Google+ Followers

Wednesday, November 2, 2011

රුපියල් දෙකට බස් එකේ ගිය හැටි....

කස්ටිය ‍බලනවා ඇති යකෝ මූ ලියන්නේ අතීතාවර්ජන කතන්දරමයි මූට වර්ථමානයක් අනාගතයක් නැද්ද කියලා. ඉතින් පරණ ස්ටෝරි ලියාගෙන යනකොට වර්ථමාන ස්ටෝරි අමතක වෙන එකෙන් මටමයි පාඩු. ඒක නිසා අමතක වෙන සයිස් එකේ ජූංජං ස්ටෝරි මේ අතරම අප්ලෝඩ් පාරක් දෙන්න හිතා ගත්තා.

මේ සීන් එක උනේ අද (ඉරිදා) හවස් ජාමේ බස් එකේ දී. ගම්පහට ගිහින් එනකොට යාළුවෙක් සෙට් වුණා. පොර මාව ‍කාර් එකේ දාගෙන ඇවිත් කිරිබත්ගොඩට දැම්මා ගෙදර පල කියලා. මම ඉතින් පොරට සැලුට් එකක් දාගෙන ඇවිත් බස් එකට නැග්ගා. බස් එකේ පට්ට සද්දෙට දාලා මිල්ටන්ගේ සින්දු සෙට් එකක්. මොනව වුණත් අපේ පොඩි එවුන්ටත්  කවදා හරි ලෝබ නැතුව අහන්න පුළුවන් සිංදු සෙට් එක. දැන් එවුන්ට එහෙම ලියන්න බැරි එක ගැන වොරි වෙවී මාත් ඉතින් බැස්සා බියගම පාරෙන්.

මෙතන ඉදන් ඉතින් අපේ ගෙදරට රුපියල් 7 දුරක් තමා මම හිතන විදියට තියෙන්නේ. හරියටම දන්නේ නැහැ, වෙනදට කරන්නේ කොන්දොස්තර නැති පැත්තේ දොරෙන් නැගලා හොරෙන්ම බැහැලා යන එක. 

කොහොම හරි වැ‍ඩිවෙලා ගියේ නැහැ බස් එකක් ආවා. වෙලාවට සීටීබී එකක්. කිසි අවුලක් නැහැ පට්ට වේගෙන් යන නිසා ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා මම නැග්ගා. ඒ නැග්ගෙත් කොන්දොස්තර මහත්තයා පිටි පස්සේ නිසා ඉස්සරහින්. දන්නවනේ අපි ටිකට් ගන්න අමතක කරලා හොරෙන් ගියාට කොන්දොස්තර අයියලට ඉතින් අමතක වෙන්නේ රුපියල් පනහ හැට. අනික එයාලට හරියට ගණන් වරදිනවා. එත් ඒගොල්ලන්ට වාසි වෙන විදිහට. හැමෝම එක වගේ නැහැ, හොද කොන් අයියලත් ඉන්නවා.


හොද කොන් අයියලත් ඉන්නවා.

වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ මට තට්ටු කරලා සල්ලි ඉල්ලුවා. මම ඉතින් රුපියල් 7ක් මාරු සල්ලි නැති නිසා පොරට 10 කොළයක් දුන්නා.

"අනේ මල්ලි මාරු සල්ලි නැද්ද??"

"7ක් නම් දෙන්න නැහැ අයියේ රුපියල් 2ක් ඇති" මම රුපියල් 2 දුන්නම පොර මට රුපියල් 5ක් දුන්නම ගණුදෙනුව සුද්දයි. මම ඒ කලබලේ අස්සේ පොරට ඕලෙවල් මැත්ස් උගන්නන්න හැදුවේ නැහැ. රුපියල් 2 දීලා බලං හිටියා.

"ආ මල්ලී ටිකට් එක" කියලා පොර මට රුපියල් 5ක් එක්ක ටිකට් එකත් දීලා මම දීපු 10ත් මටම ආයෙ දුන්නා.

මොනව කරන්නද බස් එකේ ටියුෂන් දෙන්න බැරි නිසා මම සද්ද නැතුව සාක්කුවේ දාගත්තා. හරියටම බැලුවොත් මම රුපියල් දෙකක්වත් දීලා නැහැ. මම රුපියල් 3කුත් ණයයි.


මට වෙච්ච සීන් එකක් මතක් කළේ අපේ පැත්තේ ආච්චී කෙනෙක් කොන්දොස්තර අංකල් කෙනෙක්ට දාපු පාට් එකක් මතක් කරන්න ඕන නිසා. ඕකනේ බැරි එක් ස්ටොරියක් ලියන්න ගියාම තව කතන්දර මතක් වෙනවා. ඒකත් කෙටියෙන් මෙතනම කියලා දාන්නම්.



කොන්දා මාමා පිටි පස්සේ ඉන්නකොට  බස් එකේ ඉස්සරහින් නැගලා ටිකට් නොගෙන ඇවිල්ලා


දන්නවනේ ආච්චිලගේ හැටි කිව්වොත් කිව්වා ආයෙත් තැනක් නොතැනක් නැහැ. අනික පෝය හතරටම සිල් ගත්තත් ගොඩක් අය කටට එන කුණුහරපෙ කියනවා. ඒකනේ සීයලා සිල් ගන්න පන්සල පැත්ත පලාතේ යන්නේ නැත්තේ.

මම මේ කියන ආච්චි බස් එකේ ‍හොරෙන්ම තමා යන්නේ. ඒක ගොඩ දෙනෙක් දන්නවා. ආච්චිලාට කරදර කරලා සල්ලි ඉල්ලන්නත් බැහැනේ.  අනික සමහර ආච්චිලා තැනක් නොතැනක් නැහැ අමු කුණුහරපෙන් බනිනවා. කොහොම හරි මෙයා කොන්දා මාමා පිටි පස්සේ ඉන්නකොට  බස් එකේ ඉස්සරහින් නැගලා ටිකට් නොගෙන ඇවිල්ලා. ඒත් අපේ හන්දියේ හෝල්ට් එකෙන් බහිනකොටම කොන්දා මාමා පිටිපස්සේ දොරෙන් බැහැලා ඇවිත් ආච්චිගෙන් සල්ලි ඉල්ලනවා. මමත් එවලේ අපේ හෝල්ට් එකේ හිටියේ.

"ආච්චී සල්ලි දුන්නේ නැහැ නේද??"

"ඇයි @$%^&ගේ පුතේ.. අපේ ගමේ, අපේ හන්දියේ, පයින් යන්න තොට සල්ලි ගෙවන්න ඕනෙද?? " ආච්චී පට්ට රිප්ලයි එකක් දුනනේ. කොහොම හරි එදා කොන්දා මාමා පාඩමක් ඉගෙන ගන්න ඇති.

Written by sAm_8.06pm_30.10.'11

2 comments:

  1. ස්කොලේ කාලේ බස් එකේ යන්නේ සීසන් කියල.සීසන් ඉල්ලලපු දවසට ස්කොලේම දන්නවා හොරෙන් ආව කියලා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...