Friday, August 24, 2012

වරා සහ හොරා...


වරා යනු මිත්‍රයන් දිවි පරදුවට තබා ඇසුරු කරන්නෙක්ය. ඕනෑම මොහොතක ඕනෑම අයෙක් වෙනුවෙන් ඉදිරිපත්වෙන්නෙක්ය. ඒ නිසා වරා පිලිබද සෑමාගේ ගමේ උන්ට අමුතුවෙන් කිවිය යුතු නැතිය. වරා වීඩියෝ සෙන්ටර් එක කළ කාලයේ සෑමාට බොහෝ විට හවස් ජාමයේ වරාගේ සැන්ටර් එකට රිංගුවේය. බොහෝ විට වරාගේ ඉන්ටර්නෙට් කැෆේ එකේ මැෂින් වල ට්‍රබල් ෂූටින් වැඩ පවා පැවරෙන්නේ සෑමාටය. එවාද කර දෙමින් සෑමා වරාට සපෝට් එක දුන්නේ වරාගේ හොද ගති ගුණ දන්නා නිසාය. 

ඒ අතර සෑමා ගත් බොක්ස් ගිටාර් එක වාදනය කිරීමට පවා වරා සෑමාට පුරුදු කලේය. වරා යනු එසේ මෙසේ පොරක් නොවේය. පොර සංගීත කණ්ඩායමක නම ගිය ගිටාර් කරුවෙක්ය. එසේම කිසියම් මාධ්‍යයක සුපිරි තරුවක් වූ පොරකගේ බොක්කේ ෆිට් එකක්ය. එසේම එම තරුව පවා සෙල්ලම් කලේ වරාගේ බෑන්ඩ් එකේමය.

ඒ අතර සෙට් වීම් වලට පවා වරාගේ ගිටාර් නාදය නැතුවම බැරි විය. ඔහුගේ සහයට අපේ හර්ෂයාද විය. හර්ෂයා නම් බොන්ගෝ කරුවාය. වාදයන සුපිරිය. විටෙක වරාගේ සෙන්ටර් එකේ වරා, හරා, සහ සෑමා සිංදුවක් කියමින් ෆන් එකක් ගන්නේ හවස් ජාමයේය. පසු කලෙක උන් දෙන්නා පොලිසියට භාර විය. ඒ කිව්වේ හිරේ විලංගුවේ වැටුනා නොව, පොලිසියේ පිරිස් සෙට් වෙද්දී මුලින්ම ඇමතුම ලැබුනේ වරාට හෝ හරාටය. ඒ පැත්තකින් සිට ගීත ගයමින් සපෝට් එකක් දීමටය. එසේම කෑම බීම පවා නොඅඩුව ලැබෙන්නට විය. 

මෙකී සිදුවීම් නිසා වරාගේ මෙන්ම හරාගේද රැපෝ එක යුනිෆෝම් එක හමුවේ වර්ධනය විය. එනිසා දඩ කොලයක් ලියන්නට පෙර ලයිසන් එක ඉල්ලද්දී පවා අපේ වුන් පළමුව කතා කරන්නේ වරාටය. නැතිනම් හරාටය. එවිට වැඩේ ගොඩින් නිදහස්ය. දිනක් සෑමාද ඒ ක්‍රමය අනුගමනය කලේය. එවිට දඩ කොලය ලියලා හමාරය. දඩ කොලෙන් බේරීමට නිවැරදි ක්‍රමය අනුගමනය කරන්නට ඉගෙන ගත්තේ සෑමා එදාය.

එකී සියළු සිද්ධීන් මැද දිනක් වරා බයික් එකකින් ලිෆ්ට් එකක් ඉල්ලුවේය. ඒ පොඩි ෂොට් එකක් දමා සිටි පෙරකගෙන්ය. ඒ මදිවට හෙල්මට් නැතිය.

“මචං මාව හන්දියට දාපංකෝ..“ ඒ වරාය.

“හරි මචං නැගපං“ තමා යන මාර්ගය වෙනස් කොට මිතුරා කීවේ වරාගේ හොද ගති නිසා බැහැ කියන්නට බැරි නිසාමය.

වරා රැගත් රිය, වරාට හෙල්මට් නැතුව ගමන් කරද්දි මාර්ගය එහා පැත්තේ පොලිසිය සිටියේය. ඇල්ලුවත් කම් නැත වරා පිටු පසය. අනික මාර්ගය එහා පැත්තේ නිසා හදිසියේ නැවැත්වීමට පවා අවකාශ නොමැත. මිතුරා වරාව ඩ්‍රොප් කලේය.

“මචං... මම කෝමද දැන් ගෙදර යන්නේ. පොලිසියෙන් හිටියනේ එහා පැත්තේ..“ ඒ මිතුරාය.

“අවුලක් නැහැ බං. ඒ පොරවල් දෙක මම දන්නවා. උබ මාව දාන් ආව කියපං. මගෙ නම කියපං“ ඒ වරාය.

“ඒත් බං මම බීලා නේ..“

“උබ පඩියා නොවී මගෙ නම කියපංකෝ..“

වරාගේ පෙරැත්ත මත මිතුරා පිටත් විය.

පැතූ පෙම් පැතුම් මල් ඉටු වී මිතුරා පොලිසිය ඇල්ලුවේය.

“තමුසෙ කොහෙද යන්නේ???“

“වරාව දාන්න ගියා සර්..“

“කෝ හෙල්මට්???“

“හෙල්මට් ඕනෙ නැහැ කියල වරා කිව්ව සර්..“

“කවුද ඕයි වරා??“

“වරා මගෙ යාළුවා සර්..“

“තමුසෙ බීලද??“

“ඔව් සර් වරා එක්ක තමා බිව්වෙ සර්..“

“කවුද යකෝ මේ වරා.. පොලිසියේ ඕ.අයි.සී කියල හිතුවද??“

“පොඩ්ඩක් ඉන්න සර් කෝල් එකක් අරන් දෙන්න..“

සියළු තතු පැවසීමෙන් පසු වරා එතැනය. මිතුරා දඩ නොකා බේරුනේය.

“තමුසෙ දැනගන්නවා, මූ හින්ද තමුසෙ බේරුනා. මේ වරා අපි නොදන්න වරෙක් වුනා නම් ඒ වරායි.. තෝ හොරායි.. දෙන්නම ඇතුලේ..“

අවවාදය - සතාගේ හැටියට බේත දෙන්න. කතා කළ යුතු තැන ඒ විදිහට කතා කරන්න.

Written by sAm_10:12am_24/08/2012

64 comments:

  1. සෝක් සෝක්.... මටත් ඔය වරාව අඳුන්වල දෙනවකො.. අපේ පැත්තෙ නම් "නෙළුවේ සුදා" කිව්වම කාකි කලිසම මැද්දෙන් දිය ඇල්ලක් කඩන් වැටෙනෝ. ඇවිත් බොරුද බලනොකෝ.. මම හිතුවේ සෑමා කියල අයියා කැලණියේ රන් කරන්නේ.. බලන් යද්දී මු ජුන්ඩේක් නේ ..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. මම එක වෙලා... යකෝ මලුනේ :D :D :D :D :D :D :D :D :D :D :D :D

      Delete
    2. අපි කැලනියේ රන් කරනවා.. හවසට ඇක්සයිස් එකට :)

      Delete
  2. මා දන්නා මුදලාලි කෙනෙක් මට දුන් අවවාදය : පොලීසියේ අය ඇසුරු කිරීමෙන් වලකින්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්, කොටි වලිගේ අල්ලගත්තටත් වැඩිය දරුනුයි

      Delete
    2. උන් අවස්ථාවාදී !

      Delete
    3. @ සුදීක

      මා දන්නා අයෙක් මට දුන් අවවාදය " පොලිස්කාරයෝ සහ හාමුදුරුවරු අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනේ "

      Delete
  3. බොහෝම පරිස්සමින් ඇසුරුකලයුතු පිරිසකි..!!

    ReplyDelete
  4. හා...පෝ...පොලිස්ද.... කතා කරන්න එපා.

    ReplyDelete
  5. හොරා පොලිස් :ඩී

    ReplyDelete
  6. පොලීසියෙත් හොඳ ඈයෝ ඉන්නවා කියලා මේ ලඟදි පෝස්ටුවක් කියෙව්වා.

    ReplyDelete
  7. ලගින් ඇසුරු නොකල යුතු කොටසකි. පෙර සිටම ඔවුන් මට නොකැමතිය.මාද එසේමය......................................................................................................................................................................................................................................................................................................................................................................................................! මම මේ ටික නම් මැකුවා. පොරසිද්දෙට මම අකමැතියි නොවැ, ඕවා කරදර වැඩ..! ජයවේවා යාලුවා....!

    (මම කිවේ හාලරාමිලා ගැන හොදේ)

    ReplyDelete
    Replies
    1. මගුලයි සරා පොලිස් ලොක්කෙක්ද?

      Delete
    2. උලව්වයි මූ හිතන්නෙම හරහට...හිකිස්...!!


      (මම හොරා පොලිස්...)

      Delete
  8. හිහි... මරු කතාව..

    ReplyDelete
  9. අපෝ ...... සෑම් ‘පොලිස්‘ නම් එපා.

    මම හිතන් හිටියෙ ඔය පැත්තෙ කස්ටිය පොලිසියෙන් බේරෙන්න කියන්නෙ මම ..වලාගෙ මිනිහෙක් කියල. එතකොට බලු ගැමුණුට තැන නැත්ද? :)

    ReplyDelete
    Replies
    1. අපෝ අපේ කොල්ලෙක් වෙසක් දවසසෙ කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ නැනෝ කාර් කට්ටක් හප්පලා බේරිලා තිබ්බ පොරගෙ නම කියලා :ඩී

      Delete
  10. බීලා වාහන පදවන්නේ නැතුව් උන්න නම් එක එකාට ඇඹරෙන්න ඕන නෑනේ. ඕක තමයි අපේ ජාතියේ වැරද්ද..

    ReplyDelete
    Replies
    1. නැහැ බං අරූ ගෙදර යන ගමන්, වරා තමා මිත්‍රයව ඇදගෙන ගියේ !

      Delete
  11. සෑමා උඹව ඊගාවා පාර මාට්‍ටු උනාම මගෙ නම කියාපං. (තමාටම) කෙලින්ම උසාවි...:D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. උසාවි ගිහින් නැවතුනොත් ඇති බං

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මම කියන්නම් ලඟදි උණ වැඩක්.මට නම් නෙවෙයි අපි දන්න අඳුනන යාලුවො දෙන්නෙක්ට.... මේ දෙන්නා වැඩ කරන්නේ පොලිසියෙ නොවුණත් පොලිසියට කෙලින්ම සම්බන්ධ තැනක.ඉතින් මේ පැත්තෙ ට්‍රැෆික් ඕඅයිසී මහත්තයව හොඳට දන්නවා.දන්නවා උණාට වැඩක් නෑ රාජකාරි ප්‍රශ්ණයක් නිසා වැඩිය හිත හොඳ නෑ ඕඅයිසී මෙයාලා එක්ක.දවසක් එක යාළුවෙක් අනිත් කෙනාව බස් හෝල්ට් එකට ඇරලන්න ආවලු.ඒත් හෙල්මට් තිබිලා නෑ එක්කෙනෙකුට. මෙන්න ඇවිත් බලනකොට ට්‍රැෆික් ඕඅයිසී ඉන්නවලු හෝල්ට් එක ලඟම පාරෙ ලොරි කාරයෙකුට සද්දෙ දාගෙන. ( කවුරුත් කියන්නේ මේ නිලධාරි තුමා හරියට කතා කරන්න දන්නෙ නෑ කියලා තමා)මේ දෙන්නව දැකලා ගැහුවලු විසිල් එක. ඒ පාර බයික් එක පැදපු යාලුවා කිවුවලු. " අනේ මේ මට නම් බැහැ එයා එක්ක කතා කරන්නනෞඹ ගිහින් සිද්ධිය කියලා වරෙන්" කියලා.ඉතින් ඊට පස්සෙ ඇති උණ දෙබස මෙහෙමලු

    අපේ යාළුවා :- .... ආවෙ මාව හෝල්ට් එකට දාන්න (ඊට වඩා දෙයක් කියන්න හම්බ වෙලා නෑ)

    ට්‍රැෆික් ඕඅයිසී :- අනේ මන්දා මහත්තයා, මහත්තයලට දඩ ගහලත් බෑ , නොගහත් බෑ. මිනිස්සු දන්නේ නෑනේ ඔයලා........ තැන වැඩ කරනවා කියලා.එතන වැඩ කරන අයට විශේෂ නීතියකුත් නෑනේ... මට හතර විලි ලැජ්ජාවෙ බෑ මෙතන ඉන්න.මම යනවා යන්න...

    හයියෙන්ම එහෙම කියලා ඕඅයිසී බයික් එක ස්ටාර්ට් කරගෙන යන්න ගියාලු. යාළුවා වට පිට බලනකොට බස් හෝල්ට් එකේ හිටිය මිනිස්සුයි, පාරෙ අවට කඩවල්වල මිනිස්සුයි ඔක්කොම කටවල් ඇරන් බලාගෙන ඉන්නවලු.බයික් එක රයිඩ් කරපු යාලූවාගෙ හිනාව දැක්කම මෙයාගෙ තරහ තවත් වැඩි වෙලා.

    "අනේ බන් ඊට වඩා හොඳයි මූ මට දඩ ගැහුවනං, මට පොලොව පලන් යන්න හිතුණා" පස්සෙ ඔෆිස් එකට ආපු යාළුවා කිවුවෙ එහෙම'

    ReplyDelete
    Replies
    1. ඒ වුනත් මොකෝ බං දඩ කොලෙන් බේරුනානේ !

      Delete
  14. මගේ මිත්‍රයෙක් ඉන්නවා හිටපු කොන්දොස්තර කෙනෙක්. ඒ නිසාම අදටත් නිල කොන්දොස්තර හැඳුනුම්පත මෑන් ළඟ තියෙනවා. දවසක් බුවා උඩුකය නිරුවතින් බයික් එකේ තවත් එකෙක් එක්ක ගියේ ගෙවල් කිට්ටුව තියෙන බෝපත් ඇල්ලෙන් නාන්න. මුන්ව නවත්තපු පොලිස් මාමා කෙනෙක් ලයිසන් එක ඉල්ලපු නිසා පර්ස් එක දිග ඇරියලු.ඒක කඩා ගත්ත පොලිස් මාමා කොන්දොස්තර ලයිසම දැක්කට පස්සේ දෙබස මෙහෙමලු වුනේ.

    පො.මා - තමුසේ මොන බස් එකේද වැඩ කරන්නේ ?
    අ. බු. - දැන් බස් එකේ වැඩ කරන්නේ නැහැ. කලින් අහවල් එකේ වැඩ කලේ..
    පො.මා - දැන් මොකෝ උඹ කරන්නේ ?
    අ.බු. - මම කැම්පස් එකේ.
    පො.මා - කොන්දොස්තර කැම්පස් යන්නෙ කොහොමද ඕයි..
    අ.බු - මම වැඩ කලේ අපේම බස් එකේ. ____ තාත්තා ..
    පො.මා -මහත්තය කියන්න එපායැ , කැම්පස් එකේ මොනාද ඉගෙන ගන්නේ ?
    අ.බු. - මම මෙඩිකල් ෆැකල්ටි එකේ...
    පො.මා - දැන් මහත්තය යන්න. අද මහත්තයට දඩයක් ගැහැව්වොත් අපි ඉස්පිරිතාලෙට ආපු දවසක අපි ගැන බලන එකක්වත් නැහැ...

    ReplyDelete
    Replies
    1. තමුසේ මහත්තයා උනා නේද? අනේ මන්ද බං ඉස්සරහට කැම්පස් එකක් ඉතුරු වෙන එකකුත් නෑ මෙහෙම ගියොත්! - ඩයිනමයික්

      Delete
    2. උබල බෙහෙතක් විද්දොත් කියල බය වෙන්න ඇති :)

      Delete
  15. පොලොස් පොර හිතනවා ඇති අපරාදේ ගානක් කපාගන්ට තිබ්බ චෑන්ස් එකක් මිස් උනා මේ වරාද මොකෙක්ද හින්දා කියලා.

    ReplyDelete
    Replies
    1. අපොයි දැන් පගාව ගන්නෙ නැහැ බං. ටාගට් ගහන්නේ

      Delete
  16. පොලොසිය ගැන නම් කතා කරලා වැඩක් නෑ.ගොන් හරක්

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං 8 පාස් කස්ටිය ඉන්නේ

      Delete
    2. ඔව් ඔව් පොලෝසිය ගොන් නැත අපි සියල්ලෝ ගොන් හරක් වී ඇත ;)

      Delete
  17. තරියාගේ නිගමනය - වරා ඇදහිය යුතු පුග්ගලයෙකි..

    ReplyDelete
  18. පොලිසිය..... ලංකාවේ පොලිසිය....... :P

    මම අකමැතිම කොටසකි. මගේ ද ඥාතීන් සිටිති. ඒත් මා අකමැති ය..

    ReplyDelete
  19. අන්න ඒකට ඉතාලි පොලිසිය... :)

    ReplyDelete
    Replies
    1. උන් ෆාමසි වලට පනින්නෙ නැද්ද බං?

      Delete
  20. හ්ම්ම්..ඔබ හරී!

    ReplyDelete
  21. අපි පළවෙනි අවුරුද්දේ බැච් ට්‍රිප් එක ගිය දවසේ බණ්ඩාරවෙල උසාවිය ඉස්සරහ සින්දු කිව්වා කියලා කට්ටියම බස් එකත් එක්ක බණ්ඩාරවෙල පොලීසියට අරන් ගියා. ට්‍රැෆික් ඕ අයි සී හෙන සද්දේ. ඕ අයි සී ඇවිත් ආ මහත්තයලාට අපිව ඕනවෙනවා කවදහරි. අපිට මහත්තයලාව ඕන වෙනවා කවදහරි. දන්නෙ නැති නිසානෙ සින්දු කිව්වේ. ආයෙ එහෙම කරන්න එපා කියලා කට්ටියම පිටත් කරලා එව්වා. එහෙම අයත් ඉන්නවා. එපා කරපු අයත් ඉන්නවා. ජය...!

    ReplyDelete
    Replies
    1. බහුතරය එපා කරපු උන් බං :(

      Delete
  22. අර අනිත් වරා හොරාට අහුවෙයිද කියලයි මට බය..

    ReplyDelete
  23. මමනම් කැමති වරා යි හොර යි දෙන්නටම දඩ ගහන පොලීසියකට නොහොත් ඇත්ත නීතියක් තියෙන රටකට....

    ReplyDelete
    Replies
    1. සුමිත්ට එහෙනම් තව සෑහෙන කාලයක් බලාගන ඉන්ඩ වෙයි..

      Delete
    2. මාත් අත් දෙකම උස්සලා ඡන්දෙ දෙනවා සුමිත් අන්න ඒකට!

      Delete
    3. සිහිනය සැබෑවක් වේවා !

      Delete
    4. සෙන්නාට එකඟ වෙමි...

      Delete
  24. එච්චරම පුදුම වෙන්න දෙයක් නෑ සැමෝ.. සිරි ලන්කන් පොලිස් නේ.. වරා නොදැන උන්නත් රුපියල් 100ක් දුන්නනම් ඇති

    ReplyDelete
    Replies
    1. දැන් ගන්නෙ නැහැ බං. ටාගට් ගහන්න තියෙන්නේ. එතකොට රජයෙන්ම කමිෂන් !

      Delete
  25. රු 20 ත් අරං ෂේප් වෙන අය ඉන්නවා.. ඕව නං මොනාද ලොකු ඈයන්ගෙ වැඩ ඇහුවම! - ඩයිනමයික්

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට වැරදි අකැපයි. ලොකු උන්ට අවුලක් නැහැ

      Delete
  26. වරායි හොරායි දෙන්නම ගොඩ නෙහ් !

    ReplyDelete
  27. අනේ මන්දා... මට නම් සමහර වෙලාවට පොලිසිය හොඳයි. වෙලාවකට නරකයි.
    පේනවානේ

    ReplyDelete
  28. ෂික් සති දෙකකට විතර කලින් දැනං හිටයනම් සැමා අයියේ කතා කරනවනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි උඩ දඩයක් කෑවද බං ?

      Delete
  29. පොලීසි ගැනනම් කතාකරලා වැඩක් නැහැ ...

    ReplyDelete
  30. එල කොල්ලෙක්නේ.. :-)

    මටත් බැරිවෙයිද ඌව සංගීතෙකට ගෙන්න ගන්න?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  31. වරා හිටිය නිසා හොඳට ගියා.

    අපිටත් බැරි වෙයිද වරාව ටිකක් සෙට් කර ගන්න?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...