Sunday, August 26, 2012

දෙවරක් සෙලවීමේ අවාසිය...



පුංචි කාලයේ සිට අපේ උන් කිව්වේ මුත්තරා කොට ** දෙවරක් සොලවන්න කියාය. ඒක ඇත්තය. නැතිනම් අන්තිම බිංදුව කලිසමේය. කෙල්ලන්ට එය කෙසේදැයි සෑමා නොදන්නේය. ඒත් දෙවරක් සෙලවීමට යන කාලයේ, පුංචි තප්පරයේ වටිනාකමක් ඇති බව කිසිවෙක් සිතුවේද? මෙන්න අවසන් බිංදුවේ වටිනාකම සහ එය පොලොව මත සමපාත කිරීමට ගතවන තප්පරයේ වටිනාකම.




බ්ලොග් ලෝකයේ නයෙක් ඇරියා යයි අර්ථකතනය කරන්නේ තමන්ට ඇති දෙයට වඩා දෙයක් මවා පෑමක් කලොත්ය. එහෙත් සෑමා පාසල් යන කාලේ නයි කීවේ කිසිවෙකු විසින් බොරුවක් කියු විටය. එය තමන්ට ඇති දෙයට වඩා දෙයක් මවා පෑමක් කළ විට පමණක් යොදා නොගත්තේය. එසේ පාසල පුරා ප්‍රකට වූ නයි රැසක් විය.

අප්පුවා යනු සෑමා සමග එක පේලියේ හිදගෙන සිටි නයෙකි. පොර නයි යැව්වේ හිට ගෙනය. විටක ඉදගෙනය. විටෙක නයි ඇවිද්දුවේය. කිසිවෙකු නයෙක් අරිනු බව දැනුනු විට වටේ සිටින පිරිස විවිධ ප්‍රතිචාර දක්වන්නෝය. අයෙක් පුටුව නගින්නේ බිම දිගේ එන නයි කකුලට දෂ්ඨකරාවි යැයි මවා පාමින්ය. තවකෙකු නයෙක් පෙනය පුප්පන විට ‘ෂ්..‘ සද්දය දමන්නාක් මෙන් සද්ද කරන්නේය. තවකෙකු අත වැලමිටෙන් නවමින් නයි පෙනයක් ලෙස සකසමින් උලුක් කරන්නේය. එවිට නයා අරින පුද්ගලයා කතාව නැවැත්තුවොත් පොර නයා වන්නේය. එනිසා එවන් විටක කිසිවක් ගණන් නොගෙන කතාව අහවර කිරීම සිරිතය.

අට වසරේදි සංඛයා යැවූ නයාට ගහන්නට නයෙක් යලි ඉපදුනේ නැතිය. සංඛයා අට වසරදී කිව්වේ තමන් මඩ ගොඩක වැටී තිබී කම්පියුටරයක් ඇහිලූ බවක්ය. එකෙක් පැනපු හැටිය සංඛයාගෙන් ඇහුවේ මචං කැල්ක්‍යුෙල්ටරයක්ද  කියාය.  ඒ ඓයිතිහාසික නයෙක්ය.

පසුව ඒලෙවෙල් කරන කරන කාලයේ අල්ලපු ගෙදර අක්කා දැකීමට අපේ උන් උත්සුක වූවෝය. ඒ අතර අපේ අප්පුවා නයෙක් ලෙස නැගී සිටියේය. දින දෙකතුනක් පාසල් නොපැමින පන්තියට ආ මිතුරෙකුට අප්පුවා කීවේ උබ දන්නෙ නැහැනේ මචං, ඊයේ අක්කා ලිද ලග නාලා ඇගේ නුල් පටක්වත් නැතුව ගෙදරට දිව්වා කියාය. එතැන් පටන් අප්පුවා පට්ට නයාය. විටෙක අප්පුවා ගීත ගායනා කලේය වැරදි පද රචනා සමගය. ඒවාද  නයිය. කොටන්ම කිවහොත් බොරුය. දිනක් කොල්ලො සෙට් එක සිංදු කියන අතර අප්පුවා ගීතයක් පටන් ගත්තේය. “මුණි මුණි පොද වැටේවි.. වැහි ඒ දුනු විදීවි...“ ඒ “ මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවානම්“ ගීතය බව වටහා ගන්නට අපට මොහොතක් ගත විය. ඒ ඉතිහාසය අලුත් කරන්නට අපේ අප්පුවා මෑතකදී හමුවූයේ ආදි ශිෂ්‍ය ක්‍රික්‍රට් තරගාවලියේ මෝලම් සෙට් එක ඉදිරි පිටදීය. මතට තිත තබමින්, ඇය මා ලගින්, මා ලගින් පාද තබමින්, ගීත ගයද්දී, අප්පුවා නන්ස්ටොප් එකට සපෝට් එකක් දුන්නේය.. “රන් සමනල ජෝඩු බබාගේ...“ අප්පුවා “රන් සමනල ජෝඩුව වාගේ‘ නොදැන සිටි බව පසක් විය. 

දිනක් අපේ රුචිරයා නයෙක් ලෙස තම ජීවිතය ජය ගත්තේ රුපියල් 4000ක බොටමක් (කලිසම) ගැන කීමෙනි. ඒ කාලේ හැටියට එවන් මුදලකට බොටමක් ගැන කතා කරීම නයා මුචලින්ද නාග රාජයෙක් කරන ලක්ෂණයක්ය. රුචිරයා එසේ කියද්දි මැද්දට පැන්න අපේ එකෙක් ඇසුවේ මචං බොටම එයාර් කන්ඩිෂන් කරලද කියාය.

මෙලෙස නයි සමාජ ගත වෙද්දී නයෙක් යවන විට දමන ‘ෂූ...ස්“ සද්දයෙන් බැට කෑවේ මුත්තරා බරක් සැහැල්ලු කරගන්නට ගිය අහිංසකයෝ දෙදෙනෙක්ය.

‘මචං පම්ප් එකක් දාන්න යමුද?‘

‘මටත් යන්නෝනි බං.. ඒත් පඩිපෙල බැහැලා අච්චර දුර යන්න කම්මැලි‘

ඒක උන් දෙන්නට විතරක් නොව ඒ ලෙවල් විද්‍යා අංශයේ සිටි කොල්ලන්ට තිබි පොදු ගැටළුවක්ය.

ගැටළුවට විසදුමක් ලෙස මිතුරෝ දෙදෙනා උඩුමහල කෙලවර වසා දමා තිබි පඩිපෙල පැත්තට ගමන් කලෝය. එක් අයෙක් පඩි තුනක්  පමන පහලට බැස මුත්තරා කරද්දී අනෙකා එයිට ඉහල පඩියක සිට බිත්තිය දෝවන්නට විය. ඒ අතර එහා පන්තියේ එකෙක් නයෙක් මල්ලෙන් එලියට දැමීම නිසා ‘ෂ්..ස්‘ හඩක් නැගින. ඒ හඩට කෝපා වුන ගුරුතුමිය සද්ද දැමූ එකා සොයා කොරිඩෝව දිගේ දිව එද්දී මිතුරන් දෙදෙනෙකුගෙන් එකෙක් බිත්තිය දෝවා එලියට එද්දී  ගුරුතුමිය ඒ දෙසට දිව ගියේ සැක කරුවන් සොයා ගැනීමටය. සැහැල්ලු කරමින් සිටි දිය දහරේ අවසන් බිංදුව දමන්නට දෙවරක් සොලවන අතර ගුරුතුමිය ඒ දෙසට ඔලුව දැම්මාය.

“ඒ තමුසෙ මොකද ඔතන කරන්නේ??“

සියල්ල ගුරුතුමිය හසුව අහවර නිසා මිතුරා සිනහ වෙමින් පිලිතුරු දුන්නේ....

“කමක් නැහැ ටීචර් අපෙ අම්ම වගේනේ...“ කියමින් ගුරුතුමිය දෙස හැරෙමින්ය.

ගුරුතුමිය දුම්මල වරම අතට ගත්තාය. මුත්තරා මුඛයෙන් සුලු දිය පහකර දෙදෙනා පිළිබද ඒලෙවල් වාට්ටුව භාර ගුරුතුමාට පැමිණිලි කළාය. ඔවුන් පැමිණ මුත්තරා සාම්පල සහ බිත්තියේ තෙත් බව පරීක්ෂා කොට වැරදිකරුවන් නියමාකාරයෙන් හදුනාගත්තෝය.

වරදකරුවන් අතට බාල්දි දෙකක් පිරිනැමිණ. කැමති ටැප් එකක් භාවිත කොට බිත්ති සහ පඩිපෙල සේදීම කළ යුතු බවට නියම විය. වතුර පුරවාගත් බාල්දි අතින්ගෙන මිතුරන් දෙදෙනා අප පන්ති පසුකර යද්දී එකෙක් වත් කොලොප්පමට වත් සිනා නොවුනේ උන් අපේම නිසාය.

එදා දෙවරක් සෙලවීමේ සිදුනොවූයේ නම්, මිතුරන්ට මෙවන් දුකක් සිදු නොවනු ඇත.

උපදෙස - කාලය රන් හා සමානය. අන්තිම බිංදුව නොතකා කාලය ඉතුරු කරගන්න.

Written by sAm_9:22pm_25/08/2012

82 comments:

  1. ඒක තමා අර ඉස්සර රජ්ජුරුවොත් කිව්වේ.. එක බිඳක්වත් අහක යවන්න එපා කියලා...
    ඒ කියන්නේ අන්තිම බින්දුව තියා ගන්න.. මිස්ට තොවිල් නැටුවේ නැතෙයි..?
    ඔය කොල්ල සෑමා වීමට නොහැකිද..?
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. ම්ස් තොවිල් නැටුවා අර අහිංසකයෝ අසරණ කරලා..

      සැමා කොල්ලා ඔය ජලා වැඩ කරනවද බං ?

      Delete
  2. මලා දැන් දෙපාරක් හොලෝලත් ඉවරයි.....

    ඔන්න මචං මමනම් බ්ලොග් එකේවත් නයෙක් ඇරල නෑ.. හරිද

    ReplyDelete
    Replies
    1. නොසොල්වා උඩ පැනපං මීයෝ ර්‍

      Delete
  3. චූ කේස් එකක්නේ...

    ReplyDelete
    Replies
    1. තරියා වන් සූ කොල්ලන්ට මේවා හොදා

      Delete
  4. මගේ පළමු රැකියාව කරන්නට ලැබුනේ අලුතින්ම පිහිටවූ කාර්යාලයක. පිහිටා තිබුනේ බැංකුවක ප්‍රධාන කාර්යාලයක් තුල (කාර්යාලයක් ඇතුලේ තව එකක් :-).. අපේ ලොක්කා කිට්ටුවෙන් තිබුණු බැංකුවට අයිති ජරාජීර්ණ වුනු ටොයිලට් ඉල්ලගෙන නවීකරණය කෙරෙව්වා.

    ඒකෙ වැඩ ඉවර වූනු එන දවසේ මම දොර ඇරලා බැලුව. ලස්සනට කිරි ටොයිය වගේ අලුත්ම ටොයිලට් එක.ඒ වගේම අළුත් කොමෝඩ් එක. ඒක දැකපු මට මුත්‍රා බර ඉවසගෙන ඉන්නම බැරි වුන නිසා මම ඇතුලට ගිහින් බර හෑල්ලු කරගෙන, 3 පාරක් හොලවලා ෆ්ලශ් කරල දොර ඇරන් එළියට එන කොට ලොක්ක එතන..

    මට ඊ ළඟ මොහොතේ ඇහුනේ "තමුසේ ඕක විවෘත කොලාද ? අන්න තමුසෙගෙ හුජ්ජ ටික බාසුන්නැහැගේ අතේ ..... ........" කියන දෝස්මුරය..

    බලන කොට ටොයිලට් එකට පිටිපස්සේ බාසුන්නැහැ කොමෝඩ් අවුට් එකට බටයක් හයි කරමින් ඉඳල තියෙන්නේ.. ලොක්ක කන්කානි වැඩේ කරල...

    ඔය සිද්ධිය මතක් කරල කාලයක් යනකම්ම මාව බයිට් කරපු බොසා, මම අයින් වෙන දවසේ ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන්නත් අමතක කලේ නැහැ. හොඳ මනුස්සයා...

    ReplyDelete
    Replies
    1. මේකෙම වෙනත් සීන් එකක් මට වුනා.

      අපේ පහල තට්ටුවේ ටොයි-ලැට් එක හදනකොට මම 5 වසරේ විතර පොඩි එකා. බාසා මාව බයිට් කරන්න මයි ට්‍රයි එක. දවසක් බාස් වැඩ ඉවර කරල හවස ගියා ගෙදර. ටොයි-ලැට් එකේ කොමඩ් එක සෙට් කරල. පහුවෙනිද උදේ මාව බයිට් කරනවා මෙන්න මේකා රිලා කිය කිය.

      බලනකොට බලලෙක් ජරා කරල. මූ මාව අල්ලගෙන බයිට් කරනවා.

      Delete
    2. හෆ්ෆා...මේ මහ රෑ හයියෙන් හිනා වෙලා ගෑනිගෙන් බැනුම් අස්සන්නද හදන්නේ...දෙන්නම මම දන්න නිසා සීන් එක මැවී පෙනේ...

      Delete
    3. RRC පැත්තේ ඇවිත් තියෙනවාද Modern Patriot ?

      අපේ බොසා සිනමා නළුවෙක් බව දන්නවද .

      Delete
  5. අහල නැද්ද කතාවක් කෙතරම් ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුයි කියලා හික්ස්.. ඔන්න

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මමත් ඕක නොකියා හිටියේ..
      මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

      Delete
    2. ඒක නම් සහතික ඇත්ත බං !

      Delete
  6. අඩේ අද නම් චූ කතාවක් ඈ............ උඹේ අර ප්‍රශ්ණෙට උත්තරේ මම නම් මේ දැන් අහල දැනගත්තා. ඒ උනාට උඹට කියන්නෑ. උඹත් අරයගෙන් අහල බලපන්..! ජය...!

    ReplyDelete
    Replies
    1. කොයි ප්‍රශ්නෙටද බං ?

      Delete
    2. අපිට කවුරුත් අහන්න නෑ සරෝ , ඔන්න ඕක කියලා දාහන් බන්...

      Delete
  7. Replies
    1. ස්තුති මේ පැත්තෙ ආවට

      Delete
  8. ඕනෙම බේත් බෝතලේක ගහල තියෙන්නෙ SHAKE WELL BEFORE USING කියලනෙ. මේක තමයි

    SHAKE WELL AFTER USING කියලා යොදන්න පුලුවන් එකම තැන!!

    අඩේ සෑමා. දැන් උඹ අපේ කමෙන්ට් වලට උත්තර දෙන්න හොරයි නේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)


    ReplyDelete
    Replies
    1. ඔන්න ක්ෂණීක ප්‍රතිචාරයක් දැම්මා :)

      රිප්ලයි නැත්තේ, ටිකක් වැඩ වැඩි බං.. :/

      සේක් වෙල් කතාව ගැලපෙනවා. ඒත් ගෑනු ලමයි ??

      Delete
  9. කාලය රන් හාඅ සමානය, හොල්ලා කාලය කා නොදමන්න...සැමාගෙන් ජාතික සත්කාරයක්...
    එළ කතාව... :D

    ReplyDelete
  10. කථාව නම් අන්තිම බින්දුව තෙක්ම වටී. මෙවර චූ සම්මානය පොඩි සෑමා ට.

    ReplyDelete
    Replies
    1. කක්කා සම්මානය ගියේ කකාට නේද?

      Delete
  11. මමත් නයි අරිනවා කියන එක බොරු කියනවා යන තේරුමෙනුත් බාවිතා කරනවා.. හැබැයි ඇත්තටම ඒක හරි යන්නෙ අතිශෝක්තියෙන් යමක් දක්වනකොට විතරයි..

    සෙලවීමේ අවාසි එතකොට එහෙමයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි නයි කිව්වේ පච කෙලින එකට !

      Delete
  12. හෙහ් හෙහ්.. එක තප්පරයක් වැඩියෙන් හෙලෙවුවයින් උන දෙයක්..

    ReplyDelete
    Replies
    1. බලපං තප්පරෙන් කෙලවුනේ

      Delete
  13. ඉතින් බන් මුස්ලිම් වෙයන්කෝ.
    කොන කැපුවම ප්‍රශ්නේ ඉවරයි. ඕන නම් ගඩොල් කැට කෑල්ලක් පාවිච්චි කරන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ගඩොල් කැටෙන් කෝමද බං බිංදුව හලන්නේ ?

      Delete
  14. හොඳින් සොලවා භාවිතා කරන්න සහ භාවිතයෙන් පසු හොඳින් සොලවන්න..

    ReplyDelete
    Replies
    1. බෙහෙත් බෝතලයක්ද බං ?

      Delete
  15. අගේ ඇති කතාවක් නොවැ දෙවරක් සොලවන්නේ නැතිවම ඇතුල් කරගන්න වෙන්නේ ලොල්

    ReplyDelete
    Replies
    1. ජුන්ඩක් තෙමුනම මොකෑ :)

      Delete
  16. ශෝකාන්ත ප්‍රහසනයක්.......!!!

    ReplyDelete
  17. ඔය අවසන් වෙලා දෙවරක් හොලවන්නේ නැතිව මුල ඉඳලම හොලවන්න පටන් ගත්තනම් ඉවරනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හොලව හොලව දානවා, බිත්තිවල රටා මවන්න නම්

      Delete
  18. දැන් උඹ මට කියන්නේ හොලවන්න එපා කියලද ? ඒවා ඉතින් කලිසම අ*සේ තමයි
    ජය!!

    ReplyDelete
    Replies
    1. කොච්චර හෙලෙව්වත් වැටෙනව බං.

      Delete
  19. Replies
    1. දවසක හිටගෙන කරල බලන්න :ඩී

      Delete
  20. ඔයි..පට්ටම පට්ට..

    ReplyDelete
  21. ඔය "රන් සමනල ජෝඩු බබාගේ" සීන් එක හැම තැනම වගේ වෙන එකක්. අපේ යාලුවොත් ඕක කිව්වේ එහෙමයි. ඒ දවස්වල ගොඩක් අය ගාව සින්දු පොත් තිබුනනේ. මම හිතන්නේ ලියපු එකක් බලන් කියන්න ගිහින් තමයි එහෙම වෙන්න ඇත්තේ. කට්ටියගේ "ව" යනු "බ" යනු වෙන් කරගන්න එක එච්චරට ලේසියි නේ.

    ReplyDelete
    Replies
    1. එදා අපි පොත් බලාගෙන සිංදු කිව්වෙ නැහැනේ.

      අනික එදා පොත් බලන්නෙ කෝමද ඩබල් වෙලා පේන් ගත්තේ.

      Delete
    2. නෑ නෑ මම කිව්වේ මුලින්ම ඕක කියපු කෙනාට එහෙමයි වෙන්න ඇත්තේ... :ඩි

      Delete
  22. කාලය රන් හා සමානය :)

    ReplyDelete
  23. අර නයි කතාව නම් සලකා බැලිය යුතු දෙයක්. අද කාලේ නයි ඇරීමට වඩා ඒ කාලේ නයි ඇරීම ගැන කී කතාවල ඇත්තක් තිබෙන බවක් පෙනේ. (නයි පෙනේ එහෙම නෙමේ) :D

    ReplyDelete
    Replies
    1. නයි ගැන හොයන්න ගිහින් දෂ්ට කරගන්නවා නෙවේ !

      Delete
  24. ඔය ගැන කතාවක් මම අන්තිම පේලියට ලිවුවාය.. එදාද අන්තිම හරිය හතර අතේ වන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. //මම අන්තිම පේලියට ලිවුවාය// සරත් ගෑල්ලමයෙක්ද?

      ඒ කතාව බලන්න වටිනවා.

      Delete
    2. ඒ සොමියට ලියන බාසාවයි ..සරත් ගෑල්ලමයෙක්ද? අනේ උඹ ළඟක හිටියානම් මට ඔප්පු කරන්න තිබ්බනේ..

      Delete
  25. හෙල්ලිල්ල ගිය දුරක්.

    ReplyDelete
  26. ඇත්ත ඇත්ත හදිස්සියෙ ඔක හොලවන්න යනවෙලාවේ මාරම වටිනාකමක් තියනවා. ඊට වඩා හදිස්සියක් තියනවනේ ඕක එලියට ගන්න නැද්ද මම අහන්නේ

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ කොමඩ් එක පෙනි පෙනි එලියට ගන්න දගලන දැගලිල්ලක්

      Delete
  27. දෙවරක් සොලවනවා වගේම පොඩි කරන්ට් එකකුත් යනවා නේද. අපෙ පොඩි එකා චූ දම්මන කොට ඌ කියනවා. තාත්තෙ චුට්ටක් ඉන්න අනේ.. තාම වෙව්ලුවේ නෑ කියල..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කතාවක් ඇහුවමයි :D

      Delete
    2. පොඩිකාලේ වැඩකරපු සෙන්සර් දැන් වැඩකරන්නෙ නෑ. ඔය ගැජට් එක වැඩකරානම් දෙපාරක් හොලවන්ඩ් ඕනෙ නෑ.

      Delete
    3. යනවා නේන්නම් පොඩි මෙව්වා එකක්... වෙවුලලා යන්ඩ... පොඩි එකක් හොඳේ..

      Delete
    4. ඒ හිරකරන් ඉදල දැම්මම නේද බං. මෙව්ව එක වෙන්නේ?

      හිකිස් !

      Delete
  28. චූ කතාවක්නෙ බොලේ...

    ReplyDelete
  29. හිකීස්.... චූ කතාවක්..... මේතනින් එක්කෙනෙක් අනිවා සෑමා විය යුතුයි

    ReplyDelete
  30. චී සැමාගේ සෙට් එකේ උන්නම් ගන්න දෙයක් නැහැ,කලොත් අවලං වැඩක්මතමා ...

    ReplyDelete
  31. හරි උපදෙස පිලිගත්තා .

    ReplyDelete
    Replies
    1. ඒකියන්නෙ දෙපාරක් හොලවන එකද

      Delete
  32. චිස්..චූ කතාවක්ම තමයි.

    ReplyDelete
  33. අපේ ඉස්කෝලේ වැසිකිලියේ මෙහෙම ලියල තිබුන, " මුත්‍රා කලපසු අන්තිම බින්දුව ගසා දමන්න " ඉතින් කොහොමද මේ වගේ හොද පුරුදු අතාරින්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ තිබ්බේ..

      ‘හුජ්ජ කර *ජ්ජ දෙවරක් සොලවන්න‘ කියලා.

      Delete
  34. හොර වැඩ වලදී දෙවරක් සෙලවීමෙන් වලකින්න ;)

    ReplyDelete
  35. සෑම් ටත් වෙන වැඩ ..

    ReplyDelete
  36. මම ඒත් කල්පනා කරේ ... නඩු භාණ්ඩ විදියට තෙමිච්චි බිත්තිය තිබ්බයින් හොඳට ගියා. නැතුව අරූ ගැජට් එක හොලව හොලව ඉද්දි මිස් දැක්කනම් සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක් ඇති වෙනව නෙව. ඔය ටිකට ඔච්චර දැඟලුව නම් එහෙම උනානම් බලන්ට තිබ්බ මිස් නඩුව බලවන හැටි.

    ReplyDelete
    Replies
    1. විනාසයි එහෙනම් ඇලෙනවද කියල බලයි !

      Delete
  37. කොච්චර ගැසුවත් වැඩක් නෑ බං...අකුලල ඇතුලට දානකොට ආයිත් බින්දුවක්...ජොකාගේ..!!

    ReplyDelete
  38. මේක දකිද්දී මට අපේ ඉස්කෝලේ ටොයිලට් එකේ ලියලා තිබුණු එකක් මතක් වුනා..

    ' *** කොපමණ සොලවා ඇතුලට දැම්මත් අන්තිම බිංදුව ජොකාට/ සරමට/ කළිසමට වැටෙන්නේය..'

    ReplyDelete
  39. ඉස්කෝලේ කතා කෑලි කෑලි ගොඩයි... සිංදු ප්‍රශ්නේ නම් හැමෝටම වගේ තිබිල තියෙන පාටයි...

    ReplyDelete
  40. දෙවරක් සෙලෙව්වට මදි සෑමා.... ඉස්සර උන්ට ඇති උනාට දැන් ඉන්න උන්ට මදි...සොලවන එකත් පරිණාමය වෙලා වගෙයි..

    ReplyDelete
  41. machn appuwa dan karana job eka mkakda bannn

    ReplyDelete
  42. කාලය රන් හා සමානය. අන්තිම බිංදුව නොතකා කාලය ඉතුරු කරගන්න.

    සිරා පෝස්ට් එක මචං..මමත් මීට පස්සේ දෙවරක් සොලවන්නැතුව එක වරක් සොලවන්න ඕන.

    ReplyDelete
  43. අම්මපා අයියේ මීට පස්සෙ ඔහොම දාන වෙලාවටනම් හොල්ලන්නෙම නෑ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...