Tuesday, August 21, 2012

කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව....






වෙහෙලෙමින් අව් රශ්මියෙන්
දියවෙමින් වැහි කෝඩයෙන්
කඩාගත් මල් කැකුළු මල්ලෙන්
කිහිපයක් ඉන් පරවෙමින්

තෙරපෙමින් මහ පෝලිමෙන්
පුරවමින් සිත් නපුරකින්
පැන්නොතින් මග පෝලිමෙන්
බැනවදී සැර මහ හඩින්

මෙතින් බර සිත් කලවමින්
මෙතින් තොර සිත් කැලඹෙමින්
පෝලිමේ කොණ සොයා දගලයි
ධාතු වදිනා අදහසින්

පිළිවෙලින් මහ බුදුන් ගිය මග
අතරමග දා බැදී ගිහි පෙම
වඩාගත් ආරූඩ බැති සිත
ඇති කරයි පෝලිමේ කලබල

සිතේ උපදින ක්ලේෂ නැති කොට
ධාතු පුදගත් සිතින් නිවසට
බුදුන් දැක මතු නිවන් දකිනට
පෙරුම් පුරනෙව් සිත් දැහැමි කොට


මීට වසර 34කට පෙර කැළණි විහාරයට වැඩම කරවීමෙන් අනතුරුව, පෙරේදා මහත් උත්සව ශ්‍රීයෙන් මානෙල්වත්ත පුරාණ විහාරයට කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වහන්සේලා වැඩම කරවනු ලැබීය. පළමු දිනයේ මහ ජන ගංගාවක් ගැලුවද පසු දින එය පහව යාවි යැයි සිතුමුත් එය එසේ නොවීය. හොද වේලාවට මහ පාන්දර 2ට පමණ නින්දෙන් අවදිව ගොස්, පෝලිමේ නොසිට ධාතු වන්දනා කරගන්නට සෑමාට හැකි විය. පසුදින හලාවත බලා පිටත්ව දිනකට පසු සෑමා අද ගෙදර ආවේ ඉදිරි ආරක්ෂක වලල්ල බිදගෙන එන කොටි සැක කරුවෙකු ලෙසය.

කිලෝමීටර 4කට වඩා දිග පෝලිමක් අස්සෙන් රිංගා ගෙදර එන විට STF මාමලා සිතා ඇත්තේ සෑමා පෝලිම කඩාගෙන ඉදිරියට යන්නට හදන හොර බලලෙකු කියාය. අනේ මාමේ අපේ ගෙදර තියෙන්නේ මේ ලග කියමින් සෑමා යන්තම් ගෙදරට පය ගැසුවේය. වාහනය මිතුරෙකුගේ නිවසට එබුවේ වාහනයේ ආවා නම් ගෙදර එන්න වෙන්නේ පාන්දරය.

ධාතු වන්දනා කරන්නට මේ තරම් ජනතාවක් පැමිණීම ඉතා සතුටු දායකය. අද දහවල වැස්සේ පවා සෙනග නොසෙල්වී සිටි බව කීවේ අපේ අම්මාය. වැස්සේ තෙමි තෙමී සිටින්නට ඇත්තේ තමන්ට පෝලිමේ තැන අහිමි වන නිසා වුවද, එවන් අධිෂ්ඨානයක් සිත් දැහැමි කර ගන්නට ඉපදෙන්නේ නම් එයද වටින්නේය.

මෙවන් කාර්්‍යයකට උර දුන් ජනාධිපතිතුමා, පැමිණි ජනතාව හසුරවන ආරක්ෂක අංශ, ජනතාවට සහය දෙමින් දන්සැල් පවත්වන පිරිස්, ඇතුලු සියළු දෙනාට ස්තුතිය.

Written by sAm_11:44pm_21/08/2012

70 comments:

  1. අපේ අම්මලත් ඊයේ ගියා.. පාන්දර 5.30ට කරඬුව වැන්දේ.. එයාලා ගියෙ 2ට විතර.. හෙන සෙනඟක් හිටියා කිව්වා!!

    ReplyDelete
    Replies
    1. කරඩුව නෙවේ බොල කෙල්ලේ ! ධාතු..

      මම නම් පළවෙනි දවසේ හොරා වගේ නිදාගත්තා. අම්මල ගිහින් ඇවිත පාන්දර 2ට මාව ඇහැරෙව්වා. අපේ ආච්චිවත් වාහනේට පටවලා, ලොකු අම්මවත් නග්ගලා, යැව්වා පන්සලට. නෝ පෝලිම්. ක්ෂණික වැදලා ආවා.

      හැබැයි අපේ ආච්චිගේ ස්පීඩ් එකට තමා හැම දේම වුනේ.

      Delete
    2. ආහ්.. ඇත්තමයි.. ගැත්තාට අනුකම්පා කරන්න..සමාවෙන්න සෑමා අයියේ..ධාතු කරඬුව.. :)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බලන්න අපි මාබිම ඒ කියන්නේ මානේල්වතු විහාරයට අල්ලපු ගම...මට ලග ඉදලත් යන්න බැරි වුනා..මට කියා ගන්න බැරි දුකක්...මම 20 වෙනි දා රාත්‍රී 8.00 විතර බලන්න ගියා...කෙහොම හරි කිලෝමිටර 2 විතර පෝලිමක් තිබුනා...පෝලිම අන්තිමට ගියා..එතැනට වේලා පෝලිම යනකන් පැය3ක් විතර හිටියා.ඒ වේලාවේ ජනාධිපතිතුමා ගියා දැක්කා.පන්සල ලගට මිටර් 800 වෙන කොට පෝලිම තෙරපුනා.. එන්න එන්නම පෝලිමේ වැඩි වුනා..ඒක හේතුව ජනාධිපති යනකන් පොලිසිය දාල හිටිය......VIP වාහන ගොඩක් ගියා.ත්‍රීවිල්වලටත් VIP කියලා ගහලා ගියා....හික්.... එහෙත් ජනාධිපති ගියාට පස්සේ වාහන ඒ පාරේ ඇතුලට ගත්ත..ඒ වාහන වල කටිටය පෝලිමේ අතරමැදින් එකතු වෙන්න ගත්ත...අන්තිමට මිනිස්සු එක කාට බැන ගන්න ගත්ත.අපෝ..ධාතු බලන්න ඇවිල්ලත් මාරා ගන්නවා...පෝලිම පාර පුරා..ඒ මදිවට වාහන මැද්දේ..පෝලිම යන්නේත් නෑ...12.30 පෝලිම නැතිවම ගියා...පොලිසියත් නෑ..අපි කොහොම හරි කඩේ යකට රිංගගත්ත...පොඩි කිරි දරුවෝ අඩනවා..එක මිනියෙක්ට හාට්ඇට්ක්..අයියෝ...කොහොම හරි පාන්දර 2.50 ට ගෙදර යන්න ගියා...මට ඇහුනා ඇන්ටි කෙනෙක් කියනවා..පාර පුරා වාහන යන්න බැරිව එතැන.බයිසිකල්කාරයෙක් පොලිස්කාරයෙක් ගෙන් අහනවා කොහොමද යන්නේ කියලා.ඒ පාර පොලිස්කාරයා කියුවා බයිසිකල ගලවල කරේ තියාගෙන යන්න කියලා...අයියෝ සල්ලී....ඔන්න මගේ අත්දැකීම්..කිසිම සංවිධානයක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ.පොලිසිය අන්තිම කැතයි...සමහරු කියනවා දේශපාලන වාසි ගත්ත කියල...මම අහන්නේ ඇයි අපි කවුරුත් දන්න කැලණි රජමහා විහාර ගෙනාවේ නැත්තේ...?

      Delete
    5. මේ සිද්ධිය මම නොදා හිටියේ.. සංවිධානාත්මක බව අන්තිමයි. පොලිසියට වඩා හොදට පස්සේ ‍ගෙන්නපු STF අය රාජකාරීකලා.

      කැළණියට මීට වසර 34කට පෙර වැඩැම්මුවලු. ඒත් ඇයි මේ පාර බැරි වුනේ. එච්චර කාලෙකට පස්සෙත්? පිටුපස දේශපාලනික ක්‍රියාදාමයක් තියෙනවලු සහෝ.. අනේ මන්දා..

      Delete
  2. ඔන්න මම පෝලිමේ එකටම. මීට කලින් වතාවේ ධාතු වැඩමවූ වෙලාවේ එක්දහස් නවසිය අසූ ගණන් වල මමද පෝලිමක මුලටම සිටියත්, එම ස්ථානය මග හැර එම රථය වැඩම කලේ වෙලාව ප්‍රමාධ වූ බැවිනි. ඒ ගැන විස්තරයක් දමන්න ඇද උදේ හිතා ගත් නිසා වැඩි විස්තරයක් නොකරමි.

    ReplyDelete
    Replies
    1. අයියෝ අසූ ගනන්වල වුනා වගේම, අදත් තප්පර ගානෙන් එක මිස් වෙලා. :)

      පෝස්ටුව දාන්ට ඈ !

      Delete
  3. එක කිව්වට දෙක. හා කමක් නෑ මේ පෝලිමේ දෙක වුනහම මොකද එකට ඉඳලත් ධාතු වන්දනා කර ගන්න බැරි වුණා එකාට.

    ReplyDelete
  4. අපිට ධාතු වඳින්න මාතර යන්න වෙනවා.. ඒක නිසා හිතේ ශ්‍රද්ධාවෙන් මෙහේ ඉඳන් වඳිනවා.... හිතනේ හැම දේටම
    සාදු.....! සාදු........!! සාදු...........!!!
    මං මේ සුදාගේ සිතුවිල්ලක් පැත්තෙන්

    ReplyDelete
    Replies
    1. වැදගනින්.. මැරෙන්න කලින් ආයෙ දකින්න ලැබෙයිද කවුද දන්නේ !

      Delete
  5. මේ ගැන මුකුත් නොදනිමි. ඒත් මම එන දවසේ දළදාව වැඳ ගැනීමට පිං කලෙමි.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      2003 දළදාව වන්දනා කරන්න මාත් පිං කරලා තිබුණා [පෝලිම්වල වැඩියෙන් ඉන්නේ නැතුව]

      Delete
    2. මාත් වන්දනා කර ඇත්තෙමි !

      Delete
  6. වඳින්න ඕනා..
    හැබැයි පෝලිමේ ඉන්න බෑ..
    පුට් සයිකලයක් සෙට් උනානනං රෑ ජාමෙට හරි ඇවිත් යන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. පෝලිම් නැතිව වදිනවා සිහින !

      Delete
  7. සෑමව හැක් කිරීම පිළිබඳව මාගේ විරෝධය...

    ReplyDelete
    Replies
    1. ඈක්... හැක් කොරලා??

      ඇයි බං මාරයියේ දැහැමි පෝස්ට් දාන නිසාද? නැත්තං මලින්ද මාමාට හොද කියපු නිසාද?

      Delete
  8. කවි ටික නම් සිරා සෑමා..

    මාරයිය උඩ කමෙන්ට් එකෙන් කිවුව දේ මොකද්ද කියලා තේරුනේ දෙවෙනි පාරට කවියට පහලින් ටික කියෙවුවමනේ...

    ReplyDelete
    Replies
    1. මටත් එක පාරට නෝට් නැතුව ගියා.. :ඩී

      Delete
  9. පට්ට ට්‍රැෆික් එකක් තියෙන්ඩ ඇති නේව..ස්තුතී..ස්තුතී

    ReplyDelete
  10. බඩු ගණන් යන එකක් නැහැ ඔය අස්සේ.. හොඳ වෙලාවට ඉලෙක්ෂන් තියෙන්නේ. අපරාදේ ඊට පස්සේ ගෙනාවා නම්..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ඔය කතාවම මටත් හිතුණා "බාල පෙට්‍රල්, ඩීසල්, කරන්ට් කැපිල්ල, උපෙ අවුල" වගේ දේවල් ටික දවසකට අපිට අමතකයිනේ :)

      Delete
    2. අමතක නොවුනත් කරේ තියන් ගිහින් කස්ටිය ගහනව නොවැ කතිරේ !

      Delete
  11. STF කිව්වහම මතක් වුනේ. පහුගිය ඉරිදා දිවයිනේ තිබුනා STF මුල් කාලේ තොරතුරු. දැන් පොලිස්පති තුමා ඒ කාලේ සටන් කරපු හැටි කියල තිබුන. හපොයි ඒ වගේ මනුස්සයෙකුට අද මෙහෙම වෙලා තියෙන්නේ. පවු අප්පා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් කලාකාරයෝ කඩේ යන්න ගත්තම, ගොඩක් ක්‍රීඩකයෝ කඩේ යන්න ගත්තම වටිනාකම නැතිවුනා වගේ ම දෙයක්ද වුනේ ?

      Delete
  12. අහං වන්දාමි සබ්බදා !
    සාදු !! සාදු !! සාදු !!

    ReplyDelete
  13. ධාතු බලද්දි කරන්ට් කැපුනා....පස්සෙ එඤ්ඤං.......

    ReplyDelete
    Replies
    1. ඔන්න දේශද්‍රෝහි වෙන්න හදනවා !

      Delete
  14. හිනාවුනොත් කට්ටිය ගහයිද දන් නෑ නේ....

    එහෙනං සාධු සාධු.... !!

    ReplyDelete
    Replies
    1. සෝමනස්ස සහගත දිට්ඨීගත සම්පයුක්ත අසංඛාරික සිත ඇති කර ගන්න. :)

      Delete
  15. සාදු !! සාදු !! සාදු !!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. අ‍පේ පැත්තට අද එනවා.. අම්මලා නං යනවා.. මට බැරිවෙන එකේ එයාල වත් වැදගත්තොත් ඇති..

    ReplyDelete
  17. සාධු සාධු සාධු!!!

    ReplyDelete
  18. ධාතු බලලත් මිනිස්සු ක්ලේෂ රැස් කරගෙනනෙ එන්නෙ තරහෙන් පිපිරි පිපිරි.

    ReplyDelete
    Replies
    1. බලන්න තිබ්බේ මරාගන්න හැටි.. බොහොමයක් ඇන්ටිලා / ආච්චිලා..

      Delete
  19. එහෙනං සැමාත් වාසනාවන්ත උනා

    ReplyDelete
  20. ධාතු බලන්නත් පංතිය බල පාය
    පෙර පවු කරපු උන් දිගු පෝලින් වලය
    වී අයි පී ලාට ඒ කිසි වක් නැතිය
    අයි පී එක්ක ගොස් ධාතුන් වඳිනවය

    අනේ හිමියනේ ඒ කාලේත් මේ වගෙද
    කාටත් බෙදුවේ එක බත් හැන් දෙන් නේද
    සිවුරට රත්තරන් බඳ පටි ඉනේ බැඳ
    ලස්සන කෑළි තඩි බඩවල් සමග කද

    ReplyDelete
    Replies
    1. පොලිසිය දැනං හිටියෙ නැහැ වී.අයි.පී පාස් එකට කීයකට යන්න පුලුවන්ද කියලවත්.

      අන්තිම දවසේ වී.අයි.පී තහනම් කළා.

      ** නියම කවි දෙක මාතලන් **

      මලින්ද මාමා ඇවිත් පැය 2ක් ඇතුලේ වන්දනා කරනකොට පෝලිමේ මිනිස්සු වේලි වේලි හිටියා. පෝලිම කිලෝමීටර ගානක් දිගට ඇදෙන්න හේතුව ඒ උත්තමයා !

      Delete
  21. වඳින්න ධාතූන් වහන්සේලා තියා හරියට පන්සලක්වත් නැති රටේ ඔෆිස් එකේ ඉඳන් හිතින් ධාතු වැන්දා ඔන්න

    සාදු සාදු සාදු !!!

    ReplyDelete
  22. ආ ..... මාතරටත් ධාතු වඩම්මවනවළු. එතකොටවත් යනව සෙනඟ අඩුවෙන් හිටියොත්. මට පෝලිම්වල යෑම මහ එපාමකරපු එකක්. මීට කලින් පාර නම් අම්මල මාතර මන්තින්ද විහාරෙට ගිහිල්ල ධාතු වැන්ද කියල අම්ම කිව්ව. එතකොට නම් අපි ඉපදිලත් නැතිළු.

    අර ඡන්ද කතන්දරේ නම් මමත් කීප තැනකදිම ඇහැව්ව, රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මිනිස්සුන්ට බුදු පිළිම, ධාතු වන්දනා කරගන්න ඉඩ සලසල ඒකෙන් ඡන්ද ගන්න පොටක් කියල. එක අතකට ඒකත් හොඳයි, හැමදාම ඡන්දවලදි යුද්ධෙ විතරක් මාකට් කරන්න බෑ කියල තේරුම් ගත්තනම් ඇති. දැන් ඉතිං ඔය ශ්‍රද්ධාව මාකට් කරන්නෙ.

    සාධු ! සාධු ! සාධු !

    ReplyDelete
    Replies
    1. // හැමදාම ඡන්දවලදි යුද්ධෙ විතරක් මාකට් කරන්න බෑ කියල තේරුම් ගත්තනම් ඇති. දැන් ඉතිං ඔය ශ්‍රද්ධාව මාකට් කරන්නෙ. //

      මම හැමදාම දේශද්‍රෝහිය වෙන නිසා අද උබල ලව්වම මම කියන්න ඕනෙ දේවල් කියවනවා..

      :))

      Delete
  23. අපේ රටේ හොරිකඩ දේශපාලුවො ටික ඉතිං පෝලිමේ ඉන්න ජනතාව තලා පෙලාගෙන පේලියට ඒවි දැන් ඉතිං පේවෙලා ධාතු වන්දනා කරලා ඊළග ඡන්දෙට ආශිර්වාද ගන්න...

    ReplyDelete
    Replies
    1. ඕව කියලා මම හැමදාම දේශද්‍රෝහිය වෙන නිසා අද උබල ලව්වම මම කියන්න ඕනෙ දේවල් කියවනවා..

      :))

      Delete
  24. රටට ශාන්තිය ගේන්න ඔය ධාතුවලට පුලුවන්ද? මිනිස්සු ඔක්කොම ජරාවැඩ කලාම ජරා ගොඩවල් පත්කරගත්තාම රට ජරා වෙනවා...ධාතුව ගෙනැල්ල වැන්දාම ඔක්කොම හරියන් නෑ කියලා තමයි මම හිතන්නෙ...

    ReplyDelete
  25. දුක් විඳ ගෙන හරි දාතු බලන එකනම් හොඳ තමයි. ඒත් රටේ අපරාද අඩු වෙනවනම් තමයි ඒකේ වටිනාකම වැඩි වෙන්නේ..!

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අනුග්‍රහයෙන් අපරාධ වැඩිවෙනවා :ඩී

      Delete
  26. මුලින්ම...ලියලා තියෙන කවිය විශිෂ්ටයි. රිද්මයකට ගායනා කරන්න පුළුවන්. (අවශ්‍යනම් ගීතයක් විදියට වුනත් ඉදිරිපත්කරන්න පුළුවන්).

    දෙවනුව....ආගමෙන් මත්වෙන මිනිස්සු ඉන්න තාක්කල් රටේ සිද්ධවෙන කාරනා කටයුතු තවදුරටත් සිද්ධවෙන්නෙ මේ විදියටම තමයි.
    ඔතන පෝලිමේ තැග්ගැහෙන, කාකොටා වැටෙන ඊනියා සැදැහැවතුන් තව ඔතනට යන්න බැරුව ලතවෙන අයත් එක්ක එකට කැටිකරලා පල්ප් එකක් හැදුවොත්, ඒකෙන්.... ඇවිත් ගිය ජේ ආර් - ප්‍රේමදාස - චන්ද්‍රිකාගෙ රූපත් දැන් ඉන්න මහින්දගේ රූපයත් එන්න ඉන්න රනිල්ගෙ සහ එනවමයි කියලා දහඅතේ දිවුරන සෝමසංසෙගෙ රූපෙත් කිසිම අඩුවක් පාඩුවක් නැතුව අඹාගන්න පුළුවන්.

    ආණ්ඩුවත් එක්ක බොරු ගැටුම් මොකට ද බොරු විරෝධතා මොකට ද හැමෝම හරයෙන්ම ඉන්නෙ ආණ්ඩුවත් එක්කනම්....!

    වෙනදට මලින්ද මාමගෙ පලු අරින සෑමාත් ඔය යස අගේට "ජනාධිපතිතුමා ට" ස්තූති කරලා තියෙන්නෙ....ධාතු පෙන්නුවාට.

    මෙතනදි වැඩිදෙනෙක් මට විරුද්ධවෙයි, ඒත් මේක නොකියා බැහැ.
    ඔය ධාතු නමින් පෙන්වන්නෙ බුදුන් වහන්සේගෙ හෝ සැරියුත් මුගලන් හිමිවරුනගේ භෂමාවශෙෂනෙ, ඉතින් ඒවගේ ඇත්තටම තියෙන්නෙ ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වටිනාකමක් විතරයි. අදහන්න තරම් දෙයක් නෑ.(එහෙත් අප්‍රමානව ගරුකළ යුතුයි). සැදැහැවත් බෞද්ධයෙක් ඊට වන්දනාමාන කිරීම තේරුම්ගතහැකි වුවත් ඔය කාකොටා වැටි වැටි පෝලිම්ගැහිලා ඉන්නෙ ආගමික උමතුභාවයෙන් පෙලෙන්නෝ මිසක් එවැනි බෞද්ධයෝවත් නෙවෙයි.

    ඔබ බුදුදහමින් ජීවිතය හැඩකරගන්නවා ද ඊනියා බුද්ධාගමෙන් ජීවිතය හැඩිකරගන්නවාද යන්න නැවත හිතාබලන්න.....

    ReplyDelete
    Replies
    1. @ Sumith Niriella

      ++++++++

      බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න පොරකාගෙන පෝලිම්වල යන කීයෙන් කීදෙනාද උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන්නේ.... සර්වඥ ධාතූන් වහන්සේලාට ගෞරව දැක්විය යුතුයි පුද පූජා පැවැත්විය යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. උතුම් වූ මාර්ගය අපට දේශනා කරපු උතුමන් වහන්සේට අපේ ගෞරවය ඒ ආකාරයෙන් පුදන්න ඕනේ.

      ඒත් ඒක වුණත් අසීමාන්විතව කරනවා නම් සහ උන්වහන්සේ වසර 45 ක් මුලුල්ලේ උගන්වපු දේශනාවන් තඹ සතේකට මායිම් නොකරනවා නම් ඇති ඵලේ මොකක්ද ???

      Delete
    2. @සුමිත් - //වෙනදට මලින්ද මාමගෙ පලු අරින සෑමාත් ඔය යස අගේට "ජනාධිපතිතුමා ට" ස්තූති කරලා තියෙන්නෙ....ධාතු පෙන්නුවාට.//

      තමන් හට නොසමයන් වන කලට සම,
      මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම,
      නොමින් කුමුදු විකසිත වනු දැක දැක්ම ,
      විලින් මෙන් තඹරු මුකුලිත වේය සැම… (සුභාෂිතය)

      හැමදාම බනිනකොට මාවත් එපා වෙනවනේ බං..
      ධාතු කැළණී විහාරෙට වැඩැම්මුවේ නැති තැන ඉදලම දේශපාලන ක්‍රියාදාමයක් බව පේනවා. ඒවා ගැන කතා නොකර ස්තුති කලා. ;)

      බුද්ධ පරිනිර්වානයට පසු දැක සංවේග උපදවාගත හැකි ස්ථාන 4ක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ උපන්තැන, බුදු වූ තැන, ප්‍රථම දම් දේශනා කල තැන, පිරිනිවන් පෑ තැන.

      ධාතු පිලිබද සදහනක් තියෙනවද මතක නැහැ..

      @හසිත -

      වන්දනා කරල ලෝකෙටම කියනවා මම වැන්ද කියල. ඒත් නොවැන්ද බහුතරයක් බුද්ධ මාර්ගෙ ගමන් කරනවා. ඒව වලක්වන්න බැහැ බං.

      Delete
    3. @ sAm (සෑම්)

      සැදැහැවත් කුල පුත්‍රයන් විසින් දැක සංවේග උපදවා ගත යුතු වන්දනිය ස්ථාන 4 බුදුන් වහන්සේ දේශනා කළ බව කියවෙන්නේ දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ. ඒ සූත්‍රයේමයි බුදුන්ව් වහන්සේ වදාරන්නේ බුදු, පසේ බුදු, මහරතතුන් සහ සක්විති රජු කියන සිව් කොට්ඨාශයේ ශරීර කොටස් තැන්පත් කරලා ස්ථූප කරවලා වන්දනා කළ හැකියි කියලා....

      Delete
  27. නන්දක්කාත් දළදාව බලන්න ගිහින් වෙච්ච දේ යස අගේට සිංදුවකින් කියලා තිබුනේ!

    ReplyDelete
  28. බුදුරජාණන් වහන්සේගෙ ධාතුන් වහන්සේ නමක් වන්දනා කිරීමත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනාකිරීම හා සමානම පිනක්.සාදු! සාදු! සාදු!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කළා ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාවට යොමු වෙන්න කියල. ආමිසේ විතරයි දැන් මිනිස්සු හිතන්නේ..

      Delete
  29. අද ප්‍රවුර්ති වල දැක්කා...කැළණි විහාරයට වඩම්මනවා කියලපොරොන්දුවෙලා හොරපාරෙන්ම රත්නපුරේට වැඩ්ම්මුවා කියල...!
    වැඩේ කියන්නෙ සුචරිවත් දේෂපාලු ඇත්තොනොවැ..මවාගත් ශ්‍රද්ධාවෙන් හිසමත තියාගෙන යන්නෙ..!

    ReplyDelete
    Replies
    1. අප්පද බොල කැළනි වඩම්මල නැත්ද? උදේ ඒ පැත්තට වාහනවලින් ගියා මම දැක්ක. මම හිතුවේ ගෙනිච්ච කියලා..

      දේශපාලු රගපෑම..??? ඔන්න ඉතිං දේශද්‍රෝහිවෙන්න හදනවා..

      Delete
  30. සර්වඥ ධාතු සෑමගෙ ගමටම වැඩලා තියෙන්නෙ. සෑමා හරි පින්වන්තයා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අම්මෝ එදා පාන්දර නොගියනම් අපරාදේ !!

      Delete
  31. උතුම් පින්කමක් කරගත්තා සේ දැනෙන්න ඇති. සාදු සාදු .

    ReplyDelete
    Replies
    1. ඔව් දයා.. ආවෙ නැද්ද වදින්න?

      Delete
  32. සාදු..සාදු..සාදූ...
    සෑම් ඒ පාර හොඳ හිත් වලට ලියනවද මන්ද....:D:D

    ReplyDelete
    Replies
    1. හොද හිත්වලට ඒවා ඔයාට හරියන්නෙ නැද්ද මන්දා :පී

      Delete
  33. සැමන් ටින් කිව්වාට තරහ වෙලාද මන්දා..:(
    අපූරු පෝස්ටුව සහෝ :)

    ReplyDelete
    Replies
    1. කොහෙදිද එහෙම කිව්වේ ?

      ජය !

      Delete
  34. ගෙවල් පැත්තේ පංසලකටත් එනවා කියලා තියෙන්නේ. වෙලාවක් තිබුනෝතින් අනිවාර්යයෙන්ම යන්න ඕනේ බලන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...