අමල් දිනක් රැයක හදිසියේ ෆේස් බුකියේ සෑමාගේ චැට් බොක්ස් එකෙන් මතුවිය. රැයේ පාරේ දුවන හොරෙකු දැක බුර බුරා පනින බල්ලෙකු මෙන්, බුර බුරා නැගෙන රාගයෙන් ඔහු දැවෙන්නේය. ඒ අභිසාරිකාවක් සොයා ගැනීමේ අභිලාෂය පෙරටු කොට ගෙනය.
අමල් - සෑමා බඩුවක නම්බර් එකක් දියං කෝ..
සෑම් - හිටු බලන්න.. (තමා ලග නැති වුනත් සෑමා මිතුරාගේ දැවෙන ගින්නට පිදුරු දමන්නට සැරසුනේය.)
අමල් - අඩෝ දියන් කෝ..
සෑම් - මෙන්න මචං.. 0777 *** ***. මාව නෝන්ඩි කරන්නෙ නැතුව වැඩේ කර ගනින්. අපේ ඔපීස් එකේ කෑල්ලක්. බඩ්ඩක් නෙවේ බං පොඩි ආතල් සීන් එකක්.
අමල් - හරි හරි බං මම දැන්ම ගන්නම්...
අමල් දැන්ම කෝල් කරන්නම් කීවාට එවිට වේලාව මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබුනේය. උක්ත අය යනු, වයස 52 ඉක්මවූ, කොට, හුරුබුහුටි, සාරි හැද පබළු වැලක් ගෙල වැලදාගෙන, ලාලිත්‍ය ස්භාවයෙන් කතා කරන ඇයක්ය. එතැන් සිට සිදු වූ දේ කඩින් කඩ වාර්ථා කලේ අමල්ය.
පසුවදා..
අමල් - මචං ඒක නාකි කෑල්ලක් නේද බං?
සෑම් - නැහැ බං. එච්චර වයස නැහැ. ඒත් කටහඩ අවුල්. උඹ කතා කළාද?
අමල් -ඔව් බං ගත්තා. හුරතල් විදිහට කතා කළා. කියන දෙයක් පැහැදිලි නැහැ බං. වෙවුල වෙවුල කෑගහන සද්දෙකින් කතා කලේ.
සෑම්- අනේ මන්ද බං ඕනෙ මගුලක් කරපං. මාව ශේප් කරලා.
ඊට පසු දිනෙක ඔපීසියේදී සෑමා සිටින තැන ඇයට කෝල් එකක් ආවේය. ඒ අමල්ය.
ඇය - ආ.. ගුඩ් මෝනිං අමල්.
අමල් - ***
ඇය - එහෙමද? අද දැක්කෙත් නැහැනේ ඔයාව.
අමල් - ***
සෑමාගේ ඇස් නිලංකාර විය. අමල් ඇය අල්ලාගෙනවත්ද? ඇය අමල්ව වසගයට ගත්තා වත්ද? එහෙත් ඇය යනු එතරම් නරක කාන්තාවක් නොවේමය. ඇය කතාකරන භාෂා ස්වරූපය නිසාම ඇගේ අංකය අමල්ගේ දුරකථනයේ සේව් කරවූයේ සෑමාය. ඒ වැරදි චේතනාවකින් නොවේමය. අමල් ලොරි ටෝක්ස් වුනාට වැඩ කන් හැන්දෙන් බව දන්නා නිසාත්, ඇය යනු නරක ඇත්තියක් නොවන නිසාත්, වැඩි භජනයට ආවහොත් අමල් හොද කතන්දර අසා ගන්නා බව දන්නා නිසාමය. ඒත් මුන් දෙන්නා මෙච්චර ලං වූයේ කෙසේද? ඇය කී පරිදි මුණ ගැසෙන්නට සැරසෙන්නේ කොහේදීද?
සෑමාගේ දුරකථනය නාද වූයේය.
අමල් - මචං වැඩේ ගොඩ.
සෑම් -මොන වැඩේද බං?
අමල් - අර කෑල්ල (52ක කාන්තාව මූට කෑල්ල වූ අපූරුව) හම්බුනාම බලා ගමුකෝ කිව්වා. ඇයි දන්නෙ නැහැ බං එක පාරට. ඊයෙත් මට බැන්නා. අද උදේ හම්බවුනාම බලා ගමුලු. :)
සෑම් - එහෙමද? පරිස්සමෙන් හැබැයි.
එදා දහවල කෑම ගනිද්දී කැන්ටිමේදී....
ඇය, සෑමා තව කිහිප දෙනෙක් සිටියෝය. ඇය කෑම දිග හැරියේය. "බලන්න අප්පා අපේ අමල් මට විහිළු කරනවා ෆෝන් එකෙන්. මහ රෑටත් කතා කරනවා. පිස්සු කොල්ලෙක්. ඕක බැන්දම හරි යයි." සෑමාට කන වැටුනේ එපමනක්ය.
ඉන්පසු කැන්ටිමේ දොර ලගින් මතු වූයේ අප ආයතනයේ සිටි අමල්ය. ඔහු දුටුවිට සෑමාට සිහි වුයේ තමාට අමතක වූවත් ආයතනයේද අමල් කෙනෙක් සිටි බවය.
"අහ්.. මිස් තනියම ලන්ච් ගන්නවා වගේ... " අමල් සුපුරුදු පරිදි ඇය දුටු විට කරන්නා වූ විහිළුවක් කලේය.
"ඔව් ඉතිං, මහ රෑට වුණත් මට කෝල් කරලා, කෑවද, බිව්වද, නිදාගන්නෙ නැද්ද, නිදිකරවන්නද අහන්නේ ඔයා විතරනේ..."
අපේ අමල්ගේ සිහි විසඥ්ඥ නොවීම ගැන සෑමා සතුටු වුනේය. ඒ අතර කැන්ටිම පුරා ගලා ගියේ අල, ලූණු හැපුනු දසන් පෙන්නා ඇදුනු සිනාවක්ය.
අමල් එදා සිට විනාසය....
Written by sAm_7.37am_17.07.2012
ඔය වගේ වැඩ කරන්න එපා යකෝ... :)
ReplyDeleteදෙන්නගෙම හැටි මනා අවබෝධයෙන් සිටි නිසාම කලෙමි..
Deleteනැත්තම් නොකරමි..
:)
හපොයි දෙයියනේ.... මේවා භයානක වැඩ බොලව් උක්ත ආඛ්‍යාත පැටලිලා අදාල තැනැත්තිට මොනාහරි උනානම් බඩුම තමයි.
ReplyDeleteඅපොයි නැහැ බං. මට පට්ට සුවර් එකක් තිබ්බා අලාභානියක් නොවන වගට..
Delete:ඩී
අනේ දෙයියනේ...
ReplyDeleteමේ මොකෑ මේ?????
ඇයි අයියෝ !
Deleteහපොයි පව් දෙයියනේ
ReplyDeleteපව් කොල්ලා නේද ?
Deleteනොදෝකින් තෝ
ReplyDeleteමූ කවරෙක්දැයි නුඹ දන්නෙහිය.. :)
Deleteගිණි තියන්න එපා යකෝ ඔවා සෙල්ලං නෙවේ...
ReplyDelete...........තව මදිවට මෙකෙත් පබ්ලිෂ් කළානෙ... :(
පබ්ලිෂ් කලාට අදාල කිසිවෙක් නෙදකී...
Deleteඑසේම මීට වඩා ගේම් දෙන එවුන් මේවා කියන්නේවත් අගවන්නෙවත් නැත්තේමය.
හුදෙක් කිසිදු අවුලක් නොවන බව දන්නා නිසා කලෙමි. එසේම අවුලක් නොවී සිනහවෙන්ම සමතයකට පත් වූ නිසාම ලිවීමි..
ප්‍රහාරකයාට ජය !
// අමල් - සෑමා බඩුවක නම්බර් එකක් දියං කෝ.. //
ReplyDeleteප්‍රශ්නයක් ඇත. දන්න කියන එවුන් කතා කර බඩුවල නම්බර් ඉල්ලන්නෙ සෑම් ළඟ කලෙක්ෂන් එකක්ම තිබෙන නිසා විය හැක. නැත්නම් දෙයියනේ මේ අපෙනුත් ඉල්ලන්න එපෑයෑ. උඹ නවද ඉඳන්ද බං ඒ ජොබ් එක කරන්නෙ. එව්වයින් වෙන වෙන වාසිත් ඇති නේ ද? හෙහ් හෙහ් .....
අඩේ නැහැ මචං...
Deleteසමහර එවුන් මෝල කර වුනාම ඔන්ලයින් ඉන්න දන්නම යාලුවෙක්ගෙන් ක්ෂණිකව ඉල්ලනවා නම්බර්. එහෙම සීන් එකක් මට වුනේ.
ඕනේ නම් හොයලා දෙන්නම් 55ට වැඩි ඒවා..
බඩු පාවිච්චි කරන්නේත් ඩයලොග් වගේ :D
ReplyDeleteඅනාගතය - අදයි නේ..
Deleteසෑමෝ ඔන්න ඔහේ මටත් නම්බරයක් දියන්....
ReplyDeleteහිටු ඩිරෙක්ටරිය බලන්ට..
Deleteහපොයි සැමෝ !!!
ReplyDeleteඋඹට යුතුකමක් තිබ්බා ස්වයංපාපොච්චාරණයකට :)
ඒක එතනින් හිනාවකින් අහවර වෙද්දි මොන පාපොච්චාරණද බං ?
Delete:)
හපොයි සෑමා හෙනම නොසන්ඩාලයෙකි.......
ReplyDeleteඋඹත් දෙන ලණු
ReplyDeleteමාත් ඉතින් ඔය වගේ ඒවා කරලා තියෙනවා :)
ඔය තියෙන්නෙ.....ඔය තියෙන්නෙ........දීකිරට බළල්ලුත් සාක්කිලු... ;)
Delete@සුමියා - මම උඩින් උඹට දිපු රිප්ලයි එක සාධාරනයි නේද ? ;)
Deleteබය නැතුව දැම්මේ කාටවත් කරදර නොවුන නිසා.. :ඩී
සෑමාව කන්ටෑක් කරන්ඩ වටින කොල්ලෙක් නෙව. ඒ උනාට මේකා මොන ගිනි ගෙඩියක් දෙයිද මන්දා !
ReplyDeleteහිකිස්.. උඹේ නම්බරේ තියෙනව මගෙ ලග :ඩී
Deleteබලු වැඩ කරන්ඩ එපා යකෝ... ඔය නීතා බ්ලොග් බලනවනම් සිහි විසඥ වෙන්න්නෙ අමල්ට නෙමේ බොට.
ReplyDeleteඒ මදිවට වේලෙන්ඩත් කලින් ඒක පත්තරෙත් දාලා..
මීට වඩා ගේම් දෙන එවුන් මේවා කියන්නේවත් අගවන්නෙවත් නැත්තේමය.
Deleteහුදෙක් කිසිදු අවුලක් නොවන බව දන්නා නිසා කලෙමි. එසේම අවුලක් නොවී සිනහවෙන්ම සමතයකට පත් වූ නිසාම ලිවීමි..
ජය !
ඔහොම කරන්න එපා සහෝ..මිනිස්සු පව්..
ReplyDeleteදෙන්නගෙම හැටි දන්න නිසා මචං බය නැතුව දුන්නේ. නැත්තම් එහෙම වෙන්නෙ නැහැ.
Deleteජය !
මූ එක්ක කතාකරන්ටත් බයයි මේ කරන වැඩ නිසා. 52 කියන්නෙ උඹේ අම්මගෙ වයසෙ ගැහැනියෙක් නේද බොල?
ReplyDeleteඅපොයි.. පොලිසියෙන් පැන්න වගේ..
Deleteමේ වගේ කරපු එකම එක. ආයෙ කලේ නැහැ.
නැත්තම් වෙනදට මේ වගේ ගේම් දෙන්නේ (කාන්තාවන් සම්බන්ධ නැති ඒවා) කොල්ලන්ටමනේ..
""හුදෙක් කිසිදු අවුලක් නොවන බව දන්නා නිසා කලෙමි. එසේම අවුලක් නොවී සිනහවෙන්ම සමතයකට පත් වූ නිසාම ලිවීමි..""
බලාගෙන අක්කා මූට නම්බර් එක එහෙම දෙන්න එපා.
Deleteසුදීක මමනං ඔය වැරදිලා එන කෝල්වලට කියන්නෙ මම වැඩ කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශෙ කියල. එහෙම කියලත් ආයෙ කතා කොලොත් ඇදුරුට හරි පුතාට හරි කතා කරන්ට දෙනව. ඇදුරු සංවරව නීති පහදල දුන්නට පුතා නං කතා කරපු එකාට අම්මගෙං බීපු කිරි මතක් වෙන්න ම දෙනව.
Deleteඇත්තටම CLI තියෙන නිසා දැං නීතියෙං තදබල දඬුවම් දෙන්ට පුලුවං. ඒක නිසා සෑමො පරිස්සමින්
කවි නම්බර් එක නිසාද මන්දා බය වෙලා :)
Deleteවැඩේ තනිකර වැරදි. කොහොමද ගිනි පත්තු වුනානම්.
ReplyDeleteඒ බං ඒ ඇන්ටි බැඳලද?
මේ මොකෝ මෙයා මේ ඇන්ටි ගැන අහන්නෙ..? :D:D
Deleteඅප්පොච්චියේ උඹ දවසක් කතා කලොත් එපා වෙයි.. :ඩී
Deleteචුට්ටිම අතපසුවීමක් උනාට සෑම් කරල තියෙන්නෙ ලොකු සේවයක්...''ආදරයට වයස ප්‍රශ්නයක් නෑනෙ''(අපේ ආච්චි කිව්වෙ.):D
ReplyDeleteමගෙ අප්පේ සතුටුයි එකෙක් හරි මගෙ පැත්තට හිටියාට :ඩී
Deleteසීයා කෙනෙක්ගේ නම්බර් එකක් ඕනෙද ? ;)
ජය !
ශිකිස් හූ ඈ ,., අයියෝ,., මෙවන් විපතක්,.,සිදුනොවේවා,., :D,.,., ලොක්කා මගෙ බ්ලොගිය වෙනස් කරා ඒකයි සයිලන්ට් වෙලා හිටියේ මෙන්න අලුත් එඩ්රස් එක ඈ ,., http://sudusm.blogspot.com/
ReplyDeleteඇයි බොල එහෙම වෙනස් කරන්නේ. අපරාදෙ..
Deleteකමක් නැහැ මේක ෆලෝවක් දෙන්නම්. ජය හොදේ !
ඒ මම එක බොල ෆලෝවර්ස්ලගෙන්.. :ඩී
Deleteහුටා..............පව් යකෝ අහිංසකයා
ReplyDeleteමරු අහිංසක !
Deleteගෑනු ලමයින්ට නම් මෙහෙම කරන්ට එපා...:)
ReplyDeleteගෑනු ලමයින්ට ???
Deleteවයස 52 ගෑල්ලමයි !
Deleteවැඩේ නං .... අනේ මන්ද බන්.. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ.. හිකිස්..
ReplyDeleteවැරදියි නේද ?
Deleteඅයියෝ පවන්! අහ්හ් නෑ නෑ අයියෝ අමල් :ඩී
ReplyDeleteඅමල්ගෙ මුලකුරුද ඩී ?
Deleteඅප්පේ..මේකත් කරන වැඩ!!!!!!
ReplyDeleteයකො මූව තියන්න වටින්නෑනෙ
ReplyDeleteමේවා නම් ඇස් රතුවෙන විහිළු යාළු..මේ වගේ දේවල් ආයෙ නොකරන් පුළුවන්නම් වටිනවා..
ReplyDeleteඅය්යෝ කොල්ලෝ ඔයත් කරන වැඩ :D
ReplyDeleteඋඹට අනිත් උන් බැනලා තියෙන නිසා මම ආයෙ බනින්නට නොයමි.
ReplyDeleteඅනේ යකෝ කරන වැඩ..:P
ReplyDeleteතුක් වනචරයා :ඩී
ReplyDeleteඅනිත් උන් නොසෑහෙන්න ලස්සන වචනයෙන් බැණ ඇති නිසා මම බනින්නේ නැත..
ඒත් හැමෝම සෑමාගෙන් බඩු වල නම්බර් ඉල්ලන්නේ සෑමා ලඟ බඩු කොලෙක්ෂන් එකක් ඇති නිසා විය යුතුය..
බලාගෙන ගියහම මූද හෙන වටිනා පොරකි (සීයලාට) :D
වෙලාවක උඹ කනවා හොඳ හොටලෙකින්..අපි එඥාං තෙල් බෙත් ටිකකුත් අරගෙන...නෑ වෙදමහත්තයාගේ ටෙලිෆොන් නොම්බරෙ එව්වම ඇතිනේ.
ReplyDeleteපව් යකෝ.. අර අහින්සකයා.... ඌ දැන් රෙදි ඇඳගෙනද ඔෆිස් එන්නේ
ReplyDeleteඒ වුනාට අර ඇන්ටිටත් මොකක් හරි විචිකිච්චාවක් තියෙනවා.
ReplyDeleteඔය වැඩේ නම් පුතෝ එච්චර හොඳ නැහැ.. ඉල්ලන් පරිප්පු කන්න වෙන වැඩක්..
ReplyDeleteකොල්ලෙක්ගේ ලිංගික අවශ්‍යතාවයක් කෙලින්ම කියලත් උඹට ඒක ව්හිළුවක්.උඹට කියුවට වඩා හොදයි අමල් පාරට ගිහින් හචිමක් ඇරියනම්, ප්රෝපෙෂනල් කෑල්ලක් දුවගෙන ඇවිත් වැඩේ ඉටුකරයි. උන් ඒකට ප්රෝපෙෂනල්
ReplyDeleteසෑම් අයියෙ උඹත් අම්මප යස වැඩ නොවැ කරන්නෙ.....කාලෙකින් ආවෙ දිගට එන්නම්...ජය වේවා....!!!
ReplyDeleteමොකෑ වුනේ ?
Deleteඅනේ සෑමෝ මටත් ඔන්න ඔය නම්බර් 2-3 ක් දීපන්කො.උඹට කියන්න මමත් ඕවට නැති උනාට මගේ යාලුවෝ හිටපු ගමන් ඉල්ලනවා බන්.මම දන්නවා උඹත් ඕවට නැති මම වගේ බුවෙක් කියල.කෝකටත් ඉතින් හදිස්සියකට යාලුවෙකුට ඕනි උනොත් නේ....ද.....?
ReplyDeleteදැන් ඇයි ඒ යාලුවා ඔයාටම නම්බර් එකක් එවන්න කිව්වෙ.. සැමා අයියා මරු වැඩ තමා කරන්නෙ..
ReplyDeleteඅයියෝ අසරණ අමල්
ReplyDeleteඩීලිං කරන්න පටන් ගත්තද සෑමා.... අම්බානක කන්න වෙන කේස් එකක් ඕක...
ReplyDeleteමගෙ අම්මෝ ඩීල් නෙවේ බොල !
Deleteඒ මාවත් දාපන්කො බන් අල්ලලා ඔය ඇවිලෙන පිදුරු ගොඩකට...
ReplyDeleteඇවිලෙන්නද හදන්නේ ?
Deleteඇති කොල්ලා ඉතුරු උනා. ඇත්තටම ඌ ඉතුරුද?
ReplyDeleteසෑමාට නම්බර් දී ඇත්තියන් වහාම සිම්පත් මාරුකරගන්න. මොන මරාල ඉදිරියේදී සෙට්වේදැයි කිව නොහැක.
ReplyDeleteහිකිස්... පරිස්සම් වෙයන් කොල්ලා !
Deleteඅඩේ මම කලින් කිවුවා වගේම මූ කරන තරමක් කරන්නෙම අලුකුත්තේරු වැඩ. හිකිස්... බොට පවු හිතෙන් නැද්ද බං ඔය වගේ ගිනි දෙනකොට..ජය....!
ReplyDeleteමාර වැඩේ
ReplyDeleteහරි අසාධාරණයි බොල කෝ මගේ කොමෙන්ටුව.ඕං මං කිවුවා කරුනා...... කරල දාපං ඒක.
ReplyDeleteඋබත් කරන වැඩ ..
ReplyDeleteපරිස්සමින් යකෝ..
මමත් ඔයිට සමාන ජෝක් එකක් කළා එක විහිළුව කරපු එකක් උනත් දුර දිග ගියා වැඩි . අපේ බොසා ව සම්බන්ද කරගෙන කොල්ලෙක්ට කරපු ජෝක් සිං එකක් (බොසා යවන විදියට කොල්ලෙක්ට සෙක්ස් එස් එම් එස් එවලා ) , මටක් වෙනකොටත් බය හිතෙනවා.. පස්සේ තමයි බරපතල කම තේරුනේ (මුට මලපැනල ගිහින් බොස්ගෙන් ඇහුවට පස්සේ )
අභිසාරිකාව.... අම්මෝ මෙයා දන්න දේවල්... පව් හලේ දෙන්නම.... :))))
ReplyDelete52ක් උනත් බැදලා නැත්තම් කෙල්ලෙක් තමයි බොල..
ReplyDeleteහත්තිලව්වයි...සැමා අයියාගෙන් උදව් ලබා ගැනීමට මම තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් තව තවත් සිතමින් සිටිමි..
ReplyDelete