පුංචිම කාලේ නම් කොල්ලන්ට ඉස්කෝලෙ යද්දි කිසිම ප්‍රශ්නයක් නැතිය. ඒ කලිසමට යටින් යටිතල පහසුකම් අවශ්‍ය නැති නිසාය. ඒත් කෙල්ලන්ට පුංචිම කාලේ සිට යටිතල පහසුකම් අවශ්‍යය. කොල්ලන්ට යටිතල පහසුකම් අනවශ්‍ය වීමටත්, කෙල්ලන්ට එය අනිවාර්ය වීමටත් හේතුව දන්නේ කවුදැයි සෑමා තවමත් සොයන්නේය. විටක ගල් ගුහා වැනි අදුරු පෙදෙස්වල සතුන් රිංගා කරදර වීමට ඉඩ ඇති නිසා විය හැකිය. ඉස්කෝලෙ අදින කලිසම දහම් පාසලේදී නැතිය. ඒ නිසාම දහම් පාසලේදී සරම අදිනා විට ඊට යටින් කලිසම් කොටයක් ගැසීම සිරිත විය. අන් අයට කෙසේ වුවද සෑමා අනුගමනය කළ සිරිත එයමය. නමුත් කල් යත්ම ඒ ජොකා ප්‍රධානතම යටිතල පහසුකම වෙද්දී සරමට යටින් අදින කලිසම ඉවත් කිරීමට සෑමා අකැමැති වුයේය. සරම හැද, කලිසම නැතිව, ජොකා පමණක් සිටියදී ඉර එලිය හෝ විදුලි පහන් එලියක් වැටුනහොත් විලි ලැජ්ජාවේ බැරිය. සරම විනිවිද කකුල් පෙනෙන්නේය.
ආරම්භය එසේ වුවද, දහම්පාසලේ පහ වසරේදී අපේ කොල්ලෙක් සරමට යටින් කලිසම තියා ජොකා වත් නොමැතිව පැමිණි දිනක් සෑමාට මතකය. ඒ කාලේ හැම එකාම ලැජ්ජා නිසා එකෙක්ගේ අහවල් තැන දැක්කත් අන්න මචං අරක පේනවා කියා කියන්නේ නැතිය. එදා අපේ මිත්‍රයා සරමට යටින් කිසිම සරණක් නැතිව අහවල් එකා එලියේ දමාගෙන හිදගෙන සිටි අයුරු සෑමාට මතකය. කොල්ලෝ පිරිසට මුහුණලා කෙල්ලෝ පිරිස හිදගන්නා නිසා එකී ස්ථානය හොදින් පෙනුනේ කෙල්ලෝ සෙට් එකටය. උන් හොරැහින් ඒ දෙස බලද්දි විලි ලැජ්ජාවේ කටවසාගෙන සිටීමට අපට සිදුවිය. එසේම දිනක් වැඩිහිටි අයියා කෙනෙකු දහම්පාසලේ ප්‍රධාන ශාලාවේ දෙකට නැමී පැදුරක් හකුලමින් සිටියේය. එදා පිටු පසින් පැමිණි එකෙක් දෙකට නැමී සිටි අයියාගේ සරම පහල කෙලවරින් අල්ලා අයියාගේ පිට මතට නැමුවේය. එදා ඒ අයියා යටින් කලිසමක් හැද නොසිටියා නම් අපේ මිත්‍රයාට වූ විලි ලැජ්ජාවට වඩා දෙයක් සිදුවනු නියතය. එනිසා සරමට යටින් කලිසම ඇදීම වැදගත්ය.
ඒ සියළු කතන්දර අතීතයේ සිදු වූ දේවල්ය. මෑත දිනයකදී සෑමාගේ මිතුරෙකු පාසලේ සිදුවෙන වැඩකට සහය දීමට ආවේය. ඒ මේ දිනවල පාසල් නිවාඩු කාලය නිසා අප පාසලේ ආදිශිෂ්‍ය කණ්ඩායමේ වැඩකට දායක වී සිටින නිසාය. එදා බර වැඩ කොටසක් තිබු නිසා මිතුරා ආ හැටියේ කියා සිටියේ මචං මම ජොකා දාලා නැහැ කියාය. එවන් විටක බර වැඩ කිරීම නුසුදුසු බව වෛද්‍යය මතයය. එනිසා අප මිත්‍රයා පැත්තකට වී සිටියේය. පසුව සියළු වැඩ අහවර වී බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්නට තවත් මිතුරෙකුගේ නිවසට ගියේ ජොකා රහිත මිතුරා සමගමය. එහෙත් එහි ගොස් ඌ උඩ පැන පැන බැඩ්මින්ටන් ගැසුවේය. එතකොට කිසි අහවල් එකට කිසිම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැද්දැයි අපට තාමත් ගැටළුවක්ය. ඒ ගැටළුව මැද සිටියදී අතීත කථාවක් එළියට පැන්නේය.
ඒ 2003 වසරය. කිසියම් කාර්යයකට අප ශිලාගේ නිවසට සෙට් වුනේය. ඒ අතර අහල පහල ගෙදරක සිටි තවත් මිතුරෙකු එහි ඇවිත් සිටියේය. හදිසියේ කිරිබත්ගොඩ දෙසට යාමට අපට අවශ්‍යතාවයක් ආවේය. එවිට ශිලාගේ නිවස අසල සිටින මිතුරා කෑගසන්නට වූයේය.
“අඩෝ මට නම් එන්න බැහැ ඕං...“
“ඇයි යකෝ වරෙන්.. ඉක්මනට ගියා ආවා..“
“නැහැ බං මම ජොකා නොදා ආවේ... මෙහෙම කෝමද බං යන්නේ..“
“පිස්සුද යකෝ අපිත් මේ ගෙදර ඉන්න ගමන් ආවේ.. අපි සමහර එවුනුත් දාල නෙවේ ඉන්නේ..“
මිතුරාගේ සිත බොරු වැලකින් සනසමින් සියල්ලෝම බසයට නැගුනෝය. සාමාන්‍ය මට්ටමින් ලෝඩ් වූ බසයක ගැස්සි ගැස්සී ගමන් කරද්දී අපේ උන් ජොකා රහිත මිතුරා අසරණ කිරීමට පියවර ගත්තෝය. එය සැලසුම් සහගත ක්‍රියාවක් බව මිතුරා නොදත්තේය. එහෙත් ඔහුට හෙරෙන් පිරිස නොයෙක් කතන්දර කතා කරන්නට වූවෝය. සාමාන්‍ය නිරෝගී කොල්ලෙකු කිසියම් වනචර කතාවකින්, උත්තේජනය විය යුතුය. නොඒසේනම් ඒ කොල්ලාට ලෙඩක්ය. නැතිනම් අවයව අඩුක්ය.
මචං අර ෆිල්ම් එකේ මෙහෙම වුණා, අරහෙම වුණා, අරකද මේකද කියමින් කට්ටිය කතා කරද්දි ජොකා රහිත මිතුරා තම අවධානය වෙනතක ගේන්නට උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබුනේය. අපේ කතාවට කන් නොදුන් ඔහු පහත් වී කවුළුවෙන් එලිය බැලුවේය. විටක තම අත මිට මොලවා තම මුහුනටම තට්ටු කළේය. තවත් විටක හිස කසන්නට, තමන්ගේම මුහුණ අතගාන්නට පටන් ගත්තේය. එහෙත් වටින් ඇහෙන රාගික කතන්දර හා වචන මිතුරා අසරණ කළේය. වෙනතක අවධානය යොමු කරන්නට තැත් කරද්දී පවා අහවල් එක හිස සැලුවේය. ටිකින් ටික හිස එසෙව්වේය. මිතුරා කිසිත් නොකීවද අපේ උන් ඔහු ගැන අවධානයෙන් සිටියේ සිනාසෙන්නට අවස්ථාවක් නැති නිසාමය.
සැලසුම අති සාර්ථක වූවේය. මිතුරා අසරණ වී වට පිට බලද්දී ඒ අසලම හිදගෙන සිටි ඇන්ටී මිතුරා දෙස බැලුවේ රකුසු බැල්මක්ය. විටක හිස ඔසවන, නැවත හිස සලන, ගොළු බෙල්ලෙකු සේ එළියට ඇදෙන, ඇතුලට දිවෙන, අහවල් එක ඇන්ටීගේ උරහිසේ දැවටුනේය. විටක අතේද, දැවටුනේය. ඇන්ටීට කරකියා ගත් දෙයක් නොමැතිව මිත්‍රයාට ඔරවින් සිටියාය. මිත්‍රයා ඇන්ටීගේ පතිවත රැකීමට මහත් වෙර දරමින් නොගෑවෙන සේ ඈත් වී සිටියේය.
එසේ අපහසුවෙන් පැමිණි ගමන නිමා කරමින් සියල්ලෝම බස් එකෙන් බැස්සෝය. අපේ මිත්‍රයාගේ පිබිදුනු හැගීම් හැකිලෙමින් තිබියදී අපේ එකෙක් මිතුරාට පාරේ ගමන් කරමින් සිටි ලස්සන කෙල්ලෙක් පෙන්නුවේය. ඉතා අපහසුවෙන් ඉවසා සිටි තරහව මිත්‍රයා පිටකළේ නොයිදුල් සුද්ධ සිංහලෙන්ය.
“බස් එකේ එනකල්ම මාව ටියුන් කරලා දැන් පාරෙදිත් ටියුන් කරන්න හදනවද යකෝ... මල්ලි උලුක් කරන් පාරෙ යන්න බැහැ හුxx... තොපිට මතක නැද්ද මම ජොකා දාල නෙවේ ඉන්නේ...“
Written by sAm ශ්‍රී Perera_06:31pm_27/12/12
සැමෝ උඹල ඌට කරල තියෙන්නේ පර වැඩක්නේ බං.බලහං ඌ ඇන්ටිගෙන් ගුටි කැවනං කොහොම වෙයිද.
ReplyDeleteඇන්ටි නම් බනී.. හික් එයාට සැප කනේ නේ.. ;)
Deleteඇයි මචං කණෙත් ගෑවුනාද ඇන්ටිගේ?
Deleteහපුච්චේ..:D :D
ReplyDeleteඑක්කෝ මොනවත් නොකියම ඉන්නම්..:D
එච්චර බයද අයියෝ.
Deleteමම මුලින්ම ජොකෙක් ඇන්දෙ පහේදි හෝ හයේදි වෙන්න ඕනෙ. එතකන්ම යටිතල පහසුකම් තිබ්බෙ නෑ. ඒත් වැඩේ භයානකයි. මීයා සිප් එකට අහුවෙන්ඩ පුළුවන්. ඒත් කෙල්ලො නම් පොඩි කාලෙදිම යටිතල පහසුකම් දෙනවනෙ. හේතුව නම් දන්නෙ නෑ. කෙල්ලෙක්ම කියයිනෙ. කොල්ලො ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා කලිසම මාරුකරන්ඩ ඕන උනාට ඔය යටිතල පහසුකම් තියෙන කෙල්ලන්ට එහෙම කේස් නෑ. ගවුම ගැලෙව්වා ජංගිකොටේ පිටින් හිටියා. ගෙවල් කිට්ටුව කෙල්ලෙක්ට නම් කාලයක් යනතුරු ඔය පුරුද්ද අත අරින්න බැරුවයි හිටියෙ. අවුරුදු 16දිත් ජංගිකොටේ පිටින්. හැබැයි එළියට නම් එන්නේ නෑ. ගේ ඇතුළෙ. ගැන්සියෙ කොල්ලො දෙතුන් දෙනෙකුට ඕක මීටර් උනාට පස්සෙ ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා ගැන්සිය පිටින් බහින්නෙ ඒකිලාගෙ ගෙවල් පැත්තට. ගෙට ඇහැදාන්ඩ.
ReplyDeleteමගෙ අප්පේ අවුරුදු 16දී.. ජංගි කොටේ පිටින්..?
Deleteඑතකොට උඩු කය?
ඒකි දවල් ඉස්කෝලෙ ගිහින් එද්දි ගෙදර ඉන්නෙ අම්මා විතරයි. ඒක නිසා වෙන්න පුළුවන්. ඒකි එහෙම ඉන්නකොට අම්මත් සමහරවෙලේට අහල පහල හිටියා. ඒකිලාගෙ ගෙදර පිටිපස්සයි තව පැත්තකුයි වටවෙලා තිබුනෙ පාළු වත්තකින්. ඒ වත්තෙ බොහොම සැරට කැලේ වැවිලා තියෙනවා. ඒ ගෙදර සාලෙ තියෙන්නෙත් ඒ කැලේ පැත්තට වෙන්න. දවසක් අහම්බෙන් ඒ කැලේ කජු කඩන්ඩ ගිය කොල්ලො තමයි සිද්ධිය දැනගෙන තියෙන්නෙ. ඒකිලාගෙ ගෙදර ඉස්සරහ දොර දවල්ට වහලා තියනවා කියන්නෙ සුබ ලකුණක්. එතකොට තමයි අපේ ගැන්සිය ෆුල් කවර් එක දාන්නෙ. ඒකි එච්චර ඇහැට කනට පේන එකියක් නෙමේ. ඒත් අපිට ඒ මදෑ.
Deleteමොනවා කලත් අලිය පිටේ යනවා වගේ සැපයක්නං තවත් ඇත්තේ නැහැ...
ReplyDeleteමාරයියාට නම් කොහෙ ගියත් අලියා නොවැ.. ;)
Deleteමරු කතාව යටට නොදා ගිය දට වැටෙන අපහසු තාවය මොන කතාද :D :D :P
ReplyDeleteඅත්දැකීමෙන් වගේ කියන්නේ :)
Deleteනිදන් ඉන්න එවුන්ට නිදන් ඉන්ඩ දුන්නා නම් අහවරයි නෙව.
ReplyDeleteහික් හික් හික් :)
දන්නෙ නැද්ද බං පොඩි ආතල් එකක් ගත්තෙ
Deleteහැබැයි මචන් ඒ මනුස්සයාගේ හොද කමට බේරුණා කියල
ReplyDeleteහිතාගනින්.නැත්නම් බහින්න වෙන්නේ මල්ලි තියල තමා
බස් එකේ..:(
දහම් පාසල් යන කාලේ නම් හපොයි කතන්දර ගොඩයි. සරන්, ළමා සාරි
etc ..
කතා මැද්දේ මගෙත් දහම් පාසලේ ලව් එකක් මතක් උනා බන් .
පව් ඒ ළමයා. මගේ යාලුවෝ මැරෙන්න හැදුව යකෝ එපා එපා එපා
බන් කිය කියා . මන් දන්නේ නැහැ ඒ ළමයි එපා කිව්වේ ඇයි කියල
ඒ ගෑනු ළමයට..මොන ලෝකේ කොහොම ඉන්නවද මන්ද ..
හේෂානි නම ..පව් තාම මතකයි ඒ අහිංසක මූණ මට ..
ආව්... මෙයාගේ තියෙන පෙම් පාට... හි හි...
Deleteමටත් හිටියානේ දහම් පාසල් ලවු එකක්.. අපේ මල්ලිගේ සරම හින්දා තමයි ඒකව සෙට් උනේ.... හෙනම ලස්සන කොල්ලෙක්.. ලස්සන කොල්ලෝ සත පහකට ෂුවර් නෑ... ඒක නිසා මාත් එච්චර එල්ලිලා යන්න හිතුවේ නෑ.. හි හි
අනේ නිකන් ඉදහන් හිරුවො නයි අරින්නෙ නැතුව
Deleteමොකක්ද මල්ලිගේ සරන් සිද්දිය ? කියන්න බලන්න දිග එකක් නම් පොස්ට් එහෙකින් හරි ..
Deleteරූපේ වගේම හිත ලස්සන අයත් ඉන්නවා හිරු .හැමෝම එක වගේ නැහැ .
ඒ ගෑනු ලමයගෙයි මගෙයි නම් සමානයි සමහර වචන.(දන්නවනේ පොඩි කාලේ
ලොකුම ගැලපීම ඕකනේ.) තව එයාගේ මූනේ ලපයක් තියෙන තැනම මගෙත්
තියෙනවා.ඉතින් වැඩේ නැගල ගියා.මුලදී මටත් විශේෂයක් නැහැ , ඒ උනාට
මෙන්න සති දෙක තුනක් යද්දී මට නොදැක ඉන්න බැහැ එයාව .පස්සේ මන්
වැඩේට බහිද්දී අර කාලකන්ණි මැරෙන්න හැදුව එපා එපා එපා කිය කියා.
අන්තිමට දෙන්නම කර බා ගත්ත.පස්සේ මට කීප විටක් හම්බුනා.ඒත් යමක්
කමක් තේරෙන කලේ වෙද්දී එයාව හොයාගන්න නැහැ.දැන් අවුරුදු 12-16 විතර
මන් හිතන්නේ දැකලම නැහැ.මේ සිද්දිය නිසා එයාව මතක් උනා මට.තාම ඒ හැම
දේම මතක හැටි පුදුමයි..:(
පාසල් වියේ ප්‍රේම සම්බන්දතා ..:(
සයියෝ කොල්ලො ටික ආදර කතාව විනාස කරලා..
Deleteඇයි බං උන් එහෙම කළේ
@හිරු
Deleteඅනේ මේ හිරුවෝ ඌ එන්න ඇත්තේ මල්ලිගෙ සරම අන්දන්න, උඹ ඌට ලයින් පාර දාන්න ගිහින් කොලුවට තේරිලා යන්න ඇති කවුද බොල මේ වන්ගාරි මාතායි වගේ එකී මට ලයින් දාන කියලා.
මොන බොරුද බන් හිරුවා දැන් සරම අන්දන්නෙත් ඒ කොලුවටම තමා
Deleteඔය සිප් එකට අහුවෙන වැඩේ භයානක නිසා පොඩි කොල්ලන්ට උනත් ජංගි කොටයක් හරි ඇන්දුවට අවුලක් නෑ කියලා මං නං හිතන්නේ.. ( ඇත්තටම අවුරුදු 6-7ට අඩු කොල්ලන්ට අන්දන්න කියන්නේ ඉලාස්ටික් දාපු කලිසම්.. ඒත් අපේ අම්මලට මෝස්තර එපැයි....) කෙල්ලෝ ඕක අඳින්නේ ගවුම් අඳින නිසා... පොඩි කාලේ ඉතිං ගවුමක් ඇන්දම සාය හදාගෙන ඉඳගන්න තේරෙන්නේ නෑ නේ.. ඒකයි පොඩි කාලේ ඉඳලම ජංගි කොටයක් අඳින්නේ... ඉස්කෝලේ යන කාලේ වෙනකොට නම් ජංගි කොටේ ටයිට් ෂෝටක් බවට පරිවර්තනය වෙනවා මේ කාලෙදි නම්... නැත්තම් කොල්ලෝ ඉන්දියාව හොයනවනේ... හි හි....
ReplyDeleteඔය ඉස්කෝලේ යන කාලේ නම් ඔහොම යන කොල්ලෝ අඩුයි.. කොල්ලෝ පිළිවෙලට ඇඳලා යනවා... හැබැයි 30-35 වෙනකොට තමයි කට්ටියට ඔහොම යන්න හිතෙන්නේ මං දැකලා තියෙන විදියට...
හිරුවගේ කොමෙන්ටුව කියෙව්වහම පරන මතකයන් එක්ක ඇඟ හිරිවැටිල ගියා....
Deleteඑදා මගේ පුන්චි මොලේට සබන් කෙල්ලක් මතකෙට නාවනම්.. මම තාමත් ශිප් එක අල්ලගෙන ගේවටේ කැරකෙනවා
ස්තුති හිරූ සම්පූර්ණ විවරනයක් කළාට.. :)
Deleteගොඩක් ලදරු පාසල් වල නිල ඇදුමට ඉලාස්ටික් කලිසං දාන්නේ ඕක නිසා වෙන්න ඇති...
මගෙ අප්පේ මීගොඩයෝ සිප් එකට අහුවුන ජුන්ඩෙක් මේ ලෝකෙ නැතුව ඇති බං..
සිප් එකට අහුනොවුන වෙන්න ඕන.
Deleteමීට කලින් උඹ මේ සිප් වලට අහු උන ජුන්ඩල ගැන ලියල තිබුන මතකයි..!
මම ලියුවා ඒ ගැන කතාවක් :)
Deleteඑතකොට මීයාගේ අහවල් එක අහුවුන වෙලාවේ මතකෙට ආවේ සබන් කෑල්ලක්ද, කෙල්ලෙක්ද??
Deleteඉන්දියාව කිවුවේ.... හිරූ....? ඔය ටයිට් ෂෝට දිහාවෙමද ඉන්දියාව.....හෙහ්
Deleteඅර ඇන්ටි ගැහුවනම් කොහෙවත් ඉන්න අහිංසකයෙක් ගුටි කනවා.කාල බෙරුනනම් ඇති කොහොමද නවනින්ගිරාව...
ReplyDeleteමගෙ අප්පේ ජැක් කාරයෙක් ගුටි කනවා දැකල තියෙනවා නම් ඇඩෙනවා බං
Deleteයකෝ නිදාගෙන ඉන්න කොටි ඇහැරවන්න හොඳ නැ කියල දන්නේ නැද්ද බොල.
ReplyDeleteයටිතල පහසුකම් දිගු කාලයක් භාවිතා නොකර බර වැඩ කළහොත් කල් යාමේදී ඝණ්ටාර ගැසීමට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනවලු.
ඒක විද්‍යාත්මකව පහදන්න බැරිද බං?
Deleteඅමුඩ ගහන් ඉන්න කාලෙ කොහොම හිටියද දන්නෑ නේ...!
ReplyDeleteissara seeyala amuda gahaddi achchila ande monawada?
Deleteඇත්තට බං ඒ කාලේ කොහොමද ඉවසීම ප්‍රගුණ කලේ ?
Deleteඅපේ දහම්පාසලේ නිසා මේ වෙන සිද්ධී ගැන මට හොද අවබෝධයක් තීනවා...
ReplyDeleteකළ්‍යාණියේ වීම ආඩම්බරයකි!!!!!!!!!!!!!!
ධර්මශාලාවේ හිටගෙන ඉන්නකොට (ශිෂ්‍යනායකයෝ හිටගෙන ඉන්න පැත්තේ..) ඉර එලිය වැටෙන්නේ කෙලින්ම සරම අස්සෙන් බං. ඉදගෙන ඉන්න කෙල්ලෝ රැස්වීම ගැන අවධානෙන් ඉන්නෙ නැහැ එතකොට. අපි දිහා බලනවා..
Delete:))
අපේ ජූනියර් බැච් එකේ හොස්ටල් කාමරේක හිටිය සෙට්එකම ජොකා නැතුවයි කැම්පස් යන්නෙ. ඩෙනිමයි ටී ෂර්ට් එකයි නං කමක් නෑ කියමුකෝ. මුං පිලිවෙලට කිට මරල ඉන්නකොටත් ජොක්ලස්.
ReplyDeleteඩෙනිමට නම් ෂේප් බං. කිට මරලා යද්දි නම් ඉතිං අවුල් නේ?
Deleteදහම් පාසලේ නම් සිද්ධි එමටයි!!! මොනවා උනත් සිවිල් පිට ඉද්දි නම්...දිව්‍යලෝක සැපය! හා නැද්ද මං අහන්නේ!
ReplyDeleteසිවිල් පිට ඉන්න එක සනිපයි කියල අමුතුවෙන් කියන්නෝනි නැහැනේ බං. ඒ අතර මොකක් හරි වැඩක් සෙට්වුනාම තමා මල පනින්නෙ
Deleteදහම් පාසලේ නම් සිද්ධි එමටයි!!! මොනවා උනත් සිවිල් පිට ඉද්දි නම්...දිව්‍යලෝක සැපය! හා නැද්ද මං අහන්නේ!
ReplyDeleteහපොයි නිකමටවත් බස් එක බ්‍රේක් පාරක් ගහල අරූ සීට් එකක වැදුන නම් උගේ අනාගතේ ඉවරනෙ :P
ReplyDeleteහිකිස්. එහෙම විනාස වෙන්නෙ නැහැ බොල
Deleteඅහුවුන ඒව මටත් මතකයි... අර මිතුරා සැමා නොවේ යයි සිතුනි... :D
ReplyDeleteඒ නම් සෑමා නොවේමය.
Deleteසුපිරි කතාව ඈ.... මගේ අම්මේ මෙව්වා කියවනකොට ඇඟත් එක්ක හිරිවැටෙනවා සැමෝ.මටත් පොඩි අත්දැකීමක් තියේ මේ ගැන....
ReplyDeleteඅපේ ඉස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම ඉන්නවනේ.ඉතින් ඉස්කෝලේ තීන්ත ගානකොට එහෙම දෙගොල්ලම වැඩේට බහිනවා කිසිම කම්මැලිකමක් නැතිව.වෙනසකට තියෙන්නේ කට්ටිය තීන්ත ගාන්න සෙට් වෙන්නේ ඉස්කෝලේ නිවාඩු දවසක සාමාන්‍ය ඇඳුමින්....
11 වසරේ ඉද්දි ඔහොම දවසක ඉතින් මාත් සෙට් වුනා කලාත්මකව තීන්ත චුට්ටක් ගාන්න බාල්දියයි පින්සලයි අතින් අරන්.හැබැයි ඉතින් මම දැනගෙන උන්නේ නෑ අපේම සෙට් එකේ එවුන් මට උගුලක් අටවලා තියෙන විත්තියක්.උන් තමා උඹ ගාපන් ගැමියා කියලා ඩෙස් දෙකක් උඩට නැග්ගෙව්වේ...
ඉතින් මාත් කලාවට ලතාවට තීන්ත පාරක් ගාගෙන ඉන්නකොට මට තේරුනා අහල පහල පන්තිවල කෙල්ලොත් දැන් පිටිපස්සේ මම තීන්ත ගාන දිහා බලාගෙන ඉන්නවා කියලා.මම කරන්නෙත් අවදානම් වැඩක් නිසා උන්ට පේන්නත් එක්ක ඩෙස් එකේ කොනටම ගිහින් තීන්ත ගෑවේ...
ඔහොම ඉද්දි එකපාරටම එකෙක් ඇද්දේ නැතැයි කලිසම ආයේ කටක් හොලවන්න විදියක් නෑ කලිසම දනිහෙනුත් පල්ලෙහා... අර මේස දෙක උඩ ඉඳන් හැරෙන්නවත් විදියක් නෑ පොඩ්ඩ මිස් වුනොත් තීන්ත බාල්දිය බිම කලිසම වගේයැ තීන්ත බාල්දිය....
ඒ ඔක්කොමත් හරි කෙල්ලන්ගේ හිකි හිකිය මුන් සෙට් එක අහක බලාගනින් එක්කෝ මුනුත් හිකි හිකි ගාන ගමන් එතනම ලැගගෙන හිටියා...
තීන්ත එකෙන් උඹලව නාවන්න කලින් කලිසම අන්දපං කිව්වම තමා ගලවපු එකා ඇවිත් ආයේ ඇන්දුවේ.... එදා සිවිල් පිට හිටියනම් හම්මේ ආයේ සොරිම තමා
ඔහොම සීන් එකක් අපිටත් වුණා මචං. අපිට ඉතින් ඉන්නේ කඩප්පුලි යාළුවෝ. උන්ටත් ඉන්නේ අපි වගේ එහෙම උන් නේ.ගම්වල කොල්ලෝ නිතරම සරමනෙ අදින්නේ, වැඩක් පොළක් නැති වෙලාවට ඉතින් යටිතල පහසුකම් නැතුව තමා ඉන්නෙ. දවසක් කඩේ ගාවදි අපි කොල්ලෝ සෙට් එක කැරම් ගහමින් ඉන්න කොට අපේ තවත් කුජීත යාළුවෙක් ආවා. මේකගෙ උප්පැන්නේ නම අජිත් උනාට අපි කිව්වේ කැවුමා කියලා.මූ ඇවිත් හිටියේ ගෙදරට බඩු වගයක් ගෙනියන්න. මේකා මුදලාලිත් එක්ක සංවාදෙ දාගෙන ඉන්න කොට අපේ එකෙක් ඇද්දෙ නැතැයි සරම. ඔන්න ඒක දෙපා පාමුල. කැවුමා අමු නිරුවස්තරෙන්. ලැජ්ජ්ජ්ජාවෙ බෑඈඈඈඈ. හැබැයි මේකට නෙමෙයි ගානක්වත් ..මූ බඩු ටික ගත්තා ..මිදුලට ආවා බයිසිකලේට නැගලා මෙහෙම කියපි.
Delete" සමන් මන් යන්නම් මචං.
යමින් ගමන් උඹලගෙ ගෙදරින් සරමක් ඉල්ලන් යන්නම්කො මචං".
එහෙම කියලා මේකා ගියේ නැතැයි හෙලුබැල්ලෙන්ම බයිසිකලේ පැදගෙන. සරම කඩපු සමනා ඌ ආපු බයිසිකලෙත් අමතක කරලා අරූගෙ සරමත් අරගෙන පිටිපස්සෙන් පැන්නුවා.
"අනේ ඔහොම හිටපන් මචාං කිය කියා."
සෙන්නා= උබ තීන්ත ගාද්දි වුනා වගෙම අපේ එකෙක් වෙසක් කුඩුවක් හදනකොට උඩ නැගලා හිටියා. ඒ කැරකෙන කූඩුවක වහලෙ හදන්න. දන්නව ඇති නෙ බොහෝ වෙලාවට කැරකෙන කූඩුවල වහලෙට දාන්නෙ බයිසිකල් රිම් එකක්. වහලෙ හදන එක ටිකක් අමාරුයි. ඌ ඒක හද හද ඉන්නකොට අපෙ එකෙක් කලිසම ගැලෙව්වා. පොර හැබැයි වැඩේ ඉවර වෙකල් කලිසම නම් ඇන්දෙ නැහැ.
Deleteරතු රජරට= ජොකා නැතිව පොර බයිසිකලේ පැදලද බං :)))
ඔය වගේ දේවල් වුනාම කලබලෙන් කලිසම අදින්න ගියාම තමා අපි බයිට් වෙන්නේ..
කලිසම් ගලවන කේස් එක ගැන කියන කොට මතක් උනේ ,අලුත් අවුරුද්දට අපේ දන්න එකෙක් ගමේ ආවා උගේ ඥාති නංඟි කෙනෙක් එක්ක .මේකා ටිකක් ලොකු වයසේ .අහල පහල ගෙවල් වල කස්ටිය රැස්වෙලා ඉන්න තැනකට ඇවිල්ලා ඉද්දි නංගිත් එක්ක කඩප්පුලි අයියෙක් ඇද්දේ නැතැයි කලිසම .යන්තම් අත දාලා අල්ලගෙන ජොකාලස් මල්ලිගේ ඔලුව පේන්නේ නැතුව වහගත්තා
Deleteඑම්බා සැම.... තා මට සෙන්නා යැයි ආමන්ත්‍රණය කර ඇත....
Deleteහිටි ගමන් මටත් ඔහොම ඇබැද්දිවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒත් හැකි සෑම විටෙකම යටිතල පහසුකම් නැතුව එළියට බහින්නේ නැත. යන්න සිද්ද වුණොත්, එහෙම ගිහින් ගමන් දිග්ගැස්සුණොත් කරන්නේ රු20ක් දීලා දවසෙ පත්තරයක් මිළට ගැනීම. දැන් නම් තවත් ලාබෙට ඒ වැඩේ කරන්න පුළුවන් අද පත්තරෙ තියෙනවානේ රු10ට .
ReplyDeleteඉස්සර හබරල කොලෙන් වහපු එක දැන් අද පත්තරෙන්ද බං වහන්නේ?
Deleteසිවිල් පිට යන එක නම් අනතුරුදායකයි... කොහේ හරි ඇනිලා මොට්ට උනොත් මොන දෙයියන්ට කියන්නද?
ReplyDeleteඇයි බං එහෙ මෙහෙ ඇනෙන්න කඩුවක් වගේ උලුක් කරන් යනවද?
Deleteහික්....හයියෝ....හයියෝ.....පව් අප්පා අර අසරණ ළමයා......
ReplyDeleteඅසරණ///???
Deleteකමෙන්ට් කරන්න යමක් හිතමින්. ඊයේ ජොකෙක් ගැන කතා උනා විතරයි අෆ්ෆා ;)
ReplyDeleteපොඩි කාලේ කිරිකට් ගහපු පිනෙන් ඒවා ගන්නට හැකි විය.
ReplyDeleteපවු අහිංසකයා.. 'හැගීම් අවුස්සා කොල්ලන් අසරණ' කරන හොඳ නෑ බොලවු....
ReplyDelete( හොඳ වෙලාවට ඉඳගෙන ගියෙ. හිටන් එහෙම ගියා නම් .. අමුතු සද්ද :P )
//අහවල් එක ඇන්ටීගේ උරහිසේ දැවටුනේය.//
Deleteමෙහෙම වෙන්නේ කොහොම ද බං ඉදගෙන ගිහින් ..මේකා ගිහින් තියෙන්නේ හිටගෙන තමයි.
ඔය කලේදි අඳින්න ඕන හොඳම එක තමයි පටි ජොකා....
ReplyDeleteපවු අෆ්ෆා......
ReplyDelete*රි වැඩ කරන්න එපා බොල යාලුවන්ට :)
ReplyDeleteඅපි AL කරන කාලේ බස් වලනේ ගමන් බිමන්.ඉතින් ක්ලාස් ඇරිලා හවස බුස් වලට සෙට් වෙද්දී අම්බානක සෙනග..කෙල්ලොත් අඩුවක් නැනේ..
ReplyDeleteබඩු ෂුවර්ම තම..ඕක නිසාම ධර්මශෝකෙයි රිච්මන්ඩ් එකෙයි සෙට් එකක් හිටිය.උන් නෙමේ ඒ වගේ දවස් වලට ජෝකා අදින්නේ..ඉස්කෝලෙත් සිවිල් පිටින් තම...
මමනං ඉන්නේ හැමතිස්සෙම වගේ සිවිල් පිට තමයි.බොරැල්ල මරදාන පැත්තේ ගියත් යන්නේ සරම දාලා සිවිල් පිට.පොඩි කාලේ ඉඳන් බවුන් වඩලා පුරුදු හින්දා මගතොටේ මොනවා දැක්කත් මොනවා ඇහුවත් හිත පාලනය කරගෙන ඒ හරහා ජුන්ඩා පාලනය කරගෙන ඉන්ඩ ඇහැකි.එයිටත් වඩා ඕනෙවට වඩා ඔලුව අවුල් වෙනකං නොයිඳ ටංකිය හිස් කරන හින්දා හැඟීම් පාලනය කරගන්ඩ ලේසියි.වැදගත්ම දේ තමයි මගේ මිත්‍රයෝ හොඳ හින්දා තාමනං එකෙක්වත් සරම ගලවන්ඩ හිතුවේ නෑ.
ReplyDeleteමට මතක් වෙන්නේ මම 10 වසරේ ඉද්දි ඔට්ටුවක් අල්ලලා පිට්ටනිය මැදින් ජෝකා පිටින් දුවපු එක. ඒ දවස්වල ඉඳන් නසරානියෙක් නිසා ඔය හැටි ඒ ගැන හිතුවේ නැ. ඒ දවස්වල රු 500 කියන්නේ ඩෙක් ෂුස් දෙකක් ගන්න ගානනේ බන්.
ReplyDeleteමට සිස්සත්තෙ ලියනකම්ම යටිතල පහසුකම් තිබුනෙ නෑ... සිරා කොලුවා ඉතිං සෑමා තරං වල් නැති සීදේවි කොලුවා නිසා ඒක නැතිවුනා කියලා ලොකුවට අවුලක් තිබුනෙත් නෑ...
ReplyDeleteඋඹ දැන් මේ කොමෙන්ටුවට උත්තර බදින්නෙ ජොකා දාලද සෑමා....
මම නම් 3 වසරෙන් පස්සේ වගේ යටිතල පහසුකම් ලබාගත්තෙමි. දැනටත් එලියට බැසීමේදී යටිතල පහසුකම් සමඟින් බසිමි... මගේ නම් කලිසම මහද්දීම ටිකක් හිරට තියෙන්න කියලා මස්සන්නේ. දන්නවානේ අපේ අණ්ඩපාල එවුන්ගේ හැටි.
ReplyDeleteනාලා තියෙන්නේ එකා ජොලියෙම ඉන්ටැති නේද බං?
ReplyDeleteඅනේ පවු කියලා තමා කියන්න වෙන්නෙ අර ළමයාට ..:p
ReplyDeleteහස්බන්ඩ මගේ බ්ලොග් කියවිල්ල තහනම් කරයිද මන්ද....
ReplyDeleteමාර යාළුවො ටික තමයි ..පව් හලෝ ඒ ළමයා ..බෑ කියද්දී අරගෙන ඇවිත් කරලා තියන වැඩ පේනවා නේද ?අර ඇන්ටි කුඩේ කින්වත් දුන්නනම් ඇපත් නෑ ..
ReplyDelete:D
සැමෝ මේ මම පොස්ට් එකට දාන හතර වෙනි කොමෙන්ට් එක.බ්ලොග් ජීවිතේටම එක පෝස්ට් එකකට කමෙන්ට් මෙච්චර ගොඩක් දැම්මමයි.අවසානෙට වැටිලා කමෙන්ට් දිහා නොබලා පල්ලෙහාට ආවා බැරිම තැන.
ReplyDeleteනිව්ටල් ඉන්න එකේ සැප ගන්න වෙන්නේ කොළඹ ගියාම .එහෙදි ඉතින් කඩේට යන්න එලියට බහින්නෙත් නිව්ටල්.වටේ පිට නොබලා හිත එකඟ කරගෙන සෑහෙන අර පරිස්සමෙන් ඇවිදින්නේ මල්ලිව ඇහරවන්නේ නැතුව
මං කල්පනා කලේ පින්තුරේ ඉන්න රොබට් අංකල්ට උන දේ ගැන....
ReplyDeleteඕක නැතුව මොක ඇන්දත් ආරක්ෂාව මදි බොල. ඔයිට වඩා හොඳ ආරක්ෂක කෙරේමයක් ආවොත් මම නම් ඒකත් භාවිතා කොරනවා.
ReplyDeleteසුවර්මද යාලුවා සැමා නොමෙමයි කියලා............... මට නම් සුවර් නැ නැ වගේනේ..
ReplyDeleteටැබූ අන්තරස්දාන උනාට පස්සෙ මෑන්ගෙ වැඩේ උඹ භාරගෙනද මන්ද? අවුලක් නෑ ... කවුරු හරි ඉන්නෙපාය ඒව ලියන්නත්, දැන් බලනකොට හැමෝටම අත්දැකීම් තියෙනව නෙව මෙච්චරකල් එකෙක්වත් ලිව්වෙ නැති වුනාට.
ReplyDeleteකොච්චර බයානක උනත් ජොක්ලස් උනාම තියෙන සනීපෙ කියලා වැඩක් නෑ..
ReplyDelete