Thursday, December 20, 2012

විජ්ජාව.. ලීක් වේ...


ඉස්සර අපි ඉක්කෝලෙ ඉගෙන ගත්තේ විද්‍යාවය. ඒත් එය මුලින්ම පටන් ගත්තේ හතර වසරේදි විතරය. ඒ නම් ආරම්භක විද්‍යාවය. පසුව එය විද්‍යාව ලෙස වෙනස් වුනේ 9 වසරේදි විතරය. ඒකත් හරියට මතක නැතිය. ඒත් ඒ මොනවා වුනත් විද්‍යාවමය. පසුව එක එකා බෙදෙන්නට ගත්තේ විවිධ විද්‍යාවන්ටය. ගෘහ විද්‍යාව, කාර්මික විද්‍යාව, කෘෂිවිද්‍යාව ලෙස එක එකා කැඩෙද්දී ඉස්සර සිට ආ විද්‍යාව එසේම තිබුනේය. ඒ මොනවා වුනත් වෙනම විශයක් ලෙසටය. පසුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ලෙස ප්‍රධාන විශය ධාරාවන් බෙදී උසස් පෙළ දර දඩු විද්‍යාවන් යටතේ පැවත්වන්නේය.

ඒ කාලේ අපේ ගමේ කොල්ලෙක් සිටියේය. ඌ නම් සිරාම අප්සට් බුවෙක්ය. ඌ දවසක් කිව්වේ උන්ට විද්‍යාව ඉගැන්වුයේ හාමුදුරුනමක් කියාය. එය නම් කිසිසේත් විය නොහැකිය. අපට නම් අපේ පාසලේ බුද්ධාගම විෂය ඉගැන්වුයේ හාමුදුරුනමක්ය. ඒත් විද්‍යාව වැනි විෂයක් හාමුදුරුනමක් උගන්වනවා කීම සාමාන්‍යෙයන් සිදුවිය හැක්කක් නොවේය. එක්කෝ පාසලේ ගුරුවරුන් අඩු වීමක් නිසා සිදු විය හැකිය. එහෙත් ඒ වෙනුවට වෙනත් ගුරුවරයෙක් යොදනවා හැර හාමුදුරුනමක් ඊට අනුයුක්ත කෙරෙන්නේ කලාතුරකින්ය. අපි වැඩි දුර ප්‍රශ්න කරගෙන යාමේදි පොර කියා සිටියේ විද්‍යාවෙන් අවිද්‍යාව දුරුවේ යන්න ඉගැන්වුයේ හාමුදුරුවන් බවය. මූ එදා බුද්ධාගම පීරියඩ් එකේ නින්දෙන් අවදිව විද්‍යාව පොතේ කුරුටු ගාන්නට ඇත්තේ හාමුදුරුවන් උගන්නපු ගාථාවක් වන්නට පුලුවන. ඌ හිතන්නට ඇත්තේ විද්‍යාව යන වචනය බුද්ධාගමේ නැති බවය.

විද්‍යාව විජ්ජාව වී විභාග වලට සාප කරන කාලයක් එලැබ ඇත්තේය. එය ඉවසා සිටීම දේශප්‍රේමී ජනතාවගේ යුතුකමය. එසේම ආශ්චර්යක් කරා දිවෙන ඇමති මණ්ඩලයට කරන සහය දැක්වීමක්ය. බන්දු මාමා මඩ සෝදාගෙන නියර දිගේ දිව ආවේ රජකමට පත්වෙන්නටය. ඒ අස්සේ අත්තටගේ මාමා කළ විජ්ජාවෙන් නැවත මඩ ගොඩක එරුනේ බන්දු මාමාය. ඒ අහිංසකයාට ගොඩයාමක් ඇත්තේම නැතිය. කොහෙන් හෝ හෙනහුරෙක් පාත් වන්නේය. විපක්ෂයේ සිටියානම් අද රජෙක්ය. එදා ආණ්ඩුවට රෙදි ගැලවෙන්නට කතා කළ එකා අද කලිසම්, සරම් ඔලුවේ පටලවාගෙන දගලන්නේය. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියා දැන්වත් තේරෙනවා ඇතිය. ඒ තේරුන්ත ලැජ්ජ නැතිය. ඉස්සර ලස්සනට රැලි ගැසී තිබුන කොණ්ඩය පවා දැන් රැලි මැකි ගොස් කෙලින් වෙලාය. ඒ ප්‍රශ්න නිසාමය.

සෑමා 2003 වසරේ සාමාන්‍ය පෙල ලීවේය. ඒ කාලේ නම් විද්‍යාව අද මෙන් විජ්ජාවක් නොවේය. එය විද්‍යවක්ම වුවේය. ඒ කාලේ ඔය කියන අත්තටගේ අයියා දරුවන් කිහිප දෙනෙක් සිටින අහිංසක සර්ය. දැන් නම් මහා පඩිවරයෙක්ය. සෑමා ඒ කාලේ ඒ කියන අයියා ලගට ගියේ නැතිය. එහෙත් පාසලේ හෙන සැට් එකක් සිටියේ අයියා දෙයියා කරගෙනය. විද්‍යව ප්‍රශ්න පත්‍රය ලිවිමට පාසලට ගිය දවසේ විභාග ශාලාවේ භාගයකට වඩා ශාලාවේ සිටියේ නැතිය. “අන්න යකෝ පේපර් එක පන්නලා. කට්ටිය ඉන්නවා පැමිලියන් එක පැත්තේ“ කියද්දී කට්ටිය ඒ පැත්තට ගිය නම් මතකය. එක පේපර් එකක් තියාගෙන කස්ටිය වට වෙලා බලනවාය. ඒකේ ප්‍රභාසංෂ්ලේෂන සූත්‍රය තිබ්බා සෑමාට මතකය. එහෙත් එය බැලිය යුතුම නැතිය. සෑමාට ඒ කාලේ විද්‍යාව නම් වතුරය. ගලාගෙන යන්නේය. එදා ඔරිජිනල් පේපර් එක අතට එන්නට පෙර අපේ උන් හොර ජිනල් අත්තටගේ අයියාගේ පේපරය දෙතුන්පාරකට වඩා කියවා සිටියෝය. කියෝපු එවුන් අනේ පව් විය. උන් හොර ජිනල් පේපරයෙන් අන්ද මන්දව සිටියා මිසක ඔරිජිනල් එකේ මුකුත් ලියා ගත නොහැකිව සිටියෝය. ගමේ තිබ්බ විද්‍යාව ක්ලාස් ගිය සෑමාට ඒ‘ අකුරක් ලැබුනේ අත්තටගේ අයියා හමු නොවු නිසාය. නැතිනම් එදා උදේ සෑමාගේද ෆියුස් යනවාය.

ඒත් එකී අයියා දැන් නම් දක්ෂය. කිව්වොත් ෂොට් එකටම ප්‍රශ්න 20ක් වත් පේපරයේ එනවාය. ඒ කියන්නේ ක්ලාස් යන උන් ඒ‘ අකුරක් කරා මහන්සි නොවී ඇස්‘ අකුරක් දැක බලා සැනසෙනවාය. රටට ලැබෙන්නේ දක්ෂයන් නොව ඇස් අකුරු ගසා විභාගය යන්තම් ගොඩ දැමු සැට් එකක්ය. ඒත් අත්තටගේ අයියා ගොඩය. වෙනතැන්වල ගිහින් ෆේල් වෙන උන්, වෙන තැන්වල ගිහින් මහන්සිවෙලා ඒ‘ ගන්න උන් එක තැනකට සෙට් වී ඇස්‘ එකට මහන්සි වෙනවාය. එය නම් මරුය. එය නම් සමානාත්මතාවයමය.

මේ විජ්ජාව මේ විදිහට කළකට ඉහතදි කරන්නට ගොස් අපේ සිංහල පන්තියේ සර් තව පොඩ්ඩෙන් ඔන්ද ස්පොට් සොරි කර ගන්නවාය. ඒත් ගානට නූලට රජ ඔටුන්නට පඩුරු දමා පුද සත්කාර කිරීමේ අනුහස් ලබන්නට සර් දක්ෂයෙකු වුයේය. තවමත් කතන්දර අහන්නට, සර් කොල්ලා දැක සැනසෙන්නට කෙල්ලෝ පෝලිමේ කාඩ් කපාගෙන එනවාය. ඒ සර් පාඩම අස්සේ දාන කුනුහරප වලින් බඩ දරු වීමට නොවේය. ඒ කුනුහබ්බ අස්සේ සැගවුනු පාඩම සොයා ගැනීමටය. විභාගය ගොඩ දැමීමටය.

අපේ සිංහල සර් ලොක්කා සමග සැට් වුයේ පන්නපුවා අහුවූ නිසා ජීවිතය බේරා ගැනීමටය. එසේ නම් අත්තටගේ අයියා පන්නලා බය නැතුව ඉන්නේ කලින්ම ලොක්කා සමග සැට් වී සිටින නිසාද? රජ ගෙදර පාවඩ එලන්නන්ට වෙනම නීතියක් සහ මහ මග සිටින්නනන්ට තවත් නීතියක් යන සංකල්පයක අවසානය ලෝක විනාසයෙන් පසුවටද?

Written by sAm ශ්‍රී Perera_09:26am_20/12/12

77 comments:

  1. මේකනම් අපේ රටේ ළමයින්ගේ ඔලු විනාශ කරන මහා පවුකාර වැඩක්....

    ReplyDelete
    Replies
    1. පියවරක් නොගන්නා එක ගැන තමා දුක

      Delete
  2. සෑමෝ කෙල්ලෙක්ට ඌ කියන්නේ "ඒ කාලේ අපේ ගමේ කෙල්ලෙක් සිටියේය. ඌ නම් සිරාම අප්සට් බුවෙක්ය."මොකද්ද බං ඒකි කියලා කියාපන් කෝ ඌ කියන්නේ.බුවා ගේ ගැණු සතා මොකාද?

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    උමා ගේ කියමන නම් ඇත්තකි.

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඒක නිවැරදි කළා ! ස්තුති..

      ඇත්තටම කොල්ලෙක් ගැන කිව්වේ..

      Delete
  3. ගැල විජ්ජාවනේ බොලව් ගැලවිජ්ජාව ......... දැන් ඉතින් ඊළඟ අවුරුද්දට මීට වඩා ළමයි ඒ හොරාගෙම පන්ති යයි

    ReplyDelete
    Replies
    1. හොරු මාර විදිහට මාකට් වෙන හැටි.

      Delete
  4. ඕක අද ඊයේ වුනු දෙයක් නොවෙයිනේ...... හැමදාම වගේ වෙනවනේ

    ReplyDelete
    Replies
    1. ඉස්සර මෙහෙම වුනාද?

      Delete
    2. mokada naeththe. 1986 dhith gedi pitin pitaunaa.

      Delete
  5. ගැලවිජ්ජාව කියනවානේ. ඒ මනුස්සයත් ජීවත් වෙන්න එපෑය

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්න රට කනවද බං

      Delete
    2. ඒ කන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවැයි?

      Delete
  6. //රජ ගෙදර පාවඩ එලන්නන්ට වෙනම නීතියක් සහ මහ මග සිටින්නනන්ට තවත් නීතියක් යන සංකල්පයක අවසානය ලෝක විනාසයෙන් පසුවටද?//
    ලෝක විනාසෙන් පස්සෙවත් වෙනස් උනොත් හොදයි..

    ReplyDelete
    Replies
    1. ලෝකෙට කලින් ලංකාව විනාසයි.

      Delete
  7. ටියුෂන් ඇතුවත් බෑ නැතුවත් බෑ බං.. ඉස්කෝලවල උගන්නනේ නෑ....හරියකට.. ඒත් අපි යන කාලේ පන්ති නොගිහින් සපෙනම් ගොඩදාගන්න පුළුවන්... උ පෙ නම් මලාට බෑ.. දැන් කොහොමද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. දැන් සිස්සස්තෙත් බැරිලු.

      Delete
    2. සිරාවට සිස්සත්තේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට ටීචර්ලටත් බැහැලු

      Delete
  8. ඕක ඉතින් හැමදාම වෙන විජ්ජවනේ බන්.
    සිංහල පාස් වෙන්න අපේ සිංහල පන්තියට යන්න ඕනිලු.
    බණ්ඩාගේ පන්ති ගියොත් කොමස් පාස් වෙනවලු.
    අනිත් සබ්ජෙක්ට් එහෙමත් මෙහෙම වෙන්න ඇතිලු.( මම දන්නේ නෑ ඒවා ගැන.)
    ඔය හැම එකක්ම හරියට උනත් විබාගේ කචල්ලු.
    විබාගේ ලිවුවත් පේපර් බලන්නේ නැතිලු.
    බැලුවත් රිසල්ට් දෙන්න බැරිලු.
    රිසාල්ට් එන්නෙත් පරක්කු වෙලාලු.
    z ස්කෝර් වැරදිලු.
    කැම්පස් යන්න වෙන්නේ නැතිලු.
    කැම්පස් ගියත් නිතරම ස්ට්‍රයික්ලු.
    ඩිග්රි ගහල ආවත් ජොබ් නැතිලු.
    කැම්පස් නොගිය උන් ගොඩ ගිහින්ලු.
    හැමෝම කියන්නේ ඔය ටිකලු.

    ReplyDelete
    Replies
    1. ඔය මේ පහුගිය දවස් ටිකේ මාධ්‍ය (රජයේ ) මගින් ඔළුවට දාපු ඒවා ටිකක් නේද?

      Delete
    2. අයේ පිස්සුවක් ඇතේ රාජ්‍ය මාධ්‍ය බලන්න.අඩු තරමේ පුද්ගලික මාධ්‍ය බලන්නෙත් නැ බොලේ.දෙගොල්ලොම තරගෙට බොරු කියනව විතරයි බන්.මම ඔය ටික කිවුවේ අවුරුදු ගානක් අහපු දැකපු දේවල් නිසා

      Delete
    3. කවියක් වගේසිරා කමෙන්ටුව. කවියක් වගේ.

      Delete
  9. අඩේ! අපි විභාග කරන කාලේ එහෙම එකක්වත් උනේ නෑනේ!
    අයිස්චාර්ය බොලව්! අයිස්චාර්ය!!!!

    ReplyDelete
    Replies
    1. සිරාවට. බලපං දැනුයි වෙනස දැනෙන්නේ.

      Delete
  10. කොහොමත් ඔය හොර වැඩ කරලා විභාග පාස් වෙන එවුන්ට වැඩි පැවැත්මක් නෑ.කොතනින් හරි හිර වෙනවමයි අනාගතේදී..

    ReplyDelete
    Replies
    1. විකාරද ප්‍රමුදි?? එතකොට අර නාමල් කොලුවා???

      Delete
  11. මට නම් හිතෙන්නේ සෑම් මේවා කුමන්ත්‍රණ. බලන්න අද මේ රටේ පොඩි මිනිහෙක්ට ගොඩ යන්න තියන එකම තැන අධ්‍යාපනය. මේ යක්කු මේ පිටපොට ගහන්නේ ඒකට කෙලවන්න නේද? අපි කුඩා කළ මට මතකයි විභාග දෙපාර්තමේතුව දුන්නු ප්‍රතිඵලයකට අභියෝග කළේ ඉතාම කළාතුරකින්. ඒකට අද .............රට බල්ලට යනවා.

    ReplyDelete
    Replies
    1. කවුරුත් කතා කරන්න පියවරක් ගන්න යන්නෙ නැහැ කිසිම දේකට. නොපෙනෙන් මර්ධනයක් ගැන විශ්වාස කරනවා මම තාම.

      Delete
  12. ක්ලාස් එකට මාර්කටින් පාරක් මාර්කටින් පාරක්..අනේ හැබෑටම කොපි කරලා ගන්න එක ලකුණට වඩා දත කාගෙන ලියල ගන්න අඩු ලකුණ ඒ කාලේ මට නම් මහා මෙරක්...

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. අවංකව ලියලා තමන්ගෙ මට්ටම දැන ගන්න එක ලොකු දෙයක්.

      Delete
  13. තවත් උපුල් ශාන්ත සන්නස්ගල කෙනෙක් එච්චරයි. පරීක්ෂණත් ඔතනින් ඉවරයි.. ඌ දුමින්දගේ ගජ යාළුවෙක්....

    ReplyDelete
    Replies
    1. ඌටත් අමතක වෙනව ඇති හැම දේම. නිතරම :)

      Delete
  14. ඕක අකා මකා වෙලා යයි !

    ReplyDelete
    Replies
    1. අකා මකා වුනාම හරිය යකෝ.

      Delete
  15. බලපන්කො ඕකට ඊලඟ අවුරුද්දට සූ ගාල ලමයි වැඩිවෙන හැටි..!
    තව ටික දවස්කින් බලපන් සම්මාන ආචාර්‍ය පදවියකුත් හම්බෙන්නැද්ද කියල.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා. කොල්ල තැනකට එයි කියල.

      මාතලන් කියපු එක හරි වගේ.

      Delete
  16. හැමදාම වෙනවනේ බන් ඔය වැඩේ මේ පාර එලියට ආවේ මැට්ටෙකුගේ අතින්

    ReplyDelete
  17. මේවා දැන් කීවතාවක් නම් කෙරුනද සෑමෝ. ලොක්කට කඩේ යනවානම් ආයේ මොක කෙරුවත් පුරස්නයක් නෑ නෙව. උන්දෑ ගොඩ.හිකිස්...!

    ReplyDelete
    Replies
    1. රෙදි නැතිව කඩේ යෑම බං මේක. ඇයි බං හෘද සාක්ෂියක් නැත්ද මුන්ට?

      Delete
  18. හුම් ..........අනේ මන්දා exam එකක් තිබුනොත් මොකක් හරි පන්නලා
    :/

    ReplyDelete
    Replies
    1. ඒක තමා අර කිව්ව අශ්චර්්‍යය !

      Delete
  19. ඒ සෑර් ගේ අනුමන පේපර් එක දෙපාර්තමේන්තුව හොරකම් කරලයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මට හිතුනෙ නැහැනේ ඔයට ටික..

      Delete
  20. අධ්‍යාපනය ගැන විශ්වාසය නැත්තටම නැති කර හමාරය.අධිකරණයට ද ඒ දෙයම කරගෙන යන්නේය.ඉන් පසු බිහිවන මුග්ධයින් හමුවේ උන් මහා බුද්ධිමතුන් මෙන් දිස්වනු ඇත.අපි පව් යකෝ ඡන්දෙත් නොදා කටු කනවා.ඡන්දෙ දුන්නු උන්ට හෙණම ගහපිය.

    ReplyDelete
    Replies
    1. දැන් ඡන්දෙ දීපු උන් නැහැ නේ බං. උබල අපි වගේ උන් තමා ඡන්දෙ දෙන්න ඇත්තෙ..

      බලපං හරමි ආශ්චර්යාත්මකයි @!

      Delete
  21. හරිම සංවේගජනකයි.....කෝප ගන්වන සුළුයි.....

    ReplyDelete
    Replies
    1. කෝපයේ හානිය අපටමයි. අපේ ලේ පිරිසිදුව තබා ගමු !

      Delete
  22. පිහම්බින පිරිසිත් එක්ක මේ වැඩේ කිසි සම්බන්දයක්වත් තියේද?

    තව දෙයක්.. මෙය කියනවා අවුරුදු 19 පොල් ගෑවේ නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං දහනවයේ කතාව??

      මට නොතේරේ :/

      Delete
    2. ඇයි එය කිවුවේ 19 පංති කරපු පල පුරුද්ද නිසා මෙහෙම අනුමාන කරන්න පුළුවන් කියලා.

      Delete
  23. අපේ A/L bio පේපර් එකත් මාතර සර් කෙනෙක් පිටකරා කිව්වනෙ. සල්ලි වලට මහාචාර්යවරු ඕව පිට කරනව. ඒ සර් ප්‍රසිද්ධියෙම කියනව ලක්ෂයක් දීල ගන්නෙ මේව කියල :(

    ReplyDelete
    Replies
    1. ලක්ෂයක් දුන්නට සර්ට පාඩු නැහැ බං. මාකට් එක හැදෙනවනේ.

      Delete
  24. විභාග පාස් කරාට වැඩක් නෑ බන් .දැනුම නැත්තන් කොතනකදී හරි කෙලවෙනවා .
    ලංකාවේ විභාගයක් තිබ්බොත් කොහෙන් හරි paper එක පිටවෙනවා .
    ආණ්ඩුව ඒවා දන දැනත් පාඩුවේ ඉන්නේ උන්ටත් ඕනේ නිදහස් අධ්‍යාපනය නැත්තටම නැති කරලා දාන්න .එතකොට අධ්‍යාපනයට යන වියදමත් ඉතුරුනේ.සල්ලි තියෙන එවුන් කොහෙන් හරි ඉගෙන ගන්නවා .දුප්පත් එකට තමා කෙලවෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ වියදම අඩු කරලා පවුල නඩත්තු කරන්නද බං එයාල හදන්නේ?

      Delete
  25. ඔහොම විබාග පාස් වෙලා මක්කරන්නද අප්පා. නමට පාස් වෙන්නනම් හොඳයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඇයි ජාමල් පුතා පාස් වුනේ

      Delete
  26. කථා කරල වැඩක් නෑ බං. පොත්ගුල්ලො වෙලා උපාධි අරව මේවා ගැහුවට පාරක තොටක බැහැල මනුස්සයෙක් එක්ක සුහදව කථා කරල වැඩක් පලක් කරන්න/ කරගන්න ඔය ගොඩාක් ළමයිනට දැං බෑ..
    මේව්වාට ඉතිං ඔය එකී නොකී හැමෝම වැරදිකාරයෝ.!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දැනුමක් නැහැ තමා. පොතේ දැනුමයි. පේපර්වලට ලියන දැනුමයි විතරයි තියෙන්නේ.

      Delete
  27. අන්න ඒ සර්ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
  28. මේ ලීක් වීම අනාදිමත් කාලයක සිට තිබූ බව පමණක් කොමෙන්ටුවේ සටහන් කරමි..එහෙත් දක්ෂයාට හිමි තැන ලැබීම ගැන කුමන ක්ෂේත්‍රෙත් කටකතා පවතී..

    ReplyDelete
    Replies
    1. ලික් වීම ඉතිං ඒකාලෙ ඉදන් තිබ්බ තමා :ඩී

      Delete
  29. අර සිංහල සර්ගෙ හුටපටේ නම් මටත් මතකයි සෑම් පත්තරවලත් ගියා. මිනිහගේ පේපරෙයි විභාග පේපර් එකෙයි එකම ප්‍රශ්නෙ තිබුණු හැටි ගෙඩි පිටින් පත්තර පිටුවෙ දාලා තිබුණ හැටි මට තවමත් මතකයි. මිනිහ නම් කිව්වෙ එයාට විභාග ප්‍රශ්න ගෙස් කරන්න පුළුවන් කියල එයාගෙ පළපුරුද්දෙන්. අන්තිමට ඒ ලිපිය ලියපු මනුස්සය ඊළඟ සතියෙ නැවත එයාට උත්තර දීල ලිපියක් දාලා තිබුණ ඊළඟ අවුරුද්දෙ විභාග පේපර් එක හදන්න කලින් පේපර් එක ගෙස්කරල ප්‍රශ්න ටික හදල දෙන්න අපි ඒක සීල් තියල විශ්වාසනීය තැනක තැන්පත් කරල විභාගෙන් පස්සෙ සන්සන්දනය කරල බලමු කියල. ඉන්පස්සෙ නම් සද්දයක් තිවුනෙ නෑ.

    ඇත්තටම ඔය පේපර් පිටවෙනව කියන කතාව එදා ඉඳලම තිබුණට අද තියෙන තත්වය තරමක් වෙනස්, ඒක මම මේ පාර හොඳටම දැක්ක. අපි නම් ඒ දවස්වල මුළු විෂය නිර්දේශෙම බරදාලා පාඩම් කරන් විභාගෙට ගියා මිස ලේසි පාරවල් හෙව්වෙ නෑ ගොඩයන්න. ඒත් මම ටියුෂන් ගතිපු ගුරුවරු දෙන්නට පින්සිද්ද වෙන්න මටත් සෑම්ට වගේ ගණිතය, විද්‍යාවට D 4 ක්ම තිබුණ. (අපිට ඕලෙවල් පේපර් දෙක දෙක තිබුණ, අර ටාරාද මෙල් ගෑනිද කොහෙද ගතිපු ගොන් තීරණයක්, අපිටයි අපෙන් පස්සෙ අවුරුද්දෙයි විතරද කොහෙද එහෙම ගණිතය විද්‍යාව පේපර් දෙක දෙක දුන්නෙ, දැන් ඔන්න මගේ වයස හරියටම හිතාගන්න පුළුවන්. :))

    මේ පාර විභාගෙ ලියපු ළමයි අන්තිම දවස්වල තිබුණු සෙමිනාර්වලට පොරකාගෙන යනව මම දැක්ක. ගණං පේපර් එක තිබුණු සඳුදට කලින් දවසෙ ඉරිදා දවසෙත් මෙහේ සමහරු හරි හරියට පන්ති තිබ්බා, ළමයි පොරකාගෙන ඒවට ගියේ, පන්තියේදි පේපර් එකේ ප්‍රශ්න දෙයි කියල. ඒ විදියෙ මතයක් සමාජ ගතකරන්න මේ කියන ටියුෂන්කාරයොම පුදුම උත්සාහයක් ගන්නෙ, උන්ගෙ කල්ල මරේ නිසා. අන්තිම දවසෙ සමහරුන්ගෙ අයකිරීම රු750 - 1000 යි වගේ. මම නම් මෙතනදි සම්පූර්ණයෙන්ම වැරුද්ද බැර කරන්නෙ එහෙම පන්තිවලට ළමයි යවන දෙමව්පියන්ට. කවුරු හරි ගුරුවරයෙක් කියනවනම් මම විභාගෙට එන ප්‍රශ්න කලින් දවසෙ දෙනව කියල එක ළමයෙක්වත් උගේ පන්තියන්න ඕන නෑ, නියම ගුරුවරයෙක් කවදාවත් එහෙම කියන්නෙත් නෑ, ඒවගේ දෙයක් කරන්නෙත් නෑ, මුළු පේපර් එකම තමන්ට කලිං හම්බවුනත්. අඩුතරමෙ අන්තිම අවුරුදු දෙකේවත් නිවැරදිව ළමයිට තේරෙන විදියට විෂය නිර්දේශෙට අදාල ටික උගන්නල තියෙනව නම් ප්‍රශ්න කොහොම දුන්නම මොකද, ළමයිට ලියන්න පුළුවන් වෙන්න ඕන. ගුරුවරයෙක් කොහොමද ලැජ්ජ නැතුව කියන්නෙ මම අන්තිම දවසෙ පේපර් එකේ ප්‍රශ්න දෙනව කියල.

    දැන් මේ විද්‍යාව ප්‍රශ්න ඇත්තටම දීපු කතන්දරේ බැලුවොත් හොඳටම පේනව පේපර් එකේ ප්‍රශ්න අකුරක් අඩු නැතුව ඒ වගේම ගෙස් කරන්න බෑ කියල. මම නම් කියන්නෙ මේවට පැහැදිලිවම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන, නැත්නම් අන්තිමට විභාග ගැන තවමත් යන්තමට හරි ඉතුරුවෙල තියෙන විශ්වාසෙත් නැතුව යනව. එක එක්කෙනාගෙ හිතවත්කම් මත රටේම අනාගතය මෙහෙම ප්‍රපාතෙට යන්න ඉඩදුන්නොත් අනාගත පරපුර අපිටත් ශාප කරාවි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ ඉපදුනේ 82 නේද?? තාරාගේ ආතල් එක ගියේ ඒ අවුරුද්දෙ අය ඕලෙවල් කරන කාලෙ නේද?

      ඉස්සර විභාග පේපර් එක හදන්නෙ කවුද කියලවත් කවුරුත් දන්නෙ නැතිලු. ඒකට දැන්. හදන එකා මොකා වුනත් පේපරේ එලියේ. එක පාරක් කුනු බක්කියකින්ද කොහෙද මතුවුනා මතකද උබට??

      ස්තුති අදහස් වලට

      Delete
    2. නෑ බං, 83. මම ඕලෙවල් කලේ 99. මතක හැටියට 99-2000 යි විතරයි විද්‍යා ගණිත පේපර් දෙක දෙක දෙන සීන් එක තිබුනෙ. තාරා ඒ දවස්වල අමාත්‍යංශ ලේකම්, පරිපාලන සේවෙට පිටින් ඇවිත් එයා සීට් එකේ වාඩි වුනේ, මේ නිකම් ඩොක්ටර් කෙනෙක්, සමහරු නම් කිව්වෙ චන්ද්‍රිකාට එයත් එක්ක වෙනම සම්බන්ධයක් තිබුණු නිසාය එහෙම උනේ කියල, මොකද සමහර තීරණ ගනිද්දි ඒ දවසවල එයා ඇමතිටත් වඩා ප්‍රබල වෙල හිටිය. විෂයමාලා සංවර්ධනය කිරීමේ වැඩවලටත් ගෑනි අනවශ්‍ය බලපෑම් කළා කියල ප්‍රසිද්ධවෙල තිබුණ ඒ දවස්වල මට මතක හැටියට.

      Delete
    3. DDT හරි.අපි යන්තම් ගැලවුන පේපර් දෙකක් නොලිය..
      subject එක දන්නවනම් A එකක් දානව කියන්නෙ සිම්පල් දෙයක්...
      එත් මේවගේ බුරුවො ළමයි මැට්ටෝ කරනව.මොකද උන් subject 1 ගොඩ දාන්න නෙමේ අර බුරුවන්ගේ පේපර් ගොඩ දාන්න සෙට් වෙන නිසා....
      මුන්ට කවදාවත් ක්ලාස් කරන එක තහනම් කරන්න ඕන.ඒ වගේම පේපර් පිට කරපු උන්ටත් දැනෙන්න දඩුවමක් දෙන්න ඕන.

      Delete
  30. නිදහස් අධ්‍යාපනය පිරිහීමෙ දොරටුව ඇරගෙන සිරි ලංකාවෙන් පිටමං වෙමින් පවතී.. දුකම තමයි :/

    ReplyDelete
  31. ලංකාවෙන්ම ගණිතය දෙපාරක් කරේ අපි 2008 දී ඒ වගේම විද්‍යාවත් මේ පාර දෙපාරක් කරයි කියලා මට හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි මතක නැද්ද බලන බලන සැරේට වෙනස්වෙන ඒලෙවල් රිසාල්ට් හම්බවුනෙත් අපටනේ.., ඔය බන්දුල මාමා ඉන්නෙ අපේ ගෙවල් පාරේ..මේ ළගදි අම්මා නැති වුනානේ..එතකොට තමයි පාරේ වලවල් ටිකට පැලැස්තර දැම්මෙත්,නැත්තම් වාරි මාර්ගෙ වගේ.. අධ්‍යාපනේ ගැන කුමන කතාද ඉතින්,මාලිගාව වගේ ගෙයක් නම් හදාගත්තා

      Delete
    2. මේ පැත්තෙත් ඔහොම ඇමැත්තෙක්ගෙ ගෙයක් තිබුණ, ඒත් ඒ පාරෙත් වලවල් නම් හැදුනෙ නෑ අවුරුදුගානක් යනකම්. මිනිහ වැඩිපුර හිටියෙ කොළඹ නිසාද මන්ද. තව මේ හරියෙ ගම් කීපෙකටම යන්න පුළුවන් ප්‍රධාන පාරක් අලි නාවන්න පුළුවන් වලවල් තිබුණ, එකෙක් හැදුවෙ නෑ. සති දෙකකට විතර කලින් අල්ලපු ගමේ පන්සලේ නායක හාමුදුරුවො අපවත් වුනා, ඔන්න ජනාධිපති එනව කියල රාවයක් තිබුණ, පට් පට් ගාලා වලවල්වලට ගල්දාලා තලල එක දවසෙන්. පස්සෙන්ද ජනාධිපතිතුමා ඇවිත් ගිහින්, වගකිවයුතු අයට කනේ ඇඟිලි ගහගන්න කියලද කොහෙද ඊට පස්සෙ ඔන්න තාරත් දාලලු. ඔහොම තමා, මේක ආශ්චර්යවත් ලංකාවනේ.

      Delete
  32. දැන් නම් අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කර වැඩක්ම නැත...... හැමදාම මොකක්ම හෝ කොස්සක් ඇත.....

    ReplyDelete
  33. දිස් ඉස් ලන්කන් ස්ටයිල්! ඕප්පා!! ඕප්පා

    ReplyDelete
  34. මෙව්වා ආශ්චර්‍ය බොල සැමා අයියෙ!! අයියාගෙ කාලෙ ආශ්චර්‍ය තිබ්බෙ නෑනෙ..

    ReplyDelete
  35. හාමුදුරුවරු සිංහල/බෞද්ධ සංස්කෘතිය/ඉතිහාසය වැනි විෂයන් පමණක් උගන්නපු කාලය අවසන් සෑමා...අපේ පාසලේ හිටියා ගණිතය උගන්වන හාමුදුරුනමක්...උන් වහන්සේට මනෝවිද්‍යාවටත් උපාධියක් තිබුනා...

    මට හොදටම ෂුවර් මේ වතාවෙ රන්දුල ඇමති තුමා ඇමතිකමෙන් අයින් වෙනවා කියලා... ලංකාවෙ ඇමතිවරු හරිම ආදර්ශවත් චරිත නොවැ...

    ReplyDelete
  36. ලංකාව මේ.... මොනා කරන්නද කොල්ලෝ

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...