Friday, November 18, 2011

බඩුත් එක්ක හොරු...

‍අපි ඉස්කෝලේ යන කාලේ ඒ කියන්නේ 7 වසර 8 වසර දී විතර ෆ්ලොෆි එකක් ඉස්කෝලේ ගෙනාවොත් පට්ට ප්ලේස්ය. ඒවගේ කාලෙක සාලිය හදපු නයිට් රයිඩර් සර්කිට් එක මතකයි නේද? අපේ අයියා විසික් කරන ෆ්ලොෆි ඩිස්ක් ඉස්කෝලේ ගෙනිහින් මට තිබ්බෙත් පට්ට ප්ලේස් එකක්ය. මමත් ගෙදර ඉන්නකොට අපේ අයියාකාරයා වැඩ කරන්නැති ෆ්ලොෆි විසික් කරනකල් බලන් ඉන්නේ ඉස්කෝලේ අරන් ගිහින් වැඩ දාන්නටය. දැන් ඉපදෙන එවුන් පස්සේ කාලෙක අපෙන් අසනු ඇත්තේ සීයේ ෆ්ලොෆිය කියන්නේ ‍මොකක්ද කියලාය. එත කොට ඉතින් අපේ සීයලා අපිට බුල්ටෝ ටොෆී ගැන කීවා වගේ කියන්න වෙන්නේ ඒකත් හරියට ‍ටොෆී එකක් වගේ කියාය. ෆ්ලොෆිය අපිට මැජික් වුනේ ඒකේ මෙගා බයිට් 1.44ක ඩේටා දාන්න පුළුවන් නිසාය. මගෙ අප්පේ එච්චර ගො‍ඩාක්???. 
මෙගා බයිට් 1.44ක්?? මගේ අපේපේ..
අපේ එවුන් ඒ කාලේ ගෙදර ඉන්න අයියාගෙන්, නැත්තම් තව යාළුවෙක්ගෙන් අමාරුවෙන් හොයා ගන්න වැල ෆොටෝ දෙක තුනක් (වීඩියෝ දුලබයි) අමාරුවෙන් ඔබාගෙන එන්නේ මේ වගේ ෆ්ලොෆි එකකය. ඒත් සමහර ෆ්ලොෆිවල අමාරුවෙන් දාගෙන එන පින්තූර ඉස්කෝලේ එන කොට එහෙමත් නැත්තම් අල්ලපු ගෙදරින් අපේ ගෙදරට ගේනකොට ‍ෆ්ලොෆියේ නැත. නැවත ෆෝමැට් කරන්නට වේ. 

ඉස්සර අපේ එවුන්ට කොම්පියුටර් ජිල්මාට් දුලබය. කම්පියුටර් අඩු නිසා සමහර එවුන් කම්පියුටර් ගැන හෙන ගජබින්න අත අරිති. ඒ අතර මට හොදටම මතක 8 වසරේදී අපේ සංඛයා කීවේ පොර ගෙදර යන ගමන් මඩවලක තිබී කම්පුයුටර් එකක් ඇහිලුවා කියාය. අපි ඒ කාලේම කීවේ පොර වැරදිලා අහුලන්නට  ඇත්තේ සයන්ස්ටිෆික් කැල්කියුලේටරයක් බවය. පොරට එය කම්පුයුටර් එකක් ‍වගේ වන්නට ඇත.

ඒ කාලේ ගොඩක් එවුන්ට තිබ්බේ ටී වී ගේම්ය. ඒ කියන්නේ අපේ කාලේ වීරයා වුනේ "සුපර් මරියෝය". ඒක පස්සේ කාලෙක උඩ රැවුල තිබ්බ, මිටි, බම්ප් වෙවී ඇවිදින  ප්‍රින්සිපල් කෙනෙකුටත් දාපු නමකි. ප්ලේස්ටේෂන් එකක් තිබ්බේ එහෙමත් එකෙකුටය. සමහරු අල්ලපු ගෙදර තිබ්බත් කථා කරන්නේ තමන්ගේ ගෙදර තියෙනවා මෙන්ය. අපේ එවුන් ඒ කාලේ ටීවී ගේම් වලට එන කාට්රීජ් මාරු කරගෙන සෙල්ලම් කිරීමේ  ජාවාරමක නිරත විය. ඒත් මේවා ගේට්ටුවෙන් ඇතුලට ගෙන ඒම තහනම්ය. අනික ගේට් එක ලගදී බෑග් වැඩිහිටි ශිෂ්‍ය නායක නායිකාවන් අතින් පූර්ණ පරීක්ෂාවට ලක්වේ. (එයාලත් මේවාට ආස නිසා හොදට චෙක් කළහ) ඒක නිසාම අපේ එවුන් කෑම පෙට්ටියේ, පොත් වල කවර අස්සේ, නැත්තම් ෂර්ට් අස්සේ, මේස් එක අස්සේ, තමයි ඒ වගේ වටිනා කියන දේවල් අරන් ආවේ. කාට්රීජ් වගේ ඒවා  පේන නිසාත්, ගේන්න අමාරු නිසා ප්ලාස්ටික් කව‍රය අයින් කරලා සර්කිට් එක විතරක් ගෙනාපු කාලෙකුත් තිබිණි. මේ කාලේ කැසට් පීස්, ඩෙක් පීස් එහෙමත් තිබ්බා. ඒත් ගේන්න අමාරුයි. වැඩ කරන්නේ නැති පීස් වල ටේප් ගස් වල එල්ලී එල්ලී තමා තිබ්බේ.
අපේ කාලේ වීරයා වුනේ "සුපර් මරියෝය"
පස්සේ කාලෙක අපේ එවුන් සෞඛ්‍ය පොත අග ඉදන් මුලට කියවලා ඉතින් වැඩිහිටි වෙන්න ගත්තේ 9,10 වසර වලදීය. අපේ එවුන් අතට සීඩී එන්න පටන් ගත්තේ අන්න ඒ කාලේය. ඒවාත් ගොඩක් ආවේ පොත් වල පිටකවර අස්සේ නැත්තම් ෂර්ට් එක අස්සේය. ඒත් ඉතින් අපේ එවුන් මොන දේ ආවත් දේශීය දේවල් වල වටිනාකම රැක ගැනීමට උත්සුක වූහ. ඒ කියන්නේ පත්තරය. ඒ කියන්නේ විජය, මිහිර, විදුසර ‍ගැන නෙවේය. රෑප තියෙන, කතන්දර තියෙන, කක්කුස්සියේ ඉදන් කියවන, ඒ කාලේ අපේ එවුන්ට ඉතා වැදගත් වූ පත්තර ගැනය.

මේ පත්තර නිසා අපේ එවුන්ගේ සහයෝගීතාව වැඩි වීය. හේතුව පිටු මාරු කරගෙන කියවීමයි. මම නම් කිව්වේ මේවා ෂෙක්ෂන් එකේ නෝටිස් බෝඩ් එකේ එහෙමත් නැත්තම් බිත්ති පුවත් පතේ දැම්මනම් හොදයි කියාය. සමහර වෙලාවට හැමෝටම කියවන්න වෙලා නැති හින්දා එක්කෙනෙක් කියෙව්වේ වටේ ඉන්න සෙට් එකටම ඇහෙන්නය. හරියට ඉස්සර ගමේ කෝපි කඩේ අකුරු බැරි එවුන්ට ඇහෙන්න ප්‍රවෟත්ති කීවා වගේය.

මේ කාලේ දරුණුවට ගිය ඩුම්මගේ සූදුව මෙන්ම මේ ජාවාරම් මර්ධනයට පිනාගෙන් උපාය යෙදුනේය. හදිසි පන්ති වැටලීම් මෙහි ප්‍රතිඵලයක් විය. ඒ නිසා අපේ එවුන් සදුදා උදෑසන රැස්වීමට ගියේත්, ගේන බඩු රහස් තැනවල තැබුවේත් වැටලීම් වලින් බේරී සිටීමටය. (ගොඩක් ‍හොර බඩු හැංගුවේ බුදු පහන තියෙන ලෑල්ල අස්සේ හෝ ගුරුමේසයේ රෙද්ද යටය) නැත්නම් පන්තියේ නැති අතරතුර රහසේ පන්ති වටලා නඩු භාණ්ඩ රැගෙන රැස්වීම අතර තුරදීම ස්ටේජ් එකට කැදවීමකි සිදුවේ. එය පට්ටම චාටර්ය.

එදා සුපුරුදු පරිදි නඩු භාණ්ඩ සගවා අපි සදුදා උ‍දෑසන රැස්වීම පැවැත්වෙන පිට්ටනියේ පේලියට සිටියෙමු. ප්‍රින්සිපල්ගේ කථාව අතරතුර ස්ටේජ් එකට ආවේ ඒ කාලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාය. පොර අතේ කළුපාට ලොකු ටියුලිප් බෑග් එකක් පිරෙන්න ‍අල්ලා ගත් හොර බඩුය.

ඉන් ඩෙක් පීස් 5ක් පමණ එලියට ගත් පිනා ඇසුවේ මේක කවුද ගෙනාවේ කියාය. කවුරුත් සද්ද නැතිය. එකක් පටාස් ගා පොලොවේ ගැසින. අයිතිකරුට බලා සිටිය නොහැකිය. තවෙකක් පොලේ ගැසින. පීටර් ස්ටේජ් එකට නැග අනන්‍යතාව ප්‍රකාශ කලේය. පසුදාම පීටර්ගේ දෙමාපියන් කැදවා පිනා කළේ ඔහුට දෙමාපියන් ඉදිරියේම ටීවී එක දමා ඩෙක් පීස් බලන්නට ඉඩ සලසා දීමයි.

ඊලගට බෑග් එකෙන් එලියට ආවේ සුදු වෙන්න ගාන ක්‍රීම් එකක්ය.

"ආ.. මේ මොකක්ද? ෆෙයාන(ර්)ස් ක්‍රීම් එකක් නේද?" අනිවාර්යෙන් මේක ලේඩීස් අයටම් එකකි.


"කෝ එන්න බලන්න අයිතිකාරයා" පිනා චාටර් වොයිස් එකක් දැමීය.

ඒ පාර අනන්‍යතාව ප්‍රකාශ කලේ කළුම කළු, දැකුම් කළු තුල්සි කෙල්ලය.



  • කාල වර්ණයෙන් යුතු පුද්ගලයෙක්ට සුදුවීමට ඇති අයිතිය කාටවත් වලක්වනු බැරිය. එසේ වලකනවා නම් එය මානව හිමිකම් පිළිබද ගැටළුවකි. ඒත් අපේ තුල්සි කෙලී මානව හිමිකම් ගියේද නැත. කවදාවත් සුදු වුණේද නැත. 
  • එසේම නොදන්නා දේ දැනගැනීමට, අලුත් දේ ඉගැනීමට අපේ පීටර් කොලුවාට මෙන්ම සෑම ශිෂ්‍යයෙක්ටද අයිතියක් ඇත. තොරතුරු දැනගැනීමේ නිදහස අවහිර කිරීම යටතේ පී‍ටර්ට තුල්සි සමගම ජිනීවා යාමට අවස්ථාව තිබිණ. එහෙත් ඕලෙවල් විභාගය නිසා ඔවුන් ඒ පිළිබද වැඩි උනන්දු නොවීය.
Written by sAm_7.34am_18.11.'11
ලයික් එකක් කමෙන් එකක් දැම්මේ නැත්තම් මම නම් ජිනීවා යනවා...

පලි- නොබෝ දිනකියන් මාටියාට තද වී මැරකම් උග්‍ර වූ නිසා.. මාටියා DJ බව්වා ලෙස හදුන්වා (නොවැම්බර් 25, උදෑසන 12.35 දින) සෑමා පිළිතුරු ලබා දිනි.

15 comments:

  1. සැම් ඉතුරු ටිකත් දාපන් මචන්.....

    ReplyDelete
  2. මාරියෝ ඩක් හන්ට් කොන්ට්‍රා එක්ක ගෙවුනු කාලේ මෙච්චර ඉක්මය වෙනස් වෙලා කියල හිතා ගන්නත් බෑ!අවුරුදු 10,15ක් ඇතුලෙ වෙනස් වෙලා තියන වෙනස්විල්ල!

    ReplyDelete
  3. @සබියා- අවුරැදු 10ක් ගියා ඒ හැමදේම වෙනස් වෙන්න. දැන් කාලේ මචෝ අවුරැද්දට කොච්චර නම් වෙනසක් වෙනවද?

    @ඔබ නොදුටු ලොවක්- ඇයි කොන්‍ට්‍රා? ;)

    ReplyDelete
  4. කාගෙද බන් ඩෙක් පීස්?

    ReplyDelete
  5. @ජම්බු- ඩෙක් පීස් ගෙනාපු අය දරා ගන්න බැරැව දගලනවා...

    ReplyDelete
  6. ඒ බං උබලගේ පැත්තේ මඩවල් වල කොම්පුටෙර් තියේද?.

    ReplyDelete
  7. @අසරණයා- ඒ කාලේ කම්පුයුටර් මැජික්ය. අපේ එකෙක් පන්තියේ කීව කෙප්පයකි. ඔහු අදත් ඉන් විදවයි. දුටු තැන මතක් කරන්නේ මඩ කතාවමය. :)

    ReplyDelete
  8. මාත් 6 වසරෙදි කොන්ට්‍රා ගැහුවා සදුනා කියන යාළුවාගන් ඉල්ලගෙන හි හි ඉල්ලගත්තේ අර කාට්රිජ් දෙක විතරක් නෙමේ මුළු සෙට් එකම බෑග් එකක දාගෙන ගෙනත් දුන්නේ හි හි පස්සේ මම ඒක කොටස් වශයෙන් ආපහු උට ගිහින් දෙනකොට ජොයිස්ටික්ද මන්දා අර ගහන එක මාට්ටු වුනානේ....

    ෆ්ලොපි පාවිච්චි කරන්නත් මම වාසනාවන්ත වුනා....අර කියපු cd හංගන්න මරු උපක්‍රම අපි පාවිච්චි කරා ඒ තමයි ශෙලෝටේප් එකක් තියාගෙන ඉදලා අල්ලපු ක්ලාස් එක පිපෙට්ලා චෙක් කරද්දි cd එක ඩෙස් එක යටට තියලා ටේප් ගහපු එක කවදාවත් බඩු මාට්ටු නෑ...

    ReplyDelete
  9. අඩේ සෙලෝටේප් සීන් එකත් එල..

    ජෙයිස්ටික් එකට සොරි වුණාද..?

    ReplyDelete
  10. අපේ ස්කෝලෙත් පොඩි එකෙක්ගෙ ඒවා මාට්ටු!!! බොසා මාර ආතල් එකක් දුන්නලු අම්මලා තාත්තලට!!

    ReplyDelete
    Replies
    1. පව් බං එහෙම දෙමව්පියෝ චාටර් කරන එකනම්..

      Delete
    2. ඇත්ත බං! ඒත් ඌ පෙන්නලා! දන්නවනේ බං බොසාලගෙ හැටි!

      Delete
    3. ඔව් මචෝ ඕව ඕම තමා.. :)

      Delete
  11. ඔය මාට්ටු වීමේ වැඩක් මටත් වෙලා තියේ. මේක කියවද්දි මට ඒක මතක්වී බඩ පැලෙන්ට හිනා ගියා. වේලාවට අම්ම නිදි. නැත්නම් ප්‍රස්න පත්තරයකට මට උත්තර දෙන්නට වෙනවා නිසැකය. සැලකිය යුතුයි- මම මේ පොස්ට් එක කියවන විට හරියටම රාත්‍රී දොලහය. හිකි හිකි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...