Thursday, August 9, 2012

පාස්වර්ඩ් හැක් කරන හැටි - සෑමාගේ පළමු IT ලිපිය...


මිනිස්සු අනුන්ගේ දේවල් සෙවිමට රුසියෝය. ඒ කාලයේ එහා ගෙදර වෙන්නේ මොකක්දැයි මෙහා ගෙදර එවුන් සිටියේ මීටරෙන්ය. ඒ අතර සමහරෙක් ගමම ආවරණය වන අයුරින් පැපරාසි සේවයේ යෙදෙන්නෝය. කෝපි කඩේ නාටකයේ සිටි අඹිලින්ගේ නම ඔවුන්ට රෙජිස්ටර් වන්නට විය. ඒ අතර එලෙස චීත්ත ඇදගෙන අනුන්ගේ දේවල් හොය ස්ත්‍රීන්ට දයාවතී නමද රෙජිස්ටර් වන්නට විය. කාලය ගත වෙද්දී ගොසිප් වෙබ් අඩවි එම සේවයේ නිරත වන්නට විය. එසේම විදු්‍යුත් මාධ්‍ය ආවරණය හරි හැටි ක්‍රියාත්මක විම නිසා ඉහත කී පුද්ගලයන්ට තම රැකියා අහිමි වීම ඛේදනීයය.

ෆේස් බුකිය නිසා බොහෝ අයගේ පෞද්ගලික තොරතුරුද ලීක් වෙන්නට විය. එසේම පාන්දර බඩ වේලීමක් නිසා *කේ ආඩම්බර බලන්න වුවද අපේ එකාලා ඒවා ‘ස්ටේටස්‘ ලෙස අප්ඩේට් කරන්නට පටන් ගත්තෝය. ස්වාමියා හැරයාම, බිරිද වටේ යාම, උණ, ජලභීතිකා, සෙංගමාල, වැනි ලෙඩ රෝග වැලදීම් පිළිබද පවා ස්ටේටස් අප්ඩේට් වන්නට විය.

ලොවට පේන්නට එසේ ස්ටේටස් දමමින් සිටියද privacy යටතේ නොහොත් පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් පිරිස් තම (විශේෂයෙන් ස්ත්‍රින්) පොටෝ ෂෙයාර් කරන්නට වූහ. සෑමා දැක ඇති සමහරුන්ගේ වෙඩින් ඇල්බම් ෂෙයාර් වී ඇත්තේ custom යන ආරක්ෂිත තත්වය යටතේය. එනම් මිතුරන්ට පෙනෙන්නට, තෝරාගත් පිරිසකට නොපෙනෙන්න වෙඩින් පොටෝ ෂෙයාර් කරන්නට විය. හේතුව කලින් යාළු වී සිටි කොල්ලා හෝ කෙල්ල දකී කියා විය හැකිය. පවුල් ප්‍රශ්න නැතිනම් අනේ වාසනවාවන්ය.

ඒ අතර කෙල්ලෝ කෙල්ලෝ මැසේජ් දාන්නේද හොර රහසේය. ස්ටේටස් එක අප්සට් නම්, අනේ ඇයි මොකෑ සීන් එක කියා දුක් අසන්නේය. ඒවා කමෙන්ට් ලෙස නොව රහසේම මැසේජ් ලෙස වැටෙන්නේය. මේ අනුව පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සැගවී තැබෙන එක ස්ථානයක් ලෙස ඊ-මේල් ගිණුම් සහ ෆේස් බුකි අකවුන්ට් පත්වුයේය.

ඒ සියළු ස්ථාන හොරුන් විසින් කඩා බිද දමන්නට උත්සාහ කරන තත්වයට ආවේ ගිණුම් වල ඇති තොරතුරු උපුටා ගැනීමට හැකර්ලා බිහිවිම සමගය.

ඒ.ටී.එම් මැෂින් එකක කතාවක් සෑමාට මේ අතර මත් වුයේය. මුදල් ගැනීමට පෝලිමේ පිරිසක් සිටියදී ඒ.ටී.එම්. යන්ත්‍රය අසල අයෙක් මුදල්  ගනිමින් සිටියේය. ඔහු මුදල් ගෙන එලියට එද්දී ඔහුට පසුව සිටි පුද්ගලයා ඔහුට යන්නට නොදී නවතා ගත්තේය.

“තමුසෙ කෝමද මගේ පින් නම්බර් එක දන්නේ??“

“මම තමුසෙගෙ නම්බර් එකක් දන්නෙ නැහැ ඕයි“

“එහෙනම් ඇතුලෙදි තමුසෙ තරු 4ක් ගැහුවේ.. මගෙත් තියෙන්නේ තරු හතරක පින් නම්බර් එකක්“

පරණ කතාව එසේය. මේ සෑමාගේ කතාවය...


මෑතකදී තරූගේ ලෝකයේ තරුවා දැමූ අනුන්ගේ password උස්සමුදෝ.. පෝස්ට් එක දුටු සැමාට පාස්වර්ඩ් හැක් කරන නියම ක්‍රමයක් සිහිපත් වුවේය. එහෙත් සෑමා එය practically තවමත් කර නැති බවත්, එසේ නොකරන බවත් කිව යුතුමය.

අවශ්‍ය ද්‍රව්‍ය -

  1. සෑමාගේ ජාතියේ කීබෝඩ් එකක්
  2. ගෙදර ඉන්ටර් නෙට් නැති මිතුරන් කිහිපදෙනෙක් 
මුලින්ම මිතුරාට ෆේස් බුක් ලොග් වීමට අවශ්‍යය නම් තම නිවසට එන ලෙස පවසන්න. ඔහු පැමිණි පසු ඔබේ කීබෝඩ් එකෙන් බුකියේ පාස්වර්ඩ් ටයිප් කිරීමට තැත් කරනවා ඇත. එහෙත් පාස් වර්ඩ් ටයිප් කරන තීරුවේ අකුරු සහ ඉලක්කම් වැටෙන්නේ බෝල හෝ තිත් ලෙස නිසා ඔබට ඔහුගේ පාස්වර්ඩ් එක නොපෙනෙනු ඇත.

එවිට පහත ආකාරයේ සෑමාගේ කීබෝඩ් එක උපකාරි වනු නියතය.

හොදින් බලන්න අකුරු ගෙවි ඇත
මෙවන් කී බෝඩ් එකක් දුටු ඔබේ මිතුරා කී බෝඩ් එක හුරු අයෙක් නෙවේ නම්, කුකුලන් වත්තේ වැටි ඇති හාල් ගිලින්නාක් මෙන් කී බෝඩ් එකේ කොටන අයෙක්  නම්, පහත දෙබස ඇති වෙනු නිසැකය.

“කෝමද බං මේකේ ටයිප් කරන්නේ... අකුරු මැකිලානේ..“

එවිට ඔබ දක්ෂ විය යුතුය.

“කෝ කියපං මම ටයිප් කරන්න..“

විටෙක ඔහු ඔබට පාස්වර්ඩ් කීමට අකැමැති වනු ඇත. එසේ බෑ කිවහොත්..

“එහෙනම් මචං නෝට් පෑඩ් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරලා ඔතනට කොපි/පේස්ට් පාරක් දාපං“

එවිට පාස්වර්ඩ් කොටන් තීරයේ බෝල ලෙස පෙනෙන අකුරු ඔබට හොදින් පෙනෙනු ඇති. ඔහුගේ ගිනුම හැක් වී හමාරය.

Written by sAm_1:56pm_09/08/12

සෑමාගේ මිතුරන් විටෙක බුකියට ගොඩ වැදීමට නිවසට එන නිසා මෙවන් අත්දැකීමක් ඇත. නමුත් සෑමා කෙරේ ඇති විශ්වාසය නිසාත්, සෑමා කිසිදින උන් පාස්වර්ඩ් කොටනාකාරය නොබලන නිසාත් උන්ට සෑමාට පට්ට ෂුවර්ය. මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.

91 comments:

  1. කියවල ආයෙ කමෙන්ට් කරඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. අර කිව්ව වගේ උබත් නරක් වෙලා... මම එක කියල දැම්ම වගේ.. :ඩී

      Delete
    2. ගෙදරටම ඇවිත් කීබෝඩ් එක යූස් කරනව නම් අහුවෙන්නෙ නැතිවෙන්න පාස්වර්ඩ් හොයාගන්න සොෆ්ට්වෙයා දැන් තියෙනව නේ බං. ඔය කැෆේවල එවුනුත් පාවිච්චි කරන්නෙ.
      මගේ කීබෝඩ් එක උඹේ එකට හපන්, ඒකෙ ගොඩක් කීස්වල අකුරු දැන් මැකිල. ගත්තෙ 2005 දි.

      Delete
    3. මගේ කීබෝඩයත් 2005 එකක් බං. හරියටම A/S/D/F/J/K/L/; මැකිලා.
      පුළුවන්නම් කියපං ඇයි කියලා...???

      දැන් නම් ලැප නිසා.. ෂේප්.. ;)

      Delete
    4. මේකෙන් උඹේ පාස්වර්ඩ් ඒක හිත ගන්න පුළුවන්.

      Delete
    5. උඹලගේ කි බෝර්ඩ් ටික දවසකින් කටුගෙට අරන් යාවි.

      Delete
    6. තාම උත්තරේ ආවෙ නැහැ හු.. හූ..

      Delete
    7. @ අසරණයා,

      ඔව් බං. ඉස්සරහට අපේ කටුගෙවල්වල තියන්න ඉතිරි වෙන්නෙ ඔය වගේ එව්ව තමා. උඹ ඔහොම කිව්වට මම මේ කී බෝඩ් එක පාවිච්චි කරපු තරමට අළුත් එවුව ගත්තොත් ඔරොත්තු දෙනකන් නෑ කියල හිතෙනව. මට මවුස් නම් මාස දෙකකට තුනකට සැරයක් වත් ගන්න වෙනව, ඉක්මනට සවුත්තු වෙනව. ඒක දැන් එපා වෙල තියෙන්නෙ, බාල බඩු. ඔය කීබෝඩ් එක ගන්නකොට ගත්තු බෝල මවුස් එක නම් මම ගොඩක් කල් යූස් කරා. ඒකට දැන් තියෙන ලේසර් ලඩි.

      @ sAm (සෑම්),

      මට නිකම් අදහසක් ආවා ආවා වගේ බං. ඒත් ඊට වඩා ශිෂ්ඨ උත්තරයක් ආවොත් ලියඤ්ඤං. :)

      Delete
    8. සීංහල වැඩිපුර කොටපු හන්දා

      Delete
    9. මටත් ඒක මුලින් හිතුන අටම් අයියා. ඒත් අනිත් අකුරුවලට සාපේක්‍ෂව හල්කිරීම්, ඉස්පිලි පාපිලි කොම්බු ඔය තරම් යෙදෙනවද? මටනම් හිතෙන්නෙ ඒ තරමට අනිත්වත් එහෙනම් ගෙවෙන්න ඕන කියල.

      Delete
    10. @DDT- උබේ මීයාගේ කාලෙ හරි බං

      @අටම්- වැරදි මචං..

      කී බෝඩ් එකෙන් ටච් ටයිපිං කරනව නම්, බෝඩ් එක බලන්නෝනි නැහැ. නියම ආකාරයට ඇගිලි මෙහෙම තියන්නෝනි.. = http://en.wikipedia.org/wiki/Touch_typing

      එතකොට වැඩිපුරම ගෙවෙන්නේ ඔය කියපු අකුරු ටික තමා බොලව්..

      Delete
    11. උඹට විකාරද, ඒක තාම පැකින් කැඩුවෙත් නෑ.

      මට තරමක් වේගෙන් ටයිප් කරන්න පුළුවන් වුනාට ඔය ටච් ටයිපිං කොරමෙ හරි යන්නෙ නෑ බං.

      Delete
    12. වයලින්, ගිටාර් වගේ ඒව පැකිං පිට තියල වැඩක් නැහැ බං. සිසන් වෙන්නෝනි.. නැත්තම් හරි ස්වර උපදින්නෙ නැහැනෙ... :)

      ටච් ටයිපිං පුරුදු වුනොත් පට්ට ලේසී බං.

      කී බෝඩ් බලන්නෝනි නැහැනේ.. ස්ක්‍රීන් එක දිහා බලාගෙන කොටතෑකි !

      Delete
    13. සෑමා ටයිප් කරන්නේ අර හරි ක්‍රමයට අත තියාගෙන වෙන්න ඕනේ

      Delete
  2. ඔයිට වඩා ලේසි හසු නොවන ක්‍රමයක් ඇත..
    හැබැයි එය තරමක් වියදම්කාරීය..

    ReplyDelete
    Replies
    1. මේක අතඋඩින් ලාබයි නොවැ...

      Delete
  3. වටිනා අදහසක්..හිකිස්‌

    ReplyDelete
  4. කිසි දිනක සැමා අයියාගේ කී බෝඩය නොඇල්ලීමට දිවුරා පොරොන්දු වෙමි.
    තැන්කිව් ඈ මාවත් මතක් කොලාට.. :) :)

    ReplyDelete
    Replies
    1. :)

      මගෙ ඒවට අත තියන්නැ හරිය !

      Delete
  5. හැක් හැක් .ඒකත් එළ ක්‍රමේනෙ

    ReplyDelete
  6. හෆොයි.. ඕන තරම් හොරු මේ රටේ පිරිලා ඉඳිද්දී ඔන්න සෑමාත් පටන් ගත්තා කැලාසියක්..

    ReplyDelete
    Replies
    1. කෝ උබේ ඉලෙක්ට්‍රොනික් ?

      Delete
  7. සෑමෝ උඹේ බ්ලොගර් පාස්වර්ඩ් එක දුන්නොත් මට පුවවන් උඹ හැක් කරන්න. :)

    නියම හැක් කිරීම් තිබුනෙ 2011 පෙබරවාරිවලනේ! මතක උදවිය ඇති. මාරය එක පෝස්ට් එකක දාල තිපුන හැක් කරන විදිය. "අනේ බුදු අයියේ/මල්ලී මට උඹේ පාස්වර්ඩ් එක දියං" කියල බැගෑපත්ව ඉල්ලල හැක් කරනව. ලේසියි නේද?

    ReplyDelete
    Replies
    1. මාරයා මාරයිනේ... මට මතකයි පෝස්ටුවා.. :ඩී

      Delete
  8. අපි අහුවෙයි ඕවාට.මං එහෙම උඹලගේ ගෙදර ආවොත් එන්නේ කී බෝඩ් එකකුත් අරගෙන :P

    ReplyDelete
    Replies
    1. බෑ බෑ පිට ඒව ගහන්නෙ නැහැ.. උබගෙ කී බෝඩ් එකේ වයිරස් :පී

      Delete
  9. සෑමාගේ කී බෝඩ් එක තව ටික දවසකින් කෞතුකාගාරෙට දෙන්න පුළුවන්.. හි හි...
    ඒත් අලුත් ඒවාට වඩා පරණ කීස් ලොකු කී බෝඩ් එකක ටයිප් කරන කොට ලේසියි වගේ මට නම්....

    අකුරැ ටික ලියලා වත් ගත්තොත් නරකද.....

    ReplyDelete
    Replies
    1. දැන් ලැප්ටොප් එක තියෙනවා නොවැ.. මැකෙන්නෙ නැහැ සදහට..

      අනික ඕනෙම අකුරු නැති කී බෝඩ් එකකින් මට සිංහල/ඉංග්‍රිසි දෙකම ටයිප් කරන්න පුළුවං.
      සෑමා touch typing ප්‍රගුණකළ අයෙක් නොවැ !

      Delete
  10. “එහෙනම් මචං නෝට් පෑඩ් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරලා ඔතනට කොපි/පේස්ට් පාරක් දාපං“ ඉතින් සෑම් අයියේ නෝට් පෑඩ් එකේ ටයිප් කරන්නත් අකුරු පෙන්නේ නැත්තම් අරූ කොහොමෙයි ටයිප් කරන්නේ ? තේරුනේ නෑනේ !

    ReplyDelete
    Replies
    1. කුකුළා වත්ත වටේ වැටිලා තියෙන හාල් ඇට අහුලනවා වගේ පුළුවන් නේ.

      Delete
    2. අසරණයට තේරුනා...

      ඇයි පැතුමෝ... පාස්වර්ඩ් ටයිප් කරනකොට බෝල බෝල නේ වැටෙන්නේ.. වැරදියට ගැහුවද කියල කෝමද දන්නේ.. නෝට් පෑඩ් එකට දාල ගැහුවම පේනවා.. ඇස් පනා පිටම හරිද වැරදිද කියලා..

      අනික වැරදි පාස්වර්ඩ් දෙතුන්පාර ගහලා කෙලව ගන්නෝනි නැහැනේ !

      Delete
    3. Shari hari shari. Danne mata therune..!!

      Thanku asar ayya & sam lokka

      Delete
  11. දැන් කාලේ කොල්ලන්ට කී බෝඩ් එකේ අකුරු ඕන නෑ. චැට් කරලම අකුරු මතකයි.. ඒ නිසා මේ වැඩේ නම් ටිකක් අමාරු වෙයි සෑමෝ.......

    ReplyDelete
    Replies
    1. අපේ එවුන්ට බැහැ බං. ඔය කීබෝඩ් එකත් මට ගේමක් නැහැ. මොකද මමත් කී බෝඩ් එක නොබලා නිසි ආකාරයට ඇගිලි තියාගෙන ටයිප් කරන්නේ.. :)

      ස්තුති මේ පැත්තෙ ආවට !

      Delete
    2. අපේ අක්කගේ ලොකූ කොල්ලගේ ෆෝන් එකේ එක ඉලක්කමක් අකූරක් නැ.
      ඒ --තා කාටුන් බලබලා sms කොරනවා ෆෝන් එක දිහා බලන්නෙම නැ.

      මොකද බං ඔය කී පෑඩ් එකට උනේ

      කෑලි හත අටකට sms කරනකොට ඉතූරැ වෙයිද ලොකූ මාමා

      හොද වේලාවට අපේ අක්කා කලින්ම වලගංපිටි ගියේ
      නැත්තං අරුගේල මිරිකලා හිරේ යනවා

      Delete
    3. දැන් හැදෙන එවුන් හුණු කූර / කළු ලැල්ල අතට ගන්න කලිං කී බෝඩ් එක එක්ක ඔට්ටු වෙනවා බං..

      පොර ලොකු මාමගේ ආරෙට යන එකෙක්ද මන්දා..

      Delete
  12. ගෙවිච්ච එකක් හරි කමක් නෑ ටයිප් කරන්ඩ තියෙනවනම් මරු.. හික්ස් :)

    ReplyDelete
  13. පාස්වර්ඩ් හැක් කිරිල්ල ගැන දැනගන්න නම් චිත්‍රපටි ගොඩක් නැරඹිය යුතුය..නැත්නම් සෑමාගේ පෝස්ටුව කියවිය යුතුය..
    කොහොම වුනත් මට නම් අර කතාවේ ඔරිජිනල් වර්ෂන් එක හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. කොයි කතාවේ ඔරිජිනල් එකදෝ...????

      Delete
  14. හේ හේ...වෙලාවට අර කුකුල්ලු මොනවද අහුලනවා වගේ ටයිප් කරපු කාලෙ ඉවරයි...

    ReplyDelete
    Replies
    1. එහෙම ජාතියේ එවුන් තාම එනවා අපේ ගෙදර :ඩී

      Delete
    2. අඩෝ සවුත්තූව දාන් නැ මමත් ඒ ජාතියේ

      Delete
  15. ඕං එහෙනං සෑමාත් ටියුෂන් පන්තිය පටාං ගත්ත ඈ...

    ඔය ක්‍රමේ අසාර්ථක වෙන තැං ගොඩාක් තියෙනවා...
    ඔහොම ෆේස්බුක් යන්න උණ තියෙන උන් අඩුයි දැං.. මොකෝ අතේ තියෙන පෝං එකේ ඇස් ඇම් ඇස් වලිනුත් අපේ එවුන් මේ වෙද්දි මැසේජ් කොරනවානේ බං..
    අනික උඹ ගැන දන්න එකෙක් ඔය වගේ වැඩක් කොරයිද උඹ ඉස්සරහ????

    ReplyDelete
    Replies
    1. //අනික උඹ ගැන දන්න එකෙක් ඔය වගේ වැඩක් කොරයිද උඹ ඉස්සරහ????//

      අනේ බොල අපේ එවුන් තාම ඇවිත් මගෙ ගෙදර මැෂින් එකෙන් ලොග් වෙනවා. උන් කාමරේ උන්ගෙ වැඩ. මම එලියේ.. :පී

      Delete
  16. මේ වගේම පේජ් එකක් හදන ඒක නරකද ?

    ReplyDelete
  17. හප්පා පෝස්ට් එක දැක්කගමන් බය උනා සැමත් හැකරෙක් වෙලාද කියලා...මේක මරු ඈ....

    ReplyDelete
    Replies
    1. අපිටත් හැක...(ර්)

      yes we can කිව්වේ නිකන්ද බං ?

      Delete
  18. හ්ම්ම්ම්... මේ ක්‍රමේත් හරි යන්නෙ නැ..වෙන විදිහක් හොයාගන්න වෙනවා හැක් කරන්න..
    ජය වේවා! :D

    ReplyDelete
    Replies
    1. මම කියපු විදිහ බලන්න :)

      Delete
  19. කබරයක දොරක් හැක් කරන විදිය දානවද?. එතකොට දොර කඩන්නේ නැතුව ඇතුලට යන්න පුළුවන්. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. නැත්නම් මම පහලින් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. කබරයක නෙවේ බං.. කාමරයක..

      අර උබේ පෝස්ට් එකක තිබ්බා එහෙම පනින විදිහ..

      Delete
    2. හෙම්බිරිස්සාව හැදුනාම කියන්නේ කබරයා කියල නේ.

      නැ ඒ විදිය නෙවෙයි.

      Delete
    3. එහෙනම් කෝමද බං කරන්නේ??

      Delete
    4. කලින් අයිතිකාරයගෙන් යතුර ඉල්ලනවා ඒ යතුර සබන් කෑල්ලක තියල තද කරනවා එතකොට යතුරේ හැඩේට සබන් කල්ලේ ඇඳෙනවා. ඒ සබන් කැල්ල යතුරු කපන තැනකට ගිහිල්ල දෙනවා. ඒ යතුරින් පුළුවන් දොර අරින්න.

      නැත්නම් හොඳටම ෆිට් කෙනෙක්නම් ඉල්ලගෙන ගිහින් යතුරු කපන තැනකට දීල තව යතුරක් කපාගෙන එනවා. දොර කඩන්න ඕනේ නැහැ.

      Delete
    5. අනේ ***

      ඕක ඔච්චර දෙයක්ද ?

      :ඩී

      Delete
  20. අපේ හැටි දන්න එවුන් පාස්වර්ඩ් ගහන පැත්ත පළාතක අපිව තියා ගන්නේ නැනේ...

    ReplyDelete
  21. ඕකට වඩා පට්ට වැඩක් තියනවා! සිරාම වැඩක්! කී බෝඩ් එකේ අකුරු මාරු කරලා තියන එක!

    ReplyDelete
    Replies
    1. අකුරු මාරු කරන්නේ කී බෝඩ් එක අනිත් පැත්ත හරවලද බං ?

      Delete
  22. ඔෆිස් එකේ පරන මැසිමේ කී බෝඩ් එකත් ඔය වගේම තමා...

    ReplyDelete
    Replies
    1. පරණ මහන මැෂිමක්ද මචං :)

      Delete
    2. කැඩුනොත් කියහං හදලා දෙන්නං

      Delete
    3. කැඩුන හැම එකම හදනවද බං ?

      Delete
  23. දුවගෙන ආවා හැක් කරන හැටි හොයාගන්න.....
    අපරාදේ.....
    මොනවා උනත් එල ක්‍රමයක්... උබලගේ ගෙවල් පැත්තෙවත් එන්නේ නැ කියලා හිතා ගත්තා... කමක් නැ නේද?

    ReplyDelete
    Replies
    1. එල එල... ආවොත් කෝල් එකක් දියන්..

      Delete
  24. මට ඔය ටොපික් එක ගුගල් එකේ හොයලා ඇති වෙලා තින්නෙ..!

    ReplyDelete
  25. සෑමා ද හැකර්! බලාගෙන උඹව FBI එකෙන් උස්සයි!
    ATM වල පෝලිමේ ඉන්නකොට එකෙක් එලියට එනකල් අනිකා එලියෙ ඉන්නෙ නැතුව ඇතුලට රිංගලා බලා ඉන්න එක කැත වැඩක් බව අපේ උන්ට කවදා තේරෙයිද දන්නෙනෑනේ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් පුලුවන්නම් අරූ සල්ලි එලියට ගන්නකල් අනිත් එකාගෙ කරට අතදාගෙන බලාගෙන ඉදී.

      නැහැදිච්ච උන් !

      Delete
  26. අහ් මම ආශම මාතෘකාවක්...හිකිස්.

    ReplyDelete
  27. හි හි....මාර ක්‍රමේ..:)

    ReplyDelete
  28. මම ලංකාවට ආවම උඹලගේ දිහා ඇවිත් යන්න හිටියේ.. එක්කෝ දැන් එන්නේ නෑ... :)

    ReplyDelete
    Replies
    1. හෙක් හේ.. උඹ එනනෙම නැති එක හොදා.. :))

      Delete
  29. උබත් ශේප් එකේ පරණ කොම්පිතර කෑලි විකුනන බිස්නස් එකකට අතගහන්ට යන්නේ නේද මේකට දාපං මගේ පුංචි බිස්නස් එකේ පලමු ඇඩ් එක කියල හික්ස්

    ReplyDelete
  30. සෑමාගේ ටිකිරි මොළය ටිකිරි මාරි කෑමෙන්දෝ තවත් සන්නද්ද වී ඇති හැඩයි... සිරා ඉස්සර වැඩ කරපු ඔෆීසියක හැකර්ස්ලා සැට් එකක්ම හිටියා.. උන් කොල්ලන්ට කිසිම දෙයක් කලේ නෑ... අනේ දැරිවියෝ දවස පුරාම උදේ ඉදන් හැන්දැ වෙනකන් Messenger, face book වල කොටපු චැට් ගෙඩි පිටින් හැන්දෑවට MS word පිටු කීපයකට ගන්නවා... උන් ඒවා විශ්ලේෂණය කරලා කියනවා අහවල් කෙල්ලට කොල්ලො මෙච්චරයි.. අරකි බැන්දට තව දෙන්නෙක් ඉන්නවා.. ආදී තොරතුරු.. මේ කථා බහ ලීක් වෙලා ඊට පස්සෙ කෙල්ලො ඔෆිස් එකේදී අන්තර් ජං ජාලෙට යාම සම්පූර්ණයෙන් නතර කොලා.

    ReplyDelete
    Replies
    1. අන්න නෙට් එකේ බුදියන ඉන්න උන් එලවන්න පහසුම ක්‍රමයක්.. තැන්කු වේවා.. (ඒත් අපේ උන් ඔහොම කිව්වා කියලත් යයිද ෂුවර් නෑ.)

      Delete
  31. ඔය විදියට පාස්වර්ඩ් හැක් කරන්න නම් ඒ විදියෙම කී බෝඩ් එකක් ඕන.
    මේකෙන් දැනගන්න පුළුවන් වුන එකම දේ සෑමට ටච් ටයිපින් පුළුවන් බව විතරයි, මට නම් බෑ.

    ReplyDelete
  32. උබ අර එන එවුන්ට කෙලින්ම එන්න එපා කියුවනම් ඉවරනෙ මේ හතර වරං කතාවක් නැතිව ....


    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  33. // මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.//

    හයියූ.. එසේම වේවා..!!! :D :D

    ReplyDelete
  34. හපොයි මේ පැත්තට එන්ටත් බයේ බෑ.:D

    ReplyDelete
  35. මට පුළුවන් ටච් ටයිපින් ම නෙවෙයි. වෙනම විදියකට. ඒ කියන්නේ මම කවදාවත් ස්ටෑන්ඩර්ඩ් විදියට අත තියාගෙන ටයිප් නොකරමි. ඒත් බඩු ෂුවර් එකටම වැඩ ය....:)

    ReplyDelete
  36. කරයි අපේ අකවුන්ට් නම් හැක් :p :p

    ReplyDelete
  37. සෑමා මෙසේ බ්ලොග් කොට කොට සිටිය යුතු අයෙක නොවේ!මෙවැනි මොළකරුවන් අවශ්‍ය FBI එකටයි!හයියෙන් ඉඳ ගන්න එපා බං..අමාරු වෙයි! ;)

    ReplyDelete
  38. පරන කීබෝඩ් පට්ට බං..ඒක උඩ වාඩිවෙලා ටයිප් කලෑකි..!

    ReplyDelete
  39. මගේ කී බෝඩ් එකේ නම් අකුරු පෙන්නේම නැතිය. තියෙන්නේත් අකුරු කෑලිය.

    ReplyDelete
  40. සැමාගේ හැක් සිස්ටම් එකනම් සිරා. සී. අයි. ඒ. එකට සිOහල බැරි හොඳ වෙලාවට. නැත්නම් සැමාගේ පස්සේ පන්නන්න ගන්නවා ප්‍රොෆෙෂනල් හැකර් කෙනෙක් කියලා..

    ReplyDelete
  41. මගෙත් තියෙන්නේ ඔයවගේ අකුරු මැකී ගිය කොළ ගැලවී ගිය කීබෝඩ් එකක් තමයි. සෑමා කීව ට්‍රිච්ක් එක try කරලා බලන්න ඕනේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...