උදේ ඉදන් හවස් වෙනකල් අපි කරන කියන දේවල්, හිතන දේවල් රෑට හීන විදියට පේනවාලු. ඒත් අපි නොහිතපු, නොකරපු දේවල් පවා පේන්නේ ඇයි කියන එක ගැටළුවකි. සමහරක්ට පේන සමහර හීන වැඩිහිටියන්ට පමණයි කියලා ලේබල් ගහන්න පුළුවං ඒවාය. අනික ඒවා ටීවී එකේ පෙන්නුවොත් කොටු දාන්න සිද්ධ වේ. සිහින දෙව්දුවේ.. සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්.. වගේ සිංදු වලින් පටන් අරගෙන සිහින පාරාදීසයේ වෙනකල් සිංදු නම් කීයක් ලියවෙන්න ඇත්තද හීන ගැනම. ඒ හැම හීනයක්ම අතරේ එකිනෙකාට ආවේනික වෙච්ච හීනත් තිබේ.
ඒලෙවල් ඉහලින්ම පාස් වෙන් ඕනේ කියන හීනේ එක්ක අපි පාඩම් කරන්න සෙට් වුණේ විභාගයට මාස කීපයක් ඉදිරියේදීය. මුලින්ම අපි පුෂ්පේ ගේ ගෙදර සෙට් වුණෙමු. කෑම බීම කිසි අඩුවක් නැතිව ලැබුණ නිසා දෝදුවා (කෘතිම වැස්සේ ප්‍රධාන චරිතය - දෝදුවා කීවාට අහිතක් හිතන්න එපා. අපි ඉස්කෝලේ යන කාලයේ කරපු වැඩ වල ප්රථිඑලයක් විදියට පොර දෝදුවා වීය. එහෙත් පොර දෝදුවා නොවේ දෝදු කුමාරය) ආවේ කෑම ටික කාලා ටිකක් වෙලා පොතක් පෙරලලා නින්දක් දාන බලාපොරෙත්තුවෙන් පොත් අරගෙනය. පුෂ්පේට නම් කිසිම අවුලක් නැත. පොර ගෙදර වගේ නිදිය. මාත් වටපිට බලලා නිදාගන්නේ මුන්ට එපා නම් මට මොකෝ කියාය.
"මේක හරි යන්නේ නැහැ බං, මට ගෙදර නිසා පැලෙන්න නින්ද යනවා" පුෂ්පේ බැරිම තැන කීය.
"එහෙනම් අපේ ගෙදර සෙට් වෙලා පාඩම් කරමු" දෝදුවා විසදුමක් දුන්නේය. පසුදින සිටම අප සෙට් වූයේ දෝදුවාගේ ගෙදරය.
දෝදු ගේ නිවසට ආසන්න හන්දියේ අපේ තව මිත්‍රයෙකුගේ නිවසක් තිබේ. පොර හර්ෂකය. හර්ෂක කලේ කොම(ර්)ස් නිසා අපිත් එක්ක පාඩම් කරන්න සෙට් වුනේ නැත. ඒත් දෙවෙනි පාර ඒලෙවල් කරනකොට දෝදුවා කොම(ර්)ස් කරන එවුන් එක්කම සෙට් වෙලා මැත්ස් පාඩම් කළාලු. බලන්න දෝදු නැද්ද කියලා.
හර්ෂගේ පියාට තට්ටු තුනක වෙළද ස්ථානයක් ඇත. එහි උඩම තට්ටුවට නැග්ග විට අපට කැළණි ගග හොදින් දිස්වේ. ගං වතුර කාලෙට හර්ෂකලාගේ ඉඩමම වතුරෙන් යට වේ. ඒ කාලෙට දෝදුවා රැදෙන්නේ හර්ෂකලාගේ නිවසේය. දෝදුවා ගෙදර යන්නේ ගංවතුර අහවර වී තැඹිලි, පොල් කෝම්බ ඉවත් කර ඩෙංගු මර්ධනය කිරීමෙනුත් පසුවය.
සුපුරැදු පරිදි අපි දොදුවගේ නිවසට සෙට් වුණේ පාඩම් කරන්නටය. ප්‍රක්ෂිප්ත ගණන් කීපයක් හදාගෙන යන විට නොදැනීම රෑ විය. දෝදුගේ පොතේ අකුරැ බොද වෙන්නට විය. පුෂපේ ගේ ඔළුව පොතට පාත් වෙන්නට විය. මගේ ඇස් දෙපැත්තට යන්නට විය.
"හරි යන්නේ නැහැ බං දැන් ඇති" බැරිම තැන දෝදු කීය.
"ඇයි බං අපිට මේ කාලෙටම නින්ද යන්න එන්නේ? බලපං ඕලෙවල් ඉවර වෙලා ගෙදර හිටියා නින්ද යන්නේ නැහැ. දැන් යකෝ බොක දාන්න ඉදගත්තත් නින්ද යනවා"
"ඒකට තමා බං කරැමේ කියන්නේ. ඔන්න ඔහේ නිදා ගමු බං" මම කීවේ ඉන්නම බැරි තැනය.
"හරි බං ඔය පැදුරැ දෙක දාලා ඇල වෙමු. බෙඩ් ෂීට් ටිකත් ගනින්" දෝදුවා නිදා ගැනීමේ පසුබිම සකස් කලේය. දෝදු මැද නිදා ගත්තේ පුෂ්පේ සහ මාව දෙපැත්තට දමමිනි.
නිදාගෙන පැය තුනක් යන්නට නොලැබිණි. කවුරැන් හෝ ඇවිදින්නට ගොස් මගේ කකුල් දෙකේ පැටලෙනු මට දැනින. මම තිගැස්සී කළුවරේම ඇසුවේ කවුද කවුද කියායි. දොදුවාද එහා පැත්තේ නැත. බැලින්නම් ඒ දෝදුය.
"ඇයි බං උබ හීනෙන් ඇවිදිනවද?" මම ඇසීමි.
"මොනවද උඹ ඔය තුරැල් කරන් යන්නේ" දෝදු තවත් යමක් තුරැල් කරන් යනු දුටු මම නැවත ඇසීමි. පොර සද්ද නැත. ඉස්සරහ දොරින් ගියේය. ඉන්පසු ඇහුනේ ටැප් එකේ සද්දයයි. වටපිට බැලූ මට පෙනුනේ පොරගේ බෙඩ් ෂීට් එකත් අතුරැදහන් බවයි.
නැවත දෝදු එන තුරැ සිට මම ප්‍රශ්න වැලක් ඇසීමි.
"කොහෙද බං ගියේ?"
"මම නරක හීනයක් දැක්කා බං" දෝදු කී මුත් මුහුණින් බය වුණ පාටක් පේන්නට නැත.
"ඒ මොකක්ද බං ඒ? උබ රිසල්ට් ෂීට් එකවත් දැක්කද? බෙඩ් ෂීට් එකත් තුරැල් කරන් ගියේ?" මට හිනා යන්නට ඔන්න මෙන්නය. මම පුෂ්පෙයාද ඇහැරැවේ දොදුගේ කතාවට සාක්ෂිකරැවෙක් අවශ්‍යය නිසාය.
"නැහැ බං මම දැක්කා හීනෙන් හර්ෂකයයි මමයි උන්ගේ උඩ තට්ටුවේ ඉන්නවා" දෝදු ස්ටෝරිය ඇඹීය. හරියට එෆ්.එම් එකක සිහින මන්දිරේට කතා කළා වගේය.
"මායි හර්ෂකයයි උන්ගේ උඩම තට්ටුවේ හිටියා බං ගග දිහා බලාගෙන, හර්ෂකයා මට චැලෙන්ජ් කලා බං එහා පැත්තෙන් පේන ගගට වැටෙන්න චූ කරන්න පුළුවන්ද කියලා අහලා"
"ඉතිං ඉතිං..." කථාව ආතල් බව වැටහුණු අපිට ඉවසුම් නැත.
"මාත් හා කිව්වා මචං.. හර්ෂකයා ඉස්සෙල්ලම චූ කළා. මම ඊට පස්සේ ඊටත් වඩා දුර චූ කළා... හර්ෂකයා ආයෙත් දැම්මා..මාත් ඊට වඩා දුර දැම්මා ට්‍රයි කරලා... ඒත් ගගට වැටුනේ නැහැ.." දෝදු දැක ඇත්තේ චූ හීනයකි.
"මගෙ අප්පෝ බං ඔහොමත් තටමනවද? තොගෙ මුත්‍රා බොක්ක පැලුනනම්??" පුෂ්පේ කීය.
"හිටපං කෝ කියනකල්.. ඊට පස්සේ හර්ෂකයා ආයෙත් දැම්ම.. ඊට පස්සේ මම දැම්මා බං ගගටම.." දෝදුවා ආඩම්බරෙන් කීය.
"අඩෝ.. මීටර් 300ක් විතර දුරැ උබ දැම්මා.. උඹ ඒලෙවල් ලියන්න එපා බං.. වත්තේ මල් පැල වලට වතුර දාපං.." මම කීවෙමි.
"ඒත් උබ ඇයි සෑම්වත් පෙරලගෙන එලියට පැන්නේ" පුෂ්පේ වැදගත් ප්රශ්නය ඇසීය.
"නැහැ බං මට එතකොටම ඇහැරැණා බලනකොට මම බෙඩ් ෂීට් එක පිරෙන්න චූ කරලා..උබලා ඇහැරෙන්න කලින් හෝදලා දාන්න ගියා."
එක අතකට අපි කරන කියන දේවල් හිතන පතන දේවල් හීන විදියට පේනවා කියන්නේ ඇත්ත විය යුතුය. දෝදුගේ සිහිනයට කලින් පොර හර්ෂකලාගේ ගෙදර ගියේය. රෑ පාඩම් කලේත් ප්‍රක්ෂිප්ත පිළබදවය. අංශක 45ක් ආනතව සිදුකරන ප්‍රක්ශේපනයක් එම වේගය යටතේ උපරිම දුරක් ගමන් කරන න්‍යාය දෝදුගේ සිහිනයට එක් වන්නට ඇත.
දෝදු කොම(ර්)ස් නොකරපු නිසා මුත්‍රා සිහිනය ජයගත්තේය...
උපදෙස- බැරි වුණත් සයන්ස් කරපල්ලා..
Written by sAm_4.00pm_23.11.'11
වැදගත්- මේ කතාවේ ලියවුණ හැම චරිතෙකෙම ඉන්නේ නියම කොල්ලෝ ටිකක්. සමහර කතා බලපු වෙනස් ජාතියේ කොල්ලන්ට තද වෙලා, සෑමා ලියන්න ගිහින් කතන්දර අහගත්තා. ඒ නිසා දිරවන්න බැරි අය කියවන්න එපා කියන්න තමා තියෙන්නේ. ඒත් රසිකත්වයක් තියෙන උදවියගේ බකප් එක නිසා තමා ලියන්නේ.
**මට හින්දි කියමනක් මතක් වුණා "බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ..." පුළුවන්නම් ට්‍රාන්ස්ලේට් කරගන්න.

ගගට වැටෙන්න චූ කරන්න පුළුවන්ද??? |

අපේ කැම්පස් එකේ යාලුවෙකුත් ඔහොම ඇඳේ චූ කලා.ඒකා හීනෙන් දැකලා ලස්සන බාත් රූම් එකක්. බර දාලා චූ කලා ලු.
ReplyDeleteඅඩෝ මේකට උඹලා මර්කටින් පාර දුන්නේ නැති එකක්, දුන්නා නම් ඕකාට අපි කාඩ් එක විදියට දාන්නේ "හුජ්ජ Star" කියලා
ReplyDeleteඑළ එළ ..තාම ඉන්නවද ඔය සෙට් එක....
ReplyDelete@මධුරංග- අර අල්මරියට චූ කරපු කතාව වගේ..
ReplyDelete@ජේ/බී/එල්- පව් හින්දා බං කිව්වේ නැත්තේ.. ඒත් ගමම දන්නවා..
@ඔබ නොදුටු ලොවක්- සෙට් එකම ඉන්නවා ඒත් තැන් තැන් වල.. මල ගෙවල් තිබ්බොත් සෙට් වෙනවා.. ලොල්..
මෙන්න තවත් චූ කතාවක්....
ReplyDeleteචූත් වෙලාවකට මාර සුවදයි කියල දැනෙන්නෙ මේ වගේ වෙලවලදි....
මෙන්න මේ දවස්වල අපේ පැත්තෙත් යනව චූ සීරියස් එකක්ම ... නිකන් නෙවෙයි... චූ කරල පුරුසාදිපත්ය බේරගන්න හැටි
http://mamaiarui.blogspot.com/2012/01/3.html
සිරාවට මම කියෙව්වා.. චූ කේස් මේටිකේ වත්ත වටේම. මේ ඔක්කොම අර ගැජට් එක නිසා නොවැ :)
Deleteහික්ස්ස්ස්ස්ස්ස්.....:D :D :D මේ ටිකේ චූ කතා වැඩියි!!! මොනා වුනත් මරු යාළුවො ස්එට් එකනෙ...;)
ReplyDeleteචූ කතා හැම තැනම.. අපරාදේ මම මේක ඒ දවස්වල දැම්මේ :)
Deleteඅඩේ මේක මිස් වුනේ කොහොමෙයි කියලා මම මේ කංපනා කරන්නේ... පට්ට ස්ටෝරික්නේ...
ReplyDeleteබවුජි බවුරා නහී කන්දෙස් පාතා කියලා තමා අරකට හින්දියෙන් කියන්නේ....