සෑමා මේ ටිකේම ලිව්වේ කාටවත් වෙච්ච සීන්ය. බඩුත් එක්ක හොරැ ලිවු සෑමා පාඩමක් ඉගෙන ගත්තේ මාටියා (ඩී.ජේ බව්වා) ගෙනි. මාටියාට අවසාන කතාව ලියා උගත් පාඩම් හා ලබපු අත්දැකීම් ඇසුරෙන් සෑමාට වෙච්ච කතාවක් ලිවීමේ පසුබිම මෙසේ සකසමි. සෑමා අනුන්ට වෙච්ච අකරතැබ්බ කතා විතරක් ලියනවා කීම මා එක හෙලා ප්‍රතික්ෂේප කරමි. පරන පෝස්ට් හාර අවුස්සා බැලුවොත් සෑමාට වෙච්ච අකරතැබ්බ බලා ගත හැක. ගාල්ලේට මාට්ටු වීම, පන්තියේ බලු බෙට්ටට කර ගැසීම, පිනා ඉදිරියේ දණ ගැසීම, ඥානේ ලග තියෙන ඒවා තියෙනවාද බලන්න කියා බයිට් කරීම, යන සෑම අකරතැබ්බයක්ම සෑමාට වෙච්ච දේවල්ය.
පවුලේ බාලම දරැවා නොහොත් බඩ පිස්සා වීමේ අනිටු විපාක දන්නේ මද්දුමයෝ නොව මා වන් අනෙක් බඩ පිස්සෝමය. අම්මා, තාත්තාට පමණක් නොව අයියා, අක්කාටද කඩේ යාමට සිද්ධ වන්නේ දෛවයේ සරදමක් ලෙසය. ඇවිදින්න ආස කාලේ නිසාම කට ඇද කරගෙන, දිව දොට්ට දාගෙන කඩේ යන්න වෙන්නේ බේරෙන්න බැරිකමටය. අනෙක් සියළු ලෝ වැසි බඩ පිස්සන්ට මෙන් නොව සෑමාගේ කේන්දරය රැදුරැය. ගෙදර එවුන්ටත් වඩා අල්ලපු ගෙදර ලොකු අම්මා, මහප්පාගේ සිට සහෝදරයින්ටත් කඩේ යන්නට වූයේ සෑමාටය. ඒ පොඩි කාලේය. දැන් සෑමා පෙර වැරදි සිහිකර ඔවුන්ව කඩේ යැවීමට තැත් කරයි. නිව්ටන් මාමාගේ තෙවන තියරිය එයයි.
අපි චූටි කලේ අපේ ගෙදර තිබ්බේ කළු සුදු Daytron TV එකකි. හේමේ බයිස්කෝප් පෙන්නපු එක නෙවේය. ඒක තිබ්බේ උඩ තට්ටුවේය. උඩ තට්ටුවේ නිසා වයර් කෑල්ලක් ගැහුවත් සුපිරියට චැන්ල් සියල්ල පෙනේ. පහල තට්ටුවේ අපේ කඩ තියෙන නිසා අපි ඉස්කෝලේ ඇරී ඇවිත් දවසම සිටින්නේ පහල තට්ටුවේය. මමත් අක්කාත් උඩ තට්ටුවට ඒමට බයය. ඒ හොල්මන් භීතිකා නිසාය. බොහෝ අයට පොඩි කාලේ එහෙම ලෙඩක් ඇත. ඒ නිසාම අපි ටීවී බැලුවේ (අල්ලපු ගෙදර) අපේ ලොකු අම්මලාගේ ගෙදරිනි. අපි රෑට පමණක් උඩ තට්ටුවට එන්නේ නිදා ගන්න පමණි. ඒත් අපේ අයියා මට වඩා අවුරැදු 5ක් වැඩිමල් නිසා බය නැත. තනිවම උඩ සිටී.පොර අපි එනවාට අකැමති නිසාම සමහර දවස් වලට උඩට ගියාම බය කරන්නේ අපේ පැමිණීම සීමා කරන්නය. (මගුලයි දැන් මතක් වුනේ පොරත් මේක කියවනවා)
එදා නිවාඩු දිනයක් වූ නිසා පවුලේ සැවොම ගෙදරය. අම්මා කුස්සියේ උයයි. තාත්තා පහල තට්‍ටුවේය. අක්කා උඩ තට්ටුවේ සාලයේය. අයියා හිටිය තැන මතක නැත. මම හිටියේ වත්ත පහලය. වත්ත පහල හිටපු නිසා මට ගෙදර කියන දේවල් ඇසෙන්නේ නැත. ඒ දවස් වල අපේ ගෙදර බාස්ලා කිහිප දෙනෙක් වැඩ කරමින් සිටියා වගේ මට මතකය.
"චූටි මැණිකේ හාල් නැහැ.. හාල් කිලෝ එකක් ගේන්න.." අම්මා කුස්සියේ සිට අක්කාට කියා ඇත. මම වත්තේ නිසා මට ඇසුනේ නැත. මම දන්නේත් නැත.
"තාත්තේ.. අම්මා හාල් ගේන්න කිව්වා.. කිලෝ එකක්.." බැල්කනියෙන් පහල තට්ටුවට ඔළුව දමා අක්කාගේ ඩියුටිය අක්කා තාත්තාට පවරා ඇත. මම ඒ සීන් එක දන්නේත් නැත. මට ඇසුනේත් නැත.
"කිලෝ එකක් එපා.. මිටියක්ම ගේන්න කියන්න..මල්ලි ඉන්නවා පිටිපස්සේ.." තාත්තා අක්කාට කියා ඇත. ඒ ඩයලොග් එකත් මට ඇසුනේත් නැත. මම දන්නේත් නැත.
"මල්ලී මිටියක්ම ගේන්න..." එවර අක්කා උඩ තට්ටුවේ දොරෙන් ඔළුව දා කීවේ මටය. මට ඇසුනේ එපමණය. මම දන්නේ ද එපමණය. "මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි". කීවේ සෝමසිරි මැදගෙදර මහතාය. ඒ මිටියකට නොවේ. ලදකටය.නමුත් මිටියේ හා ලදකගේ වෙනසක් මට නැත.
"හරි.. හරි.. ඇයි තමුසෙට යන්න බැරිද? මටම කියන්නේ??" සුපුරැදු ප්‍රශ්නය ඇසුවත්.. ස්භාදහමට අවනත විය යුතුය. බඩ පිස්සා කඩේ යා යුතුය.
"මම දන්නේ නැහැ.. ඔන්න තාත්තා කිව්වේ.." ඉහල උසාවියෙන් ඕඩරයක් නිසා සද්ද බැරිය.ඇයි පහල උසාවියේ උනොත් සද්ද දාන්නද? ඒත් බැරිය. බඩ පිස්සෝ කඩේ යාමට උපන්නාහ.
මම වත්තේ සිට තාත්තා ලගට විත් සල්ලිද ඉල්ලා ගතිමි.
"ගේන්න පුළුවන්ද ඔයාට?" තාත්තා ඇසීය.
"මිටියක් නේ.. ඕක මොකක්ද?? මම ගේනනම්"
මම කෙලින්ම ගියේ චන්න අයියලාගේ හාඩ්වෙයාර් එකටය. ඒක තියෙන්නේ අපේ හන්දියේය.
"අයියේ මට මිටියක් දෙන්න..."
"මොන මිටියක්ද? අඩු මිටියක්ද? නැත්තම් බිත්ති කඩන ලොකු මිටියක් ද?"
"එහෙම මුකුත් කිව්වේ නැහැ. මිටියක් කියලා තමයි කිව්වේ.." ගෙදර වැඩ කරකර සිටි බාස්ලා බිත්තියක් කඩ කඩ සිටියහ. අඩු මිටි ඕනේ වෙන්නේ ඇණ ගැලවීමටය. ලොකු මිටියක් ගෙන යාම නුවනට හුරැය.
"ලොකු එකක් දෙන්න. කමක් නැහැ" මම මිටිය ගෙන ගෙදර ගියෙමි.
මිටිය බාස්ලාට දුන්නෙමි. ඔවුන්ද සද්ද නැතිව මිටිය ගෙන වැඩ කන්ටුනියු කළහ. පැයක් යන්නට පෙර උඩ තට්ටුවෙන් ඔළුව දැම්මේ අක්කාය.
"මල්ලී හාල් මිටිය ගෙනාවද??"
"ඈ මොකක්??" මම ඇසුන දේ ස්ථිර කර ගැනීමට නැවත ඇසීමී.
"හාල් මිටිය. ඔයා තාම ගියේ නැද්ද? අද කන්නේ නැද්ද?" අක්කාගේ හිතේ මම කඩේ ගියේ නැහැ කියාය.
"මම ගෙනාපු හාල් මිටියක් නැහැ හලෝ.. ඔයා කිව්වේ මිටියක් ගේන්න කියලනේ.. මම මිටිය ගෙනත් බාස්ලට දුන්නා"
"අම්මේ.. මෙන්න මෙයා හාල් මිටියක් නෙවේ මිටියක් ගෙනත්.." ඒ සද්දෙට අම්මා විතරක් නොව තාත්තා ද එළියට ආවේය.
"නැහැ මෙයා ඔළුව දාලා කීවේ මිටියක් ගේන්න කියලා විතරයි. හාල් කතාවක් කීවේ නැහැ." තාත්තාට සීන් එක වැටහිනි. එය කාන්තා සන්නිවේදනයේ දුබලතාවයකි. අම්මාද කීවේ දැන් ඉතින් මිටිය කඩේට ගෙනිහින් මාරැ කරන් එන ලෙසයි.
"අපෝ මට නම් බැහැ ඕක මාරැ කරන්න යන්න. විලි ලැජ්ජාවේ බැහැ.." ආයේ සීන් එකට අත ගැහුවොත් මම හාඩ්වෙයාර් එක ඉස්සරහින් ගිහින් හමාරය. රෙදි නැත. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය.
තාත්තා මිටිය යවා මාරැ කරවා ඇත්තේ අපේ ගමේ හැමෝගේම වැඩ කරන කුලේ අංකල් අතේය. පොර හාඩ්වෙයාර් එකේ අයියාට සීන් එකඒ ටු (ඉ)සෙඩ් A to Z කියා ඇත. ටික දවසක් යනතුරැ මම හන්දියෙන් ගමන් නොකලෙමි. විකල්ප මාර්ග භාවිත කලෙමි.
ටික දවසකින් සීන් එකබැක් ටු නෝමල් back to normal වූ පසු මම හාඩ්වෙයාර් එක ඉදිරියෙන් යන විට චන්න අයියා මාව දුටුවේය. පොර මුකුත් කීවේ නැත. මිටියෙන් කුමකට හෝ තලනවා මෙන් අතින් පෙන්නුවා පමණි. ඒ හොදටම ඇතිය. රෙදි නැත. අමුඩේ ජොකා පමණක් ඇත.
Written by sAm_9.15am_27.11.'11
පලි- ඉන්පසුව මාව කඩේ යැව්වේ පොඩි කොල කෑල්ලක ගේන්න අවශ්‍යදේ ලියා දීමෙනි.දැන් මොනව හරි ගෙන්න කිව්වොත් මම කරන්නේ ෆෝන් එකේ පොඩි නෝට් එකක් දමා ගැනීමය.
පවුලේ බාලම දරැවා නොහොත් බඩ පිස්සා වීමේ අනිටු විපාක දන්නේ මද්දුමයෝ නොව මා වන් අනෙක් බඩ පිස්සෝමය. අම්මා, තාත්තාට පමණක් නොව අයියා, අක්කාටද කඩේ යාමට සිද්ධ වන්නේ දෛවයේ සරදමක් ලෙසය. ඇවිදින්න ආස කාලේ නිසාම කට ඇද කරගෙන, දිව දොට්ට දාගෙන කඩේ යන්න වෙන්නේ බේරෙන්න බැරිකමටය. අනෙක් සියළු ලෝ වැසි බඩ පිස්සන්ට මෙන් නොව සෑමාගේ කේන්දරය රැදුරැය. ගෙදර එවුන්ටත් වඩා අල්ලපු ගෙදර ලොකු අම්මා, මහප්පාගේ සිට සහෝදරයින්ටත් කඩේ යන්නට වූයේ සෑමාටය. ඒ පොඩි කාලේය. දැන් සෑමා පෙර වැරදි සිහිකර ඔවුන්ව කඩේ යැවීමට තැත් කරයි. නිව්ටන් මාමාගේ තෙවන තියරිය එයයි.
අපි චූටි කලේ අපේ ගෙදර තිබ්බේ කළු සුදු Daytron TV එකකි. හේමේ බයිස්කෝප් පෙන්නපු එක නෙවේය. ඒක තිබ්බේ උඩ තට්ටුවේය. උඩ තට්ටුවේ නිසා වයර් කෑල්ලක් ගැහුවත් සුපිරියට චැන්ල් සියල්ල පෙනේ. පහල තට්ටුවේ අපේ කඩ තියෙන නිසා අපි ඉස්කෝලේ ඇරී ඇවිත් දවසම සිටින්නේ පහල තට්ටුවේය. මමත් අක්කාත් උඩ තට්ටුවට ඒමට බයය. ඒ හොල්මන් භීතිකා නිසාය. බොහෝ අයට පොඩි කාලේ එහෙම ලෙඩක් ඇත. ඒ නිසාම අපි ටීවී බැලුවේ (අල්ලපු ගෙදර) අපේ ලොකු අම්මලාගේ ගෙදරිනි. අපි රෑට පමණක් උඩ තට්ටුවට එන්නේ නිදා ගන්න පමණි. ඒත් අපේ අයියා මට වඩා අවුරැදු 5ක් වැඩිමල් නිසා බය නැත. තනිවම උඩ සිටී.
එදා නිවාඩු දිනයක් වූ නිසා පවුලේ සැවොම ගෙදරය. අම්මා කුස්සියේ උයයි. තාත්තා පහල තට්‍ටුවේය. අක්කා උඩ තට්ටුවේ සාලයේය. අයියා හිටිය තැන මතක නැත. මම හිටියේ වත්ත පහලය. වත්ත පහල හිටපු නිසා මට ගෙදර කියන දේවල් ඇසෙන්නේ නැත. ඒ දවස් වල අපේ ගෙදර බාස්ලා කිහිප දෙනෙක් වැඩ කරමින් සිටියා වගේ මට මතකය.
"චූටි මැණිකේ හාල් නැහැ.. හාල් කිලෝ එකක් ගේන්න.." අම්මා කුස්සියේ සිට අක්කාට කියා ඇත. මම වත්තේ නිසා මට ඇසුනේ නැත. මම දන්නේත් නැත.
"තාත්තේ.. අම්මා හාල් ගේන්න කිව්වා.. කිලෝ එකක්.." බැල්කනියෙන් පහල තට්ටුවට ඔළුව දමා අක්කාගේ ඩියුටිය අක්කා තාත්තාට පවරා ඇත. මම ඒ සීන් එක දන්නේත් නැත. මට ඇසුනේත් නැත.
"කිලෝ එකක් එපා.. මිටියක්ම ගේන්න කියන්න..මල්ලි ඉන්නවා පිටිපස්සේ.." තාත්තා අක්කාට කියා ඇත. ඒ ඩයලොග් එකත් මට ඇසුනේත් නැත. මම දන්නේත් නැත.
"මල්ලී මිටියක්ම ගේන්න..." එවර අක්කා උඩ තට්ටුවේ දොරෙන් ඔළුව දා කීවේ මටය. මට ඇසුනේ එපමණය. මම දන්නේ ද එපමණය. "මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි". කීවේ සෝමසිරි මැදගෙදර මහතාය. ඒ මිටියකට නොවේ. ලදකටය.
"හරි.. හරි.. ඇයි තමුසෙට යන්න බැරිද? මටම කියන්නේ??" සුපුරැදු ප්‍රශ්නය ඇසුවත්.. ස්භාදහමට අවනත විය යුතුය. බඩ පිස්සා කඩේ යා යුතුය.
"මම දන්නේ නැහැ.. ඔන්න තාත්තා කිව්වේ.." ඉහල උසාවියෙන් ඕඩරයක් නිසා සද්ද බැරිය.
මම වත්තේ සිට තාත්තා ලගට විත් සල්ලිද ඉල්ලා ගතිමි.
"ගේන්න පුළුවන්ද ඔයාට?" තාත්තා ඇසීය.
"මිටියක් නේ.. ඕක මොකක්ද?? මම ගේනනම්"
මම කෙලින්ම ගියේ චන්න අයියලාගේ හාඩ්වෙයාර් එකටය. ඒක තියෙන්නේ අපේ හන්දියේය.
"අයියේ මට මිටියක් දෙන්න..."
"මොන මිටියක්ද? අඩු මිටියක්ද? නැත්තම් බිත්ති කඩන ලොකු මිටියක් ද?"
"එහෙම මුකුත් කිව්වේ නැහැ. මිටියක් කියලා තමයි කිව්වේ.." ගෙදර වැඩ කරකර සිටි බාස්ලා බිත්තියක් කඩ කඩ සිටියහ. අඩු මිටි ඕනේ වෙන්නේ ඇණ ගැලවීමටය. ලොකු මිටියක් ගෙන යාම නුවනට හුරැය.
"ලොකු එකක් දෙන්න. කමක් නැහැ" මම මිටිය ගෙන ගෙදර ගියෙමි.
මිටිය බාස්ලාට දුන්නෙමි. ඔවුන්ද සද්ද නැතිව මිටිය ගෙන වැඩ කන්ටුනියු කළහ. පැයක් යන්නට පෙර උඩ තට්ටුවෙන් ඔළුව දැම්මේ අක්කාය.
"මල්ලී හාල් මිටිය ගෙනාවද??"
"ඈ මොකක්??" මම ඇසුන දේ ස්ථිර කර ගැනීමට නැවත ඇසීමී.
"හාල් මිටිය. ඔයා තාම ගියේ නැද්ද? අද කන්නේ නැද්ද?" අක්කාගේ හිතේ මම කඩේ ගියේ නැහැ කියාය.
"මම ගෙනාපු හාල් මිටියක් නැහැ හලෝ.. ඔයා කිව්වේ මිටියක් ගේන්න කියලනේ.. මම මිටිය ගෙනත් බාස්ලට දුන්නා"
"අම්මේ.. මෙන්න මෙයා හාල් මිටියක් නෙවේ මිටියක් ගෙනත්.." ඒ සද්දෙට අම්මා විතරක් නොව තාත්තා ද එළියට ආවේය.
"නැහැ මෙයා ඔළුව දාලා කීවේ මිටියක් ගේන්න කියලා විතරයි. හාල් කතාවක් කීවේ නැහැ." තාත්තාට සීන් එක වැටහිනි. එය කාන්තා සන්නිවේදනයේ දුබලතාවයකි. අම්මාද කීවේ දැන් ඉතින් මිටිය කඩේට ගෙනිහින් මාරැ කරන් එන ලෙසයි.
"අපෝ මට නම් බැහැ ඕක මාරැ කරන්න යන්න. විලි ලැජ්ජාවේ බැහැ.." ආයේ සීන් එකට අත ගැහුවොත් මම හාඩ්වෙයාර් එක ඉස්සරහින් ගිහින් හමාරය. රෙදි නැත. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය.
අඩු මිටි ඕනේ වෙන්නේ ඇණ ගැලවීමටය. ලොකු මිටියක් ගෙන යාම නුවනට හුරැය |
තාත්තා මිටිය යවා මාරැ කරවා ඇත්තේ අපේ ගමේ හැමෝගේම වැඩ කරන කුලේ අංකල් අතේය. පොර හාඩ්වෙයාර් එකේ අයියාට සීන් එක
ටික දවසකින් සීන් එක
Written by sAm_9.15am_27.11.'11
පලි- ඉන්පසුව මාව කඩේ යැව්වේ පොඩි කොල කෑල්ලක ගේන්න අවශ්‍යදේ ලියා දීමෙනි.
යකෝ පොස්ට් එක දාලා පැයක් යන්න කලින් 15ක් like කරලා.. කියෙව්වට කමක් නැහැ..සෑමාට කතන්දර හදන්නෙපා.. හරිය..
ReplyDeleteහික් හික් ...
ReplyDeleteඋඹ හරි හුරතල් බං
ReplyDeleteඅසරණයා- ලැජ්ජ හිතෙනවා බං..
ReplyDeleteසමාන පද හරඹ නිසා පොඩි කාලේ වැටෙන තොප්පි :))
ReplyDeleteශෙහ්! විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
ReplyDelete@හසිත- සිරාවට, මොකට එක වගේ වචන හැදුවද මන්දා..
ReplyDelete@විසිතුරැ- කාලයක් මම ඔය කියන හාඩ්වෙයාර් එක ලගින් ගියෙ නැත්තේ තංතෝසේ බැරි නිසා තමා..
ස්තුති මේ පැත්තේ ආවට..
miti sam
ReplyDeleteහයියු කලුව මාරපන් ගිහින්නෙ
ReplyDelete