Saturday, August 11, 2012

ඡන්දෙ ලගයි.. කොන්ද තියාගනිව් කෙළින්....


මග තොට දී, ඔපීසියේදී, රූපවාහිනීයේ, රේඩියෝවේ, අන්තර්ජාලයේ කතන්දර බොහෝය. බහුතරයක් මලින්ද මාමා ඇතුලු කැබිනට් එකට සහ ආණ්ඩු පක්ෂයටම විරුද්ධ ඒවාය. දැන් බලනකොට ඡන්දය දීපු එකෙක් නැතිය. එහෙම බැලුවොත් මාමා දිනා ඇත්තේ හොර ඡන්ද වලින්ය. ඒත් ඒක පිලිගත නොහැකිය. ඒ කාලේ මාමා වෙනුවෙන් හන්දිගානේ කෑ ගහපු, කඩ පිලේ පෝස්ටර් ගහපු එවුන් බොහෝ විය. ඒත් උන් අද නැතිය. විටෙක එය ලෝක විනාසයද කියා සෑමාට සිතෙන්නේය. නැති නම් සිහිනයක්ද? විය නොහැකිය. සෑමා තමාටම කොනිත්තාගෙන තමා පියවී සිහියෙන සිටින බව දැනගෙන සිහිකලේය. ප්‍රභාකරන් මාමා කියුදේ එක වරම සෑමාට සිහි විය.

“සිංහලයන්ට ඕනෑම සිදුවීමක් මතක සති දෙකක් වැනි සුළු කාලයක්ය.“

මොකක්දෝ ඡන්දයක්ද අත ලගය. දැන් මලින්ද මාමාට එදිරිව කෑගසන අය කොතරම් සිටියද එදිනට ඡන්ද කොලේ අතට ගෙන කතරය ගසන්නට පෑන/පැන්සල කතිර කොලයට ලං වෙද්දී අපේ එවුන්ගේ අත ගැස්සෙන්නේය. හිත වෙව්ලන්නේය. සිතුවිලි තෙරපෙන්නේය. කොහොම පටන් ගෙන කතිර ගහන්නද උන්ට වැටහෙන්නේද නැතිය. පරම්පරා ගණන් තමන්ව කෑ, පක්ෂය උන්ට අතෑරිය නොහැකි වන්නේය. රටට කෙල වුනත් කළ-ගුණ-මකු කම් අමතක කළ නොහැකිය. ඒ නිසාම අත කරකවා කතිරය ගසන්නේය. ඇත්තටම ඒක මන-උස්සකමය. ඒක හොදය. කාපට් පාරවල්, අඩි-වේගී මාර්ග සිහිවෙද්දී කරේ තියාගෙන කතිර ගසන කරුණාවක් ජනිත වන්නේය. 

Z-ස්කෝර් වැරදී කොල්ලෝ කෙල්ලෝ පාරට බැස්සාට කමක් නැතිය. උන්ට වැලේ වැල් නැතිව කෑගැසුවාට කමක් නැතිය. උන්ට හතර වෙනි පාර හෝ විභාගය ලියා කැම්පස් යා හැකිය. හතර වරක් විභාගය කරන්නට දුන් මෙවන් ශිෂ්‍ය හිතවාදී රජයක් මේ කපේදි දැක නැතිය. ඉතිං වැඩ දමා කමිස කොලරය උස්සා ‘බෝල්ඩ්‘ අකුරින් කතිරය ගැසීම සාධාරණය. කැම්පස් එවුන් කවදත් කෑගසනවාය. ඒවා ගණන් ගත යුතුව නැතිය. ඒ කීවේ උසස් අද්දි-යාපන මාමාය. ඒ මාමා කියන දේ සහතික ඇත්තය. ඉතිං ඒ මාමාගේ බුද්ධියට එරෙහි වන්නට ජනතාව අකැමැතිය. ඉතිං ගසනවාය. අත කරකවා ඡන්දය දෙනවාය. ජනතාවාදි රජයට පිටු පෑම පට්ට අසාධාරණ නිසා කතිරය ගැසිය යුතුමය.

දැන් ඩීසල් හොද නැහැ කියා කෑගසන්නේ දේශද්‍රෝහියෝය. ඒවා ගණන් ගත යුතු නැතිය. උන් ආණ්ඩුව පරාද කිරීමට එක එක ගැට යොදනවාය. ඒවාට අසු විය නැතිය. ඡන්දය දිය යුත්තේ ආණ්ඩු පක්ෂයටමය. සමහරු බොරුවට තම පෙට්ට්‍රල් වාහනයට ඩීසල් ගසාගෙන මග හිට්ටවගෙන ආණ්ඩුවට, ඛණිජ තෙල් සංස්ථාවට බනිනවාය. එය හරිම අසාධාරණය. කන්න දීපු අත හපා කනවා වැනිය. සමහරු ඩීසල් ටැංකිය හිස් වෙලා මග හිටියාමත් කියන්නේ බාල ඩිසල් කියාය. ඒක හොද නැතිය. රාජ විරෝධීය. අපේ නිදහස අප රැක ගත යුතුය. නැතිනම් ආණ්ඩුව පෙරලුනොත් රට අගාධයේය. ඒ නිසා හොද ඩීසල් ගේන නායකත්වය රදවා ගත යුතුය.

එළවලු* වලට කූඩ කේස් එකක් ආවේය. පාරවල් පුරා එළවලු නිරපරාදයේ විනාස වුයේය. එළවලු මිල ඉහල ගියේය. බුද්ධිමත් ඇමතිවරු කිසියෙදක් ගණන් නොගෙන කෙලින් සිටියහ. තමන්ට අවශ්‍යය දේ පමණක් රට වෙනුවෙන් කලෝය. කිරි කේස් එකක්ද ආවේය. කිරි ගොවියෝ මහා මාර්ග කිරි වලින් දෝවනය කලෝය. ඇමතිවරු කෙලින් සිටියෝය. කිරි විනාස වෙද්දී තමන්ගේ මතයේම සිටියෝය. ඒ අතන් නම් ඔවුන් සෘජුය. සිරාය. ඔවුන්ට නොරිදවා පුංචි ඡන්දයකදී පවා කතිරය ගැසිය යුතුය. නැතිනම් රටම අගාධයේය. එවිට අපි පව්ය.

ජලය, විදුලිය, ආදී මාසය අගට නිවසට බිල්පත් ලැබෙන සෑම සේවාවක්ම ප්‍රමිතියෙන් කෙසේ වෙතත් මිලෙන් නම් ඉහල ගියේය. ඒක සිරාය. අපට හිතන්නට, අරපිරිමැස්මට දෙයක් ඔවුන් ඉතිරි කලෝය. එය බුද්ධිමත් ජනතාවකට වටින්නේය. ඇමති මහතා කිව්වා සේ ජලය නැති කාලේ විදුලිය නොකැපුවේය. කපනවා නම් මම අයින් වෙනවා කියාද කීවේය. එසේ කියා ටික දොහොකින් සලාක ක්‍රමයට ලයිට් කපන්නට ගත්තේය. කිසියම් මාධ්‍යයක් එතුමාගෙන් ඇසුවේ ඇය ඔබ උතුමා ලයිට් කැපුවොත් ඉවත් වෙනවා කිව්වා නේද කියාය. එතුමා එදාද කෙලින් සිටියේය. මම එහෙම කිව්වේ නැතැයි කීවේය. දින කිහිපයක් කැපු විදුලිය නොනවත්වා ලබා දෙන්නට කටයුතු කලේය. ඒත් පහුවදාම අපේ ගමේ තඩි ට්‍රාන්ස්ෆෝමරය සහිත කණුව ලොරි මාමා කෙනෙකුගේ විනීත රිය පැදවීම හමුවේ පොලවට සමපාත වූයේය. එදා ගමේ උන්ට විදුලිය නොමැති වු නිසා හැම එකාම බැන්නේ ලොරි මාමා ඇමැති උතුමාගේ ගෝලයෙකු විය හැක කියාය. ඒත් ඒක වැරදිය. ඇමතිතුමා කෙලින්ය. රට වෙනුවෙන් බලාගාර කරන්නේය. බලාගාර තුනක් විවෘත කර පැය තුනක් කැපුවේය. දැන් එතුමා බලාගාර 24ක් කරන බව කිවේය. එවිට 24ක් කපන්නේමය.

සමහරු බැන්නේ ගෑස් මිල වැඩි කලා කියාය. ඒවා බොරුය. මේ පුංචි මැතිවරණය පිළිබද ප්‍රකාශ වූ සැනින් ගෑස් මිල අඩු වූයේය. ඉදිරි දින වලදී පෙට්ට්‍රල්, ඩීසල් පවා අඩු වෙනු ෂුවර්ය. එසේම දුප්පතා ගැන සිතා භූමි තෙල්ද පහල යනු විශ්වාසය. මතක විදිහට පසුගිය මැතිවරණ කිහිපයකදී අපේ රට අවටින් ගෑස් නිධි මතු වූයේය. ලෝකයේ කොහේවත් නොමැති වූ තරම් ගෑස් අපේ රටෙන් මතු වන්නට විය. රට ගැන සිතා රජුගේ පෙර පිනට ගෑස් ඉහ උඩින් මතු වෙද්දී අපේ එවුන් අත්පොලසන් දුන්නෝය. සිරාය. ආතල්ය. සමහරෙක් දෙව් ලොවක පා වුනෝය. අතට ගත් කොටු පුරවන ඡන්ද කොලයට අත දිග හැර මනාපය පළ කළහ.

මෙන්න හිටි ගමන් බඩු මිල අඩු වෙලාය. පට්ට ආතල්ය. අපේ එවුන්ට කලින් බැනපුවා මතක නැතිය. ඉස්සර ගණන් අමතකය. රජය හොදය. සිරාය. අපට ආදරේය. ඉතින් සරම උස්සාගෙන ඡන්ද පොලට යායුතුය. එසේම තැපැල් ඡන්ද හිමියෝ කමිස අත් නමාගෙන අත දිග හැර කතිරය ගැසිය යුතුය. මොකද උන් රජයේම සේවකයෝය. රජය ජනතාවට මෙන්ම උන්ට පතුරු යන්නට ආදරේය. ඒ බලවත් ආදරයට කළගුණ සැලකිය යුත්තේ කතිරය ගැසීමෙන් පමණක්ය.

දැන් පාරවල් ගානේ මැති ඇමතිවරු වෙඩි තියා ගන්නේද නැතිය. ඒවා කවදාවත් සිද්ධ වුනේ නැතිය. ඉදිරියටත් සමාජ භීෂණ නැතිය. පොඩි කෙල්ලන් බලවත් අත් වලට ගොදුරු වෙන්නේද නැතිය. ඒවා කවදාවත් සිද්ධ වුනේ නැතිය. ඉදිරියටත් එසේමය. නීතිය කෙලින්ය. ගෙදර පොඩි එකාට කිරි පැකැට් එකක් අරන් දීමට ගමේ කෙසෙල් කැන කපන සුගතන් මාමාටත්, පාර්ලිමේන්තුවේ ඉන්න හිරිමල් මැති තුමාටත් එකම නීතියය. කිසිවෙක් ධනයට බලයට ගැත්තෝ නොවන්නේය. නීතිය පට්ට සාධාරණය. සු-අධර්මන් මහතාටත් ඒ ටිකමය. එකම නීතියමය. එවන් නීතියට තිත නොතබා පවතින පාලනය රැකගත යුතුය. එවිට අපට රටට මෙන්ම අනාගතේ රට භාරගන්නට ඉන්නා පොඩි එකාලටද සුභය.

සිත කළකිරී ඇත්නම් ඡන්දය නොදා සිටීම අපරාදේය. එවිට ඔබේ ඡන්දය වෙන එකෙක් දානවා ෂුවර්ය. එනිසා උදේම ඡන්ද පොලට ගොස් ඡන්දය කටු ගාන්න. එවිට ආශ්චර්යන් සිදු නොවන්නේය. බහුතරයකගේ ජන මතය එලියට එන්නේය. නැතිනම් ඔබට මැජික් එකක් බලා ගත හැකිය. එය 2010 මැතිවරණයට වඩා දරුණු මැජික් එකක් වනු නිසැකමය.

රටට ජය !

Written by sAm_7:25_11/08/2012

66 comments:

  1. මට නම් ජන්ද බලය ලැබුනේ ගිය අවුරුද්දේ ය.
    එදා ජන්දය දමන්නට නොගිය අතර ඉදිරියේදීත් ජන්දය නොදීම සිටින්නේයැයි හිතා ගෙන සිටිමි.

    ReplyDelete
    Replies
    1. නොදා නොයිද ගොස් කටු ගෑම වටින්නේය !

      Delete
  2. මම නම් ඡන්දය දාන්නේ නැත. ඡන්දය දාන්න කිසියම් "හේතුවක්" ද නැත.

    ReplyDelete
    Replies
    1. නොලැබෙන දේවල් බහුතරයක් අතර, ලැබෙන පුංචි ජන වරමක්,

      පෝලිමේ විනෝදෙන් ගිහිල්ලා කටු ගාලා, තින්ත ගාගෙන එන එක තරම් සතුටක් තිබේද සුමියා?

      Delete
    2. සුමිත් අයියගේ ජන්දේ ගානට උන් දාගනියි

      Delete
    3. සෑමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් ඡන්දය කටු ගෑම තේරුමක් නෑ. කරනවනම් කරන්න ඔන දිනන්න බැරි හාල්කෑලි පක්ෂෙකට කතිරෙ ගහන එකයි. එතකොට ඡන්දය වලංගුයි. ගණන් කරන්නෙ ඒකත් එක්ක, එතකොට මගෝඩියෙක් පත්වෙන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණය වැඩි වෙනවා.

      @ නිශාන්,
      අපේ පැත්තෙනම් ඒ වැඩේ ලේසි නෑ. හොර ඡන්ද දාන්න ගියොත් ඌ ගුටිකන්නෙ පක්ෂෙ උන්ගෙන්මයි. මම දන්න කාලේ ඉදලම හැම ඡන්දයක්ම බොහොම පිරිසිදුව කෙරුණා.(හැබැයි මේ කිව්වෙ අපේ පැත්තෙ තියෙන ඡන්ද මධ්‍යස්ථාන දෙක තුනක් ගැන විතරයි)

      Delete
    4. //කරනවනම් කරන්න ඔන දිනන්න බැරි හාල්කෑලි පක්ෂෙකට කතිරෙ ගහන එකයි. එතකොට ඡන්දය වලංගුයි.//

      නියම අදහස.. එකගයි..

      Delete
    5. ඔව් නේද..? මෙච්චරකල් කලේ ක‍ටුගාපු එක..ඊලඟට එහෙම කරමු..!

      Delete
    6. කොහොමද ඔක්කොම එව්වො එහෙම හිතල හාල් කෑල්ලට චන්දෙ දීල ඌ දිනුවොත් එහෙම

      Delete
  3. මම නම් චන්දය දෙන්නේ නැහැ. :/

    ReplyDelete
    Replies
    1. ඔයා නොදැම්මට වෙන කවුරු හරි දායි !

      Delete
  4. ඔය ඡන්දය දකුනු පලාතට නැත.තිබුනා නම් පලවෙනි චන්දය මාමාට දමමි.මන්දයත් සක්කරයාටවත් කරන්න බැරි වැඩ මට උගෙන් බලාපොරොත්තු විය නොහැක.



    ***සැයු*** ජෙනරාල් ගැන මතය පෙර කියා ඇත..

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් සලාක වශයෙන් තියෙන නිසා ඔය පැත්තටත් එයි ලගදීම..

      එදාට දෙමු මාමාට !

      Delete
  5. දැන් ඇවිල්ල තියෙන්නෙ ජාතික මට්ටමේ ඡන්දයක් නොවුනත් මේකත් වැදගත් ඡන්දයක් තමයි. අඩුමගානෙ, ලොක්කන්ගෙ ලඟ ඉඳගෙන ජනතාව හපාකන්නෙ නැති එවුන් ටිකක්වත් යවන්න පුළුවන් නම් හොඳයි. ඒත් ෂුවර් කරන්න බෑ. මොකද ලංකාවෙ "ජනතාව" අන්තිම අවස්ථාවාදීන්.

    ReplyDelete
    Replies
    1. ජාතික මට්ටමේ නොවුනට අපිට ඔය එකෙක්වත් ඕනෙ නැහැ.. උන්ව අපිට එපා වෙලා තියෙන්නෙ කියන තත්වය පෙන්නන්නෝනි.

      මේක මහ උන්ට කොනිත්තන්න තියෙන අවස්ථාවක්. අපරාදෙ නැති කරගන්න එපා..

      Delete
  6. අපිට නම් මේ පාර ඡන්දෙ නෑ. ඉස්සරහට එයිනේ. ඔන්න සෑමො උඹ ඔළුවෙන් හිටන් ආඩම්-බොරුකාර තාත්ත හොඳයි කිව්වත් මම නම් කතිරෙ ගහන්නෙ නෑ. ඒ තරමට මට මේ මඟුල දැන් එපා................ වෙල තියෙන්නෙ. මුන්ට වඩා වෙන කොයිවොත් හොඳයි අෆ්ෆා. චන්දිරිකා නැන්දා මලයණ්ඩිට දෙන්නෙ නැතුව අපේ වීරයට චෑන්ස් එක දෙද්දි ඇත්තටම මම සතුටු වුනා. කොහොමද ඒ කාලෙ. සෙට් එකේම හිටපු ජනතාවාදි ජනනායකය. ඒ මනුස්සයයි ස්කෝලෙ ගිහිපු අහිසංකයො තුන් දෙනයි ඇරෙන්න ඒ කාලෙ වෙන නෑයොත් මම දන්නෙ නෑ. දැන් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපිත් චන්ද්‍රිකා නැන්දගෙ පලු ඇරියා. පච මල්ල ගෙදර යවමු කිව්වා..

      දැන් ඉතිං ඉගුරු දිල මිරිස් ගත්ත වගේ.
      ඇය පවුල පෝෂණය නොකළ වගක් දැන් තමා තේරෙන්නේ.. :)

      Delete
  7. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ.අපි ඕවා කියවලා ලේ පුච්චගන්නවා විතරයි ඊට වඩා හොඳයි කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. කට වැහිලා - කන්න නැතුව
      පුක ඔටෝ වැහිලා - දිරවන්න දෙයක් නැතුව

      :ඩී

      Delete
  8. පෑලියගොඩ පොලිසියේ සිටි පොලිස් තදයෙකුත් කිව්වේ ඔය කතාවම තමා..... "මෙහේ අපි ජනාධිපතිතුමාට පලු යන්න බැන්නත් හෙට ඡන්දයක් තිබ්බොත් ගිහින් කතිරේ දාලා එන්නේ බුලත් කොළේටම" තමා කියලා :D

    ReplyDelete
    Replies
    1. හිකිස්..... ලැජ්ජ නැති හැත්ත.. :)

      Delete
  9. නුවණක්කාරම වැඩේ සාපේක්ෂව හොඳම එකාට සහ පැත්තට චන්දෙ දෙන එක.
    මොකද කියනවා නම් හැම දේශපාලකයාම එකයි. වංචාව දූෂණය ඉහවහා ගිහිපු උදවිය. ඒක සාමාන්‍ය ගති ලක්ෂණයක්.

    පවත්නා ක්‍රමයට අපි අනුගත වෙන්න එපැයි. නරක එවුන් අතරින් නරක අඩුම එකා ‍තෝරගත්තාම හරි

    ReplyDelete
    Replies
    1. නරක අඩු එකා වෙනුවට පරම්පරාවේ උදවිය අඩුවෙන්ම සිටින එකාට ඡන්දය දුන්නොත් හොදයි වගේ...

      නැත්තම් ඒ මනුස්සයා දිනලා පරපුර රකින්න හම්බකරන්න යනවනේ.. :)

      Delete
  10. සියලු පක්ෂ බලයට ආ පසුව මේ වගේමය. දැන් රටට ඕනෑ විනයක් ය. ඒ විනය ගෙන එන්නට එකෙක් දෙන්නෙක් ගස් බැන්දද අපිට නම් කමක් නැත. අරාබියේ වගේ දරදඬු නීති අපේ රටටත් ඕනෑ ය. ඒත් ඒවා අරාබියේ මෙන්ම සියල්ලටම සමානද වියයුතු ය.

    හැම චන්දයකදිම අපි හොරු සියල්ල අතරින් හොඳම හොරා (අඩුවෙන්ම හොරකම් කරපු හොරා) තෝරා කතිරය ගසන්නෙමු. ඒ ගසා පසුවදා සිට උගේ මෑණියන්දෑ සිහිපත් කරන්නෙමු. මේ සියල්ලෝම බලයට යැව්වේ ජනතාවමය. ඉඳින් උන් පෙළන්නේ ද ජනතාවම ය. ඒ නිසා අපි කොයි කවුරුත් අඩු නැතුව පිටවල් තලාගෙන පාඩමක් ඉගනගත යුතුමය. 1947 සිට බණ්ඩාරනායක ගේ සිට මේ දක්වා සියලු දේශපාලකයෝ අද අපි සිටින තැනට රට පත්කිරීමට වැරදි කාරයෝ ය.

    ReplyDelete
    Replies
    1. අරාබියෙ ඇති ම්ලේච්ඡ නිති අවැසි වන්නේ නැත , තිබේනා නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත්ය ,

      Delete
    2. අරාබියේ හැම නීතියම ම්ලේච්ජ නෑ බුවා.

      Delete
    3. එහෙමයි කියමුකො ඒත් ලංකාවේ තියෙන්නේ නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නයක්

      Delete
    4. මටත් හිතෙන්නේ තියෙන නීතිය ධනය බලය නිසා දෙකට නොනැමී හරියට ක්‍රියාත්මක කලොත් සියල්ල නිවැරදි වෙයි.

      මතකද හමුදා පාලනයක් ගැන කියලා මිනිස්සු බය වුණා. මොනව වුනත් බහුතරයක් බයයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවට !!

      Delete
  11. මර්වින් ලොක්කගෙන් බැනුං ඇහුව චන්ද දාන්න ගිහින් ගියපාර.හේතුව: ඒකා ඇහුව "මට චන්දෙ දුන්නද?" කියල, මම කිව්වා "නෑ" කියල :)

    ReplyDelete
    Replies
    1. උඹව ඉස්සුවෙ නැද්ද ?

      Delete
    2. අවුලක් උනේ නෑ.පස්සෙ ඒකා වාහනේ යනගමන් "යන්නං පුතා" කියාගෙන ටටා පාරකුත් දාගෙන ගියා :D

      Delete
  12. දැනට ආණ්ඩුවට බනින්නේ කරන හැම වැඩක්ම ආණ්ඩුවෙන් කරන නිසාය. විපක්ෂට බලයට අපු දවසටත් දැන් වගේම ඒ ඒ ආණ්ඩුවටත් බනිනවා. වෙනසකට තියෙන්නේ දැනට බැනුම් අහන පිරිස බලය ලැබුණු පිරිසට බනින එක. ආණ්ඩු මාරුවෙන්ව්වගේ බැනුම් අහන පුද්ගලයා මාරුවීම විතරයි හැදීමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. :ඩී

      බනින්නේ හැමදාම ජනතාව. :)

      Delete
  13. මම තාම ඡන්දයක් දාලා නෑ බං.. මගේ ඡන්ද කාඩ් එද්දි මම ලංකාවෙත් නෑ.. ඉතින් හැම එකක්ම මට මිස් වෙනවා.. එක අතකට ඒක හොදයි කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. වෙන කවුරුත් නොදානව නම් හොදා :)

      Delete
  14. විමසුම පිටපත සෑමා සිරිමන්තගෙනි...!!!!!!!

    ReplyDelete
    Replies
    1. චීයා වැනසුම මට අප්පිලියයි !

      Delete
  15. හික්... අද සැමා පොළේ ගොයින්ග්... එළ කොල්ලො ගියපාර දුන්නෙ නෑ, මේපාර කටුගානව... මේරට තව අවුරුදු විස්සකටත් ගොඩයාමක් නැත... :( ඔක්කොම උන් එකය...

    ReplyDelete
    Replies
    1. අපි වයසට ගිහින් තියෙයි බං.. ගොඩ යද්දි !

      Delete
  16. වැරැද්ද මාමාගේ නොව ඔහු වටේ ඉන්නා හොරු රැලගේය.ආන්ඩුවට කොන්ද කෙලින් තියෙන විපක්ශයක් ප්‍රතිවාදීන් ලෙස නොමැති වීම හා බහුතර බලයක් ලැබීම මේ සියලුම දේට හේතුවයි.

    ReplyDelete
    Replies
    1. //වැරැද්ද මාමාගේ නොව ඔහු වටේ ඉන්නා හොරු රැලගේය//

      එතකොට මාමා බබා ?

      Delete
    2. ඒ කියන්නෙ විරුද්ධ වෙන්න හොද විරුද්ධ පක්ෂයක් නැති වුනාම වැරදි කරන එක සාධාරණයි.

      ස්වයං විනයක් ගැන අහලම නැතුව ඇති පව් :(

      Delete
  17. අයිඩෙන්ටි සීන් එක නිසා අනුන්ගේ චන්ද දාන්න නම් දැන් ටිකක් අමාරුයි , ඒ නිසා ඡන්දේ නොදාන කෙනෙක් වියදම් කරගෙන ඡන්ද පොලට ගිහින් කටු ගානවට වඩා ගෙදරම ඉන්න එක හොඳාඅ

    මම නම් ඡන්දය දානවා , ලංකාව හොඳ දේශපාලකයො හොයනවා කියල එකක් කොරන්න අමාරුයි (කොයි රටෙත් ගොඩක් දුරට එහෙම් තමයි ) ,සමස්ථයක් විදිහට රට ගමන් කරන දිසාවට තමන්ගේ තියන කැමැත්ත අකමැත්ත සහ සාපේක්ෂව අඩුවෙන් නරක හොයා ගෙන ඡන්දය දෙන එක තමයි කරන්න තියෙන්නේ

    සැමාගේ පදිංචිය කොහෙද කියලා මම දන්නේ නැ හැබැයි මචෝ නගරෙන් ගමට යන කොට නම් මාමා ට බනින අයත් නගරෙදි තරම් මුණගැහෙන්නේ නැ . අයිටීන් /රුපවාහිනි චැනල් දෙකෙන් පෙන්වන ආශ්චර්ය බලාගෙන මොන එහෙකට මාමාට බනින්නද ? මොකක් හරි වැඩක් අනාගත්තොත් (ඒ අය දකින්නේ යුනිවර්සලි අනාගන්න විභාග ප්‍රතිපල වගේ ඒවා විතරයි ) වැරැද්ද මාමගේ ගෝලයින්ගේ මිසක් මාමාගේ නෙවෙයි . මේ තත්වය වැඩියෙන්ම දකින්න තියෙන්නෙ ග්‍රාමීය බවලත් උදවියගේ , ඉතින් වෙනසක් වේවිද ?

    දිනන්න නෙවෙයි 66% 33% ට තියන අනුපාතය කඩල 40% වඩා ගන්න පුලුවන් නම් අලි පක්ශෙට මහ ඡන්දෙකදි බලාපොරොත්තු තියා ගත හැකි , හැබැයි 33% රැක ගන්නවත් ට්‍රයි කරන බවක් පේන්න නෑ

    ReplyDelete
    Replies
    1. ///නගරෙන් ගමට යන කොට නම් මාමා ට බනින අයත් නගරෙදි තරම් මුණගැහෙන්නේ නැ . අයිටීන් /රුපවාහිනි චැනල් දෙකෙන් පෙන්වන ආශ්චර්ය බලාගෙන මොන එහෙකට මාමාට බනින්නද ?///

      සාධාරණයි කතාව. මේක මම හොදට අත් වින්දා එක දවසක් යාළුවෙක්ගෙ ගෙදර නැවතිලා. උන්ගෙ ගෙදර අය හොදමයි කියන්නේ.. මොකද පේන චැනල් දෙක බලාගෙන අත්පුඩි ගහන නිසා...

      අලි ගැන සොවින් ඉන්නේ. සීනු නාදයත් දුබලයි. ඒ දෙපැත්ත බලවත් නම් මාමා වටේ ඉන්න කලකිරිච්ච රැලක් මේ පැත්තට පනිනවා ෂුවර් !

      Delete
  18. මම ලියන්න උන්න සමහරක් දේ බුවා ලියලාය. මම මැතකදි කරපු බ්ලොග් චන්ද විමසීමේත් 60% කියලා තුබුනේ අපිට මොකෝ කියලා. ඔය චන්දේ දාන්නේ නෑ මම ඒක කටුගානවා කියන අයත් මහින්ද මහත්තයට කැමති අය. නැතනම් ඉතින් හෙන ගහනවද අර ටැට්ටර් සාධුට හරි චන්දයක් දීලා ආවනම්. අඩු ගානේ පින් වත් ලැබෙනවනේ. වෙන රටවල් වල මිනිස්සු චන්දේ නැතුව අඬනවා. අපේ උන් තියෙන එකේ වටිනාකම දන්නේ නෑ. කොහොමත් අපේ උන්ට තියෙන්නේ ගෝත්‍රික මානසිකත්වයක්. ලොක්කට තියෙන්නේ 18ත් වෙනස් කොරලා සිරි ලංකාව රාජ්‍යයක් කොරලා එයා එකේ රජා වෙලා සිංහාසනේකුත් හදාගෙන ඒකේ වාඩි වෙලා ඉන්න එක. එතකොට ඔය බටහිර කුමන්ත්‍රන කාරයන්ටත් ලොක්කට කතා කරන්න වෙන්නේ යුවර් හයිනස් කියලා. අපිට උනත් බිම දිගා වෙලා වඳින්නයි වෙන්නේ. කාටද ආඩම්බර. ඒත් අපිටනේ.
    ඒ නිසා නොදාන කටුගාන චන්ද අහවල් එකටෙයි. ඔය මලදානේ නැති කරන්න ඕන මම නම් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඡන්දෙ දෙවෙනියට හිටියේ අලි පැට්ට නේද බං?

      දිගුකාලීනව එයාම ඉන්න හදනව නම් ජනතාවට කවද හරි එපා වෙලා මහා රැල්ලක් ඇති කරයි බං.
      ඕවට උදාහරන ලෝකෙ නැතුව නෙමේ නේ..

      එතෙක් රාජ සම්පත් ලැබේවා.. !

      Delete
  19. තවම දේශපාලනය ගැන මම කතා කරන්නේ නැත. :-)

    නමුත් මම කැපුවත් කොළය.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් කැපුවත් කෙළ ගොඩේ සිටියෙමි.

      රනිල් මාමා කැළණිය ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත් ගමනේ මුල සිට සෑමාගේ පියාද ඔහු සමගය. තවමත් රනිල් මාමා සෑමාගේ පියා දුටු තැන නම කියා කතා කරන්නේය.

      ඒත් වෙනසක් අවශ්‍යයි. කෙලින් සිටින විපක්ෂයක්, නායකයෙක් අවශ්‍යයි. ඒක ජනතා පැතුම බං.. :)

      Delete
  20. මම චන්දය දීමෙන් වැලකී සිටිමි !

    ReplyDelete
    Replies
    1. චන්දය දුන්නත් “ඡන්දය“ දෙන්න එපා බං :)

      Delete
  21. ලැබුණු සිය්‍ළු ජන්දය පාවච්චි කළෙමි.. මෙදා පාර තරං ඇණිච්ච කාලයක් මගේ නම් මතකේ නැත.. මෙදා පාරනං දෙපාරක් හිතනවා..

    ReplyDelete
    Replies
    1. එදා සිට මාමා මෙතෙක් දුර ගෙන ආ ඔබට ජය සහෝ :ඩී

      Delete
  22. මේ ඇත්තටම ඡන්දයක් තියද අයියේ...මම නම් දන්නෙවත් නැද්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. සලාක ක්‍රමයට තියෙන නිසා කවුරුත් දන්නෙ නැහැ මගෙ හිතේ!

      Delete
  23. sAm (සෑම්)August 12, 2012 1:51 PM
    මාත් කැපුවත් කෙළ ගොඩේ සිටියෙමි.

    රනිල් මාමා කැළණිය ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත් ගමනේ මුල සිට සෑමාගේ පියාද ඔහු සමගය. තවමත් රනිල් මාමා සෑමාගේ පියා දුටු තැන නම කියා කතා කරන්නේය.

    ඒත් වෙනසක් අවශ්‍යයි. කෙලින් සිටින විපක්ෂයක්, නායකයෙක් අවශ්‍යයි. ඒක ජනතා පැතුම බං.. :)

    ඔන්න ඔය කමෙන්ට් එකට මං හරි ආසයි බං...

    ReplyDelete
    Replies
    1. ස්තුති මාරයියා...

      ජනතා පැතුම ඒකයි බං !!!!

      Delete
  24. අනේ මන්දා බං මොනවා කියන්නද කියල....කියල,කියල ඇතිවෙලා...*රයෝ
    එකෙකුටවත් දෙන්නෑ..!(දකුනත් තියාවිනෙ.)

    ReplyDelete
  25. මම කවදාවත් ලංකාවෙ චන්දෙ දාල නෑ..දාන්න අවස්තාවක් ආවොත් මගෙ චන්දෙ දෙන්නෙ සල්ලි වලට..ඒ සල්ලි වලින් එදාම ඒ අහල පහල ඉන්න බල්ලන්ට කපුටන්ට කෑම අරන් දෙනව..
    පක්ෂය විපක්ෂය දෙකම එකයි..අපේ සීයා කිව්වෙ.........
    "...උදේ හවහ මාරුවෙන් මාරුවට වඳුරො ඇවිත් ගියාම රිළව් එනව..දෙගොල්ලොම කරන්නෙ කාල යන එක.."

    ReplyDelete
  26. ගිය චන්දයට පෙර ගෑස් මතුවුනාය.මෙදා පාර තෙල් මතුවුණු කතාවක් කනින් කොනින් ඇහුනා වාගේ මතකය. බොරු කියන්නට ඕනේ නැත මමනම් චන්දය දුන්නෙමි. කඩේත් ගියෙමි. (බරසාරෙටම ) දැන් විඳවමි.හැබැයි රෑ වැටුණු වලට දවාලේනම් නොපනිමි.

    ReplyDelete
  27. මම නම් ගහනෝ කතිරේ හැමෝන්ටම.. ඇයි යකෝ ඡන්දේ ඉල්ලන ඔක්කොම හොඳයි අපිනේ නරක

    ReplyDelete
  28. අපරාදේ මේක ලියන්න ගතකල කාලේ. නයින්ගේ කන් ඇහෙන්නේ නැහැ බන් උන් නටන්නේ නලාවයි නයි නටවන්නගේ දණහිසයි හෙල්ලෙන තාලෙට විතරයි.

    ReplyDelete
  29. චන්දේ දාපු කාලයක් මතක නෑ මචෝ...ගොඩක් දවසට පරක්කුවෙලා මම යනකොට මගේ චන්දේ වෙන එකෙක් දාලා...

    ReplyDelete
  30. ඇයි අවුරුද්ද ගානෙ කොටස් වශයෙන් තියන ජන්ද..
    අවුරුද්ද පුරාම වෙනස්වෙන ඒත් පාර්ලිමේන්තුවේදි නොකියවෙන රටේ ලොකුම විහිළුව බජට් එක...!!

    මේවා ගැන කට පියාන එක ඇරෙන්න වෙන මොනවත් කරන්න පුළුවන්ද සෑම්?

    ReplyDelete
  31. ඔය අපි නම් ඡන්දය දාන්නේ නෑ කියන අයට කියන්නේ. පලයල්ලා ගිහින් චන්ද කොලේ හොඳ කුණු හරුප දෙක තුනක් ලියලා වරෙල්ලා. ඒක ඡන්දේ ගණන් කරන මිනිස්සුන්ගේ හරි සතුටට හේතු වෙනවා. (දන්න හින්දා කියන්නේ) නොගිය හිටියොත් ඔය චන්දෙත් හොර චන්දයක් වෙයි නිල් කොලේට.... හුටා සුදු වෑන් එකක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...