Friday, April 12, 2013

සීයලා අවුරුද්ද කෑව හැටි.. - පොඩි සෑමාගේ ලිපියක්


නීතිය සු-රකින්නාවූ මාමලාට ආදරෙන් ලියමි....

ඉස්සර කාලේ අවුරුද්ද හැමෝටම කලින් ආවේ පුංචි අපිටය. ඒ අපේ මහප්පාගේ ලොකු පුතා නොහොත් අපේ අයියා කෙනෙක් අපට ඉස්කෝල නිවාඩුවටත් පෙරම ඔන්චිල්ලාවක් සාදා දෙන නිසාය. ඒ කාලේ ඒ ඔන්චිල්ලාව පදින්නට පොර කෑවේ පොඩි සෑමා, මහප්පාගෙ ලොකු දුව, සහ සෑමාගේ අක්කාය. සෑමාගේ අයියා පැන්නා නම් ඔන්චිල්ලාව ඔන්ද ස්පොට් බිම නිසා ඊට අප ඉඩ කඩ සාදා නොදුන්නෙමු. ඒ නිසාම ඔන්චිල්ලාවේ ලණුවට පුක කැපෙන නිසා දමන ලෑලි කැබැල්ල හෝ පොල්පිති කැබැල්ල සගවා තැබීමට කටයුතු කළේ අපිය. අවුරුදු මාසයේ උදෑසන අවදි වන අපි තිදෙනාගෙන් ඉස්සර වෙන එකාට එදින උදේම ඔන්චිල්ලාව හිමිය. එසේම හිද ගත් එකෙක් නැගිටින්නේද නැතිය. අනිත් උන් තල්ලු කරන්නටද නො එන නිසා ස්ව උත්සාහයෙන් අඩිය පොලවේ ගසමින් අවශ්‍ය ප්‍රවේගය සකසා ගැනීමට සිදුවන්නේය. එසේ පදින ඔන්චිල්ලාව ඔළුව කැරකෙන තුරු පැද්දද නැවත නැගිටින්නේද නැත. අනිත් උන් පන්නන තුරුම සිටින්නේය. කෙසේ වෙතත් අවුරුදු මාසයේ අපේ වත්තේ තැඹිලි ගෙඩියක් නම් බිමට බාන්නට නොහැකි වන්නේය. ඒ අප ඔන්චිල්ලාව බැදීමට යොදා ගන්නේ තැඹිලි බාන කඹය නිසාය.


ඉස්සර අවුරුද්දට හැම ගෙදරකම රස කැවිලි තැනෙන්නේය. ඒවා හොරෙන් කන එක තරම් ආතල් එකක් පොඩි සෑමාට නොතිබුනේය. හෙරෙන් කන කැවිලි, අවුරුදු දා මේසය මත තැබෙන කැවිලි වලට වඩා රස වෙන්නේ කෙසේදැයි පොඩි සෑමාට තේරුණේ ඉස්කෝලෙ ලොකු කාලේදී හොරෙන් කුරුම්බා බිව් දිනයකදීය. ඊට සතිකයට පෙරදී ගෙදරදී බිව් තැඹිලි ගෙඩියකට වඩා රසයක් හොරෙන් බිව් කුරුම්බා ගෙඩියේ තිබුණේය. ඒ නිසාම හොරෙන් කෑ කැවිලි එලෙසම රස බව පොඩි සෑමාට තේරුණේය. එසේම නිවසට එහෙන් මෙහෙන් ලැබෙන කැවිලි වලට ඒ කාලේ අත් වූ ඉරණම හරිම ගැටළු සහගතය. අපේ ගෙදර හදන ඒවා නිවසට එන අයට පිරිනැමෙන අතර. අපේ ගෙදරට පිටින් ලැබෙන කැවිලි පිගන් එලෙසම වෙනත් ගෙවල් වලට පිටත් කර හැරෙන්නේය. පසුකාලීනව එය සෑම නිවසකම පාහේ සිදුවන්නක් බව සමාජ ආශ්‍රය ඇසුරෙන් පොඩි සෑමා තේරුම් ගත්තේය. එහෙත් නිවැසින් නිවැසෙට එහෙම පිටමං වූ කෑම පිගන් වලට අවසන් අත්වන ඉරණම කුමක්ද කියා තවමත් ගුප්ත රහසක්ය. එක්කෝ අවසන එකෙක් කනවා විය යුතුය, නැතිනම් විසි කරනවා විය යුතුය. එය හරියටම පිරමිඩ ආකාරයේ කැවිලි බෙදා ගැනීමක්ය. එහෙම බෙදා ගන්නටවත් නිවැසෙක කැවිලි හැදෙනවා දැයි දැන් සිතිය යුතුය.

කෙසේ හෝ ඉස්සර පොඩි සෑමාගේ ගමේ අවුරුදු උත්සවයක් තිබුනේය. ඒ සදහා ඒ කාලේ යෞවන සමාජයේ සිටි සීයාලා සැට් එක උරදී වැඩ කලෝය. පොඩි සෑමා ඒ කාලේ පොඩිය. සීයලා යෞවනයෝය. එහෙත් පොඩි සෑමාගේ හැකියාවන්, දක්ෂතාවයන් නිසාම යෞවන සමාජයේ සැලකිය යුතු නිලයක් නැති වුනත් සීයලා පොඩි සෑමාගේ සපෝට් එක ගත්තෝය. ඒ පොඩි සෑමාගේ අත් දැකීම් හා නිර්මාණාත්මක හැකියා මෙව්ව එක නිසාය. අවුරුද්දට පුරා දින සතක් තිබියදී රබන් පද නන්ස්ටෝප් ගැසිය යුතු බවට සභාපති සීයාගේ අදහස වූයේය. ඒ සදහා දින හතක් පුරාවට ගැසිය හැකි මට්ටමේ සවිමත් සමක් සහිත රබානක් සොයා ගන්නට අපට අපහසු වූයේ නැතිය. එසේ වුවද දින හතක් පුරාවට රබාන රත් කරමින් තබා ගැනීමට අවශ්‍ය දර කෝටු සොයා ගැනීම නම් මහා අපහසු රාජකාරියක් වූයේය. එහෙත් රබන් සෙල්ලම යන කාලයේ නම් රබන් ගැසීමට සෙට් වූ සීයලා විසි දෙනාම (සීයලා හතර දෙනා බැගින් ෂිෆ්ට් පහක්) උරා විසි කරන බීඩි කොට රබාන යටට දැමු නිසා සොයා ගත් දර කෝටු වලින්ද වැඩක් ගන්නට බැරි වුනේය.

කෙසේ හෝ දවස් හතක් පුරාවට රබන් ගැසූ සීයලා සැට් එක සහ වටේ හිටපු උන් නිසා අවසන් දිනයේ අවුරුදු උත්සවය තබන්නට හැකි වූයේ නැත. අප රබන් ගැසීමටත්, අවසන් දින අවුරුදු උත්සවයටත් තෝරාගෙන තිබුනේ මහා පිට්ටනියක්ය. ඒ අසල නිවසක ෆාම් එකක්ද තිබුනේය. ෆාම් එකක් කීවට නිවසේ සිටියේ කුකුළන් හත් දෙනෙක් පමණක්ය. ඒ ගෙදර එකා අවසන් දින තම නිවසේ සිටි කුකුලන් රබන් ගැසු සීයලා සැට් එක බයිට් එකට ගත්තා යැයි මන්නයක් රැගෙන විත් රබානට කෙටුවේය. කේස් එක දුර දිග ගියේය. අන්තිමට උසාවිද නැග්ගේය. සීයලා විස්ස සහ සංවිධායක සීයලා මහත් ගේමක් දී රබන් ගැසු සීයලා විස්ස ගොඩ දැම්මෝය. ඒක නම් පට්ට නඩුවක්ය. අන්තිමට ෆාම් සීයාට කුකුලෝද නැතිය. නඩුවද පදිරිය.

සීයලා දින්නේ මෙසේය. පළමු දින රබන් ගසන සීයලාට කුකුල්ලු 7 ගැන ආරංචි වී තිබුනෝය. ඒ නිසාම දින පතා එක බැගින් මස් කොට බයිට් එකට ගැනීමට ප්ලෑනක්ද තිබී ඇත්තේය. පළමු දින රබන් පදය ගසා ඇත්තේ..

රන් රඹුටන් ගස් දෙකයි - වලි කුකුළන් හත් දෙනයි කියාය..

එදා එතැනට පැමිණි ෆාම් සීයාද මරු මරු.. ඒක මොඩිෆයි කරපු රබන් පදයක් නේද බං කියමින් කස්ටිය සමග සෙට් වී ඇත්තේය. ඒ අතර තුර මස් කල තමන්ගේම කුකුලාද බයිට් එකට ගෙන ඇත්තේය. දෙවෙනි දවසේ සිට පිළිවෙලින් වලි කුකුළන් හය දෙනයි.. පස් දෙනයි.. හතර දෙනයි.. තුන් දෙනයි කියමින් පිළිවලින් කුකුලන්ව බයිට් එකට ගෙන ඇත්තේය. ඒ බයිට් කැබලි ෆාම් සීයාද කාලා ඇත්තේය. අවසන තමන්ගේ කුකුලන් තමන්ම මස් කරමින් සතියක් පුරාවට කෑමේ වරද හේතුවෙන් ෆාම් සීයාට දඩ කන්නට වූයේය. එසේම රබන් පද මරු මරු කියමින් කුකුළන් මැරීමට අනුබල දුන්නේ යැයි ෆාම් සීයාට තවත් දඩයක් වැටුනේය. එදායින් පසු පොඩි සෑමාගේ ගමේ අවුරුදු උත්සව නම් තිබුණේ නැතිය. සීයලාගේ යෞවන සමාජයද වැඩිකල් නොපැවතී උසස් පුරවැසියන්ගේ සංගමය බවට පත් වී අභාවයට ගියේය.

සීයලා අවුරුදු කෑ හැටි මරු බව පොඩි සෑමාට ඒ කාලේ සිතුනේය. ඒ කාලේ පට්ට හැපනින්ය. ඒත් වැරදි කාරයා ගෙදර සිටියදී නිවැරදි කාරයා අච්චු කරන ප්‍රතිපත්තිය නම් එදා සිටම අද දක්වා එකම ආකාරයෙන් පවතින්නේය. එහෙම බැලුවාම අවුරුද්ද වෙනස් වුනාට සම්ප්‍රදාය එකය. සම්ප්‍රදාය, සදා සුරකින එවන් සීයලාට පොඩි සෑමාගේ ප්‍රණාමය.


මීට.
සංවේදී.

පොඩි ෂෑමා !


පොඩි සෑමා පෙර ලියූ ලිපි -

45 comments:

  1. අය්යෝ පව් කොක්කෝ ටික, මරු සීයලා ටිකක්නේ බං.

    ReplyDelete
    Replies
    1. බයිට් එකට තලගොයි මස් හිටන් ගත්ත සීයලා නොවැ !

      Delete
  2. සිරාවටම සෑමා, අවුරුද්ද ළං වෙනකොට ඇඟට දැනෙන අමුතු හැඟීම, පොඩි කාලෙ මතක් කරනකොට තාම දැනෙනවා.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ හැගීම දැන් සමාජෙ නැත්තෙ ඇයි බං ?

      නව වසර සුභම සුභ වේවා !

      Delete
    2. ඊයෙ අපේ දිහා ආව විකුමා (මගෙ සිරාම යාළුවෙක්) කිව්වා ඕකට හේතුව. අපි හරි කාර්යක්ෂම වෙලා මචං. අපිට ටික කාලයකින් කරන්න ගොඩක් වැඩනෙ. ඒ වුනාට වැඩක් ඇති වැඩක් කරන්නෙත් කළාතුරකින් තමයි.

      Delete
  3. හැම දෙයක්ම එලිපිට කනවට වඩා හොරෙං කනකොට රහ වැඩිලු.

    සෑමාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඇයි බං බොරුද ?

      නව වසර සුභම සුභ වේවා !

      Delete
  4. කුකුළන්ට වෙච්ච සන්තෑසිය ගැනනම් බොහොම කණගාටුයි....!

    සෑමාටත්, සැමටත්....සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. බහුතරයක් කුකුලන්ට වෙන දේ නේද සුමිත් අයියා?

      ඔබ පවුලේ සියළු දෙනාටත් - නව වසර සුභම සුභ වේවා !

      Delete
  5. පොඩි ෂෑමාට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඉෂ්තූතී මාමා !

      මාමාටත් එසේම වේවා !

      Delete
  6. සෑමාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
    පුංචි කාලේ අවුරුද්දට ලගින්ම හිටපු අපේ පුංචි හමුදාව ලොකුයි දැන් සේරමල මෙහෙ ඉන්නවා ඒත් අවුරුදු නෑ අපිට...

    ReplyDelete
    Replies
    1. ඇයි අවුරුදු නැහැ කියන්නේ???


      ඔබටත් නව වසර සුභම සුභ වේවා !

      Delete
  7. ඇඩෙනවා නේ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නව වසර සුභම සුභ වේවා !

      Delete
  8. දවස් හතක් එක දිගට රබං ගහන්නේ පික්ෂුද බං?

    ReplyDelete
    Replies
    1. යකෝ තව දින 10යි/9යි/8යි... කිය කිය එයාර්පෝට් විවෘත කරන්න හොදයි..

      අපෙ සීයලා රබන් ගැහුවම තමා මුන්ට වැරදි !

      Delete
  9. රන් රඹුටන් ගස් දෙකයි - වලි කුකුළන් හත් දෙනයි...මරු කතාව...!

    ReplyDelete
  10. සුපිරි සීයල ටිකක්නෙ සෑමට ඉඳල තියෙන්නෙ.
    ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවායි පතමි

    ReplyDelete
    Replies
    1. වැයික්කිෙය සීයල ෙනාවැ බං..

      ෙබාටත් සුභම සුභ ෙව්වා හැලපයිෙය් !

      Delete
  11. දවස් හත පැය විසිහතරම ගැහුවද බං? මාරයිනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නෙවෙ බං.. හදපු කතාවක්..

      Delete
  12. සෑමාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    මරු සීයල ගැන්ග් එකක්නෙ ඉඳල තියෙන්නේ...

    ReplyDelete
  13. පොඩි සෑමගේ අනිත් ලිපි තරම් කික් එකක් නැහැ එත් සීයලාගේ වලි කුකුල්ලු කේස් එකනම් පට්ට ආතල්.සෑමාලද කෙදිනක හෝ සීයලා වෙලා ඔය ආකාරයෙන් බීඩි බිබී වලි කුකුලන් මරමින් රබන් ගැසීමට හැකියාවක් ඇත :)

    ReplyDelete
    Replies
    1. අඩෝ එතකොට අපි මරන්නෙ තඩි ඌරො හරිය ?

      ජය !

      Delete
  14. 100%කම ඒ විදිහට නැති උනත් තාම අපේ පළාත් වල නම් අවුරුදු සමරෙනවා... ගමේ හැමෝම හිසතෙල් ගැන දවසට ගමේ පන්සලේ ගමේ හැමෝටම අවුරුදු උත්සවයකුත් තියලා. පන්සලෙන් (කට්ටිය කතු වෙලා ) දවල්ට කෑමත් දෙනවා.........

    අපි නම් ඉතින් ලකී ඔය පොඩි සැමලාට වඩා

    ReplyDelete
    Replies
    1. හිස තෙල් ගැම අපේ ගමේ පන්සලෙත් වෙනවා දේවා..

      ඉස්සර තරම් අර උණුසුම නැහැ බං. ඉක්කෝලෙ යන කාලෙ අවුරුදු කිව්වම ඉතිං මාසයක්ම අවුරුදු ;)

      ජය !

      Delete
  15. ඉතින් කොහොමද සැමා ..අලුත් අවුරුද්දේ
    නෑවිදිම්ම බැරි නිසයි මේ තොල හපන් ආවේ ..

    ඔබට සුබ නව වසරක් වේවා සැමා..!

    ReplyDelete
    Replies
    1. බොටත් සුභම සුභ වේවා :)

      Delete
  16. යෞවන සීයලත් හිටිය ද බං :D

    //හෙරෙන් කන කැවිලි, අවුරුදු දා මේසය මත තැබෙන කැවිලි වලට වඩා රස වෙන්නේ කෙසේදැයි පොඩි සෑමාට තේරුණේ ඉස්කෝලෙ ලොකු කාලේදී හොරෙන් කුරුම්බා බිව් දිනයකදීය.//

    වෑවර තැඹිලි හොඳ ගිනියම් ඇති දාටයි
    ඒවයේ රස දැනෙන්නේ වැඩිපුර රෑටයි..... කියන්නේ ඒකනේ. :)

    සෑමා සහ පවුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ..!!

    ReplyDelete
    Replies
    1. සීයලා ඒකාලෙ යෞවනයෙක් :)

      තැඹිලි නම් පෝෂ්‍ය ගුණයෙන් අනූනයි නේ...

      ඔබටත්, ඔබ පවුලටත්...නව වසර.. සුභ වේවා චන්දනයා..

      Delete
  17. ඇත්ත කියපන්!!!උඹත් සීයලා එක්ක සෙට් උනා නේද?

    ReplyDelete
    Replies
    1. උබ හිතනවද ප්‍රධාන සංවිධායක ෂොට් එකක් නොදා ඉදී කියල ?

      Delete
  18. දැන් මේ පාර සෑම් සීයත් රබන් ගහන්ඩ යනවද?
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මේපාර අවුරුදු එච්චර සරු නැහැ බං. ඔක්කොම සීයලා කනත්තෙ !

      Delete
  19. කුකුල්ලු බයිට් එකට ගත්ත හැටි රබන් පදෙන්ම කියපු හැටි තමයි මරු

    ReplyDelete
    Replies
    1. කලාත්මක සියලා නොවැ !

      Delete
  20. සෑම් ටත් පවුලේ සියළුම දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
  21. සුබ අලුත් අවුරුද්දක් වේවා.......!!!!

    ReplyDelete
  22. උඹලගේ ගමේ මාර සියල සෙට් එකක් නේ ඉඳල තියෙන්නේ. අවස්ථාවේ හැටියට පද වෙනස් කිරීමත් මරු.

    සුභ සිංහල හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  23. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
  24. කුකුල් හොරකම කියන එක ගමකට අනිවාර්ය අංගයක් වෙලා තිබිලා තියෙනවා කියලා ම්ට හිතෙනවා බං.

    :) සුභ අලුත් අවුරුද්දක් සෑමා සහ පවුලේ සැමට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...