Friday, August 3, 2012

වඩාත් සංවේදී කාන්තා නාසය..


කාන්තාවගේ ඉන්ද්‍රියන් ලෙසටම වැඩ කරන්නේය. බස් රථයේ යන ස්වාමියා අසල හිදගෙන ගිය ස්ත්‍රියකගේ ඇග දැවටී ඇති සුවද විලවුන් වර්ගය, තම ස්වාමියාගේ කමිසයේ සුවද ආග්‍රහනය කර පැවසීමට තරම් ස්ත්‍රියක් දක්ෂය. විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය. එහා ගෙදර උයන පිහන මාළු ජාති පවා ඇය තම නාසයෙන් ඉව කර කියන්නීය. ඒ ඇගේ සංවේදී ඉන්ද්‍රියන් නිසාමය. ඇත්තටම ස්ත්‍රිය ඒ අතින් නම් දක්ෂය.

මේ කාන්තා ඉන්ද්‍රියන් ගැන ලියවෙන ලිපියක්ය.

දැන් සෑමා ටැක්සි කාරයෙක්ය. මේ අරහෙ යමු අනේ.. මේ අරහේ යමු මචං.. කියූ සැනින් ස්ටාර්ට් වෙන කාර් ඇන්ජිම, සුක්කානමෙන් වාර කරවමින් සෑමා දිව යන්නේ ඒ ඒ අය කියු තැන් වලටය. ඒකේත් සියම් ආතල් එකක් තිබෙන්නේය. 

“මේ හෙට පෝය නේ.. මම ගෙදර යනවා. පුළුවන්ද මම ඕෆ් වුනාම ඇවිත් මාව ඇරලවන්න.?“ ඒ සෑමාගේ කිටියාය.

“කොහෙටද එන්න ඕනේ“ ඕනෑම ටැක්සි කාරයෙකුගේ පොදු ප්‍රශ්නය එයමය.

“ඔපීස් එක ලගටම එන්න. නැත්තම් කොට්ටාවට එන්න මම එතැනට එන්නම්“ ඒ මාගේ සේවා දායිකාවය.

“හරි.. මම ඇවිත් කෝල් කරන්නම්..“ ඒ ටැක්සිකාර සෑමාය.

ඇය සමග එන ටික කෙසේ වෙතත් කොට්ටාව පැත්තට යන ටික පට්ට කම්මැලිය. කැළණිය පැත්තෙන් යනවාද, කඩුවෙල පැත්තෙන් යනවාද කියා කල්පනා කරමින් සිටියදී සෑමාට සිහි වූයේ කඩුවෙල හවස් ජාමේ තිබෙන කුජීත ට්‍රැෆික් ආතල් එකය. එහෙත් කොට්ටාවේ සිටින සෑමාගේ මිත්‍ර මලියා හවස් ජාමයේ කන්තෝරුවේ සිට තම නිවසට යන්නේ කඩුවෙල හරහාය. සැම මාසයකම ‘මචං අපි සෙට් වෙමු, කාලෙකින් සෙට් වුනේ නැහනේ‘ කියමින් කෙදිරි ගාන මුත් තාමත් සෙට් නොවුන අපේ බෝතලය කඩ සාප්පුවේ රාක්කයක් මතය, නැතොත් ශීතකරණයක් තුලය. ට්‍රැෆික් කෙසේ වෙතත් මලියාව උන්ගේ ඔෆීස් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ගලවා ගතහොත් කම්මැලි කමක් නැතුව කාට හෝ මඩ ගසමින් යා හැකිය.

“මලියා උඹ කොහෙද?“ හවස 5ට පමණ මලියා ඇමතීමි.

“මචං පට්ට ට්‍රැෆික්, මම දැන් ඇන්කර් එක හරියේ...“ ඒ මලියාය.

“හරි හරි බියගම හන්දියෙන් බැහැපං. මම එනවා කොට්ටාවට යන්න. මාත් එක්ක යං“

මලියා එකග වී ෆෝන් එක කට් කලේය. සෑමා ඒ පැත්තට යන විට පැලෙන්න ට්‍රැෆික්ය. මලියා බියගම හන්දියේ සිට දහ වරකට වඩා කෝල් කරමින් සෑමාට වද දෙන්නට වී බැරිම තැන..

“අඩේ උඹ පයින්ද එන්නේ?? මම මේ හෝල්ට් එක ලග කඩේ ඇතුලෙ ඉන්නේ, ඇවිත් කෝල් එකක් ගහපං. මම දුමක් දාගන්න යනවා..“ ඒ මලියාය.

“මම එනකල් හිටපං. අරන් තියා ගනින්. යන ගමන් දාමු..“

සෑමා යනවිටත් බැන බැන සිටි මලියා කාර් එකට නැග්ගේය. මොහොතකින් ඇය කෝල් කළාය.

“කොහෙද ඉන්නේ?“

“තාම මග.. මම මලියත් එක්ක එන්නේ..“

“ආ එහෙමද? එහෙනම් දෙන්න කියව කියව එයි පැයක් දෙකක් විතර..“

“හරි හරි.. 5:30ට නේ එන්න ඕනේ..“

කිටියා හමුවීමට යන නිසාත්, ඇයට ගද ආවහොත් විසුමක් නැති නිසාත් සෑමා ෂටර් විවර කළ පසු මලියා පත්තු කළේය. අවසන කැබි හෝල් එකේ ස්ටෑන්ඩ් බයි තිබු සෙන්ටර් ෆෘට් චුයිංගම් දෙකද හපමින් කොට්ටාව දක්වා දිව මලියා ඩ්‍රොප් විය. ඉන්පසු සෑමා ගියේ කිටී රැගෙන ඒමටය.

ඇය සෑමා දැක සිනා සපිරි මුවෙන් දිව විත් කාරයට ගොඩවූවාය. කුම්බලාවා කැබැල්ලක් ඉව කරන ලෙසින් නහයෙන් සද්ද දමමින් හුස්ම උඩට ඇද ඇය,

“අනේ.. මට නොදී තනියම බිව්වා නේද???“ ඇය කෙදිරි ගෑවාය.

“මොකක්??“ සෑමාගේ ඇස් උඩ ගියේය. මන්ද සෑමා දන්නා තරමින් ඇය කිසිදිනක දුමක් දමා නැතිය.

“මොනව ගැනද කියන්නේ??“ නැවත සෑමා ඇසුවේය.

“වැඩක් නැහැ ඔයා. මට හිතුනා පරක්කු වෙද්දි.. ඔයාල තනියම බීලා...“ ඇය නැවත කීවාය.

“මොනවද??“

“මේ එන්නේ කෝපි සුවද.. ඔයාල මට නොදී කෝපි බීලා..“ සෑමා සැනසුම් සුසුමක් හෙලුවේය.

“ආ... අපි කෝපි බිව්වද නැද්ද කියල මලියගෙන්ම අහගන්න...“

ඇය තවම මලියාට කෝල් කර නැතිය. මලියාද තවම මේ ස්ටෝරිය නොදන්නේය. බලමු ඉදිරියට...


Written by sAm_12:58pm_03/08/2012

118 comments:

  1. උන්ගේ නහය නහයටවත්, ඇස් ඇස් වලටවත්, කන් කන් වලටවත්, දිව දිවටවත් සීමා වෙන්නේ නැහැ සැමෝ... නොකියපු එක වගේ ඒවත් ඇඟ පුරාම තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම ඇඟ පුරාම තියෙන නහයකට දුම් ගඳ කෝපි සුවඳක් වගේ දැනෙන්න ඉඩ තියෙනවා... :D

      Delete
    2. අඩේ එක එක ඒවා කියන්න එන්න එපා සෑමාගේ ආදරණීය කෙල්ලට..

      රට පුරා මල් ගහන කෙල්ලෝ හිටියට, එයා සිගරට් සුවද දන්නෙ නැහැ බං..

      Delete
    3. අඩේ එහෙම කිව්වේ නැතෝ !!! සොරි වැරදි වැටහීමක් ඇති වුනානම්..

      මම අදහස් කලේ කාන්තා පාර්ශවයට ඇස් වහලා මුකුත් කරන්න බෑ කියන එක.. වැඩි පුරත් එක්ක දැනෙනවානේ ඒ අයට.

      Delete
    4. වැරදි වැටහීමක් ආවේ නැහැ මචං..

      ෂොට් එකටම එයා මේක බලයි.. පොඩ්ඩක් ෂේප් කරන්න මගේ කමෙන්ට් එක දැම්මේ..

      කෝමද ටිකිරි මොලේ ?

      Delete
  2. මං හිතුවෙම කිටියත් දුම්මල ඉල්ලුවා කියලා...

    එම්බා සැම..

    තා අඩු වයසින් මියැදීමට කැමතිදැ??
    තොල් කළු කරගැනීමට කැමතිදැ??(දැනටමත් කළුයැ)
    කට වණ කරගැනීමට කැමතිදැ??
    ගල් කඩන මැෂිමක් වගෙ කහින්නට කැමතිදැ??
    අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරගැනීමට කැමතිදැ??

    එසේ නම් බොව...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ඔය මදෑ :P

      Delete
    2. ගැමියා.
      *තා අඩු වයසින් මියැදීමට කැමතිදැ?
      මිය නොයයි. වයස 80 වන දුම් උරන සීයලා දැක නැතිද?

      *තොල් කළු කරගැනීමට කැමතිදැ??(දැනටමත් කළුයැ)
      දැනටමත් කාල වර්ණ නම් කුමක් කරම්ද? සුදුකබර ඇත්තෙකු සේ ශ්වේත වර්ණ කරගැනීමට කැමතිදැ?:)

      *කට වණ කරගැනීමට කැමතිදැ??
      කට වණ කරගත්තෝ කවරහුද? නෙවලහා කියව! කජු කිරි ආලේප කලෙහිද?

      *ගල් කඩන මැෂිමක් වගෙ කහින්නට කැමතිදැ??
      නිසි වයසට එලැමුනුකල දුම් බීවද නොබීවද කැහීමට සිදුවේ.

      *අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරගැනීමට කැමතිදැ??
      බොරු බේගල්මයැ. කනබොනවුන්ගේ හොදට වැඩකරයි.

      Delete
    3. රාජ්.
      *තා අඩු වයසින් මියැදීමට කැමතිදැ?
      - මිය නොයයි. වයස 80 වන දුම් උරන සීයලා දැක නැතිද?
      -- ඔහු වයස 95 දී මිය යනවානම්, අරකෙන් වැළකී හිටියානම් 115ක් හෝ ඊට වැඩියෙන් ඉන්නට පුළුවන්.

      *තොල් කළු කරගැනීමට කැමතිදැ??(දැනටමත් කළුයැ)
      දැනටමත් කාල වර්ණ නම් කුමක් කරම්ද? සුදුකබර ඇත්තෙකු සේ ශ්වේත වර්ණ කරගැනීමට කැමතිදැ?:)
      -- ස්වභාවිකව කළු නම් තව තවත් කළු කර ගන්නේ කුමටද ?

      *කට වණ කරගැනීමට කැමතිදැ??
      කට වණ කරගත්තෝ කවරහුද? නෙවලහා කියව! කජු කිරි ආලේප කලෙහිද?
      -- බටය අනිත් පැත්තට කටේ රුවා ගත් අයගේ මුඛ වණ වීම අනිවාර්යය.. :),නිතර තොල් පිරිසුදු නොවන අයගේත් කට වණ වීමට පුළුවන. ඒ දෙකම වී හෝ නොවී හෝ, එකක් වී හෝ වණ වෙනුවට පිළිකා උරුම කර ගන්නා කොටසකුත් ඉන්නවාලු..

      *ගල් කඩන මැෂිමක් වගෙ කහින්නට කැමතිදැ??
      නිසි වයසට එලැමුනුකල දුම් බීවද නොබීවද කැහීමට සිදුවේ.
      -- නිසි වයසේදී කහින්නට වෙනවානම් තවත් වැඩි පුර කහින්නේ මොකටද ?

      *අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරගැනීමට කැමතිදැ??
      බොරු බේගල්මයැ. කනබොනවුන්ගේ හොදට වැඩකරයි.
      -- පරිස්සම් වුනොත් තවත් හොඳට වැඩ කරයිනේ...

      Delete
    4. ආ ..... කතාව අස්සට වෙළඳ දැන්වීමක් !

      Delete
    5. මල මගුලක් වෙලා නොවැ..

      මට කට උත්තර නැහැ බොලව්.. මගදී රාජ් ගෙ කමෙන්ට් එකට ++++ දාන්න හැදුවට, යට තියෙන රාමාගේ කමෙන්ට් එක දැක්කම උත්තර නැතුව ගියා.

      දැන් සිගරට් පෙට්ටියේ ගහල එවනවලු නොවැ ලෙඩ හැදෙනවා කියලත්. ඒත් රජයට හොද ආදායමක් ලැබෙන නිෂ්පාදනයක් කෝමද එහෙම තහනම් කරන්නේ.. ?

      Delete
    6. රාජ් - ඔන්න මම ෂේප් කරලා තිබ්බ මචං...

      Delete
    7. දී කිරට බලල්ලුත් සාක්කිලු...

      (ඕං දැන් මම කාවවත් පූසෙක් කරන්න හැදුවා කියන්නෙපා මේක මතක්වුන නිසා දැම්මේ ඈ)

      Delete
  3. දුම උරා සෑමා අප දහම් පාසලට අගෞරව කර තිබේ..
    වහාම විනය ක්‍රියාමාර්ග ගත යුතුය..

    ReplyDelete
    Replies
    1. ගතයුතුය....ගතයුතුය....!!!! නැත්නම් ඕකුන් ගෑනුන්ටවත් හදන්න බැරිය..!!

      Delete
    2. මගුලක්ය, හොදට හිටියාම නොලැබුනු දෑ බොහෝය,
      ෂොට් 3ක් ඉරුවාට විනය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන්නේමය..

      අසාධාරණය. පට්ට අසාධාරණය..

      Delete
    3. හොදට හිටියාම නොලැබෙන දෑ ද බොහෝය ..........

      Delete
    4. බලන් ගියාම ඒකත් ඇත්තනේ...!

      Delete
    5. කිරි දොවලා දොවලා අහවර උනාම ගොම බිංදුවක් වැටුනොත් මොකෑ වෙන්නේ.... බොල සැමෝ???

      Delete
  4. ආ....මේ කෝපි නේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ රජෙක් නෙවේ දෙයියෙක්..

      කෝපි තමා බං

      Delete
  5. කාර් එකේ දුමක් දාල ටික වෙලාවක් යනකොට කොහොමත් කෝපි සුවඳ තමා එන්නේ .... ආයෙත් චෙක් කොරලා බලහන් සෑමෝ...

    ReplyDelete
    Replies
    1. අම්මද බොල ඒමද.. දන්නෙ නැහැ බං.. බීලා නැති නිසා.. :)

      Delete
    2. උඹ බබා වරෙන් නලවන්න ..

      Delete
  6. අපරාදෙ... ඔයාටත් බොන්න ඕනද කියල... තව 2ක් පත්තු කරගන්න තිබ්බෙ... මොකටද නිකන් එක// කතා අහන්නෙ...

    ReplyDelete
    Replies
    1. සෑමාගේ අවසානය දකින් ලපයා මනාපයි වගේ..

      Delete
    2. අපෝ... එහෙම නෑ... අවසානය වෙනුවට අලුත් ආරම්භයක් ආවොත්.... ??

      Delete
  7. thawa dingen wada mattu neh.
    Oya duma dana ekanam angata echchara honda nati deyak thama bn.adu karanna try ekak deehan sama ayye.

    ReplyDelete
    Replies
    1. adow mama cigar bonne na bola, eda shot 3k adda echcharaiii

      God promiz bro !

      Delete
  8. අපේ වයසට එනකොට තව සීයක් අධි සංවේදී තැන් ගැන දැන ගත්ත හැකියි..

    ReplyDelete
    Replies
    1. අනේ එකක් කියපං සරා..

      Delete
  9. දුම්පානය ශරීරයට අහිතකර විය හැක

    ReplyDelete
  10. මොකද යකෝ දුම් බොන්නෙ.ඉක්මනට මැරෙන්න හිතිලද???

    ReplyDelete
    Replies
    1. සත්තයි ! තාම එකක් ඉවරවෙන්න බීල නැහැ.

      ඇබ්බැහි වෙලාවත් නැහැ. එදා අරූ දිපු නිසා අහිංසක ෂොට් 3ක් ගැහුවා !

      Delete
  11. අපට ඔය කරදර මුකුත් නෑ නේ...
    නත්ථි සෝකෝ කුතෝ භයං !!!
    ඔන්න පාලියෙනුත් කිව්වා... :)

    ReplyDelete
  12. //.....විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය.//

    නියම කෑල්ල..... :D

    ReplyDelete
    Replies
    1. නියම කෑල්ල කිව්වේ කෙල්ලෙක් ගැනද සුමියෝ ?

      Delete
  13. //විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය.// එහෙම කියන්නෙ තමන්ගෙ දෙයට තියන ආදරය නිසානේ. කවුද කැමති තමන්ගෙ දෙයක් වෙන කවුරුහරි ගන්නවට. ඇයි ඒ හරි කියන්න බලන්න පිරිමි අය කැමතිද තමන්ගෙ බිරිඳ , ගැහැනු ළමයා වෙන පිරිමි කෙනෙක් එක්ක අඩුගානෙ කාර් එකක යනවට..?

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං කවුද නෑ කිව්වේ.. :)

      Delete
  14. පට්ටය අනාගතේට ගැනීමට පාඩම් රුසක් ඇති බව පෙනේ
    ජය!!!

    ReplyDelete
    Replies
    1. චූටි පුතා හොදට හැදෙන්නෝනි පාඩම් බලාගෙන..

      Delete
  15. අනිත් දවසේ එයාටත් දීලා බීපන්... එක නෙමේ උබ දැන් ටැක්සි කාරයෙක්ය වෙලාද..අහෝ ඛේදයකි...

    ReplyDelete
    Replies
    1. මම ටැක්සිකාරයා මම කොළඹ හාදයා මේ මම නොදන්න කවුද මිත්‍රයා..

      Delete
  16. අනේ අම්මේ.. උඹ දැන් ටැක්සි සර්විස් එකද කරන්නේ? එහෙම අහන මමත් ඔය කාරිය අඩු වැඩියෙන් කර ඇත. නැති බැරි කාලයේ පිහිටට හිටි එකාව ඇති හැකි කාලේ මග දමා යන සිරිත මගේ ළඟ නැති නිසා මම උන් රැගෙන යමි.

    ReplyDelete
    Replies
    1. සිරා මචං.. සමහර එවුන් ඇද පැලදගෙන ගෙදරින් එනකල් වුනත් ඉන්න පුලුවං.. :)

      අනික එල් බෝඩ් කාරයෙක් නැග්ගොත්..

      “මචං මම පදින්නද?“

      හා කියල යතුර දෙනවා.. ඒත් හෑන්ඩ් බ්රේක් එකට අත තියං යන්නේ මම..

      Delete
  17. උඹ ජොබ් එක මාරු කරාද බං?...කොහොම උනත් ඔය නාහේ ගැන නං කියලා වැඩක් නෑ..කඩේ මුදලාලිට වැඩිය ගෝල්ඩ්ලීෆ් සුවඳ දන්නවා ගෙදර එක්කෙනා...

    ReplyDelete
    Replies
    1. අපොයි ජොබ් එක හරි දුක්ඛිතයි බං. ටැක්සි කාරයෙක් දැන්..

      මොනව වුනත් කවද හරි ලග ඉන්නෙත් ගැහැණියෙක් බං !

      Delete
  18. ෂික්....!,බහුජාතික සමාගම් උගුලේ වැ‍ටුනු..සැමා......!

    ReplyDelete
    Replies
    1. අපොයි නැත..

      එහෙමට දුම දාන එකෙක් නෙවේ බං මම.. සිරාවට කියන්නේ..

      Delete
  19. ඒ උනාට කෝපි ටිකක් අෙරයටත් දෙන්න තිබුනෙ..අපරාදෙ.....

    ReplyDelete
    Replies
    1. එයා කැමති කිරි කෝපි !

      Delete
  20. ඒ දැරිවි බ්ලොග් කියවන්නෙ නැතුව ඇති මයෙ හිතේ. වැරදිලවත් දැක්කොත් .... බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. අපොයි බලනවා.. හැබැයි තාම බලලා නැතුව ඇති.

      ඒකනේ බං මම මේ තාම යහතින් ඉන්නේ..

      Delete
  21. @ගැමියා : දුම් බිව්වු පමනින් අඩු වයසින් නොමියැදේ.
    http://meepatiya.blogspot.com/2012/08/blog-post_6548.html කියවල බලපන්..

    @Shanka : experiences තියෙනව වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම අමාරුවෙන් පරීක්ෂණ කොරලා නිගමන වලට ආපුවා තමා ඔය...:p

      Delete
    2. සිරාවට ශානකයා විශයේ ප්‍රවීණයෙක් වගේ..

      ගැමියගේ එකක් නේද? බැලුව වගේ මතකයි.. හිටු බලන්න..

      Delete
    3. ගැමියගෙ එකක් කිව්වෙ මොකක්ද මචෝ?

      Delete
  22. අනිත් දවසේ සෙන්ටර් ෆ්රුට් වෙනුවට කොපි කෝප්පයක් බීපන්. එතකොට කලවං වෙලා හොඳ කොපි සුවදක් එයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. කෝපි ටොපි තියෙනවා නේද බං..

      :)

      Delete
  23. සෑහෙන කලෙකින් පට්ට පෝස්ට් එකකුයි.. ඊටත් පට්ට කොමෙන්ට්ස් ටිකකුයි කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම උඹේ කමෙන්ට් එකට රිප්ලයි එක දැම්මේ..

      ස්තුති සහෝ.. පහුගිය ටිකේ නොසිටි එක හොදයි. බ්ලොග් අවකාශය මඩ වලක ගිලිලා තිබ්බේ. දැන් ටික ටික යථා තත්වෙට එනවා.. :)

      ජය..!

      කාලෙකින් වැටුන උබේ පෝස්ට් එක බැලුවෙ නැහැ තවම.. !

      Delete
  24. ඇත්තටම කෝපි බිව්වත් කෝපි සුවඳ එනවද?

    ReplyDelete
    Replies
    1. කෝපි බිව්වොත් තමා සිගරට් සුවඳ එන්නේ..

      Delete
  25. අර මම කිව්ව එකක් ගත්ත නම් සාක්කුවෙ දාගෙනම ඉන්න තිබුනනෙ ඇහුවත් කියන්න පුලුවන් අලුත් පෑනක් කියල.....

    ReplyDelete
    Replies
    1. කෝ මම ඕඩර් කලා එව්වෙ නැහැනේ. :(

      මේ කිරිල්ලි අලුත් එකෙක් හිකිස්.. පොටෝ එක මාරු කරපු එක හොදා..

      Delete
    2. කිරිල්ලි දැන් ඉන්නෙ NICE(නීස්)කිට්ටුව මූදෙ..ඒකයි නිල්පාට ඇඳුමක් ඇඳන් ඉන්නෙ.....

      Delete
    3. ෂහ්.. එලස්..

      දැන් පොටෝව හොදයි වගෙ හැබැයි..

      Delete
  26. චුවින්ගම් සුවඳ එක්ක මික්ස් වෙලා කෝපි සුවඳ එන්න ඇති

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා..

      මලියගේ පර්ෆියුම් එකේ බ්ලෙන්ඩ් එකක් නිසාද කියලත්..

      Delete
  27. මේ කතාවේ අන්තිම වාක්‍යය මම අයින් කලා.

    එක වයිෆ් කෙනෙක් (යකෝ මගේ වයිෆ් නෙවෙයි) හැමදාම හස්බන්ඩාගෙ ෂර්ට් එකෙන් හොයාගන්නවාමලු දිග කෙස් ගහක්. ඊට පස්සෙ පරල වෙනවලු.

    එක දවසක් ගෑනිට බැරිවෙලා කිසිම කෙස් ගහක් හොයාගන්න. ගෑනි හිව්වලු හෙව්වලු ම්හ්ම්. පස්සෙ ගෑනි කියනවලු විලාප දිදී,
    " හනේ දෙයියනේ................................................"

    හරි සම්පූර්ණ කරමුකො හිස්තැන.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මේකා තට්ටෙ තියෙන මිනිහෙක් එක්ක ඉදලා..

      :ඩී

      Delete
    2. සෑහෙන්න හොඳයි, නමුත් මෙහෙමයි කිව්වෙ.
      "හනේ දෙයියනේ ඒ ගමන මේ මිනිහා තට්ටෙ තියෙන ගෑනුත් එක්කත් නිදාගන්න පටං අරං" :)
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. ටිකක් හරි නේද ? :ඩී

      Delete
  28. ඔය කමෙන්ට් එක මුලින්ම දැම්මාම ෆේල් වුනා. අනේ ආයෙ කොටලා දැම්මා. ඒ ගමන කෑල්ලක් අඩුයි. මෙන්න අඩු කෑල්ල


    සිගරට් බීම ගැන ගැමියාගේ පටන් වී පොකුරා දක්වා උඹට දෝස්මුරේ දාලා තියෙන නිසා මම අලුතින් යමක් එකතු කරන්නෙ නෑ.

    ඔය ගෑනුන්ගෙ තියෙන නිරීක්ෂන ශක්තිය, ගවේශනාත්ම්නක ඇස ගැන නම් පුදුම හිතෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෙන්රියා උඹ දන්නව නේද?

      කවද හරි මිනිහෙක් තනිවුනාම ලග ඉන්නේ, ඌව ජීවත් කරවන්නේ ගැහැනියක් කියල තමා මගෙ ච්න්තනය. සාධාරණද දන්නෙ නැහැ...

      Delete
    2. මම ඒක දන්නවා බං. මේ ආදරේට කරන විහිලු.
      උඹ මොකද මේවගෙ කතාවක් කිව්වෙ?
      අර සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ඉන්නවා කියන ගැහැනිය මේ වෙලාවෙ උඹේ පිටිපස්සෙ හිටගෙන ඉන්නවා වත්ද?
      නැත්නං මව් තුමියවත් කොස්සත් අරං උඹ ගාවා ඉන්නවද? :D
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. මේක එයා බලයි.. එක්කො අද, නැත්තම් හෙට..

      එදාට මගේ ජීවිතය මාගේ අතේය. වෙනකෙකු මා ජීවත් නොකරවනු ඇත.. :)

      Delete
  29. මාද දුමක් උරා එහි ගඳ සුවඳ පිලිබඳ පූර්ව අත්දැකීමක් ලබාගත යුතුය..

    ReplyDelete
    Replies
    1. එක වරක් පමණක් සෑහේ. දෙවන වරට නොයන්න !

      Delete
  30. විහිළුවටවත් සිගරට් බොන්න එපා.......... මේකත් බලන්න පුළුවන් වෙලාවක.

    http://lokayekonaka.blogspot.com/2012/07/blog-post_11.html

    ReplyDelete
  31. විහිළුවටවත් සිගරට් නොබොන නිසා අවුලක් නැත. කොලම්පුරෙටම බෙහෙත් බෙදන සැමාට නම් ලෙඩ වලින් අවුලක් විය නොහැක.

    ReplyDelete
    Replies
    1. රෙපා එල කොල්ලෙක් නේ...

      නැහැ මචං. මම එහෙමට බිලා නැහැ. එදා ෂොට් 3ක් ඇද්දා.. අරක්කු බිව්වාට සිගා නම් නොබොන තරම්ය.

      Delete
  32. හච්චෝ හච්චෝ........................හී හී......:)

    ReplyDelete
    Replies
    1. ඔව්වා බොන්ට එපා අච්චෝ.......සැමා අයියේ..

      Delete
  33. හොද වෙලාවට මික්ස් වෙලා හරි කෝපි සුවදක් ආවේ.. නිකමට හිතහන් වෙන මොකක් හරි සුවදක් ආවනම් එහෙම..

    ReplyDelete
    Replies
    1. අහවල් සුවදක් ගැනද බොල කිය්නේ ?

      Delete
  34. සෑමාගේ කිටියා පස්ටය... ඇගේ නාස් කුහරයේ සෙන්සර් ටියුනිං අවුට් විය යුතුය....

    සිරා සිගරට් නොබිව්වද බොන උන්ට බනින්නට සිත් නොදේ... දුම්වැටි මගින් රජය උපයා ගන්නා බදු මුදල කෙරේ ඒ සියල්ලෝ දායක වී සිටී... ඒ බදු මුදලින් පාලම්, බෝක්කු ආදිය තැනෙන්නේය. ඉස්පිරිතාල වල පිනට බෙහෙත් දෙන්නේය.. එහෙත් රජයට බදු උපයාදීමට සහාය වන සෑමා වැනි අයවලුන්ට මේවා භාවිතයෙන් ලෙඩක් හෙම වැලදුනොත් අපේ මයිත්තිරී උන්නැහේ පිනට බෙහෙත් නම් නොදෙන්නේය....

    ReplyDelete
    Replies
    1. උඹේ බදු ච්න්තනය පට්ටයි

      Delete
  35. හික්...මරු කෝපි තමයි... දහම් පාසල් ගුරුවරයෙක් කරන වැඩද ඈ...?

    ReplyDelete
    Replies
    1. ඇත්තට ආදර්ශමත් වෙන්නෝනි ගුරුවරු !

      Delete
    2. සැමා දහම් පාසල් ගුරෙක්ද?

      Delete
  36. මමනම් රජයේ අවවාද හැම වෙලාවේම පිළිපදිනවා. සිගරට් බොන්න එපා කොට වෙනවා.

    ReplyDelete
  37. අලුත් දුම් ජාතියක් ද බොල :/
    දුම්බොන්න එපා *කෝ(යකෝ)

    ReplyDelete
  38. හවසට කඩුවෙල ට්‍රැපික් එක ගැනනම් කතා කරලා වැඩක නැහැ ..

    ReplyDelete
  39. පුහූ... අයියා දන්න දේවල්.. (මේ අපේ කූහෙද සංවේදී..:D :D )

    ReplyDelete
  40. යකෝ හොඳ වෙලාවට කෝපි සුවඳක් ආවේ. වෙන සුවදක් ආවා නම් බඩුම තමා.

    ReplyDelete
  41. උඹ දවසට සියෙට් කීයක් බොනවද ? අද ඉඳලා ඒක ඩබල් කරපන් සෑම්.. ඔය එක එකා බොරුවට සියෙට් බොන්න එපා කියලා කෑගැහුවට උඹ බයවෙන්ඩ එපා.. ඔය ඊරිසියා කාරයන්ගෙ කතා.. උඹ බීපන් මචන්... අපිට මොකෝ...

    ReplyDelete
  42. අපෝ... දුම්බීම ශරීරයට අහිතකරයි.. රජයේ අවවාදත් පොඩ්ඩක් අහන්න සැමා අයියෙ..:/

    ReplyDelete
  43. මදැයි ඔයින් ගියා...

    ReplyDelete
  44. ඒවා කොපි සුවඳ මොනවා හරි දුම් දාන දෙයක්ද සෑම් අයියේ ?

    ReplyDelete
  45. හෆොයි.. සෑමව කෝපි සුවඳ නිසා බේරුවාට කෝපි අරන් දුන්නද ඉතින්.. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...