Friday, March 9, 2012

ලයිට් දමා අල බොන්ඩා කෑ හැටි...


සෑමාගේ බ්ලොගේ ලියවුණ බෙහෝ චරිත (හේමේ, ලොල්ලා, මාකා, මැරයා, ඥානේ) දැන් කස්ටිය දන්නවාය. එසේ තිබියදි අතීත මතක ලේබලය යටතේ මේ ලියවෙන්නේ දෝදුගේ ක්‍රියාවකි.

ට්‍රිප් යාමට වඩා ඕගනයිස් කිරීම ආතල්ය.. සහ දෝදුගේ සිහිනය.. කියවා දෝදු නම් කවරෙක්ද හදුනාගන්න.

ඉස්සර සෑමා ඒ ලෙවල් ක්ලාස් ‍ගියේ සෙට් එකක් සමගය. සෑමා පමණක් නොව ඒලෙවල් කල සැම සෙට් බැස ගත්තෝ බව දනිම්. එවන් කලෙක සෑමාගේ සෙට් එකේ සසී, උමේ, පුස්පේ, රුචිර (නයා), සංජා, සහ වටිනා දෝදු කුමාරයා පවා සිටියේය.

දෝදුවා හිටියොත් කෑමක් ෂුවර්ය. නොකෑ බේරුණු අවස්ථා අපමණ වුවත් අමතක නොවන ලෙස කෑවේ කැළණිය බස් නැවතුමේදීය. එදා නම් දෝදුවා නිසා නෙවේය. එය අහක ගිය තොප්පියකින් දමා ගැසීමකි. කාපු කතා කියා නම කැත කොර ගන්නවාට වඩා වටිනා කතා ලිවීම අගනේය. නැතිනම් දෝදුවා සෑමාට ද්‍රෝහී වනු නියතය.

ඉස්සර අපි ‍කෙමෙස්ට්‍රිවලට ක්ලාස් ගියේ කේ.සිරි විතාන ගේ සර් ලගටය. (සෑමා පාසල් ගුරුවරුන්ට කට පුරා ආරූඪ නම් කීමටත්, පෞද්ගලික පන්ති කරන ගුරුවරුන්ට සර් කීමටත් හේතුව ඉදිරියේදී පෝස්ටුවක් දානවා සුවර්ය.) කේ.සිරි සර් රොටරියට එන්නට පෙර (2006 වසර) ක්ලාස් කලේ නුගේගොඩම තිබෙන ලීඩ්ස් නම් ආයතනයේය. රොටරියේ අප ක්ලාස් අහවරව මොහොතක් කතා බහ කරන්නේ ඔපීසිය ලග සිටගෙනය. රවුමක් ආකාරයට සැදී කස්ටිය කතා බස් කරන විට දෝදුවා හැමදාම හිට ගත්තේ එකම තැනක සුපුරුදු දිශාවකට මුහුණ දීගෙනය. අපිට එය මීටර් වුනේ මාස තුන හතරකට පසුය. දෝදුවා මුහණ යොමා සිට ඇත්තේ ඔපීසිය පැත්තට හැරී තිබුණ වෙනත් ක්ලාස් එකක් දෙසටය. ක්ලාස් එකේ කෙලි පැටව් ඔපීසියට ඔලුව හරවා හිද සිටින විට දෝදුවා ක්ලාස් එක පැත්තට දෙනෙත් යොමා සිට ඇත්තේ දෝදුවා සමග සිනාසෙමින් කකුල් පද්දමින් සිටින ඇත්තියන් බැලීමටය. මෙය දැනගත් දායින් පසු එතන අපට කතා බහ කරන්නට රවුමක් සාදා ගැනීමට අපහසු වූයේ සියල්ලෝම දෝදුගේ ස්ථානයට පොර කෑ නිසාමය.

ලීඩ්ස් ආයතනයේ අපි ක්ලාස් ගිය කාලයේ කෙමෙස්ට්‍රි සිලබස් එක පටන් ගත්තා විතරය. ඕලෙ‍වල් අහවරව නිවසට වී අලස කුජීතව ක්ලාස් එකකට ගිය අළුත සර්ව බොදවී පෙනේ. එහෙත් විභාගය ලං ලංව එන කාලේ එසේ බොද නොවුනාට ඩෙස්ක් එක එක පාරට මුහුණට එනවා සේ පෙනෙන්නට විය. එසේම විටක සර් ලියන කළු ලෑල්ල එකපාරට මුහුනට එනවා සේද පෙනෙන්නට විය. ඒ අපි නිදි කිරා වැටුන නිසා නොවේය. සර් නම් කීවේ එහෙම වෙන්නේ තොපි නිදි නිසා කියාය. 

එහෙත් කේ.සිරි සර් ගැන දන්නා කිසිවෙක් පන්තියේ නිදා ගන්නේ නැත. ඒ කාලයේ ඔහු සැරය. පන්තිය ඉදිරියට ගෙනවිත් බනින අවස්ථා අපමණය. මුදල් ලැබීමේ පරමාර්ථයෙන් කරන කිසිම පන්තියක මෙසේ බනින්නේ නැතිය. සමහරු සර්ගේ පන්ති නොගියේ සල්ලි ගෙවා බැනුම් ඇසීමට නොහැකි බව කියමිනි. එහෙත් එසේ විනයක් ඇති කරමින් ඉගැන්වීම කිරීම වරදක් නැතැයි කියමි. දෙතුන් දහසක් සිටින පන්තියක් එසේ පාලනය කිරීමේ දක්ෂතාවය ගුරුවරයෙකු සතු විය යුතුමය.

එදා උදේ 7 සිට ඉගැන්වූ කේ.සිරි සර් අපිට ඉන්ටර්වල් එක දුන්නේ මට මතක විදිහට 10ට පමණය. සුපුරුදු ලෙස පඩි පෙල බැස පාරට ගිය විට අපි ගිලින්නේ "අල බොන්ඩාය" ඇත්තටම ක්ලාස් යනතුරු සෑමා අහවල් බොන්ඩාව කාලා තිබුනේ නැත. ඒක කහපාට ගුලියකි. ඇතුලේ දඩාර අල කැබිලිය. ඒ කාලේ අපි ඒවා කෑවේ රුපියල් 10කට පමණ සුළු මුදලකටය. එහෙත් දැන් කීයද දන්නේ නැත. ලගදි සෑමා එවා දැක්කේවත් නැත. 
"අල බොන්ඩා" දැක නැත්තෝ බලා කටේ කෙල උපදවා ගනිත්වා..

ඉන්ටර්වල් එක ලැබී පඩි පෙල බැස ගියේ දෝදුවා සහ සෑමා එකටය. අනිත් එවුන් පිටුපසින් ආවා මතකය. පඩි පෙල බසින මග පඩියක් අසල බිත්තියේ දනහිස මට්ටමින් ස්විච් බෝඩ් (switch board) එකක් තිබුනේය. දෝදුවාට ඒවා වැඩක් නැත. මොනවා දැම්මොත්‍ කොයි ඒවා පත්තු වේදැයි පොරට වැඩක්ම නැත. ඊලග පඩියට අඩිය තියන්නට පෙර දෝදුවා සට පට ගා ස්විච් 8ම ඔන් කලේය. සෑමා එය එතරම් සැලකුවේ නැත. කොහොමත් දොදුගේ වැඩවල අග-මුල සෙවීම මොලේ පූට්ටු වෙන සීන් එකකි. එනිසා ගණන් නොගෙන සිටීම වටිනවාය.

අල බොන්ඩා කා, විනාඩි පහලොවකින් පමණ අප ක්ලාස් ගත වීමු. දෝදුවා මගේ එ‍හා පැත්තේය. අනිත් එවුන් ටිකත් අපේ ඩෙස්ක් එකේය. සර් නැති නිසා පන්තියේ තැනින් තැන කස්ටිය කතා කරන නිසා මී වදයක් මෙන් හඩ ඇසේ. ඒත් සර් පන්තියට එන විට කොණක සිටි හඩ කෙමින් කෙමෙන් අඩුව 100% නිහඩවන්නේ පුදුම විදිහටය. එදා සර් වෙදාට වඩා වේගෙන් පැමිණ ස්ටේජ් එකට ගොඩවුවේය. සර් ගේ මූඩ් වෙනස් වීම අපේ එවුන්ට හොදටම මීටර්ය.

සර් මයික් එක ඔන් කලේය...

"මේ පන්තියේ ඉන්නවා ගෙදර ස්ව්ච් බෝඩ් එකක් නැති පො**නයෙක්." කස්ටිය වික්ෂිප්තය. ඇස් ‍නලල් තලයේ තමා උරහිස් පලල් කොට පපු ඉදිරියට යොමා සර්ගේ වදන් වලට සවන් නමා ගෙන සිටිත්.

"මට කලිනුත් ඕක අල්ල ගන්න බැරිවුණා. තමුසෙල ඔය පහලට බහින පඩිපෙලේ තියෙනවා ස්ච්ච් බෝඩ් එකක්. කලින් දවසක් එක ස්ච්ච් එකක් ඔන් කරල තිබ්බ. මම සද්ද නැතිව හිටියා. අද ඒ අසමජ්ජාතියා ඔක්කොම ඔන් කරලා ගිහින්...." කස්ටිය නිල් වී බලා සිටිති. දෝදුවා ගැන දන්නේ සෑමා පමණක් නිසා සර්ගේ වදන් වලින් කෙලින්ම කියවෙන්නේ අපේ දෝදුවා ගැන නිසා සිනා නවතා සිටීමට සෑමාගේ දෙතොල් දත් අතරේ සිරවිණ.

"තමුසෙල දන්නවද ඔය ලයිට් දැම්මම එක පාරට පත්තු වෙන්නෙ නැහැ. මේ බිල්ඩින් එකේ එලියේ තියෙන ස්පොට් ලයිට් පත්තු වෙන්නේ මේ ස්ව්ච් වලින්.. ස්පොට් ලයිට් පත්තු වෙන්න වෙලා යන නිසා තම ඔය බූරුවා බේරුනේ.. "

"මතක තියා ගන්නවා මම දවසක ඕකට ගහනවා ස්විච් ඕෆ් වෙලා ජීවිතේම අදුරු වෙන්න"

එදා හොදම හරිය වූයේ ක්ලාස් අහවරවී මෙනි.

"කාටද බං සර් අර පලු යන්න බැන්නේ.." අපේ මිතුරෙක් ඇසූවිට 

"අනේ කවුද බං දන්නේ..?? මං හිතන්නේ පො***නයා කියල එකෙක්ට නේද බැන්නේ..? පිළිතුර දෝදුවාගෙනි...

එදා සර් පන්තියේ දහසක් සිසුන් මැද ඇමතුවේ.. අප දෝදුවාටය.. නිකන්ම නොවේය.. කවුරුත් දන්නා සුද්ධ සිංහල වචනයකිනි.

Written by sAm_8.23pm_02.03.2012

74 comments:

  1. දෙනෝ දාහක් ඉදිරියේදී, ස්විච් ඕෆ් වෙන්ඩ දෙකක් වැදුනම් මසුරන්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කතාව මීට වඩා ෆන් වෙන්න තිබ්බා මචෝ..

      ස්තුති !

      Delete
  2. පට්ට සීන් එක හි හි //ගෙදර ස්ව්ච් බෝඩ් නැති පො***// සර්ට මාර කටක්නේ තිබිලා තියෙන්නේ...අපි නම් ගියේ දෙයියා සර් ගාවට...

    //දෝදුවා හැමදාම හිට ගත්තේ එකම තැනක සුපුරුදු දිශාවකට මුහුණ දීගෙනය.//

    මේක නම් අපිත් කලා මම හිතන්නේ ක්ලාස් යන හැමෝම කරනවා...අපි නම් හිටියේ හරියටම රොටරියේ ටැප් තුන ගාව ඔපිසියත් එක්කම තියෙන්නේ...හි හි දන්නෝ දනිති..

    පට්ට ගතියට ලියලා තියෙනවා මම මේ කංපනා කරන්නේ සැමා අයියා පතනේද කියලා

    ReplyDelete
    Replies
    1. දෙයියාද මා දනිමි.. කේ.සිරි සර් ඕගනික් කප්පිත්තෙකි... අපි ඕගනික් මරුවෝය.. ;)

      ගැමියා පොට් එක තක්කෙටම කිව්ව නොවැ.. ඒ ටැප් තුන මාර වටිනව බොල..

      සෑමාගේ අයියා නම් පතනේය. සෑමා පතනේ නොවේය..

      ස්තුතී !

      Delete
    2. සුදු වෑන් සංකල්පය ආ හැටි කතාවේ තිබු පින්තූරේ පරිසරය දැක පුරුදු බවක් දැනුනි පතනේ නොවේ නම් කුමක්දැයි මම කංපනා කරමින් පසුවෙමි....හලේ මන්දා

      ඕගනික් යන වචනය පමණක් අසා ඇත්තෙමි පන්තිය තුල සිටි කාලයට වඩා ඉන් පිට සිටි කාලය අති මහත්ය....දැන් නම් විඳවමි

      Delete
    3. මම දැන ගතිමි මම සැක කලෙමි.....පාසල බුකියෙන් සොයාගත් වගයි

      Delete
    4. ඒකනේ... මම බැලුවා ගැමියා මෙච්චර දුක් විදින්නේ ඇයි කියලා.. ;)

      බුකියේ ඇත්තේය..

      ගැමියා හොරණ පැත්තෙද ?

      Delete
  3. දෝදුවාත් කරන්නේ පුදුම වැඩ තමා !
    ඔය සර් ගැන නම් කතා කරලා වැඩක් නෑ. පොඩ්ඩ ඇත්නම් බනින්නේ පො**යා කියලා !!!
    මාත් ගියේ ඔය කේ ඩොට් සිරි සර්ගේ ක්ලාස් ! නමුත් මම නම් සෑමා වගේ කොළඹ රන් කරන හැපනින් කොල්ලෙක් නෙමේ හන්දා ගම්පහ ක්ලාස් එකට ගියේ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. සිරාවට සර්ට තියෙන්නේ ඔය වචනෙම තමා බොල..

      ඇයි අපි ගම්පහ ආවේ නැතෙයි...? ඉස්සර 2.30 ටියුට් ක්ලාස් එකට අපි ගම්පහට ආවේ කෝච්චියේ 2ට ඉස්කෝලෙ ඇරෙන්න කලින් 1.50 ස්ටේෂන් එකට දුවනව නොවැ 2ට එන කෝච්චිය අල්ලන්ට..

      අවාසනාවන්ත ලෙස අපි එක ක්ලාස් එකේ ඉදලත් අදුනන්නේ නැතිව ඇති.. දැක ඇති.. :)

      Delete
    2. ටියුට් ලියන්නැති ගනන් හදන්නැති ඒ කාලේ....
      ඇහින් දකින්නට පින් මදි වෙන්ඩැති
      ඒකයි තවමත් මහපාරේ !!!


      ප.ලි.- අඩේ මාත් ඔට කෝච්චියේම ඔය ටියුට් ක්ලාස් එකටම ආවනේ. දැකලා ඇති. ඒත් අදුනන්නේ නෑ නෙව.

      Delete
    3. (අ)වාසනාවන්තකම නොවැ :)

      Delete
  4. බන්දුල සෑර් උගේ ක්ලාස් එකෙන් අපිව එලෙව්වා ඔක්කොම ඉස්සරහා. කතාව වෙන දවසක.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති බොලාලා.. දාන්නකෝ අපිටත් බලන්න..

      Delete
  5. මට ඔය කාලකන්නි දෝදුවා අමතක වෙලා තිබුනේ.ඇයි පුතේ උඹ මතක් කළේ ආපහු?

    ReplyDelete
    Replies
    1. නිතර දෙවේලේ කෝල් කරනවා එහෙමත් නැත්තම් අපේ ගෙවල් ලගින් යනවා ඒකයි බොල නිතර මතක් වෙන්නේ...

      තව කතා ඇත පොර ගැනම..

      Delete
  6. හිකිස්...අන්තිමට දෝදුව කියපුටික තමයි මරු.....:)

    ReplyDelete
    Replies
    1. පොරට කියපු දෙයක් නෙවේ වගේ බං දෝදුවා ඒක කිව්වේ.....

      Delete
  7. සිකේ... ආපහු ඕ‍ෆ් කරන්න තිබ්බේ පස්සේ දවසක... අපිත් ක්ලාස් එකේ ලයිට් ඕෆ් කරලා නම් තියනවා. මාට්ටු නෑ

    ReplyDelete
    Replies
    1. *ඔන්

      පොඩි වැරදීමක්

      Delete
    2. මාට්ටු ‍නොවුනේ ඒවත් ස්පොට් ලයිට් ද? :)

      Delete
  8. හෙහ්.. මුකුත් නොවුන ගානට දෝදුවා අරහෙම කියපු එකනේ ලස්සන.. දෝදුවා කලාමයි කියලා සෑමා හොදටම දන්නේ මේකට සෑමත් සම්බන්දද දන්නේ ණෑ..

    ReplyDelete
    Replies
    1. නැහැ මචං මාත් එක්ක පඩි පෙල බහිනකොට මගෙ ඇස් පනා පිටම පොර ස්විච් ටික ඔන් කලේ..

      Delete
  9. ඒ බං උඹලගේ පන්තියෙත් හිටියට පො**යා කියල එකෙක් අපේ පන්තියෙත් ගොඩ දෙනෙක් හිටියා බං.නිකන් පෙරේරලවගේ නේ.ඇති වෙන්න ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අඩේ පෙරේරලා ගාව ගත්තේ ඇයි බොල.. කියපං පීරිස් ල, සිල්වා ල වගේ කියල !

      Delete
  10. මමත් කේසිරි සර්ගෙ ක්ලාස් ගියා..අම්මෝ කේන්ති ගියාම හරිම වසයි තමයි..ඒත් උගන්නන ගොඩක් දක්ෂ සර් කෙනෙක්...

    ReplyDelete
  11. අල බොන්ඩේ දැක්කම බඩ පිරුනා සැමෝ.....දෝදුවා මාර බුවෙක් නේ....

    ReplyDelete
    Replies
    1. අල බොන්ඩ දැන් නැහැ නේද මචං.. දෝදු සුපිරි... පොරගේ තව කතා තියෙනව මචං..

      Delete
    2. තියෙනව තියෙනව මචෝ තාම..මම ගිය සැප්තැම්බරෙත් වැඩේ දුන්නා නුගේගොඩ පොට් එකකින්....

      Delete
    3. අම්මද බොල හොද ආරංචියක්.. එල එල !

      Delete
  12. හලේ මන්දා..මේ වගේ අබූත ළමයින්ට උගන්නලා සර්ගේ ඉහ නිකටත් පැහිල ඇති අකාලෙටම..

    ReplyDelete
    Replies
    1. අප්පේ.. අබූත ලමයි නෙවේ බොල.. දස්ස ලමයි.. මල් වගේ දරුවෝ.. ;)

      Delete
    2. මල් වගේ දරුවෝ කිව්වේ උන් ඉපදුනේ පරාගණයෙන් ද ? :)

      Delete
    3. නැහැ බොල.. ස්පෝටනයෙන්.. :)

      Delete
    4. හික් හික් මල කෙලියයි රබර් ගස්

      Delete
  13. මාත් කාල තියෙනවා... හැබැයි මම කියන්නේ අල බෝල කියල... ම්ම්ම්ම්ම්ම් රස නම් කියල වැඩක් නෑ... එකක් කෑවත් බඩ පිරෙනවා

    ReplyDelete
    Replies
    1. සිරා නොවැ.. කරපිංච සම්බෝල එක්කම..

      Delete
  14. මම දවසක ඕකට ගහනවා ස්විච් ඕෆ් වෙලා ජීවිතේම අදුරු වෙන්න
    මාර වදන් වැල....

    ReplyDelete
    Replies
    1. වදන් සෙට් එක නිසා තමා කතාව මතක හිටියේ..

      කේසිරි සර්ගෙ විහිලුත් නිකං කල්පනා කලේ නැත්තම් හිනා යන්නෙ නැති ඒව නොවැ..

      Delete
  15. අල බොන්ඩා අහලා තිබුනේ නෑ. දැක්කාම එච්චර රස පාටක් පෙනුනෙත් නෑ ඉතින්...:D

    ReplyDelete
    Replies
    1. අපොයි අදම කොහෙන් හරි කාලා බලන්න නැත්තම් ජීවත් වෙලා වැඩක් නැහැ නොවැ..

      Delete
  16. තෝසෙ සහ අල බොන්ඩා සමඟ වඩේ අපි චාටඩ් එකවුන්ටන්ස්ය් ක්ලාස් එකට ජේඑම්සී යන කාලෙ ජාතික ආහරෙ වෙලා තිබ්බෙ..ඔහොම ආතල් ගන්නෙ නැතුව ක්ලාස් ගිහින් වැඩක් තියෙය්යැ ?

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නැහැ.. සහතික ඇත්ත..

      Delete
  17. ස්පොට් ලයිට් හින්ද දෝදුවගෙ ලයිට් එක බේරුනා.

    ReplyDelete
    Replies
    1. සිරාවට නැත්තම් දොදුගෙ ලකේත් පුයිට් දානවා.. :)

      Delete
  18. අල බොන්ඩා යම්ම්ම්ම්.... :D මම කැමතිම කෑමක් හෆ්ෆා.. මේ ව්එලාවෙ ඕක මතක් කරලා බඩත්ගිනියි!!!

    අම්මියෝ..කේ සිරි සර්ගෙන් මම ඉගනගෙන නෑ..ඒ වුනාට මම මාර බයයි ඒ සර්ට..

    ReplyDelete
    Replies
    1. බය වෙන්න තරම් වසක් නැහැ නොවැ.. ඕනෙ වෙලාවක ගිහින් කතා කරන්න පුලුවන් ගුරුවරයෙක්.. ඒත් සමහරු බයට යන්නෙ නැහැ..

      Delete
  19. අල බොන්ඩා කන්න අර සෝස් වගේ තියෙන්නෙ මොනවද ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාමත් මාර පුරස්න නොවැ අහන්නේ.. කොල පාටට තියෙන්නේ නම් කරපිංචා සම්බෝල.. රතු පාට ඒව මොනාද මන්ද..

      ගූගල් එකෙන් සර්ච් කොර ගත්ත පොටෝ එකක් නොවැ..

      Delete
  20. අල බොන්ඩා සම්බාරු හොදි සමග මිස්‍ර කොට සම්බල වල තවරා ඇඟිලි වලින් මිරිකා (හැකිනම් කාටවත් නොපෙනෙන්න ) කන්න ඇඟිලි ලෙවකෑවට කම් නැත වෙනස වටහාගන්න
    ඔය වගෙ ක්ලාස් එකක කතාවක් මතක් උනා අත්තම්මගෙ පෙට්ටගමෙන් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. කතාව බලාපොරොත්තු වෙමි..

      කවුරුවත් දැක්කාත් කරන්නට දෙයක් නැත. අපි සල්ලි ගෙවා කන්නේනම් රිසි සේ කෑ හැක ;)

      Delete
  21. හික්...හික්...හික්.... දෝදුවා දැනගෙන හිටියද සෑමා දැක්ක කියල ඌ ස්විච් ටික ඕන් කරනවා...?

    ReplyDelete
    Replies
    1. නැතිව.. ඒත් පොර ඒ ගැන අහන්න ගියෙ නැහැ නොවැ.. මට පැලෙන්ට හිනා..

      Delete
  22. මම නම් කාලා තියෙනවා ඕනා තරම්. අපේ අසල්වැසියෙක් ඉන්නවා කඩයක් තියෙනවා දෙමල කෙනෙක්. එයාගේ කඩෙන් ඉස්සර හැමදාම වගේ කෑවා

    ReplyDelete
    Replies
    1. වාසනාවන්ත දරුවෙක් නොවැ ;)

      Delete
  23. ටියුෂන් අතීතය . . . ඕලෙවල් කරද්දි නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගෙ පන්තියේදි කෙල්ලෙක්ගෙ ඇගට ගෙම්බෙක් දාල දෙනෝදාහක් මැද්දෙ ගුටි කෑවට පස්සෙ ආයෙ කවදාවත් චා උනේමනෑ. මම කෙමිස්ට්‍රි පන්ති ගියේ වල්ලිපුරම් මැඩම් ගාවටනෙ. ඊට අමතරව සුබද්‍රාරාමෙ ශ්‍රී පතිරන සර්ගෙ ටික්ක ජොබ් එක කරල නොමිලේ ඉගෙනගත්ත.
    රොටරියෙ ටැප් තුන නං සිරාම පොට් එක ඈ . . . මම නිතරම කැරකුන තැනක් තමයි එතන. රොටරියෙ ඔෆිස් එකේ උඩ තට්ටුව හදන කාලෙ උඩම තට්ටුවේ තමා මම පෙම් කෙලියෙ ගියේ

    ReplyDelete
    Replies
    1. අඩේ ඕනයා ගෙම්බ ගෙදරින් අරන් ඇවිත්ද කෙල්ලගේ ඇගට දැම්මේ..?

      ටික්කා ජොබ් එක කරන්න ඇත්තේ නම් කෙල්ලො එක්ක කතා කරන්න ඕනෙ නිසා වෙන්න ඇති. ;)

      ඔය උඩම තට්ටුවෙන් ජෝඩුවක් පැනපු සීන් එක ඇත්තද මචං.. එහෙම කතාවක් අහල තියෙනව මම.

      Delete
  24. රොටරිය වනාහි කථා උල්පතකි. දවසක් ටිල්නි de සිල්වා සර්ගේ ෆිසික්ස් පන්තියෙදි සිද්වෙච්ච පොඩි විකාරයක් මතක් උනා.. අපේ සෙට් එකේ හිටපු එකෙක්ගේ නැන්දම්මා (යාළුවගේ කෙලි පොඩ්ඩගේ අම්ම ;) )ආව පන්තියට.. සර්ට කියල XX පුතාට ‍පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද කියල.. සරුත් ඉතින් xx ඉස්කෝලෙ cc ගෙ නැන්ද ඇවිත් ඉන්නවා ගිහිල්ල හම්බෙන්න කිව්වා.. ‍යාළුව කොළඹ නෙවියි. ටිකක් දුර පළාතක.. මූ වෙව්ලනවා.. අඩේ බන් අපේ නැන්ද කීයටවත් මෙහෙ එන්නේ නෑ.. මේක වෙන්න බෑ.. මේ නම් මොකක්හරි බාල්දියක් තමයි කියල..
    අපිටත් අවුල්.. සරුත් දෙතුන් පාරක්ම නම කිව්වා.. ඒ‍ වෙලාවෙ තමයි සහෝදරත්වය මොළේට ආවේ... අපේ ඉස්කොලෙ සෙට් එකම එකපාරටම නැගිට්ට ක්ලාස් එකේ දෙතුන්පොළකින්... (විශේෂයෙන් මට මතක විදිහට පතනෙ සහෝදරයො ටිකකුත් ආව..) සර්ට තේරුණා වැඩේ.. ඊට පස්සේ සර් කියනව නෑ නෑ cc ළමය විතරක් ආවාම ඇති කියලා.. කොහොම හරි පොලින් දෙකක විතර සෙට් 1 පන්තියෙන් එළියට ආව.. හේතුව හොයල බැලින්නම් කෙලි පොඩ්ඩගෙ අම්ම ඇවිත් තියෙන්නෙ යාළුවට අනතුරු අඟවන්න. ඒ කෙළි පොඩ්ඩගේ කලින් හිතවතා යාළුවට විරුද්ධව තර්ජනය කරළ.. කොහොම හරි ඕව ඔක්කොම කථාකරල ආයෙත් පන්තියට ආව.. ටිල්නි සර්ගේ හොඳකම කියන්නේ පන්ති ඉවර වෙලා අපි ඔක්කොටෝම කථාකරල අවුලක් උනොත් කියන්න කියල, සර්ගෙ දු.ක අංකෙත් දීල කට්ටිය පිටත් කළේ.. කොහොම හරි කාගෙ හරි වාසනාවකට එදා ඩෙවෝන් එක ළඟදි ගුටි නොකා යාන්තම් බේරුණා...

    //ඒ සොඳුරු අතීතය මතක් කිරීම සම්බන්ධයෙන් සෑමාට තුති//

    ReplyDelete
    Replies
    1. ටිල්නි සර් මතක් කළ ඔබටද තුති..

      මතකද සර්ගේ වචන උච්චාරණය. 'පිටත පෘෂ්ඨයේ උෂ්නත්වය' කියන වචනේ දවසක් කියලා මට හිතා ගන්න බැරුව ගියා පොර මොනවද කිව්වේ කියලා.. වැඩි කාලයක් ඒ ක්ලාස් එකට ගියෙ නැහැ නොවැ..

      යාළුවට කරපු උදව්ව නම් සිරා..

      Delete
    2. මම නම් සති තුනක් විතර කුකුළ බෑග් ‍එකේ දාගෙන පුස්සැල්ල සර්ගෙ ක්ලාස් ගියා. පන්තියෙන් බාගයක් නිදිමතේ.. ඉතුරුටිකේ මුලින් කිව්වෙ මොනාද කියල කල්පනා කරනවා.. බැරිම තැන තමයි ටිල්නි සර්ගෙ ක්ලාස් ගියේ..
      අන්න වචනේ.. ටික දවසක් පන්තියේ හිටියට ඕනිම වචනේ අල්ලගෙන.. :D
      අපි ‍එහෙමයි ;)

      Delete
  25. කේසිරි සර් නම් වචනයේ පරිසමාප්තයෙන්ම ගුරැවරයෙකි, සර් හොදය, මල පැන්නම නම් බඩු සවුත්තුය.
    මමත් සර්ගෙ පංති ගියා 2008.

    ReplyDelete
    Replies
    1. සිරාය. කේසිරි සර් සිරා ගුරුවරයෙකි. මල පැන්නම ක්ලාස් එකේදි අපිට පැයක් පමණ නිදහසක් ලැබෙන්නේමය.

      ස්තුති මේ පැත්තේ ආවට.. !

      එහෙත් එන්නම්.. :)

      Delete
  26. සෑම් අයියටත් නියම යාලුවොනෙ ඉඳල තියෙන්නෙ......

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් දැන් ඉන්න බොලාල වගේ බ්ලොග් යාළුවොත් ඔ‍හොම එවුන් නොවැ.. :)

      Delete
  27. මොනාද බොලේ අලබොන්ඩ්? ඒක නිකම් ජේම්ස්බොන්ඩ් වගේනෙ......

    ReplyDelete
    Replies
    1. ජේම්ස් බොන්ඩ් වෙන්න ඇති ඕව හොයා ගත්තෙ මයෙ හිතේ..

      Delete
  28. කතා කරලා වැඩක් නෑ සර් ගැනනම් අම්මෝ මතක් වෙද්දිත් ඇග සීතල වෙනවා..ඒත් එතෙක් මෙතෙක් මම ගිහින් තියන නියමම සර් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. සිරාවටම බොල.. මැක්ස සර්.. !

      Delete
  29. කේසිරි සර් නැත්නම් අර s එකත් නැති වීම සහ ඉස්කෝලෙ කෙ මිස්ට්‍රි ටීචර් ට අපව සහ අපිට ටීචව අරහං වීම මට ද බෙහෙවින් අදාල කාරනාවකි
    පුස්සැල්ල ස්ර් ගැන නම් මතක එයාට ගෝලයෙක් තෑගි දුන්න අලුත්ම ප්‍රාඩෝ එකේ වර්නනාවයි. පන්තියෙ හිටපු සමහර කෙල්ලො ස්ර් ලඟට එද්දි ස්ර්ගෙ අත දිහාම බලපුවයි (මඟුල්මුද්ද තියනවද බලන්න නැතුව ගෙවිලද කියල බලන්න නෙවෙයි)තමයි

    ReplyDelete
    Replies
    1. රාවනා ගිහින් තියෙන්නේත පුස්ස සහ කේසි ලගට නොවැ.. :)

      Delete
  30. කේ.සිරි සර් ඉස්සර පමණක් නෙව තවමත් දරුණුය මා තවමත් රිවිෂන් යමි. දැන්නම් ස්ටේජ් එකට අරන් බනින්නේ නැහැ ලගට ඇවිත් කන අත ගානවා

    ReplyDelete
    Replies
    1. අප්පද බොල තාම එතුමා හැදිල නැද්ද :)

      ජය !

      Delete
  31. supiri saama. AL karana kaale nugegoda daapu koolan mathak wenawa ban. pattta aathal..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...