Wednesday, August 15, 2012

නිධන් හෑරීම... - පළමු කොටස


“උඹට පුළුවන්ද පංචිකයෝ වලවල් හාරන්න, උබ එන්න එපා මම අපේ කොල්ලව අරන් යන්නම“

“විකාර කතා කරනවද උතුමානෙනි.. මේව රජුන්ට කැප නැහැ..“

“කැප නැහැ කියල උඹ මාව මාලිගේ දාල යන්න කල්පනාව. උබටයි ඕව කරන්න බැරි. බලපං උබට ලයිට් කනුවක් හිටවන්න වලක් කපන්න බැරි එකා කෝමද වලවල් හාරන්නේ මහ රෑට..“

“ඇයි උතුමානෙනි එහෙම කියන්නේ.. බලන්න කරච්චෝලේ.. කොච්චර වැදගත් වැඩක්ද? මම තනියම හාරපු වල..“

“අනේ මේ පලයං පංචිකයා යන්න.. මම අපේ කොල්ලට එන්න කියනවා මේ වැඩේට. අනික අනුරාධපුරේ යන්න එපැයි..“

“අනේ මේ උතුමානෙනි, මතකනේ කොලුවයි පවුලේ අයයි සෙට් වෙලා හාරපු වල? බෙම්බංතොට නාන තොටුපල. උතුමානන්ගේ කොල්ල රගර් නොගහ පොඩි වයසෙ හිටියනම්, කොල්ලට කඩදහි බෝට්ටු පාකරන්න නියම පොට් එක..“

“අනේ මේ කටවහං. කමක් නැහැ උබගෙ ඔය කට වහන්න බිම්මල්පේට වත් බැරි වුන එකේ උබත් වරෙන් වල හාරන්න..“

“උමතුවානෙනි.. ගිය පාර රොන් මඩ ඉවත් කරල මොනාද හම්බුනේ..??“

“බලපං හාරපු මඩ ටිකටත් ණයයි. ඒ මඩ වේලලා පස් කුට්ටි කරල විකුණල තමා වියදම කවර් කර ගත්තේ..“

“ඈ... එතකොට පිච්ච මල් පූජා තියල හාරපු එකෙන් කඩුවක් වත් මතු වුනේ නැද්ද?“

“මොන කඩුද බං.. මතුවුනා ““හකක්““

“ඈ.. මොකක්???““

“අපේ උබල මහලොකු පාරාවිද්‍යාඥ්ඥයෝ.. යකෝ හක් ගෙඩියක් බොල...“

“මගෙ අප්පේ උතුමානෙනි අපරාධයක් නොවැ..“

“ඒ හක හරි වාසනා වන්තයි බොල.. ඒක ලග තිබ්බම ජනතා ප්‍රසාදය වැඩී..“

“අප්පද බොල රජුනි ඒ හක එච්චර බලගතුද? එතකොට ඔබ තුමා මාර ආදරෙන් ඉන්න ඇති නේද හකට?“

“නැතුව උබ දන්නවද මම හක අරන් තමා දිය කෙලියට පවා ගියේ..“

“දිය කෙලියට?? ඒ කොහෙද??“

“අහවල් තැනැකට නෙවෙ බං.. බෙම්බංතොට ගියේ.. තොටුපලට නාන්න..“

“ඉතිං ස්වාමීණී...“

“අනේ... මගේ දෙයියෝ... මට දුක් දෙන්නෙපෝ...“ රජු පංචිකගේ උරහිසේ හිස තබා වැලපේ. පංචික උතුමානන්ගේ රතු ලේන්සුවෙන් දෙඇස් පිහිදමයි.

“සමාවෙන්න උතුමානෙනි.. මම වැරදි දෙයක් කිව්වාද මන්දා.. මගෙ මේ වැසිකිලි කට.. අපෝ...“

“කමක් නැහැ.. දුක තුනී වෙන්න මම උබට කියන්නම් කතාව. කෝ අත දිග් කරල දිව්රපං කාටවත් කියන්නෙ නැහැ කියලා“

“මොනා දික් කරන්නද උතුමානෙනි.. මම මේ තාක් කෙල බිදක් හලල තියෙනවද ඔබ වහන්සේ ගැන..“

“ඔන්න එහෙනම් අහගනින් කතාව... මම අර හකට තියෙන ආදරේට හකත් අරන් තොටුපලට යනවා නාන්න. දවසක් මම ගිලිලා නාකියාගෙන ඉන්නකොට දෙයියනේ හක වැටිලා වතුරට.. මම බලං ඉන්නකොට හක පාවෙනවා...බං හක පාවෙනවා...

“ඉතිං රජතුමා පීනලා හක ගොඩ ගත්තා..??“

“විකාරද බං.. මේ බන්ඩිය උස්සගෙන මම පීනන්න.. “

“ගිලෙන්නෙ නැහැ උතුමානෙනි.. ටියුබ් දෙකක් දැම්ම වගේ නොවැ..“

“උබ ඇමැතිකම දාල යනවද? මගෙ කතාව අහනවද?“

“ගැත්තාට සමාවෙයන් රජුනි.. වදාරන්න අවසර..“

“ඉතිං මට හරි දුකයි බං.. මට හක නැති වුනා.. මම පස්සෙ රට පුරා විද්‍යුත් සන්දේශයක් යැව්වා හක හොයල දෙන එකෙක්ට හකෙන් පතක් දෙනව කියලා..“

“මගෙ අප්පේ හකෙන් පතක් රජතුමානි???“

“ඔව් බොල මට ඕව වියදම් නෙවේ.. භණ්ඩාගාරෙ සල්ලි තියෙනව නොවැ..“

“අනේ මම නොදන්නව නොවැ..“

“ඉතිං ඔන්න සන්දේශෙ දැකල මාලිගාවට සැපැත් වුනා ලෙයියා කියල බයියෙක්...“

“අහ්.. ලෙයියා මගෙ කලින් සපෝටර් කෙනෙක් නොවැ.. පොර වැඩ කාරයා.. එවෙලෙම හක හොයල දෙන්න ඇති..“

“අනේද කියන්නේ පංචිකයෝ.. එදා හවසම මූ ආව නොවැ හකත් උස්සගෙන...“

“අන්න අපේ කොල්ලො.. දුන්නොත් වැඩක් ලෙසටම කරනවා.. “

“කලා තමයි බොල.. මම ඊට පස්සෙ පොරොන්දුව ඉෂ්ඨ කරන්න එපැයි..“

“මොන දෙනවද බං.. හකෙන්  පතක් දෙන්න මම ඌට... ඒ ජුන්ඩි වැඩේට??“

“එතකොට උතුමානන් ඒ ගැත්තාට ද්‍රෝහි වුණා..“

“ඌ මට කෝටි දෙකකින් එකෙක් විතරයි බොල..“

“එතකොට ලෙයියා..?“

“ලෙයියට මල පැන්නා බං.. ලෙයියා පලිගහන්න ගත්තා.. අපේ රාජ්ජේ උන් දන්නේ පලි ගහන්න විතරයි නොවැ..“

“ඉතිං පලි ගහද්දිත් ඔබතුමා සද්ද නැතුව බලං හිටියා..“

“නැතුව බං.. අන්තිමටම බැරිම තැන මම ඌට මගෙ හක තෑගි කළා..“

“අම්මද බොල ලෙයියට දැන් ජනතා ප්‍රසාදය වැඩි වෙයි, හක නිසා ඔබ තුමාට ජනතා ඇල්ම වැඩි වුනා වගේ..“

“මොන පිස්සුද බං, ඒක හකෝ ඩුබ්ලිකේට් එක..“

“එතකොට ලෙයියා..?/“

“ලෙයියට සතුටුයි බං.. ලෙයියා හක පුරෝගෙන යන්න ගියා..“

රජුට නිධන් හාරා පුරාවස්තුවක් හමුවෙයි.. ඊලග කොටසින්...

Written by sAm_11:26pm_15/08/12

පලි - අකුර පටලවා කියවා අමනාප නොවන්න

82 comments:

  1. කියවල එන්නම්. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .... පාරෙ යනකොට ධවල රථ එහෙම දැක්කොත් උඹත් හක පුරෝගෙන හිටපන්, වැඩිය මූණ දෙන්න යන්න එපා.

      Delete
    2. anna hari

      හක පුරෝගෙන හිටපන්

      Delete
    3. ධවල රථ යන්නේ දවල්ද ?

      Delete
    4. වෙලාව අදාල නැහැ බොල

      Delete
  2. හික් හික් හික්..
    වැඩිකල් නොගිහින් මෙයාටත් හතක් හම්බවෙයි ද දන්නේ නෑ

    ReplyDelete
  3. හකෙන් පතක් හම්බ වේවා ලෙයියා පලි ගහයි නැත්තම් !
    ජය!!

    ReplyDelete
    Replies
    1. හොන්ඩා ජුලෝලා වාහනයක් ලැබේවා !

      Delete
    2. සෑම්. අච්චර හක පත් ගණන් භාණ්ඩාගාරේ තියෙනවාද?

      Delete
  4. හකෙන් පතක් තියා හකපුරෝලා අරගෙන යන්නවත් බැරි උන් එමටය.

    ReplyDelete
    Replies
    1. අකෙන් පහුරගෙන ඉන්න උන්ද ?

      Delete
  5. සෑම් අයියේ උඹ අයියා අපිට ඕනේ.. මොකෝ මගේ ගඩොල බඳින්න උඹ අයියා මාර සප් එකක් දෙනොනේ..
    කහනවා නම් කට හෝද ගෙන ඉන්නවකෝ..
    පරිස්සමට කිවේ.. අහිතකින් නොවේ..
    කතාව නම් එල.. ඒත් ඉතින්..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අපිටත් කහන නිසා ලියන්නේ !

      Delete
  6. හික්ස්.. මරු ඈහ්..
    ජය වේවා!!!

    ReplyDelete
  7. ලෙයියා කවුද කියලා මං මේ දහ අතේ කම්පනා කලේ..

    ReplyDelete
  8. නෑ නෑ අකුරු පටලවා ගත්තේ නෑ... වරදින්න පුළුවන් තැන් උඹ පාට කරලම තීන නිසා වරද්ද ගත්තේ නෑ..

    මරු ඈ... :)

    ReplyDelete
    Replies
    1. උබ දක්ස නිසා හොදා. වෙන එවනු පටලගන්නවා සුවර් !

      Delete
  9. හී හී :)
    ජය හ්ම්ම් :)

    ReplyDelete
  10. ඇත්තටම නිදන් හාරන හොරු ගැන ලස්සන කතාවක් බලන්ට ආවේ....:)

    ReplyDelete
  11. හක පුරෝලම දීලා කියන්නේ හොදටම සලකල තියෙනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. කලගුන සලකන්නේ මෙහෙමනේ..

      Delete
  12. ඔන්න ඔහොමලු උනයි කියන්නේ.. !!

    ReplyDelete
  13. අඩේ පට්ට සිරා කතාව මචං !
    මෙදා පාරත් හක පුරෝගෙන කට්ටිය එවි නේද නිලවරණයට !

    ReplyDelete
    Replies
    1. කස්ටිය ඉතින් හක කරේ තියන් කතිරෙ ගහයි

      Delete
  14. ලෙයියා හක පුරෝගෙන යනකොට හකෙන් පතක් දෙන්නනේ තිබුනේ..

    ReplyDelete
    Replies
    1. හකෙන් පතක් දීපු නිසා සතුටේ යන්න ඇත්තේ :ඩී

      Delete
  15. ව්ලිලැජ්ජාවේ බෑ ඕයි!!!! :-))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. “ලැජ්ජ බිට්“ එකේ තියපං

      Delete
  16. පට්ට බං පට්ට.... අනේ බ්ලොග් ළෝකෙම මෙහෙම නිර්මාණ කරුවෝ බිහි වේවා....!

    ReplyDelete
    Replies
    1. උබගේ පෝස්ට් වුනත් ආසාවෙන් කියවන්න පුලුවං බං !

      :)

      Delete
  17. මේ කනේ පාරවල් හරි තැනට වදීවා..කන් රිදේවා..නුවණැස පහල වේවා..සාදු සාදු..

    ReplyDelete
  18. දෙක හමාරක් නෑ බොලව් මේක නම් desa drohi (අඩේ සිංග්‍රීසි ලියන්නෙ කොහොමද බං) පොස්‍ටුවක්.

    අරින්නෙපා සෑමෝ.!
    සෑම අපිට... අපි සෑමට....!!
    සෑම අපිට.. අපි සෑමට.!!!
    විහිලු කලාට ඇත්ත කතා කරන උන්ට පොඩි අනතුරකුත් නැතිව නෙමෙයි මලේ අපේ රටේ. ඒත් එහෙමයි කියලා කට පියාගෙන ඉදලත් බෑ නෙව. උඹ කරන වැඩේ හරි ඒත් කල්පනාවෙන්.අත් වැල් අල්ල ගන්නවා බොලා වගේ උන් එක්ක අනිවාර්යයෙන්ම මම.
    ජය....!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ජයෙන් ජය !

      Delete
  19. සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි!! ආරක්ෂාවයි !!!

    උඹ කොටින වල්ලෙක් ...

    ReplyDelete
    Replies
    1. මටද බං ආරක්ෂාව ?

      කොටින් වල්ලා.. හිකිස්..

      Delete
    2. උඹට තමා ඒ ආරක්ෂාව... :)

      Delete
  20. හපොයි.......

    සෑමෝ....

    අපිට උඹව හොයාගන්නවත් බැරි වෙයි බං.... මූණ වත් හරි හැටි දැකලා තියෙන එකක් යැ...

    අනේ පරිස්සමින් කොලුවෝ........

    ReplyDelete
    Replies
    1. මූන පොටෝවක් දාන්නම්. මම නැති වුනොත් හොයන්ට ඈ..

      Delete
  21. ලෙයියා ගැන වැටහුනේ නැහැනේ

    ReplyDelete
  22. හැක..හැක..හක..හක

    ReplyDelete
  23. පාරාවිද්‍යාඥ්ඥයෝ
    මේ බැදි අකුරු කොටන්න උඹ මොන අටමගලෙද පාවිච්චි කොරන්නේ කියලා මටත් කියලා දීපං මචෝ. ලියපු පෝස්‍ටුවක් අතර මග නතර කොරල දැම්මා බැදි අකුරු ලියන්න නොදන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ඕක මීට කලිනුත් දවසක් ඇදිල ගිය මතක නැද්ද සරත් අයියට. මම ඒ ටික කොපිකරල දාන්නම් මෙතන. ඒ පෝස්ට් එකට සරත් අයියත් කමෙන්ට් එකක් දාල තියෙනව හරියටම මේ සංවාදෙට යටින්.

      http://samindikasrimantha.blogspot.com/2012/06/blog-post_28.html

      ----------------------------------------------------------

      ඊ මේල් කවිකාරිJune 28, 2012 9:52 PM

      කැලබීල්ල / කැලඹිල්ල

      sAm (සෑම්)June 28, 2012 10:16 PM

      කවිගේ එරවිල්ල - ගෙරවිල්ල - ලතැවිල්ල නිසා කැලබිල්ල - කැලැඹිල්ල කලෙමි..

      DDTJune 28, 2012 10:53 PM

      ඒ විතරක් නෙවෙයි, උඹට සඤ්ඤක වෙන්නෙ නැති ලෙඩක් කොහොමටත් තියනවා. හෙම්බිරිස්සාවද මන්ද?

      විදගමින් සිසිලසක් - විඳගමින්
      වැරහැල්ල ඇදගත්ත - ඇඳගත්ත
      හිගනුන්ට සෙවන දෙන - හිඟනුන්ට

      sAm (සෑම්)June 29, 2012 8:35 PM

      ඇත්තම කියන්නම් මචං. සඤ්ඤක අකුරු ටයිප් කරන විදිහ දාපං කෝ.. කී බෝඩ් එකේ තියෙන තැන් දන්නෙ නැහැ.

      තුති !

      සෙන්නාJune 29, 2012 9:33 PM

      උඹ මොකක්ද පාවිච්චි කරන්නෙ.. යුනිකෝඩ් කන්වර්ටර් එකකින් නෙමේද උඹ ටයිප් කරන්නෙ ?

      මමනම් මාලින්ද කන්වර්ටර් එක..

      ඒකෙ සඳ = sanndha

      ඒවගේ..

      DDTJune 29, 2012 10:15 PM

      මමනම් කන්වර්ටර් පාවිච්චි කරන්නෑ. මට ඒක කරදරයි. මම පාවිච්චි කරන්නෙ නිකන්ම, විජේසේකර කී බෝඩ් එක. sinhala tamil unicode ime කියල පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඉන්ස්ටෝල්කරගෙන තියෙන්නෙ. ටොගල් එකක් විදියට වැඩකරන ෂෝට්කට් එකකින් සිංහල ඉංග්‍රීසි මාරුකරනව. මම පාවිච්චිකරන එක ගත්ත තැන හරියටම මට මතක නෑ. මම හිතන්නෙ පල්ලෙහා ලින්කුවෙ තියෙන්නෙ ඒක. ඔතන තියෙන ඒවයින් වින්ඩෝස් 7 වලට තියන එක මම අරගත්තෙ. ඒක ඉන්ස්ටෝල් කළාම sinhala Keyboard Layout එක බලාගන්න පුළුවන්. තව Help වල වෙනමම pdf file එකක් තියනව සිංහල අකුරු ටයිප්කරන හැටි උපදෙස් දෙන.

      http://www.siyabas.lk/sinhala_how_to_install.html

      sAm (සෑම්)June 30, 2012 6:07 PM

      මාත් කන්වර්ටර් පාවිච්චි කරන්නෑ. මමත් පාවිච්චි කරන්නෙ නිකන්ම, විජේසේකර කී බෝඩ් එක. DDT කියන එකම තමා මාත් පාවිච්චි කරන්නේ.
      *** ඒත් ඔය ස‍ඤ්ඤක අයිටම් ගන්න හැටි මම දන්නෙ නැහැ. :(
      ඒකට ලේ අවුට් එක භාවිත කරන්න වෙනවා :((

      @සෙන්නා - ඔය කන්වර්ටරේ මාත් දැක්කා ඒත් ඒ කොටන විදිහ පට්ට අමාරු නැද්ද මචං. ?

      ගැමියාගේ පත් ඉරුවJuly 1, 2012 11:55 AM

      සැමා අයියේ මම නම් alt key එක ඔබාගෙන අදාල සඤ්ඤක අකුර ටයිප් කරනවා

      DDTJuly 1, 2012 12:25 PM

      @ සෑම්,
      ගැමිය කියන විදියට තමා බං සඤ්ඤක අකුරු ගන්නෙ. උඹත් යූස් කරන්නෙ මම පාවිච්චි කරන එකනම් වැඩේ ලේසියිනේ බං. ඔය පල්ලෙහා ටාස්ක් බාර් එකේ show hidden icons බට්න් එක ක්ලික් කලාම එන කොටුවෙ sinhala tamil unicode IME කියල තියෙන අයිකන් එක ක්ලික් කරාම උඩින්ම එන්නෙ Keyboard Layout එක. ඒකෙ රතුපාටින් තියනව Alt කී එකයි අනික් සඤ්ඤක අකුරුයි. නැත්නම් ඒකෙ Help වල තියනව සඤ්ඤක අකුරු, බැඳි අකුරු ටයිප්කරන හැටි. කම්මැලි නැතිව ටිකක් ඔබල බලපං කෝ, මම කිව්වෙ කී ඔබන්න කියල, හරිය.

      sAm (සෑම්)July 1, 2012 4:43 PM

      ඕල්ට් එක්ක ගැහුවට එන්නෙ නැහැ මචං :(

      ටාස්ක් බාර් එකේ show hidden icons බට්න් එක ක්ලික් කලාම වි' යන්නක් තියෙනවා ඒක උඩ ක්ලික් කලාට කී බෝඩ් එක එන්නැහැ :(

      දෙමල අකුරක් තියෙනවා ඒක උඩ ක්ලික් කලාම එනවා දෙමල කී බෝඩ් ලේ අවුට් එක...

      ඇයි බං මටම මෙහෙම තාක්ෂනය හිරිහැර කරන්නේ :(

      අනේ ස්තුති මචංලා..

      DDTJuly 1, 2012 5:03 PM

      මචං, උඹ පාවිච්චි කරන එකේ වර්ශන්එක වෙනස් ද කොහෙද. මගේ සිංහල දෙමළ වෙන වෙනම නෙවි තියෙන්නෙ. දෙකටම එක අයිකන් එකයි. ඒක නිල්පාට කොටුවක සුදු පාටින් ලියපු ‘ක‘ අකුරයි දෙමළ අකුරකි තියෙන්නෙ. උඹ Alt කී දෙකෙන්ම ට්‍රයි කළාද? මගෙත් ඩිෆෝල්ට් සෙට්වෙල තියෙන්නෙ දකුණු පැත්තෙ Alt කී එකට, වම් පැත්තෙ Alt කී එකත් එක්ක සඤ්ඤක වෙන්නෙ නැහැ.

      Delete
    2. @ සෑම්,

      තරහ වෙන්න එපා බං මේ මාගලක් වගේ එකක් මෙතන දැම්මට. මම ඒක සම්පූර්ණෙන්ම කොපි කරල දැම්මෙ සරත් අයියට ස්ටෝරිය හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්න.

      Delete
    3. එකෙන්ම එල සපෝට් එකක් ඩි.ඩි.ටී

      ටැංකු 1

      Delete
    4. රොම්බ තෑන්ක්ස් මලේ. පට්ට උදව්ව. ජය...!!!

      Delete
    5. ඔය බැඳි අකුරු ලියන්න පාවිච්චි කරන්නේ ZWJ (Zero width joiner) කියන යුනිකේත අකුර. තියෙන්නේ \ වල

      Delete
  24. සුදු වෑන්.... සැමා අයියේ පරිස්සමෙන්... බ්ලොග් ලියන උන් අස්සෙත් ඔත්තු කාරයො ඉන්නවද දන්නෙ නෑනෙ.. :පී

    ReplyDelete
    Replies
    1. කබ්බෝ අතර ඉන්න ඔත්තු කාරයෝ වගේද/

      Delete
  25. හක.. හක.. ගාලා හිනාවෙනවද? නැත්නම් .. හක පුරවගෙන පැත්තකට යනවද කියලා තමයි මාත් මේ කල්පනා කොළේ..

    ReplyDelete
    Replies
    1. හක පරහට තියාගෙන කියවන්න තියෙන්නේ !

      Delete
  26. දෙපාරක්ම කියවලා අප්පා තේරුම් ගත්තෙ

    ReplyDelete
    Replies
    1. බෝල්ඩ් කරල තියෙන්නේ ලේසි වෙන්න

      Delete
  27. සා මාරයි නෙව හක පුරෝ පුරෝ දීල තියෙන්නෙ ලෙසට....

    ReplyDelete
    Replies
    1. හක පුරෝ පුරෝ දුන්නේ කවුද ? කාටද ?

      Delete
  28. හොදයි හොදයි... බලමුකො ඉතිරි ටිකත්...

    ReplyDelete
  29. පුතන්ඩියට පුළුවන් රගර් තමා ඉතින් දැන්නම් ටාසන් වගේ සාටර්ර්ර්

    ReplyDelete
  30. එල නේ බන් හොඳ සීරීස් එකක් වගේ...

    ReplyDelete
  31. උතුමානොත් එක්ක ලතවෙච්චි හුගාක් උන්ට හක පලාගන්න වුනා.....

    ReplyDelete
  32. හුටා....කාලා වරෙන්කෝ දැන්...

    ReplyDelete
  33. කියෙව්වෙමි.... :)

    ReplyDelete
  34. ඊලඟ කොටස එනකන් හක පුරෝගෙන බලා සිටිමි. (HTML වැඩද මන්දා)

    ReplyDelete
  35. අඩේ... හකට ගිය කළ.... :D

    ReplyDelete
  36. උඹටත් හකෙන් පතක් කන්න හිතිලා වගේ . . පරිස්සමෙන් කොලුවෝ . . .

    ReplyDelete
  37. කවුද මේ ලෙයියා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...