Monday, July 2, 2012

දුරකථන නිසා කුණුහරප අසා ඇත්ද ?


2009 වසර අග භාගයේ සෑමා ඇගළුම් ආයතනයක ෆැක්ටරි මැනේජර් ලග වැඩ කලේය. ඒ ඔහුගේ කෝඩිනේටර් ලෙසය. හතර දිග් භාගයෙන් එන ගැටළු වලට පිළිතුරු දීමට, සෑමට සිදුව තිබින. ඒ අතර මැනේජර් උතුමාගේ සද්දය ඉවසා සිටීම තවත් රාජකාරියක් විය. සෑම සදුදා දිනකම ෆැක්ටරි‍යේ ලයින් වල සිටින ලීඩර්වරියන්, සුපවයිසර්වරියන් ‍කැදවා පාන්දර සතියකට සෑහෙන්නට කුණු හබ්බ වලින් බනින්නේය. ඒවා අසා සිටීමට සෑමාටද සිදු වූයේ එහා පැත්තේ සීට් එකේ සිටි බැවින්ය. ඒ වගේම අප සිටි රෑම් එකේ ටෙලි ෆෝන් ඔපරේටර්වරියන් දෙදෙනෙකු සිටියාය. ඇයලා නම් ඒ කුණු හබ්බ වලට පදම් වී සිටියහ. මොනවා වුනත් ලයින් එකේ එවුන්ට බනින කොට මැනේජර් ගේ කටින් පනින කුණු හබ්බ වලට පට්ට හිනාය.

විටක විධායක නිලධාරීන්ට අත් වූයේ පාසැල් වල පවතින දඩුවම්ය. ජෝර්දානයේ වර්ක් ස්ටඩී කොට ලංකාවට පැමිණ අප ආයතනයට පැමිණි බන්ඩාර ඒ තාඩන පීඩන වලට ලක් වූවෙකි. දිනක් ඔහු ප්‍රමාද වී පැමිණ ගේට්ටුවෙන් එලියේ කොස් ගස යට සිටවා තබන්නට අප මැනේජර් උතුමා සමත් විය. ඔහු සහ අප සිටි ඔපීස් රෑම් එකට ගේට් එක පෙනෙනවාය. අප උඩ සිට බලා හිදිමින් බණ්ඩාරයා කොස් ගහ යට ගත කල විනෝදාත්මක පැය බලා සිටියෙමු.

එවන් තවත් සැපක් ගත්තේ ඒ ආයතනයේ නර්ස් අක්කාය. අක්කා කිව්වාට ඇය බදන්නට බැරි තරම් තරබාරු ඇන්ටී කෙනෙක්ය. සුජාතා නම් වූ ඇයද දිනක් ප්‍රමාදව පැමිණ ගාඩ් රූම් එකෙන් ඇතුලට එන්නට නොදෙන නිසා ඇය මැනේජර් දුරකථනයෙන් ඇමතුවාය.

"සර් බලන්න මට ගාඩ් රූම් එකෙන් ඇතුලට එන්න දෙන්නෙ නැහැ. විනාඩි 10ක් පරක්කුයි කියලා"

"ඔව් මම තමා ගන්න එපා කිව්වේ. දැන් ගෙදර යනවා. හෙට එනවා. හැමෝටම නීති එකයි"

පහල සිදුවන සියල්ල උඩ සිටින් මැනේජර් ඇතුලු අපට පෙනෙන්නේය. ඇය ආපිට යනු අප බලා සිටියෙමු. පැය කාලයක් යන්නට මත්තෙන් ඇය නැවත කතා කලේ අප ඇසිස්ටන් මැනේජර් ජයමාන්නටය. ජයේ නම් පට්ට ඩයල් එකක්ය. පොර ෆැක්ට්රි මැනේජර්ගෙන් කොපමණ කුනු හබ්බ ඇසුවද අතට අසුවෙන බොරු දමා ගසා බේරෙන්නේය. ඒ සුළු කාලයකට පමනක් හෝ තුටින් සිටීමටය.

"බලන්න ජයමාන්න සර්.. සර් මට යන්න කිව්වනේ.." කියමින් සුජාතා වැලපෙන්නට පටන් ගෙන ඇත.

"ඔව් මම දන්නවා. සර්ත් මෙතන ඉන්නවා. දැන් මොකද මට කරන්න කියන්නේ..."

"මට ගෙදර ඇතුලට යන්න විදිහක් නැහැ සර්. ගෙදර කට්ටිය කොහෙද ගිහින්.. යතුරත් නැහැ. සර් කතා කරල මොනව හරි කරන්න..." සුජාතා වැලපෙන්නට විය.

"හරි ඉන්න මම සර්ට කතා කරන කල්.." ඒ ජයේය.

ජයේ මැනේජර්ගේ සිත උනුවන ආකාරයට සියල්ල පහදා දුන්නේය. මැනේජර්ගේ අනුකම්පාව මත සුජාතා නැවත කැදවීය.

"හරි හරි සුජාතා ගේ ඇතුලට යන්න බැරිනම් ඔපීස් එන්න. සර් හා කිව්වා.."  ඒ ජයේය.

"ජයමාන්න, සුජාතා කතාකලේ හෑන්ඩ් ‍ෆෝන් එකෙන්ද ?" මැනේජර් ජයේ අමතා ඇසීය.

"ඉන්න සර් බලන්න... හ්ම්.. නැහැ සර් 0112**** ලෑන්ඩ් නම්බර් එකකින්."

"ඈ යකෝ ගෙදර මිනිස්සු යන්න බැහැ කියල ඇතුලට යන්න බැහැ කියපු ගෑණි කෝමද ගෙදර නම්බර් එකෙන් ගන්නේ??? හිටු ඕකි ඇතුලට එනකල්..." ටෙලිෆෝන් ඔපරේටර් ලවා අංකය පරීක්ෂා කරවූ මැනේජර්ට මල පැන්නේය.

"හෙලෝ ගාඩ් රූම්, සුජාතා ආවහම ඇතුලට අරන් මෙහාට එවනවා..." ඒ මල පැන්න මැනේජර් උතුමාය.

මොහොතින් "ගුඩ් මෝර්නිං සර්.." කියාගෙන සුජාතා ඇතුලට රිංගුවාය.

"තමුසෙ එනවද ඕයි නර්ස් වෙලා මට ඉන්ජෙක්සන් ගහන්න. ගහ ගන්න එකක් ගහ ගන්නවා තමුසෙගෙ පස්ස පැත්තේ... "

"ඇයි සර්.. මට ගෙදර ඇතුලට යන්න විදිහක් තිබ්බෙ නැහැ. ඒකයි මම ලග තිබ්බ කමියුනිකේෂන් එකෙන් කෝල් කරල ඇහුවේ ආයෙ ඔපීස් එන්නද කියලා" සුජාතා පැහැදිලි කලාය.

"අනේ මේ මගෙන් අහගන්නෙ නැතුව ඉන්නව හලෝ.. තමුසෙගෙ ගෙදර කමියුනිකේෂන් එකකුත් දාලද ඔපීස් එකට ඇවිත් හැරිල යන ටිකට ?"

තවත් කුණුහරප වැලක් සමග සුජාතා පජාත වූවාය. වචනයක්වත් නොදොඩා ඇය නික්ම ගියේ කිසිදාක ප්‍රමාද නොවන මානසිකත්වයෙන් විය යුතුය.

ඒ අතර අප කටින් (කැපුම් අංශයේ) දුමින්ද නම් පොරක් සිටියේය. පොර මලින්ද මාමා අදහන බුවෙක්ය. උදේ හවා මල් තියා වදින්නේය. පොර හැමදාම කැන්ටින් එක පාර්ලිමේන්තුවක් කරන්නේය. පොර සිටින වෙලාවට අප කැන්ටිමට යන්නේ ‍පට්ට තරහින්ය. ඒ පක්ෂ භේදය නිසා නොව පොරගේ අතිශෝක්ති කතා ඇසිමට පිලිකුල් කළ නිසාමය.

අපට ලැබෙන කෑම පාර්සල් වල නම් ගසා කැන්ටින් එකේ මේසයක් තම තබා තිබෙන්නේය. ඒ අතර දිනක් අප ආයතනයේ සිටි චන්ද්‍රිකා අක්කාට නියම කෑම පාර්සලයක් හිමි වූවාය. එය සෑමා දුටු තැන තම ෆෝන් එකේ කාච ගත කලේ මලින්ද මාමාගේ පොටෝ එකක් උඩින් 'චන්ද්‍රිකා' ලෙස සටහන්ව තිබීම අපේ එවුන්ටද ආතල් එකක් වු නිසාය.


දුමින්ද කෑම ගන්නා අතර මලින්ද මාමාගේ ගුණ කීම අපේ මැනේජර්ට හොදටම නෝට්ය. ඒ මැනේජර්ද කෑම ගන්නේ ඒ වෙලාවේම එහා පැත්තේ ඔහුටම වෙන්වූ කොටසක බැවින්ය. මලින්ද මාමාගේ ගුණ වර්ණනා මතක තබා ගන්නා මැනේජර් දුමින්දට රිප්ලයි එක දෙන්නේ සදුදා උදේ මීටින් එකේදීය. එය අපට ඊටත් වඩා ආතල්ය.

දුමින්ද මැනේජර්ට නොදන්වා සතියක් පමණ සේවයට වාර්ථා නොකළේය. මැනේජර්ට මල ඩබල් වූයේ දුමින්දගේ පොලිටිකල් කතා නිසාත්, පොර නොපැමිණියේ මැතිවරණ කාල සීමාවක නිසාය. එසේම දුමියාගෙන් කෝල් එකක් වත් නොමැති වූ නිසා මැනේජර්ට තවත් තද වීය. "ෂුවර් එකටම ඕක මහ එකාට කඩේ ගිහින් ඇති" කියමින් මැනේජර් තුමා කියමින් සිටියේය.

දිනක් හදිසියේ අප ඔපීසිය තුලින් මතු වූයේ දුමින්දය.

"කොහෙද අයිසේ තමුසෙ හිටියේ..." මැනේජර් සියළු මල දුමියා පිටින් යැව්වේය.

"මාර වැඩේ සර්... මට සනීප නැතුව හිටියා.. උණ ගැනිලා.. බ්ලඩ් චෙක් කරල.. ඇදට වෙලා හිටියේ.." දුමියා සුපුරුදු වාග් මාලාව දැම්මේය.

"හරි හලෝ.. කෝල් එකක්වත් දීල කියන්න බැරිද තමුසෙට??"

"කොහෙ කෝල් කරන්නද සර්.. ගෙදර පෝන් එක කපලා.." ඒ දුමියාය.

"කෝ එ‍තකොට තමුසෙ අහුමුලුවලට වෙලා මැච් බලන ෆෝන් එක?" මැනේජර් ඇහුවේ දුමියා සතු චයිනීස් ටීවී පෝන් එක ගැනය.

"අයියෝ සර් ඒක කැඩිලා.. හදන්න දීල තියෙන්නෙ. පොඩි එකා ඔබල ඔබල කොහොම හරි ඒකත් කැඩුවා.."

"අනේ මන්ද අයිසෙ තමුසෙලට කියන්න කතන්දර ඕනෙ තරම්.." ඒ අවසන අසරණ වු  මැනේජර්ය.

සියළු ප්‍රශ්න අහවර වී දුමින්ද සිනාසුනේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පට්ටමක් ලද කිසිදා නොදිනන මන්ත්‍රීතුමෙක් ලෙසිනි. ඒ සිනහව වියැකුනේ පොරගේ සාක්කුවේ රැදි ‍හෑන්ඩ් ෆෝන් එක නාද වීම නිසාය. දුමින්දගේ අත සාක්කුවට රිංගද්දී මැනේජර් දුමින්ද දෙසට නෙත් යොමා ඇසුවේ..

"එතකොට ඔය කෑගහන්නේ තමුසෙගෙ ප* ද හලෝ..."

Written by_sAm_3.05_02.07.2012

කලින් සිටි ඔපීසියක රසවත් සිදුවීම් ලිවීමට බිම මට්ටම් කළා පමණි. හදුනාගත් චරිත ඇසුරින් හොදම හරිය ඉදිරියට.

113 comments:

  1. ඇම්ඩන්ලා ඉන්න තැන්වලට මේ වගේ මැනේජර්ලා තමා හරියන්නේ :D

    ReplyDelete
    Replies
    1. අපි වගේ ඇම්ඩලා ඉන්න බ්ලොග් වලට එතකොට ?

      Delete
  2. බොලාගෙ මැනා ආතල් බුවෙක්නේ බං........
    කතාටික මරු... අපේ එකෙකුත් ලෑන්ඩ් ලයින් එකෙන් කථා කරල කිව්ව මම මේ බස් එකේ එනගමන් පොඩ්දක් හිටහන් ටක් ගාල එනවා කියලා...

    ReplyDelete
    Replies
    1. අඩේ සි/ඩී/ඇම්/ඒ එකක්ද බං ?

      Delete
    2. පිස්සුද බං ඒ කාලේ සී ඩී ඇම් නෑ

      Delete
    3. සී ඩී ඇම් කිව්වම මතක්වුනේ 2009 ආණ්ඩුව සී ඩී ඇම් ඒ ෆෝන් එහෙ මෙහෙ ගෙනියන්න තහනම් කළා නේ. ඔය කතන්දරේ යන දවස් වල මම අනුරාධපුරේ යන බස් එකක ඉද්දි එකපාර හෙන සද්දෙට ෆෝන් එකක් රිං වෙන්න ගත්තා. පොඩ්ඩක් බලද්දී ගෑනු කෙනෙක් සී ඩී ඇම් ඒ එකක් අදිනවා හෑන්ඩ් බෑග් එකෙන්. ඇදලා බස් එක දෙක වෙන්න සද්දෙන් කියනවා මම මේ ගෙදර ඕයි ඉන්නේ. තමුසේ හිතන්නේ මම කොහේ යනවයි කියලද?!!!

      Delete
  3. බොරුව අතේ මාට්ටු නේද??????
    ජය වේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මාට්ටු වෙන්න දෙයක් නැහැ මචං.. අපේ එවුන්ගේ ජීවිතේම බොරුවක් !!

      Delete
  4. ආතල් කෝටියයි බං

    ReplyDelete
    Replies
    1. කෝටියට 1ක් වැඩියෙන් මචං !

      Delete
  5. මෙයා මගේත් මැනිජර් ද කොහෙද? නම පටන් ගන්නේ "කෝ" යන්නේද?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මෙයා “ක්‍රී“

      Delete
  6. මලසේක!! මේ වගේම වැඩක් අපේ පිස්සටත් වෙලා තිබුනා ලංකාවේ ඉන්න කාලේ. නියම බුවෙක්නෙ මැනේජරයා. හැබැයි මේ වගේ පොරවල කවද හරි කනවා පොඩි එකෙක්ගෙන්. ඒක නම් ෂුවර්මයි.

    ReplyDelete
    Replies
    1. හිතහොද පිස්සටද බොල?

      කනවා නෙවේ මචං... පිහියෙනුත් ඇනලා එකෙක් දවසක් පැනල ගියා... :ඩී

      Delete
  7. මැනේජ්මන්ට් තියරි වල මොනවා කිව්වත්, අපේ සමහර අය වැඩ කරවන්න කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරන්න වෙනවා තමයි.

    සැමා මැනේජර් වුනහම (දැනටත් එහෙමද ? :) )කුණුහරුප වචනයෙන් නතර වෙන්නේ නැතිව ක්‍රියාවෙනුත් කරල පෙන්නයි.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් බං ඔය ක්ෂේත්‍රයේ කුණු හබ්බ නැතුව බැරි එවුන් ඉන්නවා.

      * සෑමා දැන් මැනේජර නොවේය. :)

      Delete
  8. මැනේජර් නම් එළකිරි බුවෙක් වගේ...!!

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න එපා මචං :ඩී

      Delete
  9. එල කතා සෙට්එක සෑමෝ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ හිටියලු ලොක්කෙක්. කොච්චර සැරද කියනව නං ගෑණු උදවියට පවා ගහනවලු.

    ReplyDelete
    Replies
    1. එහෙම එවුන් ඉන්නවා මචං. හැබැයි දැන් ඒ විදිහෙ එවුන් අඩුයි මම හිතන්නේ..

      කොහොමද බං ගෑනුන්ට ගහන්නේ ඔපීසියක් ඇතුලේ ?

      Delete
  10. මැනේජරයා පට්ට බුවෙක් නෙව !
    ඔහොම කට්ටිය ඉන්නකොට බොසාත් අණ්ඩපාලයෙක් වෙන එක අහන්නත් දෙයක් දෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඒක අණ්ඩපාල ලන්තයක් මචං. නැතුව ජීවත් වෙන්න බැහැනේ..

      හරියට උඹත් එක්ක අපි බ්ලොග් ලියනව වගේ :පී

      ජය හොදේ !

      Delete
  11. සෙට් කරගන්නවනං අන්න මැනේජර්...
    මොනා උනත් මැනේජර් තැන සෑමට දාපු ටෝක් වාරණය කරලා දාපු එකනං කැතයි ඈ..

    ReplyDelete
    Replies
    1. හිකිස්... පොර මාත් එක්ක ෆිට් එකක් තිබ්බා. ඉදල හිටල චොප්ප කතා කිව්වට, එහා පැත්තෙ හිටපු එකා නිසා දුක හිතිල වැඩි දේවල් කියන්න නැතුව ඇති.

      //සෑමට දාපු ටෝක් වාරණය කරලා දාපු එකනං කැතයි ඈ..//
      සිරා ප්‍රහාරයක්.. :)


      ජය !

      Delete
  12. ඔහොමත් බනිනවද අප්පා...වැඩ කරන අයට එපා වෙන් නැද්ද ඔහොම කතා අහද්දි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මට කාලයක් ඔපීස් යන්න එපා වෙලා තිබ්බේ වෙන එවුන්ට කියන කුනුහබ්බ අහන් ඉන්න බැරුව ,

      Delete
  13. මොනා වුනත් මැනේජර් උතුමා නියමයි... :)

    __සිහින මදාරා___

    ReplyDelete
  14. මාර මැනේජර් කෙනෙක්නෙ බොලේ......:D

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයිට වඩා සීන් තියෙනවා අප්පා !

      :)

      Delete
  15. මානසික අසහනකාරයෝ ඉන්නවා තමා ඔහොම!

    ReplyDelete
  16. කතා ටික නම් පට්ට...

    ReplyDelete
  17. මගෙ කිරි අප්පොච්චියේ,., මාර මැනේජර් ,.,ඌටම හරියන ,., සේවකයෝ ටික ඈ

    ReplyDelete
    Replies
    1. සේවකයෝ කිව්වේ අපිද ආ ??

      Delete
    2. නැතුව අපියෑ ... ඒවා රෙකොර්ඩ් කරන ඇවිල්ල මෙහෙ කියනවා සැමා ට රෙකොදර්ගේ පට්ටම දුන්නන් එල

      Delete
  18. කුරුලු හමුදාවේ ඕවා සාමාන්‍ය දේවල්.... ඇඩෙනවා! ඒත් පස්සෙ මතක් කරලා හිනාඋනෑකි...

    ReplyDelete
    Replies
    1. සිරාවට මතක් වෙද්දි හිනා යනවා :)

      Delete
  19. මැනෙජර් කමට හරියට එනවනම් පල්ලෙහා ඉඳලා එන්න ඕනෙ එතකොට දන්නවා කනෙන්න් රින්ගන්න එන්නෙ මොකාද කියලා ...

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. අපේ පොරත් යට ඉදලා ආපු බුවෙක් තමා මචං..

      Delete
  20. අදහන්න වටින මැනේජර්වරු

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් මල් තියල වැන්දේ..

      Delete
  21. // වගේම අප සිටි රෑම් එකේ // රෑම් ද? රූම් ද?

    ගාමන්ට් පැත්තේ ලොක්කෝ සාමාන්යෙන් කතා කරන්නේ ඒ විදියට ඊට උඩින් ඉන්න ලොක්කෝ ඒ ලොක්කොන්ට කතා කරන්නෙත් ඒ විදියට. ඒ සම්බන්ද ආයතනයක මම වැඩ කරද්දී දැක්කා හරියට ආහාර දාමයක් වගේ. අන්තිමේදී කේන්තිය පිට වෙන්නේ ආවසාන පුරුක වෙන මහන අහිංසක කෙල්ල ගෙන්.

    ReplyDelete
    Replies
    1. ;අන්තිමේදී කේන්තිය පිට වෙන්නේ ආවසාන පුරුක වෙන මහන අහිංසක කෙල්ල ගෙන්.;;
      අසාර්ට,පහක්..සහතිකඇත්ත

      Delete
    2. සෑමට ඒ කාලෙ ඉඳලා රැම් එකේ පොඩි අවුලක් තිබුනා :-)

      Delete
    3. අසරණයාගේ කතාව පට්ට පල් ඇත්තය.

      Delete
  22. මෙහෙම මැනේජර්ස්ලා ලබන්න පින් කරන්න ඕනිද කොහෙද? හිකි හිකි :D

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ නැතුව නැතුව

      Delete
  23. තවම හිනා...
    ඔය වගේ තැන් වල ඔව්වා සාමාන්‍යයි. නොටියත් කැම්පස් අවුට් වෙච්චා ගමන් ට්‍රේනින් සෙට් උනා මාසයක් විතර ගාමන්ට් ෆැක්ටරි එකක IT Administrator විදියට, එතන වැඩ කරන උන්ට බනින විදිය ඇහෙනකොට තුහ් නිද්දකින් කියලා හිතෙනවා...
    ඒත් ඉතින් ඉන්න ඇම්ඩන් ඩයල් වලට එහෙම නොකියත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඩේලි ඇහෙන්නේ කුනු හබ්බ. ඒත් උන්ට ගානක් නැහැ. ඒ වැරැද්ද ආයෙ ආයෙ කරනවා.

      Delete
  24. උඹත් ඔච්චර ඇට්ටර උනේ ඌගාව වැඩකරලද කොහෙද දැන් අහන්ඩ එපා ඇට්ටර කියල කියන්නේ මොකද්ද කියලා හික්ස් මොනා උනත් අර මැනේජර් උන්නැහේ නිසා කොම්පැනිය ලාබලබන්ට ඇති නේද....

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මචං පොර ඇට්ටර වෙන්න පුරුදු වෙන්න ඇත්තෙ අපේ එවුන් නිසාමයි..

      කොම්පැනියට ලාභ කියන්නේ ඉහටත් උඩින්. පොරගේ කොස්ට්-කටින් පාරවල් මරු..

      Delete
  25. බිබිලි නගින බෙලි කටු. ඔය ප්‍රසිද්ධියෙ හතරැස් වචන පාවිච්චිකරන එවුන් මට පේන්න බෑ. විශේෂයෙන් තවත් කෙනෙක්ට අපහාස කරන්න, බනින්න කුණුහරුප කියන එව්වො. මම නම් මූනට දෙකක් ඇනල ගෙදර යනව, රස්සාවක් නැත්නම් හිඟා කනව ඊට නම්බුයි. උඹට එපා වුනේ නැත්ද බං, ජොලියට උනත් හැමදාම කුණුහරුප අහන්න පුළුවනෑ.

    ReplyDelete
    Replies
    1. මේ මැනේජරයා තියන්න වටින එකෙක් නෙවෙයි. මූ ඉන්න ඕනෙ එක්කො පිස්සං කො‍ටුවක. නැත්තං මී හරක් බලන්න. හැබැයි කොයි වෙලේ හරි කනවා කතා කරන්න ඉගෙනගන්න.
      DDTත් එක්ක සීයට සීයක් එකඟයි.
      henryblogwalker the Dude

      Delete
    2. මට එපා වුනේ නැත්තේ මට එහෙම සද්ද දාපු නැති නිසා බං. ඒත් උබ කියන්නා වගේ පොර අනිත් එවුන්ට බනින ඒව අහං ඉදලා මට එපා වුනා.

      ඊලග කතාව විදිහට දාන්න මට මතක් වුනා සිරා කතාවක්. ඒක බැලුවට හෙන්රිට සහ ඩී.ඩී.ටී ට තේරෙයි සැමාට මැනේජර් සලකපු විදිහ :)

      Delete
  26. හිකිස්... එහෙනං මාමා, මැඩම් උනා ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අර ව්‍යස්ථාවට කරන්න බැහැ කියපු දේ වෙලානේ බං.. :ඩී

      Delete
  27. මමත් කාලයක් වැඩ කළ තැන ලොක්කා ඔය වගේ. මොකක් හරි අවුලක් වුනොත් නිදහසට කරුනු කියන්න ඉඩක් නෑ.කෙලින්ම ඉන්ටඩික්, ඒත් ගියාට පස්සෙ අපෙන් අහනවා පව් නේද කියලා...? හරියට අපි කළ දෙයක් වගේ.

    ReplyDelete
    Replies
    1. පොරත් අපේ එකා වගේ වෙන්න ඇති. ටිකක් අප්සට් ඇති වෙලාවකට :)

      Delete
  28. මාර ෆන් බොසෙක් නේ...!
    මමත් අදමයි මේ ඉසව්වට ආවේ

    ReplyDelete
    Replies
    1. ඇයි බොල කලින් දවසක් ඇවිත් ගියා මට මතකයි

      ජය !

      Delete
  29. පට්ට පට්ට...
    මැනේජර් මෙහෙම ඉන්නේ නැත්තම් ෆැක්ටරියේ වැඩ වෙන හැටි බලන්න තිබ්බ...හී

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි ඔය ගාමන්ට් ක්ෂේත්‍රයේ එහෙම නැතුවත් බැහැනේ !

      Delete
  30. අඩේ මටත් ඔය වගේ අතීතයක් තිබුනා.. ස්තූතියි මතක් කොළාට.. මම කිව්වෙ ඔය වගේ ආයතනයක වැඩ කරපු.. ඒ ලෙවල් ඉවර වුන ගමන්... දැන් වගේ කිසිම බරක් පතලක් නෑ බන්.. වගකීමුත් හරි සීමිතයි.. මාර නිදහස්...

    මැනේජර් කෙනෙකුට ඔච්චර පවර්ස් තියනවද බන් ?

    ReplyDelete
    Replies
    1. මේ ජාතියේ මැනේජර්ලට කාටවත් නැති පවර්ස් තියෙනවා බං :)

      Delete
  31. අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නැති @$$^$$$ _(*&^%^

    ReplyDelete
    Replies
    1. ඔව් බං පොර @$$$%$% තමයි !

      Delete
  32. හොඳටම තමන්ගේ වැඩ ටික කරන මැනේජර් තුමෙක්!!! අහන්නත් සතුටයි!!!

    ReplyDelete
  33. සෑමා වගේ උන් පාලනය කරන්න ඕන ඔහොම මැනේජර්ලා තමයි... :)

    ReplyDelete
    Replies
    1. එකගයි කතාවට :D

      Delete
    2. මගේ අප්පේ දිනේශයෝ උබ අර අහිංසක මැනේජර්ව අන්දන හැටි ගිම්හානි දන්නෙ නැතුවද ?

      Delete
  34. කොච්චර වුනත් උදේට කුණුහරප ටිකක් අහලා වැඩ අල්ලන එකෙත් අමුතු ගතියක් තියනවා.

    ReplyDelete
    Replies
    1. නැත්තං අපේ එවුන්ටත් උදේට කෑවෙ නැහැ වගේ !

      Delete
  35. මට නම් අනුන් යටතේ වැඩ කොරන්න බැරි ලෙඩක් තියනවා. ආයතන දෙකක විතර අපූරු ‍රැකියාවල් දෙකටම කෙලෝ ගත්තානොවැ ඔය අසනීපේ නිසා. හැබැයි ඉතින් වරද මගෙම නෙමේ. පේ ෂීට් වල කොහේවත් අහන කුප්ප කතා වලට මෙච්චරක් ගෙවනවා කියලා සදහන් වෙලා නොතිබුන නිසා මම අත දිගෑරලම නෙලුවා ඔය ජාතියේ මැනාල දෙකකටම. නංගි බබා කියන්නේ ඔයානම් කා ගාවවත් වැඩ කරන්න එපා ෂොප් එක කරහම හොදටම ඇති කියලා. අපි එහෙමයි ඕං. හරිම අහිංසකයි.හික්....! ජය...! (ගොඩාක් ස්තුතියි යාලුවා උඹට. උඹ,සෙන්නා, අසරනයා ඇතුලු හැමෝම නිසා මම අද සින්ඩියටත් ඇවිල්ලා.)

    ReplyDelete
    Replies
    1. මට නම් අනුන් යටතේ වැඩ කොරන්න බැරි ලෙඩක් තියනවා.

      නංගි බබා කියන්නේ ඔයානම් කා ගාවවත් වැඩ කරන්න එපා ෂොප් එක කරහම හොදටම ඇති කියලා.

      මේ කතන්දර සෑමාටත් කියනවා.. :)

      අපිට ස්තුති එපා යාලු.. ඒ උබේ හැකියාව. අපි කලේ උ‍බ ලියපුව බලල උබව අගය කරපු එක විතරයි.

      මටත් එහෙම කාලයක් තිබ්බා. මට මුල අමතක නැහැ මචං.


      ජය !!

      Delete
    2. @ සරත්,

      ඈහ්.. මම නිසා ? මම මොනාද බන් කොළේ ? උඹ ලියන්ඩ පටන් ගත්තද ? උඹේ ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකට යන්ඩත් බෑනෙ බන්.. මොකක්ද මගුලකට යන්නෙ ඒකෙ ක්ලික් කරාම..

      Delete
    3. ‍කලබල වෙන්න එපා මචං.. පොර ගූගල් + දාගෙන නිසා තමා බ්ලොගට යන්නෙ නැත්තේ..

      මේ තියෙන්නේ සරාගේ බ්ලොග් - http://saragelokaya.blogspot.com/

      @සරා - මචං උබේ ප්‍රොෆයිල් එක ක්ලික් කලාම බ්ලොග් එක පේන විදිහට පරණ වර්ෂන් එක දැම්මොත් හරි යයි මගෙ හිතේ. නැත්තම් උබේ කමෙන්ට් බලලා බ්ලොගට එන පිරිස අඩුවෙයි..

      මට ඒක හදන විදිහ කියන්න නොතේරේ :(

      ජය.. !

      Delete
  36. බනිනවා කීවට ඔහොම බනින්ට හොඳද?

    ReplyDelete
    Replies
    1. නැතුව බනින එක දැනෙන්නෙ නැහැනේ..

      Delete
  37. සෑමා වැඩ කරලා තියෙන්නේ හිරගෙදරක.. මහා එකා ජේලරයෙක්..

    ReplyDelete
    Replies
    1. ඒකයි ගොඩක් වෙලාවට මම ඔපීසියේ නොහිටියේ :))

      Delete
  38. මේකා නමි සෑමාටම හරියන මැනේජරයෙකි

    ReplyDelete
    Replies
    1. සැමා එච්චර දරුණුද බොලව් ?

      Delete
  39. මෙහෙම කාට හරි වෙච්ච දෙයක් කියවනකොට හිනා යනවා...ඒත්..
    ඔය වගේ බැනුම් අහන් ඉන්න තමයි අමාරු..
    මමත් ඒ ලෙවල් ඉවර වෙලා ගාමන්ට් දෙක තුනකට ගියා....
    ඉන් එකක ඔය වගේ මරුමුස් මැනේජරයෙක් උන්නා....මම කියන්නේ බුල්ඩෝග් කියලා..චිහ්!

    ReplyDelete
    Replies
    1. අපේ එකටවත් වැරදිලා ඇවිල්ලද මන්දා.. ;)

      Delete
  40. මම ඇත්තටම කාලෙකට කලින් හිතුවා කොහොමද සෑමාට මෙහෙම උනේ කියලා... මෙහෙම උතුමෝ ලග ඉන්නකොට මොනවා වෙන්න බැරිද?

    ජය සැමෝ..

    ඇගලුම් ‍ෆිල්ඩ් එකේ මටත් උනු කතා සෙට් එකක් කලින් ලිවා කියවලා නැතුව ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. ඇයි බොල දේ‍වෝ සෑමාට අහවල් එකක් වෙලාද ?

      උබ ලියපු බවක් මට මතකයි ටිකක්.. ‍ඒ කාලේ මම බ්ලොග පටන් ගත්තා විතරද මන්දා..

      ඒත් කමෙන්ට් නැතුව ඇති..

      ආයෙ ගිහින් බලන්න වෙයි..

      Delete
  41. පට්ට නේ බන් :ඩ්
    ඉතිරියත් ලියහං...

    ReplyDelete
  42. සැර වැඩියි තමයි..ඒත් මචං මිනිස්සු හසුරුවන එකත් හරිම අමාරු රාජකාරියක්..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රමාණයව වඩා ගියාමත් එපා වෙනවා නේ..

      Delete
  43. මටත් මේ විදියේ කතාවක රියල් ලයිෆ් අත්දැකීම් තියනවා. ඒ මගේ බයික් එකට ලීස් එකක් දාන්න 2008 දී ගිහින්. (මට නෙමේ බැන්නේ ඈ...)

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඒ කතාව ඉස්සරහට :)

      Delete
  44. හි හී මරු මැනේජර්....

    ReplyDelete
  45. මේ වගේ සිද්ධි නම් මාකටින් කරන අපිට සුපුරුදු දේවල්නේ..

    ඒත් දුමින්දට තිබුනෙ නැද්ද අතේ මාට්ටුනොවන විදිහට බොරු කියන්න..

    ReplyDelete
    Replies
    1. වෙලාව හොද නැති කමට රිංග් වුනේ. නැත්තම් දුමින්ද ගොඩ !

      Delete
  46. අන්න එහෙමයි මැනේජර් ලා ඉන්න ඕන...:)

    ReplyDelete
  47. මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.

    ReplyDelete
    Replies
    1. නොතේරුනෙමි. ඒක්සප්‍රනේෂන් අවශ්‍යයි !

      Delete
  48. මැනේජර්ලා ගැන නම් කියලා වැඩක් නෑ බං...

    ReplyDelete
  49. මගේ විශ්ලේෂණය අනුව මෙම මැනේජරයා පහත කරැණු වලින් යුතු විය හැක

    1 මලබද්ධයෙන් පෙලිය යුතුය.
    2 වයිපරය සමග අන්තර් සහ සබදතාව පලුදු වී තිබිය යුතුය..
    3 අයිතිකරැගේ සියල්ලම අල්ලා ඉහලට පැමිණි නූගත් එකෙකු විය යුතුය

    වැඩ ගැනීමට කියා ශිෂ්ඨ සමාජයේ අශිෂ්ඨ ලෙස ක්‍රියා කරන මේ වගේ මැනේජරයන්ට රජ කාලේ දඩුවම් දිය යුතුය....නැවතත් ගෙදර යැවූ නර්ස් නෝනෙ ට පාරෙදි අනතුරක් හෙම වී නම් ඇගේ සැමියා මේකගේ අහවල් එක කපනවා නියතය....එදාට මැනේජර්ට ෆුල් ආතල්ය...

    සෑමා හරිම කට්ටය.... අනුන්ට බැනපු ආකාරයම දමා ඇත... ඌට බැනපු ආකාරය නොදක්වා ඇත... කරැණු එසේ වුවද වෙනදා මෙන්ම පෝස්ටුව පස්ටය.... ජය!

    ReplyDelete
    Replies
    1. මා කියන්නට සිටි කතාවෙන් කොටසක් මෙ කමෙන්ටුව මගින් ප්‍රකාශ කර ඇත. මේ කතාව කියවාගෙන යද්දී මට සිතුනේ කුඩා කල ඉතාම තාඩන පීඩන මැද්දේ හැදුනු අයෙක් කියාය. එහෙම අය ඉහල තනතුරු වලට ගිය විට සියළු අය තලා පෙලා දමනු මගේ අත්දැකීමයි.

      Delete
    2. පහල ඉදන් උඩටම ආපු සමහරක් තමා ඒ කාලෙ විදපු දුක් අනිත් එවුන්ට බෙදන සීන් දැකල තියෙනවාද?

      සිරා ගේ සහ සුදීකගේ කමෙන්ටුවලට සහයෝගී කමෙන්ට් දමන්නට හැක. නමුත් ප්‍රසිද්ධියේ කිව නොහැකි නිසා නිහඩ වෙමි සහෝ.

      උබලා ලගින් යන්න ගෙස් කරලා..

      ජය !

      Delete
  50. කැප්ටන් හැඩොක්.... දෙදරන දඟර සුලං

    කතාව එල ඈ අර මහින්ද මාමාගේ පොටෝවට උඩිං චන්ද්‍රිකාගේ නම තිබුන එකනම් කුමන්ත්‍රණයක් තමා... බැලුවාම සැමා ලේසි පහසු පොරක් නෙමෙයි අමු පැපරාසියෙක්නේ...

    රිංග් වෙන්නේ මොකක්ද කියලා අහපු විදියට පට්ට හිනා.... එතන හිටිය කට්ටියට මාර ආතල් එකක් දෙන්න ඇත්තේ ඒ වචන ටික....

    සැමා යහතින් ඉන්නවා නොවේද?

    ReplyDelete
    Replies
    1. බිබිලි නගින බෙලි කටු...

      සෑමා යහතින්ය. තුති !

      ඇයි බොල එහෙම ඇහුවේ ?

      Delete
  51. බොරුවට වැඩි ආයුෂ නොමැත

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...