෙ. කොලඹ නම් ඉතින් අපිට දුර වැඩී.. මොනා උනත් අඳුන ගන්න නම් කැමතියි. එල ඒල ... හොඳ අදහසක්.

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. උඹ තබ්බෝවටම වෙලා වැවේ මාළු අල්ලාගෙන හිටපන් :P

      Delete
    2. යකෝ රෙපා එන්නේ.. කොච්චර දුර වුනත් වරෙල්ලා.. රෙපාව ආදර්ශෙට ගනිල්ලා..

      Delete
  23. ආයේ අමුතුවෙන් කියලා බහින්න දෙයක් නැ නෙවැ පාරට....අපිත් ඔං එහෙනම් ඈ..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. එච්චරයි වෙන්නෝනි...

      Delete
  24. බ්ලොග් කාරයො පාරට බස්සන්න මේ ගම්පහ... ඕවට නම් එන්න එපා පුතෝ... එල්ලනව හරි...

    ආ මේ සුහඳ හමුවක් නේද?... අවුලක් නෑ... ෂේප්.. :)

    ReplyDelete
    Replies
    1. සාතනුත් එනවාදෑ ?

      Delete
    2. සාතන් හා මධුරංග ගම්පහ දිස්තිරික්කේ නොවැ. පිටින් එන අයට සලකන්නෝනි ඕං !

      Delete
  25. අදනං පාරට බහින්න වෙන්නේ නැහැ සෑමෝ..අද වැඩ පොලේ ඉන්නේ.. හෙට උදේට ෂුවර් එකටම පාරට බහින්නං... කොහොමත් ගෙදර යන්න පාරට බහින්නම එපෑ...

    ReplyDelete
    Replies
    1. අඩේ මාරයියා.. ඔන්න ගම්පහ ගෙවල් ලගටම වැඩේ ගෙනෙල්ලා තියෙන්නේ...

      එන්නෝනි හරිය ?

      Delete
  26. එල කිරි සෑම් අයියේ . මේ අර උඹේ සීයයි ආච්චියි ලිව්වයි කියපු බ්ලොග් දෙකේ ලින්කු දෙක දීහන්කෝ තරහ නැතුව

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නවත් අරන් එනවා. එදාට බලා ගනින් පැතුමෝ.

      Delete
  27. හප්පොච්චි තාත්තේ ගම්මහද තියෙන්නෙ.??... කමක් නෑ... මූණු ටික බලාගන්නත් ඕනි..

    ReplyDelete
    Replies
    1. එක දවසක් බ්ලොග් අවකාශය වෙනුවෙන් දුර ගැන නොහිතා එන්ටෝ...

      Delete
  28. මමත් පාරට බහින්න ඉන්නේ :ඩි

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ද ංආ.....? එහෙනම් දැම්මම බැස්සොත් හොදයි....:P

      Delete
    2. එදාටවත් වේලාසනින් එන්න පුළුවන් වෙයි..

      Delete
    3. හිකිස්.. මුළු ලෝකෙම දන්වද කොහෙද වර්ණාගේ කාල රාමුව :)

      Delete
    4. කෙල්ලන් 4කට රාජගිරියේ සිට ගම්පහ යෑමට සහ ඒමට පහසුකම් ඇත

      Delete
    5. වර්ණා emailkavikaari@gmail.com එකට මේලක් දාන්න ටෙලිෆෝන් අංකය එක්ක. දෙසැම්බර් 31 වෙනකොට කෙල්ලො 4ක් නැතිනම් කොල්ලන්ට ඉඩතියේවි.

      Delete
    6. කෙල්ලෝ තුනයි සෑමායි අරන් යන්න බැරිද?

      Delete
    7. පවුල් පිටින් එන අයටත් ඉඩ දෙමු සෑමා. ඔයාගෙ ආච්චියි සීයයි ගෙනියන්නෙ කවුද එතකොට?

      Delete
  29. කාලෙකට ඉහත බ්ලොග් ලිව්ව හන්දා මටත් එතෑකි. එල එල සෙට් වෙමු !!
    අඩේ කිව්වත් වගේ පාරට බහින්න වෙලාව හරි. දැන් වෙලාව 4.45යි. පහට ඕෆ් වෙන්නත් ඕන.

    ReplyDelete
    Replies
    1. උබ පැය කාලකට කලන් ඕෆ් වෙන්න ලැස්ති වෙනවද බං? රජයේ සේවකයෙක්ද දැන්??

      කලකට ඉහත උබත් බ්ලොගක් ලිව්ව තමා

      Delete
    2. නැතුව නැතුව. කොණඩේ පීරගෙන චූ පාරක් දාලා ෂර්ට් එක යට කරගෙන එනකොට වෙලාව ගානට සැට් වෙනවා. ඊට පස්සේ පාරට පහිනවා.

      Delete
    3. කෝමද ගැල්ලමයි ලැස්තිවෙන ලැස්ති වීම :)

      Delete
  30. "BLOG" leyana nati "BLOG" kiywana, Comment dana "BLOG" walata adarya karna api wage ayta mokada wena?
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අය පැමිනිම අපිටත් සතුටක් බොල. විකාර නැතුව වර !

      Delete
  31. මටත් බ්ලොග් එකක් නෑනේ . කවුරුත් අදුරන්නෙත් නෑනේ .ඉතින් මන් මොකද කරන්නේ .දුක තමා

    ReplyDelete
    Replies
    1. දුක තුනි වෙන්න එදාට එන්න..

      Delete
  32. පාරට බහින්නනම් පුළුවන්. ඒත් තියෙන ලොකුම බය කදුළු ගෑස් නාන්න තමා....

    ReplyDelete
    Replies
    1. ගෑස් නොගහා රබර් බුලට් පාරවල් විතරයි ලැබෙන්නේ. ගෑස් ගනන්ලු බං.

      එදාට සැට් වෙමු. හොදේ

      Delete
    2. මේ හිරුවා මගේ අසල් වැසියා. වර වර කඳුළු ගෑස් කන්න හරි වර

      Delete
  33. හැමෝම එකතුවෙමු ඉතා වටින දෙයක්නේ මේ. දැනට බ්ලොග් ලියන්නන්ගෙන් මා හමුවී ඇත්තේ ඩූඩ් පමණි. මාරයා හොයාගන ගියත් සොයාගත නොහැකිවිය.

    ReplyDelete
    Replies
    1. හෙන්රියා නම් අල්ල ගත්ත එක ලොකු දෙයක්. මාරයා නම් හොයාගෙන යන්න එපා නලින්. හරි භයානකයි.

      එදාට එකතු වෙමු හැමෝම. :)

      Delete
  34. සැමා, හත් මාසෙන් ඉපදිල ඒ මාස තුන වයසෙන් අඩු කරල ගනන් හැදුවත් සීයට 50ට වැඩි වෙන්න ඕන නෙහ්.

    මේකා තව ටිකකින් කියයි සීය ආච්චිට ලව් කරනකොට සහයට ඩැනී උනේ මමයි කියල.

    කතාව නම් පස්ටය,
    ගම්පහ නම් හීනයක්ය.(මට)

    ReplyDelete
    Replies
    1. ඇයි බං උබ කොහද ඉන්නේ?

      Delete
  35. සීයගෙයි අච්චිගෙයි බ්ලොග් වල ලින්ක් 1 දාපන් අපිටත් බලන්න..

    ReplyDelete
  36. Replies
    1. දවසවත් නොදැන මෙන්න මෙයාට ඇක්සෑම් ලු.

      Delete
    2. ඇයි බන් ඔයා කිව්වේ ජනවාරි පලවෙනි හරි දෙවෙනි හරි සතියේ කියලා :/

      Delete
    3. ඔන්න දැන් ඔයාටත් එන්න පුලුවන්. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      Delete
  37. බ්ලොග් දුකීන් පෙළෙන උන්...
    දැං ඉතීං නැගිටියව්..
    අන්තිමා සටනටා සැරසියව්.........

    ReplyDelete
  38. මෙව්ව තියේනම් අපිත් එනව..!
    ගම්පහ දුර වැඩී බං ..අපි දකුනෙනෙ....කොලඹකිට්‍ටුවට ගම්මු.

    ReplyDelete
    Replies
    1. කොළඹ ගම්පහ මහ දුරක් නැහැ බං.

      කෝච්චියේ එන්න පුලුවං නේ

      Delete
  39. එල එල...කාගේද මේ බලවේගේ......
    දැම්ම මෙව්වා ටිකකුත්පුරුදු වෙන්නද... ;)

    ReplyDelete
  40. ඒකත් එහෙමයිලු නේ වෙන්නේ! ගම්පහ පැත්තේ වැඩකුත් තිබුනා..බලමුකෝ නේ ;) එළ! එළ!

    ReplyDelete
    Replies
    1. ගැල්ලමයෙක් බලන්න තියෙනවා නේද ඒ පැත්තේ??

      Delete
  41. ගම්පහ කියල නේද කිවුවෙ? පිස්සු හැදෙයි... මම බැහැල සප් එක දෙනවා එහෙනම්, ගමේ වැඩ වලට ගමේ උන් බහින්නේ නැතුව කවුරු බහින්නද?

    ReplyDelete
    Replies
    1. මචං ගම්පහ නම් මට බුකියේ මැසේජ් එකක් දාල තියපං. සපෝට් එකක් ඕනේ.

      Delete
  42. නැටුම් තෙල් තියෙයි.....?

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ.











      සද්ද කරන්න එපා බං

      Delete
    2. උගුර තෙමා ගන්නවත් චුට්ටක් නැද්ද ?

      Delete
    3. කවදා ඉඳලද බොල අඩිය ගහන්න පුරුඳුූනේ . . .

      Delete
  43. ගම්පහ ! හ්ම් ................. :(

    ReplyDelete
    Replies
    1. එච්චර දුරක නෙවේ නේද රෙහානි?

      Delete
    2. හිත ඇත්නම් පත කුඩාද නංගි...ඔන්න ඔහෙ ඇවිල්ලා යන්න එන්න...

      Delete
  44. අපි නම් ඉතින් කොහොමත් පාරෙනේ බන්. ජය වේවා :)

    ReplyDelete
  45. Replies
    1. උඹලගෙ දිස්ත්‍රික්කෙ නේද? පලයන් .. පලයන් ... ගිහින් උදව්වක් කරපන් වැඩේට ලැහැස්ති වෙන්න.

      Delete
    2. ෂුවර් නැහැ ඒ වුනාට අයියා

      Delete
    3. නිශාන් ගෙ බොඩිය බලන්න ඉන්නෙ. කොහොමහරි එන්න

      Delete
    4. මගේ බොඩිය නැන්දට මීටර් වගේ :)

      Delete
  46. සේරම පාරට බහින එකේ අපිත් බහිමු

    ReplyDelete
    Replies
    1. අනිවා එන්න තියෙන්නෙ අවතාර් !!

      Delete
  47. මේ අවුරුද්දෙත් හුල්ලමින් ෆොටෝ හා පොස්ට් දිහා බලා සිටිමි..

    ReplyDelete
  48. එහෙනම් කට්ටියම පාරට බහින්නයි හදන්නේ එහනම්?

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      එමු හොදේ !!

      Delete
    2. යා යා දැන්ම ප්ලෑනක් ක්‍රියාවට නංවමින්. මෙහෙයුම සාර්ථක නම් අනිවා එදාට එනවා

      Delete
  49. ඔන්න පළවෙනි වෙඩිමුරය පත්ත කොරලා. සැමයි, සිරයි (මං දන්න විදියට) බ්ලොග් ජනවාරි ගෙට්ටුව මේ සැරේ ගම්පහට ගේන්නයි හදන්නේ. හැම කෙනෙක්වම එදාට ගම්පහදි දකින්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි නම් දැම්මම ලෑස්තියි හොදේ...ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුති සභාපතිතුමා

      ඔන්න අපි හෙට යනවා ස්පොට් එක බලන්න..

      Delete
  50. අත්දැකීමුත් තියෙන එකේ ඔන්න මමත් පාරටම බහිනවා ඈ!!!!

    ReplyDelete
    Replies
    1. නාඩියට එන එකයි ඇත්තේ

      Delete
  51. අඩේ මගේ කමෙන්ට් එක නෑනේ.....

    (තරියා)

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා තිබිල දැම්ම ඕං

      Delete
  52. ඔන්න එක්කෝ බහිමු නෙහැ , කම්මලි මේ දවස් ටිකේ , :D

    ReplyDelete
    Replies
    1. ලබන මාසෙ කම්මැලි නැහැනේ. එදාට තමා එන්න තියෙන්නේ.

      අනිවා එන්න.

      Delete
  53. නියමයි සෑම් අයියා අපිත් ගම්පහ තමයි... එල උදව් ඕනේ නම් කියන්න

    ReplyDelete
    Replies
    1. සපෝට් එකක් දියන දිලාන්. මට බුකියෙන් මැසේජ් එකක් දාපං.

      Delete
    2. mamath gamapha aiye support dennam apith :)

      Delete
    3. ස්තුති අනු මට මේල් එකක් දාන්න..

      tosamindika@gmail.com

      Delete
  54. ඔය වැඩේට මම නාකි වැඩියි කියලයි හිතන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි. වයස් භේද නොමැත. දැක්කෙ නැද්ද අපෙ සීයා, ආච්චි ගැන කතාව??

      එදාට එන්න විචාරක..

      Delete
  55. සැහ්......... සිරාවට අපේ පොඩි එවුන්ටත් මේ වගේ කතා තියේවි නේ අපි ගැන කියන්න [අල්ලපු ගෙදර නගාටත් බ්ලොග් ලියන්න කියලදෙන්න සිතමින් :p]

    ReplyDelete
    Replies
    1. එදා වගේ වරෙන් මචං.. මම වාහනේ ස්ටාට් කරන්නම් ;)

      Delete
  56. ඇෆ්ඵට සිරි.. සැමා වෙඩි මුරය තියලා. වගේ... බලමුකෝ.. අපිත් සැට් වෙන්න... ගම්පහ නෙහ් ..දන්නෙත් නැහැ අෆ්ෆා ඔය පැත්ත :/

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      එමු හොදේ !!

      Delete
  57. ගම්පහ :) :) :) :) මේ පාර නම මම එනවා,අපේ පැත්තේ තිබුනම නෑවිත් බෑනේ.පිලිකුත්තුවෙනුත් සපෝර්ට් දෙන්නම් අයියේ

    ReplyDelete
    Replies
    1. මට මේල් එකක් දාන්නෝ

      Delete
    2. පිලිකුත්තුව කිවුවේ අපේ අල්ලපු වැටේ තියන එකද දන්නේ නෑ... :)

      Delete
    3. වෙදික්කාරය කොහෙද ? බුත්පිටියේද?නැත්තම් යක්කල පැත්තේද?

      Delete
  58. අනේ මටත් එන්න තිබුනනම්...ම්..බලමු බලමු...ඔන්න සෑමෝ මම දැනට May Be හොදේ...හී..හී..මේ සැට් වෙන දවස් කළින් කිව්ව නම් වෙන ඇපොයින්මන්ට් දාගන්නේ නැතිව ඉන්න පුළුවනි...හිකිස්..

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      එමු හොදේ !!

      Delete
  59. වැඩ නිසා ෆට්ට කාලෙකින් මේ පැත්තට අවේ බොලේ.. මොකක්ද බන් මේ නමේ මැදට "ශ්‍රී" කෑල්ලක් දාගෙන අහ්...?

    ReplyDelete
  60. ගම්පහ තියෙනවා කියන්නෙ ඉතිං අපි බොක්කෙන්ම සප් එක දෙන්න ඕනෙ වැඩක් නොවැ... මම අද හවසට ටවුමට යනවා හොද සද්දෙ තියෙන බට්ටො වැලක් දෙකක් ගන්න...

    සැට් එකම පේලියට පේවෙලා එන්න ඕනෙ එහෙනම් එදාට...

    ReplyDelete
    Replies
    1. ඔන්න මචං අපි අද බුක් කලා..

      උබ කෑම සින් එක බැලුවද?

      Delete
    2. කට්ටියට හොදම හෝටලේකින් කවන්න තමයි මේ අහිංසක වෑයම...

      Delete
  61. Replies
    1. දරුමල්ලෝ උස්සන් වරෙ !

      Delete
  62. ජනවාරි 17ට ඉස්සෙල්ලා දමා ගත්තොත් හමු වන දිනේ...මන් එනවා...ඊට පස්සෙ නම් ඉතින්...පොඩ්ඩක් සොරි වෙයිද මන්දා ????

    ReplyDelete
    Replies
    1. අයියෝ වෙනි අයියා.. අද ග්‍රවුන්ඩ් බුක් කළා.

      වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      කෝම හරි එමු හොදේ !!

      Delete
    2. වෙනී මාමා පික්සු නම් කෙලින්න එපා ඔන්න...අපිට තද වෙනවා අරිද ?

      Delete
  63. කොහොම හරි නිවඩුවක් පටලෝ ගන්න පුලුවන් උනොත් ෂුවර් එනවා . . .

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      එමු හොදේ !!

      Delete
    2. ගම්පහ මල් වත්තේ දි ??? එදාටත් වෙනදා වගේ විසිල් ගහයිද මන්දා :O

      Delete
  64. ආ.. මේ කියන්නේ ගම්පහ ඒරියා ‍එකේ නම් අස්ගිරිය මල්වත්ත තැනත් නරක නැ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කෙරෙන්නේ හරියටම 2013 ජනවාරි 27 ඉරිදා. ගම්පහ මල් වත්තේදි !

      එමු හොදේ !!

      Delete
  65. Replies
    1. අන්න හරි නැන්දෙ...එතැන ලව් කොරන ජෝඩු ගොඩායි...

      Delete
    2. නැන්දා නොදන්නවා වෙන්ට බැරි නැහැ !

      Delete
  66. මමත් වෙස් වලාගෙන එන්න ඉන්නේ හික්..හික්...

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් වෙස්වලාගෙන හරි !

      Delete
  67. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මොනාද බං ලැජ්ජ නැතුව ඇඩ් දාන්නේ ??

      Delete
  68. කියවත්දී මට හිතුනා සෑමා නිලධාරි මණ්ඩලේට සෙට් වෙලා කියල. D. බෙල්ල කඩන හරි එනවා සෑමෝ. උඹල අපි ගිය පාර හම්බුනාට තව වෙස්මුනු දෙකක් තුනක් තියෙනවා ගලවන්න. D.

    ReplyDelete
    Replies
    1. වෙන එවුන්ගේ වෙස්මුහුනු ගලවන්න ගිහින් උන් උබේ රෙදි ගලවයි සුදීකයෝ..

      අනිවා එන්න !!

      Delete
  69. හි හි නියමයි නියමයි :)

    ReplyDelete
    Replies
    1. නියමයි නෙවේ යකෝ එනවා කීපිය !

      Delete
    2. මැරුම් නොකා වරෙන් නංගි....

      Delete
  70. ම්ම්ම්.... මට නම් එන්න බැරි වේවි... ඒත් ඔයාලගේ වැඩේට සුභ පතනවා.... මේ වැඩෙන් පස්සේ කට්ටියවම ෆොටෝ වලින්වත් බලා ගන්න බැරියැ.....

    ReplyDelete
    Replies
    1. මේල් ඇඩ්‍රස් එක දුන්නොත් ෆොටෝ ටිකක් මේල් කරතෑකි. :)

      Delete
    2. හාකෝ...හාකෝ..... :)

      Delete
  71. නිවාඩු තිබුණොත් ඉතිං අනිවා..............
    මනසින් දිවියට

    ReplyDelete
  72. බැරිද කීය කීය හරි සම්මාදමක් දාලා මට ටිකට් එකක් එවන්න :D

    ReplyDelete
  73. මමත් එනවා නංගිත් එක්ක!!!

    ReplyDelete
  74. සෑම්ගේ ආච්චිගේ සහ සීයාගේ දුක්බර පෙම් කතාව දැක කඳුළු සැලීමි..;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...