Sunday, July 8, 2012

ගල් ගැසීම් තව දුරටත්....


කුලේ යනු මීයා වුණත් විකුණාගෙන කන පොරක්ය. පොලොවට ලම්බකව පහලට එල්ලා වැටෙන කුට්ටම නිසා කුලේට ගෙජ්ජියා යන නමද ලැබිණ. දිනක් සරම කැහැ පොට ගසා උදැල්ලකින් වැඩක් කරමින් සිටි කුලේගේ කුට්ටම දුටු නිසා කොටියාට, කොටියා කියනවා සේම, කුලේට ගෙජ්ජියා යන උක්ත නාමය පට්ට සාධාරණ යැයි සෑමාට නොහිතුනාම නොවේය. තරුණ කළ කැළණි නදියෙන් එපිට නිවසක වැඩ නිම කර එන විට කුලේ සරම අස්සෙන් ඉනේ අලවංගුවක් (ගල් ඉන්නක්) ගසාගෙන විත් ඇත්තේය. ඔරුවෙන් එගොඩ වුණ ඒ කාලේ ගගෙන් එතෙර වෙද්දී කිසිවෙකු ඔරුවේ සිටගෙන එන්නේ නම් තොටියාට ඒ තරම් මල පනින කාරණාවක් නොවේය. ඒ ඔහුට ඔරුව පාලනය කිරීමේ අපහසුවක් දැනෙන නිසාය. ගල් ඉන්න ඉනේ ගසා ගත් කුලේ ද තොටියා කුණු හරපෙන් බනිද්දී පවා හිටගෙන ඔරුවෙන් මෙතෙර වී ඇත්තේ ගල් ඉන්න ඉනේ ඇති නිසා කොන්ද නවා ඉද ගැනීමට ඇති අපහසුව නිසාය. "තමුසෙට පදින්න බැරි නම් නිකං ඉන්නවා ඕයි. මම හිටගෙනමයි යන්නේ" කියමින් මෙගොඩ ආ කුලේ ගං ඉ‍වුරට අඩිය තබනවාත් සමගම කකුල් දෙක මැදින් බිමට වැටී ඉවුරේ ඇනී ඇත්තේ මෙතෙක් කුට්ටම අසල සැගවී තිබි අලවංගුවය. එදා සිට කුලේට ගල් ඉන්න යන නමද පට බැදුනේය.

දිනක් අතර අල්ලපු නිවසක ගසකින් කරපිංචා සොරාගෙන, ඒවා රැගෙන විත් සෑමාගේ ගෙදරට විකිණීම නිසා කුලේට කරපිංචා යන නමද, තවත් විවිධ හේතු නිසා, සියඹලා, ගල් සියඹලා, රඹුටන්, ආදී නොයෙක් නම්ද පට බැදිණ. සියළු නම් වැටීමේ කාරණා වලට හේතු වූයේ කුලේගේ හොර වැඩය. ඒ අතර දිනක් අළුත සදන දෙමහල් නිවසක රාජකාරී අතර තුර වයර් රෝලක් රැගෙන පනින්නට හැදූ කුලේ අතේ මාට්ටු වී ඇත්තේය. කෑම පැයේදී හදිසියේ වයර් රෝලක් දුටු කුලේ වයර් කොණක් තම ඉන වටේ පටලවාගෙන උඩ තට්ටුවෙන් බිමට පැන ඇත්තේ පහළ තිබි වැලි ගොඩට වැටෙන පරිදිය .එහෙත් බිම වැටීමට තරම් වයර් ‍එක දිග ප්‍රමාණය අඩු වීමෙන් කුලේ පොලොවත්, සැටලිමත් අතර සරල අවලම්භයක් මෙන් චලනය වෙද්දී බාස් මහත්වරු සහ නිවසේ අයිතිකරුවා පැමිණ කුලේව බේරාගෙන ඇත්තේය. එදා සිට කුලේට වයර් රෝල මතක් කළත් මලය. පසු කලෙක වූ බලු පැටික්කියෙකුගේ සීන් එකක් නිසා කුලේට 'ඉජු ඉජු' කිව්වත් මල පනින්නේය.

කුලේගේ සියළු නම් පෙළ ගැස්සුවේ කුලේ ගේ 'ගල් ගැසීම්' ගැන කතා කිරීමටය. කුලේට ඉහත කී කිසියම් නමක් කිව හොත් මුලින්ම කුලේ කරන්නේ කියපු එකාට කුණු හරපෙන් බැනීමය. ඉන් පසුවත් නැවත කුලේට නමක් කිව හොත් කුලේ බනින්නේ විහිළු කරපු එකාගේ අම්මාටය. ඉන්පසුවත් දිගින් දිගටම විහිළු කරන්නේ නම් කුලේ අතට ගන්නේ ලග පාත බිම ඇති තඩි ගල් කැටයක්ය. ඉන් පසු කුලේගේ ගල් ගැසීම ඇරඹෙන්නේය. මෙතැන් පටන් මා සෑමා දුටු කුලේ ගේ ගල් ප්‍රහාර දෙකක් දිග හැරෙන්නේය.


දෝදුගේ ආච්චී සැමාගේ කඩේට ආවේය. එදා සෑමාගේ අම්මා කීවේ වත්තේ කරපිංචා ගහේ කරපිංචා තියෙනවා වෙලාවක කරපිංචා දෙන්නම් එන්න කියාය. ඉන්පසු දිනක් සෑමා දෝදුගේ නිවසට ගිය විටක ආච්චී කීවේ දෝදු සෑමාගේ ගෙදර ආපු විටක ඔහු අතේ කරපිංචා එවන්න කියාය. එසේ කියා ටික ‍දිනකින් දෝදු සෑමාගේ ගෙදර ආවේය. මේ සියල්ල වූයේ සෑමාගේ මිදුලේය. සෑමාගේ අම්මා, දෝදු, සහ පාර අයිනේ කුලේ අංකල්ද සිටියේය.

කුලේට කරපිංචා කිව්වාම මල පනින බවක්, කුලේට තද වෙන ක්‍රමවේදය යන කිසිවක් දෝදු නොදැන සිටියේය.

"පුතේ ආච්චි එදා කිව්වා කරපිංචා එවන්න කියලා." ඒ සෑමාගේ අම්මාය.

"ඔව් නැන්දේ මට එදා කිව්ව ගිය වෙලාවක අරන් එන්න කියලා." ඒ දෝදුය.

ඒ පුංචි දෙබසට පසු අම්මා වත්ත පහලට යන්නට ඇත්තේ කරපිංචා කැඩීමට බව දෝදුට නොසිතෙන්නට ඇත. දෝදු මා සමග කතාව ඇරඹීය. මොහොතකින් සෑමාට සජීවී ගල් සෙල්ලමක් බලා ගැනීමේ ආසාවක් පහල වුයේය.

"මචං, උබලගෙ ආච්චි කිව්ව නේද කරපිංචා ඉල්ල ගෙන එන්න කියලා." ඒ සෑමාය.

"ඔව් බං මල වදේ, උඹලගෙ අම්ම අහපු නිසා මම එහෙම කතා කලේ. කාටද බං ඕව උස්සගෙන යන්න පුලුවං??" හැම කොල්ලෙකුටම ඇති පොදු හැගීම දෝදු එලියට දැම්මේය.

"මචං, අපිට නම් කරපිංච ගෙනත් දෙන්නේ ඔතන ඉන්න කුලේ අංකල්. දැන් නම් පොඩ්ඩක් බීලා. ටෝක් කරල බලපං. ගෙදරටම ගෙනත් දෙයි." ඒ සෑමාය. එවලේ කුලේද පොඩි සොට් එකක් දාගෙනය.

"අම්මට හුඩු එහෙමද? එහෙනම් මට උස්‍සගෙන යන්න දෙයක් නැහැ. පීසා හට් එකෙන් වගේ ගෙදරටම බඩු එයි." දෝදු කුලේට කිට්ටු විය.

"අංකල්, කරපිංචා තියෙන්නෙ කොහෙද?"

"මොනවා??" ඇත්තටම කුලේගේ කන් ටිකක් බ්ලොක්ය. කුලේ හිස හරවා ඇසීය.

"කරපිංචා අංකල්... හොද්දට දාන්නේ.." ඒ ‍දෝදුය.

"තමුසෙ හිතුවද අයිසේ මට කරපිංචා අක්කර ගණන් තියෙනවා කියලා.." ඒ කුලේය. පොර හිතුවේ බයිට් එකට කියාය.

"නැහැ අංකල් වෙන වතු වලින් නේද ගේන්නේ.. අපේ ගෙදරටත් කරපිංච මිටි ටිකක් ගෙන්න ගන්න ඇහුවේ.." දෝදුගේ වදනට කුලේට මල් යායකි.

"අනේ මේ පු* නොදී පලයං.. @$%^ගෙ ‍කොල්ලෝ.." කුලේගේ වදනින් දෝදුගේ ඇස් උඩ ගියේය. 

"මේ මොකක්ද බං සෑම් මෙයා කියන්නේ, මෙයා කරපිංචා ඩිලිවරි කරන්නෙ නැද්ද??" දෝදු සෑමා දෙස බැලීය. දැන් සෑමාද වැඩේට හවුල් වී හමාරය. ඒත් කුලේ කිසි දිනක සෑමාට සෑමාගේ නිවස ඉදිරිපිට දී බැන වැදී නැත්තේමය. බය නැතුව සෑමාද වැඩේට එන්ටර් විය.

"මෙයාගෙ බොරු බං. මෙයා කරපිංචා බිස්නස් එකක් කරනවා." ඒ සෑමාය.

"ඒකනෙ අංකල් මම මහ දුරක නෙවේනෙ ඉන්නේ. පොඩ්ඩක් කන්ද නගින්න විතරයි තයෙන්නේ..."

"අනේ යනවා ඕයි යන්න. කන්ද නැගල ඇවිත් මම තමුසෙගෙ %^** (&&^ යන්නද??"

දෝදු නිල් විය. සෑමාටද කර කියා ගන්නට දෙයක් නැත. ඒත් චිත්‍රපටය ගල් ගැසීම දක්වා නොගියේ නම් සැපක් නැත්තේමය. 

"කවුද බං මූ.. මූට පිස්සුද???" ඒ අපේ දෝදුය.

කුලේට බනින කුණු හරප අහවර විය. බිමට පහත් වී කුලේ අතට ගත්තේ කළු ගල් කැබැල්ලක්ය. දෝදුවා කළබල වුයේය. වටපිට බලා කන්ද උඩහට දුවන්නට වුයේය. කුලේ ගල් ගත්තාට ගල බදාගෙන ඉන්නවා මිසක කිසි දිනක ගලකින් ගසා නැත්තේය. ගැසුවත් ඉලක්කයට නොගසන්නේය. ඒ බව දත් සෑමා දෝදුගේ ක්ෂණික දිවිල්ල බලා සිටියදී අම්මා ආවේ කරපිංච අත්තක් කඩා සැදූ මිටියක් අතින් දරාගෙනය. දෝදු ඈත සිට සිද්ධිය දුටුවේය. එහෙත් ලගට එන්නට ශක්තියක් නැතුව බලා සිටියේ කුලේ අත දරා සිටි කළු ගල නිසාය. පසුව අම්මා මැදිහත්ව සියල්ල සමථයකට පත් කරද්දී සෑමා බලා සිටියේ දෙවන ප්‍රහාරය අම්මාගෙන් සෑමාට ලැබෙන නිසාය.

දිනක් සෑමා, හර්ෂ, ප්‍රභාත් ඇතුළු පිරිස සැලුන් එකේ සිටියදී කුලේ එතැනින් ගියේය. ප්‍රභාත් කුලේ දැක උමතු වි කෑ ගැසුවේ අඩෝ ගෙජ්ජියා කියාය. ක්ෂණිකව ආපසු හැරුණු කුලේ සැලුන් එකට රිංගද්දී ප්‍රභාත් සැලුන් එක පිටුපසින් එහා පැත්තේ කමියුනිකේෂන් එකට රිංගා ගත්තේය. රිංගාගෙන විත් පඩිපෙල දිගේ උඩ තට්ටුවට ගොස් දොර වසා ගත්තේය. සැලුන් එකේ කණ්නාඩියෙන් කුලේ ප්‍රභාත් ගේ දිවිල්ල දැක පඩි පෙල දිගේ ඉහලට නැග්ගේය. දොර ලග හිටගත් කුලේ කෑගසන්නට වුයේය.

"අද තමා උඹ මගෙන් මැරුම් කන්නේ. හැමදාම කෑගගහා දුවන රතු ෂර්ට් කාරයා අද අහුවුනා. තෝ එලියට එනකල් මම දොර ලග ඉන්නවා. කීයට හරි එලියට වරෙන්කෝ.." කුලේ දොර ලග සිට මුර කරන්නට වුයේය. ඒ අතර ප්‍රභාත්ගේ ෂර්ට් එකේ පාටද කුලේ දැක ඇත්තේය. පහල සිටි අපට කුලේව පහලට ගෙන්වා ගැනීමට ට්‍රයි කරන්නට සිදු විය. ඒත් පොර දොර ලගින් හෙල්ලෙන්නේ නැතිය. ප්‍රභාත් ඇතුලේය. දුරකථනයෙන් ප්‍රභාත් ඇමතූ විට ඌ කීවේ "මචං ගෙජ්ජියව පහලට ගනින් මට එහා පැත්තෙ වහලෙට පැනලා එහා පාරෙන් හර්ෂලගෙ ගෙදර යන්න පුළුවං කියාය."

"වැඩක් නැහැ බං. උබේ ෂර්ට් එකේ පාට දැකලා. උඹ ගියත් ආයෙ මාසෙකට විතර මෙහෙ එන්න එපා. අනික කුලයා උබේ නමත් එක්ක කිව්වා ෂුවර් එකට ඒ උබ කියලා" අපි ප්‍රභාත්ව අප්ඩේට් කලෙමු.

"හරි බං කෝම හරි ඕකව පහලට ගනින්. මම පනින්නම්." ඒ අසරණ වු ප්‍රභාත්ය.

කෙසේහෝ පැය 2ක් යන තුරුම කුලේ එතැනින් හෙල්ලුනේ නැතිය. ඒ මදිවට ප්‍රභාත් ඇතුලේ සිට ගෙජ්ජියෝ කියමින් කුලේව ෆෝම් කරන්නේය. එනිසාම කුලේ හෙල්ලෙන්නේ නැතිය. මොහොතකින් අපි කුලේට ඔහු වෙනදාට පහර දෙන ක්‍රම වේදය කියා දුන්නෙමු.‍

"අංකල් ඔහොම ඉදල හරි යන්නෙ නැහැ. හොද කළු ගලක් ගන්න. ඕකගෙ ඔළුවටම ගහන්න."

එය ඇසී මොහොතකින් කුලේ පඩිපෙල පාමුලට ගියේ කළු ගලක් ගැනීමටය. එසේ යද්දි දොර ඇරගත් ප්‍රභාත් එලියට පැන්නේය. එහා නිවසේ වහලයට පැන ප්‍රභාත් හර්ෂගේ ගෙදර ගියේය. කුලේ නැවත ‍දොර මුර කිරීමට උඩට නැගුනේය.

දැන් ප්‍රභාත් ආරක්ෂිතය. නමුත් කුලේම ඇද සිටි ඇදුම සහ මුහුණ යන්තම් මීටර් ඇති නිසා අපි සිතුවේ ඔහු නැවත එම මොහොතේ සැලුන් එකට නොපැමිණ කෙලින්ම ගෙදර යයි කියාය. එහෙත් මොහොතකින් ඔහු ආවේය. ඒ වෙන පාටක ෂර්ට් එකක් ඇදගෙනය. පොර තම ෂර්ට් එක හර්ෂගේ නිවසේ රෙදි වැලට දමා, හර්ෂගේ ඇදුමක් ඇදගෙන ඇවිත් ඇත්තේය. කෙසේ හෝ ප්‍රභාත් කොණ්ඩය කපාගෙන පඩිපෙල අසලට විත් අංකල් මොකද සීන් එක කියා ඇසුවේය.

"මොකද වෙන්නෙ කියල බලන්න තව ටිකක් ඉන්නවා.." ඒ කුලේය.

"ඇයි අංකල් මොකද සීන් එක?"

"මට වෙනදට කෑගහන රතු ෂර්ට් කාරයා ඇතුලෙ ඉන්නවා. මම අද ඕකගෙ $%^ මේ ගලෙන්ම තලලා දානවා. තමුසෙට බලාගන්න ඕනෙ නම් ඉන්නවා මෙතන, කොයි වෙලේ හරි එලියට එන්න එපෑ" ඒ බලාපොරොත්තු කරපින්නා සිටි කුලේය.

"මට පරක්කු වෙනවා අංකල් මම යනවා. වෙන දවසක බලමු."

Written by sAm_8.19_08.07.2012

92 comments:

  1. හිකිස්...ඕව නම් මොනාද කුලේ..
    පට්ට කතාව..අන්තිම සීන් එකනම් මරු..

    ReplyDelete
    Replies
    1. කුලේ බිව්වාම නම් අකුලේය

      :)

      Delete
  2. ප්‍රභාත් තමා ප්‍රභාත්..
    අම්මෝ බඩ රිදෙනවෝ හිනා වෙලා..

    ReplyDelete
    Replies
    1. හිනා වුනාම බඩ රිදෙනවා ?

      Delete
  3. සෑමාද ලඟඳිම ගල් පාරක් කන්නේය...........

    ReplyDelete
  4. සෑමා සෙල්ලම් පොරක් නොවේය... පුංචි මොලෙන් ලොකු වැඩ කරන්නෙකි....පාසල් යන කාලේ සිටම සිරාට ද කුලේ නම් මිතුරෙකු සිටී...ඔහු ඉතා අහිංසක අඩුවෙන් කථා කරන හැමෝටම උදව් කරන කළණ මිතුරෙකි... සෑමාගේ කුලයාට ඉදුරාම වෙනස්ය... කාලයාගේ ඇවෑමෙන් මම කියනා කුලේ ලංකාවෙන් එපිට රටවල් පවා හදුනන තත්වයට පත්විය... ඒ ඔහු සිරිලංකා කිරිකට් කණ්ඩායමේ පන්දු යවන්නට පටන් ගත්තායින් පසුවය....මේ පෝස්ටුව දුටු විට මට ඒ සුන්දර අතීතය සිහිපත් වුනේය... සිරාගේ කාමරේ පැත්තේ සෑමා ලගදි නාවේ මන්ද?

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු සිරා ඒ කුලේ එක්ක හිටපු පොරක්ද?

      අපි සලකනවා මදිද මන්දා..

      ඒ පැත්තෙ ගියා මම ඊයේ. වෙනසක් කරල නේද? ජය හොදේ !

      Delete
  5. hikz .... ගල් ගැසීම තවත් දුරට නොයනවා නම් හොඳය.

    මේ පැත්තෙත් වයසක අංකල් කෙනෙක් සිටී. අවුරුදු 80 ක් විතර වෙනව. ඒත් කොල්ලා වගේ කැප් එකක් දාගෙන ෂෝටක් ගහන් බයිසිකල් පදිනව. මිනිහ හන්දියෙන් යනකොට කොල්ලො ‘බුවා‘ කියල දුවනව. මෑන් ගල් ගහ ගහ පස්සෙන් එලවනව. මේ මෑතකදි මිනිහ ගල් පාරවල් ටිකක් දීල තිබුණ පාක් එකේ තිබුණු ත්‍රවීලර් කීපෙකට වීදුරු කෑලි කුඩේ කුඩු වෙල, හරෙන් මෙහෙන් තැලෙන්න. පස්සෙ කොල්ලො පොලීසි ගිහින්, ඉදින් වයසක බුවා සිද්ධිය විභාග කරන වෙලාවෙ පොලිසියේදි ‘මම මුන් මරාගෙන කනව‘ කියල උන්ට ගහන්න පැන්නළු. සිද්ධිය හොඳින් තේරුම් ගත්ත පොලිසිය අලාභ අයකරල දීම පැත්තක තියෙද්දි කොල්ලොන්ට බැනල, වයසක මනුස්සය පිටත් කලාළු.

    ReplyDelete
    Replies
    1. ගල් ගැසීම්.. අම්මෝ එපාය !

      බුවා පොලිසියට වත් බය නැති බුවෙක් නේ බොල :ඩී

      ජය ඈ !

      Delete
  6. බුදු අම්බෝ ඔලුව..........
    ගලක් ගලක්... නැවුම් එකක් :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ ගල් ගහයි කට්ටිය අර බයිසිකල් නංගියෙක් ගැන කියවන නිසාම.

      ජය වේවා !

      Delete
  7. කුලේ තාම මුරද :D

    ReplyDelete
    Replies
    1. පොර තාම මුර තමා බං :)

      Delete
  8. දරුව, තොපත් තොප සබැඳි මිතුරොත් එකම කුලේය. ඒ කුලේ කුලේට අගුණ කුලයකි. ප්‍රවේසම් වීම යහපති. කුලයන් සිතා මතා වැරදි ඉලක්කයට ගල් යොමු කල ද, වැරදීමකින් තොපගේ ස්කලය කැබලි විය හැකිය.

    රාම් නමඃ

    ReplyDelete
    Replies
    1. තොප වැනි දක්ෂ දරුවකුගේ මස්තිෂ්කය රඳන ස්කලයට "හිස් කබල" කියා ඇමතීමට මාගේ ඇඟිලි නොනැමේ...

      Delete
    2. ආ මෙයා විතරයි අඩු වෙලා හිටියෙ.. ළඟදිම නූතන රාමායනය බලන්ඩ පුලුවන් වෙයි වගේ..

      Delete
    3. බිය වීමට කාරණාවක් නැත දරුව. රාවණ මෙන් රාම ද යළි නැගිටින බවට කෙරෙන එක් දින හෙළිදරව්වක්‌ පමණකි මේ.. ජය-ර-තන ට මෙන් නොව මට වෙනත් වැඩ බොහෝ ඇත්තේය.. රාම යළි නැගිටින්නට පෙර මා ඒවා අවසන් කර ගත යුතුය.ඒ නිසාම මම රාම ගැන බ්ලොග් නොලියමි.

      රාම් නමඃ

      Delete
    4. රාම ආයෙ එනවනම් ජයරත්න මොකෙක් වුනත් මම ඌට සපෝට්..

      අපිනම් කොරයි නමඃ

      Delete
    5. ආ උබත් ආයේ නැගිටිනවද.... මරු මරු.. ඔන්න මේ පාර යුද්දෙට ග්‍රවුන්ඩ් ඇරෙන්ජ් කරන්නෙ මං ඈ.. දිනන එකාට ටිකට් විකුණන සල්ලි වලින් 1/4ක් ම දෙනවා..

      Delete
    6. :P දරුව නුඹගේ ප්‍රතිචාරයට මා හට සිනහ පහල විය..

      හෙළ දේශයේ වැසියන් ලෙස ඔබලා සපෝට් කල යුත්තේ ජය-ර-තනටයි. ඒ බෙදුම්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අනුවය..

      පොදු සතුරාට එරෙහිව රාම රාවණ සමගි වී එක්සේසත් වීම තවත් කාලයකින් සිදු වීම නොවැලක්විය හැක්කකි. එතෙක් ඔබේ යුතුකම ඔබේ දේශයට, පාලකයින්ට, ජය-ර-තන වැනි හෙන්චයියනට පක්ෂපාතී වීමය..

      හෙළුවෝ රාවණ නමඃ කිරීම අවශ්‍ය නොවේ..

      Delete
    7. ඈ බොල සෑමෝ මොකාද බං මූ...? කුලයගේ ගල් පාරක් වත් වැදිලද මංදා ඔලුවට..!

      Delete
    8. සරතයාණෙනි, ඔබ මෙන්ම සැමා ද මා නොහඳුනන්නේය. නමුත් මා හට ජය-ර-තන මෙන් අනන්‍යතාව සඟවාගැනීමට අවශ්‍ය නැත.රාම කුමරුගේ උපන් දිනය වූ ඊයේ, ඔහු යළි නැගිටින බවට හෙළිදරවු කිරීමේ ඓතිහාසික වගකීම ඉෂ්ට කලෙමි. ඊට කුලයගේ ගල් පහරවල් කිසිසේත් අදාළ නොවේ. ජය-ර-තන ට මෙන් නොව මා හට වෙනත් වැඩ රාජකාරි බහුල හෙයින් රාම ගැන බ්ලොගක් මම නොලියන්නෙමි.ඒ රාම යළි නැගිටීමට පෙර මගේ වැඩ රාජකාරී අවසන් කර ගත යුතු බැවිනි.

      Delete
    9. වලිය සෙට් උනාම මාව අමතන්න හරිය...

      Delete
    10. හනුම, මෙවර වළි බලාපොරොත්තු නොවනු... සෝල්හයිම් නම් පර සුද්දා මෙන් රාම රාවණ අතර සාම පණිවුඩ් ගෙන යාමට සුදානම්ව සිටිනු යෙහෙකි.

      Delete
    11. ආතල් කෝටියයි...

      මං සීතව සපයන්නං..
      රාමට **ස්...

      Delete
    12. මොකද්ද මේ අඟුණ කොළයක් ගැන කියවන්නේ? කවුද මේ? ඈ....?

      Delete
    13. පාපී අඩවි රජ - බොරු නොකියව... සීතාවෝ රාම සමග භාරතයේ රත්නගිරි දුර්ගයේ ගල් ලෙනක කාලතරණ නිද්‍රාවෙන් යහන්ගතව සිටිත්.

      සැමා දරුව :මාගේ කමෙන්ටු වැඩි වීම පිළිබඳව සිත් අමනාප කර නොගනු මැනවි. මේ දරුවන්ට පිළිතුරු සැපයීම පමණකි මෙතන සිදු කලේ.

      Delete
    14. මට මුකුත් තේරුනේ නැහැ බොලව්.. දෙපාරක් කියෙව්වා :(

      Delete
    15. @ රාමානුගාමී රාමා,
      මොකක්ද බං මේ නටන පිස්සුව, ඊයෙ මාරයියගෙ බ්ලොගේදි දැක්කම මම හිතුවෙ මේ කවුරුහරි ආතල් ගන්නව කියල. බලාගෙන ගියාම යකඩො මම කලිනුත් ගිහිපු, කමෙන්ට් කරපු තැනක්නේ ‘රාමාගේ අඩවිය‘. ඔන්න බලපන් උඹල ඉඳල හිටල ලිවිල්ලෙන් දැක්ක ගමන් අඳුරන්නත් බැරිවෙනව. අනේ බං ඔය වෙනද ලියපු වගේ ලස්සනට බ්ලොග් එක ලියපන් රාමට ඉන්න ඇරල.

      Delete
  9. කුලේ නම් කුලේ............ ඔහොම අය හැමතැනම නැතත් මුනගැහැනවා.. බයිට් එකට ගන්නේ නැතුවත් ඉන්න බැ අරගෙනත් බැ වෙලාවකට නම්...

    මොනවා උනත් සැමාද එසේ මෙසේ ඩයල් එකක් නොවන වග ආයේ පසක් උනි

    ReplyDelete
    Replies
    1. එසේ මෙසේ නොවන අහිංසක කොල්ලෙකි !

      Delete
  10. හයියූ සංසාරේ...........
    පව් යකෝ වයසට වත් සලකපිය...
    ඒක නෙවෙයි තාම මුරද???

    ReplyDelete
    Replies
    1. වයසට සලකන නිසා තමා බං අපි කෑගහලා හැංගෙන්නේ :ඩී

      Delete
  11. එල කතාව ඈ... අන්තිම සීන් එක තමා පට්ටම.කරුමෙට හරි මිනිහා හැරිලා අරූගෙ ඔළුවට පත බෑවනම් බඩුම තමයි....

    මේ කුලේ අංකල්ගේ නලලේ ඩයලොග් කාර්ඩ් එකක් අලවලා පොටෝවකුත් දාලා තිබුනා වගේ මතකයි........ මේ එයාම වෙන්ඩෝන

    ReplyDelete
    Replies
    1. ඒ කුලේ හැර තව කුලේලා සිටීද?

      Delete
    2. ඒ කුලේද මේ කුලේමය. ඩයලොග් කාඩ් සහිත එකාමය ;)

      Delete
  12. ඔහොම ඩයල් එකක් බයිට් එකට නොගත්තොත් ලොකු වරදක්..... ;)

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ හරියි කියල නං මට එකඟවෙන්න බෑ. කොල්ලොන්ට මේක සෙල්ලමක් වුනාට කුලේට මේක සෙල්ලමක් නෙමෙයි. පොඩි පොඩි හොරකං කලාට කුලේ සාමාන්‍ය ගැමියෙක්, අපරාධකාරයෙක් නොවෙයි :(

      ඒක නෙමෙයි, මොකෝ අර බ්ලොග් එකේ මුකුත් නැත්තෙ? :)

      Delete
    2. කුලේ විහිලු කරන ඒවාට කේන්ති ගන්න නිසා තමා කොල්ලො වැඩියෙන් විහිලු කරන්නේ. ඒ ආතල් එක ගන්න. වැඩක් නැති කුලේ වුනත් මේකට මනාප ඇති මයෙ හිතේ.

      ඒ එක්කම අපේ ගමේ හිටිය කොට පොරක්. පොරට කියන්නේ "කොට කිඹුලා" කොච්චර නම කිව්වත් මල පැන්නෙ නැති නිසා කොල්ලො වැඩිය විහිලු කලේ නැහැ. එහෙමයි රෙජිස්ටර් වෙන්න යන නමකින් බේරෙන්න පුලුවං !

      Delete
    3. ඇනෝ,

      කුලේ වැනි ඩයල් ඔය වගේ දේවල් වලින් හොදට ආතල් ගන්නවා වගේම තමන්ගෙ පැවැත්මත් තහවුරු කරගන්නවා. ඒ අතින් බැලුවම ඔහුව බයිට් එකට ගැනීම ඔහුට කරන උදව්වක්.

      බ්ලොග් එක ඉක්මනින්ම පිළිවෙලක් කරනවා,... බොහොම ස්තූතියි ඒ ගැන සොයා බැලුවට

      Delete
    4. //බ්ලොග් එක ඉක්මනින්ම පිළිවෙලක් කරනවා//

      ප්‍රීති.. ප්‍රීති.. ප්‍රීති.. !

      Delete
    5. "
      "නයා" වනාහි ලාංකීය හීනමානයයි.
      "


      එතකොට අසරණ මිනිසුන්ව බයිට් කිරීම මොන "ලාංකීය" XXXX ද?

      Delete
    6. ඇනෝ - කුලේගෙන්ම අහපං ඌට සලකන විදිහ !

      Delete
  13. කුලේ උඹලට ආඩම්බරයක් බං :ඩ් :ඩ්

    ReplyDelete
  14. ඈ සෑමො කුලේට මල පනින්නෙ නැති ඕනෙ නාම පදයක් නෑ වගෙ නේද? මේකා ගිනස් පොතට යයිද දන්නෙ නෑ වැඩිම නික් නේම්ස් ගානක් තිබ්බ පොර හැටියට.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොර නැති නමක් නැහැ.

      ඊයේ අපේ වත්තෙ පුවක් මලක් කපනව කියලා, පොඩි පුවක් වළු දෙකක් කඩලා. කුලේව විනාස කලා අපේ ගෙදර අය.

      දැන් පුවක් මල කිව්වාත් පොර මල පනී !

      Delete
  15. හැක හැක හැක... කුලේනම් පට්ට ආතල් තමා දෙන්නෙ.. මම කිව්වෙ, කුලේ කියන්නෙ සෑමා වගේ බ්ලොග් කරුවෙකුට ධන නිධානයක්..

    අපෙත් ඔහොම පොරක් හිටියා.. පොරගෙන් "වෙලාව කීයද" කියලා අහපු එකාට උගෙ වෙලාව බලව ගන්ඩ වෙනවා..කුලේ හොඳයි..

    ReplyDelete
    Replies
    1. කුලේ මට නම් දෙයියෙක්.. කතන්දර ආතෙක්.. :ඩී / දාන්න බැරි මට්ටමේ පොටෝ එකකුත් තියෙනවා කුලේ ගේ :ඩී

      ඇයි බං වෙලාව ඇහුවම මල පනින්නේ??

      Delete
    2. දන්නෑ බන්.. මොකක් හරි ඉතිහාස කතාවක් ඇති.. ඒක මම දන්නෑ..හැබැයි අහන එකාට බඩුම තමයි..

      Delete
  16. සිරා කතා දෙක බං... උඹ මහා නරක ළමයෙක්. උඹ කරපු වැඩෙන් කුලේ දොදුවට ගල් පාරක් දුන්නම් උඹ නේ වග කියන්නේ.

    ReplyDelete
    Replies
    1. කවදාවත් කුලේ ගලෙන් ගහන්නෙ නැහැ.

      දවසක් කුලේ වගේම 'ජින්නා' කියල ඩයල් එකක් එක්ක වලියක් ගියා පාරේ. කුලේ ගල අතින ගෙන, ජින්නා අතේ පොල්ලක්.දෙන්නම අත දික් කර කර හිටිය මිසක් ගැහුවෙ නෑ කාටවත්..

      ඔය සීන් එකේ පොටෝ එකක් තිබ්බා බං ඒක නැති වෙලා අපලාදේ :((

      :)

      Delete
  17. අන්තිම සීන් එකනම් පට්ට ඒත් පව් බං කුලේ :)

    ReplyDelete
  18. කරපිංචා නැද්ද මිටියක් ගන්ඩ ??? හික්ස් :)
    කුලේ යනු පට්ට පොරකි !

    ReplyDelete
  19. කුලේ පස්සෙ දවසකවත් රතු ෂර්ට් කාරයව අල්ල ගත්තෙ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. මමත් සතියක් නොඇද හිටියා රතු ෂර්ට් :ඩී

      Delete
  20. තදින් සිනා.. හක්ක හක්ක හක්ක

    ReplyDelete
  21. සැමෝ... මොන මගුල උනත් කමක් නෑ උඹ සංසාර පාත්තරේ රැක ගනින්... නැත්නම් ඉතින් අනාගතේ අඳුරේ...

    ReplyDelete
    Replies
    1. අනේ එය නම් යෙහෙන් වැජබේ. ඇඩ්වයිස් එකට තුති මචං.. :)

      Delete
  22. ඇත්තටම මටත් හිනා ගියා බං පෝස්‍ටුව කියවලා. ඒත් මම නම් අකමැතියි මචෝ ඔය වගේ වැඩ වලට. මොනා උනත් වැඩිහිටියෙක් නේ. ජය....!

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියො තුටින් තැබීම යහපත් ක්‍රියාවකි !

      Delete
  23. උදේම වැඩ ගොඩක් ඔළුවේ තබාගෙන සිටි නමුත් මේ බ්ලොග් ඇඩික්ට් එක නිසා උදේම පෝස්ට් කියැව්වේ නැත්නම් කුඩුකාරයට කුඩු ලැබුනේ නැහැ වගේ. ඉතිං ඇවිත් කීව්වේ සෑමා. මදෑ දැන් හිනාවෙලාම අර ඔලුවේ තිබ්බ එක වැඩක්වත් මතක නැත.

    අවවාදය - උදේම සෑමාගේ ලිපි නොකියවන්න. කියවනවානම් තමන්ගේ වැඩ කටයුතු ආදිය කොලේක ලියාතබා කියවන්න.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා බෙහෙත් වට්ටෝරුවක් ලියලා වගේ..

      තුති සහ ජය හොදේ..

      Delete
  24. අපොයි කුලේ තවමත් පඩි පෙළේද?

    හැම ගමකම පාහේ ඔවැනි කොලුකුරුට්ටන්ගේ ඔච්චමට ලක්වන මිනිස්සු ඉන්නවා නේද? මට නම් ඔවුන් දුටු විට හිතට එන්නෙ අනුකම්පාවක්.. අපිත් දවසක වයසට ගියාම කොලු කුරුට්ටො ඔය වගේ විහිලු කරන්න ගත්තොත්..

    මේ කතා දෙකට නම් බඩ පැලෙන්න හිනා..

    ReplyDelete
    Replies
    1. ඇ බොල අපිටද කුරුට්ටෝ කිව්වේ ?

      Delete
  25. නොයෙක් අඩුපාඩු සහිත පුද්ගලයන්ට විහිළු තහළු කිරීම මා අගය නොකරන දෙයක්. ඒත් මේ කතාව කියවා සිනා නොවී සිටීමට නොහැක. මා ලියූ වයිවර්ණ මැරතන් තරගයත් මෙවැනිම කතාවකි.

    ReplyDelete
    Replies
    1. ඇහ්.. මම ඒ මැරතන් කතාව බැලුවෙ නැද්ද.. බලන්ට වටී..

      Delete
  26. උබත් ඉතින් අහක ඉන්න එවුන් ෆොම් කරල සතුටු වෙයන් හැබැ ලියන්නේ නම් වෙසක් පොසොන් කලාප අනිච්චේ දුක්කේ..හික්ස්...එක්කො කමක් නෑ තාම හිචිචී එකා නේව ජය

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන්ට සලකන එක හොද නැද්ද රාජ් අයියේ ?

      :)

      Delete
  27. කරපුවැඩවලහැටියට,අතක්පයක්කඩානොගෙන ඔහොමඉන්නඑකමමදෑබං..

    ReplyDelete
    Replies
    1. කවුද කුලේ නේද ? හිකිස්..

      Delete
  28. පට්ට පට පට.. සෑමා.. කුලේ තාම පඩි පෙලේ ද?

    ReplyDelete
  29. අප්පට සිරි! මාර ආතල් ඩයල් එකක්නෙ. මම එන්නං දවසක උඹලගෙ පැත්තෙ. කුලේව සෙට්කරල දියං.

    ReplyDelete
    Replies
    1. සිරා මචං. අර උඹේ යාලුවෝ බලන්න බියගම ආවහම මේ පැත්තේ වරෙන්. කුලේට අදුන්නලා දෙන්නම්. උඹ කරපිංචා ඉල්ලපං.. :)

      Delete
  30. ඊට පස්සෙ අර යාලුවා රතුපාට අදිනවා තියා කිට්‍ටු කරන්නවත් නැතුව ඇතිනේ ?

    ReplyDelete
    Replies
    1. යාළුවා යට ඇදුමක් වත් ඇන්දෙ නැතිලු රතු පාට :ඩී

      Delete
  31. දෙවෙනි කතාව තමයි සිරා.. ඊට පස්සේ රතු පාට ඇන්දද යාළුවා.. :)

    ReplyDelete
    Replies
    1. යාළුවා යට ඇදුමක් වත් ඇන්දෙ නැතිලු රතු පාට :ඩී

      Delete
  32. අපේ පැත්තෙ තක්කාලියා කියල මනුස්සයෙක් ඉන්නවා. තක්කාලියා... කියලා කොල්ලො ඇවිස්සුවාම හොඳවැයින් ජාතිය අමතලා දෙනවා.

    ReplyDelete
    Replies
    1. පිණිබිදු කොරන වැඩ.. පව් නේද අහිංසක මිනිස්සු ?

      Delete
  33. හික්ස්ස්ස්ස්ස්ස්ස්..:D

    ReplyDelete
  34. කථාව නම් පට්ට පට පට

    ReplyDelete
  35. හය්යෝ පව්... පට්ට කථාව

    ReplyDelete
  36. කුලේ තමා කුලේ... සිරා කථාව බං..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...