Friday, April 26, 2013

හාස්කම් අද සිට විශ්වාස කරමි... - Trust in Miracles !!


මැජික් යනු අමු බොරුවක්ය. ඒ සෑම් ඒ කාලේ සිතූ සැටිය. ඇවිදින්නට බැරි අය මොහොතින් ඇවිද්දවන්නේය. ඒ දෙවියන්ගේ මැජික්ය. ඒවාද විශ්වාස නැතිය. වෛද්‍යවරු නම් දෙවියෝමය. විටෙක විශ්වාස වුවද, වැරදි දත් ගලවන දත් දොස්තරලා ෂුවර් නැතිය. දකුණු අතට වම් අත කපන අයද ෂුවර් නැතිය. ඒත් සුළුතරයක් විශ්වාස කළ හැකිය. ඒත් වැඩේ අඩමානය. බඩේ අමාරුව ඇපෙන්ඩිස් කියන්නෝය. පසුව ගැස්ට්‍රික් කියන්නෝය. පසුව මුත්‍රා ගල් කියන්නෝය. අවසන විශ බීජයක් ශරීර ගත වී ඇති බවක් කියන්නෝය. ඒ නිසාම මැජික් විශ්වාස කිරීමට බැරිය. හාස්කම්ද එසේමය. මැජික් සේම සෑම් හාස්කම් විශ්වාස නොකළේය. එහෙත් අද සිට විශ්වාස කළ යුතුය.

පට්ට පැලෙන්න වැස්ස නැති කාලෙක මුළු ගමක්ම සෙට් වුණෝය. ඒ වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කරන්නටය. සියල්ලෝම සවස් ජාමේ එකම තැනකට සැට් වූවෝය. ගමේ අත්ත මුත්තාගේ සිට ජුන්ඩි පොඩි එකා දක්වාම කස්ටිය රැස්වූවෝය. පොඩිම උන් කරේ තබාගෙන කස්ටිය රැස් වූවෝය. ඒ හැම එකාම ආවේ කන්නලව් කරන්නටය. හාස්කමකින් හෝ වැස්ස ලබා ගන්නටය. එහෙත් සාමාන්‍ය මට්ටමේ පොඩි කොල්ලෙක් කන්නලව්වට ආවේ අමුතු විදිහකටය. වැස්සට අදින ජැකට්ටුවක් හා කුඩයක් අතින් ගෙන පොඩි එකා ආවේ පෙර සූදානමින්ය. කොල්ලා හාස්කම් ගැන විශ්වාස කළා දැයි නොදන්නෙමි. එත් කොල්ලා විශ්වාසයෙන් සිටියේය. ඒ හාස්කම් ගැන නොව තමන්ගේ හිතේ ඇති වූ විශ්වාසය ගැනය. විශ්වාසය ගැන විශ්වාසකොටම කොල්ලා ආවේ කුඩයක් අරගෙනය.

අපේ ගමේද පොඩි උන් සෙල්ලම් කරන්නෝය. විටෙක ජනතා නියෝජිතයන් ලෙසද හැසිරෙන්නෝය. එකෙක් තාප්පයකට නැගී කතා කරද්දී අනිත් උන් ජනතාව ලෙස ඇක්ට් කරන්නෝය. පහල හිටගෙන අත්පුඩි තලන්නෝය. විසිල් ගසන්නෝය. කතාව පවත්වන එකාට පිරිසක් ආරක්ෂාව දෙන්නෝය. ඊට එහා වත්තේ තාප්පය උඩ තව පොඩි එකෙක් සිටින්නේය. ඌද කතා පවත්තන්නේය. ඌටද ජනතාවක්, ආරක්ෂාවක් සැපයෙන්නේය. පට්ට ඇක්ටින්ය. දෙන්නාම කතා කරන්නෙ ආණ්ඩු පක්ෂයේ සිටින්නෝ ලෙසය. මන්ද ඇත්තේ එකම පක්ෂයේ මනාප පොරයක්ය. ඉන්පසු එක ජනතා නියෝජිතයෙක් අනෙක් ජනතා නියෝජිතයා සිටින තාප්පය අසලින් යන්නට සැරසෙන්නේය. විරුද්ධ වාදීන් එතැනින් යද්දී කොල්ලෝ සැට් එක එක එකා දෙස ඔරවා බලන්නෝය.

“ඇයි මොකද සීන් එක?“

“ඒක තමා මාත් බලන්නේ...“

උන් මුන්ගෙන්ද, මුන් උන්ගෙන්ද ගේම ඉල්ලන්නෝය. ආරක්ෂකයෝ ජනතා නියෝජිත කොල්ලෝ දෙදෙනා දෙපැත්තට කරද්දී උන්ද ගේමට බහින්නෝය. ජනතාවද දෙකට බෙදෙන්නෝය. උන්ද දෙපැත්තට වී මරා ගගන්නෝය. ජනතා නියෝජිත දෙදෙනාද තම සාක්කුවේ ගසාගෙන තිබූ කෝටු කැබලි දෙකක් තුවක්කු ලෙස මවාගෙන රග පාන්නෝය. එකෙක් ගසකට මුවා වී අනිකාට ඩිෂුම්, ඩිෂුම් ගා වෙඩි තියන්නේය. අනිකාද ඒසේම වෙඩි තියන්නේය. අවසන එකෙක් ඇද වැටෙන්නේ මලා සේය. අනිකා තුවාල ලබන්නේය. පට්ට ආතල්ය වැඩේ නැගලා යන්නේය. මරුණු කොල්ලාගේ පැත්තේ ජනතාව දුකෙන් සිටින්නෝය. ඌව ඔසවාගෙන යන්නෝය. ඒ අතර අනිත් එකා නොහොත් මිනීමරු පොඩි එකා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නේය. මැරුණු එකාගේ ජනතාව පැමිණ හොස්පිට්ල් එකේ සීන් ඇක්ට් කරන්නෝය. සර්ජරි පවා කරන්නෝය. සේලයින් බෝතල්, ඇදන්, ආදිය මනාවට මවා පාමින් රග පාන්නෝය. වැඩේ නැගලාම යන්නේය. අරූ මරපු නිසා මූට කේස්ය. ඒ නිසා මූ අසාධ්‍ය තත්වයේම සිටින්නේය. නීතිඥ්ඥයෝ ඇද වට කර ගන්නෝය. දොස්තරලාද පැත්තක සිටින්නෝය. නීතීඥ්ඥයෝ පැමිණ ප්‍රශ්න අසමින් වද දෙන නිසාම ඇති වෙන තෙහෙට්ටුවට ඇස්ප්‍රින් පොවන්නේය. නැතිව අමාරුවක් නැත්තේය. ඒත් එළියට බහින්නට බැරිය. මැරුණු පොඩි එකාගේ ජනතාව පහර දෙනවාය.

පොඩි උන් ඉස්කෝලෙ අහවර වී ගෙදර ආපු හැටියේ මෙසේ සෙල්ලම් කරන්නෝය. ඒ නිසා පොඩි උන්ගේ ගෙවල් වලින් මුන්ව හොයන්නේය. අසාධ්‍ය තත්වයේ සිටිය එකාගේ ගෙදරින් මුන්ගේ සෙල්ලම් කරන පොට් එකට කඩා වදින්නේය. පොඩි එකාගේ අම්මා එන්නේ පොල් කොළයක් දෙකට නමාගෙනය. පොඩි එකා හොස්පිට්ල් ඇඩ්මිට්ව සිටියදී අම්මා කඩා පනින්නේය.

“තෝ අදත් ගෙදර ආපු හැටියේ කැළේ පැන්නද????“

කියමින් පොල් කොළය උලුප්පන්නේය. පොඩි එකාගේ ලෙඩ කැලේය. සෙල්ලම් පැත්තකය. ඇදේ හිසට වෙඩි වැදී වැටී සිටිය එකා උඩ පැන පැන දුවන්නේය. පොඩි උන්ට මුකුත් මතක නැත්තේය. අනිත් උන්ද දුවන්නේය. මැරුණු එකා ගැනවත් මතක නැත්තේය. හාස්කමකින් වෙඩි වැදී අසාධ්‍යව සිටි එකා නැගිටින්නේය. ජනතාව ලෙස රගපෑ එවුන්ද නැත්තේය. නැවතත් හෙට උන් සෙල්ලම පටන් ගන්නේය. උන්ට ගෙදරින් ඇවිත් සොයන තුරු ඒ මොහොත ආතල්ය.

හොස්පිට්ල් සිටි අසාධ්‍ය උන් එකවර නැගිට ගෙදර යන නිසාම, හාස්කම් අද සිට විශ්වාස කරන්නෙමි.. !

Written by sAm_08:55pm_26/04/2013

72 comments:

  1. Replies
    1. සාතන්.. මොකැ මේ ?

      Delete
    2. මොකෑ කියන්නෙ බන් මට හිතාගන්න බෑ මෙව්වට මොක කියන්නද කියල.. හිනා යනව විතරයි.. හාස්කම් වලට විරුද්දව කතා කලහම වස් වදිනවද මොකක්දලු බන් ;)

      Delete
    3. හාස්කම් වලට විරුද්දව කතා කලහම වස් වදිනවද මොකක්දලු බන්

      ++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. ඒනම් මුනිවත හොදා නේ?

      කැළණියෙ විභීෂණ දෙයියො උනත් දරුණුයි !

      Delete
  2. //හොස්පිට්ල් සිටි අසාධ්‍ය උන් එකවර නැගිට ගෙදර යන නිසාම, හාස්කම් අද සිට විශ්වාස කරන්නෙමි..//

    අයියෝ..යෝ..සිම්පල් කේස් එකක්නෙ..තව බලාසිටිමු..!

    ReplyDelete
  3. ඇත්තට මැරෙන්ඩ හිටපු එකා ගෙදර ගිහිල්ලද?මළ කෙළියයි!!!

    ReplyDelete
  4. හික්ස්
    ආශ්චර්ය හසන්ත මහත්තයෝ ආශ්චර්ය!

    ReplyDelete
    Replies
    1. හාස් කම් නිශාන් මහත්තයෝ හාස් කම් !

      Delete
  5. Replies
    1. :)

      සුරංගනා කතාවක් වගේ !

      Delete
  6. මේක හාස්කම් පිරිච්ච රටක් බොල! කට වැරැද්ද ගන්නේ නැතිව හිටු!

    ReplyDelete
    Replies
    1. කට කරුණාවෙන් තමා බං ලිව්වෙ..

      Delete
  7. හරිම හාස්කමක් තමයි. ආශ්චර්‍ය්ක් සෑම්.. :D

    ReplyDelete
    Replies
    1. අන්න වචනෙ. අපි නම් කිව්වෙ නැහැ ඕං..

      Delete
  8. කියවගෙන පහලට ආව. දැන් මට මුකුත් මතක නෑ

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වෙ කවුද බං??

      ලියපු එකාව මතකත් නැහැ..

      Delete
  9. අනේද කියන්නේ.
    ගිය අවුරුද්දේ නැගිටින්න හිටිය රාවන රජතුමා මේවා ඇහෙන නිසා තවත් සැපට දොයි ඇති :D

    ReplyDelete
    Replies
    1. රාවනට වෙන වැඩ නැතුවද බොල ?

      Delete
  10. "හාස්කමින්" නැගිට්ට එකාට එරෙහිව නීතිමය කටයුතු කරන්න බෑ,දේව උදහසට ලක්වෙන නිසා. ඊළගට කරන්න තියෙන්නෙ "දේව උදහසට" නීති ප්‍රතිපාදන සකස්කරන එකයි.(ඒකත් ගානට කෙරෙයි)

    ReplyDelete
    Replies
    1. ගේමක් නැහැ සුමියා.. මොකද අග වින සූරයා ඒ පැත්තෙ නෙ...

      Delete
  11. අපි ඉන්නේ හාස්කම් තියෙන රටක බොල.. කට පරිස්සම් කර ගනින්..

    ReplyDelete
    Replies
    1. මැජික් එකක් වගේ මාව නොපෙනි යයිද බං ?

      Delete
  12. ඇයි බං "Hiru News Alert" එකක් අවේ " ඒ" මහතා හාස්කමකින් සුවය ලබා ගෙදර ගියා කියලා.

    ReplyDelete
    Replies
    1. දෙය්යන්ගේ අඩවිය නිසා එහෙම වෙන්නත් බැරි නැහැ ..නෙග් ..

      Delete
    2. මටත් ආරංචී බං මැසේජ් එක ගැන :))

      Delete
  13. ආසියාවේ අයිස්චර්යයනෙ බොලව්..

    ReplyDelete
    Replies
    1. කිව්ව වගේම කරපු නායකයෙක්..

      Delete
  14. ඔන්න මං නම් කට වරද්ද ගන්නෑ ඔව්වට එව්වා මෙව්වා කියලා..

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි පරිස්සම් වෙන්න එපැයි !

      Delete
  15. ද මිරකල් ඔෆ් ඒෂියා....

    ReplyDelete
  16. තොපිට කන පැලෙන කං පහුගිය අවුරුදු හතේ අපි ඕක කිව්වා.. කෝ ඇහුවද පස්ස ගස්ස ගස්ස ගියේ. තේරුනාද.. ඕවා ඇත්ත.. ආස්චර්යය කියල තියෙන්නේ ඒක තමා යකෝ... නිකං පොඩි එකෙක් වෙන්න එපා.. හරිය... හා කමක් නෑ උඹ දැං හරි විස්වාස කරනවනේ... හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ෂික් මේ වෙනකල් දැනුනෙම නැහැනේ. ඒ සිහිනය අද සැබෑවෙලා කියලා..

      Delete
  17. කැලණිය අඩවියේ ඉදගෙන මේ වගේ පොස්ට් දාන්න බය නැද්ද උක්කුං පුතේ.. පොඩ්ඩක් ඔලුව දාලා බලපන් සුදු පාට වෑන් කැරකෙන හැටි පාර පුරා ...

    ReplyDelete
    Replies
    1. යකෝ පොඩි උන්ගෙ කතා ලියන්න බය වෙන්න ඕනද?

      Delete
  18. දෙවියෝ නැ බොලං හිටියානම් ලංකාවේ සුවහසක් මිනිසුන්ගේ ප්‍රාර්තනා මෙහෙම බොල්වෙලා යනවාද.දැන් බලාගෙන හිටහල්ලා නාඩගමේ ඉතිරි ජවනිකාටික. තූංංංංං නොදකින්මෙහෙව් රටක අපි ඉපදුනා නෙව.
    ඇයි යකෝ මෙහෙම වෙන්නේ එතකොට නීතිය කෝ..... කුක්කන්සේ තවත් ඉමුනේ...

    ReplyDelete
  19. දෙවියෝ නැ බොලං හිටියානම් ලංකාවේ සුවහසක් මිනිසුන්ගේ ප්‍රාර්තනා මෙහෙම බොල්වෙලා යනවාද.දැන් බලාගෙන හිටහල්ලා නාඩගමේ ඉතිරි ජවනිකාටික. තූංංංංං නොදකින්මෙහෙව් රටක අපි ඉපදුනා නෙව.
    ඇයි යකෝ මෙහෙම වෙන්නේ එතකොට නීතිය කෝ..... කුක්කන්සේ තවත් ඉමුනේ...

    ReplyDelete
    Replies
    1. ඉතිරිය කෝමත් තවත් රසවත් වෙයි මචං !

      Delete
  20. හෙක් හෙක් හෙක්

    ReplyDelete
  21. නවලෝක දේවාලයට යන්න සිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න දෙවිවරු ඉන්න තැන් :)

      Delete
  22. ඔයා හරිම ලස්සනට ලියනවා. මම හරිම කැමතියි. පුලුවන් නම් මම ලියන ඒකත් බලලා කමන්ට් ඒකක් දාලා යන්න...

    ReplyDelete
  23. හෙට අනිද්දා වෙඩින් කාර්ඩ් එකක් ලැබුනොත් පුදුම නොවන්න..ඒවත් හාස්කම් හරිය..

    ReplyDelete
  24. ඔය කීර්තී වර්ණකුළසූරිය කියන ගුරා මාර දස්සයා. හෙරොයින්, ඇමරිකන් පිටි කරනවා. පොලිස් කාරයන්ගේ කලිසම් ගලවනවා. මිනීමරපු උන් උපාසකවරු කරණවා. කොටින්ම ජජ්ලා මරපු උනුත් පූස් පැටව් කරණවා. ප්‍රථිඵල අති විශ්ෂ්ඨයි. හැබයි ගාන නම් උඹ අපි වගේ උන්ට හිතන්නවත් බෑ. මාරයි නේ.

    "මනී ටෝක්ස්" කියන්නේ ඕවට තමයි...

    ReplyDelete
    Replies
    1. තවත් ඔය වගේ ආශ්චර්යමත් උදවිය ඉන්නව බං...

      හඩ්ඩො උන්ත් වැඩ්ඩො වගෙ කියවන්නෙ මනී ටෝක්ස් ආනිසංසයෙන් තමා...

      Delete
  25. හාස්කම් යනු ලොවෙත් හාස්කම්ය

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැහැ.. ලංකාවෙ විතරයි බං. !

      Delete
  26. සිරාවට... ලංකාවේ තරම් හාස්කම් කොයි!!

    ReplyDelete
  27. ගොසිප්ලංකා: දුමින්ද නිදහස්.. ජනතාව ඔල්වරසන් දෙයි.
    පළවෙනියා: මන්ත්‍රීතුමා කොළොන්නාව ආසනේට දෙවි කෙනෙක්..
    දෙවෙනියා: අහිංසක මිනිස්සුන්ට කරපු සේවය නිසා තමයි එතුමා බේරුණේ..
    තුන්වෙනියා: එතුමාට දෙවියන්ගෙ ආශීර්වාදයත් ලැබුණා.. දෙවියෝ අපේ දිහා බලල තමයි අපට දුන්නේ අපේ දුමින්ද සිල්වා..
    හතරවෙනියා: ඒ වගේ හිසට තුවාලයක් වෙලා එතුමාගේ ජීවිතේ බේරුවේ ඇත්තටම දෙවියෝ තමයි..
    පස්වෙනියා: මේක හාස්කමක්.. මේක දෙවියෝ දුන්නු තෑග්ගක් අපට්!
    හයවෙනියා: දෙවියන් වහන්සේගේ බැල්ම පිහිට අනිවාර්යයෙන්ම එතුමාට ලැබුණා.. ඉදිරියටත් ඒ විදියටම ලැබෙනවා..
    හත්වෙනියා: අපි ඇත්ත වශයෙන්ම මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා.. ඒ වගේම මින් ඉදිරියටත් අපි එතුමා පිටුපස ඉන්නවා..
    අන්තිමයා: කතා කරන්න වචන නෑ ඇත්තටම.. සන්තෝසයි මොකද මේ වගේ අසාධ්‍ය තත්වෙක ඉඳලා ලොකු හාස්කමකින් වගේ අද අපිට අපේ සර් සනීප කරලා දුන්නා..

    ~ ~ ~ ~ ~ ~ ~
    පළමු කොමෙන්ටුව:
    පිස්සු පූසා: "දෙවියන් සියලුදෙනා හිසට වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇත!!!"

    http://www.gossiplankanews.com/2013/04/duminda-is-our-god.html

    ReplyDelete
    Replies
    1. මාත් ආසම ඔය නිවුස් වලට දාන කමෙන්ට් කියවන්න :ඩී

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. සාමාව භාජනයකට දෙන්න කලින් commentඑකේ අකුරු ගැලපුනේ නෑ. හැමදාම මේ පැත්තට ආවත් අද තමා පලවෙනි වතාවට comment එකක් දාන්නේ. මේ කථාව නම් පංකාදු 75 නියමම නියමයි (පට්ට පට පට) මේ වගේ හාස්කම් තියෙන රටවල් ඉතින් කොහෙන් හොයන්නද ? මෙවන් හාස්කම් දැකීමට මේ දෑස පිං කල බව හිතමින් මම සතුටු වෙනවා. ඔබට ජය. මේවගේ හාස්කම් ගොඩක් ඉස්රහට වෙයි කියල මට නම් හිතෙන්නේ ඒ ගැන අකුරු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. අකුරු කරන්න හිටියොත් ලියන්නම් ;)

      ජය වේවා !

      Delete
  30. මේක නං මරු කතාව! අදමයි මේ පිටුවට ආවේ. ආයේ නං මිස් කරන්නේ නැහැ එක පෝස්ට් එකක්වත්. හැබැයි ඉතින් කියන්න බැහැ, හාස්කමකින් වගේ ඔයා ව නැති වුණොත් ආයේ පෝස්ට් කියවනවා බොරු :D කෝකටත් පරිස්සමින්. කැළණිය හරිම බලගතු දෙවිවරු වැඩ සිටින තැනක්නේ.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙ ගියෝ..

      ජය !

      කැළණියෙ අපි.. :))

      Delete
  31. ඇයි මීට‍ කලින් හාස්කම් දැකලා නැද්ද ?????? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න...........

    (මම මොනා හරි කිව්වාද ??? මතක නැනේ)

    ReplyDelete
    Replies
    1. කිව්වෙ නැහැ.. ඒත් ලියලද මන්දා :))

      Delete
  32. හාස්කම් ද? ඇස් බැන්ඳුම් ද? :D

    ReplyDelete
  33. දැන්නම් මට මං කවුද කියලවත් මතක නෑ.. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...