Tuesday, November 15, 2011

මරණිය දණ්ඩණය අවම කිරීම (Reducing death penalty)

සති‍යේ දවස් 5ක් වැඩට ගිහින් සෙනසුරාදා, ඉරිදා ගෙදර ඉදන් සිරි යහනේ සැතපෙන කොට කවුරු හරි එකෙක් පාත් වීම දරා ගත නොහැක. සමහර දවස් වලට මම ෆෝන් එකේ කොළ පාට බට්න් එක ඔබන්නේත් පරිස්සමෙනි. නැත්තම් මිත්‍රයෙක් කොහෙ හරි යන්න ඉන්වයිට් කළොත් එහෙමත් නැත්තම් වැඩකට සෙට් කරගන්න හැදුවොත් නෑ, බෑ, කියන්නට බැරිය.

එත් දැන් අපේ අල්ලපු වත්තේ ඉන්න එකාත් කෝල් කරන්නේත් නැත. ‍මුහුණු පොතේ ඔන් ලයින් ලිස්ට් එකේ මගේ නම ලගින් කොළ පාටට පත්තු වුණොත් උන් හිතන්නේ ගෙදර කියාය. ඒකටත් පිළියමක් විදියට මම බස් ‍එකේ බං හිටියේ. ෆෝන් එකෙන් බං ලොග් උනේ වගේ වචන මට පිහිට විය.

ටික කාලයක් යද්දී අපේ එවුන් බුද්ධියෙන් මුහුකුරා ගිය තැන කෝල්, චැට් මුකුත් නැත. හවසක මාව මීට් වෙන්න ඕනේ නම් කරන්නේ අපේ පාර ලගට ඇවිත් කාමරේ ලයිට් එක පත්තු වෙනවාද බැලීමය. ඒ උප්පර වැට්ටිය අති සාර්ථක වූ නිසා මට ගැලවීමට නොහැකි විය. ඒත් සමහර දවස්වල ලයිට් එක පත්තු වෙන නිසාත්, පාර ලගට ඇවිත් කථා කරනකොට සද්ද නැතිව හිටපු වාර කීපයක්ම ඇත. ඒත් කවදා හෝ යලි මීට් ‍වුණ දවසට අපේ එවුන් පටන් ගන්නේ මෙහෙමය.

"අඩෝ එදා මම පාර ලගට ඇවිත් උඔට කථා කලා. උඔ ඇහුනේ නැහැ වගේ හිටියා නේද??"

"නැහැ බං මම කොහේ හරි ගමනක් ගිහින් ඉන්න ඇති." මම කියන්නේ 4වන සිල් පදය අහලාවත් නැති ගානටය.

"බොරු කියන්න එපා බං. මම දැක්කා කාමරේ ලයිට් එක දාලා තියෙනවා"

"අහ්.. එහෙනම් අම්මා කාමරේ අතුගාන, අස් කරන වෙලාවක වෙන්න ඇති" මම කොහොම හරි රෝල ගසා ගනිමි.

ඒ සීන් එකෙනුත් මට්ටු වුණ අපේ එවුන් ඊලග දවසේ ඉදන් උපකල්පන කලේ කාමරේ ලයිට් එකත් දමා ඇත්නම්, ගෙදර දොරකඩ මගේ සෙරෙප්පු දෙකත් ඇත්නම් මම ගෙදර කියායි. වෙලාවට අපේ එවුන් ෂර්ලොක් හෝම්ස් වුනේ නැත්තේ.

මේ ‍ඔක්කෝම පට්ටන්දර ගැහුවේ මම ගහන බේගල් මාට්ටු වූ තැන අපේ එකෙක් ගේ බේගලයක් පරසිද්ද කිරීමටය. ඕකට තමා කියන්නේ තමන් ගේ දතේ තියෙන හොටු පේන්නේ නැහැ, අනුන්ගේ බොක්කේ තියෙන දඩ මස් පේනවා කියලා.

දන්නවනේ අපේ සමහර ‍එවුන් ඉන්වා කොහැල්ලෑ (අර කොස් කැපුවම එන ඇලෙන ජාතිය) බබාලා වගේ මොකක් හරි ඉල්ලගෙන ගියොත් ආයෙ මලාට දෙන්නේ නැහැ, ඇති වැඩකුත් නැහැ තියාගෙන ඉන්නවා. අපේ වීරේ ගෙන් මගේම සීඩී එකක් ඉල්ලන්න මම මාස 2ක් විතර ගිහින් බැරිම තැන උපරිමාධිකරනෙට  යන්න තීරණය කළා.

සීඩී එක කොහොම හරි ගන්න හිතාගෙන වීරේ මීට් වෙන්න යන්න කලින් මම මුහුණු පොතේ ලොග් වෙලා ඉන්න කොට මෙන්න වීරෙත් ඔන් ලයින්. මම  ඇහුවා වීරෙගෙන් ගෙදරද ඉන්නේ කියලා එතකොට වීරේ දීපු රිප්ලයි එකත් එක්ක චැට් එකේ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් තියනවා බලමු.


ඉතින් චැට් එක බලපු ගමන් ඕනේ මොන්ටිසෝරි තල්මහෙක්ට තේරෙනවා කොල්ලා ගෙදර නැහැ කියලා කියන්නේ. කමක් නැහැ වෙන දවසක ගන්නවා කියලා හිතාගෙන මම හිත හදා ගත්තා.

කොහෙම හරි නැහැ කියලා පැය භාගයක් යන්න කලින් මම වීරේගේ ගෙවල් ලගින් වෙන ගමනක් යනකොට මෙන්න වීරේ ඉන්නවා පොරගේ ගෙවල් ඉස්සරහ මිදුලේ පොල් කට්ටකට චූ කර කර.

"ඈ බං උඔ ගෙදර නැහැ කීව නේද?" 
"කවුද මම? මම කීවද?"
"නැත්තම් උබ නේන්නම්. ඇයි උබේ ප්‍රොෆයිල් එක හැක් කොරලද? නැත්තම් නංගිද ලොග් වෙලා හිටියේ?"
"මම තමයි බං. මම කීවේ ගෙදර ඉන්නවා කියලනේ"

මට අසූ හාරදාහට නැගලා ඉන්නකොට වීරේ තේරුම් කෙරුවා සීන් එක.

"නැහැ බං මම ටයිප් කළේ mama ada gedarane කියලා. ඒ කියන්නේ මම අද ගෙදර නේ කියලා. උබ හිතලා තියෙන්නේ මම හිතුවේ මම අද ගෙදර නෑ කියලා.

පස්සෙයි මට තේරුනේ. ඒක අපි දෙන්නගෙම වැරැද්දක් නෙවේ "සිංගිලිෂ්" වලින් චැට් කළාම වෙන සීන් එකක් කියලා.


සෑමාගේ අවවාදය- නඩුවකදී chat history එක ප්‍රබල සාක්ෂියක් වුනොත් සිංගිල්ෂ් වලින් චැට් කරලා තිබ්බොත් මරණිය දණ්ඩනය අවම වශයෙන් වසර 5ක සිර දඩුවමකට අඩු කර ගත හැක.

Written by sAm_10.58_10.11.'11
ඇත්ත කියලා හිතෙනව නම් ලයික් එකක් දාලා යන්න..

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...