Saturday, November 5, 2011

අපේ ගමේ ඩෙංගු මර්ධනය...

‍ගිය සතියේ දවසක අපේ පැත්තේ තිබ්බා ඩෙංගු මර්ධන වැඩසටහනක්. ඩෙංගු කියන්නේ ඉතින් විහිළුවක් නෙවේ නේ. වටිනා ජිවිත පුංචි මදුරුවෙක් ඇවිත් බිලිගන්න සීන් එකක්. ඒ නිසා ඩෙංගු මර්ධන වැඩසටහන් කරන එක හොද දෙයක්. අනික නැත්තම් මිනිස්සු තමන්ගේ වත්ත පිටියවත් සුද්ධ කොර ගන්නේ නැහැනේ.

කොහොම හරි මේ මර්ධන සීන් එකට ඉන්වොල්ව් වෙලා වැඩ කලේ අපේ ගමේ මිඩ් වයිෆ් ඇන්ටි. එයා ඇත්තටම අවංකව සේවය කරන එක‍්කෙනෙක්. ඉතින් කොහොම හරි ඇන්ටි පොඩි කොල්ලෝ කුරුට්ටෝ කෙල්ලෝ කුරුට්ටියෝ ටිකක් එකතු කරන් වැඩේ පටන් අරගෙන. අපේ ගෙදරටත් ඇවිත් ඉන්ට්‍රෝඩියුස් එකක් දුන්නා.


ඩෙංගු මාරාන්තිකයි


"ඇන්ටි, අපි ගමේ හැමෝගෙම ගෙවල් පරීක්ෂා කරලා මේ ස්ටිකර් ගහනවා" පරීක්ෂක මල්ලී කෙනෙක් අපේ අම්මට ඉන්ට්‍රොඩියුස් පාරක් දුන්නා.

"මොකක්ද පුතා ස්ටිකර් එක?" අපේ අම්මත් ක්වෙක්ෂන් එකක් දැම්මා.

"අපි ළග පාට දෙකකින් ස්ටිකර් දෙකක් තියෙනවා. රතු පාටයි, කහ පාටයි" පරීක්ෂක පොඩි එකා රජයේ ඉහළ පෙලේ නිළධාරියෙක් වගේ සුපිරි ටෝකක් දෙනවා.

"අපි ඇන්ටිලගේ වත්ත පරීක්ෂා කරලා මදුරුවෝ බෝවෙන ස්ථාන නැත්තම් කහ පාට ස්ටිකරේ ඇන්ටිලගේ දොරේ ගහනවා, මදුරුවෝ බෝවෙන ස්ථාන තියෙනවා නම් රතු පාට එක ගහනවා"

කොහොම හරි සීන් එක බලාගන්න මට ගෙදර ඉන්න බැරි වුණා. මගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් ඇවිත් මම පොරගෙ ගෙදර ගියා. යාළු‍වගේ ගෙවල් තියෙන්නෙත් අපේ ගෙවල් ලගමයි. උන්ගේ ගෙවල් ලග ඉන්නවා ඇන්ටි කෙනෙක්. කට නම් පට්ට සද්දයි. හරිම ස්වාමි භක්තියෙන් ඉන්න ඇන්ටි‍ කෙනෙක්. හිටපු ගමන් අංකල් යනවා වලං කටු කරේ තියන්. කොහොම හරි අපි එළියේ කථා කර කර ඉන්නකොට අර ඇන්ටිලගේ ගෙදරටත් ඩෙංගු මර්ධන සෙට් එක ඇවිත්. හැබැයි ඒ පැත්තෙන් පට්ට සද්දයක් එන නිසා අපි පොඩ්ඩක් ඇන්ටනාව දාලා බැලුවා.


බලනකොට එහා ගෙදර ඇන්ටි මදුරු කේස් එකට මාට්ටුවෙලා...


"කරන්න දෙයක් නැහැ ඇන්ටි, ඇන්ටිලගේ වත්ත පුරාම මදුරුවෝ බෝවෙන්න ඕන තරම් තැන් තියනවා"


"මොන විකාරයක්ද ළමයා, මෙහෙ ඇති මදුරුවෙක් නැහැ."


"ඇයි ඇන්ටි රෑට මෙහෙ මදුරුවෝ නැද්ද?"


"අනේ මන්දා අපිට කාපු මදුරුවෙක් නැහැ. අනික අපි නෙට් එක දාලා නිදාගන්නේ"


"ඒකනේ ඇන්ටිලා නෙට් දාලා නිදා ගන්නවා, ඇන්ටිලගේ අපිරිසිදුකම නිසා අනිත් මිනිස්සු ලෙඩ හදාගන්නවා"


"හරි හරි මහ දෙයක් නෙවේනේ ඕක ටික දවසකින් සුද්ද කරන්නම්"


"හරි ඇන්ටි සුද්ද කරන්න, ඒත් මට මගේ රාජකාරිය කරන්න වෙනවා. මට මේ රතු පාට ස්ටිකර් එක ඇන්ටිලගේ දොරේ අලවන්න වෙනවා"



රතුපාට ස්‍ටිකරේ කීවට ඒ ස්ටිකරේ දැක්කම ඇන්ටිට යකා ආවේස විය. එකේ තියෙන්නේ "මෙම නිවස ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහිතය, ප්‍රවේසම්වන්න" කියලා ස්ටෝරියකි. 

"ඔයා කොහොමද ඒහෙම කරන්නේ මම ඕක ගහන්න දෙන්නේ නැහැ"

"අනේ මට කරන්න දෙයක් නැහැ ඇන්ටි මට රාජකාරිය කරන්න දෙන්න, ඔන්න මම මේක දොරේ අලවනවා...." 

"දොරේ නෙවේ ඕක අලවගනින් තොගේ pu@$$%කේ...." කියා ඇන්ටි ගෙට රිංගා ගත්තාය.

පලි- ඩෙංගු මාරාන්තිකයි. ඔබගේ ගෙවත්ත පිරිසිදුව තබා ගන්න. එලෙස තබා ගත නොහැකි නම් නිවසට එන නිලධාරීන්ට අවලාද නොකියා සිටින්න.

දොරේ නෙවේ ඕක අලවගනින් තොගේ @$$%කේ...." කියා ඇන්ටි ගෙට රිංගා ගත්තාය.

සත්‍යය සිදුවීමක් ඇසුරෙන්...
Written by sAm_5.18pm_02.11.'11

4 comments:

  1. ලයික් ටු හිය(ර්) ද ස්ටෝරි විත් රියල් නේම්ස්

    ReplyDelete
  2. Me oi auntita denna kiyala maduwata, umbala gamak wath illapan ko .. e chater ne ban. ekek dennek maloth ehema puka wage neme harida. okun me peththata ehema awoth mama umbawa issellama alla ganne.

    ReplyDelete
  3. @Asankasri: වෙන් අයි මීට් යූ. අයි විල් ලෙට් යූ නෝ රියල් ස්ටෝරි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...