බ්ලොග් එක මුල ඉදන් ෆලෝ කරපු උදවියට අපේ 10,11 කැලෑසියේ වීරයා මතක ඇති. නොදන්න අයට දැනගන්න කියන්නේ පොර තමයි "ඥානේ" අහ් මතක හැටියට ඥාණදාස. ඉස්කෝලෙ අකැමතිම දවසක් එනකල් දවස් 7ක් (මලගෙදරක නයිස්, මාරි කකා නයිට් ගැහුව වගේ) ඇගිලි ගැන්න හැටි තමයි බ්ලොග් එකේ කොට කොට හිටියේ. ඒ කාලේ ඒකට කීවේ පේරන්ට්ස් මීටින් කියලා. පේරන්ට්ස් මීටින් එකට කලින් බදාදා දවසක ග්‍රහ මාරුව සිද්ධ වෙච්ච හැටි මෙන්න.
පෙර ස්ටෝරී කීපයකට නෑකම් කියන අළුත් පෝස්ට්ටුව.
- ගණිතය සහ සංගීතය (Maths Vs Music) - 2002
- භීෂණයේ අතුරු කතා - සදුදා ( A week before the parent's meeting )
- භීෂණයේ අතුරු කතා (අගහරුවාදා) - Remaining 7days for parent's meeting
ඊයේ (අගහරුවාදා) පැතූ පරිදි දවස සුභ නොවීය. කලින් කීලෙසම අහක යන ලොරිත් ඇවිත් ඇගේ හැප්පේ. ඥානේගේ චින්තනය අනුව ඇක්සිඩන්‍ට් එකක් දැක දැක බයටවත් ඇස් දෙක වසා ගත නොහැක. නොදැක්කොත් දඩුවම් ලැබේ.
එදා බදාදා
සෙට් එකේ 10ක් හිටියොත් 10ක ගේ ආකල්ප 10ක්. ඒක ජාන ගත වෙනසක්. හරියට එකම ආවර්තේ මුලද්‍රව්‍ය පොඩ්ඩක් හරි වෙනස් ගති පෙන්නවා වගේ. අපේ එකාලා ඒක නිසා තමන්ට වෙන වෙනම එපා වෙච්ච පීරියඩ් සාහසික ලෙස කට් කරනන පටන් ගත්තා. ඒ අතර එකෙක් අමාරුවෙන් දිවි පරදුවට තියලා කට් කලේ ඥානේගේ පීරියඩ් එක. පොර ඒක කට් කරනව කියල ඔප්පු කරන්න අපිට ප්‍රබල සාක්ෂි තිබ්බා. හරියට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180 ක් කියලා ඥානේ ඔප්පු කළා වගේමයි.
ඥානේගේ පීරියඩ් එක උදා වුණා. ඒ පීරියඩ් එක ටෙස් මැච් එකක අන්තිම ඉනිමේ අන්තිම විකට් එක වගේ. එදා දවසේ තිබ්බ අන්තිම පීරියඩ් එකත් ඒකම තමා. පන්තියට ඇදිරි නීතිය දාලා වගේ. හුස්ම ගන්න සද්දෙත් ඇහෙනවා. අපේ යාළුවා සුපුරුදු පරිදි බෑග් එක ඩෙස්ක් එක යට හංගලා පන්තියෙන් එළියට ස්පෝටනය වෙලා. පුටුවෙ හිස්තැන මකන්න මමයි, ලක්ෂයි කරපු වැඩේ පිටි පස්සේ හිටපු එකෙක්ව ඉස්සරහට ආනයනය කළා.
කොහොම හරි හිස්තැන පුරවගෙන පාඩම කන්ටිනියු වෙනවා.
"කෝ තමුසෙලා දෙන්නා මැද වෙනදට ඉන්න එකා??" ඥානේට සීන් එක ක්ලික් විය.
"එයා අද ආවේ නැහැ සර්" වෙව්ලමින් වචන ගැලපීමු.
"ආ.. මිනිහගේ නම කියනවා බලන්න. මම රෙජිස්ටරේ චෙක් කරන්නම්" ආතල් කුඩුය. බඩයන්න බෙහෙත් බී කැලේ රිංගනවා හොදය.
"එයාගේ නම ----- සර්" කියන්නට බැරි වුණත් නොකියා බැරිය.
"ආ.. මේ තියෙන්නේ මිනිහා අදත් එළියට පැනලා. තමුසෙලා එනවද මාව තම්බන්න. අනික තමුසේ විෂය නායකයා නේද? වැරදි කරන එවුන්ව බේරන්න හදන්නේ??" කට උත්තර නැත.
"කෝ මිනිහගේ බඩු මල්ල. (අපේ කාලේ බෑග් එක වුණාට සර් ඉස්කෝලෙ යනකොට මල්ල වෙන්න ඇති) ඒක අරන් දානවා බැම්මෙන් එහා පැත්තේ කොරිඩෝවට"
කොහොම හරි ගිණියම් වෙච්ච ආතල් මැද්දේ පීරියඩ් එකයි, ඉස්කෝලෙයි දෙකම අහවර වෙන බව බෙල් එක වැදුනම ප්‍රකාශ වුණා.
අපේ එවුන් ගාථා කියලා යන්න සෙට් වෙනවා. ඒත් අවුලක්....
"අඩෝ මාර සීන් එක. ඥානේ යන්නේ නැහැ වගේ..."
"ඔව් මචෝ ගාථා කියලා අපි පන්තියෙන් යනකල්ම පොර ඉදී වගේ"
"මාර සීන් එක දැන් අරෑ පන්තියට ආවොත් මාට්ටු වෙනවා"
ගාථා කියන අස්සේ සීන‍් ගොඩකි. අපේ යාළුවා දැන් ආවොත් කෙල වේ. ඒත් බෑග් එක ගන්න පොර ආ යුතුය. එත් ගාථා කියා යන තුරු පොර මිසිංය.
"කෝ මිනිහා බෑග් එක නැතුවම ගෙදර ගිහින්ද? තමුසෙ එනවා ඔය මල්ල උස්සගෙන ඔෆීස් එකට. මිනිහා කවද හරි ඉස්කෝලෙ ආවහම එහෙට ඇවිත් මල්ල ගන්න කියනවා"
ඥානේ ඔෆීස් එකට යන පිටු පසින් අපේ විෂය නායකයාද පිටත් විය.
ඊට පස්සේ වෙච්ච සීන් එක අපිට ආරංචි වුනේ පහුවදාය....
පසුදින, උදෑසන
කස්ටිය ඉස්කෝලෙට රිපෝට් කරපු හැටියේ ඇහුවේ කථාවේ ඉතිරි ටිකය. මොගා ටෙලි නාට්‍යයක ඉතිරි කොටස බලන්න ඉන්නවා වගේ අපේ එවුන් ගෙදරදිත් කල්පනා කරන්නට ඇත. (ඒ කාලේ වැඩිය මොබයිල් ෆෝන් නැහැනේ. ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට අත තියන්නෙත් නැහැ වැඩිය)
"බලපං මම බෑග් එක අරන් ඥානේ පිටි පස්සෙන් යනකොට අරෑ ඇවිත් බෑග් උදුරගෙන දිව්වා" ලක්ෂා සින් එක වාර්ථා කරයි. අපේ එවුන්ගෙන් අතුරු ප්‍රශ්න රැසකි.
"ඉතින් උබ මොකද කළේ??"
"මොනව කරන්නද බං. මං පස්සෙන් දුවන්නද? අපේ එකෙක් නේ. මම ඥානේගේ පස්සෙන් ඔෆීස් එකටම ගියා"
"ඉතිං."
"ඉතිං කියන්නේ. මගෙන් ඇහුවා කෝ ඕයි බෑග් එක කියලා. මම කිව්වා අරන් දිව්වා කියලා"
"පට්ට සින් එක.. තොට ඥානේ මොකද කිව්වේ???"
"මගේ පතුරු ඇරියා බං, පොර මට බනින්න ගත්තා මම බෑග් එක කථා කරලා දීලා යැව්වා වගේ. අද පන්තියට ආවම මාව කයි.."
*** ඒත් එදා ඥානේ පීරියඩ් එක පටන් ගත්ත මොහොතේ සිට නොකඩවා ඉගැන්නුවා මිස සීන් එක ඇදලා ගත්තේ නැත. මොනව උනත් ඥානේට තමන්ගේ කොළු කාලේ මතක් වෙන්න ඇති. හිත හොද මනුස්සයා. ***
Written by sAm_12.31pm_07.11.'11
"හැමදාම වගේ ලයික් බට්න් එක පල්ලෙහා ඇති කොටලම යන්න"

මං පස්සෙන් දුවන්නද? අපේ එකෙක් නේ. |

ඔන්න දැන් තමා එල මචන් බ්ලොග් එක...
ReplyDeleteතව ඉස්සරහට බලමු මචෝ... කාලයත් එක්ක හැමදේම වෙනස් වෙයි.. හෙක් හෙක්..
ReplyDelete