Friday, April 19, 2013

Mr. මැනේජර් සර්.... - Struggling with Politeness !!


එක විනාසයක්ය. ගිය සතියේ අපට කම්පැනියෙන් මීටිමක් තිබ්බේය. එය කළේ අපේ කළමනාකාරීත්වය අතින්ය. එදා සිට ඉදිරියේදී අපි සියළු දෙනාම නොසෑහෙන්න පීඩනයකට ලක් වෙන බව ෂුවර්ය. එහෙත් එය කෙටි කාලීනවද නැතිනම් දිගු කාලීනවද යන්න අප තවමත් නොදන්නේය. එහෙත් ඉදිරි කාලය තුල ඒ සියල්ලට යටත්ව සමාදානයෙන් වැඩ රාජකාරී කළ යුත්තේ අනිත් පැත්තට ඉන්ක්‍රිමන්ට් එකක් සැට් වී ඇති නිසාය. එහෙත් තිබූ නිදහස සියල්ලටම වඩා හොදය.

අපේ එවුන් මැනේජර්ලාට පෙර සිටම කතා කළේ අයියා කියාය. මැනේජර් මාතලන් නම්. මැනා මාතලන් අයියා වන්නේය. මැනා හෙන්රි නම්, හෙන්රි අයියා වන්නේය. එය හුදෙක් අප අතර දුරස්ථබව නැති කළ, ඒ කාලේ සිට ආ ආමන්ත්‍රනයක්ය. සෑමා කම්පැනියට බැදුනු දින සිටම පැවතියේ මැනේජර් අයියා සීන් එකක්ය. ඊට මැනේජර්ලාද අවුලක්, අකැමැත්තක් නොදැක්කුවෝය. එහෙත් මෙවර මීටින් එකේ සිට අයියා කීම තහනම්ය. සර්, හෝ මිස්ටර් යොදා කතා කළ යුතු බවට ඉන්දියන් ජාතික කන්ට්‍රි මැනේජර් මහතා අපහට කියා සිටියේය.

දිනක් කන්ට්‍රි මැනා අපේ මැනේජර් කෙනෙක්ගෙන් අයියා යන්නෙහි තේරුම අසා ඇත්තේය. එවිට කිසිත් නොදත් මැනේජර් අයියා යනු සහෝදරත්වය හගවන දෙයක් බව කියා ඇත්තේය. ඔහු හිතා තිබුනේ කිසිවෙකු විසින කන්ට්‍රි මැනේජර්ට ‘අයියා‘ කියා ආමන්ත්‍රනය කළ නිසා ඔහු එහි අර්ථය අසන බවක්ය. එහෙත් ඔහු කලින් අපේ එකෙක් කතා කරනු අසා සිට මෙම ගැටළුව යොමු කර ඇත්තේය. එතැන් පටන් උක්ත සිද්ධියට මග පෑදී තිබුණේය.

වරුවක් පුරා පැවති මීටින් එකේ අයියා සීන් එක ගැන සහ නොයෙකුත් කරුණු රාශියක් විභාගයට ගැනුනේය. ඒ සියල්ල ඈනුම් අරිමින්, කකුල් පද්දමින් අපේ එවුන් කන් වලට ගත්තෝය. ඒ අතරතුර ප්‍රශ්න ඇසීමේ වාරයක්ද ආවේ අපේ එවුන් නිදි කිරන නිසා විය යුතුය. ඒ ප්‍රශ්න අසන අතරතුර අපේ එකෙක් කෝල් එකක සිටියේය. ඒ නිසා කෝල් එකේ සිටි එකා අතැර ප්‍රශ්න ඇසීම දිගටම සිද්ධ වූයේය. ඉන්පසු අතර මැදින් ආ තවත් මැනේජර් කෙනෙක් කෝල් එකේ සිටි එකාව අල්ලා ගත්තේය.

“ඔයා මොකද ඔතන කෝල් එකක?“

“මේ XXXX කෝල් කලේ..“

කියමින් අපේ එකා තම මැනේජර් ගේ නම කීවේය. එදා ඔහුගේ මැනේජර් මීටින් එකට පැමිණ නොසිටියේය. ඒ සමගම තම මැනේජර් කතා කළ නිසා පොර කෝල් එක ආන්සර් කලේය. කවුද කතා කරන්නෙ ඇසු විට ඔහු මැනේජර් ගේ නම පමණක් කීවේය. සර් හෝ මිස්ටර් හෝ කිසිවක් නැතිව මැනේජර්ගේ නම පමණකි කී විට එතෙක් වේලා තැබු මීටින් එකේ හරයක් නැති වූයේය. අපේ උන්ට කලිසම් ඔළුවෙන් ගලවා එතැන තබා එන්නට සිදු වූයේ එදාය.

අපට එසේ නම් මැනේජර්ලාට කොහොම සිතෙන්නට ඇත්ද කියා සිතෙන්නේ දැන්ය.

Written by Mr. sAm_09:02pm_17/04/13

39 comments:

  1. mr සැමා, කෝල් එකේ හිටියෙ උඹැහැ එහෙම නෙමේ කියලත් ලියන්ට වෙයි

    ReplyDelete
    Replies
    1. මම නෙවෙ බං. නුවර එකෙක් :)

      Delete
  2. අලුතින් හදුන්වා දුන්න ක්‍රමය හරිම අසාර්ථක ක්‍රමයක්...මැනේජ්මන්ට් එකත් එක්ක බලෙන් අනවශ්ය පරතරයක් ඇති කර ගැනීම හොද පරිපාලන ක්‍රමයක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ක්‍රමය නිසා කොල්ලෝ අතර ඔවුන් බයිට් වෙනවා.

      අපේ එකෙක් ලගදි කිව්වා “මිස්ටර් කරත්තකාරයෙක් ඇවිත් උගෙ කාර් එක හැප්පුව කියල “

      මාර ෆන්..

      එහා කඩේ අංකල්ට කියන්නෙ මිස්ටර් අංකල් කියල :)

      Delete
  3. අපෙත් ඉතිං ඕන එකෙක් අයියලා මල්ලිලා අක්කලා නංගිලා තමා..
    අපේ තාත්තට වඩා වැඩිමල් එවුනුත් අයියා...
    කොයි වෙලාවක හරි මං තාත්තටත් අයියා කියලා කියනවා...

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තට අයිය කියන උන්ට මම කියන්නෙත් අයිය කියල බං. මාර සීන් එක..

      Delete
  4. අඩේ අපේ සෑමා මාතලන්ටයි මටයිත් මැනේජර් කම් දීලා. ටැංකෝ වේවා.

    කොහොමත් ඔය ඉන්දියන් කාරයො ඔය ගරු නම්බු වලට හරි ආසයි, මිස්ටර් නම් කමක් නෑයි කියමුකො, සමහර වුන්ට සර් කියන එක පත්තියන් වෙලා. අනික ඒකෙ ඇති නම්බුවක් නෑ. මොකද උන් හැම එකාටම සර් කියන නිසා. අපි හැමෝටම නමින් කතා කරන නිසා මුලදි උන්ට අපිව ඇල්ලුවේ නෑ එච්චර. දැන් ගානක් නෑ උන්ටත්.

    පොරත් එක්ක වැඩ කරන එක අමාරුද? අපි වැඩ කරන්නෙ අපේම තත්වයේ ඉන්න ඉන්දියානුවො එක්ක නිසා ඒක තේරෙන්නෙ නෑ එච්චර. එකපාරක් ඉන්දියන් ප්‍රින්සිපල් කෙනෙක් එක්ක වැඩ කලා, හයියෝ ඒකා උගේ ඉහලින් ඉන්න වුනට 'නකදී පුසී' හන්දා අපිටත් මල ඇනේ.

    ReplyDelete
    Replies
    1. අපේ එකා ඔපිස් එකේ වැඩ කරන අංකල්ට පවා සර් කියල කතා කරනව බං. ආපු මුල් දවස්වල අපේ උන්ට මාර පීඩනයක් දීල තියෙනවා. ඒත් පස්සෙ අපෙ උන් ඌව අපෙ විදිහට හදාගෙන. දැන් ෂේප්.

      හැබැයි දවල්ට කන්නෙත් නැති එකෙක් බං. කාට ඉතුරු කරනවද මන්ද.

      Delete
  5. ආ.. ඉන්දියන් එක්කෙනෙක්ද කිව්වෙ ? එහෙනම් පුදුම වෙන්න දෙයක් නෑ..ඉන්දියන් කාරයො තමා තනතුරේ ඌෂ්නෙන් වැඩියෙන්ම ඔළුව උදුම්ම ගන්න උන්.. තැනකට එනකම් උන් හැමෝටම සැර් ගානවා.. ඊට පස්සෙ බලන්න ඕනා කැටයම්..

    ReplyDelete
    Replies
    1. +++++
      අපෙත් එකෙක් ඉන්නවා. එත් අපේ එකෙක්වත් උට කතා කරන්නේ නිකම්ම නම කියලා. මේ රටේ උන්ට කියල තියෙනවා ඈත එනවා දැක්කොත් පුටුවෙන් නැගිටින්න කියලා. මෝඩ කම.

      Delete
    2. නැහැ බං සිංහල අපේ උන් කිව්වෙ. ඉන්දියන් එකා කිව්ව කියල කිව්වෙ.

      Delete
    3. මම මෙතැනදී කිවුවේ අපේ ඔෆිස් එකේ වැඩ කරන ඉන්දියන් දෙමළ එකෙක් ගැන.

      Delete
  6. මම මුලින්ම වැඩ කල ලංකාවේ ඔෆිස් එකෙත් අයියා අයියා කියල පස්සේ ලොක්කෝ තුන්දෙනා එකතු වෙලා කිවුවා අයියා පයියලා මේකේ නැහැ සර් කියන්න නැත්නම් බොස් කියන්න කියල. එක සැරේම අමුතු වෙලා. අතින් පයින් යනවයි අපිත් කිවුවා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ලැජ්ජ නැති කම නේද බං ?

      Delete
  7. අයියා මල්ලි කියලා වද කරන්න තියෙනවනම් සුහදත්වය වර්දනය වෙනවා හිතටත් නිදහස්, ඒත් ඉස්සර රාජ්‍ය බැංකුවල ඔය අයියා සීන් එක භාවිතා කලේ සුහදත්වයටම නෙවෙයි,මම ඒක මුලින්ම දැනගත්තේ උසස්පෙළ ඉවරවෙලා බැංකු වල තාවකාලික රස්සා වලට ගිය වෙලාවේ,
    ඒ දවස් වල ලංකා බැංකුවේ තරුණ කියලා හිටිය එකම එකාට අවුරුදු හතළිහක් විතර වුනා,පලවෙනි දවසේ මම එතන හිටපු සෙකන්ඩ් ඔෆිසර් කෙනෙකුට අංකල් කිව්වා, මිනිහා පැන්ෂන් යන්න ඔන්න මෙන්න අපේ තාත්තාටත් වඩා වයසයි, මේකා බැන්න බැනිල්ලක් කතා කරන්න දන්නේ නෑ කියලා,පස්සේ තමයි සීන් එක දැනගත්තේ,සමහර එවුන්ගේ පුතාලා ,දුවලා ළමයිනුත් වඩාගෙන ආවම පොරවල් මට අඳුන්නලා දෙනවා මල්ලි මේ අපේ පුතා කියලා,බැලුවම ඌත් අංකල් කෙනෙක්,

    ReplyDelete
    Replies
    1. අංකල් අයියලා !

      ගොඩක් කම්පැනි වල එකම වයසෙ, නැත්තම් වයසින් බාල උන් අයියල වෙනවා. ඒ ජේෂ්ඨත්වය ගැන හිතල :)

      ඇඩෙනව අයියෝ.

      Delete
  8. // XXXX කෝල් කලේ.. ///

    ඌට ආපු පෞද්ගලික කෝල් එකක් වෙන්න ඇති.. හික්ස්.. අරූව අන්දන්න බොරු කියන්න ඇති

    ReplyDelete
    Replies
    1. නැහැ බං සිරාවට උගෙ මැනා කතා කලේ !

      Delete
  9. අපේ වැඩපලේ නම් ඕනිම එකෙක්ට කතා කරන්න ඕනි පලවෙනි නමෙන් කොටින්ම මහම මහා එකාටත් කතා කරන්නේ නම කියලා ඔය අයියා අක්කා කිව්වම සුහදත්වය කෙසේ වෙතත් වුර්තිම්ය ගතිය අඩු වෙනවා නේද ? ඉන්දියන් කාරයොත් එක්ක වැඩ කරන්න කොහමද පට්ට හිගන හැත්ත එපා වෙනවා කලින් වැඩ කරේ ඉන්දියන් වැඩපලක පාටියක් ට්‍රිපක් යද්දී කන්න බොන්න අපි අරන් යන්න ඕනි චාටරේ බැ ඔයි එකට දැන් වැඩ කරන එකේ අනේ අම්මේ කලටි කැඩෙන්න දෙන්නේ ඉදලා හිටලා නෙමේ නිතරම :D

    ReplyDelete
    Replies
    1. // ඉන්දියන් කාරයොත් එක්ක වැඩ කරන්න කොහමද පට්ට හිගන හැත්ත එපා වෙනවා කලින් වැඩ කරේ ඉන්දියන් වැඩපලක පාටියක් ට්‍රිපක් යද්දී කන්න බොන්න අපි අරන් යන්න ඕනි//

      මේක නම් සදාතනික සත්‍යයක් බං !

      Delete
  10. අපෙත් ඔය ‌කේස් එක ආවා.. හැබැයි අයියා අක්කා කියන එක නවත්තලා කෙලින්ම නමෙන් කතා කරන්න කියලා.. මං කෙලින්ම කිව්වා බෑ කියලා... අපේ තාත්තගේ වයසේ කට්ටියට මං කො‌ෙහාමද නමෙන් කතා කරන්නෙ.. ( මං තමයි එතකොට ඒකේ හිටිය පොඩ්ම එකා... ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්.. ) පස්සේ ඒක නිකම්ම නැති වෙලා ගියා.. පස්සේ කැපා ( නැවක කැප්ටන් කෙනෙක්... අපි කිව්වේ කැපා කියලා.. හි හි) මාත් එක්ක කතා කර කර ඉන්න දවසක කිව්වා ගරු නම්බු දෙන්න ඕනේ අයට දුන්නට කමක් නෑ හැබැයි හැම එකාටම සර් කියන එක නම් වැඩකට නැති දෙයක් කියලා... මටත් ඒක ඇත්ත කියලා හිතුනා... එදා ඉඳන් රස්සාවල් ඔක්කොගෙන්ම අස් වෙනකම් ඔක්කොම “සර්“ ලට මං කතා කළේ මිස්ට කෑල්ල දාලා.. අනිත් අයට අයියා තමයි... බොසා ට ඔක්කොම දෙකට නැමි නැමි සර් කියනකොට මං ඔලුව කෙලින් තියාගෙන කතා කළා මිස්ට ... කියලා.. හොඳම වැඩේ ඒකට වැඩිපුර රිදුනේ බොසාට නෙවෙයි.. අර කොන්ද කඩාගෙන සර් කියන අයට.. හි හි...

    ReplyDelete
    Replies
    1. කම්පැනියකට ගිය හැටියෙම මුල් දවස්වල පරිස්සමෙන් කතා කරන්න ඕන. මුල් දවස්වල කතා කරන විදිහ නොවැ දිගටම ගෙනියන්න වෙන්නෙ..

      Delete
  11. අඩේ! දැනට මම වැඩ කරපු තැන් වල කිසිම එකක නම් ඔය වගේ සින් එකක් ආවේ නෑ...මම ඔය ජනෙල් කොම්පැනියේ part time වැඩත් කරනවනේ... ඒකෙ country manager ට කතා කරන්නෙත් නම කියලා! නමමත් නෙවෙයි! නමෙන් කෑල්ලක්! අවුලක් නෑ!
    ඉන්දියන් කාරයෝ ඔහොම්මමයි බං!

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසයෙ/ ඉන්දියාවෙ / සිරි ලංකාවෙ වෙනස ඒක තමා බං.

      අපේ හැත්ත වුනත් ඉන්දියාව වගෙ තමා.

      Delete
  12. සර් කියන එකනං දැං වැදගත් වචනයක් නෙමෙයිනෙ හැම එකාටම සර් කියල කියනවනෙ.

    ReplyDelete
  13. Comment ekak dana baha. (boru kiyana bari nisa).
    Jayawewa.

    ReplyDelete
  14. කෙනෙකුට බලෙන් සර් කියව ගන්න බෑ. ඒක මිනිස්සුන්ගේ හද පතුලෙන්ම එන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එත් බලෙන් කිය වෙන තැන් තියෙනවා නේද? සුදීක අයියේ.

      Delete
    2. ඒක ඇත්ත සුදිකයා. ඒත් බලෙන් කියව ගන්න තැන් තියෙනව තමා !

      Delete
  15. මම නම් සර් කියන්නේ නිකන් අර පොලිස් කාරයන්ට සර් කියන ගානට. සර්,මැඩම්,වචන දෙකත් ටයි එකත් direct marketing කාරයෝ විකුනලා ඉවර කරානේ. දැන් ඉතින් සිංහල විදිහට වැදගත් මිනිස්සුන්ට මහත්තයෝ කියනවා.

    ReplyDelete
    Replies
    1. මහත්මයා කියන වචනේ මාර ගැම්මක් තියනවා

      Delete
  16. රටේ ලොක්ක සභාවට එද්දී කහ සිව්රු නාන්සේලා හිටි පිළිම වෙන ඔය රටේ,
    ඕක මොකක්ද?

    ReplyDelete
  17. වැඩේ කරගන්න නම් සර් මැඩම් කිව්වට කට ගෙවෙන්නේ නැහැනේ.

    ReplyDelete
  18. ඒකට අපේ ඔපීසිය....සර් ල මැඩම්ලා...ඩොක්ටර්ලා..ප්‍රොෆෙසර්ලා කතා මුකුත් නෑ... ලොක්කයි සොක්කයි බක්කයි ඔක්කොටම ෆස්ට් නේම් තමා....

    ReplyDelete
  19. අවශ්ය කෙනාට නම් ගරු නම්බු දීල කතා කලාට ප්‍රස්නයක් නැ. මං දන්න විදියට ගොඩක් ඇමෙරිකන් කොම්පෑනිවල නම විතරයි කියන්න දෙන්නෙ.

    ReplyDelete
  20. අපි නම් කොහොමත් නම කියලා කතා කරන්නේ.. ගොඩක් වයසක පොරක්නම් තමයි ඒක වෙනස් වෙන්නේ..

    ReplyDelete
  21. මොන මගුලක්ද බන්, පැය අටයි නෙ ඔය තත්ත්වෙ තියෙන්නෙ. පාරට බැස්සහම ඕනෙ එකෙක් එක සමානයි. ගරු සැළකිලි ලැබෙන්නෙ එයා ඉන්න විදිහටනෙ. බලෙන් ගන්න ගියොත් ලැබෙන්නෙ පිටිපස්සට කියන කාඩ් තමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...