Friday, August 17, 2012

නිධන් හෑරීම... - අවසාන කොටස





“මේ ඒවායින් වැඩක් නැහැ පංචිකයෝ දැන් ඔරිජිනල් හක මගෙ ලග. උබ එනවද අද රෑ හාරන්න යන්න“

“අනේ හාමුදුරුවනේ මගෙ හක පාරන්නද?“

“ඈය යකෝ උබ හිතුවද මමත් රට ගිය වෙඩික්කාරයා වගේ කියල. ඔය සීන් උඹ දාගනින් අපේ කොල්ල එක්ක. මම නැහැ ඕවට..“ කෝපයෙන්...

“අනේ නැහැ රජතුමනි, රටේ ලෝකෙ උන් හිතන්නේ අපි එහෙම සීන් කියල. මොකෑ අපි ඉන්නෙ ඔබ වහන්සේගෙ සරම අස්සෙ හැංගිලා නොවැ..“

“රෑ එන්න කිව්වම තොට මතක් වෙන්නෙම ඕවා.. උබ දන්නවද පොලොන්නරුවෙ හොද පොට් එකක් සෙට් වුනා.. රජකාලෙ බඩුලු බං..“ පංචිකයාගේ නිකටට තට්ටුවක් දමමින්

“මගෙ අප්පේ.. ඕව දේශද්‍රෝහි වැඩ ස්වාමීනී.. ඒත් බැහැ නොකියත් බැරි නිසා මම අපේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අහල එන්නම්.“

“ඈ යකෝ උබ එහෙ ගිහින් වැඩේ ලීක් කරපං..“

“නැහැ ස්වාමීනි පු.වි දෙපාර්තුමේන්තුව කිව්වේ අපේ එල්ලාගෙන චක්කර වර්තී ගෙන් අහන්න හැදුවේ. එතුමානන් ඇප්රූවල් දුන්නම මම එනවා එක පයින්“

“මොන ඇප්පුරුවල් ද බං. එදා කට පුරා කිව්වේ හෑරුවට අවුලක් නැහැ කියලා. ඔන්න ඔහෙ රෑට වරෙන් ගහල මන්දිරේට. මගෙ සුදු වෑන් එකේම යමු පොලොන්නරු.. මතක් කරල ජීවම් කරපු සුරේ දාගෙන වරෙන්. අර ගියපාර අනුරාධපුර වැව් හාරපු අලවංගවත් පෝර උරේක ඔතාගෙන වරෙන්.“

“එකෙන්ම ස්වාමීනී“

පංචිකයා රියදුරු දෑතට දෙවිපිහිටයි කියා රිය පොලොන්නරුවට දක්කයි. රජු ඉදිරිපස අසුනේ ෂෝටක් ගසාගෙන හිදී. රටේ එවුන් දුටුවත් හදුනාගත නොහැකිය. අමුඩ ලේන්සුව කරේ නැත. සරම ගහල මන්දිරේ ගලවා දැමූ තැනමය.

දෙදෙනා ෂෙයාර් කර ගත් කාමරයක පසුදින ගතකොට, රාත්‍රියේ නැවත ස්ථානයට පදවයි. පංචිකයා බියෙන් ගැහේ.

“උඹ දන්නවද පංචිකයෝ ඉස්සර නම් තඩි වහු පැටියෙක් බිල්ලට දෙන්නෝනි මෙහෙම වැඩ පටන් ගනිද්දි.“

“එතකොට ස්වාමීනි?? අද මාවද බිල්ලට දෙන්නේ“ පංචිකයා සට පට ගාමින් සැලේ. විදුලිය නැති විටක පවා ඔහු මෙසේ සැලී නැත්තේය.

“අනේ මේ උබ වගේ මැටි ගොඩක් මෙතන චප්ප කරල කන්නද බං.. ගනිං ඔය අලවංගුව..“

“ඈ ස්වාමීනී?? අපි හාරන්නේ මෙතනද? මේක අමු සොහොනක් නේ..“ පංචික තවත් බය වේ.

“ඇයි උබ කනත්තට බයද?“

“නැහැ ස්වාමීනී අපිත් යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැනේ..“ රජුගේ කට ඇද විය.

“තොට ඇමැති කම එපා වෙලාද යකෝ මට යකා යකා කියන්නේ..“ (වැරදි කරන ඇමැතිවරුන්ට ජනතාව හමුවේ බනින මවා ගත් සැර මුහුනින්)

“අනේ මගෙ දෙයියෝ මල මිනි නැගිටල ආවත් හාරන්නම් මගෙ දෙයියෝ..“

“එහෙම වරෙන්. දැන් කට පියං හාරපං“

“අවසර ස්වාමිනි. ඇත්තට සොහොන් වල ජරා වස්තු තියෙනවද? නැත්තම් ඔබ තුමාට පුරාවස්තු එපා වෙලා දැන් මිනි පෙට්ටි ගොඩ දානවද?“

“නැහැ යකෝ මට හීනෙන් ඇවිත් ජුල්ල වට්ටි කුමාරය කිව්වා, ඌ මිහිදන් වෙච්ච මේ සොහොනේ ජරා වස්තු තියෙනවලු.“

“එහෙනම් ගොඩ ගමු ස්වාමීනී, ඔබ තුමාගෙ වට්ටියට වඩා මේක ලොකුයි ෂුවර්..“

“ශිරා නංගිත් ඕකම කිව්ව බං. අනික උබ දන්නවද මේ කුට්ටම මම දැක්කෙ නැහැ අවුරුදු ගානකින්. අසාවකට මම බලාගන්නේ කණ්නාඩි කැල්ලකින්. බඩ විතරනේ බං නැත්තං පේන්නේ...“ දුකඛිත ස්වරයෙන්

“ඒත් ශිරා නංගි නම් මගේ එකට සැටිස් ස්වාමීනී“

“මොකක්????“ ඇස් උඩ යවමින්.

“නැහැ නැහැ ස්වාමිනී.. එදා මට හදල දුන්න කන්න කියල සැටිස්..“

“අපෝ එදා මට බඩත් ගියා බං, ඒ පංචිකයා ගනින් අර ටෝච් පොල්ල.. අර අර.. අර බලපං අතන සොහොනේ ගහල තියෙන එක..“

“කෝ ස්වාමීනි... මොකක්ද? අර දෙසීය කියල ගහල තියෙන සොහොන් කොත නේද?“

“ඔව් යකෝ. උබට මොනාද හිතෙන්නේ..“

“ෂුවර් එකට මැරිච්ච එකෙක්ගේ සොහොනක් නේ..“

“නැතුව යකෝ පන පිටින් වලලනව ඈ..“

“එහෙනම් අහවල් එකක්ද ස්වාමිනී..“

“ඔය ඉන්නේ අවුරුදු 200ක් ජිවත් වුන එකෙක්. දැන් ඔය හාරපු වල වහලා මාර්ක් එකක් දාපං.. අපි මීඩියා අරන් හෙට එමු. වසර දෙසීයක් ජීවත් වුන පොරක් උබයි මමයි හොයා ගත්ත කියලා.“

“අන්න අදහස ස්වාමීනි. එතකොට හෙට උදේම හඩ්ඩා පතුරු යන්න කියවයි. ඌටත් හොද පෙරපර මින්ට් එක. එතකොට අනේසුන්දරයා සැනසුම පිටපත් ලියයි පැලෙන්න. “ අලවංගුව බිම දමා උඩ පනිමින්

“දාපං පංචිකයෝ පහක්.. උබ දන්නවද ඊට පස්සේ අපි සොල්දාදු සේනාව ගෙන්නලා මෙතන හාරවනවා. චුල්ල වට්ටියාගේ ජරා වස්තු අපිට. රාජ භාණ්ඩාගාරෙට.“

දෙදෙනා ක්ෂණීක හයි-වේ එකේ ගහල මන්දිරේට සැපත් වේ. මහ රෑම නිදා සිටි හඩ්ඩා සහ අනේ සුන්දරයා අමතයි. රූප-පාහිනීය, ස්ව-ආදීනවය, අමතයි. බ්‍රේකින් නිවුස් වැටේ. කස්ටිය පාන්දර වන තෙක් රූප පෙට්ටි ඉදිරියේ කතිර යුද්ධ ප්‍රථිඑල එන තෙක් සිටින්නාක් මෙන් පැල් බැදගෙන හිදිත්. පෞද්ගලික මාධ්‍ය රජුගේ අණට යටත්ව කඹ කඩමින් කැමරා රැගෙන පොලොන්නරු පිටත් වේ.

“එදා කොසොල් රජු දුටු සිහින මෙදා සහශ්‍රකයේ ජීවමානව, උත්කර්ෂවත් අයුරින්, ඥාන සම්පයුක්තව, සමාජ පථය තුල පෙලහැර පෑ රටේ රජතුමා. අද කෝටියක් ජනතා දෑස් දල්වමින් තමන් දුටු සිහිනයක් සත්‍ය බව ලෝකෙටම පෙන්නන කරන වෑයමක මාත් කොටස් කරුවෙක් වුනා.“ කොහේවත් සිටි ඇක්ෂන් ජැන්ටා මයික් එකට කියවයි.

“හත් දෙයියනේ කවදාවත් හිතුව දෙයක්ද මේ සැබැ වෙන්න යන්නේ.. රටේ රජෙක් කරන වැඩක්ද මේ කරන්නේ. මොන රජාද දෙයියනේ සොහොන් ගානෙ බඩ ගෑවේ. මෙහෙම ජනතාවගේ බිමකට ගිහින් කවුද පොලොව කෙටුවේ.. බලන්න අද වෙන්න යනදේ.. “ ඇක්ෂන්ගේ මයික් පොල්ල හඩ්ඩා පැන වැඩ්ඩා සේ කටේ ඔබා ගනී.

සියළු මාධ්‍ය පොර පිටියට බහිද්දී අදාල තැන කැමරා කාචයට යොමුවේ. අමු අමුවේ 200 ඉලක්කම ගැසූ, වසර දෙසීයක් ජීවත් වූ මිනිසෙකු සොයා ගිය ගමන සජීවීව මාධ්‍ය ඔස්සේ ආවරණය වේ.

හදිසියේ එතැනට කඩා පැන්න හූරිය-අප්-කෙරුම තුමා සොහොන බදා ගනී.

“මෙන්න කසන්න මහත්තයෝ අපි හොයා ගත්තා ජනතාවගේ රජුගේ සිහිනය. බලන්න වසර දෙසීයක් හිටපු මනුස්සයෙකුගේ සොහොනක්. අපි මේක ජරා වස්තු දෙපාර්තුමේන්තුවට දිල ඇනීම් කරමු.“

එතැනට පැමිණි පොලොන්නරු ජනතාව ඇස් නලලේ තබා ගනිති. දත කට පූට්ටු වී සිටි වැඩිහිටියන් අතරින් ඉදිරියට ආ කොලු ගැටයෙක්..

“අනේ මහත්තයෝ ඕක මාර්ග සංවර්ධනේට දෙන්ට. ඔය අපේ අල්ලපු ගමට තව හැතැප්ම 200ක් තියෙනව කියල මාර්ග සංවර්ධනෙන් ගහපු කොන්කිරීට් බෝඩ් කෑල්ල“

කොලු ගැටයාගේ වචන සෙට් එක රාජ්ජ වාහිනී වල කැපී යද්දී, තිරස පොඩි එකාගේ කොටස බ්‍රේකින් නිවුස් ලෙස පැයකට තෙවරක් විකාශය කරයි.

Written by sAm_9:00pm_17/08/12

ජොලි පලි - ජනතාවගේ මනස බඩුමිල, විදුලි බිල, ආදි දැවෙන ප්‍රශ්නවලින් බොහෝ ඉවතට ගෙන ගිය නිසා, රජු පාටියක් සංවිධානය කරයි.

57 comments:

  1. උඹගේ පෝස්ට් වලින් මගේ බොක්කටම වැදුන එකක්..

    සුපිරි....

    ReplyDelete
    Replies
    1. බොක්කෙ තුවාල ආවෙත් ලෙඩ වෙයි.. කූල් වතුර ටිකක් බීපං කොලුවෝ..

      තුති මචං !

      Delete
  2. හපොයි හපොයි.. මේ අර ආශ්චර්යමත් ලංකාවද සෑම් අයියා බන්...?
    අපේ පැත්තෙත් තියෙනෝ ඔය වගේ කොත් ගොඩක්..
    ඔහෙත් එනෝ අපිත් හාරමු :P

    ReplyDelete
    Replies
    1. ඈ බොල උබ මහසෝනද? සොහොනකද ඉන්නේ ?

      Delete
  3. හික් හික් ..... ඔය වගේ ජරා වස්තු රට පුරාම තියෙනව නෙව. මුන් ඔක්කොම පෝලිමට හාරයිද දන්නෑ.

    ඇයි බං උඹට 200 බෝඩ් එකක් හොයා ගන්න බැරි වුනාද අර ෂොටෝපොප් 200 ක් ගහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගූගල් දෙයියා ඒකට මට සපෝට් කලේ නැති නිසා, මම පොටෝ ෂොප් පාරක් දැම්මා. සරලව.

      Delete
    2. ඔය වගේ ජරා වස්තු හැරපු තව රජ කෙනෙක් හිටිය..දැන් ඒ රජුගේ පුතා ඒවා පන්සල් පල්ලි ගැනේ දන් දෙනවා.

      Delete
  4. හික් හික් ලෙසටම වනලා ඈ :)

    ReplyDelete
  5. මේක ජරා .. වැරදුනා වැරදුනා රජා හරි පංචිකයා හරි දැක්කොත් නම් සෑමව මන්දිරේටම ධවල රථයකින් වඩම්මලා හකෙන් පතකුයි, තව දෙන්න තියෙන සැලකුම් එහෙමත් දීලා ගම් වරේකුත් (6x4 එකක් හොඳේ) දීල තමයි ගෙදර එවන්නෙ. පරිස්සමින් පුතේ !!! :D :D

    ReplyDelete
    Replies
    1. බය කරන්න එපා බං. මේක අපේ ගමේ පෙන්නපු නාස්ටියක්!

      Delete
  6. 100 කණුවක් නම් හොයල දෙන්න ඇහැකි..

    ReplyDelete
    Replies
    1. ඒ කොයි ලෝකෙද බං ?

      Delete
    2. 100km කණුවක් දන්න තැනක තියෙනවා බං ..

      Delete
  7. //තිරස පොඩි එකාගේ කොටස බ්‍රේකින් නිවුස් ලෙස පැයකට තෙවරක් විකාශය කරයි.
    අන්න මාධ්‍ය..

    ReplyDelete
    Replies
    1. තිරසයි... ලගම නෑයා...

      සිරාවට අන්න මාධ්‍ය !

      Delete
  8. මේ තියෙන්නේ ලිපි එල එල ;ඩ්

    ReplyDelete
  9. මටත් හිතුනේ පංචිකයගේ හක පාරන්න යනවද කියලා හිකිස්
    එලස්

    ReplyDelete
    Replies
    1. හක පෑරිලා කෑලි කැඩී බිදී ගිහින් නිල් තරු රැල්ලේ !

      Delete
  10. මෙන්න මම ආසම ටික...
    “අනේ මහත්තයෝ ඕක මාර්ග සංවර්ධනේට දෙන්ට. ඔය අපේ අල්ලපු ගමට තව හැතැප්ම 200ක් තියෙනව කියල මාර්ග සංවර්ධනෙන් ගහපු කොන්කිරීට් බෝඩ් කෑල්ල“

    ReplyDelete
    Replies
    1. ඇයි බං කණු හිටෙව්වාට ඔය පැති වල පාරවල් හැදෙනවා බොරු..

      ඊයේ නිව්ස් වලට පෙන්නුවා වසර 6ක් තිස්සේ කිලෝමීටරයක් පමනක් හදපු පාරක්. පට්ට නේ ?

      Delete
    2. සං - වර්ධනේ ... සං - වර්ධනේ ...

      Delete
  11. " කොලු ගැටයාගේ වචන සෙට් එක රාජ්ජ වාහිනී වල කැපී යද්දී, තිරස පොඩි එකාගේ කොටස බ්‍රේකින් නිවුස් ලෙස පැයකට තෙවරක් විකාශය කරයි."

    ආයෙත් අහලා... සිරා සෑමෝ.. අපරාදේ වගේ මේක කොටස් දෙකෙන් ඉවර උනේ..

    ReplyDelete
    Replies
    1. උබත් අනේ මන්දා.. මෙගා නාට්ටිමයි බලන්න හදන්නේ..

      Delete
    2. මේ වගේ ඒවයේ මෙගා බලන්න පුළුවන් බං... :)

      Delete
  12. එලටම තියනව සෑමෝ.

    "දෙදෙනා ෂෙයාර් කර ගත් කාමරයක පසුදින ගතකොට, රාත්‍රියේ නැවත ස්ථානයට පදවයි. පංචිකයා බියෙන් ගැහේ."

    පංචිකයා යහතින් නැඟිට්ටද?

    ReplyDelete
    Replies
    1. පංචිකයාට පුරුදුයි. ඌ මනාපයි. තව උන් ඉන්නවා මනාප :)

      Delete
  13. පංචිකයගේ කකුල් දෙක ඇලවෙන ගතියක් ආවේ නැද්ද මන්දා... හික්ස් :)
    මේ කතාව මරු !

    ReplyDelete
    Replies
    1. කලින් කිව්ව නේ බං, ඌට පුරුදුයි !

      Delete
  14. ලකුණු ලැබෙන ලිපියක්. ටිකක් නිවී හැනේ ලියාපං ළමයා හොඳ ඒවා විතරක්.

    ReplyDelete
    Replies
    1. මොනාද ටීචර්,, හොද ඒවා විතරක් කිව්වේ???

      Delete
  15. මොනවා කියන්නද මේවාට..කියවා මොකුත් නොකියාම යමි..

    ReplyDelete
    Replies
    1. ස්තුති ! නිදහස් අදහස් ප්‍රකාශයට බය වුනාට

      Delete
  16. නියම පෝස්ටුව......නිර්මාණශීලී භාෂා ප්‍රයෝග - ආඛ්‍යානය ඉතා ඉහළයි....

    නැවතත් සුබ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සුමියා උබ කියපු එකක්වත් මට තේරුනේ නැහැ.

      මොනව වුනත් ස්තුති !

      :ඩී

      Delete
  17. කියවපු හොදම(විනෝදාත්මක ) පොස්ට් එකක්...

    ReplyDelete
  18. එල එල ඈ . . සිරාවට ලියා තිබේ . . .

    ReplyDelete
  19. 2 කොටස නිමි.එහෙත් මෙවන් සිදුවීම් ඉදිරියටත් සිදුවෙමින් පවතී.

    ReplyDelete
  20. නියමයි අයියේ :D :D :D
    අර කොලුවට මොකද දන් නෑ ඊට පස්සේ වුනේ නේ..??

    ReplyDelete
    Replies
    1. සිරාවට කොල්ලව ඉස්සුවද දන්නෙ නැහැ..

      Delete
  21. lak wasiyani prawesam wanna.obege hakada parimata ida atha.ela..

    ReplyDelete
  22. වැඩ හින්දා සෑම්ගේ බ්ලොග් එක කියවන එකත් මේ දවස් ටිකේ මගහැරුනා. මහ රාජතුමාගේ හක සෙවීමේ මෙහෙයුම අහවර වුනේ මෙහෙමයි එහෙනම්. පට්ට සෑම්. තවත් කථාවක් එනකන් ඉන්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...