Sunday, July 22, 2012

අඩවි රජුට අභියෝගයක්...

රජවරු නම් අප අනන්තවත් දැක ඇත්තේය. බහුතරයක් රටට වැඩ කළෝය, පිරිසක් බුද්ධාගම වෙනුවෙන් දිවිහිමියෙන් ක්‍රියා කළෝය. සුළුතරයක් ස්ත්‍රී ලෝලීන් බව කිව යුතුය. එකී නොකී රජුන් අතරේ අප නොදුටු රජවරුද සිටින්නේය. එනම් යම රජු සහ දෙව් ලොවේ රජු සක්‍රයාය.

ඒ සියළු රජුන් අතහළ කලෙක අපට වර්ථමානයේ ඉතිරිවන්නේ මොඩර්න් දුටුගැමුණු රජු සහ මහින්ද රජුය. ඒ පිලිබද කතා කරීමට සෑමා අකැමැතිය. ඒ අතර බ්ලොග් ලොවේ අපට ඇති ප්‍රධානතම ගැටළුව බ්ලොග් ලොවට කොහෙනදෝ පාත් වූ රජෙක්ය. “රජෙක් ලියයි භයානකයි“ කියමින් බ්ලොග් අවකාශය නොමග යවන්නේ ඔහුය. තහනම් අඩවියක් ලෙස පවසමින් බ්ලොගට නම් දමා හැමදාම සිකුරාදා රෑ 10ට තහනම් අඩවියකට බ්ලොග් කරුවන් ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරතවන්නේ ඔහුය. විශේෂයෙන් කාන්තා බ්ලොග්කාරිනියන්  ගෙන්වාගෙන තමා අසන ප්‍රශ්න වලින් ඔවුන්ගේ මොලය අන්ද මන්ද කරන්නේ මොහුය.

ඔහු ගැන කීමේදී තෑගි ගෙනෙන ප්‍රශ්නය දෙසට දෙනෙත් යොමු කළ යුතුය. ඔහු ලාංකික විභාග දෙපාර්තුමේන්තුව වැනිය. අහන්නේ සිලබස් එකේ නැති ප්‍රශ්නය. බොහෝවිට සිලබස් එකට අදාලව ඇසුවත් ඒවාට පිළිතුරු පොතේ නැත. පිළිතුර වන්නේ රජුට හිතෙන දෙයය. එය අසාධාරණය. සියල්ල ඒකාධිපති වියරුවෙන් ඔද වැඩී කරන කියා බව සැලකිය යුත්තේමය.

කාලයක් තිස්සේ ඔහුට එරෙහිව නිහඩව සිට අද සෑමා හඩක් නගන්නේය. ඒ සියල්ල තවදුරටත් බලා සිටිය නොහැකිව අභයෝගයක් කරන්නටය. ඔහුට පමණක් නොවේමය. සමස්ථ බ්ලොග් අවකාශයටම මේ අභයෝගය එල්ල වන්නේය. එනම් තෑගි ගෙනෙන ප්‍රශ්නයට එදිරිව / අභියෝග කරමින් සෑමා අද හඩ නගා ප්‍රශ්නයක් අසන්නේය. ඒ අතර මෙවන් “රං ගොජෙක්“ පිළිබද කරුණු කිහිපයක් දැක්විය යුතුය. නැතිනම් සෑමා ඔහුගේ සමාජ විරෝධී ක්‍රියාවලට අත දෙන්නෙක් වනු නොඅනුමානය.

ඔහු යනු වරක් සෙලවු විට ක්ෂණිකව බුබුළු නගින සෝඩා බෝතලයක් වත්, කොනට ගිණිකූරක් තබා රත් කළ විට සූස් ගා උපරිම උඩකට ගොස් ක්ෂණිකව බිම වැටෙන අහස් කූරක්වත් නොවන්නේය. බ්ලොග් අවකාශයට සෑහෙන බලපෑමක් කළ, ඇත්තටම කිවහොත් කවුරුත් සිතා සිටි බ්ලොග් යනු ලිපි ලිවීම පමණක් යැයි සිතා සිටි පිරිසකට නව ක්‍රියාකාරකම් හදුන්වා දුන් රජෙක්ය. තෑගි ප්‍රශ්නය කදිම උදාහරණයක් බව කිව යුතුය. දිනක් සෑමා ඔහුගේ පෝස්ටුවකට කමෙන්ට් කලේ “උඹ වෙනසක් කරන්න පුලුවං එකෙක්“ කියාය. ගතානුගතික සමාජ ක්‍රමයට එදිරිව ගමන් කරද්දී වැදෙන පහරවල් වැදෙමින් ඔහු තවමත් ලියන්නේය. ඒ ඇතිය. මොකද කියවන එවුන්ට අවශ්‍යය එපමනක් නිසාමය.

දැන අභියෝගය -

බ්ලොග් ලොව රං ගොජා අසන එක ගැටළුවකටවත් සෑමාට උත්තර දෙන්නට නොලැබිණි. මෙවර සෑමා ප්‍රශ්නයක් අසන්නේ රජුගෙන් පමණක් නොව සමස්ථ බ්ලොග්කරුවන්ගෙන්ය.

හැමදාම උදේට සරම කරේ තියාගෙන, නැතිනම් නයිට් ඩ්‍රස් එක කරේ තියාගෙන කක්කා දමන්නට ටොයිලට් දුවන දරුවනි. කියහල්ලා බලන්ට ටොයිලට් එකට ගිහින් බහුතරයක් දෙනා ඉස්සෙල්ලාම කරන්නෙ මොකක්ද?

මේවාට තෑගි නොමැත. බ්ලොගට ඔටුනු දමන්නේ නැත. රජුගෙන් පගාවක් ගත්තේ නැත. ඔහු සෑමාගේ සමීප මිතුරෙක්වත්, කතා බහ කරලාවත් නොමැත. එහෙත් අගය කළ යුත්ත අගය කළ යුතුය. එහෙත් මේ ගැටළුවට ඔහු සහ ඔබ මුහුණ දිය යුතුය.

Written_by_sAm_7:11am_22.07.2012

94 comments:

  1. කොමඩ් එකේ පියන අරිනවා :P

    ReplyDelete
    Replies
    1. කොමඩ් නැතුව අර පරන තාලේ ටොයිලට් ගැන හිතන්න අප්පා..

      මට ඒ පොටෝ නැතුව මේක දැම්මේ :(

      Delete
    2. වල කක්කුස්සි කියලා සර්ච් කරන්ඩ !!!
      සිංහල වැල කියලා සර්ච් කලාම වැල ලෝඩ් වෙනවා නම් ඒවත් එන්ඩ එපැයි... :)

      Delete
    3. මධුරයා දන්න දේවල් අප්පේ...

      Delete
  2. ප්‍රශ්න ඇසිමේ රැල්ල....... :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ සෑමා ඒ රැල්ලට නැත :)

      Delete
  3. උත්තරේ දන්නේ නැත........

    ඇයි රජා කාලයක් රාජධානියට හදිසි නීතිය ගෙනැල්ලා කමෙන්ට් ඇපෘවල් දාලා තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම දාන්න අයිතිය තියෙනවා. ඒක ඔහුගේ බ්ලොග !

      Delete
  4. කීන්නද මම?
    හැබැයි තෑගි ඕනෙ ඕනෙ ඕනෙමයි. අලී..
    උත්තරය ...වාඩිවෙනවා...

    ReplyDelete
    Replies
    1. හිකිස් දොල ලගද වාඩිවෙන්නේ..

      Delete
  5. අපොයි සෑම් මොනවද අප්පා මේ අහන ප්‍රශ්න? :(

    ReplyDelete
    Replies
    1. කරන්න හොදයි අහන්න නරකයි :(

      Delete
  6. අයියෝ... මොනාද මේ උදේ පාන්දර අහන ප්‍රශ්න... :((

    ReplyDelete
    Replies
    1. හැමදාම උදේට යනව නේද ?

      Delete
  7. කරන පලවෙනිම දේ තමා හැරෙන එක !!!
    ඇයි යකෝ හැරෙන්නේ නැතුව දොර වහන්නේ කොහොමද... හික්ස් :)

    ඒක නෙමේ මේ සිකුරාදා තෑගි ප්‍රශ්නය තිබ්බේ නෑ නේ ? මොකෑ දන්නේ නෑ.

    ReplyDelete
  8. සරම හරි නයිට් ඩ්‍රෙස් එක හරි උස්සනවා. :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.. වලල්ල වගේ හදාගෙන වැඩේ කරනවද ?

      Delete
  9. ප්‍රශ්නෙට උත්තරේ, ටොයිලට් එකේ දොර වහනව.

    මම නම් කැමති බ්ලොග් එකක් තහනම් අඩවිය. හැමෝම වෙනසකට කැමතියි. ඒ නිසයි තහනම් අඩවියයි, ඒක ලියන පිස්සු පොඩි එකාටයි ගොඩක් අය කැමති.
    ඒක දැක්කම සමහර වෙලාවට තරහ යනව, සමහර වෙලාවට හිනහ යනවා..... ඒත් අන්තිමට බ්ලොග් 1ට කැමතියි

    ReplyDelete
    Replies
    1. රජු බ්ලොග් ලෝකය වෙනස් කළ අයෙක් බව සැබෑමය.

      දොර වහන්න කලින් වැඩක් කරනවා..

      Delete
  10. කාලෙන් කාලෙට එක එක සෙල්ලම්.. හිකිස්..
    "වතුර තියෙනවාද කියල බලනවා.."

    ReplyDelete
  11. සෑමා ඔබ සමග එකඟයි. මුල සිටම මාත් රජුගේ ගමන බලන් සිටියා. මටත් හිතෙන්නේ වෙනසක් කළ හැකි එකෙක් කියාය. ඔහු මුල සිටම ගමන් ගත් මාර්ගයේ යනවාද එය වෙනස්වේ ද යනු කාලයේ ප්‍රශ්නයකි.
    අපි කවුරුත් රජුගේ අඩවියට එන්නේ හිනා වීමටයි. එය බොහෝ සැහැල්ලු මාතෘකා ලස්සනට කතා කරන අඩවියකි.

    ඇයි සෑමා ඔබත් ඒ වගෙයි. වෙනසකට ඇත්තේ විසුලු බසකින් ඔබ සමාජ යතාර්ථයන්ද කතා කරනා එකයි.විශේෂයෙන්ම ඔබ නිභයව යම් මාතෘකා අගේට කතා කරන එක මට නම් හරිම ප්‍රියයි.

    ඔබ දෙදෙනාම සිංහල බ්ලොග් අවකාශයේ කඩයිම් වන බව මම නම් දනිමි. හුදෙක්ම එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ම වනු ඇත.

    ReplyDelete
  12. Replies
    1. හික් හික් හික් හික්...!!

      Delete
  13. කට ඇරලා බඩේ තියන සෙමත් එක්ක හොද කෙල පාරක් ගහන එක.....

    ReplyDelete
  14. හොඳට කාරලා කෙල පාරක් ගහනවා....ඊයා..... :p

    ReplyDelete
  15. කවුරුහරි ඇතුලෙ ඉන්නෙ බලනවා

    ReplyDelete
  16. බහුතරයේ ගැන නම් කියන්න දන්නේ නැහැ. මම නම් ඉස්සර වෙලාම කරන්නේ ජල සැපයුම පරීක්ෂා කිරීම.. පෙර අත්දැකීම් නිසා තමයි එහෙම පුරුදු වුනේ.

    ReplyDelete
  17. toilet එකේ දොර වහන එක.

    ReplyDelete
  18. රන්ගොජා ට ජයවේව!!!

    හැබැටම මොනවද අප්පා ඉස්සෙල්ලම කොරන්නේ...
    ටැප් ඒක අරිනව...

    ReplyDelete
  19. හෙහ් හෙහ් .... අඩවි රජා මාර මාකට් නේ මේ දවස්වල. ඌ වෙනුවෙන් දැන් කීදෙනෙක් පෝස්ට් ලිව්වද? කාටද ආඩම්බර ආඃ ........ (අපි මෙච්චර ඌ ගැන කතා කරද්දි ඒ යකා මේ දවස්වල කොහේ ගිහින් ද මන්ද)

    අර ප්‍රශ්නෙට මගේ හිතේ බුද්ධිටයි, දුමී අයියටයි උත්තර දෙන්ට බැරි වෙයි. ඒ දෙන්න රෑට සරම් අඳින්නෑළු, ෂෝට කරේ තියන් කියල ප්‍රශ්නෙ සංශෝධනය වෙන්ට ඕනෑ.

    ReplyDelete
  20. ඇය් බං අර ...අන්දරේගෙ ප්‍රශ්ණයක්නෙ....!
    චූ කරන එක තමා...

    ReplyDelete
  21. මොකක්ද බන් මේ අටමගලෙ ? මට මීටර් උනේ නෑ තාම..

    ReplyDelete
  22. ටොයිලට් එකේ දොර වහල ඉන්නවා...

    (ගෙදර ඉන්නෙ මං විතරනම් ඒක කෙරෙන්නෙ නෑ ඉතිං... ;) )

    ReplyDelete
  23. මම නං කරන්නෙ දොර වහන්න අනිත් පැත්ත හැරෙනව! :)(දැං කියන්න එපා දොරවල් නැති තැනක කියල. මම යන්නෙ දොරවල් තියන එකකට :))

    ReplyDelete
  24. මෙන්න මූ අදහස් වාරණය කරනව. බය නැත්තං කෙලිං වරෙන්.......ඩෝ......

    ReplyDelete
  25. මුලිංම කක්කුස්සියේ දොර හොදින් වැසිය යුතුය..
    (විශේෂයෙන් සෑමා හෝ රංගොජා ලග සිටී නම්)

    ReplyDelete
  26. ටොයිලට් එකේ දොර අරිනව

    ReplyDelete
  27. ටොයිලට් එකේ දොර අරිනව

    ReplyDelete
  28. ඔක්කොටම කලින් කක්කුස්සියේ දොර අරින්න එපායැ.... එහෙම නැත්තම් ඇරපු දොර වහන්න එපායැ

    ReplyDelete
  29. කතාව නම් සිරාවට ඇත්ත ඈ....

    ටොයිලට් එකට ගිහාම ඉතින් හැම එකාම කරන්නේ දොර වහගන්න එකනේ සැමා අයියේ...මම මේ කල්පනා කලේ මම ඊට කලින් තව මොනවා හරි කරනවද කියලා...යන්න කලින්නම් සෑහෙන ඒවා කරනවා..ඒත් ගිය ගමන්ම කරන්නෙ ඕකනේ අෆ්ෆා...

    ReplyDelete
  30. :) :) තව ටිකක් හිතලම කිව්වොත් හොඳයි වගේ..නැත්තම් Errrrrrrrrrrrrrrrrrrrr මොනවා කියයිද මන්ද මමත් :ඩ් :)

    ReplyDelete
  31. ඉස්සරවෙලාම කරන දේ ඒ එක් එක් අය අනුව වෙනස් වේ..ඔබ තුමා කුමක් කරන්නෙහිද? මා නම් තවත් මිනිත්තු 5 ක් පමන කොමඩ් එක උඩ නිදා ගනිමි..:D:D:D:D

    ReplyDelete
  32. මම මොකුත් නොකියමි....... :)
    මන්ද මම දන්නේ නැත.

    සමහර විට වතුර බාල්දියක් ගසනවා විය හැක... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  33. තියන ප්‍රශ්ණ මදිවට.. තව ප්‍රශ්ණ...

    මේ වැඩක් නැත්තම් ගහක් යටට වෙලා සිතූ කුසූ කතාවත් ලියපන්... :-)

    ReplyDelete
  34. හඩේ අප්පේ මං බය වුනා ආයෙම ගුටි කෙලියක් වගේ වචන කෙලියක්වත් යනවද කියල.. නෑනේ එහෙම නෙමෙයිනේ.

    ඉස්සෙල්ලම කරන්නේ දොර වාහන එක ටොයිලට් එකේ !!!

    ReplyDelete
  35. කලින් ගියපු කෙනා හරියට වතුර පිරිසිදු කරලද කියල බලන එක නේ.

    අරුට වල් රජා කියලත් කියනවා නේද?

    ReplyDelete
  36. ඔන්න කුජීත රජෝ දීපන්කො උත්තර ....:D

    ReplyDelete
  37. හැක..හැක..

    එක හරකෙක් තප්පුලනකොට අනිකා නගුට වන වනා තප්පුලනවා වගේ!

    අහෝ බ්ලොග් අවකාශය!

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් ටිකක් ඇත්ත කතාවක් වගේ :D
      ටිකක් නෙවේ ගොඩක් ද මන්දා

      Delete
  38. තටමනව බොල තටමනව. :D

    ReplyDelete
  39. ඉස්සෙල්ලම කරන්නේ අනිත් පැත්තට හැරෙන එක
    මට තෑගී එපා උඹ රජාට කඩේ යන්නත් එපා :D

    ReplyDelete
  40. අරූගේ ඒවට උත්තර දෙන්නත් බෑ.. දැන් මූත් අහනවා...

    ReplyDelete
  41. උඹ කියන නිසා මම මේක කරලම බැලුවා. දොර වහගන්න එක.
    henryblogwalker the Dude

    ReplyDelete
  42. ඉතින් දැන් කියපල්ලකො මේවට උත්තර....... අර මොකක්ද පුද්ගලිකත්වයද මොකක්ද එක කෙලෙසෙන්නේ නැද්ද බන් මේවාගෙන්................ :D

    ReplyDelete
  43. ලයිට් එක දානවා උදේ වුනත් එහෙම තමයි :ඩී

    ReplyDelete
  44. කණ්නාඩියෙන් මුන බලනවා.. :D

    ReplyDelete
  45. මොනවද මේ අහන ප්‍රශ්න? දැන් ඉතින් ඕනි නැති තැන්වලදි ඔයාව මතක් වෙනවනේ. :D:D:D
    'තහනම් අඩවිය'ට අපි නම් කැමතී....:)

    ReplyDelete
  46. දොර වහගන්න එක තමා මමනම් කරන්නෙ.වෙන මොකක් කරන්නද??

    ReplyDelete
  47. අනිත් පැත්ත හැරෙනවා.

    ReplyDelete
  48. රජාගේ එක ප්‍රශ්නෙකට උත්තර දීලා මමත් යාන්තං දිනුවා, ඇත්ත තමා ඒකා අහන ඒවට උත්තර දන්නෙත් ඒකම තමා දැන් ඒ පාර මෙයත් පටන් අරන්,මට හිතෙන්නෙත් ඉස්සෙල්ලම කරන්නෙ ටොයිලට් එකේ දොර වහන එක තමා

    ReplyDelete
  49. කෝ බොල මම ඊයෙ දාපු කොමෙන්ට් එක,,,,

    මෙන්න උත්තරේ නැවතත් .. හැරෙනවා

    ReplyDelete
  50. ඉස්සෙල්ලම කරන්නෙ කොමඩ් එකදිහා බලලා පස්ස වලට ඉලක්ක කරන එක

    ReplyDelete
  51. වෙලාවේ හැටියට තමයි එක තීරණේ වෙන්නේ..

    ReplyDelete
  52. වටයක් කැරකෙනවා....

    මන් හලිද ?

    ReplyDelete
  53. දොර වහගන්න එපැයි.වල් රජා එහෙම ළඟ පාතක හිටියොත් කාට කියන්නද..

    ReplyDelete
  54. අනික් පැත්ත ඇරිලා ඉදගන්නවා........

    ReplyDelete
  55. මගේ කොමන්ට් එක හරි ඒකනේ පබ්ලිෂ් කරලා නැත්තේ? :)

    ReplyDelete
  56. ඉස් ඉස්සෙල්ලම දොර වහගන්නවා....

    ReplyDelete
  57. මේක රාජකීය ප්‍රශ්නයකි. දැනට එපමණයි.

    ReplyDelete
  58. කොහොමද ආත්ල් එක

    ReplyDelete
  59. ඇත්තට මන් දාපු කොමෙන්ට් එකත් නෑ

    ReplyDelete
  60. වටයක් කැරකෙනවා

    හි හී

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බල්ලෝ බළල්ලු වගේද??

      Delete
  61. ඒ කාලේ හිටපු සොඳුරු බ්ලොග් රචකයෙක්ගේ ලිපියල් උපුටා දක්වන්නට අවසර

    http://www.dubaiwattakka.blogspot.com/2010/07/blog-post_24.html

    ReplyDelete
  62. මම නම් ජිවිතෙට උදේට කොමඩ් එකට ගිහින් නෑ පුරුදු මල් පදුර ලගට තමා යන්නෙ එක හින්දා උත්තරයක් දෙන්ට බෑ

    ReplyDelete
  63. අණ්ඩර ප්‍රශ්නයක් බං!! මං නං ගොඩක් දේවල් කරනවා! අද ඉස්සෙල්ලම කරන එක නෙමෙයි හෙට ඉස්සෙලම කරන්නෙ!!

    ReplyDelete
  64. ෆෝන්එක සයිලන්ස් මෝඩ් දාන එක තමා ඉතිං.....තව තව ඒවා ඊට පසසේ දානවා

    ReplyDelete
  65. kela parak gahala, watura ekak gahanawa

    ReplyDelete
  66. නහය වහ ගන්නවා.

    වැරදි නම් මට 50 50/ ආස්ක් දි ඕඩියන්ස් ඕර් ෆෝන් අ ෆ්‍රෙන්ඩ් අවස්ථාව ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කෝල් අ ෆෙන්ඩ් අරන් මට කතා කොරන්ට :)

      Delete
  67. මට හිතා ගන්න බෑ අප්පා... කොමඩ් එකකුත් නෙමෙයිලු නෙ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. උත්තෙර් ඊලග පෝස්ට් එකේ ඇති බොල :)

      Delete
  68. උදේම නමි ඉතින් ඈනුමක් අරිනවා ගියපු ගමන්ම!

    ReplyDelete
  69. දොර අරිනවා...කයිසම ගලවනවා..ඉද ගන්නවා..රෙනවා..වෙන මොනාද ඈ..වෙලා තිබුනොත් හොද ගන්නවා :D

    ReplyDelete
  70. කුටීරෙ හොඳ තත්ත්වෙ තියෙනවද බලනව... :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...