Friday, November 25, 2011

සෑම්ගේ අන්තිම ලිවීම...

ලගදී ඉදලා කට්ටිය දකින්න ඇති බ්ලොග් එකේ හින්දි කියමනක් තියෙනවා. "බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ කියලා.." මේක ට්‍රාන්ස්ලේට් කර ගන්න බැරි කට්ටිය මගෙන් ඇහුවා මොකද සෑමා සීන් එක කියලා. ඒ කතාව නොහොත් DJ බව්වා (පීටර් ගේ නම වෙනස් කළා )ගැන ලියන අන්තිම ලිවීම තමා මේ. ආයෙත් සීන් එක ගැන අහන්න එපා මේ කතාවෙන් අහවරයි.


නහී වේරේන වේරානී
සම්මන්තීද කුදාචනං
අ‍වේරේනච සම්මන්තී
ඒස ධම්මො සන්න්තනෝ

වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ
-ධම්ම පදය
(සෑමා දහම් පාසල් අවසාන ශ්‍රේණිය D 2ක් C 2ක් ගත්ත පොරක්ලු)

මේ ලගදි ෆේස් බුක් එකේ ලින්ක් එකක් ෂෙයා(ර්) කළා. ඒක www.gossiplankanews.com එකේ තිබ්බ ලින්ක් එකක්. ජැක්සන් මහත්තයා ගැන තමා ලින්ක් එක තිබ්බේ. මෙන්න ලින්ක් එක.
පොර ගහපු ස්‍ක්‍රීන් ප්‍රින්ට් එකක් පොරගේ වෝල් එකේම තිබ්බා මෙන්න
හැබැයි සිංහල යුනිකෝඩ්වත් නැහැ
(මේ පෝස්ට් එක දාලා වැඩක් වෙන එකකුත් නැහැ ඕනෙම කෙනා කියවන එකක් නැහැ)
ඒ කතාව ජැක්සන් මහත්තයාම කියපු කතාවක්. අපි කියපුව නෙවේ නේ. ඒත් මේ ලින්ක් එක දැක්ක, මගේ ලිස්ට් එකේ හිටපු DJ බව්වෙක්ට මල පැන්නා. හේතුව මොකද දන්නේ නැහැ. මම හිතන්නේ නෑදෑයෝ වෙන්න ඇති. (නැත්තම් jack-son කෙනෙක් වෙන්න ඇති) DJ බව්වා එතන ඉදන් මට චෝදනා ඉදිරිපත් කලා. ෆොටෝ එකකුත් විකෘති කරලා හදලා තිබ්බා.

  1. උඹට වැඩ නැද්ද බ්ලොග් ලියන්නේ?
  2. ගෑනි වගේ අනුන්ගේ ඒවා හොයන්නේ?
  3. මගේ කවියකට දාලා තිබ්බා දෙකට නැමිලාම හිටපන් කියලා.
  4. etc;
යුතුකම විදියට වග උත්තර කියන්නම්...
  1. උඹට වැඩ නැද්ද බ්ලොග් ලියන්නේ
    බ්ලොග් ලියන්නේ වැඩ නැති එවුන්ද? කතන්දරකාරයා ඩිග්‍රිකාරයෙක්, සමාජයේ හොද තැනක ඉන්න , රජයේ අංශයේ ඉහල රැකියාවක් කරන බුවෙක්. රාජ්ගේ නවාතැන කරන්නේ හොද ජොබක් කරන බිසී පොරක්. ඒත් ලස්සනට ලියනවා. සෑම්ගේ අඩවිය කරන්නේ IT කාපර් කෙනෙක්. සොෆ්ට් වෙයාර් ඉංජිනේරැවෙක්. අනිවාරතේ කරන්නේ අපේ කොල්ලෙක්. පේරා යුනි එකේ ඉංජිනියරින් ඉගෙන ගන්න, ජොබ් එකක් කරන ගමන් වැඩිදුර ඉගෙන ගන්න පොරක්. එතකොට ඔබ නොදුටු ලොවක්, සිතක සංකල්පනා, බුවාගේ සිතුවිලි, සිතුවිලි පවුර, සබිත්, දැනට මේ උදාහරණ ඇති. මම DJ බව්වා ගෙන් අහන්නේ මෙයාලට වැඩ නැද්ද? මටත් වැඩ නැද්ද? ඇත්තටම ප්‍රශ්නේ බ්ලෙග් කාරැවන්ට ‍වැඩ තියෙනවද නැද්ද කියන එක නෙවේ. බව්වට බැරි වුණ කාලය කලමනාකරනය කරීම අනිත් එවුන් කරනවට ඉරිසියයි.
  2. ගෑනි වගේ අනුන්ගේ ඒවා හොයන්නේ?
    ගෑණු වගේ අනිත් එවුන්ගේ ඒවා හොයනවා කියන්නේ, තමන්ගේ අම්මා තමන් ගැන හොයන නිසාද?  වෙලාවට DJ බව්වා ඒ කාලේ හිටියේ නැත්තේ. "අයිසැක් නිව්ටන්ටත් වැඩ නැහැ අපරාදේ ගෑණිවගේ ඇපල් ගෙඩි පස්සෙ පන්නනවා". "ආකිමිඩිස්ට පිස්සු ගෑණිවගේ රජාගේ ඔටුන්න පස්සේ ගිහින්, උඩුකුරැ තෙරපුම ගැන හොයා ගත්තා"... මේ ටිකත් ඇති නේද? DJ බව්වා ඒ කාලේ හිටිය නම් නිව්ටන්ලා, ආකිමිඩිස්ලා ඒ කාලෙම බ්ලොග් හදාගෙන DJ බව්වා ට විරැද්ධව මේ වගේ පෝස්ට් දානවා.
  3. මගේ කවියකට දාලා තිබ්බා දෙකට නැමිලාම හිටපන් කියලා.
    මම දැම්මා ඩුම්මගේ සූදුව කියලා පෝස්ට් එකක්. ඒකේ පළවෙනි විරිදුව කමින් කෑල්ලක් විදියට දාලා තිබ්බා ෆේස් බුකියේ.

    පළමුව ඔබ දුන්න "කමෙන්ට්" සිහිකරගෙන බ්ලොග් ගුණ කද
    දෙවනුව නුඔ දාපු "ලයික්" මෙනෙහි කරලා මෙන්න වැන්ද
    තෙවනුව "ෂෙයා(ර්)" කෙරැවට වැන්ද නැමිලා පින් දී සොද
    පබ්ලිෂ් කරනව ඩුම්මගෙ සූදුව කවියෙන් මම කර ප්‍රබන්ධ

    ** මෙන්න මේකේ නැමිලා වැන්දා කියපු එකට තමා බව්වා කමෙන්ට් කරලා තිබ්බේ දෙකට නැමිලම හිටු කියලා. අපි නැමෙන්න ඕන වෙලාව දන්නවා. ඒ වැඩිහිටියෙක්ට වදින්න, එහෙම නැත්තම් උවමනා වෙනත් වැඩකට. බව්වා කියන නැමිල්ල වෙන එකක් වෙන්න ඇති. බව්වන්ට මග තොටේ වෙන අතවර ගොඩයි නේ.
  4. etc;
    DJ බව්වා කෙනෙක් එක්ක වුණත් හැප්පෙන සීමාවක තියෙන නිසා මගේ ෆේස් බුක් එකේ තැන තැන ජරා කරන නිසාත් මම DJ බව්වා block කලා. block කිරීමෙනුත් DJ බව්වා උද්දාමයට පත්වෙලා හිතලා තියෙන්නේ මම facebook account එක deactivate කරලා කියලා. (DJ බව්වා බ්ලොක් කිරීම නොදනී) උද්දාමයෙන් දාපු ෆොටෝ එක මෙන්න.
Deactivate කළා කියලා තමා ෆොටෝ එකේ තියෙන්නේ. බව්වා block කරන සීන් නොදනී
block කලාටත් පස්සේ පාළු ගෙදර වලං බිදනවා වගේ DJ බව්වා මඩ ගසා ඇත. මට තව හින්දි පිරැළක් මතක් වුණා. අනේ මන්දා මන මෝහන් සිං මහත්තයා මාව උස්සයිද දන්නේ නැහැ.
"ලූලා නහී හේ, කන්යා පණ්ඩිත් ජී හෝතාහේ"

මේ ඇති. ආයෙත් බව්වා ගැන කතා නැත. ඒ පහත ධම්ම පදයේ එන ගාථාවට අනුවය.

වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ

කසල සිත අසල කසල මිස කුසල නැත. රස දන්නා සැම, "සෑමා" සමගය. 
ඔබට පිං.

ධාර්මිකව ලීවේ "සෑමා" නොවැම්බර් 25, උදෑසන 12.35
(වැඩ නැද්ද මන්දා මූට මේව ලියන්නේ??)
DJ බව්වා ගැන ‍නැවත නොලියන සතුටට ලයික් එකක් දාලා යන්න.. ලොල්..

11 comments:

  1. මොකක්ද මේ සීන් එක .......වලියක් ද ඈ....

    ReplyDelete
  2. @ඔබ නොදුටු ලොවක්- පොඩි වලියක් ගහගත්තා මචෝ.. ලොල්... බව්වා පැට්ටෙක් ජරා කලා...

    ReplyDelete
  3. සැම්..අපි උබේ පැත්තේ මචන්....කිප් ඉට්‌ අප්....!

    ReplyDelete
  4. වෛරයෙන් වෛරය නොසන්සිදේ
    අවෛරයෙන් වෛරය සන්සිදේ

    උඹ හරියට හරි. ඕව ගනංගන්න එපා. මමත් එකසැරයක් එකෙකුගෙ ගොං වැඩකට කලබල උනා. දැං නං ගානක් නෑ. එක එක මාණසික තත්වයන්වල ඉන්න සත්වයන් අපි අතරෙ ඉන්නවනේ.

    //රාජ්ගේ නවාතැන කරන්නේ හොද ජොබක් කරන බිසී පොරක්.// මේක ෂෙයා කරන්න හිතෙනව බං මට. බි.පෙ.සි.

    ReplyDelete
  5. @රාජ් මහත්තයා- ෂෙයා කරන්න හිතෙනව නම් කරපං කොලුවෝ... :ඩී... අපි ඉතින් යහ ගුණයෙන් ඉදිරියට නේ බං...

    ReplyDelete
  6. මේවට කියන්න උපමා අනන්තයි අප්‍රමාණයි, සිංහලේ මහා පවාදීම් එදා සිට අද දක්වා තවමත් රැගෙන එන කට්ටිය ඉන්නවා, පල ඇති රුකටලු බන් කොල්ලොත් ගල් ගහන්නේ, බල්ලත් චු කරන්නේ ඒ නිසා අපි කරගෙන ආපු වැඩ ඔය ඉන්න බැරි උන්ට ඕන කුදයක් ගහගන්න කියලා දිගටම කරගෙන යමු. පටන් ගත්ත වෙලාවේ හිටිය වගේම අන්ටිම දකවා මේකා ඕනේ දේකට ඉන්නවා ..

    ReplyDelete
  7. ජේ/බී/එල්- නෝ කමෙන්ට්ස්... ටෑන්කස්.. ටෑන්ක්ස්..

    ReplyDelete
  8. මෙහෙම දෙයක් තියෙනවා. බ්ලොග් එකේ ලියන්නේ අපි. ඒ නිසා අපිට කැමති අපි දන්න අපි අහන දකින දේවල් ලියනවා. කැමති අය කියවයි අකමැති අය නොකියවයි.

    කියවන්න අකමැතියි නම් නොකියවා ඉන්න එක තමයි කරන්න ඕනේ.ආසාවෙන් මොනහරි ලියන කෙනෙක්ව අධෛර්යමත් කරන්නේ නැතුව. ඕන කෙනෙක් ඕන දෙයක් කිව්වදෙන්. මල්ලි දිගටම ලියන්න මල්ලි. අපි ඒ අයට අනුකම්පා කරමු !!!!

    හැම කෙනාට කැමති දේවල් කරන්න බෑ මල්ලි.

    ගොවිතැන් කරන එකා වැස්සට කැමති උනාට ගඩොල් හදන එකා වැස්සට කැමති නෑ. මිනිස්සුන්ගේ අවශ්‍යතා ඒ වගේම ආස කරන දේවල් විවිධාකාරයි.

    ReplyDelete
  9. @මධු- යතාර්ථ වාදී බහුතරය අප සමගයි අයියා.. තැනක් යූ වේවා.. මධුරගේ සටහනට ජය..

    ReplyDelete
  10. හික්ස්! අපි නම් ලොකු මිනිස්සූ නෙවෙයි හරිය!!!! අත ඇරලා දාපන් බං!මෝඩයෝ එක්ක වලි දාගත්තම උන් අපිවත් ඒ ගානට ඇදලා දාලා පස්සේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට කෙලිනව කියල මිනිස්සු කියන්නේ නිකන් නෙවෙයි නේ!

    ReplyDelete
  11. සබියා- සත්‍යය කතාවක්.. තැන්කස් මචෝ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...