Wednesday, August 1, 2012

OIC කතාවක්...


පොලිස් කතා රැසක් ලියා පරම කිරුළ දිනා ඇත්තේ රාජ් ගේ නවාතැනේ රාජ් මාමාය (දරුවෙක් ලද පසු මාමා කීම සාධාරණ යැයි හැගේ).මේ මාමා අන්තිමට දැමූ පොලිස් කතාවක්ය.

මෑතකදී සෑමාගේ මිතුරෙකුගේ නිවසේ අළුත් වැඩියා කටයුතු කිහිපයක්ම සිදු විය. ඒ අතර ඔහුගේ නිවසට අලලා පන්තිකාමර කිහිපයක්ම ඉදි වුයේ පොර ක්ලාස් කරන නිසාවෙන්මය. සෑමාගේ මිතුරා වඩු වැඩ සහ සීලිම් ගැසීමේ කටයුතු වලට සොයා ගත්තේ තම නිවසට නුදුරු ස්ථානයක සිටින වඩුවෙක්ය. පොර ලොකු ටෝක්ස් දෙමින් මිතුරාගේ නිවසේ වැඩ කටයුතු කරමින් සිටියේය. බොහෝ බාස් මහතුන්ගේ පොදු ආවේණික ලක්ෂණය නම් වැඩක් භාර අරගෙන ටික කළක් සිට වැඩ අතර මග දමා මාරු වීමය. බොහෝ විට ඔවුන් මෙය සිදු කරන්නේ තමන්ට වැඩ ලබා ගැනීමටය. එනම් භාර අරගෙන අතර මැද දමා ගියාට නිවසේ අයිතිකරුවා එය වෙන කෙනෙකුට පවරන්නේ නැතිව නැවත තමා එනතුරු බලා හදී යන කුහක චේතනාවෙන්ය.

සියළු කටයුතු දින කිහිපයක් තුල හොදින් සිදු වී අප මිතුරාටත් සිදු වුයේ කාටත් බාස් ලා අතින් සිදුවන පොදු සැනත්‍රෑන්සියමය. බාස් බඩුමුට්ටු හකුලාගෙන හදිසියේ අස්ථාන ගත වූයේ කැපූ ලී කැබලි එසේම තිබියදීමය. අප මිතුරා දහ අතේ කල්පනා කරන්නට විය. වැඩේ තව කෙකුට  පවරණවාට වඩා බාසා කොහෙන් හෝ කුදලාගෙන ආ යුතු බව ඔහු තරයේ විශ්වාස කලේය. ඒ නිසාම ඉවක් බවක් නැතිව බාසාට කෝල් කරන්නට විය. බොහෝ අවස්ථාවල බාසා සොයා දඩයමේ යාමටද සිදුවිය. එහෙත් ඔහු ආ ගිය අතක් නැතිය.

කෙසේ වෙතත් එලව එලවා බාසා සෙවිමට තැත් කිරීමේ සාර්ථක ප්‍රථිඑලයක් ලෙස අපේ මිත්‍රයාට බාසාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට හැකි වූයේය. අප මිත්‍රයාගේ ඉහේ කැකුලු මල් දෙකක් පිපුනාක් බදුය.

“මොනාද හලෝ කරන්නේ.. මේ වැඩේ අතමග දාලා කෙහෙද ගියේ...?“

“අනේ මහත්තයා බලන්න ### පොලිසියේ ඕ.අයි.සී මහත්තයා එන්න කිව්ව එයාගෙ ගෙදර වැඩකට. බෑ කියන්නත් බැහැනේ.. මගෙ ඕනෙ වැඩකට උදව් කරන මනුස්සයා..“ බාසා පොර ටෝක් දුන්නේය.

“අහ් ඒමද? එහෙනම් ඒ වැඩ ඉවර කරල දවස් දෙකකින් වත් ඉක්මනට එනවා හලෝ.. නිකං මිනිස්සුන්ව අතරමං කරන්න එපා හරිද?“ මිතුරා බාසාට අවවාද කලේය.

බාසා නොදන්නවා වූවාට අප මිතුරා තවමත් දහම් පාසලේ ගුරුවරයෙකු ලෙස උගන්වන්නේය. එමෙන්ම ඕ.අයි.සී මහතාගේ දියණිය ඔහුගේ පන්තියේ ශිෂ්‍යාවක්ය. එනිසා මිතුරා සමග එතුමා සමීප ඇසුරක් පවත්වන්නේය. එසේ තිබියදී දිනක් දෙදෙනාම පන්සලේ දී මුණ ගැසී කතාවට පැටලුනෝය.

“අහ්.. සර් මේ දවස් වල ගෙවල් රෙපයාර් කරනවලු නේද?“ ඒ අප මිතුරාය.

“අපේ ගෙදර ? නැහැ මල්ලී අපේ ගේ හදලා ඉවරයි. කොච්චර කල්ද දැන්..“ ඒ ඕ.අයි.සී මහතාය.

“නැහැ... අපේ ගෙදර වැඩ කරපු බාසෙක් කිව්වේ. පොර වැඩ අතරමග දාල යන්න ගියා. පස්සෙ කෝල් කරල අල්ල ගත්තම කිව්වා සර්ගෙ ගෙදර ලොකු වැඩක් කියලා. සර්ගෙ හැම වඩු වැඩකටම සපෝට් කරන්නෙ මිනිහ කිව්වා.“ අප මිතුරා කේන්තිය පිරුන සිතින් කීවේය.

“වෙන්න බැහැනේ. කොහෙ එකෙක්ද ඕකා.. මේ #ැරියව තියන්න වටින්නෙ නැහැනේ“ ඕ.අයි.සී මහතා සුපුරුදු සිංහලට බැස්සේය. ඔහු හොද උස මහතය. කතා කරන්නේ සිංහලෙන්ය. රාජකාරියට පැමිණි මුල් දවස්වල පැත්තම හෙල්ලුවේය. කසියා බොන එවුන් මෙන්ම පෙරන එවුන්ද කුදලාගෙන ගොස් දඩුවම් කලේය. ඒ අතර සැවොම ඔහුගේ නමට පවා බය වන්නට වූවෝය. ඇත්තටම දක්ෂ මනුස්සයෙක්ය.

“මේ තියෙන්නෙ සර් නම්බර් එකත්.. පොර ඉන්නව කිව්වේ ## පැත්තේය. සර්ගෙ ගෙවල් ලගම...“ මිතුරා ෆෝන් එක දිගු කලේය.

“දෙන්න බලන්න... මූට කෝල් කරල හොද දෙකක් කියන්න“

අප මිතුරා නොම්බරය ඩයල් කර ඕ.අයි.සී මහතාගේ කනේ තැබීය. නමුත් ලවුඩ්ස්පීකර් සහිතවය.


ඕ.අයි.සී - හලෝ.. මේ අර වඩු බාස් මහත්තයද?

බාසා - ඹව් මහත්තයා කියන්න.

ඕ.අයි.සී - කියන්න??? මගේ නම ###, මගෙ ඇඩ්ඩ්‍රස් එක @@@, මම $$ පොලිසියේ ඕ.අයි.සී හරිද? තමුසෙ මේ මොනවද කියල තියෙන්නේ අපේ ගෙදර වඩු වැඩක් කරනව කියලා? නිකං මේ ඇරව ගන්නෙ නැතුව පාඩුවේ ඉන්නවා හරිද? මගේ ගේ හදල ඉවර වෙලා අවුරුදු ගානක් වෙනවා හරි??

ඉන් එහාට වචනයක් වත් කීමට පෙර දුරකථනය විසන්ධි විය.

දිනකට පසුව අප මිතුරාට දුරකථන ඇමතුමක් ලැබුනේය.

බාසා - මොකක්ද මහත්තයා එක එක්කෙනා දාලා මාව බය කරවන්නේ. ඇත්තටම එදා කතා කලේ ඕ.අයි.සී මහත්තයා නෙවේ නේද?

මිතුරා - එයාද නැද්ද බලන්න මේ නම්බර් එකට කෝල් කරල අහනවා. දෙන්නද නොම්බරේ?

බාසා - එපා මහත්තයා. කමක් නැහැ. මම මේ යාළුවෙක්ගේ ගෙදර වැඩ වගයක් මේ දවස් වල. ඉවර කරල ඉක්මනට එන්නම්. අර මහත්තයා හදන්න කියපු කබඩ් එක හදල තියෙන්නේ. පුලුවන්නම් ඇවිත් අරන් යන්න. මට ඒකට සල්ලි එපා.

මිතුරා - ඔයා ඇඩ්වාන්ස් අරගෙනත් ඔහොම කැත වැඩ කරන නිසා මම කෝල් කලේ. මට ක්ලාස් කරගන්නවත් නැහැ ඔයා කරපු වැඩෙන්. පුලුවං ඉක්මනට එනවා..


** වැඩ අතරමග දමා ගොස් මිනිසුන් කරදරේ වට්ටවන බාස් මහතුන්ට ආදර්ශයක් සහ අවවාදයක්. **

Written by sAm_7:53_01/08/2012

106 comments:

  1. ඒ වඩු බාස් එලවලා වෙන කෙනෙක් ගෙන්න ගන්න එක තමා හොඳම දේ. ඔය වගේ මිනිස්සුන්ට වැඩ දෙන්ට නරකයි.

    අද මම එක වෙලා...:)

    ReplyDelete
    Replies
    1. වැඩේ භාරගන්නකොට ඒ තරම් බාසෙක් නැහැ. ඒත් මගදි තම මේ ලක්ෂන මතු වෙන්නේ..

      ඔයා අද එක වුනේ අනිත් බ්ලොග්කරුවන් සියල්ලම පෝයට උදේම පන්සල් ගිහින් නිසා.. :ඩී

      Delete
    2. පොඩ්ඩිට මේව තේරෙන්නෙ නෑ. එක බාස් කෙනෙක් පටන් ගත්ත වැඩක් තවත් බාස් කෙනෙක් කරන්න කැමති නෑ.

      Delete
  2. එල කොල්ලෙක් ..>> ඕකුන්ට ඔහොම වෙලා මදි..!! වැඩේ පටන් ගන්නකම් තිබ්බ තදියම වැඩේ කරනකොට නෑ

    ReplyDelete
    Replies
    1. සිරාවටම පොඩ්ඩෝ.. මුලදි තමා මැරීගෙන වැඩ..

      Delete
  3. වැඩ අතරමග දමා ගොස් මිනිසුන් කරදරේ වට්ටවන බාස් මහතුන්ගේ අවධානය පිණිස මෙම ලිපිය වැඩබිම් අසල ප්‍රදර්ශනය කල යුතුය.

    ReplyDelete
    Replies
    1. හී හී..:)

      Delete
    2. අපොයි උන් මේක ගලවල දාලා සිමෙන්ති එක්ක කලවං කොරයි බං..

      Delete
  4. මක බාස්ලගේ හැටි ඔකොමය.. ඉක්මනින් කඩුව මුත් සෑදීමට වැඩි කාලයක් ගතවේ..
    හොඳ වැඩේ ඌට... පොලිසියේ ලොක්කා මහත්මයෙක් වගේ.. මගේ ශිර්ෂප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. එතුමා සිරා. හැබැයි කතා කරපු විදිහ මෙතන ඒ ආකාරයෙන්ම නොදාන්න සෑමා වග බලා ගත්තා..

      :)

      Delete
  5. මම හිතුවේ බාසට හොඳ කෑමක් සෙට් වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. කෑමක් සෙට් වෙන්න කලින් පොර කට් කරපු නිසා හොදයි

      Delete
  6. oic mahaththaya honda wadi samo.thawa tikak sarata denna thibbe okata.

    ReplyDelete
    Replies
    1. pissu katha karanwada awatharr.. OIC katha karapu widiya damma nam mama winasaiii

      Delete
  7. අපේ අක්කලගේ ගේ හදද්දී අපිට බාස් මහත්තයෙක් ඔහොම කලා,අපේ ගේ හැදිල්ල පැත්තක තියලා මිනිහා ඒ අහල පහල කොන්ත්‍රාත් සේරම අරන් තිබුනා අපිට අන්තිමට එයාගේ පස්සෙන් යන්න උනා

    ReplyDelete
    Replies
    1. අන්න ජීවමාන උදාහරන.. හැම පැත්තෙම එහෙමනේ බලං ගියාම.. :(

      Delete
  8. අපේ රටේ බාස්ල ඔහොම කරොත් එයාලට විරුද්ධව නඩු දාන්න පුලුවන්. ඕඅයිසී මහත්තය මොකක්ද අරින්න හැදුවේ? මට වැඩිය සිංහල තේරෙන්නෙ නැහැනෙ..!!!

    ReplyDelete
    Replies
    1. හප්පුච්චියේ .... ඔය තේරිච්ච තරම මැදෑ කිරිල්ලියෙ, පොලිස්කාරයොන්ගෙ කතා විග්‍රහ කරන්ඩ කියල සෑම අමාරුවේ දාන්ඩ එපා. :)

      Delete
    2. ඇත්ත ඇත්ත ඒක නොදැන ඉන්න තරමට හොඳයි.. :)

      Delete
    3. මම හිතන්නෙ OIC මොකුත් ඇරියා නෙවෙයි. බාස්ගෙ නම තැරියා අබේ. අර ඇඹුල් කෙසෙල් යායක් හෙම තියෙන්නෙ ගෙදර. :)
      තරියා අබේ ;\
      henryblogwalker the Dude

      Delete
    4. මේ ගෑල්ලමයි අහන දේවල් ඇත්තට!

      Delete
    5. ඔය කොමෙන්ට් එක මම දාපු එකක් නෙවේ..ඕක කවුරු හරි කුපාඩියෙකුගෙ වැඩක්...!!!!

      Delete
    6. මේ කිරිල්ලිලා දෙන්නෙක් තමයි... බ්ලොගක් අලුතින් ගහලා කිරිල්ලිගෙ එකට රිඩිරෙක්ට් කරලා..

      Delete
    7. ඔව් බලන්න ඔය ප්‍රොෆයිල් එක හදල තියෙන්නෙ මැයි මාසෙ.අද වෙනකම් මම දන්නෙ නැහැ..මේ වෙනකම් තව මොන මොන දේවල් කලාද දන්නෙ නැහැ ඔය කුපාඩිය..!

      Delete
    8. රකුසා තාම ඔයාව අත ඇරලා නැහැ වගේ..

      Delete
    9. මළ මඟුලයි, දැං කමෙන්ට් කරන්න කලින් දෙපාරක් හොයන්න වෙනවනේ. මිනිස්සු මොකට මේ වගේ බාල වැඩ කරනවද මන්දා. සොරි කිරිල්ලි, මම ඇත්තටම හිතුවෙ ඒ ඔයා කියල.

      Delete
    10. නො ප්‍රොබ්ලම්ස්......ඕව කරල මාව වට්ටන්නද? නැත්නම් එලවන්නද? හහ්...අපි බලමු එහෙනම්....මම හිතන්නෙ නැහැ මේක රකුසගෙ වැඩක් කියල තරු අයියෙ.....

      Delete
    11. මෙව්වා මානසික ලෙඩ තියන උන්ගේ සිගිති ආතල් ...

      Delete
    12. දැං මාරවැඩේනෙ වෙන්නෙ.. එකින් එකට බලන්න වෙනවා මේ ඇත්ත එකද බොරු එකද කියලා..

      Delete
    13. අසහනය ඉහවහ ගිහින්.. මේව පහත් පන්තියේ මිනිස්සුවත් නොකරන වැඩ..

      Delete
    14. ජීවිතේ කිසිම සතුටක් සැණසීමක් සුවයක් වින්දනයක් ලැබෙන්නෙ නැති,කවදාවත් ලබා ගන්නත් බැරි,ජීවිතේ අවීචි මහා නරකාදිය කරන් ජීවත් වෙන උන් ආතල් ගන්නෙ ඔන්න ඔය විදියට......

      Delete
    15. කිරිල්ලි, තාවකාලිකවවත් පින්තූරෙ මාරු කළොත් කොහොමද.. නැත්තම් අපිට ක්ලික් කර කර දිනය බලන්න වෙනවා හරි කෙනාව හොයා ගන්න.. ඒත් ඊට පස්සෙ ඒ විදිහටත් හදයි නේද ? මේක වසංගතයක්.. ඕක බෝ වුනොත් හරි ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට..

      ( දැන් නම් අනුන්ගෙ බ්ලොග් වල රිප්ලයි බටොන් ඔබන්ඩත් බයයි :-) )

      Delete
    16. එහෙමත් සීන් වෙනවද. ඔන්න කිරිල්ලි මමත් මගෙ කමෙන්ට් එක ඉල්ලා අස්කරගත්තා. සොරි ඈ.
      henryblogwalker the Dude

      Delete
    17. ගනන් ගන්න එපා අයියෙ..මම මේකෙ වෙන සෙල්ලම් හොල්මන් ඔක්කොම බලාගෙන ඉන්නෙ 2009 ඉඳන්ම.......

      Delete
    18. කිරිල්ලියෙක්ගේ පින්තුරයක් නැතුව වෙන පින්තුරය දාන්න. ඒ බුරුවා ත් දාගෙන කිරිල්ලියෙක්ගේ පින්තුරයක්නේ.

      Delete
  9. කොහෙත් බාස්ල එකයි. මෙහේ එවුනුත් ඔහොමයි. එයාල ඕක කරන්නෙ හැමතැනම වැඩ අල්ලගන්න. වැඩ පිට යන නිසා.

    ReplyDelete
    Replies
    1. බාස්ලට කොහෙ හරි පුහුනුවක් දෙනවද බං.. හැම එකාගෙම තියෙන්නේ එකම ධර්මය

      Delete
  10. වැඩකරු බොරු කාරයෙක් හොරෙක් වුනාම හරි ප්‍රශ්නේ .. ඊට වඩා හොඳ එකෙක් නැත්තන්?

    ReplyDelete
    Replies
    1. බාස්ලගේ වැඩ කරුවෝ වුනත් ඔය පොදු ධර්මතාවයට වැඩ කරන්නේ.

      වැඩ අල්ල ගන්න භාගෙට කරපු වැඩේ දාල පනිනවා

      Delete
  11. අනේ සෑමො බාස්ල ගැන කතාකලොත් මටත් සිංහලෙන් තමයි කතාකරන්න වෙන්නෙ. ඒක නිසා මෙතනින් නතරවෙනවා. :x

    ReplyDelete
    Replies
    1. මළා .... බාස් කෙනෙක් ඩූඩ් අයියටත් ඇරල වගේ. :)

      Delete
    2. @DDT : බාස් කියල තියෙන්නේ.. එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් එහෙම කරලා වගේ....

      Delete
    3. හිතාගත්තැහැකි :)

      Delete
    4. හෙන්රියා හැම එකාටම ඔවුන් ඇරලා ඇති.. ඒ කිව්වේ බාස් වැඩ පැත්තෙන්.. :)

      Delete
    5. මට දැන් බයක් නෑ උඹලා වගේ යාලුවො සැට් එකක් ඉන්න නිසා. බලාපල්ලකො කොච්චර concerned ද කියලා. :D
      henryblogwalker the Dude

      Delete
  12. උඹ බාස්ල ගැන ලිව්වාම මමත් හිතාගත්තා බාස් කතා කියලා අලුත් ටැග් එකකින් සීරීස් එකක් පටං ගන්න. මම පොලිස් කතානම් පහක් විතර ලියලා තියෙනවනෙ.
    අයියෝ බාස්ලද.....-----------!!!!!!!!!!!!!!!!!!!! !@#$%$#@
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ලියපං පුතා ලියපං.. අපිට ඕනේ කතා තමා..

      Delete
  13. අප කුඩා කල අප නිවසේ ඉදිකිරීම් කටයුත්තකට නිවාස කීපයකට එහායින් සිටින මේසන් බාස් තුමෙකු පැමිණියේය... දිවා ආහාරයට ඔහුගේ ගෙදරට යාම සිරිතය.. දිනක් අනාදැමූ සිමෙන්ති ගොඩක් තිබියදී දිවා ආහාරයට ගෙදර ගිය මෑන් නැවත අවේ නැත... සවස් යාමෙ ගෙදරට ගොස් බැලූවිට දක්නට ලැබුනේ දිවා ආහාරයට පෙර කන සාක්කුවට වැටෙන්නට අඩියක් ගසා නිවසේ දපාගෙන සිටි බාස් තුමාය... සිරාගේ පියතුමානෝ ගෙවිය යුතු මුදල් ගෙවා සේවය නැවත අවැසි නැති බව පවසා... ඉතිරිවී තිබූ සිමෙන්තියෙන් කැඩී බිදී තිබූ කාණු ආදිය කුඩා අපද සහභාගි කරගෙන ප්‍ර‍තිසංස්කරණය කළේය...

    ReplyDelete
    Replies
    1. ඒක සිරා වැඩේ..

      අපේ කුලේ අංකල් කරන්නෙත් ඇඩ්වාන්ස් අරගෙන උදේම ෂොට් එක දාගෙන වැඩේට බහින එක. ඉතිං අපි ලගට ගිහින් වද දුන්නොත් කුනුහරප වැලයි..

      Delete
  14. සම්පූරණ ඇත්ත .බොහෝ බාස්ලා ඔය වැනිය..ප්ලෑන් එකක් ඇඳ තිබුනාට උන් වැඩ උන්ට ඕන විදියට..අන්තිමට..ගේ,ප්ලෑන් එකට වඩා වෙනස්.

    ReplyDelete
    Replies
    1. අපි එතකොට අවුට් පුට් එකේ විදිහට ප්ලෑන වෙනස් කරන්නෝනි..

      Delete
    2. සමහර කාලකණ්නි එහෙම තමයි, මාත් අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
  15. ඔප්පු හොයන්න කච්චේරිගානේ රස්තියාදුවෙන එකයි, බැංකු ලෝන් වගේ ඒවට කොළ පුරෝන එකයි, ගේ හදන්න බාස්ල හොයන එකයි, උං ගෙං වැඩ ගන්න එකයි ඔක්කෝම එකයි..
    තූ නොදකිං...

    ReplyDelete
    Replies
    1. මෙන්න පීඩනයට පත් තවත් තරුණ ජීවිතයක්..

      සහතික ඇත්ත මචං !

      Delete
  16. බාස්ල හොඳයි.ඒ වැඩක් බාරදෙන්න නෙමේ.පාළු මකාගන්න.

    ReplyDelete
  17. මාර බාස් කෙනෙක්නේ. අපේ ගෙදරත් හදාගන්න එන්න කිව්ව බාස් කෙනෙක් ඔය වගේ ආතල් වැඩක් කලා

    ReplyDelete
    Replies
    1. මොකද සීන් එක..? කෝම හරි හොයාගෙන පලයන් බං.. මිනිස්සු රවට්ටන උන්ට ඉඩ දෙන්න එපා..

      Delete
  18. අඩෝ එකෙක් බයින්නෑ බාස්ලට....

    මමත් තව ටික දවසකින් මේසන් බාස් වගේ පොරක් හරිය.. :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉංජෙක් = බාස් කෙනෙක්. ඒකත් එල වැඩේ වගේ

      Delete
    2. අම්මෝ උබව අමතක වුනා..

      උඹත් මෙහෙම පොලු තියන්නද කල්පනාව..

      Delete
    3. උඹට වඳින්නං රජතුමනි, ඔය පාර්ලිමේන්තු වගේ ලොකු දේවල් කරපං. මේ අපි හෙම යන එන පාලං හෙම හදන්න නං හිතන්නවත් එපා. :o
      henryblogwalker the Dude

      Delete
  19. මම හිතන්නෙ බාස්ලා හැමදාම දුප්පත් වෙලා ඉන්නෙ මේවගේ විශ්වාස කටයුතු සේවාවක් දෙන්න බැරි නිසා..
    කොහොම වුනත් සෑමගේ යාළුවා වගේ අය ඉඳලා හිටලාවත් පාඩමක් උගන්නපු එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. බොහෝ වෙලාවට බාස්ලා දුප්පත් වෙන්නේ තියෙන බේබදු කම නිසා. නැත්තම් දවසකට 1000කට වැඩි මුදලක් උපයන එවුන් දුප්පත් වෙන්නෙ කෝමද?

      අනික මේ විදිහේ පොලු තැබීම් නිසා..

      Delete
  20. බාස් ලා ඔහොමම තමයි..

    ReplyDelete
  21. බාස්ලා ඔහොමම තමයි බන්.. සමහර එවුන් අතේ තියෙන ගාන හිදෙනකම් අලුත් වැඩකට අත නොගහ ඉන්නවා.. තව එවුන් වැඩ අල්ල අල්ල යනවා හැමතැනම.. වැඩේ බාගෙට කරාට පස්සෙ වෙන එකෙක්ට දෙන්නත් බෑනෙ..

    ReplyDelete
    Replies
    1. මගදි ගියාම වෙන බාස්කෙනෙක් වැඩ භාරගන්නෙ නැති බව උන් දන්න නිසා බය නැතුව වෙන ඒවාට අත ගහනවා..

      Delete
  22. අපේ ගෙදර අලුතෙන් ටයිල් කරන්න විතරක් ගියා මාස දෙකකට වඩා.....
    (ගෙදර ලොකූ එකක් නිසා නෙමේ.........:P
    ඔය වගේ බාස්ලාගෙ වැඩ නිසා)

    ReplyDelete
    Replies
    1. අපේ අයියලගෙ ගෙදර ටයිල් කරපු එකා කිව්වා ටයිල් එක එක සයිස්ලු. ඒක නිසා මැදින් ලොකු හිඩැසැක් එනවලු.. පස්සෙ වෙන එකෙක්ට දුන්නා.. පොර ලස්සනට කලා..

      ඕක හැම තැනම වෙනවා.. බස් උතුමන් නිසා !

      Delete
    2. හික්.එක එක සයිස් එන්නේ ටයිල් ගෙදර හදපු ටයිල්ද කොහේද :D

      Delete
    3. ඉන්දියන් ටයිල් බොහෝවිට එක එක සයිස් තමයි.ඒක බොරුවක් නෙවෙයි. ඒත් දක්ෂ බාස් කෙනෙකුට ඇද පළුදු ඉවත් කරලා ටයිල් එක අල්ලන්න පුළුවන්.

      Delete
  23. ගෙවල් හදනකොට ලොකු සයිස් දෙන බාසල එක්ක මට මල පනිනවා. උන් ගේ හදන්නේ උන්ට ඕනේ විදිහට මිසක් අපිට ඕනේ විදිහට නෙමෙයි. පොල්ල තියන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඉතිං බං ඇත්තනේ උන් හදන ගේ උන්ට ඕනෙ විදිහට එපැයි :)

      Delete
  24. මේ කියල තියෙන්නේ අපි දන්න කියන කෙනෙක් ගැන වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හොයල බැලුවොත් හොයා ගන්න පුලුවං. මම හිතන්නේ දැනටමත් දන්නව ඇති.. :)

      Delete
    2. ඔය වෝටර් බෝර්ඩ් එකේ වැඩකරන සෑම් අයියගේ යාළුවා වෙන්ඩ ඇති

      Delete
  25. මේ දවස් වල අපේ අක්කලගේ ගෙදර වැඩ.. බාසා ඔහොමම පොල්ල තියලා ගිහින්.. අපේ තාත්තා දවසක් බලලා පහුවදා වෙන එකක් දාලා වැඩේ කරද්දි කලින් බුවා ඇවිත්.. තාත්තා හොදවයින් දෙකක් කියලා දෙන්න තිබ්බ සල්ලි දීලා යවලා.. බාස්ලනම් ඔහොමමයි..

    ReplyDelete
    Replies
    1. ආදර්ශමත් වැඩක් බං. උන්ට සමාවක් දෙන්න හොද නැහැ.

      මිනිස්සු අතරමං කරන නිසා..

      Delete
  26. බාස්ලානම් ඔහොම්මයි බං ඔවුන්ට දෙන්න හොද නෑ ඇඩ්වන්ස්වත්.. වැඩක් කරවගන්න වදින්න ඕනේ ඔවුන්ට

    ReplyDelete
    Replies
    1. පට්ට තරහක් නේ කනියා තියෙන්නේ

      Delete
  27. ඕ....... ගෙයක් හදන කාලෙට මතක් කරගන්න ඕන..:)

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රින්ට් කරල ලැමිනේට් කරල තියා ගන්ට

      Delete
  28. සමහර බාස්ලා ඉන්නවා එක වැඩක් කර කර ඉන්නකොට තව වැඩක් අර ගන්නවා. එතකොට වැඩ දෙකම නා ගන්නවා :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. උන් වැඩ පිට යයි කියල ඒම කරන්නේ

      Delete
  29. හොද අත්දැකීමක්! මීට පස්සෙ ඔ්ං බාසෙකුට තගක් දානවනං අමතන්න සෑම් අයිය

    ReplyDelete
  30. ඔය ඕඅයිසී ගෙ නම්බරේ ටිකක් දීපන්කො.. මටත් බාසෙක් ඉන්නවා අල්ලගන්ඩ..

    ReplyDelete
  31. ඔය යාළුවගෙ නම තිලාන්ද?????

    ReplyDelete
  32. ඔකුන් නිසා ගෙවල් හදද්දී අපේ ලේ පිච්චෙනවා. මුළු ලෝකෙටම එකම තියරිය..

    ReplyDelete
  33. ඔක්කොම බාස්ලා මෙහෙම නැ,බාස්ලා සහ බාසාවෙල්ලන් අතර වෙනස තමයි ඔය

    මේක කියවලා ආතල් බාස් කතාවක් මතක් උනා

    ඉස්සරහට බලමු

    සෑම් දැක්කද මගේ පොලිස් කතා ටික

    ReplyDelete
    Replies
    1. "බාසාවෙල්ලන්" =?
      මේක නම් තේරුනේ නැහැ අටම්පහුර

      Delete
  34. මටද බාස්කෙනෙක් මෙහෙම කර ඇත. මම කලේ වෙන හොඳ බාස් කෙනෙක් අල්ලාගෙන ඉතුරු බාගේ කරගත්තු එකයි. පලවෙනි බාස් එද්දී ගෙයි කොටස හදලා ඉවරය. :D

    ReplyDelete
  35. ගෙයක් හදනවට වඩා හොදයි ගල් ගුහාවක හිටියනම් කියල හිතෙන්නේ මුන්ගෙන් වැඩගන්නකොට තමයි.අම්මමප බාසල මතක් වෙනකොට @$##*#@#$#^&^@!

    ReplyDelete
  36. හැමෝම බාසලාට බනියි .අපේ ගෙදර හදපු බාසා එලය කිසිම ප්‍රමාද දෝෂයකින් තොරව වැඩේ සිදු කරන ලදි!
    ජය!!!!!

    ReplyDelete
  37. අපොයි බාස්ලා ඔහොමමයි...

    ReplyDelete
  38. බාස්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ... අවරුදු 3ක් රෙන්ට් ගෙවගෙව ඉන්න කට්ටියක් මම දන්නවා ගේ හදලා ඉවර කරගන්න බැරැව... මේසන් බාස් වඩු බාස් වයරින් බාස් පයිප්ප බාස් ඔක්කෝටම හපන් ටයිල් බාස් ..... අද එනවා කිව්වොත් එන්නේ මාසයක් කොල් කරලා බැන්නට පස්‌ෙස්... වෙන කරන්න දෙයක් නැතුව බාගෙට හදපු ගෙයි පදිංචි වෙලා ඉන්නවා....

    ReplyDelete
  39. බාස්ලා ඔහොම වැඩ බාගෙට දාලා යන්නේ උන් වැඩ තියෙද්දිත් තව තණ්හාවට වැඩ දෙක තුන එක පාර බාර ගන්නවා

    ReplyDelete
  40. අපරාදේ දෙකක් අන්නවන්න තිබ්බේ....බාස් ලා කියන්නේ හැම එකාම ඔහොමයි..වැඩේ පටන් ගන්නවා ඊට පස්සේ හොයන්න නෑ....

    ReplyDelete
  41. බාස් මාමලා ඔහෝම්මයි අප්පා.... වඩු වැඩ නම් කමක් නැතෙයි කියමුකෝ කොහොමද පොලව ටයිල් කරන්න ආපු බාස්ලා ගෙයි බාගයක් ටයිල් කරලා මාරු වුනාම... ඊට පස්සෙ ටයිල් අල්ලන්න ආපු එකා ටයිල් මාරු කරලා ඇල්ලුවාම... ඒකෙත් රටාවක් තියෙනවා පුදුම කලාත්මකයි මම කිව්වට විස්වාස කරලා බලන්නකෝ හිහි...

    ReplyDelete
  42. බාස්ලා තමන්ගෙ හිතුමතේ කරන වැඩ හින්දා ගේක අභ්‍යන්තර සැලසුම් සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.
    එතකොට නව නිවසේ,නිවැසියන්ගේ ජීවිතය සැලසුම් ශිල්පියා පුරෝකථනය කළ විදියට වඩා වෙනස්වෙනවා.
    මේක අපි හිතනවට වඩා බැරෑරුම් ප්‍රශ්නයක්.

    ReplyDelete
  43. පට්ට සීන් එක ඔය වගේ බොරු කරන උන්ට දෙන්න ඕනේ ඔයවගේ තමයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...