Wednesday, August 22, 2012

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව.... - දෙවන කොටස - පසුවදා පාන්දර...


පෙළ ගැසී
යන රැලී
තෙරපෙමින්
සැර වැඩී


හිරු රැලී
ඇග ගැටී
දවාලයි
සම රැලී


දන්සලක්
මග හිදී
බෙදාලයි
මල් පොදී


මහන්සී
බඩගිනී
දිය පොදක්
වටින්නී


දන්සලක්
ඉදිරියේ
බෙදාලයි
බෝතලේ


ප්ලාස්ටික්
බෝතලේ
ඉතිරෙමින්
පැන් පොදී


පිං දෙමින්
හිස් කරයි
විසිකරයි
බැති පෙමින්


බැති පෙමින් පරිසරය විනාස කළ සැමට තුති.
මේ සෑමාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයයි.

Written by sAm_10:28pm_22/08/2012

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව.... පළමු කොටස බලන්න..

63 comments:

  1. ෂික් මාත් අද ගිහින් වදින්නනේ නැතුව ආවා නේ!

    ReplyDelete
    Replies
    1. කුණුගොඩ ලගින් උබ එක වෙලා බොල ! :)

      Delete
  2. කොච්චර කිව්වත් වැඩක් නෑ බං

    ReplyDelete
    Replies
    1. නොකිය ඉන්න එකෙත් ගතියක් නැහැ බං :(

      Delete
  3. ශ්‍රි ලංකේය අභිමානය..! අපේ උන්ව කවදා හදන්ඩද මංදා !

    ReplyDelete
    Replies
    1. උබ මේ චැනල් එකටද මඩ ගහන්නේ :ඩී

      Delete
  4. මේක ලංකාව නේ. මොක තිබුණත් අන්තිමට ඉතුරුවෙන්නෙ ඔච්චර තමා.

    මිනිස්සුන්ට කුණු දාන්න ඩස්ට්බින් තියල තියෙද්දිත්ද ඔය, එහෙමත් නැත්නම් හැතැප්මකට එකක් වත් එහෙම එකක් නැති නිසා ද?

    ReplyDelete
    Replies
    1. කුණු දාන්න තැනක් තිබුනද නැත්ද කියල මතකයක් නැහැ මචං.

      ඔය වගේ වතුර බෝතල් බොහොමයක් අය ගෙදර ගෙනිච්ච නම් ආයෙත් එක පාරක් හරි පාවිච්චි කරන්න පුලුවන්. නැත්තම් එක තැනකට එකතු කරන්න තිබ්බා.

      Delete
  5. විනාසයිලු නේ පැත්තම...
    ආරන්චියි ආරන්චියි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. ගන්න දෙයක් නැහැ බං !

      Delete
  6. අපි ඒ තරම් නොහිතා කරන දෙයකින් කොයි තරම් විනාශයක් වෙනවා ද කියලා හිතන්න මොහොතක් වත් වෙන් කරනවා නම් තමයි වඩාත් හොඳ!!
    ජය වේවා!!

    ReplyDelete
  7. අපේ නැන්දම්මත් වදින්ඩ ගිහිල්ලා බැරුව ආපහු ආවා, උන්දැත් ඔතනට බෝතල් දැම්මද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං පෞද්ගලික කෝන්තර මෙතන අදිනවා.. පව් බං නැන්දම්මා !

      Delete
  8. මේ දේවල් නම් ඉතින් ඔහොම තමා සෑමා.. ඔවා වෙනස් වෙද්දි බැරියැ..

    ReplyDelete
    Replies
    1. දැකලා ඉන්න බැරිකමට ලිව්වේ !

      Delete
  9. නොදකින්!

    (අර්ථය- මෙවැනි දර්ශන ඇස නොගැටේවා)

    ReplyDelete
  10. ශ්‍ර‍ද්ධාව බේරෙනවා....

    ReplyDelete
  11. දැන් ඉතින් අතුගාන්න :) :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඔව් ගමේ අයම අතු ගෑවා!

      Delete
  12. හිතත් අපිරිසිදුයි පරිසරයත් එහෙමයි.. තමුන් ජීවත්වෙන පරිසරය ජරා කරන මනුස්සයාගේ හිත කොහොමද පිරිසිදු වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. බුද්ධ දේශනාවෙත් තියෙනවා පරිසරයට ආදරය කරන විදිහ !

      Delete
  13. පැත්තම විනාස කරලා !

    ReplyDelete
  14. ලංකාවේ ඉන්න හැත්තට ඔව්ව ගැන කියල කිසිම වැඩක් නෑ බං ගෙදෙට්ට වෙලා ධාතු වැඩුවනං ඔච්චර විනාසයක් වෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි බං පෝලිමේ ඉන්න කෑලි බලන්න යන එක ඔය ගෙදර ඉදන් කරන්න කියන වැඩේට වඩා ගති නේද/

      ‍්:))

      Delete
  15. මේ වගේ මළ මූසල ජාතියකට තමයි ළෝකෙන් උතුම් ජාතිය කියන්නේ. (ඔතනට සිංහල බෞද්ධ උන් ඇර වෙන උන් එන්නේ නෑනේ..) කන පතේ රෙන කාළකන්නි..

    ReplyDelete
    Replies
    1. ලොකු ටෝක්ස් දුන්නට අපේ වුන් කරන්නෙම කුජීත වැඩ බං.. :(

      Delete
  16. මේ වගේ අපහසුතාවයන් වලට නම් මමත් පත්වෙලා තියනවා..ඔය වගේ පෝළිම් වල ඉඳලා කාපු බීපුවා මල්ලකට එකතු කරගෙන සෑහෙන දුරක් පයින් ඇවිත් ඒත් කුනු බාස්කට් එකක් නැති තැන ගෙදර අරන් ගියපු අවස්ථා අන්නතයි..

    ඒත් හැමෝටම ඒ ඉවසීම නැහැ..මේ ගැන මම ඉස්සර හිතාන හිටියෙ අපිට විනයක් නෑ කියලා..ඒත් පාරේ තැන් තැන්වල නිවැරදිව කලමනාකරණය කරන කුණු බාස්කට් තියලා තියනවා නම් මේ ප්‍රශ්නය දිගු කාලීනව විසඳාගත හැකි බවයි මගේ අත්දැකීම..

    ReplyDelete
    Replies
    1. මම නම් පහසුම ක්‍රමය අනුගමනය කරනව.

      අපේ එක්කෙනාගේ හෑන්ඩ් බෑග් එකට ඔබන එක. සරලයි !

      Delete
  17. සැමාට කන්ඩ දාලා ගිහින්.. :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට දත් එක්ක බත් කාලා ඇති වෙලා වගේ !

      Delete
  18. ළංකාවේ කීයෙන් කී දෙනාද පරිසරේ ගැන හිතන්නේ..

    කී දෙනෙක් නම් කාපු බීපු කොල බස් එකේ කෝච්චියේ ජනේලෙන් එලියට දානවද? එහෙම දාන මිනිස්සුම වෙන රටකට ගියොත් ටො‍ෆි කොලේවත් බිම දාන්නේ නෑ, දඩ ගහනවනේ.

    හෑබැයි මම ටික කාලෙකට කලින් බම්බලපිටියෙ ජෝසප් ලේන් එකේදි දැක්කා ෆෝන් කාඩ් එක බිම දාපු කොල්ලෙක්ට පෝලීසියෙන් දඩ ගහනවා..

    ReplyDelete
    Replies
    1. බොරුවට කිහිප දිනක් දඩ ගහලා දේශපාලන වාසි ගන්නවා ලොකු උන්.

      පස්සෙ සද්ද නැහැ !

      Delete
  19. මේ පොට් එක මම දැකලා තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. බියගම ප්‍රධාන මාර්ගය දෙපස !

      Delete
  20. උඹට තියෙන්න බැති පෙමින් අතු ගාල දාන්න. ඒකත් පිනක්නේ.

    මෙක හොද පෝස්ට් එකක්, අපි හැමෝම තමන්ගෙන් පටන් ගත්ත නම් මේක හදන්න පුළුවන්. මම එහෙම කියන්නේ මම පහුගිය අවු. 10 පුරාවට කිසිම කුණු කෑල්ලක් (බස් ටිකට් එකක්වත්) මේ වගේ පාරවල් වල දාල ගිහින් නෑ. එක්කෝ ගෙදර ගේනවා. නැත්නම් කුණු කූඩයකට දානවා.

    අපි හැමෝම එහෙම කලානම් (මහ ලොකු අමාරු වැඩක් නෙමේ, පුරුදු උනාම නිකම්ම කෙරෙනවා)

    ReplyDelete
    Replies
    1. ඇත්ත මමත් එහෙමයි !! පුරුදු වුනාම නිකම්ම කෙරෙනවා

      Delete
    2. ඉතිං මම කිව්ව වගේ පවුලගේ හෑන්ඩ් බැග් එකට දාන්න. එයා ගෙදර ගෙනියනවා !

      Delete
  21. අනික් එකාට හෙන ගැහැව්වත්....මමනිවන් ගියානම් ඇති...,ඔන්න ඔහොමයි අපේ සැදැහැවතුන්..!!!

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ එයා නිවාගෙන නේ :ඩී

      Delete
  22. හරිනෙ....මං කිව්වා බොරු ද ? ඔය ඇවිත් ඉන්නෙ බැතිමතුන් නෙවෙයි මැටිමතුන්.....!!!

    ඔන්න ඔය ජනතාව වෙනුවට අලුත් ජනතාවක් පත්කරගත් දාට සියලුම ප්‍රශ්න ඉන්තේරුවෙන්ම විසදෙනවා...

    ReplyDelete
    Replies
    1. ජනතාව පත්කරන්න ඡන්දයක් තියන්න වෙයි ඒ ජනතාව අතරම. ඡන්දෙ දාන්නේත් උන් මයි...

      මට නිකං කැරකිල්ලක් ආවා බං..

      මේ පෝස්ට් එක දාන්න බලාගෙන තමා කලින් එක දැම්මේ. :)

      Delete
  23. නුවර පෙරහැර කාලෙටයි දළදා ප්‍රදර්ශණය කරන කාලෙටයි වැව රවුම ගන්න දෙයක් නෑ. බුද්ධාලම්බන ප්‍රීතිය ඉහවහා ගිහින්!

    ReplyDelete
  24. කපිලවස්තු ධාතූන් වහන්සේලා වඩමවා සිටි ස්ථානයේම දැන්විමක් දින්න තිබුනා. "ඔබ ගෙනා ප්ලාස්ට්ක් බඳුන් මග දැමූ ඔබ මෙතැනින අපායට" කියලා. අන්න එහෙම කළා නම් කවුරුත් ඒක ආයෙ කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සරලව කිව්වොත් සංවිධානාත්මක බව අන්තිමයි !

      Delete
  25. කට්ටියට ශ්‍රද්ධාව ඉහමොලේ ගිහින් වටපිටාව ගැන අමතක වෙලා ගිහින් :)

    ReplyDelete
    Replies
    1. එයාල පෙරුම් පුරනවා... සද්ද කරන්න එපා !

      Delete
  26. නිකං බොරුවට කෑගහන්න එපා බං සෑමා. මෙහෙම නොකලොත් අපි කොහොමද දන්නෙ අපේ මිනිස්සු මෙතනට ඇවිත් ගිහින් තියෙනවා කියලා. ඕක සන්නෙවේදන මාධ්‍යයක් බං, එහ්හෙනං!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  27. සික් අපේ උන්ගේ කැත !
    උඹට ජය!!1

    ReplyDelete
  28. අපේ එවුන් බුදුන් දකින්න ගියත් ඔච්චරයි...

    ReplyDelete
  29. ආයෙමත් බුදුහාමුදුරුවො වැඩම කරල බණ දේශනා කරල කිව්වත් අපේ මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ....කොලම කොලපාටින් දිලිසෙන ලස්සන රටක යටින් කුනුකන්දල් උතුරන්නෙ අපේ මිනිස්සුන්ගෙ හිත් වල තියන අපිරිසිදු කම නිසා......

    ReplyDelete
    Replies
    1. තම තමන් වෙන වෙනම හැදුනොත් සමාජයක් හදන්න පුලුවං. ඒත් වෙන්නෙ නැහැ එහෙම !

      Delete
  30. බෝතල් කල දානය
    ශ්‍රද්ධාවෙන් උගුරට හලා ගෙන
    කෙලෙස් අත හැර දැමු
    සැදැහැවත් පින් කැල....
    මම කිව්වේ සෑම් අයියේ ශ්‍රද්ධාවෙන් හිතේ වැඳීම වඩා උතුම් කියල.. සාදු...! සාදු....!! සාදු....!!
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  31. ඕව මොනවද බන් ..මම බස් එකේදී ටොපියක් කාල පස්සේ විසි කරන්න කොලේ සාක්කුවේ දා ගත්තම මට එහා පැත්තේ එකා හිනා උනා.ඔන්න මගක් යනකොට උම තමයි සීන් එක කිව්වේ.ටොපිය කාල කොලේ සාක්කුවේ දාපු එකෙක් දැක්කමයිලු.

    ආයේ ඉතින් පෙරහරක් වගේ දෙයක් කිව්වොත් මම කලින් කියපු උන්ව මුණ ගැහෙන්න පුළුවන් පෙරහරක්ම

    ReplyDelete
    Replies
    1. ඌ මෙහෙ අවොත් නම් ටිකක් හැදිලා යයි. වාහනෙකින් කොලයක් හරි පාරේ දැම්මොත් ඉතින් රියාල් 500.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...